කාන්තාවන්ට බුදුවන්නට බැරිද?

බුදුන් වහන්සේ උප්පත්තිය ලබන්නේ මවු කුසකිනි, බුදුවීමට නියත විවරණ ලබන්නේද මවකගෙනි. බුදු කෙනෙකු ලොව පහල වීමට මෙතරම් උර දෙන ස්ත්‍රියට බුදු වන්නට වරම් නැතිද? පහත වීඩියෝව මගින් එහි සත්‍ය අසත්‍යතාව ඔබම තීරණය කරන්න.

ජල පොකුණකට වැටුණු කපුටෙක් බේරාගත් වලසාගේ ලොවක් විමතියට පත්කළ වීඩියෝව.

විපතකට පත්ව සිටින අයකු ඉන් මුදා ගැනීම විශිෂ්ට ගුණාංගයක් වනවා. ලාංකිකයින්ගේ එම ගුණය ඉහලින්ම පවතින බව පසුගිය සමයේ බලපෑ ආපදා තත්ත්වයේදීත් දැකගන්නට ලැබුණා. ඒ අයුරින් විපතට පත්ව සිටි සත්ත්වයකුට පිහිට වූ විස්මිත වලසකු පිළිබද කතාවයි මේ.

ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා -රුවන්ති මංගලා.- Photos

සෑහෙන කාලේක ඉදලා ඇය පුංචි තීරයේ ආදරණීය අම්මා වුණා. අදටත් ඇය පුංචි තීරයේ අම්මයි. රුවන්ති මංගලා. නපුරු අම්මා අහිංසක අම්මා විතරක් නෙමෙයි ආදරණිය අම්මා වෙන්නත් ඇයට පුළුවන් වුණා. නිර්මාණවලින් ඉදහිට හෝ දකින්න ලැබෙන ඇය ගැන කතා කරන්න හිරු ගොසිප් හිතුවා. මේ රුවන්ති හිරුත් එක්ක කළ කතාබහයි.

මේ දවස්වල පුංචි තිරයත් එක්ක රුවන්ති කාර්යබහුල වෙලාද..?
මම කොයිම වෙලාවකවත් වැඩ බදාගෙන නිර්මාණ දෙක තුනකට එකවර සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. හොද නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා නිදහසේ වැඩ කටයුතු කරගන්නවා. ලොකුවට කාර්ය බහුල වෙන්නේ නැහැ.

ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු.. ආයෙමත් දකින්නේ අම්මාගේ චරිතයෙන්ද..?
මම අලුත් නාට්‍යකට සම්බන්ධ වුණා. වර්ණ කියලා. මේ නාට්‍යයේ ඉන්නෙත් අම්මාගේ චරිතයම තමයි. නමුත් චරිතය මම මිට කලින් කළ අම්මාගේ චරිත වලට වඩා සෑහෙන වෙනස්. මැදි වියේ ඉදලා වයසට යන චරිතයක් සැමියාගෙන් ඉවත් වෙලා වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන චරිතයක්. දැන් හදන මෙගාවලට මේ නාට්‍ය හොඳ උත්තරයක් වෙයි. මොකද දැන් බිහි වෙන නාට්‍ය හින්දි නාට්‍යවල කොපිනේ. ස්වයං නිර්මාණ බිහි වෙනවත් අඩුයි. නිර්මාණකරුවන්ට ඕන කොටස් ගණන වැඩි කරගන්නයි. කොලිටි එක බලන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපටියකටත් සම්බන්ධ වුණා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිණියක්. කලාව ගැන ඔබ කලකිරීමෙන් වගේ ඉන්නේ..?
ඔව්. දුකක් තියෙනවා. ඉස්සර බිහිවුණු නිර්මාණ දිහා බලද්දී දැන් බිහිවෙන්නේ මොනවාද කියලා හිතෙනවා. රංගන ශිල්පින් කියන්නේ පිටපතේ තියන චරිතය රගන්න ඕන. නමුත් දැන් දෙබස් විතරයි තියෙන්නේ. රගපාන්න දෙයක් නැහැ. ඒ වගේම අපිම ඇදුම් හදා ගන්න ඕන. බජට් ලෝ.මෑතකදී මට කතා කළ මෙගා නාට්‍ය බොහොමයකට මම අකමැතියි කියලා ප්‍රතික්ෂේප කළා. බැහැ කිව්වත් ආරාධනා නම් ලැබෙනවා.

මවගේ චරිතයෙන් මිදෙන්න කැමති නැද්ද..?
මම රංගනයට ආ කාලේ ඉදලා කාලයක් යනකල් තිරයේ පෙම්වතිය වුණා. දැන් මගේ දුවට වයස 18යි. පුතාගේ වයස 17යි. ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම. මට දැන් පෙම්වතියගේ චරිත රගපාන්න බැහැ. එහෙම වුණොත් ඒක විහිළුවක් වෙයි. මම හිතනවා මම අම්මාගේ චරිත කරන්නේ වෙනස් විදිහට කියලා. ඒ නිසා කොටුවීමක් විදිහට මම දකින්නේ නැහැ. සමහ නිර්මාණකරුවෝ මට කතා කරනවා මිට කලින් රගපෑ අර චරිතයේ අම්මාව මේ පිටපතෙත් ඉන්නේ. ඒ විදිහට හැසිරෙන්න ඕන ඒ චරිතයමයි ඕන කියලා. ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා.කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා. මම එක තැනකදී කළ චරිත නිරුපණය යළිත් කරන්නේ නැහැ.

ඔබේ දරුවන් දැන් දැනුම් තේරුම් තියෙන වයසක ඉන්නේ. ඔබව විවේචනය කරන්නේ නැද්ද..?
දැන් යන නිර්මාණ දකිද්දී ඒ දෙන්නා වැඩිපුරම කරන්නේ විවේචනය කරන එකයි. මම රගපාන ඒවා බලලත් ඒ දෙන්නා හොද නරක කියනවා. වැඩිපුරම ඉතින් විවේචන තමයි.

දරුවෝ දෙන්නා ඔබට රඟපෑවා ඇති ගෙදරට වෙලා ඉන්න කියන්නේ නැද්ද..?
මම රගපානවට මුල් කාලේ නාමල් කැමති වුණෙත් නැහැ. ඒ නිසා විවාහ වෙලා රගපෑමෙන් ඉවත් වුණා. දරුවෝ දෙන්නා ලැබිලා අවුරුදු හතකට පස්සේ තමයි ආයෙමත් රගපාන්න පටන් ගත්තේ. ඒ මුල් කාලේ මම වැඩවලට ගිහින් පැයක් දෙකක් ගියාට පස්සේ මට කතා කරලා අහනවා අම්මා දැන්මම එන්නේ නැද්ද කීයටද එන්නේ කියලා. දැන් දන්නවා මම ගියොත් එන්නේ හවස් වෙලා කියලා. ඒක දැන් ඒ දෙන්නට පුරුදුයි. නාමල්ගේනුත් මට බලපෑමක් නැහැ. මම කොහොමත් දුර වැඩ දාගන්නේ නැහැ.

මොන දේ කළත් රුවන්ති කියන්නේ වඟකීම් ඉටු කරන මවක් බිරිඳක්ද…?
ඔව්. නාමල්ව විවාහ වුණ දවසේ ඉදලා එයාගේ වැඩ සේරම මගේ අතින් කරලා දුන්නු නිසා අදටත් මම කොහේ ගියත් එයාගේ වැඩ කරලා තමයි යන්න ඕන. දරුවෝ දෙන්නා ගැනත් මම බලනවා. පවුලට මම මුලිකත්වය දෙනවා. වඟකීම් නම් පැහැර හරින්නේ නැහැ.

නාමල්ගේ අසනීප තත්ත්වය දැන් හොදටම සුවයිද..?
දැන් නම් ගොඩක් හොදයි. හොදින් ජිවත් වෙනවා. සංගීත ප්‍රසංග සම්බන්ධ වෙනවා. එයාට උදව් කළ අය නිසයි එයා දැන් මේ තත්ත්වෙන් ඉන්නේ.

ආයෙමත් දේශපාලනයට යොමු වෙන්න රුවන්ති අර අදිනවා කියලා ආරංචියි..?
ගිය වතාවේ උත්සහා කරා. ඒත් අවස්තාවක් ලැබුණේ නැහැ. මම දැන් පදනමක් පවත්වාගෙන යනවා මගේ නමින්. මම කොහොම හරි ආයෙමත් ඡන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි දේශපාලනය කරන්න ආසාවක් තියෙනවා. අවස්ථාවක් ලැබෙනකල් උත්සහා කරනවා.
උපුටා ගැනීම:හිරු ගොස්සිප්.

මියගිය ප්‍රින්ස් ගැන දයාන් විතාරණ මහතා තෑබු සටහන

අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට ටික වෙලාවකට පෙර නවලෝක රෝහලේදී අවසන් සුසුම් හෙළු බව තහවුරු විය .2002 වසරේ මා ගායකයෙක් වන කල ඔහුගේ සීගිරියේ කුරුටු ගීත ගීතය කෙතරම් ජනප්‍රිය වීද යත් එම කැසට් පටය මිළදී ගැනීමට දිගු පෝලිම් තිබු බව මතකය .

අතිශයින් ජනප්‍රිය වූ රසික සිත් දිනා ගත් සංවේදී ගායකයෙකු වුවද අප යන මොහොත ආ විගස අප නික්ම යා යුතුය .කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සුව දුක් බැලීමට මා රෝහලට ගොස් ඔහු වඩාත් සුව අතට හැරෙමින් ඇති බව දන්වා සිටි මගේ මුහුණු පොතේ සටහනට ලැබුනු ප්‍රතිචාර ඉමහත්ය .කෙසේ හෝ ප්‍රින්ස් දැන් අප අතර නැත .වයස 47ක් වැනි කෙටි ආයු කාලයකින් ඔහු නික්ම යෑම කෙතරම් අභාග්‍යයක්ද .ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොයුරාට අමා මහ නිවන් සුව පතමි.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමු ගනී.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට සුළු මොහොතකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. දැඩි ලෙස රෝගීව කලක් රෝහල් ගතව සිටි ඔහු මීට සුළු මොහොතකට පෙර ජීවිතයෙන් සමු ගත්තා.

සිද්ධ වුණු දෙයට මම සමාව ගත්තා. මම වැඩසටහනෙන් ඉවත් වෙනවා – රහල් අල්විස් කියන කතාව

එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.

මොකක්ද රහල් මේ කරගත්තේ?

ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.

වැඩසටහනේදී රහල්ගේ කටින් පිටවුණු වචන නොහිතා පිට කරපු වචන කියලා අත පිහිදා ගන්න බැහැ නේද?

මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්. මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.

ඒ කියන්නේ රහල් පිළිගන්නවද වුණේ වැරැද්දක් කියලා?

ඔව්. මම වැරැද්දක් කළොත් සමාව ගන්නවා. මම මගේ ෆේස්බුක් එකෙනුත් සමාව ගත්තා වුණු දෙයට. මං ගැන දන්න අය මම කොහොම පුද්ගලයෙක්ද කියලා දන්නවා. මින් ඉදිරියට මගෙන් ඒ වගේ දෙයක් සිද්ධ නොවන තැනට මම කටයුතු කරනවා.

මාළුවා නහින්නෙත් කට නිසා කිව්වලු. කොහොමින් කොහොම හරි රහල් වැඩ වරද්ද ගත්තෙත් කට නිසා නේද?

කට නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මම ඒ වෙලාවේ හිටපු මානසිකත්වය වෙන්නත් පුළුවන්.

ඒ වෙලාවේ හිටපු මානසිකත්වය කියලා කිව්වේ?

මම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න කලින් නිදිමරලා හිටියේ. මේ ඉන්ටවිව් එක ගන්න මොහොතෙත් මම ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච අයට උදවු කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් එදා මගේ අතින් නොවිය යුතු දෙයක් සිද්ධ වුණා. පළපුරුදු නිවේදකයෙක් නම් ඒ අවස්ථාවේදී ලස්සනට වචන ගළපන්න තිබ්බා. පළපුරුද්දක් නැති නිසා වැරැදි ප්‍රකාශයක් මගෙන් පිට වුණා.

බැරි දේවල් කරන්න ගිහින් අනාගත්තා කියලා දැන් හිතෙනවද?

මෙහෙමයි. මම මාස හතක් ඒ වැඩසටහන ඉදිරිපත් කළා. සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අභියෝගය මම ඉටු කළා. මම හැමෝම එක්ක මිත්‍රශීලීව තමයි ඒ වැඩසටහන කළේ. ඒත් එදා ඒ ප්‍රේක්ෂිකාවකගෙන් ආව දුරකතන ඇමතුමට මම පිට කළ වචන වැරැදියි. හැබැයි ඒ හිතාමතා ප්ලෑන් කරලා ගත්ත දුරකතන ඇමතුමක්ද කියලත් හිතෙනවා. නමුත් වෙච්ච දේ වෙලා ඉවරයි.

රහල් සැබෑ ජීවිතෙත් ඔය වගේ පුංචි දෙයටත් තරහා අරගන්න නාහෙට අහන්නේ නැති චරිතයක්ද?

එක එක පුද්ගලයා වෙනස්නේ. අසාධාරණයන් වෙද්දී මම ටිකක් හැඟීම්බරයි. ඒ වගේම මම සංවේදී. තරහා යන ගොඩක් අය සංවේදී. කොහොම වුණත් මේ වුණා වගේ වැරැද්දක් ඉදිරියේදී සිද්ධ නොවෙන්න මම වගබලා ගන්නවා. මම පොළාවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. වැරැද්දක් වුණා නම් ඒක හදා ගන්නත් ඉඩ ලැබෙන්න ඕන.

කට වරද්දගත්ත නිසා දැන් රහල්ට විවේචන ගොඩකට මුහුණ දෙන්නත් වෙලා නේද?

ඔව්. එල්ල වුණු හැම විවේචනයක්ම මම තනියෙන් විඳදරා ගත්තා. මව්බිමෙන් කතා කරලා මේ වෙච්ච දේ අහද්දි තමයි මට කඳුළු ආවේ. මට දුකයි මේ වෙච්ච දේ ගැන. හැබැයි මම මේ සිද්ධ වුණු දේවල් ජීවිතයට හොඳ පාඩමක් කර ගන්නවා.

රහල්ගේ පැත්තට කතා කරන්න හිත මිත්‍රයන්වත් හිටියේ නැද්ද?

මං වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියා. ඒ අය මං වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි ඒ අයටත් සමහරු අසභ්‍ය වචනයෙන් කතා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඒ මිත්‍රයන්ට කිව්වා මං වෙනුවෙන් පෝස්ට් එකක්වත් දාන්න එපා කියලා.

මේ වෙච්ච සිද්ධියෙදි මාධ්‍ය ආයතනයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද රහල්ට ලැබුණේ?

මේ වෙනකල් මාධ්‍ය අයතනයෙන් මුකුත් කිව්වේ නැහැ.

රහල් ඉදිරියේදී නිවේදන කටයුත්තෙන් ඉවත් වෙයිද?

මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා. ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන.

රහල්ට ඔය වැටුණු තැනින් ගොඩ එන්න පහසු වෙයිද?

මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම අමාරුවෙන් මේ තැනට ආවේ. නමුත් මම වැටුණා. මාව වැට්ටුවා. මුළු සමාජයම මාව පෑගුවා. ඒ ගැන කිසිම තරහක් නෑ. ඉස්සරහට හොඳ වැඩ කරගෙන ජීවත් වෙනවා. අමාරුවෙන් හරි ආයෙත් නැඟිටිනවා.

ඉදිරියේදී කරන කියන දේවල් ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද?

අනිවාර්යයෙන්ම. මම ඒ දේවල් හදාගන්නවා. එදා වුණු දේ ආයෙත් වෙන එකක් නැහැ. මම මේ වෙලාවේ දෙයක් කියන්න ඕන.

ඒ මොකක්ද?

සමාජ මාධ්‍යවල පේජ් කරන ඇඩ්මින්වරු ගැන දෙයක් කියන්න ඕන. ඒ අය ගොඩක් දක්ෂයි. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙනියන්න ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

රහල්ට පන්න පන්න ගැහුව පේජ් ඇඩ්මින්වරුන්ගේ ඔළුව අතගාන්නද ඔය ලෑස්ති වෙන්නේ?

නෑ. නෑ. ඒ පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි. පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා.

ලැබුණු පබ්ලිසිට්යත් අරගෙන රහල් ගීත එකපිට එක ජනප්‍රිය කරගන්නත් උත්සාහ ගනියිද?

ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක්, ඵථඵ වලින් ආපු ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ. මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.

– තිළිණි කෞශල්‍යා විජේසිංහ
මුලාශ්‍රය – මව්බිම

මිතුරන්ටත් බලන්න Share කරන්න…

තේජව බලන්න මම දැන් යන්නෙ නැහැ – මගේ නංගි වෙනුවෙන් ජීවිතයම කැප කරනවා.

හැමදාමත් පෙම්වතාගේ චරිතය කරපු අමිල අබේසේකර ඒකෙන් මිදෙන්නේ කවදද?
අලුත් ටෙලිනාට්‍යයේ මම පෙම්වතෙක් නෙමේ. ඒකෙ කොතැනකවත් මට පෙම්වතියක් නෑ. මම මගේ නංගිව බලාගන්න, නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරන අංගම්පොර ඉගෙන ගන්න චරිතයක්. ඒක වෙනස් චරිතයක් වෙයි.
ඔය හැම වැඩක් එක්කම ටිකක් නිවාඩු පාඩුවක් ලැබුණාම අමිල මොකද කරන්නේ?
නිදහසේ ඉන්නවනම් මම ඔය ගෙදර ඉන්න හරි ආසයි. ඒ වගේ වෙලාවට ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා. ගෙදර ඉන්නකොට තමයි ඉතින් මගේ වැඩ කරගන්න වෙන්නේ. බඩුවක් මුට්ටුවක් ගන්න ඕනෙනම් ඒක ගන්න, බැංකු වැඩවලට යන්න, බිල් ගෙවන ඒවාට යන්න, මේ දේවල් කරද්දි ඉතින් වෙලාව යනවා තේරෙන්නෙ නෑ.

පහුගිය දවස්වල තේජාත් ලංකාවට ආවා නේද..?
ඔව්… තේජා පහුගිය දවස්වල ලංකාවට ආවා. එයා අවුරුදු කාලේ ඉඳන්, ඒ කියන්නේ අප්‍රේල් මාසෙ ඉඳන් හතර පස් වතාවක් ළඟ ළඟ ලංකාවට ආවා ගියා.
වෙනදාට තේජා බලන්න අමිල ලංකාවෙන් ගියා. දැන් අමිලව බලන්න තේජා ලංකාවට එනවා… මොකද මේ?
ඔව්… ඔව්… ඒකනම් ඇත්ත. වෙනදාට මම තමයි තේජා බලන්න එහෙට ගියේ. ඒත්… මේ දවස්වල ෂූටිං වැඩ නිසා මේ දවස් ටිකේ මට යන්න විදිහක් නෑ. ඒ නිසා දැන් මේ දවස් ටිකේ මාව බලන්න තේජා මෙහාට එනවා.

කොහොමද තේජාගෙන් ඔයාගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය?
ඒකනම් ඉතින් හැමදාම කියනවා වගේම උපරිමයෙන් මට එයාගෙන් ලැබෙනවා. එයා තමයි මගේ ටෙලිනාට්‍ය බොහොමයක් බලන්නෙත්. එහෙම බලලා මගේ අඩුපාඩු කියන්නෙත් එයා. තිර පිටපතක් එයා ඉඳිද්දි මට ලැබුණොත් එයා ඒක ඉක්මනට කියවලා මට කතාව කියලා දෙනවා.
අද වෙද්දි ඇතැම් කලාකරුවන්ගේ විවාහ බැඳීම් පවතින්නේ බොහොම ටික කාලයයි. එක වහලක් යට ඉඳගෙනත් වෙන්වෙන මොවුන්ගේ ජීවිත ගැන මොකද හිතෙන්නේ.. තේජායි අමිලයි රැකියා කටයුතු නිසා ඉන්නේ දෙතැනක..?
ඕනෑම ප්‍රශ්නෙකට විසඳුම තියෙන්නෙත් තමන් ළඟයි. තේරුම් ගැනීම හා විශ්වාසය තියෙනවානම් කාටවත් ජීවිතේට ඇඟිලි ගහන්න බෑ. තේජා කියන කෙනාව මම වගේම එයත් එක්ක වැඩ කරන හැමෝම දන්නවා එයා කවුද කියලා. ඒ නිසා මට අමුතුවෙන් එයා ගැන හොයන්න බලන්න දෙයක් නෑ. එයා දන්නවා තමන් කොහොමද වැඩ කරගන්න ඕනෙ සහ තමන් කොහොමද ඉන්න ඕනෙ කියලා. ඒ නිසා මට එයා ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.

එතකොට තේජාට ඔයා ගැන හොයන්න ඕනෙ නැද්ද..?
ඒක ඇත්ත. තේජාට මගේ ගැන තමයි හොයන්න ඕනේ. මොකද මේ කලා ක්ෂේත්‍රය නිසා අපි ගැන කතා හැදෙනවා වැඩියි. ඒකත් මම පුළුවන් තරම් රැකගෙන තමයි ඉන්නේ. සමහරුනම් කතා හදනවා ඇති. මොකද අපි ඉන්න විදිහට. අද කාලේ හොඳ කියනවා හරි අඩුයිනේ. ඒත්… මට කියන කතාවලට මට ගාණක් නෑ. මම දන්නවා මම කවුද කියලා. ඒ නිසා තේජා මගේ ගැන හොඳට දන්නවා. අනික තේජා දුරස් කියලා අපිට දැනෙන්නේ නෑ. තේජායි මායි සතියකට සැරයක් සති දෙකකට සැරයක් මුණගැහෙනවා. ඒ නිසා ඒක ලොකු ඈත්වීමක් කියලා මට දැනෙන්නෙ නෑ.
කාලයක් රියැලිටි ෂෝ නිවේදනය කරපු අමිල මේ දවස්වල රියැලිටි ෂෝවලට නිවේදනයෙන් දායක වෙන්නේ නෑ. මොකද ඒ ගැන ඉන්නේ කලකිරීමෙන්ද…?
නෑ.. දැනටම මම රුපවාහිනියේ ප්‍රචාරය කරන රිදම් චැට් වැඩසටහන කරනවා. මීට අවුරුදු ගාණකට උඩදි එක රියැලිටි වැඩසටහනක් කළා. ඊටපස්සේ ඒ නාලිකාව වෙනස් කරන්න වෙන්න ඇති ඒක වෙනස් කළා. ඊටපස්සේ නම් මම රියැලිටි ෂෝ වැඩසටහන්වලට සහභාගි වුණේ නෑ.
කවදා විතර තමන්ගේම නිවසක පදිංචිවේවිද..?
ඉඩමක්නම් අපි දෙන්නා අරගෙන තියෙන්නේ. තාම ගේ හදන්න පටන් ගත්තේ නෑ. අලුත් පන්නයේ අපේ අතේ ඇති මුදලට සරිලන ගෙයක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. තේජා ලෝකෙ රටවල්වලින් නොගිය රටක් නැති තරම්. මමත් රටවල්වල සංචාරය කරලා තියෙනවා. ඉතින් ඒ රටවල්වල ගෙවල්, හොටෙල් වලින් අපි දෙන්නගේ ඔළුවේ එක එක අයිඩියා තියෙනවා. ඒ නිසා ඒ අයිඩියාවලින් අපේ ගාණට ගැලපෙන හොඳ ගෙයක් අපි දවසක හදනවා.

මොනවද තියෙන බලාපොරොත්තු..?
මම එක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ මුලු වරුසා ටෙලිනාට්‍ය. ඉතින් තව ටෙලිනාට්‍යයක් අපි මේ අවුරුද්දේ අන්තිම කරන්න හිතාගෙන ඉන්නවා.
උපුටා ගැනීම :දේශය.

►Text – Dishani / Pic – Sumudu

‘‘කාමසුත්‍රයේ ක්‍රම 364 න් 42 ක් මම දන්නවා“ – ‘‘තොල්පෙති අතරින්“ රඟපෑ ශාමි කුමාර් – Photos – Exclusive

‘‘තරුණයෝ කෙලින්ම ගාණ කීයද කියලා අහනවා“
‘‘නමුත් මම කවදා හරි ගණිකාවක් වෙනවා..“
‘‘නම්බුව මට සල්ලි හම්බකරලා දෙන්නේ නැහැනේ..“

ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන රටක්. නමුත් ඉන් එහාට ගිහින් ප්‍රසිද්ධිය උදෙසා නිරුවත් වෙන හෝ අඩනිරුවත් වෙන අය නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. නිරුවත මාකට් කරන කෙනෙක් හැටියට ශාමී කුමාර්ව හඳුන්වන්න පුළුවන්. තොල්පෙති අතරින් කියන චිත්‍රපටයට වගේම බොහෝ DVD චිත්‍රපටවලට නිරුවත් වුණු කෙනෙක්. ඒ නිසාම ඇය සිරබත් කෑ කෙනෙක්. මේ ඇයත් එක්ක හිරු ගොසිප් කළ සංවාද සටහනයි.

ඔබව ජනතාව හදුනා ගත්තේ තොල්පෙති අතරින් කියන DVD චිත්‍රපටය නිසයි. ඒ නිසා ඔබ සිරගෙදරට ගියා. මුලින්ම ඒ ගැන කතා කරමු..?
ගිය අවුරුද්දේ මුල තමයි මට හිරේ යන්න වුණේ. ඒ චිත්‍රපටය නිසා. මම හිරේට ගියේ වරදක් කරලා නෙමෙයි. චිත්‍රපටයට නිරුවත් වුණා කියලයි. මම නිතිය දන්නේ නැහැ. මම ඉගෙනගෙන තියෙන්නේ 11 වසරට වෙනකල් විතරයි. මම පොලිසියට කිව්වා මම වැරදි නැහැ බිරිඳක් සැමියා එක්ක ලිංගිකව හැසිරෙන දර්ශනයකට මම නිරුවත් වුණා විතරයි කියලා. ගොඩක් අය කිව්වා බොරු කියන්න ඇත්ත කියන්න එපා. එළියට යන්න බැරි වෙයි හිර ගෙදරම තමයි ඉන්න වෙන්නේ කියලා. නමුත් බොරු කියනවට වඩා හොඳයි ඇත්ත කියන එක කියලා හිතලා මම ඇත්ත කිව්වා. දවස් දහයකින් පස්සේ හිරෙන් නිදහස් වුණා. හිරේට ගිය පළවෙනි දවසේ නම් මම ලජ්ජාවෙන් හිටියේ. පස්සේ එළියට වඩා නිදහස් කියලා හිතුණා.

ඔබ බොහෝ තැන්වල නිරුවත් වෙන නිසා ඔබට අයුතු යෝජනා එනවා ඇති නේද..?
අපොයි ඔව්. සමහර තරුණයෝ මගෙන් කෙලින්ම ගාණ කියාද කියලා අහනවා. උදේ දෙක තුන වෙනකල් සමහර කොල්ලෝ මාත් එක්ක චැට් කරනවා. නමුත් මට කිසිම හැගීමක් නැහැ ඒ ගැන. මට හැගීමක් නැතුව කිසි කෙනෙක් එක්ක මම ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ඒ වගේම මම නිලියක් කියලා මම ඒ දේ කරන්නෙත් නැහැ, සමහර නිලියෝ වගේ.

DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ ඇයි. කලාව නෙමෙයිද වැදගත් නිරුවත පෙන්වීම විතරද..?
නිරුවත පෙන්නුවා කියලා කාටවත් කියන්න බැහැ මම sex කරනවා කියලා. විදේශ චිත්‍රපටිවල දර්ශන රූපගත කරන්නේ ඇත්තටම ලිංගිකව හැසිරිලයි. කැමරාවට පෙන්න විතරක් නෙමෙයි. මම එහෙම කරනවා නෙමෙයිනේ. කොහොම වුණත් කියන්න ඕන මම DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ මට ලැබෙන මුදල වැඩි නිසයි. ඒ වගේම පොඩි කාලයයි රූගත කිරීම් වලට යන්නේ. ඒ වගේම සල්ලි හම්බකරන්න ඕන. කලාව කියලා සල්ලි හම්බ නොකර හිටියට වැඩක් නැහැ. මට වටින්නේ මුදල විතරයි. මම මුදලට නිරුවත් වෙනවා.

ජනප්‍රියත්වය ඔබට නොලැබෙන නිසා ප්‍රසිද්ධිය උදෙසා ඔබ නිරුවත් වෙනවා කිව්වොත්..?
ඔය කියන ප්‍රසිද්ධියත් මට නම් වදයක්. මම සමහර දවස්වලට නිදා ගන්නේ පාන්දර දෙක තුනට. බොහෝ අය මාත් එක්ක කතා කරනවා. ඒ මගේ නිර්මාණවලට ආදරේට නෙමෙයි. ඒ අයත් එක්ක ලිංගිකව හැසිරෙන්නයි.

නිරුවත පෙන්නලා මුදල් හම්බ කළත් ඔබට හිතෙන්නේ නැද්ද ඔබට ලොකු හානියක් වෙනවා. සමාජයෙන් කොන් වෙනවා කියලා..?
මොන දේ වුණත් කිව්වත් ඒවා මට අදාළ කරගන්නේ නැහැ. මට ඕන දේ මම කරනවා. නම්බුව මට සල්ලි හම්බකරලා දෙන්නේ නැහැනේ. මනුස්සයෙක් උපත ලබන්නේ අම්මා කෙනෙකුගේ යෝනියෙන්. තනපුඩුවලින් කිරිබීලයි වැඩෙන්නේ. එහෙනම් ඇයි ගැහැණිය දිහා වැරදියට බලන්නේ. ඇත්තම කිව්වොත් සමහර පිරිමි වැඩට යනවා කියලා ගැහැණු එක්ක යහන්ගත වෙනවා. බිරිද හිතන්නේ සැමියා වැඩ කියලා. නමුත් හොරෙන් කරන වැඩ. හොරෙන් කරනවට වඩා මම කෙළින් එළිපිට කරන එකද වැරදි.

ඒ කියන්නේ ඔබත් ගණිකාවක්..?
නැහැ. මම ගණිකාවක් විදිහට මුදල් හම්බ කරන්නේ නැහැ. නමුත් මම කවදා හරි ගණිකාවක් වෙනවා. ලංකාවේ බැරි වුණත් පිටරට හරි. මම කාමසුත්‍රයේ තියෙන ක්‍රම 364 න් 42 ක් දන්නවා. මම කැමතියි ගණිකාව කියන එක හරියට උගන්වන්න ඒවා යොදලා.

නප්‍රිය පිරිමින්ගෙන් ඔබට යහන්ගත වෙන්න ඇරයුම් ලැබෙනවද..?
ඔව්. නමුත් මම යන්නේ නැහැ.

ඔබට දියණියක් ඉන්නවා. ඇයට ඔබ නරක ආදර්ශයක් කිව්වොත්..?
මගේ දුවට වයස අවුරුදු 5 යි. මම එයාට ඕන සැපසම්පත් දැනටම දෙනවා. ලස්සන අනාගතයකට එයාට අවශ්‍ය දේවල් මම දෙනවා නම් එච්චරයිනෙ.

උපුටා ගැනීම :හිරු ගොස්සිප්.

 

සල්මන් ඛාන් කියන්නේ සුපිරි චිත්‍ර ශිල්පියෙක් බව දන්නවද? – බලන්නකෝ ඔහුගේ හැකියාව.- වීඩියෝ.

ඊද් උත්සවය ඇරඹෙනවාත් සමගම තමාගේ නවතම චිත‍්‍රපටිය එළිදක්වන්නට සල්මන් ඛාන් මේ දිනවල වෙහෙස මහන්සි වෙමින් සිටියි. ‘ටියුබ්ලයිට්’ නැමැති මෙම නවතම චිත‍්‍රපටිය කෙරෙහි සල්මන් වැඩි බලාපොරොත්තු දල්වාගෙන සිටියි. මෙය ඔහු හා ඔහුගේ මව විසින් නිෂ්පාදනය කෙරෙන අතර කබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

සල්මන් ඛාන්ව බොහෝ දෙනෙකු හඳුනන්නේ නළුවෙකු ලෙසින් පමණක් වුවද ඔහුට චිත්‍ර ඇඳීමට සහජ හැකියාවක් තිබෙන බවද සමහරු දනිති. ටියුබ්ලයිට් චිත‍්‍රපටියේ රූගත කිරීම් අතරතුරදී ඔහුගේ චිත‍්‍ර ඇඳීමේ කුසලතාව යළිත් මතු වී තිබේ. ඔහු චිත‍්‍රයට නගා තිබුණේ ජේසුතුමන්වය. ඔහුගේ මෙම චිත‍්‍රය දුටු සියලු දෙනාම එය අගය කර තිබේ. ඔහුගේ චිත‍්‍ර නවීන පන්නයේ ඒවා පමණක් නොවේ. ඔහුගේ පින්සල්වලින් අඳිනු ලබන සෑම ඉරකින්ම කිසියම් කතාවක් කියවේ. එමෙන්ම ස්වභාවික පෙනුමෙන් යුතුවේ.

ඔහු බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ ජේසුතුමාගේ මෙන්ම ශිව දෙවියන්ගේ රූපය චිත‍්‍රයට නගනු ලබයි. සිය දුෂ්කර කාලවලදී බීමට ඇබ්බැහි වී සිටි සල්මන් ඛාන්ගේ චිත‍්‍රවලට ඇති හැකියාව යළිත් අවදි වී ඇති බව මෙම චිත‍්‍රය නැරඹු සියලු දෙනා පවසා තිබේ.

සල්මන් ඛාන් අඩු කාලයකදී සිතුවමක් අඳින ආකාරය සහිත වීඩියෝවක් පහතින් …

මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුණා.. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා

සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම් රැසකට උරුමකම් කියන ඇයගේ මතයන්, අදහස්, ස්වභාවයන් මතුවන ආකාරයේ ප්‍රශ්ණ කිහිපයක් අපි ඇයගෙන් ඇහුවා. මේ තියෙන්නෙ ඇය දුන්න පිළිතුරු.

1. චතුරිකාගේ වයස කීයද – 36 යි

2. ජීවිතයේ අමතක නොවන සිදුවීම – 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම

3. ‍චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම – ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.

4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 – තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්

5. කැමතිම ගැහැණු චරිත 3 – අම්මා, මාලනී ‍ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්

6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන – 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.

7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ‍ෆොන්සේකා

8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.

9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.

10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.

11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.

12. මේ අය ගැන කෙටියෙන් කියන්න –

a. ජැක්සන් ඇන්තනී – ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.

b. මෛත්‍රිපාල සිරිසේන – හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.

c. ගයාන් වික්‍රමතිලක – මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.

d. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.

13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.

14. අනාගත බලා‍පොරොත්තුව – හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පිණියක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.