පාන් පිටි ගොඩක් මැද නිරුවතින් කෝකියන් අතින් ආහාරයක් වූ සුරුපිනියගේ වීඩියෝව.

ඇමෙරිකානු සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නාය. ඇය නිරුවතින් සිටිය දී පැමිණෙන කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබයි. මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙනි. “බොන් ඇපෙටි” ලෙස නම් කර ඇති මෙම වීඩියෝව වැඩිම නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කර තිබේ. මේ වනවිට එය මිලියන 65කට වැඩි නැරඹුම් වාර්තාවක් පෙන්නුම් කර අතර, මේ සඳහා මූලික වී ඇත්තේ කෙටී පෙරීගේ නිරුවත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උපුටාගැනීම – සාරවිට

ඇහුන්ගල්ලේදී 25 හැවිරිදි තරුණයෙකු එතනම මිය යන්න වෙඩි තබයි. – වීඩියෝ.

අහුන්ගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (30) පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීම පාතාල සාමාජිකයන් අතර සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට සැක කෙරෙනවා.

මෙලෙස මියගියේ දේවමුණි ප්‍රියංජන සොයිසා නමැති වයස අවුරුදු 25 ක විවාහක පුද්ගලයෙකුයි.

ඊයේ පස්වරු 6.30 ට පමණ මිතුරෙකුගේ නිවසක් අසල රැදී සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අහුංගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේදීයි.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කළත් ඔහු ඒ වනවිටත් මියගොස් තිබුණා.

වෙඩි තැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පාතාල සාමාජිකයන් දෙපිරිසක් අතර කලක් තිස්සේ පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි සැක කරනවා.

අහුන්ගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

සමුහ දුෂණයට ලක්ව ගාල්ල නගරයේ දමා ගිය තරුණියක් පාලිත තෙවරප්පෙරුම බේරාගත් හැටි.- වීඩියෝ.

මේ දිනවල ලංකාවේ පවතින අයහපත් කාලගුණයත් සමගම කියවෙන තවත් නමක් තියෙනවා. ඒ “පාලිත තෙවරප්පෙරුම” කියන නාමය. දේශපාලන පක්ෂ වල බොහෝ දෙනා මේ වනවිට අවතැන් වූ සහ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් සක්‍රීයව දායක වන බව නොපෙනුනත්, සමහර දේශපාලඥයන් තමන්ට හැකි අයුරින් දායක වෙමින් අවතැන් ජනතාවට සහය දක්වයි.
මේ අතර පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දායකත්වය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කාගේත් පැසසුමට ලක්ව තියෙනවා. සක්‍රීයව මහජන සේවයට දායක වූ ඔහු විවිධ අවස්ථාවල රටේ ප්‍රධාන, ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකි. නමුත් මෙම අවස්ථාවේ අප ඔහු පුම්බා තැබීමක් හෝ, අනිසි වර්ණනා කිරීමකට ලක් නොකරන අතර, මීට ඉහත අවස්තාවකදී ඔහු මැදිහත්වී කල විශේෂ කර්තව්‍යක් පිළිබඳව සහ දේශපාලඥයෙකුගෙන් දැක නැති අගය කලයුතු කටයුත්තක වීඩියෝවක් ගෙන එමටයි අප සුදානම් වන්නේ.
ගාලු මුවදොර (Gall face) හි වර්ෂාව මද්‍යයේ දින දෙක තුනක් බිම වැතිරී අවසිහියෙන් , දුර්වලවී සිටි තරුණියක් දෙස කිසි වෙකුගේ අවධානය නොමැති විටෙක, මේ ගැන දුටු පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ ඇයගේ සුවදුක් සොයා බලා, කන්නට දී, සීතලෙන් මිදීමට උණුසුම් පානයන් ගෙනවිත් දී , පොරෝනයක් ලබා දී හිස අතගාමින් සුවදුක් විමසන හැටි සහ, අවසානයේදී එම තරුණිය පවසා සිටින්නේ තමන්ව යම් පිරිසක් දුෂණය කොට මෙම ස්ථානයට ගෙන දමා ගිය බවයි.
රාත්‍රී වන තෙක්ම අයගේ සියලු අවශ්‍යතා සොයා බලා, පොලිසිය දැනුවත් කර, අයගේ ලඟින් සිට ඔහු කල සියලු දේ නිසා එම අසරණ ජීවිතය බේරෙන හැටි සහ ඉතා සංවේදීව ඔහු ක්‍රියා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

තිස්සමහාරාම සඳුන්ගම මුතියම්මාගමේ මැණික් ඉල්ලම​ක් මතුවෙයි – වීඩියෝව.

තිස්සමහාරාමයේ සඳුන්ගම මුතියම්ගම ප්‍රදේශයේ මැණික් ඉල්ලමක් මතුවී ඇති බවට පැතිර යන කතාව නිසා මේ වනවිට මැණික් ව්‍යාපාරිකයන් රැසක් එම ස්ථානයට පැමිණ ඇති බවත්, ජනතාවත් එතනට පැමිණ ඇති බවත්ය. මෙම ස්ථානයේ පාලමක් ඉදිකිරීමට යාමේදී මෙම මැණික් ඉල්ලම පදී ඇති බවටයි වාර්තා වන්නේ.
මෙහි කපන ලද වලක ඉල්ලමක් පෑදී ඇති බවත්, මෙහි පස් වෙනත් ලොරි මගින් ගෙනයමින් පවතින බවත්, ජනතාව සහ ව්‍යාපාරිකයන් කැළඹීමකට ලක්ව ඇති බවත් වාර්තා වනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

රුකාන්තගේ දියණිය “රයිනි” ගේ ගෙට හොරු පනියි. වටිනාම දෙයක් ගෙනියලා.

රයිනි කොහෙද මේ යන්න ලහිලහියේ ලෑස්ති වෙන්නේ?
අපේ ‘රූ සඳ රෑ’ සංගීත ප්‍රසංගය ජුනි මාසේ තියෙනවා. ඒකෙ වැඩවලට තමයි මේ එහාට මෙහාට යන්නේ. එකදිගටම රියසල් කටයුතුත් තිබුණා. ඒක නිසා මේ දවස්වල චුට්ටක් විතර වැඩ වැඩියි.

ඔස්ට්‍රේලියාවේ නේද ඔය ප්‍රසංගය පවත්වන්නේ?

ඔව්… ප්‍රසංගය ඔස්ට්‍රේලියාවෙයි නවසීලන්තයෙයි තමයි පවත්වන්නේ. මුලින්ම ජුනි මාසේ තුන්වැනිදා නවසීලන්තයේ ෂෝ එක තියෙනවා. ඊටපස්සේ ජුනි මාසේ දහවැනිදා ඉඳන් හැම සෙනසුරාදාවකම ‘රෑ සඳ රූ’ ෂෝ එක පවත්වන්න තමයි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ.

මෙල්බර්න්වල ෂෝ එකට අමතරව එදාම තව ෂෝ එකක් තියෙනවා කියලයි ආරංචිය..?

ඔව්… ඒක ඇත්ත. මෙල්බර්න්වල ජුනි මාසේ දහවැනිදා 6.30 ෂෝ එකට මාස දෙකකටත් කළින් ඉඳන් ෂෝ එකම බුක්වෙලා තිබිලා. ඒ නිසා ඒ ෂෝ එකේ සංවිධායකවරු තාත්තිගෙන් ඉල්ලීමක් කරලා එදාටම තව ෂෝ එකක් කරන්න කියලා. ඒ නිසා 6.30 ෂෝ එකට අමතරව අපි තව එදාටම 2.30 ෂෝ එකකුත් කරනවා.

තව කොහේද ‘රෑ සඳ රූ’ පවත්වන්නේ?

මෙල්බර්න්වලට අමතරව සිඩ්නි, පර්ස්, බිස්බර්ත්, ඇඩිලේන්ඩ් කියන නරගවලත් මේ ප්‍රසංගය පවත්වන්න සංවිධානය වෙලා තියෙනවා.

කවුද මේ ප්‍රසංගයට එකතු වෙන්නේ?

අම්මයි, තාත්තයි, මායි, නංගියි වගේම ආරාධිත ගායකයෙක් විදියට සනුක වික්‍රමසිංහත් මේකට සහභාගි වෙනවා. ප්‍රසංගයේ සංගීතය සපයන්නේ තාත්තිගේ ‘Roo and cro’ බෑන්ඩ් එකයි.

ඔය වැඩකටයුතුත් එක්ක පහුගිය කාලෙදි රයිනිගේ හිතට ලොකු දුකක් ඇතිවුණු සිදුවීමක් වුණා නේද?

ඔය කියන්නේ අපේ ගෙදරට හොරු පැනපු සිදුවීම නේද..?

ඔව්… කවදද හරියටම ඔය සිදුවීම සිද්ධවුණේ?

පසුගියදාක තමයි ඒ සිදුවීම සිද්ධවු‍ණේ. ඒකනම් හිතාගන්නවත් බැරි සිද්ධියක්. එදා අපි ගෙදර හිටියේ නෑ. උදේ වරුවේ ගෙදර ඉඳලා අපි දෙන්නා පොඩි වැඩකට එළියට ගියා. ඒ ගියපු වෙලාවේ තමයි ගෙදරට හොරු පැනලා තියෙන්නේ. කොහොමහරි අපි ගෙදරට එන්න විනාඩි විසිපහකට තිහකට කළින් තමයි හොරු ගෙදරින් ගිහිල්ලත් තියෙන්නේ.

මොනවද ගෙනිහින් තියෙන්නේ?

මුළු ගෙදරම එදා කනපිට පෙරළලා තිබුණා. අපි දෙන්නා ගෙදරට ඇවිත් දොර අරිද්දි හිතාගන්නවත් බැරිවුණා. මුළු ගේම ඇදලා තිබුණා. අල්මාරියේ හැමදේම බිමට දාලා තිබුණා. ඒ අතරින් මගේ වෙඩින් රින් එකයි, අපි පිටරට ගිහින් ඇවිත් මාරු නොකරපු ඔස්ට්‍රේලියානු ඩොලර් වගේකුයි අල්මාරියේ තිබුණා. ඒ දේවල් හැමදෙයක්ම අරගෙන ගිහින් තිබුණා.

කොච්චරක් විතර මුදලක් එතන තිබුණද..?

ම්… අපි ටුවර් ගියාට පස්සේ සල්ලි මාරුකරනවනේ. ඉතින් ඒ ඉතිරි වන සල්ලි අපි ලියුම් කවරවල දාලා අල්මාරියේ දාලා තියාගන්නවා. ඒ ලියුම් කවර තමයි අරන් ගිහින් තිබුණේ. ගාණ නම් හරියට මතක නෑ….

එතකොට ඔයාගේ මඟුල් මුද්ද ආයෙත් ලැබුණා නේද?

ඔව්.. අපි මේ සිදුවීම දැනගත්තු ගමන් පොලීසියට දැනුම් දුන්නා. ඒ වෙලාවෙම ඇවිත් ඇඟිලි සලකුණු ගත්තා. කොහොම හරි ඒ ඇඟිලි සලකුණු මීට කලින් චෝදනා ලැබ මංකොල්ලකෑම්වලට හසුවුණ කෙනකුගේ ඇඟිලි සලකුණුවලට සමාන වුණා. අන්තිමේදි ඔහු පිළිගත්තා අපේ ගෙදරට ආවේ ඔහු කියලා.

කොහොමෙන් කොහොම හරි රයිනිගේ මඟුල් මුද්ද ලැබුණා?

අම්මෝ… ඔව්… අපි වටිනා බඩු අපේ ගෙදර තියාගන්නේ නෑ. අනික මම රත්රන් බඩුවලට කොහොමටවත් කැමති නෑ. ඒ නිසා මම ආසාවෙන් කියලා ළඟ තියාගත්තේ ඔය මගේ මඟුල් මුද්ද විතරයි. ඒකත් හොරු ගත්තා. අන්තිමේදි ඒ මනුස්සයා ඒක හොරකම් කරලා. ඒ ටිකට විකුණලත් එක්ක. කොහොම හරි ඒ තැනින් පොලීසියේ මාර්ගයෙන් ආයෙ මට අරගෙන දුන්නා.

දවස් කීයකින් මේ හොරු ඇල්ලුවද?

කොහොම හරි ඉතා ඉක්මනින් අපිට අපේ බඩු අරගෙන දුන්නා. සල්ලිනම් හම්බුණේ නෑ. හැබැයි එදා හොරු ඇවිත් කියලා දැකපු වෙලාවේ ගේ ඇතුළ දැකපු වෙලාවේ ඇතිවෙච්ච තිගැස්මනම් දවස් ගාණක් හිතේ තිබුණා. ආයේ තිබුණ තත්ත්වයට ගේ අස්පස් කරන්න වෙනමම දවස් දෙකක් විතර ගියා.

උපුටා ගැනීම.:  සාරවිට.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් විසින් සහනාදාර සොරකම්කර ඇතිබව පවසා නොසන්සුන්කාරී තත්වයක් – වීඩියෝ.

කහදුව පිනිකහන ප්‍රදේශයේ දී මහජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග නොසන්සුන්කාරී තත්වයක් ඇතිකරගත්තා. ඒ ගැන වතුරෙන් අවතැන් වූ ජනතාවට බෙදා දීමට එකතු වූ භාණ්ඩ ප්‍රාදේශීය ලේකම්වරයා සහ නිලධාරීන් එක්ව ගසා කා ඇති බව පවසමින්.
කාම හිගයෙන් පවතින ප්‍රදේශ වලට ආහාර ගෙන යාමට කිලෝමීටර් ගණනක් දුර ගෙවා දමමින් පැමිණි විශාල පිරිසක් මේ ගැන නිලධාරීන් සමග ප්‍රශ්න කල විට උණුසුම්කාරී තත්වයක් ඇති වුනා.
මෙහිදී නිලධාරීන් ජනතාවට “සක්කිලි” කියා බන වැදීමත් සමග තත්වය තවත් උණුසුම් වුනා. එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න.

‘මා ජීවත් වන්නේ ගුවන් හමුදාවේ පුතා නිසා ඔහුගේ මරණය මට දුකක්‌… කම්පනයක්‌’

මා අද ජීවතුන් අතර ඉන්නේ මාව බේරාගැනිමට ආ ගුවන් හමුදාවේ පුතා නිසයි. නමුත් මම අද ජීවත් වෙලා ඉන්නවා. ඒ පුතා මිය ගිහින්. ඒ ගැන මට තියෙන්නේ දුකක්‌ වගේම විශාල කම්පනයක්‌ බැව් නෙළුව දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරයේ සිටියදී නායයාමට ලක්‌ව බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඒ. ජී ඥාණවති මහත්මිය (53) අප සමග කීවාය.

දූලිඇල්ල තේ කම්හලේ විවේකාගාරය තුළ සිටියදී පස්‌කන්දක්‌ නාය යාමට ලක්‌වීමෙන් එහි සිටි අට දෙනෙක්‌ එම ස්‌ථානයේ දීම මිය ගියහ. මින් දිවිගලවා ගැනීමට හැකිවුයේ ඥාණවති මහත්මියට හා තවත් කාන්තාවකට පමණි. දරුවන් හය දෙනකුගේ මවක වු ඥාණවති මහත්මියගේ දිවි බේරා ගැනීමට ගිය ගුවන් හමුදාවේ බලපංති සැරයන්වරයකු වූ සේනක යාපාරත්න මහතා ඇය රැගෙන එමින් සිටියදී ගුවනේ සිට බිමට වැටී මිය ගියේය.

සැබවින්ම මෙම කතාව ඉතා සංවේදීය. කෙනෙකුගේ ජීවිතය බේරාගැනීමට ගොස්‌ තම ජීවිතයෙන් වන්දිගෙවීමට සේනක යාපාරත්න විරුවාට සිදුවිය. එපමණක්‌ නොව දිවි බේරාගත් මව කියන කතාවද ඉතාම සංවේදීය. ඇය හා අනික්‌ කාන්තාව නාය යාමට ලක්‌වූ පසු සුන්බුන්වලට හිරවී පැය හයක්‌ පමණ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිට ඇත.

කරාපිටිය ශික්‌ෂණ රෝහලේ දී ඇය ඉතා අපහසුවෙන් ඒ බිහිසුණු අත්දැකීම මෙසේ විස්‌තර කළාය.

අපිව බේරගන්න ආපු ගුවන් හමුදාවේ පුතා වැටුණු බව මා දන්නේ නැහැ. රෝහලට ආවට පස්‌සේ තමයි දැන ගත්තේ ඒ පුතා මියගියා කියලා. මට ඒ ගැන විශාල දුකක්‌ තියෙන්නේ. මාව බේරාගන්න ඇවිත් තමයි ගුවන් හමුදාවේ පුතා බිමට වැටිලා තියෙන්නේ. රාත්‍රි 12.00 ට විතර ඇති අපට සර්ලා ඇවිත් කිව්වා නාය යනවා ටිකක්‌ අයින් වෙන්න කියලා. අයින් වෙන්න වේලාවක්‌ වුණේ නැහැ. ඒ කියනවාත් එක්‌ක කන්ද ආවා. කවුරුත් අවදිවෙලා හිටියේ. කවුරුවත් බල කරලා කීවේ නැහැ අයින් වෙන්න කියලා. නාය යනවා ටිකක්‌ ප්‍රවේශමෙන් ඉන්න කියලා තමයි කිවේ.

දුවන්න වෙලාවක්‌ වුණේ නැහැ. සර් ඇවිත් කියනකොටම කන්ද ආවා. ඉදිරිපස කාමරවල තමයි අපි දෙන්නෙක්‌ හිටියේ. මා හිරවුණා. රාත්‍රි සර්ලා ඇවිත් අපි දෙන්න ගන්න හැදුවා. නමුත් ගන්න බැරිවුණා. මහ වැස්‌සට තෙමි තෙමි හිරවෙලා උදෙ aවෙනකම් හිටියා. සර්ලා ඇවිත් ගොඩක්‌ මහන්සි වුණා. අපිව ගන්න. නමුත් ගන්න බැරිවුණා. උදේ 6.30ට විතර තමයි ගත්තේ. කකුල් කොන්ක්‍රීට්‌ කැබලිවලට යටවෙලා තිබුණේ. ඒ නිසා අපිව ගන්න අපහසුවුණා. හෙලිකොප්ටරයෙන් ඇවිත් ගුවන් හමුදාවේ පුතා බද පටියක්‌ මට දැම්මා ඔරුව වගේ එකක නග්ගවාගෙන තමයි මාව රැගෙන ආවේ. පුතා වැටුණු බව මා දන්නේ නැහැ යෑයි ඇය කඳුළු සලමින් කීවාය.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

 

මීපේ කිතුල්කන්ද නාය ගිය හැටි වීඩියෝව මෙන්න.

දිවින පුරා සිදුවන ගංවතුර තත්වයන් සහ නාය යාම් සම්බන්ධව මේ වන විට බොහෝදෙනා කතා බහ කරනවා. පවතින අයහපත් කාලගුණය නිසා තවමත් නාය යාම් සහ පස්කඳු කඩා වැටීම් සිදුවනවා. මේ ගැන වාර්තා වන්නේ අඩුවෙන්. විදුලිය, දුරකථන මාර්ග අවහිරවීම සහ සමහර ප්‍රදේශවලට ළඟාවීමට නොහැකිවීම නිසා වාර්තාවීම් අඩුවෙලා තියෙනවා.
මීපේ කිතුල්කන්ද නාය යාමකට ලක්වෙලා කියලා වාර්තා වෙනවා. කඩින් කඩ තැන කිහිපයක නාය යෑම් සිදුවෙලා ඇති බවයි පැවසෙන්නේ.

මෙයට හේතුව ලෙස ප්‍රදේශවාසීන් පවසන්නේ කන්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කළු ගල් කැඩීම බවයි. විශාල ගල් කොරියක් පවත්වාගෙන යාමෙන් සිදුවන මෙවැනි තත්වයන් වෙනුවෙන් මීට පෙර ප්‍රදේශවාසීන් උද්ඝෝෂණ කලත් බලදරයින් මුනිවත රැකීම මෙවැනි විනාශයන්ට හේතුව බවයි ඔවුන් චෝදනා කරන්නේ.
මීපේ කිතුල්ගල නාය යන ස්ථානයක යලි වරක් පස්කඳු කඩාවැටෙන හැටි වීඩියෝ ගත කල වීඩියෝවක් පහතින් නරඹන්න.

මිය ගිය තම දරුවා තමන්ගේම දෑතින් මිහිදන් කළ පියෙකුගේ සංවේදි හදවතේ කතාව – වීඩියෝ.

පවතින දැඩි අයහපත් කාලගුණය නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නේ හද සසල කරන සිදුවීම්ය. ඒ අතර ස්කුදා දරුවන්ගේ ජීවිත අහිමි වීම් ගැන ඉතා සංවේදී වීඩියෝ බොහෝ ගණනක් තිබුනා,
ජල ගැල්ම නිසා නාය යාම් නිසා තම දරුවන් අහිමිවූ දෙමව්පියන්ගේ සෝ කඳුළු ගලා යන හැටි ඉතා සංවේදී ජනකය. මෙහි දැක්වෙන්නේ තම දරුවා අහිමිවූ පසු තම දෑතින්ම දරුවා මිනී පෙට්ටියක්වත් නැතිව මිහිදන් කල පියෙකු කියන සංවේදී කතාවයි.

අනතුරට ලක්ව රෝහල් ගතකර සිටි යතුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ ලොවින් සමුගනී – Photos

සුපිරි යතුරුපැදි ධාවන ශුරයෙකු වූ ආනන්ද වෙඩිසිංහ පසුගිය අප්‍රේල් මස 24 වනදා නුවරඑළියේ පැවති මාර්ග ධාවන තරඟයේදී හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔහු පුරා මාසයකට අධික කාලයක් කෝමා තත්වයෙන් මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ අතර අවාසනාවන්න ලෙසින් අද (29) දහවල් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට citizen.lk අපවෙත තොරතුරු වාර්තා වුණා.

නුවරඑළියේදී සිදුවූ අනතුරෙන් වෙඩිසිංහගේ කොන්ද ප්‍රදේශයට හානි සිදුව තිබූ අතර ඔහුගේ එක් පාදයක් බිඳි ගොස් ඇති බවත් වෛද්‍යවරුවන් පැවසුවා.

මෙම අනතුර සිදුවන්නේ ඔහු විසින් තවත් ක්‍රීඩකයෙකු සමඟින් තරඟයේ අවසන් වටයේදී කරටකර තරඟයක සිටින අවස්ථාවක වන අතර ඔවුන් දෙදෙනාම පැදවූ යතුරු පැදි මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මාර ගසක කොටයක වැදී තිබුණා.

එලෙස බරපතල තුවාල ලැබූ යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මහනුවර මහරෝහලේ ප්‍රතිකාර ලැබුවත් ඔහුට පියවි සිහිය ලබා ගැනීමටනම් ජපානයේ රෝහලක විශේෂ ප්‍රතිකාරයක් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබුණා. ඒ සඳහා අවශ්‍ය මුදල්ද සූදානම් කරන අතරතුරු ඔහු මෙලෙසින් අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය අතර යතුරුපැදිවලට ඇල්මක් දක්වන බොහෝ පිරිසක් අතර ආනන්ද වෙඩිසිංහ ප්‍රසිද්ධියට පත්ව සිටියා.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින හොඳම යතුරුපැදි ධාවන ශූරයා ලෙසින්ද අවස්ථා ගණනාවකදීම සම්මානයට පාත්‍ර වුණා. ලක්මෑණියන් රනින් සරසමින් ලාංකීය නාමය ලොවට ගෙනයන්නට මහඟු මෙහෙවරක් කළ ශූරයාණෙනි. ඔබට අප නිවන් සුව පතමු..

ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ අවස්ථාව

වෙඩිසිංහ දැඩිසත්කාර ඒකකයේ සිටි අයුරු