ඊයේ මැච් එක පැරදුනාට වගකියන්න ඕනි මේ සුරුපිනියද..? –

පසුගියදා පැවති තරඟ වලදී විරාත් කෝලි සහ දකුණු අප්‍රිකාවේ ඩිවිලියන්ස් තරඟ දෙකකදී ලකුණු බිඳුවකින් දැවී යාමට වගකිව යුත්තේ පකුස්තනු සයිනබ් අබ්බාස් නමැති මාධ්‍ය වේදිනියක් බව මේ වනවිට සමාජ ජාලවල පණිවිඩ නිකුත් වෙමින් පවතිනවා.

එයට හේතුව වී ඇත්තේ ඇය විසින් කෝලි සහ ඩිවිලියන්ස් සමඟ ලබාගත් සෙල්ෆි ඡායාරූප දෙකකින් පසුව ඔවුන් ඉදිරිපත් වූ තරඟ වලදී ඔවුන් දෙදෙනාම ලකුණු බින්දුවට දැවී යාමයි.

ඊයේ දිනයේ පැවති තරඟයට පෙරද ඇය මෙවැනිම සෙල්ෆි ඡායාරුපයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින්ද ලබාගෙන තිබෙනවා. ඉන් පසුව ඇය සිය ට්විටර් ගිණුමේ ඔන්න මම වැඩේ කළා යනුවෙන්ද සඳහන් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

එම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම පැරදීමට හේතුවත් මැයගේ මේ සෙල්ෆි ඡායාරූපය බව පවසමින් සමාජ ජාලවල පණිවිඩ හුවමාරු වෙන්න පටන් අරන් තියනවා.

මොන දේ වුනත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් කියන එක අපි හැමෝම දන්නවනේ. ක්‍රිකට් ඉතිහාසයෙත් මෙහෙම අහඹු සිදුවීම් වෙලා තියනවා.

ඇය ලබාගත් ඡායාරූප පහතින් බලන්න.

මාලිංග යළිත් වරක් එක්දින පිටියේ දකින්න ලැබේවිද ?

ශ්‍රී ලංකාවට ඉතාමත් තීරණාත්මක තරගයක් වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) දිනයේ අත්වුණ අවසානාවන්ත තත්ත්වය ගැන ලැබූ පරාජයෙන් පසු කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිව්වේ මේ වගේ කතාවක්…..

අද පර්ෆෝමන්ස් බැලුවම අපි ඉතාමත ඛේදනීය මට්ටමක තමයි දක්ෂතා දකින්නට තිබුණා. ඒ උඩපන්දු අතහැරුනේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවල. පළවැනි ඕවරය වගේම අවසාන ඕවරය දක්වාම සෆ්රාස් කියන්නේ තීරණාත්මක සාධකයක්. ඔහු දවාගන්න තිබ්බ අවස්ථා කිහිපයක්ම අපිට මගහැරුණා. මම හිතුවා අපි යම්තාක් දුරකට දියුණු වෙලා කියලා. නමුත් අද දවස අපේ දවස නෙමේ.

ප්‍රශ්නය :- අසංක ගුරුසිංහ කියලා තිබුණා පන්දු රැකීම පත්තෙන් දියුණුවෙලා කියලා.

පිළිතුර :- ඔව් අපේ ළමයි හුගක් මහන්සිවෙලා වැඩ කළා. අද අපි කැච් තුනක් මිස් කළා තමයි. නමුත් අවංකවම මැච් එක දිනවන්න අපි මහන්සිවුණා. දුර්වලතා නොතිබ්බා නෙමෙයි.

ප්‍රශ්නය :- ඔබ හිතනවද ඔබ රැස්කළ ලකුණු ප්‍රමාණය මදියි කියලා, නැත්නම් පකිස්ථානයේ පන්දු යැවීම විශිෂ්ඨයි කියලා ?

පිළිතුර :- මෙහෙමයි අපි තරගයක් පැරදුනාම අපිට හැමතිස්සේම කියන්න පුළුවන්න බැටින් දුර්වලයි අනිත් කණ්ඩායමේ බෝලිං දුර්වලයි කියලා කියන්න පුළුවන්. නමුත් අද දවසේ අපේ පැත්තේ ලකුණු 30 – 40ක අඩුවක් තිබුණා. නමුත් මම මගේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා. ඔවුන් යමක් කරන්න උත්සාහ කළා. ජයග්‍රහණය අපේ පැත්තේ තිබුණේ. නමුත් පන්දු රැකීමේ දුර්වලතා නිසා එය අපෙන් ගිලිහී ගියා. ඉතිං හුගක් දේවල් අපේ පැත්තට වාසි වෙන විදිහට සිද්ධ වුනේ නැහැ. කාසියේ වාසිය තණතිල්ල.

ප්‍රශ්නය :- ඔබ හිතනවාද ලසිත් මාලිංගව යළිත් වරක් අපිට ජාත්‍යන්තර පිටියේදී දකින්න ලැබේවි කියලා ?

පිළිතුර :- මට ඒ ගැන ලොකු විශ්වාසයක් නැහැ. ඒ ගැන එයා මොකුත් කිව්වෙත් නැහැ. පහුගිය අවුරුදු කිහිපයේම ලංකාවේ ටීම් එක වෙනුවෙන් හිටපු වටිනා ක්‍රීඩකයෙක් ඔහු. එයා තමයි අපේ චැම්පියන් බෝලර්.

ප්‍රශ්නය :- ඔබ හිතනවද කාසියේ වාසිය මේ තරගයේදි තීරණයත්මකයි කියලා ?

ඇන්ජලෝගේ පිළිතුර :- මෙහෙමයි ඒක දෙපැත්තටම යනවා ඉතිං. තණතිල්ලේ යම්කිසි තෙත් බවක් තිබුණා ඒකත් කියන්න ඕනේ.
අපිට ස්කෝර් කරපු ලකුණු ප්‍රමාණය මදියි. හැබැයි අද තරගයේදි කාසියේ වාසිය තීරණාත්මක වුණා කියලා කියන්න අමාරුයි. තව ඉතිං මෙහෙමත් කියන්න පුළුවන් අපේ කඩුළු කිහිපයක් මුල් අවදියේම කඩාවැටුණා.

 

හන්තාන විද්‍යාඥයෝ ලංකාවේ මිනිරන් වලින් හයිබ්‍රිඩ් වාහන සඳහා ලිතියම් අයන් බැටරි නිපදවයි.

ලෝකයේ නව තාක්‍ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති.

ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ටි‍්‍ර‍්‍රක් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කෙරේ. ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන් ය. මේවන විට ලිතියම් අයන බැටරියට යෝග්‍ය වන පරිදි දේශීය ස්වාභාවික මිනිරන් පර්යේෂණ මගින් වැඩි දියුණු කර සාර්ථකත්වය තහවුරු කර තිබේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය ලබාදෙයි.
මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර පේරාදෙණිය භූ ඝර්භ විද්‍යා අංශයේ ආචාර්ය නන්ද බාලසූරිය, මහාචාර්ය පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි අමරවීර, පශ්චාත් උපාධි අපේක්‍ෂක තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන මහත්ම මහත්මීහු මේ සඳහා සහයෝගය ලබාදෙති.

පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අතුල විජේසිංහ මහතා මෙසේ පැවැසීය.

‘‘වර්තමානය වන විට නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරිවලට විශාල ඉල්ලූමක් පවතිනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා භාවිත වෙන ලිතියම් අයන බැටරිවල මිල ඉතා අධිකයි. ඊට හේතුව වන්නේ ලිතියම් අයන බැටරිවල අන්තර්ගත ඉලෙට්‍රෝඩ මිල අධික බැවිනි. ඊට විසඳුමක් ලෙස ස්වාභාවික මිනිරන් උපයෝගී කර ගැනීමට වසර ගණනක සිට අප පර්යේෂණ පවත්වමින් උත්සාහයක නිරත වුණා.’’
‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක‍්‍රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග‍්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග‍්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග‍්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත‍්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත‍්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’

‘‘ වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.’’
‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.

ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.

උපුටා ගැනීම: ලංකාදීප.

පියාගේ මරණයට හිරේ ඉඳන් ඇවිත් පුංචි දියණිය හුරතල් කල මරණ දඬුවම නියම වූ සුනිල් – Photos

පසුගියදා යාපනයේ මිරුසිවිල් ඝාතන සිද්ධියට වරදකරුව මරණ දඬුවම හිමිව සිටින යුද හමුදා නිළධාරියෙකු වූ සැරයන් සුනිල් රත්නායක මහතා ඔහුගේ නිවසට පැමිණ තිබුණා. ඒ මිය ගිය තම පියාට අවසන් ගෞරවය දැක්වීමටයි.

ඔහුට බන්ධනාගාර පාලනාධිකාරිය විසින් මෙම අවස්ථාව ලබාදී තිබුණු අතර නිවසට පැමිණි ඔහු තම කුඩා දියණිය සුරතල් කරන එහි සිටි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි…..

තිසර සහ සීකුගේ අතින් ශ්‍රී ලංකා අවසන් පුර්ව තරඟය ගිලිහුනේ මෙහෙමයි. – වීඩියෝ.

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අවසන් පූර්ව වටයට සහභාගී වන්නන් තෝරාගැනීමේ තරඟයෙන් අවාසනාවන්ත පරාජයක් ඊයේ (12) ශ්‍රී ලංකාවට හිමිවුණා. ඒ කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසාවෙන්.

ආරම්භයේ සිටම තියුණු තරඟයක් වූ මෙහි අවසන් මොහොතක දක්වාම කණ්ඩායම් දෙක කරට කර සටනක නිරත වූ අතර මාලිංගගේ පන්දු ඕවරයේදී ලබාදුන් උඩ පන්දු දෙකක් තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න විසින් අතහැරීම තරඟය කණපිට පෙරලන්නට වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පිලේ අනෙක් ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම නිසාවෙන් මෙම තරඟය පරාජය වූ බව නායක මැතිව්ස්ද පිළිගත් අතර තිසර පෙරේරා විසින් ඉතාමත් පහසු උඩපන්දුවක් අතහැරීම සියළු දෙනාගෙම අප්‍රසාදයට ලක්වුණා.

මේ එලෙසින් තරඟය වෙනස් කළ උඩපන්දු ගිලිහීයාම් දෙකයි….

ලංකාවටම චියර් කරමින් ඉන්දීය පරාජයෙන් පසු බුකිය කැළඹූ පකිස්ථාන් තරුණයා ලංකාවට ඇවිල්ලා.

ඉන්දියාව සමඟින් පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟින් පකිස්ථාන් තරුණයෙකු වීඩියෝවක් මඟින් ඔහු සතුට සැමරූ අයුරු අන්තර්ජාලයට එක්කර තිබුණු අතර එය ශ්‍රී ලාංකිකයින් රැසකගේ අවධානයට යොමු වුණා.

මේ තරුණයාගේ නමින් ජමීල් හසන්. අපේ රටේ අය වගේම ඔහුත් ක්‍රිකට් පිස්සෙක් කීවොත් නිවැරදි. පකිස්ථාන් ජාතිකයෙකු වෙලත් ඔහු ශ්‍රී ලංකා පිලට මේ තරම් ආදරේ ඇයි කියලා අහපු ප්‍රශ්නෙකට ජමීල් උත්තර දීලා තිබුනේ මෙන්න මේ විදියට….

‘‘මම ලංකාවට සපෝට් කරන්නේ පොඩි කාලේ ඉඳන්මයි.මම ලංකාවට නිතර එනවා යනවා. ගිය අවුරුද්දේ මාර්තු වල තමයි අන්තිමට ආවේ.‘‘

‘මම මහේලට පොඩි කාලේ ඉඳන්ම කැමතියි.. මහේල නිසා තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෙච්චර ලොකු රසිකයෙක් වුනේ‘

‘‘ලංකාවයි පාකිස්තානයයි අතර තරඟයක් තියෙනවනම් මම අනිවාර්යෙයන් ආපහු ලංකාවට එනවා.ඒ තරඟයෙදීත් මම චියර් කරන්නේ ලංකාවට…මම මැරෙනකන්ම ලංකාවේ ක්‍රිකට් රසිකයෙක්‘‘

ඒ විදියට තමයි ඔහු තමන්ගේ ආදරේ දිනපු ලංකාවේ ටීම් එක ගැන කියලා තිබුණේ.

කාන්තාවන්ට බුදුවන්නට බැරිද?

බුදුන් වහන්සේ උප්පත්තිය ලබන්නේ මවු කුසකිනි, බුදුවීමට නියත විවරණ ලබන්නේද මවකගෙනි. බුදු කෙනෙකු ලොව පහල වීමට මෙතරම් උර දෙන ස්ත්‍රියට බුදු වන්නට වරම් නැතිද? පහත වීඩියෝව මගින් එහි සත්‍ය අසත්‍යතාව ඔබම තීරණය කරන්න.

ජල පොකුණකට වැටුණු කපුටෙක් බේරාගත් වලසාගේ ලොවක් විමතියට පත්කළ වීඩියෝව.

විපතකට පත්ව සිටින අයකු ඉන් මුදා ගැනීම විශිෂ්ට ගුණාංගයක් වනවා. ලාංකිකයින්ගේ එම ගුණය ඉහලින්ම පවතින බව පසුගිය සමයේ බලපෑ ආපදා තත්ත්වයේදීත් දැකගන්නට ලැබුණා. ඒ අයුරින් විපතට පත්ව සිටි සත්ත්වයකුට පිහිට වූ විස්මිත වලසකු පිළිබද කතාවයි මේ.

උතුරු කොරියාවෙන් පැන විත්, එහි සැබෑ තත්වය ලොවට පැවසු 24 හැවිරිදි තරුණියගේ ලොවක් හන්දවූ සංවේදී කතාව.

උතුරු කොරියාවෙන් පැන ආ විසිහතර හැවරිදි දැරිවිය ඇගේ සංවේදී කතාව මෙසේ දිගහරියි .”මට මෙය කිරීමට සිදු වෙනවා මොකද මෙය නිකන් කතා කිරීමක් නොවේ මෙයයි පණිවිඩය මගේ මිනිසුන්ට ලොවට කියා සිටිය යුතු වන්නේ. කොරියාව යනු සිතාගත නොහැකි රටකි. අපිට නැරඹීමට තිබුනේ එකම එක රුපවාහිනී සේවයක් පමණි.අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ වගේම සින්දු කියන්න,නටන්න,අදහස් ප්‍රකාශ කරන්න,අපිට අවශ්‍ය විදිහට අඳින්න පළදින්න නිදහසක් අපිට නැහැ .උතුරු කොරියාවේ පමණයි ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ලබාගතහොත් මරණ දඬුවම ලබාදෙන්නේ. උතුරු කොරියාවේ ඉතා බිහිසුණු ක්‍රියාවන් සිදුවෙන බව කියා යුතුයි .මම එහි ජීවත් වූ කාලයටම ආදර සම්බන්දයක් පිළිඹඳ අසාවත් නැත .එහි ආදරය සම්බන්දයෙන් ලියවුනු කිසිදු පොතක්,පත්තරයක්,ගීතයක්,චිත්‍රපටයක් ගැන අසන්නටවත් නැත. බිහිවුණු සෑම නිර්මාණයකින්ම මිනිසුන්ගේ මොළයට දේශපාලන අදහස් එක් කරයි.

මම ඉපදුනේ 1993. නිදහස හා මානව අයිතිවාසිකම් යන වචන වල තේරුම් දැනගැනීමටත් පෙරම,මගේ උපතේදීම මාව පැහැරගැනීමකට ලක්විය. මේ අවස්තාව වෙනකොට උතුරු කොරියානුවන් ඉතා දුෂ්කර ලෙස නිදහස බලාපොරොත්තුවෙන් සිටිනවා ඔවුන් නිදහස වෙනුවෙන් ප්‍රාණය පවා බිලි දීමට සූදානමිනුයි ඉන්නේ. මට අවුරුදු 9ක් වන විට මගේ යාලුවාගේ මව ප්‍රසිදියේ මරා දැමුවා එයට හේතුව කුමක්ද? හොලිවුඩ් චිත්‍රපටයක් නැරඹීම. ඒ ආධිපත්‍ය හා විශිෂ්ට පාලනය ගැන සැකකරන්නට යාමෙන් සිදු වන්නේ පරම්පරා 3ක් සිරගත කිරීම හෝ මරණ දණ්ඩනය ලබා දීමයි .

මගේ පියා උතුරු කොරියාවෙන් පැන ගියායින් පසු චීනයේදී මරණයට පත්වූවා අපිට ඔහුව භූමදාන කිරීමට සිදුවුයේ පාන්දර 3ට හොර රහසේය. මට එදා කෑගහලා අඩන්නවත් වුණේ නෑ බය නිසා.අද මන් උතුරු කොරියාවෙන් පලාවිත් තිබෙනවා. මම දැක්කා චීන ජාතික තැරවුකරුවෙකු විසින් මගේ අම්මව දුෂණය කරනවා.ඔහුගේ ගොදුර වුනේ මම එතකොට මගේ වයස අවුරුදු 13යි.අපේ රටේ ප්‍රසිද්ධ වැකියක් තිබෙනවා ගැහැනුන් දුර්වල වුවත් මවුවරුන් ශක්තිමත් යන්නයි.එය සත්‍ය කරමින් අම්මා මාව බේරගන්න එයාගේ ජීවිතේ කැපකලා .

අනතුරට භාජනය වියහැකි උතුරු කොරියානු සරණාගතයින් චීනයේ 300000කට අධික ප්‍රමානයක් සිටිනවා .උතුරු කොරියානු ගැහැණු ජනයාගෙන් හා තරුණ කාන්තාවන්ගෙන් 70%ක් පමණ තාඩන පීඩනවලට යටව ජීවත් වනවා .සමහර වෙලාවට තරුණ ළමයින් $200ක් වැනි සුළු මුදලකට විකිනෙනවා”…

ඇගේ මෙම සංවේදී කතාව සම්පුර්ණයෙන් නැරඹීමට පහත videoව නරඹන්න.කරුණාකර සංවේදී අය මෙය නැරඹීමෙන් වලකින්න .

වඩු කාර්මිකයා විවාහ කරගැනීමට ගිය විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් මුහුණු පොතෙන් දැන හඳුනා ගත් තරුණයකු සමග විවාහ වීමට උත්සාහ කළ කාන්තාවක් දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ලැබීය.

ඇය හැඩකාර කාන්තාවක් වන්නීය.

මෙම කාන්තාව මුහුණු පොත හරහා දැන හඳුනා ගත් තරුණයන් හා විවාහක පුද්ගලයන් රැසක් සමග සමාජ සම්බන්ධකම් පවත්වා තිබෙන අතර ඒ අය අතර පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටින බව ඇය සතුව තිබිය දී පොලිස් බාරයට ගත් නවීන පන්නයේ ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේ දී පොලිසියට පෙනී ගොස් ඇත.
පොලිස් බාරයට ගත් දා පටන් නඩු භාණ්ඩයක් ද වශයෙන් ඉදිරිපත් කිරීම කරන තෙක් තවමත් පොලිසියේ තිබෙන අන්තර්ජාල පහසුකම් සහිත නවීන පන්නයේ ඒ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ලැබෙන ඇමතුම්වලට විශේෂඥ වෛද්‍යවරියක ලෙස රංගනයක යෙදුණු මේ කාන්තාවට කොච්චර පිරිමින් සංඛ්‍යාවක් රැවටී ඇද්ද? යන්න කියන එකට කදිම නිදසුන් බව පොලිස් නිලධාරිහු පෙන්වා දෙති.

ඇමතුම් ලබා දෙන්නේ ද ඇය පොලිසියට කොටු වී ඇති බව නොදැනය.

ඔවුන් සිතා සිටිනවා ඇත්තේ ඇය විශේෂඥ වෛද්‍යවරියක් යැයි කියා විය යුතුය.
මෙම කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය ළඟ වෙද නළාවක් විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටීමට ව්‍යාජ ලෙස සකස් කර ගෙන යන සහතිකයක් හා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් ද තිබී පොලිස් බාරයට ගෙන තිබේ.

ඒ ජාතික හැඳුනුම්පත් දෙකේම රැකියාව යන්න සඳහන් ස්ථානයට ඉදිරියෙන් විශේෂඥ වෛද්‍ය කියා ලියා ඇත.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකේම ඇයගේ නම වශයෙන් යොදා තිබුණේ විමලධර්මසූරිය මුදියන්සේලාගේ ශ්‍රී සුභාෂිණී කෞශල්‍යා යනුවෙනි.

වැටලීමක් සිදු කර හොර විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙහෙයුමට පොලිස් සැරයන් සරත් චන්ද්‍ර (5326) පොලිස් කොස්තාපල්වරුන් ඩී.එච්.එන්. කරුණාරත්න (32098) සරත් (16755) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සංජිවා (8984) මහත්මිය ද හවුල් වූවාය.
මවුපියන් මියගොස් ඇති තමාට කාගෙන්වත් හව්හරණක් නොමැති නිසා කෙසේ හෝ කාව හරි පිරිමි කෙනෙක් සමග විවාහ වී රැකවරණයක් ලබා ගැනීමට මෙවැනි උපක්‍රමයක් යෙදු බව ඇය පොලිසිය ප්‍රකාශ කර ඇත.

තමා අහිංසක තැනැත්තියක් බව ඇය පොලිසියේ මහත්වරුන් හා නෝනලා එක්ක පවසා ඇත්තේ දෙනෙත් කඳුළු පුරෝගෙනය.
උසස් පෙළ විභාගයට විද්‍යා අංශ වලින් පෙනී සිට ඇතත් වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු මදි වූ බවද ඇය පොලිසියට ප්‍රකාශ කරනු ලැබුවාය.

ඇය අවසානයට පොලිසියට කොටු වූයේ දුම්මලසූරිය පොලිස් වසමේ ගමක ජීවත් වන බිරිඳ මිය ගොස් ඇති එක් දරුවෙක් සිටින අවුරුදු 28 ක තරම් වයසේ පසුවන අයෙක් සමග මුහුණු පොතෙන් හඳුනාගෙන විවාහ වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටි අතරවාරයේය.

අපි ඒ පුද්ගලයාගේ නිවස සොයා ගෙන පසුගිය ඉරිදා ගියේ මේ ගැන වැඩි විස්තර ඔහුගෙන් හා ඔහුගේ මවුපියන්ගෙන් අසා දැන ගැනීම සඳහාය.

දුම්මලසූරිය පොලිසියේ සැරයන් ජනක (45621) සහ කොස්තාපල් නිශාන්ත (38456) යන මහත්වරුන් ද අප ඒ නිවසට යන විටත් පැමිණ සිටියේ මේ සම්බන්ධව තව දුරටක් කරුණු කාරණා පවුලේ අයගෙන් දැන ගැනීමටය.

අපිත් එක්ක මුලින්ම කතා බහට එක් වුයේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටි තරුණයා එක්කය.
මොහු වඩු කාර්මික ශිල්පියෙක් මෙන්ම මුර්ති ශිල්පියෙක් ලෙසද රැකියාව කරන අයෙකි.

මීට මාස කිහිපයකට විතර කලින් තමා ෆේස් බුක් එකෙන් කෞශල්‍යා කියා තරුණියක් හඳුනා ගත්තේ. මුලින්ම මම ඇයට කෞශල්‍යා මිස් කියා කතා කළා. ටික කාලයක් ඇපි දෙන්නා චැට් කළා. ඊට පස්සේ ඇය කිව්වා මම කොළඹ හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් වෝඞ් එකේ වැඩ කරන විශේෂඥ වෙද්‍යවරියක් කියා.

ඇයගේ ඩැඩී හා මමී මිය ගොස් ඇති බවත් සහෝදරයන් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගොස් ඇති බවත් කිව්වා. තමාට මේ රටේ කිසිදු ඥාතියෙක් නොමැති බවත් ඇය මාත් එක්ක කියා සිටියා.

ඇය මාත් එක්ක විවාහ වෙන්න කැමති බව කිව්වා. මම වගේ දුප්පත් කෙනෙක් එක්ක විශේෂඥ වෛද්‍යවරියක් විවාහ වෙන්න යෝජනාවක් ගෙනා එක ගැන මට අදහා ගන්න බැරිව ගියා. ඇයි මම වගේ කෙනෙක්ව විවාහ වෙන්න තෝරා ගත්තේ මිස් කියා ඇසුවා. මම ඔයාට කැමතියි. ආදරයට සීමා මායිම් නැහැ. මටත් මේ රටේ කිසිම කෙනෙක් නැති නිසා ඔයා වගේ දුප්පත් කෙනෙක් බැඳගෙන නිව් සැනසිල්ලේ ඉන්න කැමැතියි කියා කිව්වා. මමත් කැමති වුණා. තාත්තාට විස්තරේ කිව්වා. අම්මාට මේ වගක් දැන්ම කියන්න එපා කියා පැවසුවා.

පසුගිය අප්‍රේල් මාසේ 13 වැනිදා එයා අපේ දුම්මලසූරිය ගෙදර ආවා. මම මාදම්පේ පෙට්‍රල් ෂෙඞ් එක ළඟ තියන බස් හෝල්ට් එකේ ඉඳලා ත්‍රීවීල් එකකින් එයාව අපේ ගෙදරට එක්ක ආවා. බෑග් දෙකක් අරගෙනයි ආවේ. වෙද නළාවක් අරගෙන ඇවිත් තිබුණා. යැයි ද ඔහු පැවසීය.

ඊළඟට අපිත් එක්ක විස්තර කියන්නට පටන් ගත්තේ ඒ තරුණයාගේ පියාය.

පුතා දොස්තර නෝනා කෙනෙක් කියන ගැහැණු කෙනාව අපේ ගෙදරට එක්ක ගෙන එද්දි මගේ නෝනා සිංහල අලුත් අවුරුද්දට කැවුම් පිසිමින් හිටියේ. දොස්තර නෝනා ගෙට ගොඩ වුණ ගමන් අපි දෙන්නාට දණ ගසා වැන්දා. රෑ බෝවෙලා තමා අපේ ගෙදර ආවේ. දොස්තර නෝනාව ගෙදර නවත්වා ගන්න අපි දෙන්නම කැමති වුණේ නැහැ. ඒත් දොස්තර නෝනාට ගෙදර වෙනම කාමරයක් සූදානම් කර දුන්නා රෑට නිදා ගන්න. මට වෙනම කාමරයක් ඕනැ නැහැ. මමත් මෙයා ඉන්න කාමරයෙම නිදා ගන්න යනවා. අපි දෙන්නා ළඟදීම විවාහ වෙනවා කියා කිව්වා. එහෙම කියපු දොස්තර නෝනා පුතාගේ කාමරයට ගියා.

මමයි මගේ බිරිඳයි දෙන්නම ඇසුවා ඇයි දොස්තර නෝනා කෙනෙක් වෙලත් අපි වගේ දුප්පත් පවුලකින් විවාහයක් කර ගන්න යන්නේ කියා. මගේ පුතා වඩු වැඩ කරන කෙනෙක් කියාත් කිව්වා. ආදරයට සීමා මායිම් නැහැ. මම ඔය ගොල්ලන්ගේ පුතාගෙ ගති ගුණවලට කැමතියි. ඒ නිසයි පුතා එක්ක විවාහ වෙන්න තීරණය කළේ කියා. ඊට පස්සේ දොස්තර නෝනා කෙනෙක් කියා ගැහැනු කෙනා නිතර නිතර අපේ ගෙදර ඇවිත් රෑට නවතිනවා. සමහර දවස් වලට දවස් තුන හතර අපේ ගෙදර නවතිනවා. දවස් දෙක තුනක් වැඩට යන්න මගේ අතේ සල්ලි නැහැ කියා රුපියල් 500 ගාණේ ඉල්ලා ගත්තා. මාසයකට රුපියල් 2,50,000 ක් පඩියක් ලැබෙන බවත් තමාට වැටුප් ලැබුණේ නැති බවත් ඇය අපිත් එක්ක කිව්වා. පසුගිය සතියේ දෙන්නා විවාහ වෙන්න අවශ්‍ය පොරොන්දු පත්‍රය බිබිලදෙනිය විවාහ රෙජිස්ටාර් මහත්තයාට බාර දුන්නා. ගෙදර වත්තේම කොටසක පුතාටයි දුවටයි විවාහ වෙලා ඉන්න ගෙයක් හදා ගන්න දෙන්නම සිතාගෙන සිටියා.

අපි කිව්වා දුවේ ඔයාගේ නැදෑයෝ එක්කගෙන එන්න කියා. එක්ක ගෙන එනවා කිව්වාට කිසිම කෙනෙක්ව එක්කගෙන ආවේ නැහැ. මාමාලා දෙන්නෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නම කියා ඒ අපේ මාමා කියාත් ඇය කිව්වා. බඳින කම් අපේ ගෙදර එන්න එපා කියා කීවත් ඒ ගැහැනු කෙනා අපි කියන දේවල් ඇසුවේ නැහැ. බලෙන්ම වාගේ අපේ ගෙදර නැවතී සිටියා. මටයි මගේ බිරිඳටයි මේ ගැහැණු කෙනා ගැන ලොකු සැකයක් ඇති වුණා. මම ග්‍රාම සේවක මහත්තයාට මේ ගැන කිව්වා.

ග්‍රාම නිලධාරි මහත්තයා පැමිණ ඇත්තේ ඔහු කළ ඒ දැනුම්දීම මතය.

විශේෂඥ වෛද්‍යවරියක බව කියා සිටි කාන්තාවගේ විස්තර ග්‍රාම නිලධාරියා ලබා ගෙන ඇත.

මේ කාන්තාවට නෑදෑයෝ එක්ක ගෙදර ඇවිත් විවාහ වෙන කම් අපේ ගෙදර එන්න එපා කියා නිතර දොස් කිව්වා. ඉස්පිරිතාලේ වැඩට යනවා කියා ගෙදරින් යන හැම දවසකම බිරිඳටයි මටයි දණ ගසා වැඳලා තමා යන්නේ. ගෙදර ඉන්න දවස්වලට උයන්න පිහන්න බිරිඳට උදව් වෙනවා. මමී ඉන්න කාලේ මට රහට උයන්න පුරුදු කරලා තියෙන්නේ, කියා ඇය කියනවා. නිතරම කළු පැහැති සන්ග්ල්ස් එකක් පැළඳගෙන හිටියේ.

වැඩට යන්නේ නැති දවස්වලට ෆෝන් එකෙන් කාටදෝ කතා කරලා අද මට එන්න වෙන්නේ නැහැ. මාගේ වාට්ටුවේ ඉන්න ලෙඞ්ඩු ටික බලා ගන්න කියනවා. ෆෝන් එකෙන් ලෙඞ්ඩුන්ට දෙන්න ඕනෑ බෙහෙත්වල නම් කියනවා. සමහර දවස් වලට ඉංග්‍රීසියෙන් එහෙම මොනවාදෝ කාත් එක්ක කතා කරනවා එහෙම මම අහගෙන ඉඳලා තියනවා. දවසක් වැඩට යන්න සල්ලි නැහැ කියා කිව්වා. ගෙදර වත්තෙන් අහුලා ගෙන තිබු කජු ඇට විකුණලා රුපියල් 750 ක් ගත්තා. ඒ ගත්තු සල්ලි වලින් රුපියල් 500 ක් දුන්නා. ඒකත් අරගෙන යන්න ගියා. මට මේ ගෑනි ගැන ලොකු සැකයක් ඇති වුණා. දුම්මලසූරිය පොලිසියේ ලොකු මහත්තයාට මේ ගැන මම පැමිණිලි කළා.

තවදුරටත් අප සමග තොරතුරු හෙළි කරමින් ඔහු මෙසේ ද කීය.

වැඩට යනවා කියා ගිය ගෑනි ගෙදර ආවේ නැහැ. නාඳුනන පුද්ගලයෝ දෙතුන් දෙනෙක් මෝටර් බයිසිකල් වලින් අපේ ගේ ළඟ කැරකෙන්න පටන් ගත්තා. මේ ගැනත් මා පොලිසියට පැමිණිලි කළා. පුතාට නිතරම කතා කර එයත් එක්ක යන්න එන්න කියන්න පටන් ගත්තා. පුතාටත් සැකයක් ඇති වෙලා ගෑනිව මඟ හරින්න පටන් ගත්තා. පුතා ගෑනිගෙන් එන කෝල්වලට කතා කළෙත් නැහැ. පුතාගේ මාර්ගයෙන් පොලිසිය ගෑනිට කතා කරලා වතුවත්ත ප්‍රදේශයේ තැනකට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත්තා. දුම්මලසූරිය පොලිසියේ ලොකු මහත්තයා ජයවීර මහත්තයා මෙයා කොටු කර ගන්න ලොකු මහන්සියක් ගත්තා. ඒ මහත්තයා ඇතුළු සියලුම නිලධාරින්ට ඒ ගැන ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඉක්මණින් අත්අඩංගුවට නොගන්න ඔය ගෑනි මගේ පුතාගේ ජීවිතයට අනතුරක් කරන්නත් ඉඩ තිබුණා.

විශේෂඥ වෛද්‍යවරියක යැයි කියමින් කාන්තාවක් සමග විවාහ වීමට ගිය තරුණයා එක් දරු පියෙකි. බිරිඳ මිය ගොස් තිබෙන්නේ ඔහුත් එක්ක විදේශයක රැකියාවක් කරමින් සිටි අතරවාරයේය.

ඉන් පසු ඔහු පුංචි පුතාත් එක්ක සදහටම මෙලොව තනි වී සිටියේය. ආයෙත් විවාහයක් නොකර ගන්නා බවට සිතා සිටි ඔහු නැවත විවාහයක් කර ගැනීමට පෙළඹුණේ ඇය විශේෂඥ වෛද්‍යවරියක වන නිසාය.

ඇය ඒ ටික කාලයකට ඔහුගේ පුංචි පුතා සමග ද බෙහෙවින් ලෙංගතු වූවාය.

මට කතා කරලා කිව්වාම තමා එයා මාව එක්කරගෙන යන්න හිතාගෙන වතුවත්තට ආවේ. ඒ වෙලාවේ පොලිසියෙන් අල්ලා ගත්තාම ගෑනි “අනේ මගේ සුදෝ. ඔයා මට මේ මොකද කළේ? ඇයි මාව පොලිසියට අල්ලා දුන්නේ ? කියා හඬා වැළපෙන්න පටන් ගත්තා.
දවසක් අසනීපයි බෙහෙත් ගන්න යමු කියා මාවත් එක්ක කුලියාපිටිය ඉස්පිරිතාලයට ගියා. තමා කොළඹ ඉස්පිරිතාලේ විශේෂඥ වෛද්‍යවරියක කිව්වාම එතැන හිටිය සේරම අය නැගිට්ටා. සමහර දවස්වලට ගෙදරින් යන්නේ අද එන්න ලැබෙන්නේ නැහැ ඔපරේෂන් එකක් කරන නිසා කියා. තවත් සමහර දවස්වලට අද හදිසි ඔපරේෂන් එකක් කරන්න තියන නිසා ගෙදර එන්න ලැබෙන්නේ නැහැ කියාත් එම දුරකථයෙන් කතා කරලා කියනවා. මුල් කාලෙ නම් මට සැකයක් ඇති වුණේ නැහැ. පස්සේ නම් ඇති වුණා.

ඒ විශේෂඥ වෙද්‍යවරියක් බව කියාගත් කාන්තාවක් විවාහ කර ගැනීමට ගිය තරුණයාගේ හඬයි.

ෆේස් බුක් නිසා තමා මට මේ වගේ කරදරයක් වුණේ. ෆේස් බුක් යන කොයිකාගෙනුත් මම ඉල්ලන්නේ පරිස්සමින් කටයුතු කරන්න කියලයි. ඔහු පැවසීය.

අත්අඩංගුවට ගත සැකකාර කාන්තාව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයට පත් කරණු ලැබූවාය.

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එල්.එච්. ග්‍රෙගරි කුරේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ටී. ශිරෝමි ප්‍රියදර්ශන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

(සාම විනිසුරු ප්‍රසන්න මදුරාවල මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරමු.)සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප මාදම්පේ එස්. හේරත්.