රටම වෙලාගත් ලංකාවේ “කුඩු බිස්නස්” එක ගැන සුවිශේෂී හෙළිදරව්ව – වීඩියෝ සහිතයි.

එය කොළඹ අති සුපිරි ජාත්‍යන්තර පාසලකි. එහි මාස කීපයක් තිස්සේම ඇතැම් සිසු දරුවන්ගේ හැසිරීම්වල අමුත්තකි. ඒ පිළිබඳව ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙකු අවධානය යොමු කළ ද එයට හේතු භූත වූ කාරණා සොයා ගැනීමට අසීරු විය. අවසානයේ සිසු දරුවකු මාර්ගයෙන් එය සොයා බැලීමට එම විදුහ‍ලේ සේවය කරන ගුරුවරු සමත්වූහ.

එහෙත් එය දැනගැනීමෙන් පසු එම පාස‍ලේ පරිපාලනය හෙල්ලුම් කෑවේය. තොරතුරු සොයා ගිය සිසුවා එම අමුතු හැසිරීම් පෙන්වන දරුවන් සමග මිතුරු වී සිදුවන දේ සොයාගෙන තිබිණි.

ඉන් අනාවරණය වූයේ එක්තරා මත්කුඩු පෙති වර්ගයක් පාස‍ලේම දරුවකු රැගෙන විත් මුදලට ලබා දෙන බවය. (එම පෙති වර්ගයේ නම අපට අනාවරණය වුවද එය හෙළි කිරීම මාධ්‍ය ආචාර ධර්මවලට නොගැළපෙන බැවින් එම නම අපි මෙහි පළනොකරමු) මෙම පෙති භාවිත කිරීමෙන් පසු එම දරුවන් ස්නායු ක්‍රියාකාරිත්වයේ මන්දගාමිත්වයකට පත්වන බව ගුරුවරු පවසති. විදුහ‍ලේ කීර්තිය හා එයට ඇබ්බැහිවී සිටි දරුවන්ගේ පවුල්වල තරාතිරම අනුව මේ සියලු කටයුතු මාධ්‍යයෙන් වසා තැබිමට තරම් විදුහ‍ලේ පාලකයෝ සූක්ෂම වූහ.

ඒ පිළිබඳව පසුගියදා අප සොයා බැලුවේ එම අති සුපිරි ජාත්‍යන්තර පාස‍ලේ නම හෙළි කිරීම සඳහා නොවේ. අපට අවශ්‍ය වූයේ පාසල් දරුවන් අතරද සීග්‍රයෙන් පැතිර යන මෙවැනි මත්ද්‍රව්‍ය පිළිබඳව සමාජ කථිකාවක් ඇති කිරීමට පමණි.

ලංකාව හෙරොයින්, මත් පෙති ඇතුළු මත් ද්‍රව්‍ය සීඝ්‍රයෙන් ගිලගමින් පවතී. නගරයට පමණක් සීමා වූ අතිශය භයානක මත් කුඩු වන හෙරොයින් අද වනවිට ගම්දනවු කරාද පැතිර ගිහින්. රටේ හැම මුල්ලකම මත් කුඩු විසින් තරුණ ජීවිත ගිලගමින් සිටිනවා.
නමුත් ලංකාවට මේ මත්ද්‍රවය පැමිණීමේ ඉතිහාසය, ඒවා අදවනවිට පාතාල කල්ලි හරහා බෙදා හරින හැටි, ලංකාවට වර්තමානයේ මත් කුඩු ගෙන්වන හැටි, දේශපාලකයන්ගේ මැදිහත්වීම, මත්ද්‍රව්‍ය කිරුල සඳහා පාතාලයේ ඝාතන රැල්ල සහ ඔවුන් නඩත්තු කරන දේශපාලකයන් ගැන පැහැදිලි කිරීමක් සහිත මෙම වීඩියෝව මගින් මත් ද්‍රව්‍ය වර්ග සහ ඒවාට පුද්ගලයන් ඇබ්බැහි වන අයුරු පිළිබඳව ඔබ මෙතෙක් නොදන්නා විශේෂ කරුණු රාශියක් හෙළිදරව් කරනවා. ඔබ රටේ පුරවැසියෙක් ලෙස මේවා ගැන දැන සිටියාද?
පුද්ගලයන් හෙරොයින් සඳහා මේ තරම් ඇබ්බැහි වන්නේ ඇයි? ඔබ මේ ගැන මොහොතක්වත් සිතුවාද?
ලංකාවට මේ භයානක මත්ද්‍රව්‍ය මුලින්ම ගෙනාවේ කවුද? අද වනවිට මෙතරම් මත්කුඩු ලංකාවට එන්නේ කොහොමද? මත්ද්‍රව්‍ය පිටුපස සිටින්නේ කව්ද? මත ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට ඉන් ගැලවිය නොහැකිද?
ඔබ කිසි දිනෙක නොසිතු ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ඇතුලාන්තය ගැන දැනගන්න පහත වීඩියෝව බලන්න.

 

දිවුලපිටියේ පස් ප්‍රශ්නයට රංජන් සහ ඉන්දික අනුරුද්ධ ගැටෙයි- වීඩියෝ නරඹන්න

දිවුලපිටිය ප්‍රා දේශීය සංවර්ධන කමිටු රැස්වීම එම ප්‍ර දේශීය ලේකම් කාර්යාලයේදී පැවැතුවුණා.
එම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ ඉන්දික අනුරුද්ධ මහතා පැමිණ සිටියා.

එම රැස්වීමේදී පස් කැපීම් සම්බන්ධයෙන් කතා බහට ලක්වෙද්දී රංජන් රාමනායක මහතා සහ ඉන්දික අනුරුද්ධ මහතා අතර ගැටුම්කාරී ස්වරූපයක් ඇති වුණා.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් සහ කාර්යාලයේ සේවකයින් මැදිහත් වී එම ගැටුම දුර දිග නොයෑමට මග බලාගෙන තිබෙනවා.

එම උණූසුම්කාරි ස්වරූපය වීඩියෝවෙන් බලන්න

සැමියා ඝාතනයට ලක්වූ තැනට පැමිණ සමයන්ගේ බිරිඳ හඬා වැලපුණු හැටි – වීඩියෝ

ඝාතනයට ලක්වූ පාතාල සාමාජික සමයං මරාදමා තිබූ ස්ථානයට ඔහුගේ බිරිඳ බවට පැවසෙන කාන්තාවක් පැමිණීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අවධානය යොමු කර සිටියා.

මීට පෙරද සමයංගේ බිරිඳට යැයි සිතා බන්ධනාගාරය අසලදී වෙනත් කාන්තාවකට වෙඩි ප්‍රහාරයක් එල්වූ අතර මේ නිසාම සමයංගේ බිරිඳට මරණ තර්ජන එල්ලවූ බවට පැවසුණා.

මේ සමයංගේ බිරිඳ බවට පැවසෙන කාන්තාව වෙඩි ප්‍රහාරය එල්ලවූ බන්ධනාගාර බස් රථය ඇති ස්ථානයට පැමිණ හැඬු කඳුලින් නැවත පිටව ගිය මොහොතයි…..

 

 

 

මෙන්න විනාඩි කිහිපයකට කලින් ෆ්ලෑෂ් බැක් රොෂාන් එලි දක්වපු අලුත්ම මියුසික් වීඩියෝව.

ලංකාවේ කණ්ඩායම් සංගීතයේ සුවිශේෂී ස්ථාන ගතවීමකට ලක් වූ “ෆ්ලෑෂ් බැක්” සංගීත කණ්ඩායම ගැන නොදන්නා කෙනෙක් ශ්‍රී ලංකාවේ නැති තරම්ය. තාරුණ්‍ය පමණක් නොව, කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ තරා තිරමේ පුද්ගලයන් අතර ඔවුන් බොහෝ ජනප්‍රියය.
සංගීත කණ්ඩායමේ නායකයා වන්නේ රොෂාන් ප්‍රනාන්දු ය. ඔහු දක්ෂ වාදකයෙකු , ගායකයෙකු පමණක් නොව, දක්ෂ ගීත රචකයෙකු මෙන්ම සන්ගීත අධ්‍යක්ෂකවරයෙකි. රොෂාන් විසින් ගායන කරන ලද ගීත බොහොමයක් ශ්‍රී ලාංකේය රසිකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්විය. එකම රාමුවකට කොටු නොවී විවිධ ශෛලීන් හරහා ඔහු ගීත ගායනා කර ඇත.
රොෂාන්ගේ නවතම Music Video එකක් එලි දක්වා තියෙනවා. “නටමු” (Dance” නමින් මෙය නම්කර තිබෙනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

‘පාරට පනින්න එපා’ හැංගි හැංගි ඇල්ලීම තහනම් – පොලිසියට නියෝග එයි

මාර්ගයේ තැන්තැන්වල සැඟව සිට එකවර මාර්ගයට කඩා පනිමින් රථවාහන නඩු ලබා නොගන්නා ලෙස සියලුම රථවාහන පොලිස් නිලධාරින්ට නියෝග නිකුත් කර ඇත.
රථවාහන හා අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඉකුත්දා මෙම නියෝගය දිවයිනේ සියලු ම කොට්ඨාස භාර නිලධාරින් දිස්ත්‍රික් භාර නිලධාරින් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා සියලු ම ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දෙනු ලැබීය.
රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මාර්ගයේ පෙනී සිටීමෙන් ම රථවාහන අනතුරු මෙන් ම අවහිරතාවයන් හා රථවාහන වැරදි වළක්වා ගැනීමට හැකියාව ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. එහෙත් බොහෝ නිලධාරින් සැඟව සිටිමින් එකවර මාර්ගයට පිවිස රථවාහන නැවැත්වීමත් නඩු ලබා ගැනීම් සිදුකරන විට මහජනයාගෙන් බොහෝ අවස්ථාවලදි පැමිණිලි ලැබී ඇති අතර මින් පොලිසියද දෝෂාරෝපණයට ලක්වන බව පෙනී ගොස් ඇති නිසා මේ පිළිබඳ වහා සියලු ම ‍රථවාහන පොලිස් නිලධාරින් දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
මේ පිළිබඳව දැනුම්වත් කර ඇතත් බොහොමයක් නිලධාරින් දිගින් දිගටම මෙසේ සැඟව සිට රථවාහන නඩු ලබාගැනීම සිදුකිරීම් තුළින් පෙනී යන්නේ උසස් නිලධාරින් මේ පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදු නොකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. සියලුම නිලධාරින්ට වි‍ෙශ්ෂ උපදෙස් පන්ති පවත්වා මේ පිළිබඳ දැනුවත් කළ යුතු බවත් එම පොලිස් ස්ථාන පිළිබඳ වාර්තාවක් වහා අධ්‍යක්ෂ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව වෙත එවීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර තිබේ.
2016 වසරේ දිවයින පුරා මාරක රිය අනතුරු 2824ක් සිදුවී ඇති අතර බරපතළ තුවාල රිය අනතුරු සංඛ්‍යාව 8148 වේ. අධික වේගයෙන් රිය පැදවීම හැරවීමෙන් සිදුවන අනතුරු, වැරදි ලෙස ඉස්සර කිරීම පදිකයන්ගේ නොසැලකිල්ල ආදි කරුණු මෙම රිය අනතුරු වැඩිවීමට හුදෙක් හේතුවී ඇති අතර අනෙක් රියදුරාට ඇඟිල්ල දිගු නොකොට තමන් නිවැරදිව විනයානුකූලව රිය පැදවීම තුළින් මාර්ග අනතුරු අවම කරගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සියළුම රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

වෙඩි තබා ඝාතනය කල “සමයං” හෙළි කල දුක් බර සත්‍ය පාපොච්චාරණය මෙන්න..

රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ පුවත සමගය.  දකුණු උරහිසට වැදුණු වෙඩිපහරින් ජීවිතය බේරාගන්නට රණාලේ සමයංට එදා හැකිවිණි. එහෙත් තමන්ගේ ජීවිතයට ද අකාල මරණයක සෙවණැලි වැටී ඇති වගත් පාතාලයේම උණ්ඩයක් ඉතා ඉක්මණින්ම තමා සොයා එන බව සමයං එදින පසක් කරගත්තේය.

මහඋළුගෙදරින් පිටත ලෝකයට නැවත පියමැන පාතාල ඉසව්වේ අවි අත නොදරා අතීතයට සමුදෙන්නට හැකිද යන සිතුවිලි මාලාවක සමයං තනි වූ මොහොතක් ද විය. සමයංට පාපොච්චාරණයක් කරන්නට අවශ්‍ය විය.

ලියුම්කරු සමංයව සම්බන්ධ කරගත්තේ ඒ අනුවය. මතුදැක්වෙන්නේ මාරයා දැක දැක තම අතීතය හා අනාගතය ගැන ඔහු පුවත්පතක් හමුවේ කළ එකම කතාවයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන ලෝක නියමයට අනුව අද සමයං ජීවතුන් අතර නැත. එහෙත් සමයංලා බිහි කරන සමාජ වටපිටාව වෙනුවට වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් දරදිය අදින්නට මුළු මහත් සමාජයට ඔහු වැටී සිටි අඩිය තේරුම්ගැනීම වැදගත් වනු ඇත.

මම අරුණ කියන්නද? සමයං කියන්නද?

අවුලක් නෑ. අරුණ කියන්න.

ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?

යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..

ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?

මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.

ගම්පළාත කොහේද?

මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ.

ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?

ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.

පවුලේ සහෝදර සහෝදරියො?

කවුරුවත් නෑ. මට මම විතරයි.

අධ්‍යාපන කටයුතු කළේ?

බෝමිරියෙ.

කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිව්වොත්?

මම 5 වසරෙදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇතිකළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.

ඥාතීන් උදවු කළේ නැද්ද?

ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.

පාසැලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?

මම ඕ ලෙවලූත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.

කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?

ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.

කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?

ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.

කරදර වුණා කිව්වේ මොනවද?

තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එලවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්.  ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමි‚ල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.

මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?

එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලූවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.

අතට කීයක් හරි හොයාගන්න ඕනැ කියලා අදහස් ආවද?

නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැළකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.

පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?

ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕ ලෙවල් කළේ. ඊටපස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.

මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?

2007 දි.

මොකද්ද හේතුව?

තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලූවේ. එහෙම අල්ලන් ගිහින් පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.

ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?

මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලිසියෙන් දාපු බෝම්ඛෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.

නැවත හිරෙන් එලියට එන්නේ?

2009 දි.

විවාහක ද?

ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.

වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?

මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.

ඔබ සමඟ සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?

ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.

ඔඛෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?

ඔව්. මමත් එහෙම හිතනවා.

දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?

මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.

ජීවිතේ වෙනස් කරගෙන අලූත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?

මම අලූත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.

තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?

මගේ ජීවිතෙ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.

ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?

මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිඛෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.

සයිටම් ප්‍රධානියා පොලිස් භාරයට – වෙඩි තැබීමේ සුළමුලත් හෙළි වෙයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රධාන විධාකය නිලධාරී සමිර සේනාරත්නට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු විසින්ම සැළසුම් කළ එකක් බව අනාවරණ වී තිබෙනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ඇති බවයි.

ඒ ඔහු පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුවයි.

වෙඩි තැබීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙනෙකෙකු ද හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර ප‍්‍රාදේශිය දේශපාලඥයෙකුද සිටින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔවුන් මේ වන විට ප‍්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

කරාටි ශුර වසන්ත සොයිසා ඝාතනය කල SF ලොකූ හිරෙන් එලියට ආ විගස ජනතාව ඔහු පිළිගත් හැටි.

අනුරාධපුරයේ වසන්ත සොයිසාව නොදන්නා කෙනෙක් නැත. ඔහු මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධව සිටියේ කරාටේ ශුරයෙකු ලෙසය. ගිනස් වාර්තා රැසකට උරුමකම් කියන්නට ද වසන්ත සොයිසා සමත් වුනා.
වසන්ත සොයිසාට අයත් ලැගුම්හල් අනුරාධපුර නගරයේ පැවතුනා. මේවගේ නොයෙකුත් අසම්මත ක්‍රියා සිදුවන බව සහ, වසන්ත සොය්සාගෙන් පීඩා ඇති බවත් කියවුනා.
“SF ලොකු” නැමැත්තා සහ වසන්ත සොයිසා අතර විරසකයක් පැවතුනා. sf ලොකු ප්‍රසිද්ධියේ වීඩියෝ නිකුත්කරමින් වසන්ත සොයිසාගේ පැටිකිරිය හෙළි කළා. අවසානයේදී පිරිසක් සමග රාත්‍රියේ අවන්හලට ඇතුළු වූ ලොකු වසන්ත සොය්සාව ඝාතනය කරනු ලැබුවා.
මාධ්‍ය ඔස්සේ වාර්තවුනේ අනුරාධපුරයේ සමහරුන් වසන්තගේ ඝාතනය කනවැකුණු විගස රතිඥා දමා සතුටු වූ බවයි. කෙසේ වෙතත් SF ලොකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා.
පසුගිය දිනෙක ඔහු බන්ධනාගාරයෙන් නිදහස්ව එලියට අවා. ඒ අවස්ථාවේ අනුරාධපුර නගරයේදී ඔහු පිළිගනු ලැබුවේ මහත් උත්සවශ්‍රීයෙන්ය.
පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවකි.

අලුත උපන් පැටියට කිරි දෙමින් සිටි එළදෙන මරා ගාත් දෙක කපාගෙන ගිය තිරිසනුන්

මිනිසුන් අතර තිරිසනුන්ටත් වඩා අන්ත පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් නිරතුරු අසන්නට ලැබෙනවා. ඒ වගේ සිද්ධියක් අසන්නට ලැබුනේ මුතියංගන පුජා භූමියට ආසන්න ප්‍රදේශයකින්. කිරි දරුවෙකු මෙන් මෙලොව උපන් වසු පැටවාට කිරි දෙමින් සිටි එළදෙන මරා ගාත් කපාගෙන , රාත්‍රියේ ගමන් කරමින් සිටි පුද්ගලයන්ට සිදු වූ දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදීම ගැන වීඩියෝව පහතින්….

 

ඔස්කාර් 2017 උළෙලේදී අතපසුවීමක්

අසූ නව වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සම්මාන උළෙලේදී සිදු වූ අතපසු වීමක් හේතුවෙන් “La La Land” චිත්‍රපටයට ලැබීමට ගිය අවස්ථාව අධ්‍යක්ෂකවරුන්ගේ නිවැරදි කිරීම මත “Moonlight” චිත්‍රපටයට යලි ලැබුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එනම් මෙහි දී නිවේදකයන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලෙස “La La Land” නිවේදනය කර ඇති නමුත් එය ලැබිය යුතුව තිබුනේ “Moonlight” චිත්‍රපටයට වීමයි. නමුත් පසුව එය අධ්‍යක්ෂකවරුන්ගේ අවධානය මත නිවෙදකවරු විසින් එය නැවත නිවැරදි කර ඇතැයි වාර්තා වේ.

මෙන්න එම වීඩියෝව පහතින්