රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කතා කරයි

 

රෝහණ විජේවීර යනු ශ්‍රී ලාංකිකයන්ට එතරම් පහසුවෙන් අමතක වන නමක් නොවේ. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් ස්වකීය ජීවිතය දේශපාලන පෙරැළියක විප්ලවීය මතක සටහනක් කිරීමට රෝහණ විජේවීරට හැකිවිය. 1970 දශකයේ මුල් භාගයේදී විප්ලවීය දේශපාලන පෙරැළියකට නායකත්වය දෙමින් සිදු කරන ලද කැරැල්ල අසාර්ථක වූ නමුදු ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් දර්ශනය මෙරට ජන සමාජය තුළ චින්තන පෙරැළියක් සිදුකළ බව සත්‍යයකි. දේශපාලන ක්‍ෂේත්‍රයේ තුන්වැනි බලවේගයක අවශ්‍යතාව පිළිබඳ ජනතා අපේක්‍ෂාව ඉටු කරවමින් සමාජවාදී දර්ශනය ජනගත කිරීමේ පැහැදිලි කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ලැබිණි.
අදින් වසර පනස් හතකට පෙර සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවියේ නොමිලයේ අධ්‍යාපන වරම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික සිසු පිරිසේ සිටි ළාබාලතමයා මෙන්ම දක්‍ෂතම සිසුවාද වූයේ රෝහණ විජේවීරය. පසු කාලීනව ඔහු මෙරට විප්ලවීය දේශපාලන ප්‍රවාහයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය. එම විප්ලවවාදියා රෝහණ විජේවීරගේ පුතු අපට හමුවන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අතීත ආස්වාදයන් යළි සිහියට නන්වමිනි. ඔහු දැනට වත්මන් රුසියාවේ සිප් සතර හැදෑරීමට ගොස් සිටියි. රුසියාවේ චෙල්යාබින්සක්හි දකුණු – උෟරාල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිප් සතර හදාරන මෙම අපූරු ශ්‍රී ලාංකික තරුණයා නමින් උවිඳු විජේවීරය.

පසුගිය කාලයේ ඔහු කොළඹ රුසියානු කේන්ද්‍රය ආශි්‍රත රුසියානු සමාජයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී මෙහෙවරක් සිදුකළේය. සිය මූලික අධ්‍යාපන කටයුතු හා ප්‍රථම උපාධිය අවසන් කළ උවිඳු රුසියාව බලා පිටත් වන්නේ සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටය.
පසුගිය දිනෙක අන්තර්ජාලය හරහා උවිඳු සමඟ සාකච්ඡා කිරීමට අප හට අවස්ථාව ලැබිණි. දැනට රුසියාවේ චෙල්යාබින්ස්ක් හි සිප් සතර හදාරන උවිඳු විජේවීර සමඟ සිදුකළ එම සාකච්ඡාව සංක්‍ෂිප්තයක් ලෙස මෙහි දැක්වේ.

ඔබ අධ්‍යයන කටයුතු සඳහා රුසියාවට පිටත්ව යන්නේ 2015 වර්ෂයේදී. රුසියාවේ අධ්‍යාපනය සඳහා ඔබ යොමු වන්නේ කෙසේද?
මූලිකවම කිව යුතුයි මම සාහිත්‍ය පොත පතට ඇලුම් කළ කෙනෙක්. අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංගී්‍රසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය පොත පත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් පොත් පත් කියෙව්වා. ඒ ආභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නෙ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමඟින් කුඩා කල සිටම රුසියානු සාහිත්‍ය කෙරේ මගේ ලොකු ආදරයක් ගොඩ නැඟී තිබුණා. එම පොතපත තුළින් අප දුටු රුසියානු ජන ජීවිතය හා සමාජය කෙරේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ වගේම රුසියානු යුද ඉතිහාසය සහ යුද සාහිත්‍යයට මගේ ලොකු ඇල්මක් තිබුණා. එම ඇල්ම තමයි රුසියානු භාෂාව හැදෑරීමට මා පෙලඹවූයේ. පාසල් අධ්‍යාපනය අවසන් වන කාලයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයට මා සම්බන්ධ වෙන්නේ රුසියානු භාෂාව හැදෑරීමටයි. එහි රුසියානු භාෂාව හදාරා එහිම දිගුවක් ලෙසයි රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා යොමුවන්නේ.
රුසියාවේ අධ්‍යාපනය ලැබීම පිළිබඳව තිබූ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාරී වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද? ඒ ගැන සිහිපත් කළොත්…?
ඔව්. රුසියාවේ අධ්‍යාපනය ලබාගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට මට උපකාර කළ බොහෝ දෙනෙක් සිටිනවා. පළමුවෙන්ම මම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා ගුරුතුමිය වූ ලරීසා දව්දෝවා මහත්මිය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් මා මතක් කළ යුතුයි, මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මත් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.

ඔබේ පියා මෙරට පෙරළිකාර චරිතයක් බවට පත්වූ කෙනෙක්. ඔහු 1960දී එවකට සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවිය බලා ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිස නියෝජනය කළ කෙනෙක්. ඒ ගැන සිහිපත් කළොත්…?

ඔව්, ඇත්ත වශයෙන්ම මගේ පියා ගැන කතා කරනවා නම් මං හිතන්නේ ඔහු ඉතාමත් අඩු වයසකින් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබනවා. වයස අවුරුදු 15 පමණ වන විට ඔහු උසස් පෙළ අවසන් කරනවා. ඔහු විශිෂ්ට දක්‍ෂතා සහිත පුද්ගලයෙක්. ඔහුට රුසියාවේ අධ්‍යාපන වරම් හිමිවන්නේ ඔහු විසින් දක්වන ලද ඉහත කී සුවිශේෂී හැකියාව හේතුවෙනුයි. ඉතින් ඔහු ලුමුම්බා සරසවියේ පළමු ශ්‍රී ලාංකික සිසු පිරිසේ කෙනෙක් වීමේ භාග්‍ය හිමිකර ගන්නවා. මං හිතන්නේ මුළු රටම ඒ සියලු කාරණා දන්නවා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා.

දේශපාලනයෙන් වියුක්ත වෙලා තාත්තා ගැන විතරක් කතා කරනවා නම් ඉතා අඩු වයසකදී රුසියාවේ අධ්‍යාපන ලබන්න වරම් ලබා එහි අවසාන කටයුතු ඉතා සාර්ථක ලෙස, දක්‍ෂ ලෙස නිම කිරීමටත්, විෂය හා විෂය බාහිර කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමටත් ඔහුට හැකි වුණා. මම ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ලොකු අභිමානයකින්. නමුත් රෝහණ විජේවීරගේ පුතා ලෙස මම ඔහු ගැන වැඩිපුර කතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද ඔහු අද රටේ විශාල දේශපාලන චරිතයක්. බොහෝ දුරට එම චරිතයට මම සාධාරණයක් ඉටු කිරීම හෝ ඉටු නොකිරීම හෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක්, නැත්නම් සුදුහුනු ගෑමක් වගේ වෙන්න පුළුවන්. එම නිසා මම හිතනවා දේශපාලන පසුබිම පිළිබඳව මම කතා නොකොට සිටීම වඩා හොඳයි කියලා. එයට මෙය අවස්ථාව නෙවෙයි. නමුත් ශිෂ්‍යයෙක් ලෙස මගේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබීමට ගොස් දැක්වූ දක්‍ෂතා අදටත් එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අය දන්නවා. අදටත් ඒ පිළිබඳ කතා වෙනවා. ඉතින් ඒ ගැන මං ආඩම්බර වෙනවා.
සෝවියට් දේශය පිළිබඳව ඔබේ පියාගෙන් ඔබට ලැබුණු බලපෑම හා හැඟීම කෙබඳු එකක්ද?

පියා නැතිවන විට මගේ වයස අවුරුදු එකහමාරක් වගේ. ඇත්ත වශයෙන්ම මට පියාගේ මුහුණවත් මතක නැහැ. මගේ වැඩිමහල් සහෝදරියන්ට තමයි පියා පිළිබඳ මතක තිබෙන්නේ. මගේ ළමා වියේ මතකයන් ආරම්භ වන්නේ හමුදා කඳවුරු තුළ. විශේෂයෙන්ම ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර තුළත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළත් මගේ ළමා විය ගෙවී යනවා. පියා පිළිබඳව මට වැඩි මතකයක් නැහැ. ඔබ අහන්නේ සෝවියට් දේශය පිළිබඳව ඔහුගෙන් ලද බලපෑම හා හැඟීම් ගැන. ඇත්තම කියනවා නම් අපි විවිධ කඳවුරුවල ගත කරන විට දේශපාලන වශයෙන් පියාගේ මතකයන් සහ අදහස් පිළිබඳ දැනීමක් ලබාගැනීමට අපට අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් එහිදී සාහිත්‍යය හා පොතපත ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි රුසියාව පිළිබඳ හැඟීම් අවදි වන්නේ. නමුත් පසුකාලීනව අපි කොළඹ වැලිසර නාවික කඳවුරට පැමිණීමත් සමඟ සහ 2004 කාලයෙන් පසු රටේ දේශපාලන වෙනස්වීම් අනුව විශාල නිදහසක් අපට ලැබුණා. ඉතින් ඒ නිදහසත් සමඟ පොතපත පරිශීලනයට වගේම පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව දේශපාලනය කළ චරිත, පියාට ආදරය කළ චරිත, පියා සමඟින් අධ්‍යාපනය හැදෑරූ චරිත හමුවන්න අවස්ථාව උදාවෙනවා. ඒ සමඟ තමයි මගේ පියාගේ බලපෑම මා වෙතට ලැබෙන්නේ. එය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. නමුත් මම හැම විටම උත්සාහ කරනවා මගේ පියා, පියා ලෙස දැකීමට. ඒ වගේම ඔහුගේ දේශපාලන කටයුතු සමාජය හා එම දේශපාලනයේ යෙදෙන පිරිස අතර රඳවා තැබීමට මෙන්ම ඉන් වියුක්ත වීමටත්. සෝවියට් දේශය පිළිබඳව මම මේ වන විට බොහෝ දේ කියවා තිබෙනවා. ඒ වගේම පියාගේ ජීවන ගමන පිළිබඳවත් පියාගේ බලපෑම් නැතැයි කීවොත් මං හිතන්නෙ එය සාධාරණ පිළිතුරක් වෙන්නෙ නැහැ. නමුත් මං හිතනවා බොහෝ විට මගේ රුසියානු ගමන තීරණය වන්නේ දේශපාලන කටයුත්තක් හැටියට නොවෙයි. මගේ පියා අධ්‍යාපනය අවසන් කරන සමයේ ලෝක සමාජවාදය කඳවුරු දෙකකට බෙදෙනවා. එවිට මගේ පියා තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරැදියි කියලයි. එය ඔහුගේ දේශපාලන ගමන් මඟ. ඉතින් මට කියන්න වුවමනා වුණේ මගේ රුසියානු අධ්‍යාපන ගමන් මඟ දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක් බවයි.

 

පියාගේ පිය සටහන් ඔස්සේ මතක ආස්වාදයන් සොයා ඔබ පසුගිය වසරේ මොස්කව්හි ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා) අපූරු චාරිකාවක නිරත වෙනවා. ඒ පිළිබඳව විස්තර කිරීමට ඔබ කැමැතියිද?
මං හිතන්නෙ ඔබ ඔය පැනය මතු කරන්නෙ පසුගිය සමයේ සමාජජාලා වෙබ් අඩවියක පළකර තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්. පළමු වසරේ රුසියානු භාෂා අධ්‍යයනය අවසන් කළ මට මොස්කව් නුවරට යන්න අවස්ථාවක් ලැබෙනවා. එම අනගි අවස්ථාවේ මගේ පියා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා සරසවියට යෑමේ භාග්‍ය මට උදාවෙනවා. මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තමයි එම විශ්වවිද්‍යාලයට යන්නේ. එම විශ්වවිද්‍යාලය තුළ පියාගේ ලොකු මතකයක් තිබෙනවා. ඔහු ඉගෙනගත් ස්ථානය දැකීමෙන් ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. ඉතින් එම ගමනේදී මම සරසවිය ඉදිරිපිට සිට ගත් ඡායාරූපයක් සමාජජාල වෙබ් අඩවියක පළවුණා. එහි මම කෙටි සටහනක් තැබුවා, පියාගේ මතක සටහන් ඔස්සේ ගමන් කළා කියලා…
ඔබේ පියා රෝහණ විජේවීර අධ්‍යාපනය ලැබුවේ සමාජවාදී සෝවියට් දේශය තුළයි. එහෙත් දැන් ඔබ අධ්‍යාපනය ලබන්නේ වෙනත් සමාජ දේශපාලනික වටපිටාවක් තුළයි. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
ඔබ මෙතැනදී මතු කරන්නේ පැරැණි සමාජවාදී සෝවියට් දේශයත්, වර්තමාන රුසියානු ෆෙඩරේශනයත් අතර පවතින දේශපාලනික හා සමාජීය වෙනස්වීම් ගැන. දේශපාලනය හා සමාජ විද්‍යා විෂයයන් හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් මං හිතන්නේ මම කිසිම දේශපාලන මතවාදයකට ලඝුවෙලා කතා නොකළ යුතුයි කියලා. අප කියවා අසා තිබූ සෝවියට් දේශයට වඩා වර්තමාන රුසියාව ගොඩක් වෙනස්. නමුත් මං හිතන විදියට වැදගත් වන්නේ සමාජවාදී සෝවියට් දේශයක් හෝ සමාජවාදී නොවන රුසියාවක් හෝ වේවා, කරන කටයුතු අවංකව සාධාරණ ලෙස කෙරෙනවා නම් ඕනෑම කර්තව්‍යයක් සාර්ථක විය හැකියි. සමාජවාදී සෝවියට් දේශය අවධියේ අධ්‍යාපනය ලෝකයේ ඉතාම ඉහළ තත්ත්වයක පැවැති නමුත් ඉන් පසු අවධියේ එය සැලකිය යුතු තරම් පහළට වැටී තිබෙනවා. නමුත් යම් කාලසීමාවක් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් යළි රුසියාව ගොඩනැඟීමේ කටයුතු සිදු කර තිබෙනවා. ඔවුන් ඉදිරියට පැමිණෙනවා. ඔබ කුමන සමාජ දේශපාලන ක්‍රමය තුළද සිටින්නේ යන වග නොවෙයි එම සමාජ දේශපාලන ක්‍රමය සාධාරණද යහපත්ද කියන එක තමයි වැදගත් වන්නේ. සෝවියට් දේශය වේවා, රුසියානු ෆෙඩරේශනය වේවා රුසියානු අධිරාජ්‍ය වේවා ඔවුන්ගේ දේශපාලන ප්‍රවාහයේ නැඟීම් හා බැසීම් තිබෙනවා. ඒ ඒ වකවානු තුළ නායකත්වය දුන් පුද්ගලයන් අනුව මේ දේවල් වෙනස් වන අයුරු දැක ගත හැකියි. සෝවියට් දේශය තුළ අපි හැමෝම දන්න නිදහස් අධ්‍යාපනය වැනි දේ වර්තමානයේ වෙනස්වී තිබෙනවා. මං හිතන්නෙ අපි වැඩිපුර දේශපාලන කරුණු කාරණා කතා නොකර සිටිනවා නම් වඩා හොඳයි. මොකද මං කොහොම කතා කළත්, විවිධ පුද්ගලයන් විවිධ කෝණවලින් බලන්න පුළුවන්. එම නිසා කිසිම දේශපාලන මතවාදයකට ලඝු නොවී අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකි නම් එය ගොඩක් වැදගත් වෙනවා.

ඔබ විශ්වවිද්‍යාලයේ ඉදිරි පෙළ ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන බව විවිධ ක්‍රියාකාරකම් තුළින් අප දුටුවා. ඔබේ විශ්වවිද්‍යාලය ගැනත්, එහි ඔබේ ක්‍රියාකාරීත්වය ගැනත් ඔබේ හිත මිත්‍රාදීන් ගැනත් කෙටියෙන් සඳහන් කරන්න…?
විශේෂයෙන්ම වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අප බොහෝ ක්‍රියාකාරීව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අපේ තවත් සිසුන් පිරිසක් මෙහි අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ලෝකයේ නොයෙක් රටවලින් මෙහි පැමිණි විදේශීය සිසුන් බොහෝ දෙනෙක් අප සමඟ මෙහි අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා. එය විශේෂ අත්දැකීමක්. මා පළමුව අධ්‍යාපනය හැදෑරූ ඉන්දියාවේදී අපට හමුවුණේ ඉන්දියානු, ශ්‍රී ලාංකික, පාකිස්තානු හා බංග්ලාදේශ් වැනි අපේ කලාපයේ සිසුන් පමණයි. නමුත් රුසියාවට පැමිණි පසු සීමාවකින් තොරව චීනය, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, ඇමෙරිකාව, යුරෝපය හා ආසියාවේ විවිධ රටවලින් මෙහි ආ සිසුන් සමඟින් කටයුතු කරනවා. එහිදී අපි ඉතා සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් ඔවුන් සමඟින් කටයුතු කරනවා. අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ගැන මෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ මොන වගේ රටක්ද කියන එක ගැනත් තොරතුරු අපේ ජාත්‍යන්තර මිතුරන් සමඟ බෙදාහදා ගන්නවා. ශිෂ්‍යයන් වශයෙන් අපට විශාල වගකීමක් තිබෙනවා එම රටවල් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණේ තැබීමට. ඉතින් විෂය හා විෂය බාහිර කටයුතුවලදී අපි එම වගකීම නොපිරිහෙළා ඉටු කරනවා. ඒ පිළිබඳ මට ලොකු සතුටක් තියෙනවා.
රුසියාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නකු ලෙස ඔබ වත්මන් රුසියාව හා එහි ජනතාව පිළිබඳව දරන අදහස අපට පැහැදිලි කළොත්…?
රුසියාව පිළිබඳව මම ගැඹුරු අධ්‍යයනයක නිරත වී සිටිනවා. මොකද මගේ වර්තමාන අධ්‍යාපන කටයුතු මෙහි සිදු කෙරෙන්නේ දේශපාලන හා සමාජ විද්‍යා අංශයෙන්. එම නිසා රුසියාව ගැන මගේ ගැඹුරු හැඟීමක් තියෙනවා. රුසියානු ජනතාව ගැන කිව්වොත් එදා රුසියානු අධිරාජ්‍යයේ වේවා, සෝවියට් දේශයේ වේවා, රුසියානු ජනතාවගේ හදවත මං හිතන්නේ එකම ආකාරයකින් තමයි ස්පන්දනය වන්නේ. නමුත් දේශපාලන තලයන් තුළ එය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකියි. ඒ අනුව රුසියානු අධිරාජ්‍යය, සෝවියට් දේශය හා වර්තමාන රුසියාව තුළ ජීවත්වන ජනතාවගේ යම් වෙනස්වීම් දැකගත හැකියි. නමුත් රුසියානු ජනතාවට වඩා සමීපව ඒ පිළිබඳව අධ්‍යයනය කළොත් එහි ඒකාකාරී රිද්මයක් බවට හඳුනාගත හැකියි. රුසියාව යනු යුරෝපයටත්, ආසියාවටත් සම්බන්ධ වූ රටක්. ඒ තුළ විවිධාකාර මිනිසුන් විවිධාකාර ජන සමාජයන් පවතිනවා. ඒ වගේම ඔබ රුසියානුවෙක් ඉතා හොඳින් දැන හඳුනා ගන්නා තෙක් ඔහු කිසිම විටෙක සිය හදවත ඔබට විවෘත කරන්නෙ නැහැ. මං හිතන්නෙ ඒ බව ඔබත් රුසියාවේ අධ්‍යාපනය ලැබූ කෙනෙක් ලෙස හොඳින් දන්නවා ඇති.
රුසියාවේ අධ්‍යාපනය අවසන් කළ පසු ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු කෙබඳුද?
රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු අනාගත බලාපොරොත්තු පිළිබඳ ඔබේ ප්‍රශ්නයට ගොඩක් සංයමයකින් උත්තර දෙන්න ඕනෙ කියලා මං හිතනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලත්. මොකද, පවතින සමාජ දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් මම මේ ආකාරයට උත්තරයක් දෙන්න කැමැතියි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය ‘තමාට පෙර රට’. එය හැම විටකම අපේ සිත්වලට කා වැදී තිබෙනවා. ඒ වගේම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම විය යුත්තේ තමාගේ දේශයට ජනතාවට, යහපත් දෙයක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් මම කැපවීමට ඕනෑම වෙලාවක සූදානම්. වසර දහතුනක් පුරා මම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ. අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන් ‘යුතුකම්’ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. මගේ එකම බලාපොරොත්තුව මගේ රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි.

සටහන මල්රේණු කස්තුරිරත්න

 

‘බෝම්බ අම්මා’ ඇමෙරිකාවේ නම් ‘තාත්තා’ අපි ළඟ – රුසියාව

ප්‍රබලත්වය අතින් සියලු බෝම්බ පරයන ‘බෝම්බ අම්මා’ ඇමෙරිකාව සතු නම්, ‘බෝම්බ තාත්තා’ ඇත්තේ තමා සතුව බව ඇමෙරිකාවට අභියෝග කරමින් රුසියාව පවසා ඇත.

‘සියලු බෝම්බ පරයන බෝම්බ අම්මා’ යන නමින් ඇමෙරිකාව හඳුන්වා දී ඇත්තේ ‘ජීබීයූ43/බී’ නමැති බෝම්බයයි. ඇමෙරිකාව සතු න්‍යෂ්ටික නොවන ප්‍රබලතම බෝම්බය වන්නේ ද මෙයයි.

පසුගිය 13 වැනිදා ඇමෙරිකාව ඔවුන් සතු ප්‍රබලතම බෝම්බය ලෙස ද සැලකෙන මෙම ‘ජීබීයූ43/බී’ යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කළේය. ඒ, ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ගේ තිප්පොළක් ඉලක්ක කර ගනිමිනි. එම ප්‍රහාරයෙන් ත්‍රස්තයෝ 90 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මෙම බෝම්බයට යොදා ගැනෙන්නේ ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 11 කි. මීටර් 150 ක් හෝ 200 ක් අතර පරාසයක් මෙම බෝම්බය පිපිරී යද්දී විනාශ වෙයි. මෙම බෝම්බයක් නිපදවීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 12.8 ක මුදලක් වැයවන බව ද පැවැසෙයි.

ඇමෙරිකාව මෙම බෝම්බය යොදා ගනිමින් කළ ප්‍රහාරයක් එල්ල කළේ සිරියානු අර්බුදය සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ තෙවැනි ලෝක යුද්ධය හටගනීවි යැයි බියක් ලොව පුරා පැතිර යමින් ඇති මොහොතකය.

රුසියාව ඔවුන් සතුව ඇතැයි පවසන ‘සියලු බෝම්බ පරයන බෝම්බ තාත්තා’ යනු ‘රික්තක බෝම්බයකි’. ටී.එන්.ටී. පුපුරණ ද්‍රව්‍ය ටොන් 44 ක් මෙම බෝම්බයට අන්තර්ගතය. මෙම බෝම්බය පුපුරා යද්දී, මීටර් 300 ක ප්‍රදේශයක් සැණින් දූවිලි බවට පත් වෙයි. රුසියානුවන් මෙම බෝම්බ සාර්ථකව අත්හදා බලා ඔවුන්ගේ 2007 වසරේදීය. මෙම බෝම්පය නිෂ්පාදනයට කොතරම් මුදලක් වැයවුණැයි යන්න රහසකි. ඉලක්කය ආසන්නයට පැමිණෙද්දී ගුවනේ දී මෙම බෝම්බය පිපිරෙයි.

ඩේලිමේල් ඇසුරිනි

කොටි තරුණියන් බංකර් ඇතුලේ සමුහ දුෂණයට ලක් කල හැටි.

– හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌….
-සාමාජිකයෝ බංකර් රකිනවට වඩා
  උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න…
-අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය බලන්නේ    නැහැ…
-ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌    මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති

ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව් කිරීමටය. ඒ රහස අපට කීවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකාවන් වී සිට දැන් පියවරු නැති දරුවන් සමඟ ජීවත්වීමට මං සොයන කාන්තාවන්ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වයට එහා ගිය ගෝත්‍රික ස්‌වරූපය ඉස්‌මතු වන ඒ කතාව ඇසෙන විට ගත කිලිපොලා යන තරමට හිරිකිතය. එහෙත් එම කාන්තාවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ගැන දකින සිත් කම්පනයට පත් වන්නේය. උපන්දා සිට වෙඩි වරුසා මැද මරණ බියේ දිවි ගෙවූ ඒ අසරණියන් තවමත් විඳින්නේ දුකමය. ඔවුන්ගේ කතාව අතිශය ෙ€දනීයය. ඒ කතාව අප කියනවාට වඩා ඔවුන්ගේ වචනයෙන්ම ඇසීම සංවේදී හදවත්වලට වඩාත් හොඳින් දැනේවී. එහෙත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරන බව දැන සිටින ඔවුහු මරණයට ඇති බිය නිසා නම්, ගම් හෙළි කිරීමට අකමැති වූහ. කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන්ට ඒ තරුණ ජීවිතවල වටිනාකම නොපෙනුනාට, මනුෂ්‍යත්වයේ හදවත් ඒ අසරණ ජීවිත වෙනුවෙන් උණු වන්නේය. එහෙයින් අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස්‌ කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණියන් අපට කියූ කතාවය…

අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරිප්පුවේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අම්මත් ඒවට උදව් වුණා. මට සහෝදර, සහෝදරියන් 5 දෙනයි. දවසක්‌ අපි ඉස්‌කෝලේ ගිහින් එනකොට කැබ් එකක්‌ නතර කරලා මල්ලිව දාගන්න හැදුවා. මම මල්ලිව බදාගෙන හිටියා. පස්‌සෙ අපි දෙන්නව උස්‌සලා කැබ් එකට දාගත්තා. එදා ඒ කැබ් එක ඇතුළේ තවත් ඉස්‌කෝලෙ ගිය පිරිමි ළමයි හතර දෙනෙක්‌ හිටියා. අපිව කෙළින්ම අරගෙන ගියේ කොටි කඳවුරකට. එතන දවසක්‌ තියාගෙන මාව කාන්තා පුහුණු කඳවුරකට දැම්මා. අපේ බැච් එකට තුන්සීයක්‌ විතර හිටියා. අපිව මුලින් කඳවුරට ගෙනිච්ච දවසේ එතැන හිටිය අක්‌කලා ‘එයාලා නිදහස්‌’ කියලා සතුටු වුණා. මුලදි අපිට ඒක තේරුණේ නෑ. අවුරුද්දක යුද පුහුණුවක්‌ දීලා බංකර්වලට දැම්මට පස්‌සෙ තමයි ඒ අකAකලා කිව්ව කතාව මොකද්ද කියලා තේරුණේ. බංකර් ඇතුළේදී එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගෙන් අපිට ගොඩක්‌ කරදර වුණා. ඒත් පැනලා එන්නයෑ. හැම දෙයක්‌ම ඉවසගෙන ඒ අය කියන විදිහට ඉන්න වුණා. බංකරයක පිරිමි හතරයි. එක කාන්තාවයි. අන්තිමේ බංකරේ හිටපු සාමාජිකයන් හතරදෙනාටම ගෑනි වෙන්න වුණේ ඒ සාමාජිකාවට. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු වුණේ සාමාජිකයන්ව සංවිධානය තුළ රඳවගන්න. ඒක සාර්ථක වුණා කියලා සංවිධානයේ පරණ අක්‌කලා කතා කරනවා ඇහිලා තියෙනවා.

මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ…

මහ කැලේ පිරිමි හතර දෙනෙක්‌ එක්‌ක එකට ලගිනවා කියන්නෙ මැරෙනවා හොඳයි. ඒත් මැරුණේ නෑ. අපිව එල්.ටී.ටී.ඊ. යෙන් අරගෙන ගියේ 2004 අවුරුද්දෙ දවසක. එදා ඉඳලා 2009 අවුරුද්ද වෙනකම් පණ ගැටගහගෙන ඉඳලා මුල්ලෙවයික්‌කාල්වලදී මුහුණට මුහුණ කරපු සටනේදී මට වෙඩි වැදුණා. එක වැළට වෙඩි කිහිපයක්‌ම වැදුණා. මම දන්නෙ එච්චරයි. සතිs දෙකකට විතර පස්‌සෙ තමයි සිහිය ආවේ. එතකොට ඉස්‌පිරිතාලේ. නොමැරි බේරුණේ පූරුවේ පිනකට. ඒත් අදටවත් වැඩක්‌ පලක්‌ කරගන්න බෑ. මගේ මල්ලි යුද්දෙදී මැරුණා. දැන් මට අවුරුදු 30 යි. එල්.ටී.ටී.ඊ. ය අපේ ජීවිත නැති කළා. මම හො¹කාරවම දන්නවා එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් හුඟ දෙනෙක්‌ සංවිධානයට ආදරයෙන් හිටියේ නෑ. පැනලා ගිහින් මැරෙන්න බය නිසයි හිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් පැනලා ගිහින් අහුවුණොත් වධ දීලා ප්‍රසිද්ධියේ මැරුවා. එහෙම කරනවා අපි දැකලා තියෙනවා…

එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දරවලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට. ඒ ඇවිත් ටික කාලයක්‌ යනකොට කසාද බැන්දා. 2011 අවුරුද්දේදී එල්.ටී.ටී.ඊ. එකේ හිටපු කෙනෙක්‌ම මාව කසාද බැන්දා. අපිට දරුවෙකුත් ලැබුණා. දරුවට අවුරුද්දක්‌ විතර වෙනකොට එයා වෙන කෙල්ලෙක්‌ව අරගෙන ගියා. දැන් දරුවට අවුරුදු 4 යි. මාවයි, දරුවයි බලා ගන්නෙ තාත්තා. දැන් අප්පට ගොවිතැන් නෑ. අප්පා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. අම්මට නිතර හතිය හැදෙනවා. සීනිවලට බෙහෙත් බොනවා. දැන් අම්මගේ වකුගඩුත් නරක්‌ වීගෙන එනවා කියලා ඩොක්‌ටර්ස්‌ලා කියනවා. දැන් අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ. පිටරට සංවිධානවලින් මිනිස්‌සුන්ට උදව් කරනවා. අපිට එහෙම සහනයක්‌වත් ලැබෙන්නෙ නෑ. අපේ හිතට තියෙන එකම සහනය මරණ බය නැතිව ජීවත් වෙන්න තියෙන එක විතරයි.

‘දෙමළ ජාතික සන්ධානයෙන් ඔයාලා ගැන බලන්නෙ නැද්ද…’ ගලා යන කතාවේ රිද්මය මම වෙනස්‌ කළෙමි.

පිස්‌සුද මහත්තයො… අපි උන්නද මළාද කියලා බලන්නෙ නෑ. මේ ගේ කෑල්ල හදාගන්න උදව් කළේ හමුදාවෙන්. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි. ඔය කෑගහන කවුරුවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ. ඒ අය හදන්නෙ අපේ පහනෙන් එළිය බලන්න. අපිට රට අල්ලන්න ඕනෑ නෑ. ගොවිතැනක්‌ කර ගන්න ඉඩම් කෑල්ලක්‌, මොනවහරි මහලා විකුණලා කීයක්‌ හරි හම්බ කරගන්න මැෂින් එකක්‌ වගේ හම්බ වෙනවා නම් මටත් පුළුවන් මොනවහරි මහලා කඩවලට දාන්න. එහෙම නැති වුණොත් තාත්තා නැති වෙච්ච දවසකට මේ දරුව ජීවත් කර ගන්න හැටි මතක්‌ වෙනකොට මට ලොකු බයක්‌ දැනෙනවා…”

අත්වාරුවක්‌ නොමැතිව ඇවිද ගැනීමට නොහැකි ඇය මුළු ජීවිත කාලයම ලෙඩෙකි. එහෙත් ඇයට ජීවත්කරවීමට තවත් ජීවිතයක්‌ ඇත. ඇයගේ එකම අභිප්‍රාය තම දරුවා සමාජයට හොඳ පුරවැසියකු කිරීමට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමය. ඇයගේ ජීවිත අපේක්‍ෂාව සහ කඳුළු කතාව එසේ වචන කර අවසාන කරන විට තවත් කාන්තාවක්‌ අපට කතා කළාය. ඇය අපට හමු වන්නේ ද යාපනය අවට ගම්මානයකදීය.

”අපේ ගෙවල් තිබුණේ කොඩිකාමන්. මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි හැසිරුණේ. ඒත් අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එදා ඉඳලා උන් කෑම බීම හොයනවට වඩා උනන්දු වුණේ මාත් එක්‌ක ඉන්න. උන් දෙන දස වධවලට යුද්ධ කරන්න ශක්‌තියක්‌ තිබුණේ නෑ. අන්තිමේ හමුදාවට භාර වෙනකොට එහෙම් පිටින්ම රොඩ්ඩක්‌. ඒ ජීවිතය ගැන මතක්‌ වෙනකොටත් අප්පිරියයි. හරි හැටි වතුර ටිකක්‌ නා ගන්න නෑ. සති ගණන් එකම ඇඳුම ඇඳගෙන බංකරයක ගුලි වෙලා හිටියා. හරියට සත්තු වගෙයි.

යුද්ධය ඉවර වුණාට පස්‌සෙ ගමේම කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳ බැන්දා. ඌ ඊට වඩා තිරිසනෙක්‌ වුණා. බීගෙන ඇවිත් මට නොසෑහෙන්න වද දුන්නා. දැන් මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 2 යි. මගේ මනුස්‌සයා අපිව දාලා ගිහිල්ලා ටික දවසක්‌ වෙනවා. දැන් ඉඳලා හිටලා යාළුවොත් එක්‌ක බීගෙන ඇවිත් මට කරදර කරනවා. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. දැන් මට අවුරුදු 28 යි. ජීවිතයෙන් වැඩි කාලයක්‌ දුක්‌වින්දා. තවමත් සතුටක්‌ නෑ. අපිව මේ විදිහට මිනිස්‌සු ඉදිරියේ හැල්ලු වෙන විදිහට අසරණ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය…

‘අපේ තාත්තායි අම්මයි ගොඩක්‌ වයසයි. තාත්තට ඇස්‌ පේන්නෙත් නෑ. අම්මා කෑම කඩවල උයන්න යනවා. මමත් කෑම ඕඩර් අරගෙන හදලා දෙනවා. අම්මයි, තාත්තායි අපි තුන්දෙනයි එකට ඉන්නෙ. කිරි හරක්‌ දෙන්නෙක්‌ දෙනවා නම් මට පුළුවන් ජීවත් වෙන්න. හොඳට රෙදි මහන්නත් පුළුවන්. කවුරුහරි අපට එහෙම උදව්වක්‌ කරනවා නම් ගොඩක්‌ පිං…

එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් ලෙස සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහල කාන්තාවන් හයසිය පහළොවක්‌ පමණ යාපනය අවට ප්‍රදේශවල ජීවත් වෙති. කසාද බැඳපු, නොබැඳපු අය ඒ අතර වෙති. එහෙත් ඒ කාන්තාවන් 615 දෙනාටම දරුවෝ සිටිති. ඔවුන් අතරින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙක්‌ සමඟ අපි කතාබහ කළෙමු. අප කතා කළ ඒ කාන්තාවන් කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරය කොටි සංවිධානයට වෛර කරන්නාහ. ඒ ඔවුන්ගේ ළමා විය, තරුණකම විනාශ කර ජීවිත නරකාදියට දැමූ නිසාය. අද ඔවුන් නොදරුවන් සමඟ දුක්‌ විඳින්නේ ඒ සාපය හෙයිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වය සමඟ කැටි වූ ගෝත්‍රිකකම ගැන පැහැදිලිs කිරීමට ඒ අසරණියන්ගේ කතාව හොඳමට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මේ පොළවෙන් අතුගෑවී වසර හතකටත් වැඩිය. එහෙයින් වැළලුණු කොටි ගැන වැඩි කතා අවැසි නැත. දැන් අප කතා කළ යුත්තේ කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව දුක්‌විඳින අසරණ දෙමළ මිනිසුන් ගැනය.

මේ අසරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ වෙනම රටක්‌ නොවේ, පොලිස්‌, ඉඩම් බලතල ද නොවේ. ජීවිත ගැටගසා ගැනීමට කිරි හරකෙකි. එළුවො දෙතුන් දෙනෙකි. මහණ මැෂිමකි. ඒ ඔවුන්ගේ වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටය. එහෙත් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා හර්තාල් කරමින් රජයට බල කරන්නේ පොලිස්‌, ඉඩම් බලතල ලබාදෙන ලෙසය. බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අන්දමට උතුරේ මහ ඇමැතිවරයා ‘දෙමළ ජාතික සභාව’ යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඒ සංවිධානය සඳහා ‘එළුග තමිල්’ හෙවත් ‘දෙමළ ජනතාවනි, නැඟිටිව්’ යන්න සටන් පාඨ කියමින් ජාතිවාදය වපුරමින් සිටින්නේය. එහෙත් උතුරේ අසරණ ජනතාවට නැඟිටින්න තියා පාන් කියා ගැනීමටවත් නොහැකි තරමට ඔවුහු හාමතේ දුක්‌ විඳින්නාහ. පියවරු නැති දරුවන් සමඟ කඳුළු බොන්නාහ. පිරිසක්‌ තවමත් අනාථ කඳවුරුවල අපා දුක්‌ විඳින්නාහ. ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැතිවරයා ඇතුළු එල්.ටී.ටී.ඊ. රූකඩවලට මේ පීඩිත දුගී ජනතාවගේ අසරණකම නොපෙනේ. දෙමළ මිනිසුන්ගේ ගැටලු ගැන සොයාබැලීමට ඔවුන්ට ඕනෑකමක්‌ ද නැත. මේ ජාතිවාදී නායකයන්ගේ එකම හීනය මිනී මරු ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීම පමණි.

සාමකාමී රටක්‌ විදිහට අප අපේක්‍ෂා කළ යුත්තේ මේ අසරණ මිනිසුන් පාරට බසින තෙක්‌ නොසිට බුද්ධිමත් ලෙස ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීමය. උතුරේ ප්‍රශ්න දකුණේ සංවාද මණ්‌ඩපයට ගෙන ඒමය. අන්තවාදී ඊළාම්වාදීන්ව මහ පාරෙන් කාණුවට ඇද දැමිය හැක්‌කේ එසේ කළහොත් පමණි. ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස සැබෑ ජාතික සමගිය, සාමය ගොඩනැඟිය හැක්‌කේ එවිටය.

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටුවීමත් අකලට වයසට යාමත් සිදුවෙනවා?

නාකි කියන්නේ නොහැකියි කියන එකනේ. සොබාවිකව වයස්ගත වීම නිසා ශරීරය අබල දුබල බවට පත්වීමයි මෙතැනදී සිදුවන්නේ. නමුත් එච්චර වයසකුත් නැතිව හම රැළි වැටිලා කෙස් සුදුවෙලා ඇඟ දිරාපත් වෙලා අබල දුබල වෙච්ච අයත් දකින්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය සමාජයේ හඳුන්වන්නේ අකලට මහළු වීම හැටියටයි. මේ නිසා අකලට මහළුවීම කියන මාතෘකාවත් දැන් ව්‍යාජ ලෙඩ රෝග පෙන්වා තෙල්බේත් සත්කාර කරන ජාවාරම්කාරයන්ගේ මඩි තර කරන සල්ලි ගරන මන්ත්‍රයක් හැටියට දක්වන්න පුළුවන්.අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටුවීමත් අකලට වයසට යාමත් ඒ නිසාම දරුඵල අහිමිවීමත් සිදුවෙනවාද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කවදත් සුපුරුදු හිනාව දෙගුණ කරමින්.

අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයි අතර කතාවක් පැතිරිලා තිබුණා. එක ශුක්‍ර බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑය කියලා. ඉතින් මාර වැඩක්නේ අනෙක් හැමෝම වගේ මමත් බය වුණා. මොකද මෙහෙම ගියොත් ලේ කලඳක් ඇගේ ඉතිරිවෙන එක්ක නෑනේ කියලා. ඔය මිත්‍යාව බිඳුනේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න විජේසිංහගේ මනෝවිද්‍යා දේශනයකට සවන් දුන්නාටත් පසුවයි. මේක තනිකරම මිත්‍යාවක්.

ඔන්න ඕක තමා ඇත්ත. සමාජය තුළ මේ වගේ භිතිකා පැතිරිලා . නමුත් මේවා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා.
පළමුව ස්වයං වින්දනය කියන්නේ ලෙඩක් නෙවේ. නිරෝගි කෙනෙක් තමා එයට යොමු වෙන්නේ. ලෙඩ්ඩුන්ට මේ වැඩේ බෑ. ඒ වගේම ධාතු පිටවීම නිසා ඇගේ පෝෂණයට හානියක් වෙන්නේ නෑ. ඇඟ කෙට්ටු වෙලා හම රැලි වැටිලා වයසට යන්නේ නෑ. එහෙමනම් ඉතින් කෙළ ගහන්නත් බැහැනේ. ඔය කෙළ ගහන තරමට කට්ටිය ඉතිරි වෙන එකතුත් නෑ.

ඒ වගේම අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම කියලා දෙයකුත් නෑ. ඒක ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන්නේ නෑ. ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරය නිරෝගීව නිසි පරිදි පවතින අයයි. සිරුර ලෙඩ වුණාම මනස ලෙඩ වුණාම ලිංගික ආශාව නැතිවෙනවා. එක්වරක් ස්වයං වින්දනයට පසු ටික වෙලාවක් යනතුරු ඒ සඳහා පෙළඹවීමක් එන්නේ නෑ. නමුත් ඔහුගේ කය මනස නැවත ඒ සඳහා සූදානම් වුණාම නැවතත් ඒ සඳහා අවශ්‍යතාව උදාවෙනවා. ඒ වගේම ස්වයං වින්දනය නිසා ධාතු ශක්තිය හීන වෙනවා නැති වෙනවා කියන්නේ අමූලික බොරු කතාවක්. හොඳින් මතක තබාගන්න මේක කිසිම විදියකට රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙම නොවෙනවා නම් තමා ලෙඩේ. මේ නිසා තමන්ගේ ශරීරය කෙට්ටු වෙයි අකලට මහළු වෙයි කියලා බොරුවට බයවෙලා හිතත් අවුල් කරගෙන සාමාන්‍ය ස්වභාවික ජීවිතේ අවුල් කරගන්න එපා. කොටින්ම වයසට යාම සමඟ මේ කියන ධාතුවල සම්බන්ධයක් නෑ.

ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා. ස්වයං වින්දනය අස්වාභාවික ලෙස ඇබ්බැහි වීමක් ලෙස භාවිතා කරන්නට පෙලඹෙන අය ඉන්නවා. තැනක් නොතැනක් බලලා මෙලෙස හැසිරෙනවා. මේ තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් විය හැකියි. භින්නොන්මාදය, OCD වශයෙන් හඳුන්වන රෝගවලදී මේ පෙළැඹීම දක්නට පුළුවන්. ඒ වුණත් ඒ ක්‍රියාවෙන් අදාළ පුද්ගලයාට හානියක් නෑ. ඔහුගේ මනසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ස්වභාවික පාලනය ඇති කිරීම තමා හොඳම දේ.

උදෑසන පිරිත් ප්‍ර‍චාරය අධිකරණය තහනම් කරයි ? දකුණේ අධිකරණ සංඝනායක හිමිවරු සටන අරඹයි

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා හමුවූ දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක්‌ වීමට ඉඩ ඇතැයි පවසා සිටියා.

නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුවක්‌ පැවරීම මෙහිදී දැඩි සේ දොෂ දර්ශනයට ලක්‌කර ඇති මහා සංඝරත්නය මෙවැන්නක්‌ මෙරට ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අවස්‌ථාව බවද පවසා තිබෙනවා.

පන්සලක පිරිත් දැමීම වැරදි යෑයි අධිකරණය විසින් තීන්දුවක්‌ ප්‍රකාශ කළහොත් එය මෙතෙක්‌ ගනු ලැබූ නරකම පූර්වාදර්ශය වනු ඇතැයිද ඒ අනුව සියලු දේවාල සහ පල්ලිවලද යාච්ඥාද ප්‍රචාරය නවතිනු ඇතැයිද ඇමැතිවරයාට මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්නා.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බව ඇමැතිවරයා පොරොන්දු වී තිබෙනවා.

කොළඹ ගිලා බැසීමේ අවදානමක් ! විනාශය ගැන දැනුවත් වුනාද?

කොළඹ නගරය තුළ සහ ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශවල අවිධිමත් ලෙස තට්ටු ගණනාවකින් සමන්විත දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම හේතුවෙන් එම ප්‍රදේශවල නිවාස සහ රජයේ ගොඩනැඟිලි විනාශ වීමේ බරපතළ අනතුරක් ඇතැයි ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

ඊට හේතු වී ඇත්තේ දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමට පාදම ශක්තිමත් කිරීම සඳහා පයිල් (Pile) ගැසීමේ දී සිදු වන කම්පන තත්ත්වය බව ද අනාවරණය වේ. මේ වන විටත් කොළඹ සහ ඒ අවට සාමාන්‍ය නිවාස රැසක බිත්ති පුපුරා ගොස් තිබේ. ඇතැම් ප්‍රදේශවල නිවාස ගිලා බැසීමේ අවදානමක් මතුව ඇති බව ද දැනගන්නට ඇත. වසර ගණනාවක් තිස්සේ ඇති කරනු ලබන කම්පන තත්ත්ව හේතුවෙන් තවත් වසර කිහිපයක දී කොළඹ නගරය තැනින් තැන ගිලා බසිනු ඇති බවට ද ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

මේ අතර කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්ලිෆ්ටන් බාලිකා විදුහල ආසන්නයේ ඉදිවන දැවැන්ත තට්ටු ගණනාවකින් සමන්විත ගොඩනැඟිල්ලේ Pile ගැසීමේ දී ඇති වූ දෙදරීම හේතුවෙන් එම විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ලක් ඇතුළු පාසල් ගොඩනැඟිලි කිහිපයක බිත්ති පුපුරා ගොස් තිබේ. එම තත්ත්වය හමුවේ පාසල පැවැත්වෙන දිනක මෙම ගොඩනැඟිලි කඩා වැටුණහොත් මීතොටමුල්ල ඛේදවාචකයට වඩා බිහිසුණු ඛේදවාචකයක් ඇති විය හැකි බව එම ගොඩනැඟිලි පරීක්ෂා කළ ඉංජිනේරුවන් අදාළ බලධාරීන්ට පෙන්වා දී ඇත. බිත්ති පුපුරා ඇති පාසල් ගොඩනැඟිලි සම්බන්ධව සහ ඒ ආසන්නයේ අවිධිමත් ලෙස ඉදිකරනු ලබන ඉදිකිරීම් සම්බන්ධයෙන් ක්ලිෆ්ටන් බාලිකාවේ විදුහල්පතිනිය නාගරික සංවර්ධන අධිකාරියට ද පැමිණිලි කර ඇත. විදුහල්පතිනියගේ පැමිණිල්ල හමුවේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ බාලිකාවේ ඉගෙනුම ලබන දරුවන් වහාම වෙනත් පාසලකට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසයි. අවදානම්සහගත තත්ත්වය හමුවේ අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල ආරම්භ කිරීමේ ගැටලුවක් මතු වන අතර විදුහල්පතිනියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වගකිවයුතු කිසිවකු ඉදිරිපත් වී නැත.

පෞද්ගලික සමාගම විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ලක් හේතුවෙන් ඒ ආසන්නයේ ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා වාසය කළ නිවසේ බිත්ති පුපුරා ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ද නාගරික සංවර්ධන අධිකාරියට කරන ලද පැමිණිලිවලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කොළඹ කලාපයේ ඉදිකරනු ලබන අවිධිමත් දැවැන්ත ගොඩනැඟිලි හේතුවෙන් කොළඹ කොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කුරුඳුවත්ත, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය, කිරුළපන, වැල්ලවත්ත, නාරාහේන්පිට යන ප්‍රදේශවල ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවත් එම ප්‍රදේශවල සාමාන්‍ය ජනාවාස විනාශ වීමට ඉඩ ඇති බවත් ඉදිකිරීම් ඉංජිනේරුවෝ පෙන්වා දෙති.

කොළඹ කොටුව ආසන්නයේ ඉදිකරනු ලබන වරාය නගරය සඳහා මහාද්වීපික තටකයේ වැලි පර ඉවත් කිරීම ද කොළඹ නගරය ගිලා බැසීමට හේතු විය හැකි බව පෙන්වා දෙන ඉදිකිරීම් ඉංජිනේරුවෝ එම තත්ත්වයත් අවිධිමත් ලෙස දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා Pile කිරීමේ දී ඇති කරන කම්පන තත්ත්වයත් හේතුවෙන් නුදුරේදීම කොළඹට මහා විනාශයක් කැඳවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

මේ අනතුරුදායක තත්ත්වය පිළිබඳව විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පවසා සිටියේ 2009 වසරේ දී අනුමත කර ඇති කොළඹ කලාප සැලසුම (Zone Plan)හේතුවෙන් මෙවැනි අර්බුදයක් මතුව ඇති බවයි. මේ නිසා දැවැන්ත මහල් ගොඩනැඟිලි සඳහා මින් මතු අනුමැතිය ලබා දීමේ දී අලුතින් කලාප සැලසුමක් (Zone Plan)හඳුන්වා දීමට ආණ්ඩුව පියවර ගන්නා බව ද ඔහු කීවේය.

කොළඹ කලාපයේ දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේ දී Pile කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් බලපත්‍ර ලබාගත යුතු අතර එහි සඳහන් වන්නේ දහවල් කාලයට ඩෙසිබල් 75 ක සීමාවට යටත්ව එම කටයුතු සිදු කළ යුතු බවය. රාත්‍රී කාලයේ දී නම් ඩෙසිබල් 50 ක ධාරිතාවකට එම කටයුතු සිදු කළ යුතුය. බලපත්‍ර ලබාගත් ඉදිකිරීම් සමාගම් එම නිර්ණායක උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් අවදානම්සහගත තත්ත්වය මතුව තිබේ. කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයේ බිත්ති පුපුරා යාමෙන් මතුව ඇති අවදානම්සහගත තත්ත්වය පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ අදාළ ඉදිකිරීම් සමාගම පාසල් ගොඩනැඟිලි ඉදිකිරීමට එකඟත්වය පළකර ඇති බවයි. විදුහල්පතිනියගේ පැමිණිල්ලෙන් පසුව දෙපාර්ශ්වය කැඳවා ඊට අනුමැතිය ලබාගත් බවත් ඒ සඳහා වන ගිවිසුම නාගරික සංවර්ධන අධිකාරියේ දී සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය. දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීමේ දී නව ක්‍රමවේදයන්ට අනුව Pile කිරීම කළ හැකි බවත් නාගරික සංවර්ධන අධිකාරිය මින් මතු ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

දයා නෙත්තසිංහ (SathHandha)

ඇයි අම්මේ අපිව ගස්‌ බැන්දේ මෙහෙම… කතරගමින් ඇසෙන රටම කම්පා කල පුවත..

කතරගම නාගහවීදිය ගම්මානයේ යාල වන උද්‍යානයට ආසන්න හුදකලා වූ ප්‍රදේශයක එළි මහනේ අත්පා ගැටගසා සිටි පිරිමි හා ගැහැනු ළමුන් දෙදෙනකු 21 වැනි දින කතරගම රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රාස්‌ත්‍රපති ශ්‍රී අභිනවාරාම විහාරාධිපතිවහන්සේට ලැබුණු තොරතුරක්‌ මත සොයා ගන්නා ලදී.

වයස අවුරුදු 09 ක්‌ පමණ වන වයසේ පිරිමි දරුවකු හා වයස අවුරුදු 17 ක්‌ තරමේ වයසින් යුතු ගැහැනු ළමයකු ගසක හා කොන්ක්‍රීට්‌ කණුවක රෙදිකඩවලින් බැ`ද දමා තිබූ අයුරු දැක ගත හැකි වූ අතර මෙම දරුවන් අවුරශ්aමියට හසු වී දැඩි ලෙස විඩාවට පත්ව සිටියහ.

ළමුන් පිළිබඳව ප්‍රදේශවාසීsන් ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් වෙත කරන ලද තොරතුරක්‌ මත ඊයේ දින කතරගම පොලිසියේ නිලධාරීන් හා එක්‌ව මෙම නිවස වෙත පැමිණි අවස්‌ථාවේ දරුවන් අසරණ ව සිටි අයුරු දැකගත හැකි විය.

මෙම දරුවන් ගැටගැසූ තැනම මළ මුත්‍රා කර තිබුණු අතර කිසිදු ආහාරයක්‌ හෝ ජල බෝතලයකවත් මෙම දරුවන්ට බීමට ගැටගැසු ස්‌ථානයේ නොතිබුණි.

මෙම දරුවන්ගේ පියා මිය ගොස්‌ ඇති අතර මව තවත් අංග විකල ගැහැනු දරුවකු පූජා භූමියට රැගෙන ගොස්‌ යාචක වෘත්ත්sයේ යොදවමින් පසුවේ.

අසල්වාසීsන් පැවසුවේ වසර ගණනාවක්‌ පුරා මෙම දරුවන් මේ අයුරින් සෑම දිනකම ගැටගසා සිය මව අනිත් දරුවා සමග පූජා භූමිය සි`ගමන් යෙදීමට යන බවයි.

මෙම දරුවන්ගේ මව නිතරම බීමත්ව සවසට පැමිණ මෙම දරුවන්ට පහර දෙන බව ප්‍රදේශවාසීහු පවසතිs.

මෙම දරුවන්ගේ මව කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය පැවසුවේ තම සැමියා මිය ගොස්‌ ඇති බවත් දරුවන් මන්දබුද්ධික බැවින් ළමා නිවාසයකටවත් බාර නොගැනීම මත අනිත් දරුවා සමග පූජා භූමියට ගොස්‌ සිඟමන් යෙදීs මෙම දරුවාට කෑම සොයා දෙන බවයි.

මෙය සම්බන්ධව කතරගම පොලිසියට විටින් විට පැමිණ මෙම මවට හා ඇයගේ අනියම් සැමියාට මෙම දරුවන් පිළිබඳව නිසි රැකවරණය ලබා දෙන ලෙස කතරගම පොලිසියේ ළමා හා කාන්තා අංශය විසින් උපදෙස්‌ දීs තිබේ.

මෙම දරුවන් දෙදෙනාට අමතරව තවත් අවුරුදු 18 ක පමණ ගැහැනු දරුවකු ද මෙම මව විසින් අංක 02 පාලම අසල හිඳුවා සිඟමන් යොදවන අතර එම ගැහැනු දරුවා සමග ගස්‌වල බැඳ සිටි දරුවන් දෙදෙනාද කතරගම පොලිසිය විසින් මවතA සමග නීතිය ක්‍රියා කිරීම පිණිස රැගෙන යනු ලැබීය.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් ලෝක ළමා දිනයට පමණක්‌ ළමුන් ගැන කථා කරන රටක්‌ මේක. මේ දරුවන් ගස්‌a බැඳලා තිබුණෙ ඉතාම අමානුෂික ලෙස. මවක්‌ විසින් ඇයි මෙහෙම කරන්නේ දරුවන් මානසික රෝගයෙන් පෙළෙන බව මව පවසනවා. නමුත් මම ඇවිත් දරුවන්ට වතුර දුන්නා කෑම කැව්වා ළමුන් හිනා වෙලා කෑවා බිව්වා මේ ළමුන්ට ආදරය කරුණාව ලැබිලා නැහැ. අසරණ දරුවෝ අසුචී ගොඩේ ජීවත් වෙනවා ගිනි ගහන අව්වට දුර්වල වෙනවා. රජයේ ළමා ආරක්‍ෂක අධිකාරිය ළමා අයිතිවාසිකම් සුරකින ආයතන .මේ දරුවන් පිළිබ`දව සොයා බැලිය යුතුයි. මානසික රෝග තිබුණා කියලා දරුවන්ට තිරිසන්නු වගේ සැළකීම වැදගත් වෙන්නේ නැහැ. මෙම දරුවන්ගේ මවත් බීමත්ව සිටින අයකු බව ගෙදර ඇති අරක්‌කු බෝතල් දැක්‌කම පේනවා යෑයි පැවසීය.

මෙම මව කතරගම පොලිසිය විසින් 21 දා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වයි.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

ලෝක ඉතිහාසයේ දැවැන්තම ඉදිකිරීමේ ප්‍රධාන උපදේශකයා ලංකාවේ චන්දන ජයලත්.

ලොව උසම ඉදිකිරීම් පිළිබඳ පුවත් ඔබ අප කොතෙකුත් අසා ඇත. එහෙත්…ඒ අතරින් කිලෝමීටරයක පමණ උසකින් යුත් දැවැන්ත ඉදිකිරීමක්‌ පිළිබඳ පුවතක්‌ මෙතෙක්‌ ඔබ අසා ඇතිද? ඇතැම් විට අසා නොතිබෙන්නට පුළුවන. මේ වන විටත් එතෙක්‌ මෙතෙක්‌ ලොව වැඩිම උසකින් යුත් විශාලතම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවෙමින් පවතින අතර එය ඉදිවෙමින් පවතින්නේ අසර්බයිජානයේ “බකූ” අගනගරය තුළය. තරු පන්තියේ හෝටල් සංකීර්ණ, සාප්පු සංකීර්ණ, සිනමාශාලා, සමාජශාලා, ගෘහස්‌ත ක්‍රීඩා සංකීර්ණ ඇතුළු තවත් විවිධ පහසුකම් රාශියකින් මෙම දැවැන්ත ඉදිකිරීම සමන්විතය. ඉදිවෙමින් පවතින මෙම ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වෙන්කොට ඇති භූමි ප්‍රදේශය පමණක්‌ අක්‌කර හයසියයකින් සමන්විත වන අතර එම භූමිය නිර්මාණය කර ඇත්තේ මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්‌ ලෙසින්ය.
එක්‌ අන්තයකින් මහා සාගරයෙන් ද, ගොඩබිමෙන් ඉරානය, ජෝර්ජියාව සහ රුසියාවට මායිම් වන්නට පිහිටා ඇති අසර්බයිජානයේ “බකූ” අගනගරයේ නිමවෙමින් පවතින (Crescent Tower) හි ඇති සුවිශේෂී බව පිළිබඳ තබන මේ සටහන් පෙළ තුළ අපට ඇති සුවිශේෂී බව වන්නේ ශ්‍රී ලාංකිකයකුගේ විශේෂඥ දැනුම එම යෝධ ඉදිකිරීමට මුහුවී තිබීමය.

ඔහු නමින් ආචාර්ය චන්දන ජයලත්ය. වරලත් ප්‍රමාණ සමීක්‌ෂකයකු, ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමෝපායන් පිළිබඳ ලොවම පිළිගත් විශේෂඥවරයකු වන හේ මේ වන විට ඉහත සඳහන් ලොව උසම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ කොන්ත්‍රාත් උපදේශකවරයෙක්‌ය.

කෙටි නිවාඩුවක්‌ පිණිස පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය චන්දන ජයලත් මහතා මුණගැසීමේ අවස්‌ථාවක්‌ අපට හිමිවූ අතර එහිදී ඔහු මෙතෙක්‌ පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි පිළිසඳරක යෙදීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඉදිකිරීම් ක්‌ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර දැනුමකින් හෙබි ආචාර්ය චන්දන ජයලත් මීරිගම කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් ගමන ආරම්භ කර ඉන් අනතුරුව ගම්පහ බණ්‌ඩාරනායක විදුහලෙන් උසස්‌ පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ප්‍රමාණ සමීක්‌ෂණය) උපාධිය ලබාගත් අතර ඔහු ආචාර්ය උපාධිය (තාක්‌ෂණ කළමනාකරණය) හිමිකරගෙන ඇත්තේ දකුණු දිග කැලිෆොනියා විශ්වවිද්‍යාලයෙන්ය.

තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආකාරයත් පියවරෙන් පියවර තම ගමන් මඟ ජයගනිමින් අසර්බයිජානයේ ඉදිවන ලොව උසම ගොඩනැඟිල්ල සඳහා තමන් සතු දැනුම ප්‍රදානය කරන්නට හැකිවූ ආකාරයත් පිළිබඳ අදහස්‌ දැක්‌වීම ආරම්භ කළ ආචාර්ය චන්දන ජයලත් ගොඩනැඟිල්ලක්‌ ඉහළට එසවෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය ඉහළ තලයකට ගමන් කළ ආකාරය ගැන සඳහන් කරමින් කරුණු පවසන්නට විය.

“මම මුලින්ම ඉදිකිරීම් ක්‌ෂේත්‍රය හරහා මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ දඹුල්ල, කන්ඩලම හෝටල් ව්‍යාපෘතිය තුළින්. එතනදී මම ලබපු සුවිශේෂී අත්දැකීම තමයි මෙරට අති විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහත්තය සමඟ රාජකාරි කිරීම. ඇත්තටම ඒක මම ලබපු සුවිශේෂී අත්දැකීමක්‌. ඊට අමතරව තවත් සඳහන් කළ යුතුම කාරණාවක්‌ තමයි කලක්‌ මම යුද හමුදා නිලධාරියෙක්‌ විදිහට කටයුතු කිරීම. එතනදී ජයසිකුරු, ජයමඟ, පෙරියමඩු මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබෙනවා. කපිතාන්වරයෙක්‌ ලෙස යුද හමුදා ස්‌වේච්ඡා බළකායට බැඳෙන මම වසර අටක්‌ යුද හමුදාවේ සේවය කරල “රිවි රැස” “පූර්ණ භූමි” පදක්‌කම් පළඳල ඊට පස්‌සෙ තමයි පළමු වතාවට විදෙස්‌ගත වෙන්නේ…”

“මම මුලින්ම යන්නේ ඩුබායි රාජ්‍යයට. ඒ ගිහින් එරට ගුවන්තොටුපළ ව්‍යාපෘතියකට අනුයුක්‌තව රාජකාරිය අරඹනවා. ගාඩ්නර් සහ තියොබෝල්ට්‌ කියන සමාගම යටතේ තමයි මට රාජකාරි කරන්න සිද්ධ වෙන්නේ. එතනින් මම ඕමානයේ ‘මස්‌කට්‌’ නගරයට යනවා. මම විශ්වාස කරන විදිහට මගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය ආරම්භ වෙන්නේ මස්‌කට්‌ වලින්. එතනදී ලෝකයේ හතරවැනි විශාලම මුස්‌ලිම් පල්ලිය ඉදිකිරීමේ ව්‍යාපෘතියට මම සම්බන්ධ වෙනවා. එතනදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක්‌ තමයි ෂේක්‌ හමුඩ් සුල්තාන් අල් හුස්‌නි කියන පුද්ගලයව හඳුනාගැනීම. ඔහු එරට රාජකීය පවුලක සාමාජිකයෙක්‌. ඒ වගේම ධන කුවේරයෙක්‌. එයට අමතරව ඔහු මස්‌කට්‌ අගනගරයේ නගරසභාවේ අධ්‍යක්‌ෂවරයා. ඔහු මගේ හැකියාවන් හඳුනාගත් පුද්ගලයෙක්‌. ඒ රටේ තිබෙන විශේෂත්වයක්‌ තමයි පුද්ගල හැකියාවන්ට නියම වටිනාකම ලබාදීම. හරියට වැඩකරන්න පුළුවන් දක්‌ෂ පුද්ගලයන්ව හඳුනාගෙන ඒ අයට හිමිවිය යුතු වටිනාකම සුදුසු ස්‌ථානය ලබාදීල ඒ රටට සේවයක්‌ ගැනීම තමයි ඒ අයගේ මූලික අභිප්‍රාය වෙන්නේ. ඇත්තම ප්‍රකාශ කරනවා නම් ඕනම රටක යම් හැකියාවක්‌ සහිත මානව සම්පතක්‌ පවතිනවා නම් ඒවා හඳුනාගෙන ඒ අයගෙන් රටට යම් සේවයක්‌ ලබාගැනීම රාජ්‍යයක්‌ සතු වගකීමක්‌. ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගියේ ඒ මාර්ගයෙන්. ඕමානය කියන්නෙත් එහෙම රටක්‌. යම් කෙනකුගේ කුමන හෝ විශේෂඥතාවක්‌ පවතිනවා නම් එයාට අවශ්‍ය වැටුප දීල සුදුසු පරිසරයක්‌ නිර්මාණකර දීල ඒ ඒ පුද්ගලයාව සුදුසු ස්‌ථානවල තබනවා. ඒ හරහා රටට අවශ්‍ය දේ ලබාගන්නවා.

සුල්තාන් අල් හුස්‌නි මට පුද්ගලිකව ආරාධනා කරනව මස්‌කට්‌ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්‌ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. මම ඒ ආරාධනාව සතුටින් භාර අරගෙන වසර හයක්‌ එතැන සේවය කරනවා. එහිදී රාජකීය පවුල්වල විශාල පිරිසක්‌ ඊට අමතරව විවිධ වෘත්තිකයන් ඔය ආදී සමුහයක්‌ එක්‌ක සම්බන්ධව මම රාජකාරී කරනවා. ඒ අතරතුර අවස්‌ථා කීපයකදී ලෝකයේ ඉතාමත් පිරිසිදුම නගරය ලෙස “මස්‌කට්‌” නගරය ඇගයීමට පවා ලක්‌වෙනවා.

“මස්‌කට්‌” නගරයේ වසර හයක්‌ රාජකාරී සිදුකරන ආචාර්ය චන්දන ජයලත් ඉන් අනතුරුව වසරක කාලයක්‌ එංගලන්තයේ ජීවත් වන්නේය. නැවත කටාර් රාජ්‍යය වෙත පැමිණෙන ආචාර්ය චන්දන ජයලත් එහිදී රජයේ වැඩ අධිකාරියේ සේවයේ නිරත වන අතර එහිදී ඔහුගේ විශේෂඥ දැනුම යොදාගනු ලබන්නේ එරට ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ සිදුවන ගැටලු නිරාකරණය කරගැනීම පිණිසය. ඒ පිළිබඳ ප්‍රාමාණිකයකු වන ආචාර්ය චන්දන ජයලත් හට ලොව උසම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ විශේෂඥවරයකු ලෙස සේවය කිරීමට ඇරයුම් ලැබෙන්නේ ඉන් අනතුරුවය.

“ඔය අතරේ තමයි මට අසර්බයිජානයේ මේ වන විටත් ඉදිකරමින් පවතින ලෝකයේ උසම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් විශේෂඥවරයෙක්‌ ලෙස රාජකාරි කරන්න ඇරයුම ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අහඹු සිදුවීමක්‌ කියල. මොකද මගේ එහෙම අදහසක්‌ නොතිබූ වේලාවක තමයි මට මේ ඇරයුම ලැබෙන්නේ. ඒක මම ජාත්‍යන්තරයත් එක්‌ක තිබුණ සම්බන්ධතා හේතුවෙන් ලැබුණ ආරාධනාවක්‌ වෙන්න පුළුවන්. මොකද ගල්ෆ් කලාපයේ තිබෙන රටවල් හත සමඟ ඒ රටවල වෘත්තීය ප්‍රජාව සමඟ මගේ සමීප ඇසුරක්‌ පැවතීම ඒකට තවත් හේතුවක්‌ වෙන්න ඇති.

ඉතිං අපි මේ ඉදිකිරීම ගැන කතා කළොත් මම මේ ව්‍යාපෘතිය හා සම්බන්ධවෙලා මේ වෙද්දී වසර 3 ක්‌ වෙනවා. දැනට මෙම ගොඩනැඟිල්ලේ යෝජිත උස ප්‍රමාණය කිලෝමීටරයක්‌, නමුත් ඒ රටේ භූ දේශපාලනයේ වෙනස්‌කම් එක්‌ක ඇතැම් විට එහි වෙනසක්‌ සිදුවිය හැකියි. අනෙක්‌ විශේෂ කරුණ තමයි මේක අසර්බයිජානයේ පුද්ගලික ආයෝජකයන්ගේ මුදලින් කරන ව්‍යාපෘතියක්‌ වීම. මම දන්න විදිහට මේ සඳහා වැඩිම මුදලක්‌ ආයෝජනය කරල තියෙන්නේ ලෝකයේ 16 වැනි පොහොසතා. මේ ඉදිකිරීම සඳහා වන මුළු භූමි ප්‍රමාණය නිර්මාණය කරල තියෙන්නෙ කැස්‌පියන් මුහුද ගොඩකිරීමෙන්.

ඉදිකිරීම් පැත්තෙන් ගත්තොත් මේ ව්‍යාපෘතියේ වැඩි බරක්‌ උසුලන්නේ ඇමෙරිකාව විසින්. ඊට අමතරව තවත් සමාගම් සමූහයක්‌ මේ කටයුත්ත සඳහා ඔවුන්ගේ දායකත්වය සපයනව. ඒ අතරින් මෙම ඉදිකිරීම සඳහා මානව සම්පත බහුල ලෙස අරගෙන තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්. ඒකට විශේෂතම හේතුව තමයි තුර්කි ජාතිකයන් තුළ පවතින වැඩකිරීමේ හැකියාව. විශේෂයෙන් අසර්බයිජානය කියන්නේ ශීත දේශගුණයක්‌ සහිත රටක්‌ වීමත් එවැනි දේශගුණික තත්ත්වයක තුර්කි ජාතිකයන්ට වැඩෙහි යෙදීමේ ඇති හැකියාවත් ඒ සඳහා බලපෑ තවත් කාරණයක්‌ ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම තුන්දහසකට අධික ශ්‍රමිකයන් පිරිසක්‌ මේ ස්‌ථානයේ රාජකාරි කරනවා….

අනෙක්‌ පැත්තෙන් ගත්තොත් නවීන තාක්‌ෂණය උපරිම ලෙස යොදාගැනීමක්‌ මෙහි දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකන් තාක්‌ෂණය එහිදී කැපීපෙනෙන මෙහෙවරක යෙදෙනව කිව්වොත් නිවැරැදියි. මොකද අද ලෝකයේ නව ප්‍රවණතාවක්‌ වන “පේපර්ලස්‌” ක්‍රමයට තමයි වැඩබිමේ සියලු දේම සිද්ධ වෙන්නේ. යමක්‌ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ලිපිගොනු එහා මෙහා ගෙනයැම නිලධාරීන්ගේ දෙපාමුලට ඒව රැගෙන යැම ආදී පැරැණි ක්‍රම වෙනුවට එතැන භාවිත කරන්නේ නවීන ක්‍රමෝපායන් එතනදී යමක්‌ පිළිබඳ තීන්දුවක්‌ ගන්නවා නම් එවෙලෙම ගන්න පුළුවන් ක්‍රමයක්‌ ක්‍රියාත්මක වෙනවා..”

අදාළ ඉදිකිරීමෙන් මදකට බැහැරවෙලා අසර්බයිජානය කියන රට ගැන කතා කළොත් “බකූ” කියන්නේ මුළුමනින්ම සංස්‌කෘතික නගරයක්‌. ආවර්තිතා වගුව ඒ රටේ නිර්මාණයක්‌. ලෝක පූජිත ලේඛක පුෂ්කින් තමන්ගෙ ජීවිතයෙන් වැඩි කලක්‌ ගත කරල තියෙන්නෙ අසර්බයිජානයේ.

ආචාර්ය චන්දන ජයලත් විසින් එතෙක්‌ කරගෙන ආ කථාබහ නතර කිරීමට පෙර අවසන් වරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිsටියේ ලොව දැවැන්තම ඉදිකිරීම සිදුවන “බකු” නගරය සංස්‌කෘතික නගරයක්‌ සේම ලොව විනීතම මිනිසුන් ජීවත්වන ප්‍රදේශයක්‌ බව තමන් අත්දැකීමෙන්ම වටහාගත් දෙයක්‌ බවත් ආර්ථික සමාජීය සංස්‌කෘතික අතින් අසර්බයි ජානය ඉහළ තලයකට පිවිසීමට එයද එක්‌ හේතුවක්‌ වී ඇති බවත්ය. එම ඉදිකිරීමේ වීඩියෝව පහතින්.
උපුටාගැනීම: දිවයින,

රුවන් ජයවර්ධන

DCIM100MEDIADJI_0037.JPG

මාලගමුව ඉතාලියේ පැවති තරඟයෙනුත් පලමුවන ස්ථානය දිනයි

ලංකාවේ කව්රුත් හඳුනන ධාවනශූරී ඩිලන්ත මාලගමුව මේ දිනවල ඉතාලියේ Monza ධාවන පථයේ පැවත්වෙන Lamborghini Super Trofeo මූලික වටවල ප්‍රථම තරඟය ජයග්‍රහණය කරණු ලැබුවා.
ලොව පුරා මේ වනවිට අවධානය දිනාගැනීමට ඩිලන්ත මාලගමුව සමත්ව තිබෙනවා. ඔහුගේ මේ ගමනට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිඳු අනුග්‍රහයක් නොලැබීම ගැන මෑතකදී ඔහු ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපිටදීම ප්‍රකාශයක් නිකුත් කළා.

ඔහු ඉන් ප්‍රථම ස්ථානය දිනාගත් අතර තරඟය නැරඹීම සඳහා ඉතාලිය පුරා ජීවත්වන ශ්‍රී ලාංකිකයින් රැසක්ම සහභාගී වී ඇතැයි වාර්තා වනවා. අපි කව්රුත් ආදරය කරන ඩිලන්ත මලගමුවට අපිත් හදවතින්ම සුබපතමු. අවස්ථාවේ වීඩියෝව පහතින්.

 

කුණු කන්ද නාය යාමට කලින් දින බල්ලන් උඩු බුරුලාම සහ සොභාවික විපත් වලින් සතුන් බේරුණු හැටි.

ගංවතුර, නාය යෑම්, භූ කම්පන, සුනාමි වැනි ස්වාභාවික විපතකදී මිනිස් ජීවිත ලක්ෂ ගණනින් බිලිවුවද වන සිවුපාවුන් එවන් අනතුරුවලින් දිවි ගලවා ගත් අයුරු දක්නට ලැබිණි.
2006 දී සිදුවූ සුනාමි විපතේදීත් මෙම අප්‍රේල් 14 වැනිදා සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේදීත් වැළලුණු මිනිස් ජීවිත අතර එකදු සිවුපා සතකුගේවත් මළ සිරුරක් දක්නට නොලැබිණි.

ස්වාභාවික අනතුරක් කලින් දැනගැනීමට තිරිසන් සත්ත්වයන්ට ඇති හැකියාව කවරේද..? මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යාඥ දේවක වීරකෝන් මහතාගෙන් අපි විමසීමු.

“සාමාන්‍යයෙන් සුනාමි හෝ නාය යෑමකදී පලක දෙකක් ද්වි ඝර්ෂණය වීමෙන් අධිධ්වනි තරංග ඇතිවෙනවා. මේවා ඒඹ්ජ්ඒ ඵධභදඤඵ හැටියටත් ධ්දටපච ඉධභදඤඵ හැටියටත් නම් කරනවා. ඒතටච ඉධභදඤ යන්නෙන් හඳුන්වන්නේ හර්ට්ස් 20,000කට අධික ශබ්ද තරංග මේවා මිනිස් කනට ඇහෙන්නේ නැහැ. ධ්දටපච කියන්නේ හර්ට්ස් 20 අඩු ශබ්ද තරංග. මේවාත් මිනිස් කනට ඇහෙන්නේ නැහැ. බොහෝවිට භූ කම්පන, නාය යෑම්, සුනාමි වගේ තත්ත්වවලදී 20,000ට අධික ශබ්ද තරංග ඇති ඒතටච ඉධභදඤ තමයි නිකුත් වන්නේ. මේ තරංග තිරිසන් සත්ත්වයන්ට ඇසෙන නිසා ඒවා ග්‍රහණය කරගෙන කලින්ම ඔවුන් අනතුරු හඳුනාගන්නවා. මේ නිසා සාමූහිකව ජීවත්වන සිවුපා සතුන් තමන් කලින් හඳුනාගත් අනතුරු සිය කණ්ඩායමට සංඥා මඟින් දැනුම් දී අන්තරායකර කලාපයෙන් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශවලට යනවා. මෙසේ ආරක්ෂිත ප්‍රදේශවලට යන නිසා ස්වාභාවික විපත්වලින් බේරීමේ හැකියාව මිනිසුන්ට වඩා තිරිසන් සත්ත්වයන්ට තියෙනවා.

අලුත් අවුරුදු උදාව සිදුවූ අප්‍රේල් 14දා මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ පස්වරු 2.43ට බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි. නමුදු මේ ඛේදවාචකය ගැන ඊට කලින් අනතුරු ඇඟවූ මිනිසාගේ කලණ මිතුරා වන සුනඛයා කළ ඉඟිය කිසිවකුත් ගාණකට ගත්තේ නැත.
මීතොටමුල්ල කුණු කන්ද ප්‍රදේශය සිය වාසභවන කරගත් සුනඛයෝ අප්‍රේල් 13දා රාත්‍රිය පුරා උඩුබුරලන්නට වූහ. අලුත් අවුරුද්දේ මේ මොන මූසලකමක්දැයි දෙස් දෙවොල් තබමින් නිවැසියෝ තම නිවෙස්වලින් බල්ලන් එළවා දැමූහ. ගෙදරින් පැන ගිය බල්ලෝ කුණු කන්දේ තැන් තැන්වල හිඳ උඩුබුරලන්නට වූහ. එහෙත් අනතුරක සේයාවක් ගැන කිසිවකුත් තැකීමක් නොකළහ. අවුරුදු ජයට සමරන්නට සූදානම් වූහ.

අනතුර ගැන කලින් වටහා ගත් බල්ලෝ තම ස්වාමියන්ට මේ බව දැනුම් දුන්නද එයට ඇතැම්හු ප්‍රතිචාර දැක්වූයේ ගල් මුල්වලිනි.
කෙසේ වෙතත් අනතුර සිදුවන විට එය මඟහැර සිටින්නට කුණු කන්ද සිය වාසභවන කරගත් බල්ලන්, බළලුන්, ගවයන් මෙන්ම එළුවන්ද සමත් වූහ. ඛේදවාචකය අවසානයේ සිය නිවාස ඇති තැනක්වත් සොයා ගන්නට මිනිසුන්ට නොහැකි විය. එහෙත් බල්ලන් තම ස්වාමියාට අයිති නිවෙස ඇති තැන හරියටම සොයා ගත්තේය. ඔවුන් නිවෙස යට වුණු කුණු කන්ද මතට නැඟ පහුරු ගාමින් සිය ස්වාමියා වැළලුණු තැන් සහන සේවයේ යෙදුණු යුද හමුදා භටයන්ට පෙන්වූහ. බැකෝ යන්ත්‍රයේ කුල්ල හරියටම එතැනට යොමු කෙරිණි. පස් කන්ද අඩි 10ක් 12ක් හාරන විට මියගිය සිරුරු මතුවන්නට විය.

උපුටාගැනීම :මවුබිම.

පණ්ඩුක සමරසේකර