සුපිරි නළු සල්ම ඛාන් බුදුන් වහන්සේගේ සිතුවම් නිර්මාණයට යොමුවූ හේතුව හෙළි කරයි.

ඉන්දීය සිනමාවේ සුපිරි නළුවන් අතර සල්මාන් ඛාන්ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඉන්දියාවේ වැඩිම වත්කම් හිමි නළුවන් අතරත් සල්මාන් ඉදිරියෙන් සිටිනවා. සල්මාන් දක්ෂ නළුවෙක් ලෙස දැන සිටියත් ඊට එහා ගිය සුපිරි දක්ෂතාවක් ඔහු සතුයි. ඒ ඔහු සතු චිත්‍ර ඇඳීමේ හැකියාවයි.
සල්මන් විසින් මවක් සහ දරුවෙක් සිතුවමට නගා තිබුනා. ඉන්දීය ව්‍යාපාරිකයෙක් එම සිතුවම ඉන්දීය රුපියල් ලක්ෂ විස්සකට ඉල්ලා සිටියා.නමුත් සල්මන් විසින් එහි අගය රුපියල් කෝටියක් ලෙස මිල කලේ , එම සිතුවමට ඔහුද වඩාත් ඇලුම් කල නිසයි. අවසානයේදී ව්‍යාපාරිකයා එය රුපියල් කෝටියක් ගෙවා මිලදී ගත්තා.
පසුව සල්මන් පවසා සිටියේ එම මුදල් සමාජ සත්කාරයක් වෙනුවෙන් ඔහු පරිත්‍යාග කල බවටයි. ඉදිරියේදී ඔහුගේ සිතුවම් අලවියෙන් ලබන සියලුම මුදල් සමාජ සත්කාර වෙනුවෙන් පරිත්‍යාග කරන බව ඔහු පවසයි.
කෙසේ වෙතත් ඔහු තෙල් සායම් , දිය සායම්, අක්‍රලික් වැනි මාධ්‍ය මැනවින් හසුරවමින් දක්ෂ අන්දමින් සිතුවම් නිර්මාණය තුලින් මනා නිපුන තාවය විදහා දක්වා ඇත. මේ සිතුවම් අතර බුදුන් වහන්සේගේ භාවාත්මක සිතුවම් වැඩි වශයෙන් නිර්මාණයට හොමුවීම විශේෂ ලක්ෂණයක් ලෙස බොහෝ දෙනා හඳුන්වයි. බෞද්ධ දර්ශනය හැදෑරීමෙන් පසු ඔහු මෙලෙස සිතුවම් නිර්මාණය කොට ඉන් ලැබෙන මුදල් සම්පුර්ණයෙන් සමාජ සේවා කටයුතු සඳහා යෙදවීම ආරම්භ කල බවයි පැවසෙන්නේ.
සල්මන්ගේ විවිධ සිතුවම් සහ, ඔහු චිත්‍ර අඳින අයුරු දැක්වෙන වීඩියෝව පහතින්.

දැරියට පාසල් අහිමි කළ ඒඞ්ස් හංවඩුවේ ශෝකාන්තය

‘මම ලොකු වුණාම දොස්තර කෙනෙක් වෙනවා. මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’

එලෙස කීවේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියකි. ඇයට දැන් බනින්නේ ඇගේ ඇස් පෑදීමට සිටින ගුරුවරුන් සහ වැඩිහිටි පිරිසකි. මේ සිඟිත්තියට ‘ඒඞ්ස්’ රෝගය වැළඳී ඇතැයි කියමින් පාසලේ ගුරු පිරිසක් සහ ඇය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන් පිරිසක් වෙනස්කම් කරති. දැරිය පාසලට පැමිණීම වැළැක්වීමට උත්සාහ ගනිති. ඔවුන්ගේ සිත්හි කරුණාව, මෛත‍්‍රිය නැතත් මේ කුඩා දැරියට ඔවුන් කෙරෙහි වෛරයක් නැත. ‘මට දැන් බනින හැමෝටම මං ලොකු වුණාම බේත් දෙනවා.’ ඇය කියන්නේ ඒ නිසා විය යුතුය.

දැරිය ඉගෙනුම ලබන්නේ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසලකය. දැරිය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ඇගේ පාසලේ නම මෙන්ම ඇගේ පවුලේ උදවියගේ නම් ගම් ද භාවිත නොකරමු.

ඇය එම පාසලට ඇතුළත් කරනු ලැබුවේ මීට වසර හතරකට පෙරය. දැරිය දැන් ඉගෙනුම ලබන්නේ හතර වැනි ශ්‍රේණියේය. ඉගෙනුම අතින් මේ සිසුවිය එම පාසලේ අන් සිසුන් පරදා පෙරමුණේ සිටින්නීය. පසුගිය වසරේ පළමු, දෙවැනි සහ තුන්වැනි වාරාවසාන විභාග තුනෙන්ම ඇය පන්තියේ පළමු වැනියාය. 2016 වර්ෂාවසාන විභාගයේ ඇය පන්තියේ පළමු වැනියා වූයේ සියලූ විෂයන්වලට ලකුණු 89.16ක සාමාන්‍යය අගයක් ලබා ගනිමිනි.

සිදුවූ අසාධාරණය ගැන සොයා බලන්නට අප එහි යනවිට දැරිය ‘පියා’ සමඟ පාර අයිනට වී සෙල්ලම් කරමින් සිටියාය. ‘ඒඞ්ස්’ යනු කුමක්දැයි ඇය දන්නේ නැත. ඇය දන්නේ තමාට පාසලට එන්නට නොදී කරන කෙනෙහිලිකම් ගැන පමණි. පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකු සහ මව්පියන් කිහිප දෙනෙකු නිතර නිතර ‘ඒඞ්ස් හැදුණු ළමයා’ යැයි චෝදනා කරන නිසා දැරිය ඇය හදා වඩා ගන්නා මාපියන්ගෙන් නිතර අසන්නේ ‘ඒඞ්ස් කියන්නේ මොකක්ද?’ කියා පමණි.

දැරියගේ මවට තවත් පුතකු බිහිවූ පසු දැරිය හදා වඩා ගැනීමට බාර කෙරුණේ මවගේ නැගණියටය. නැගණිය ඇගේ සැමියා සමඟ දරුවා රැක බලා ගත්තාය. දැරිය පාසලට බාර දෙන දිනයේ පාසලට පැමිණියේ මවයි. ඉන් පසු ඇය පාසලට නොගිය අතර දැරිය මව සහ පියා යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නේ ඇය රැක බලාගන්නා දෙදෙනාටය. කාලය මෙසේ ගතවෙද්දී දැරිය වැඳු මවට ‘එච්.අයි.වී’ ආසාදනය වී ඇතැයි ඇතිවූ සැකයක් මත පරීක්ෂණයකට බඳුන් වූවාය. ඉන් පසු ඇය ඒඞ්ස් මර්දන ව්‍යාපාරය සමඟ ළඟින්ම කටයුතු කරමින් ඒඞ්ස් රෝගය ගැන දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වූවාය.

මීට මාස දෙක තුනකට පෙර රූපවාහිනී නාලිකාවකින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම කාන්තාවද දැනුම්වත් කිරීම් සිදුකරන අයුරු පෙන්වීය.

ඇය නිතර පාසලට නොපැමිණියත් දැරිය බාරදෙන දිනයේ පාසලට ගිය මතකය මාපියන්ට සහ ගුරුවරුන් කිහිප දෙනෙකුට තිබිණි. රූපවාහිනී වැඩසටහනෙන් මාසයකට පමණ පසු එම වැඩසටහන ජංගම දුරකතනයකින් පාසලේ තවත් පිරිසකට පෙන්වා තිබුණේ ගුරුවරියකි. ඉන් පසු කට කතාවලට අත්තටු ලැබුණා මෙන් විය. ‘අහවල් ළමයාගේ අම්මටත් ඒඞ්ස්. ළමයටත් ඒඞ්ස්.’ යනුවෙන් කට කතා පැතිරෙන්නට විය. එම දැරිය ඉගෙනුම ලබන පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ගේ කණටද එම කතාව යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. පාසලේ ගුරුවරු කිහිප දෙනෙක් සහ දෙමාපියන් කිහිප දෙනෙක් එක්ව නිරෝගී දැරිය රෝගී දැරියක ලෙස හංවඩු ගැසූහ. දැරිය දකින දකින අවස්ථාවල ‘ඒඞ්ස් හැදුණු ළමයා’ යැයි කියමින් ඇය කොන් කරනු ලැබුවාය.

‘එච්.අයි.වී’ යනු සුළඟින්, අතපත ගෑමෙන් බෝවන කැස්සක්, උණක් මෙන් රෝගයක් නොවන බව හත සහ අට ශ්‍රේණිවල සෞඛ්‍ය පොතෙන් පවා කියා දෙද්දී ඒවා කියා දෙන්නට සිටින ගුරුවරු පිරිසක්ද අනිසි බියක් මවා ගනිමින් දැරිය පාසල් ඒම වැළැක්වීමට උත්සාහ ගත්හ. ‘ඒඞ්ස්’ රෝගය වැළඳී තිබුණ ද එය සුළඟින් හෝ අතපත ගෑමෙන් බෝ නොවන රෝගයක් නිසා ‘ඒඞ්ස්’ වැළැඳුණු පුද්ගලයන් ඈත් නොකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දෙද්දී කිසිදු රෝගයක් නැති මේ සිසුවිය දිනෙන් දින පාසලෙන් කොන්වන්නට විය.

මේ අතර පසුගිය සතියේ දිනක ඇය හදා වඩා ගන්නා මාපියන්ට පාසලෙන් කැඳවීමක් ලැබිණි. ඒ අනුව ඔවුහු පාසලට ගොස් විදුහල්පති හමුවූහ.

මාපියන් කැඳවූ හේතුව පැහැදිලිව ප‍්‍රකාශ නොකළ විදුහල්පති සිය පුටුවෙන් නැගිට ගිය අතර පාසලේ වගකීමක් ඇති තවත් ගුරුවරියක් කතාව ඇරුඹුවාය. දැරියට ඒඞ්ස් වැළඳී ඇතැයි යන කතා නිසා දැරිය පාසලට පැමිණීම ගැන අනෙක් මාපියන් තරහෙන් පසුවන බව කී එම ගුරුවරිය මේ දැරිය පාසලෙන් ඉවත් කරගෙන යන ලෙස දැන්වූවාය. විදුහල්පතිද පසුව එම මතයේම සිටියේය.

එතැන් සිට දැරිය පාසලට යද්දී දෙමාපියෝ පිරිසක් වරින් වර දෙස් දෙවොල් තැබූහ. දැරිය පාසලට එද්දී අනිත් දරුවන් පාසලෙන් ඉවත් කරගෙන ගියහ.

‘පන්ති භාර ටීචරුයි, ඉංග‍්‍රීසී ටීචරුයි තව කීප දෙනකුයි විතරයි දුව ගැන කාරුණික වුණේ. දුව ගැන හොයලා බැලූවේ.’ යැයි දැරිය රැක බලාගන්නා මව විස්තර කරද්දී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරිය දුවගෙන ආවාය.

‘දුව කැමැතිම මොනවා ඉගෙන ගන්නද?’

‘මං කැමැතිම ඉංග‍්‍රීසි ඉගෙන ගන්නයි.’ කියමින් ඇය ලස්සන අත් අකුරු සහිත ඇගේ ඉංග‍්‍රීසි පොත ගෙනැවිත් පෙන්නුවාය.

‘කවුද දූ කැමැතිම ටීචර්?’

‘මං කැමැතිම ඉංග‍්‍රීසි ටීචර්ටයි, අපේ ටීචර්ටයි.’ ඇය ‘අපේ ටීචර්’ යැයි කීවේ පන්ති භාර ගුරුවරියටය.

යළි දැරිය එතැනින් ඉවත්ව ගිය පසු මව කතාව ඇරැඹුවාය.

‘මේ දරුවා හරිම දක්ෂයි. හැමදාම පන්තියේ පළමුවැනියා. කොට්ඨාස, කලාප තරගවලිනුත් දිනලා තියෙනවා. දුව හරිම කැමැතියි ඉස්කෝලේ යන්න. ඉස්කෝලෙන් ආපහු එන්න වුණු දවසේ තමයි දුව අර චිත‍්‍රය ඇන්දේ.’ මව චිත‍්‍රයක් පෙන්වමින් කීවාය. ඒ සිතුවමෙහි වූයේ සිසුවිය මව සහ පියා සමඟ පාසලට යන අයුරුය.

‘දුව දහම් පාසල් යනවා. අපි හිතුවේ මේ ප්‍රශ්නය නිසා දරුවා දහම් පාසල් යවන්නත් බැරි වෙයි කියලා. නමුත් හාමුදුරුවො කතා කරලා පන්සලට එන්න කියලා කිව්වා දරුවා දිගටම දහම් පාසල් එවන්න කියලා. ඒක අපට ලොකු අස්වැසිල්ලක්. අපි නිතරම පන්සල් යනවා. මල් පහන් පූජා කරලා ප‍්‍රාර්ථනා කරන්නේ ඒ පිනෙන් හරි මේ දරුවගේ ප‍්‍රශ්නය විසඳෙන්න කියලයි.’

‘දුවට ගෙනියන්න ජාතික කොඩියයි සිංහ කොඩියයි ගේන්න නගරයට යන්න ඕනෑ.’ යැයි මව කියද්දී හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණිය මව නිවැරදි කරමින් ‘ජාතික කොඩියයි සිංහ කොඩියයි කියන්නේ එකමනේ…. මට ඕනෑ ජාතික කොඩියයි රාජ්‍ය ලාංඡනයයි.’ කීවාය.

දැරියට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ඇත්තේ තවත් වසරක පමණ කාලයකි. ‘මට ශිෂ්‍යත්වය ලියන්න ලැබෙයි නේද?’ දැරිය නිතර මාපියන්ගෙන් විමසන්නීය.

‘දැන් මේ පාසලේ තවදුරටත් ඉන්න අමාරුයි වගෙයි. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ අපේ දරුවට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න කියලා විතරයි. දරුවාට ගැටලූවක් නැතිව ශිෂ්‍යත්වය ලියන්නවත් පාසලක් ලැබුණොත් හොඳයි.’ පියා අවසන් වශයෙන් කීවේය.

මෙම සිද්ධිය විද්‍යුත් නාලිකාවක විකාශය වීමත් සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පසුගිය 27දා විමර්ශනයක් ආරම්භ කළේය.

කිසිම හේතුවක් නිසා දරුවකුගේ අධ්‍යාපන අයිතිය ඇහිරිය නොහැකි බව මානව හිමිකම් ක‍්‍රියාධරයෙක් කීවේය.

 

අශ්වයෙකුගේ මෙන් ශක්තිමත් පුරුෂ ලිගුවක් සඳහා “කළු කුඹි තෛලයේ ” ඉපැරණි වට්ටෝරුව සාදන හැටි.

වසර දහස් ගණනක් පැරණි ඉන්දියානු වට්ටෝරු මගින් ලියවුනු “පාන්දර” නමැති පැරණි සිංහල ග්‍රන්ථය ඇසුරින්…

මිනිසාගේ ලිංගික ජීවිතය රසමුසු අන්දමින් පවත්වාගෙන යාමට ලොව පුරා අතීතයේ විශාල ලේඛන ප්‍රමාණයක් ලියවී තිබුනා. ඒ මිනිසා වැඩි වශයෙන් ලිංගික කාර්යට කැමැත්තක් දක්වන නිසයි. ඉන්දියාව මෙහිදී වැඩි කාර්යභාරයක් ඉටු කල රටක්. ලිංගික රසාස්වාදය ඉහලින් ලබාගන්නා ක්‍රම සහ ලිංගික ශක්තිය වඩවන ඖශධ වට්ටෝරු ගැන ඉපැරණි ඉන්දියානු රහස් ලේඛන පවතී.
කෙසේ වෙතත් සමාජය සංකීර්ණවත්ම, සහ මුදල් මත සියලු දේ තීරණය වන්නට පටන් ගැනීමත් සමග දැනට වසර 100 – 150 වගේ කාලයේදී ඉහත වටිනා රහස් මුල්‍ය පරමාර්ථයෙන් විවිධ පුද්ගලයන් අතට පත්වුනා.
එවැනි රහස් ලේඛන මගින් දැනට වසර ගණනාවකට පෙර සිංහල භාෂාවෙන්ද ග්‍රන්ථ ලියවුනා. දැනට වසර 50ට පෙර ලියවුනු එවැනි ග්‍රන්ථයක් වුයේ “පාන්දර” යන ග්‍රන්ථයයි.
එහි තිබුණු වට්ටෝරු කිහිපයක් ඉතා සුවිශේෂී වුනා. ඒ අතර තිබුණු එක වට්ටෝරුවක් වුයේ ලිංගික බෙලහීන පුරුෂයන්ට රති කෙලියේදී තම සහකාරියට සුරාන්තය කිහිපවරක් ලබා දිය හැකි අන්දමේ සුපිරි ප්‍රතිකාර ක්‍රමයක් මගින් පුරුෂ ලිංගය අශ්වයෙකුගේ මෙන් ශක්තිමත් කල හැකි “කළු කුඹි” නොහොත් කදින්ගෙන් කරන ප්‍රතිකාර ක්‍රමයයි.
එය සිදුකරන ආකාරය පහත පරිදිය.
ලොකු කළු කුඹි හෙවත් කඩි 100 දෙනෙක් තලතෙල් කලන් පහක දමා දින 14ක් අව්වේ තබා කකාරවා 15 වැනි දින එම මිශ්‍රණය පෙරා, එම තෙල දින 40ක් ගතවන තුර පුරුෂ ලිංගයේ දිනකට තුන් වරක් හෝ හතර වරක් ආලේප කල යුතුයි. එසේ ආලේප කර හොඳින් ඇත ගෑ යුතුය.

ලෝක රෙස්ලින් ශුර “ජෝන් සීනා ” දරුවන් වෙනුවෙන් ගැයූ ගීතය මෙන්න.

“ජෝන් සීන” කියන නම ලොව පුරා ලොකු කුඩා කාගේත් ආදරයට ලක්වූ නමක්. ශ්‍රී ලංකාවේද බොහෝ පිරිසක් ජෝන් සීනාට ආදරය කරනවා. ඔහු ලෝක රෙස්ලින් ශුරයෙකි. සිනමා නළුවෙකි, කඩවසම් ශරීරයක් සහ අවංක ක්‍රීඩකයෙකු නිසා ඔහු ලංකාවේ ප්‍රසිද්ධය.

නමුත් ජෝන් සීනා ලොවපුරා ප්‍රසිද්ධ වීමට බලපාන තවත් කරුණක් වන්නේ ඔහු කුඩා දරුවන්ට අතිශය ආදරය කිරීමයි. මේ නිසාම ලොව පවත්වන ප්‍රමුඛ පෙලේ දරුවන්ගේ වැඩසටහන් සඳහා සීනා දායකත්වය සපයනවා.
එවැනි කුඩා දරුවන්ගේ දස්කම් විදහා දැක්වෙන වැඩසටහනක අවසන් මහා තරඟයේ ප්‍රචාරක ගීතය සඳහා සීනා දායක වුවා. පහතින් දැක්වෙන්නේ එහිදී ඔහු ගායනා කල ගීතයයි. එය ලොව පුරා මේ දිනවල ජනප්රියට පත්ව ඇත.

මොහුගේ හැකියාව දැක මවිතවූ ලෝ ප්‍රකට සංගීතඥයන් මේ හඬ පිලිබඳ පර්යේෂණයක් ආරම්භ කළා.

Gennady Tkachenko නම් මෙම පුද්ගලයා යුක්රේන ජාතිකයෙක්. මොහුට වයස අවුරුදු 53ක් වනවා. මොහුගේ අසාමාන්‍ය සංගීත හැකියාව ගැන ලෝකයම කතාකරන්න පටන් ගත්තේ ජෝජියාවේ පවතී රිඅලිටි තරඟයකට ඔහු ඉදිරිපත් වීමත් සමගයි. පසුව යුක්රේනය, රුසියාව හරහා ලොව ප්‍රසිද්ධියට පත් මොහු ගේ විශ්මිත හැකියාව ගැන පහත වීඩියෝවෙන් නරඹන්න.

සුදු කොණ්ඩය ස්ථිරවම කළු කරගන්න අර්තාපල් වලින් හදන ආලේපනය මෙන්න.

කොණ්ඩය සුදු වෙන එක දැන් වයසට යද්දී විතරක් නෙවෙයි තරුණ අයටත් ප්‍රශ්නයක් වෙලා. මේකට තියෙන කෙටිම විසඳුම තමයි සුදු වූ කෙස් ඩයි කරන එක. එහෙත් වෙළඳපොලේ තියෙන සියලුම ඩයි වර්ග සාදා ඇත්තේ රසායනික ද්‍රව්‍යවලින්. ඒවගෙන් ලැබෙන අතුරුපල භයානක වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවාද ස්වභාවික අර්තාපල් අල යොදාගෙන ස්ථිර වශයෙන් හිසකෙස් කළු කරගත හැකි ආලේපනයක් සාදාගත හැකි බව.
මෙය සාදාගන්නා ආකාරය මුල සිට සරලව ඔබට පැහැදිලි කරන වීඩියෝවක් පහතින් ඇත. එය නරඹා ඔබගේ සුදු කෙස් ස්ථිරවම කළු කරගන්නා ආලේපනය සකසා භාවිත කර බලන්න.

 ලොවම විශ්මයට පත්කරමින් “නාසා” ආයතනය කෘතීම වලාකුළු නිර්මාණය කල හැටි- වීඩියෝ.

RS – 25 එන්ජිමක් මගින් නිෂ්පාදිත විශාල යන්ත්‍රය මගින් වලාකුළු නිපදවන හැටි කොහොමද?

ලොව අභ්‍යාවකාශ විද්යාව ගැන කතා කරන සාම විටම ලොකු කුඩා කාගේත් මතකයට එන්නේ “නාසා” ආයතනයයි. අභ්‍යවකාශයේ පවතින වස්තුන්, ග්‍රහ ලෝක ඇතුළු සියලු දේ ගැන පර්යේෂණ පවත්වනු ලබන්නේ නාසා ආයතනය විසිනි.
ලොව විශාල අභ්‍යවකාශ පර්යේෂණ ගණනාවක නිරත නාසා ආයතනය අලුතින්ම කල පර්යේෂණය වුයේ කෘතීම වලාකුළු නිර්මාණය කිරීමේ පරීක්ෂණය එලි දැක්වීමයි. මේ සඳහා ඔවුන් භාවිතයට ගත්තේ RS – 25 එන්ජිම මුලික කරගත් විශාල යන්ත්‍රයකි. එමගින් කෘතීම වලාකුළු නිර්මාණය කිරීමේ පර්යේෂණය ඉතා සාර්ථක වී තිබෙනවා. පහත වීඩියෝවෙන් එම අවස්තාව නරඹන්න.

එකම පවුලේ අයියා සහ නැගණිය හොරෙන් විවාහ වෙලා අවසානයේ සිදු වූ දෙය.

එකම පවුලේ අයියා සහ නැගණිය විවාහ වී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
මොවුන් කුඩා කාලයේ ඔවුන්ගේ පියා මව සහ දරුවන් අත්හැර දමා ගොස් තිබෙනවා.
එහිදී පවුලේ වැඩිමලා වූ මියගිය දරුවාගේ පියා ඔවුන්ගේ පියාගේ නැගණියගේ නිවසේ හැදීවැඩී ඇති අතර මියගිය දරුවාගේ මව වූ ඔහුගේ නැගණිය තම මව සමඟ සිට තිබෙනවා.
කලකට පසුව මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට රැකියාව සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම නවාතැන්ගෙන ඇත්තේ එකම නිවෙසකයි.
කෙසේ වෙතත් එහිදී ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී ඇති අතර අනතුරුව ඔවුන් විසින් දරුවෙකු බිහිකරනවා.
අනතුරුව කුඩා දරුවාට මාස 8ක් පමණ වනවිට දරුවාගේ පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබෙනවා.
පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි පසුගියදා මියගොස් ඇත්තේ.
මෙම දෙහැවිරිදි දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන් හා වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුව ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් අසම්මත අඹු සැමි යුවළ නිර්දෝෂී නොවුනත් ඔවුන්ගේ දරුවාගේ මරණයට ඔවුන්ට අසාධාරණ බලපෑම් සිදුකළ සමාජයද වගකිවයුතු නොවේද ?

මහා සුදුසුකම් නැතිව ලොව පිළිගත් සරසවි වල උපාධියක් නිවසේ සිට නොමිලේ ලබාගන්නා හැටි මෙන්න.

ලොව පිළිගත් සරසවියක අධ්‍යාපනය ලැබීමට ඔ්නෑම අයකු කැමැත්තක් දක්වනවා. එහෙත් එය බොහෝ දෙනකුට ඉටු කරගත නොහැකි සිහිනයක් ලෙසයි පැවතුණේ. කෙසේ වෙතත් කිසිදු මුදලක් නොගෙවා ලොව ප්‍රධාන සරසවිවල පාඨමාලා ඔබගේ නිවසේ සිටම හැදෑරිය හැකි බව ඔබ දැන සිටියාද ? විශ්වාස කිරීමට අපහසු ලෙස පෙනුනද එය සැබෑවක්. මේ ඒ පිළිබද අනාවරණය. පහත වීඩියෝව නරඹා විස්තර දැනගන්න.

ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් තරඟය වෙනුවෙන් කෝටි ගණනක සූදුපොලක් පවත්වාගෙන ගිය මන්ත්‍රී

ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ දී පසුගියදා පැවැති ක‍්‍රිකට් තරගයේ ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් පවත්වාගෙන ගිය ඉන්දියාවේ ගෝද්‍රාහි සූදුපොළක් වැටලූ එරට අපරාධ විමර්ශන එ්කකයේ නිලධාරීන් විසින් බීජේපී පක්ෂ මන්ත‍්‍රී චේතන් සත්වානි අත්අඩංගුවට ගෙන තිබේ.
ගුජරාට්හි, ගෝද්‍රා ප‍්‍රදේශයේ පදිංචිව සිටින සත්වානි මන්ත‍්‍රීවරයා විසින් මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත.
කි‍්‍රකට් ඔට්ටු ඇල්ලූ පුද්ගලයන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතත් මන්ත‍්‍රීවරයා පැනයාම හේතුවෙන් සූදුපොළේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට නොහැකි විය.
නමුත් වැටලීම අඛණ්ඩව සිදුකළ නිලධාරීන්ට නගරයේ වෙනත් තැනක ලේ තැවරුණු අතැතිව සිටි මන්ත‍්‍රීවරයා සහ තවත් අයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව එරට වාර්තා පැවැසී ය.
සූදුව වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනා කලක සිටම පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින අය බව සදහන් ය.
මුදල් තොගයක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.