බීල චොර වෙන් නැතිව මෙහෙම ආතල් එකක් ගන්නවානම් පට්ට නේද ?.- වීඩියෝ

කොල්ලොනේ….ගමෙනේ….බොනවනේ…….මේ වචන ටික සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වෙලා දැන් සාමාන්‍ය ව්‍යවහාරයටත් එකතු වෙලා. කොල්ලෝ බොන එක නවත්තන්න අපිට බැහැ. එක වෙනම කාරණයක්. එත් අපි දකිනවනේ බීල කරන දේවල්. මිනී මරා ගන්නවා. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, සමාජ විරෝධී දේවල්. මේවානම් මහා “චොර වැඩ” මොකද බීල අනිත් යට කරදරයක් වන එක වාතයක්නේ….
එත් සමහරු බීවට පස්සේ කරන දේවලින් නොබී ඉන්න අයත් ගොඩක් සතුටු වෙනවා. මොහොතකට හරි කෙනෙකුගේ හිතට සතුට ගෙන එන්න පුලුවන්නම් එක ලොකු දෙයක්. ලංකාවේ කොල්ලෝ ටිකක් පොඩි “අඩියක්” ගහන ගමන් ලස්සන සින්දුවක් ගායනා කළා. ඇත්තටම මේ ගීතය අහද්දී හිතෙයි ඔවුන් මධුවිත පානය කලත් , මොන තරම් සංයමයෙන්, අලංකාරව ගායනය සහ වාදනය කරනවාද යන වග.

“එවන් මහතෙකුගේ මිතුරෙකු වීම ද ආඩම්බරයකි” – ටෙනිසන් කුරේ තෙවරප්පෙරුමගේ නිවසට ගොස් කළ වැඩේ (PHOTOS)

“ඔබ තුමාගේ සමාජ මෙහෙවර සියලු දේශපාලන නායකයන්ට ආදර්ශයකි.එවන් මහතෙකුගේ මිතුරෙකු වීම ද ආඩම්බරයකි.”
මේ සටහන උපුටා ගත්තේ රංගන ශිල්පී ටෙනිසන් කුරේ විසින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙත එවන ලද ලිපියක් ඇසුරිනි.

පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලීම අනුව ගංවතුරෙන් අවතැන්වූ   පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ ලබාදෙමින් ඔහු මේ ලිපිය ලියා තිබෙනවා.

තමන් කිසි දිනක දේශපාලනය සමග වැඩකර නැති බව පවසන ඔහු ඊයේ (3) අමාත්‍යවරයාගේ නිවසට පැමිණ ඔහුත් සමග ගොස් මෙම අවතැන්වූ   පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ බෙදා දී තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප සහ ඔහු ලියා දුන් ලිපිය පහතින් දැක්වෙනවා.


මෙන්න නියම මියුසික් වැඩකාරයෝ ටිකක්.

අපේ රටේ තරුණයන් ගැන විවේචන ගොඩක් එල්ල වනවා. තම තරුණ ජීවිතය කිසිඳු වැඩකට නැති දේ වලට, මත්පැනට, වෙනත් මත්ද්‍රව්‍ය වලට විනාසවන්නට හැර දමන විශාල පිරිසක් සිටීම එක හේතුවක්. ඊටත් වඩා තරුණ හිත්වලින් කලාව ඈත් වීම නිසා සංවේදී නැති මිනිසුන් බිහිවීම ගැනත් බොහෝ සේ කතා බහට ලක්වෙනවා.
ඇත්තටම ලංකාවේ තරුණයන් කලාවෙන් ඈත් වෙලා කිසි හරයක් නැති නිර්මාණ පසු පස හඹා යන තත්වයකට පත් වෙළද?, නැතිනම් ඔවුන්ගේ රසඥතාව හීන වෙලාද? කෙසේ නමුත් මේ අතර උසස් රසඥතාවක් ඇති, මනා හික්මීමක් ඇති, තරුණ තරුණියන් නැතුවාම නොවේ… ඊට කදිම උදාහරණයක් අන්තර්ජාලයෙන් හමුවුනා. මෙයාල මොන තරම් දක්ෂද කියල බලන්නකෝ පහත වීඩියෝවෙන්..
ඔයාලගේ හිතට වැදුනානම් මේක share කරලා තවත් යට ඔවුන්ගේ හැකියාව පෙන්වමු.

ලොව වටා බයික් එකකින් ගොස් ලංකාවේ කොල්ලෙක් වාර්තාවක් තියයි.

ශ්‍රී ලංකාව ලෝකයේ ‘තිත’ක් බඳු කුඩා දූපතක් වුවත් ඇතැම් අවස්ථාවල ලාංකිකයන් පෙන්නුම් කරන වැඩ-කිඩ නම් කුඩා නොවන වග ඉතිහාසය හාරා ඇවිස්සීමේ සිට වර්තමානය දක්වාම මනාව පිළිබිඹු වේ. එවන් වික්‍රමාන්විත රජ වැඩක් කරමින් ලාංකිකයන් පමණක් නොව ලෝකවාසීන්ද මවිත කළ ලක් පුතකු පිළිබඳ කතාවකි මේ. රටවල් අසූවකට වැඩි ප්‍රමාණයක් හරහා යතුරු පැදියකින් ගිය ඔහු ඩිලන් සමරවික්‍රමය. ඩිලන් මෙසේ යතුරු පැදියෙන් කරක් ගැසූ රටවල් බොහොමයක් කෙනකු ලේසියෙන් නොයන එසේම කෙනකුට ලේසියෙන් යෑමට ද නොහැකි රටවල් වීම ‍විශේෂයකි. එවන් රටවලදී ඔහු ලද අත්දැකීම් ද අපූරුය.
යතුරු පැදියකින් දිගු ගමනක් යෑමක් පිළිබඳ අප අසා තිබුණේ 1952 වසරේදී අර්නස්ටෝ චේ ගුවේරා කිලෝ මීටර් 8000ක් පුරා දකුණු ඇමෙරිකාව හරහා ගිය ගමනය. මේ මහා විප්ලවවාදියා විසින්ම රචිත ‘The Motor Cycle Diaries ‘නමැති ග්‍රන්ථයේ ඔහුගේ ගමන් අත්දැකීම් අපූරුවට සඳහන් වේ. අපේ ඩිලන් යතුරු පැදියෙන් ගියේ ලොව වටා ගමනකි. එය හිතන්න පුළුවන් කතා පුවතක් ද? එහෙත් ඩිලන් එම පුවත යථාර්ථයක් බවට පත් කළ අප්‍රතිහත ධෛර්යයකින් යුත් මිනිසෙකි. ඔහුගේ කතාව අපූරුය.
ඩිලන් හැබෑම ශ්‍රී ලාංකිකයකු වුවත් ඔහු කාලයක සිට ජීවිකාව ගෙවනුයේ ස්විට්සර්ලන්තයේ සුන්දරත්වයෙන් අනූන එනෙන්ඩා ප්‍රදේශයේය. ඩිලන්ගේ වික්‍රමාන්විත ගමන ගැන කන වැකුණු මාහට අන්තර්ජාලය ඔස්සේ ඩිලන් හා සංලාප වීමට හැකියාවක් ලැබිණි. ඒ ගමන්වලදී ඔහු ලද අත්දැකීම් අපූරුය. වික්‍රමාන්විතය. විවීධය.
ඩිලන් පවසන පරිදි අතිදුෂ්කර වූත් සුන්දරවූත් ඒ ගමන ගැන සඳහන් කිරීමට පෙර ඔහුගේ ගමනට ප්‍රස්තුත වූ කරුණු කීපයක් ඔහු පුන පුනා පැවසීය.
“මං පොඩි කාලේ සිටම වික්‍රමාන්විත ක්‍රියා ප්‍රිය කරන්නෙක්. ළමා කාලේදීම මගේ සිතේ රසවත් හැඟීමක් ඇති කළ පොතක් වුණේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගේ මඩොල් දූව. එ් සිතිවිලිත් සමඟ පොඩි කාලෙ ඉඳලා මගේ සිහිනයක් තිබුණා ලෝ වටා සංචාරයක් කරමින් ලෝකයේ ලස්සන වගේම විවිධ ජන කොට්ඨාසයන්හි සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරමින් එම ජීවිතවල සුන්දරත්වය සේම කටුකත්වය දැකගැනීමට. ඒ වගේම ඒක මට ඕන විදිහට විඳින්නයි මගේ අරමුණ වුණේ. එහෙම නැතිව කෙනෙක්ගේ මඟ පෙන්වීමකින් පොත-පත පරිශීලනය කරමින් යන ගමනක් මට අවශ්‍ය වුණේ නෑ. එසේම මෙවැනි ගමනක් ගිහිල්ලා ලෝක වාර්තාවක් තියන්ටවත්, ඉතිහාසගත වීරයකු වෙන්ටවත් මට ඕනැ වෙලා තිබුණේ නෑ. මගේ එකම පැතුම වුණේ දේශ ගවේෂකයෙක් වගේ ලෝකය දකින්න. එදා මෙගලන්, කොළොම්බස්, මාකෝ පොලෝ වැන්නන් කළා වගේ මේ ලෝකය දකින්නයි මගේ ඒකායන බලාපොරොත්තුව වුණේ.”
ඩිලන්ගේ රජ ගමනේ අරමුණ කුමක් වුවත් ඔහු කළ වික්‍රමය නම් ඓතිහාසිකය.
“මගේ පොඩි කාලේ සිහිනෙත් එක්ක මීට අවුරුදු 7කට පමණ පෙර 2010 වර්ෂයේ දවසක මං තීරණයක් ගත්තා ලෝකේ වටේ රවුමක් යන්න. ඒකට තෝරගත්තෙ මම ‘බෲස්’ කියන අන්වර්ථ සුරතල් නාමයෙන් හඳුන්වන මගේ මෝටර් සයිකලය. තව කතාවක් තමයි මට කුඩා කාලේ ඉඳලම මෝටර් බයිසිකල් උණකුත් තිබුණා. මගේ ලොකුම විනෝදාංශය තමයි මෝටර් සයිකල් පැදීම. මුලින්ම බයික් එකක් ගත්තෙ අවුරුදු 16දී. එදා පටන් මගේ ආශාව බයිසිකලෙන් ලෝකෙ කොහේ හරි කරක් ගැසීම. මෙහෙමයි ලෝකෙ වටේ යනවා කිව්වම සමහරු එක් එක් විදිහට අර්ථ දක්වනවා. මම කළේ මේ ලෝකය ගෝලාකාරයිනේ. මට අවශ්‍ය වුණේ මෝටර් සයිකලෙන් ගෝලාකාර ලෝකෙ වටේ අංශක 360ක රවුමක් ගිහින් නැවතත් එනෙන්ඩාවල මගේ ගෙදරට එන්න. එහෙම නැතිව ලෝකයේ සෑම රටක් හරහාම ගමන් කිරීමට මට අවශ්‍ය වුණේ නෑ. ඉතින් මම, මගේ ලෝ වටා රවුම අවුරුදු 3 1/2ක් තිස්සෙ එකදිගට රටවල් 80කට වැඩි ප්‍රමාණයකින් ගියා. ඒත් මගේ ගමනට අවශ්‍ය මුදල් ඉවර වුණ හින්දා දකුණු ඇමෙරිකාවේ අර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නගරයෙන් ගමන නතර කරන්න වුණා. මගේ අරමුණ වෙලා තිබුණේ බුවනෝර්ස් අයර්ස්වලින් මෝටර් සයිකලය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්වලට නැව්ගත කරලා මාත් ගුවනින් ගොස් එතැන් සිට බටහිර අප්‍රිකාව දෙසින් ගමන් කොට යුරෝපයට ඇතුළුවී ගෙදර යෑමයි.”
අපේ ශ්‍රී ලාංකේය පුත්‍රයාගේ තරම කෙතරම්ද වග දැන් ඔබට වැටහෙනවා ඇත. එසේනම් මේ ඩිලන් කවුද? 1970 දී ගම්පොළදී මෙලොව එළිය දුටු ඩිලන් තම පියාගේ ව්‍යාපාරික කටයුතු නිසා වත්තලට සේන්දු වී ඇත. වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ හෙතෙම වයස අවුරුදු 16දී පමණ ඉගෙනීම් කටයුතු සඳහා එංගලන්තයට පිටත්ව ගොස් ඇත.
“අපේ තාත්තා පංචිකාවත්තේ ට්‍රැක්ටර් අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒත් අවාසනාවන්ත ලෙස තාත්තා සොර කල්ලියක් විසින් දුම්රියේදී ඝාතනය කරනවා. තාත්තගේ මරණය අපේ පවුලේ ඉරණම් ගමන එහෙම්පිටින්ම වෙනස් කළා. මගේ තාත්තා වෙර වීර්යයෙන් දියුණුවට පත්වෙමින් සිටි කාලයකයි මුදල් පසුම්බියක් වෙනුවෙන් ජීවිතය පුද කළේ. එතකොට මට වයස අවුරුදු 6යි. තාත්තා අප දාලා ගියාට පස්සෙ අපේ පවුල අන්ත අසරණ වුණා. අපි විඳි සැප සියල්ල අහිමි වෙනවා. ඊට මූලිකම හේතුව වුණේ තාත්තා කළේ හවුල් ව්‍යාපාරයක්. ඒ හවුල්කාර දෙන්නා සතපහක දෙයක් අපේ අම්මට දුන්නෙ නෑ. අම්මත් තාත්තගේ ව්‍යාපාර කටයුතු ගැන එතරම් අවධානයකින් ඉඳලා නෑ. මේක නොහිතපු මොහොතක සිදුවුණ දෙයක්නේ. ඇය කළේ මගෙත්, මල්ලිලා තුන්දෙනාගේත් වැඩ කටයුතු කරගෙන ගේ-දොර බලාකියාගෙන සිටීම. පස්සෙ අපි මහ පාරට වැටෙන තරමට අන්ත අසරණ වුණා. මගේ අම්මා‍ බ්‍රිජට් හපුආරච්චි. ඇගේ උත්සාහයෙනුයි පසුව අපි මේ තත්ත්වයට ආවේ” යැයි පවසන ඩිලන් තම බාල සොහොයුරන් තිදෙනා වන තුෂාර, ජයන්ත සහ රොෂාන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතාම හොඳින් ජීවත්වන බව කීවේය.
එංගලන්තයේ ඉගෙනීම් කටයුතු අවසන් වූ පසුව ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වූ ඩිලන් ඉඩ ලද සෑම විටෙකදීම මෙරටට පය තබන බවද පැවැසීය. යුරෝපයට විත් වසර 30ක ඇවෑමෙන් තමාගේ ළමා අවදියේ ජීවන චර්යාවන් සේම සිතුම් පැතුම්හි එක් දෙයක් හැර සියල්ල උඩු-යටිකුරු වූ බව පවසන ඩිලන් ලෝක සංචාරයෙන් පසුව එම පැතුමත් ඉටුවූ බව පවසන්නේ නිහතමානීවය.
“මේ ලෝක සවාරියට කලින් මම විවිධ රට-රටවල සවාරි ඕනෑතරම් ගිහින් තියෙනවා. මං ස්විට්සර්ලන්තයේ සියලු සැපසම්පත් සහිත ඉතාම හොඳ ජීවන තත්ත්වයක් ගෙවන්නෙ. ඒ වගේම මේ ගමන යෑමට පෙර ඉහළ ආදායම් උපයන ව්‍යාපාරයක් මට තිබුණේ. ඒත් ඒ සියලු දේවලට වඩා මගේ සිතේ හැමදාම කොනක පැලපදියම් වෙලා තිබුණා මෙවැනි ලොව වටා ගමනක් යෑම ගැන. දැන් මං ඒ පැතුමත් ඉටුකරගෙන අවසන්.”
අවසන් වතාවට 2016දී මෙරටට පැමිණි ඩිලන් වර්තමානයේ ලේඛකයෙකු, පෞරුෂ වර්ධන දේශකයෙක් සේම චිත්‍රපට කර්මාන්තයේ ද නිරතව වැඩ කටයුතු කරමින් සිටී. මේ වන විට ලෝක සවාරිය අලළා වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින 46 හැවිරිදි ඩිලන් පසුගිය දිනවල මා සමඟ කතාබස් කරන විට එම චිත්‍රපට කටයුතු වෙනුවෙන් පැනමා රාජ්‍යයේ මහා ගන වනාන්තරයකට ඇතුළුවීමට සූදානමින් සිටියේය.
ඔහු ලෝක සංචාරය කළ බීඑම්ඩබ්ලිව් වර්ගයට අයත් මෝටර් සයිකලය රෝද දෙකේ සාමාන්‍ය සයිකලයක් වුවත් එය ඩිලන්ගේ වික්‍රමාන්විත ගමනේදී එක්තරා ආකාරයක රෝද හතරේ වාහනයකට සමාන බඩු කන්දරාවක් රැගෙන ගිය බවක් ඡායාරූප පිරික්සන විට පෙනිණි.
“මුලින් කිව්ව වගේ මට මේ ගමනට කිසිම සැලැස්මක් තිබුණේ නෑ. මඟ පෙන්වන්නන් මෙන්ම මඟ පෙන්වන පොත්පත් මුකුත්ම නෑ. මම කළේ මට හමුවන මිනිස්සුන්ගෙන් නව වටපිටාව හඳුනගෙන ඒ ඔස්සේ ගමන් කිරීමයි. මගේ ළඟ තිබුණේ පුංචි ජීපීඑස් උපකරණයක් පමණයි. එය මං අතරමං වූ තැන්වලදී මාලිමාවක් වගේ ක්‍රියා කළා. ඇත්තෙන්ම මගේ මේ ගමනේදී අතරමං වීමක් කියලා දෙයක් නැහැ. එහෙම වූ අවස්ථාවලුත් මං දැක්කෙ නව ඉසව්වක් දැකගැනීමක් ලෙසයි. මං මේ ගමනේදී වැඩිපුරම ගියේ දියකඩිති, ගල්-ගොඩැලි සහිත ගුරු පාරවල්වල. අධිවේගී මාර්ග, කාපට් ඇතුරු මාර්ගවල යන්නම ඕන අවස්ථාවලයි ගියේ. කොටින්ම රටකට ඇතුළු වුණාම අප්‍රකට, සංචාරකයන් වැඩිපුර නොයන තැන් දකින්නයි වැඩිපුරම ගියේ.”
තමා සතුව තිබූ කුඩා ව්‍යාපාරය විකුණා දමා ලෝ වටා සංචාරය කිරීම සඳහා මුදල් සොයා ගත් ඩිලන් එම සුළු මුදල් ප්‍රමාණය පරෙස්සමින් විය-හියදම් කරමින් ‘බෲස්’ සයිකලයෙන් ලෝකයේ රටවල් 80කට වැඩි ප්‍රමාණයක රිංගමින් කිලෝමීටර් දෙලක්ෂ දසදහසකට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇත. ඒ අතරට තමන්ම නිර්මාණය කරගත් පහුරක් ආධාරයෙන් කිලෝමීටර් 720කට වැඩි දුරක් ගිය ත්‍රාසජනක ගමනක්ද වේ. “මේ කිලෝමීටර් 720 දුර තමයි මේ ගමනේදී මං මූණ දුන්න ත්‍රාසජනකම අත්දැකීම්වලට මුහුණ දුන්නේ. දකුණු ඇමෙරිකාවයි, උතුරු ඇමෙරිකාවයි අතරෙ තිබෙන මධ්‍යම ඇමෙරිකා රටක් වන පැනමාවේ සිට කොලොම්බියාවට ගොඩබිම් මාර්ගයක් නෑ. ඒ නිසා තමයි මට මේ අත්දැකීමට මූණ දෙන්න වුණේ. එතැනදී වෙන්නෙ බෝට්ටුවකින් හෝ ගුවන් යානයකින් ගමන් කිරීමක්. බෝට්ටුවක් කුලියට ගෙන මගේ බෲස්වත් පටවගෙන යන්න තරම් වත්කමක් මට තිබුණේ නෑ. ඒ නිසා මම කළේ මා විසින්ම තනාගත් පහුරක් ආධාරයෙන් පැසිෆික් සාගරය තරණය කරමින් කොලොම්බියාවට යෑම. ඒ වගේමයි මං මෙතෙන්දී පොඩි දෙයක් හිතුවා මොකද මේ සංචාරය සුන්දර වෙන්නෙ ත්‍රාසජනක අත්දැකීමක් ලබමින් ගියොත් කියන එක මගෙ ඔළුවෙ සෑම විටම වැඩ කළා. ඒකයි මං වැඩිපුරම පහුරු ගමන ගියේ.
පෘථිවි ගෝලයේ පිහිටා තිබෙන මහද්වීප හතෙන් මිනිස් වාසය සතු මහද්වීප පහ තුළින්ම ගමන් කළ ඩිලන් මහද්වීපයෙන් මහද්වීපයකට සේම රටකින් රටකට ගිය අයුරු අප හා විස්තර ක‍ෙළේය.
“සාමාන්‍යයෙන් කලින්ම වීසා ඕන කරන රටවලුත් තියෙනවා. ඒ වගේම සමහර රටවල් තියෙනවා දේශසීමාව මායිමේ තිබෙන කාර්යාලවලින් ගමන් බලපත්‍රයේ එරට මුද්‍රාව සටහන් කරගෙන ඇතුළු වෙන්න පුළුවන් රටවලුත්. එහෙම රටවල් තමයි ඇමෙරිකා මහද්වීප දෙක තුළදී බොහෝ විට හමු වුණේ. ඒ තැන්වලදී දේශසීමා කාර්යාලවලදී බලන්නෙ තම රටට ඇතුළුවීමට පෙර එම පුද්ගලයා සිටි රටෙන් නීත්‍යනුකූලව පිටවීමේ මුද්‍රාව සටහන් කර තිබෙනවාදැයි කියා පමණයි. ඒත් කලින්ම වීසා බලපත්‍ර හදා ගත යුතු රටවල් වන ඉතියෝපියාව, සුඩානය, ඉන්දියාව, පාකිස්තානය, ඉරානය ආදි රටවල්වලදී මං කළේ කලින්ම ගමන් බලපත්‍ර හදා ගත්තා.” අවස්ථා කීපයකදී බෲස්ව නැව්ගතකොට තමාද ගුවන් යානයෙන් අදාළ රටට ගිය බව පවසන ඩිලන් ලෝක සවාරියේදී තිබෙන අත්දැකීම්නම් මේ කියන තරම් රසවත් නොමැති බව පැවසුවේ සුසුමක් හෙළමිනි.
“මං හැම තිස්සෙම අඩු වියදමකිනුයි මේ ගමන යන්න උත්සාහ කළේ. මොකද මට එතරම් මුදලක් තිබුණේ නෑ වියදම් කරන්න. ඒ වගේම මෙවන් වික්‍රමයන් තුළදී සැප සම්පත් මානම් කිසි විටෙක බලාපොරොත්තු වුණේ නෑ. මගේ ගමනට බොහොම සරල බඩු-භාණ්ඩ කීපයයි තිබුණේ. මොනවා හරි කෑමට-බීමට රත්කර ගැනීමට පෙට්‍රල් උඳුනයි, කොහේ හරි පරේ අයිනක නිදා ගැනීමට කූඩාරමක්, පුංචි ජීපීඑස් මෙවලමක්. ඊට අමතරව ඇඳුම් කීපයකුයි පමණයි. මට මතකයි මං සමහර ඇඳුම් මාස ගණන් එක දිගට ඇඳන් හිටියා. මට මේ ගමනට ලොකුම උපකාරය කළේ මගේ බෲස්.“ එසේම මෝටර් සයිකල් අමතර ටයරයක් සහ පෙට්‍රල් කෑන් එකක් එහෙමත් රැගෙන යෑමට ඩිලන් වග බලාගෙන ඇත.
මෝටර් සයිකල් පිළිබඳ ඉතාම හොඳ කාර්මික ඥානයකින්ද හෙබි ඩිලන්ගේ ගමනේදී බෲස්ට වන අකරතැබ්බිවලදී ඒ සඳහා අවැසි ආයුධ කීපයක්ද ඩිලන් රැගෙන ගොස් ඇත. සියලු අඩුම-කුඩුම පටවාගත් ඇලුමිනියම් පෙට්ටි තුනක් බෲස්හි අටවාගෙන තම සිතේ කාලයක සිට කැකෑරුණු ලොව වටා ගමන ගිය ඩිලන් එහි රසබර සේම ත්‍රාසජනක අත්දැකීම් ගොන්න මුල්ම වතාවට මෙරට පුවත්පතක් වන සිළුමිණ සමඟ බෙදාහදා ගැනීමට ඉදිරිපත් වූයේ කිසිදු පැකිළීමකින් තොරවය.

උපුටාගැනීම: සිළුමිණ.

ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ මෙතෙක් කල් සැඟවුණු රහසක් හෙළිවේ.

ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.
‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

‘එහෙනම්…?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.
එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.
යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

තිලක් සේනාසිංහ
උපුටා ගැනීම:ලක්බිම.

ඉස්සර පට්ට කළුවට ඉඳල හිටි හැටියේ සුදු වුන ලංකාවේ නිලියන් හා ගායිකාවන්. – වීඩියෝ.

ලංකාවේ ඉන්න සමහර නිලියන් සහ ගායිකාවන් ඉතාම ලස්සනයි. ඒ ලස්සන උපතින්ම ගෙන ආ පිරිසකුත් ඉන්නවා. සමහර ශේෂ්ත්‍රයේ නවකයන් හැටියට එක්වන විට සිටිය හැටි සහ දැන් ඉන්න හැටි බලද්දීනම් හිතාගන්නවත් බැහැ . මොකද ඉස්සරට වඩා දැන් තරුණ වෙලා. ලස්සන වෙලා වගේ. මොකද එයාල තමන්ගේ ශරීරයේ හැඩය වගේම පැහැය ගැනත් ගොඩක් හිතල , සමේ පැහැය වෙනස් කරගෙන. ප්‍රසිද්ධ වෙද්දී දැන් කාලේ ඉතින් සමේ පාටත් නිළියකට අවශ්‍යයි කියල එයාල හිතන්න ඇති.
කොහොම වුනත් ඔයාල දැකල තියෙනවද මේ නිලියන් සහ ගායිකාවන් ඉස්සර හිටිය හැටි ….? පහත වීඩියෝවෙන් බලන්නකෝ මෙයාලගේ ඉස්සර පහයි, දැන් විදිහයි කොහොමද කියලා.

පාන් පිටි ගොඩක් මැද නිරුවතින් කෝකියන් අතින් ආහාරයක් වූ සුරුපිනියගේ වීඩියෝව.

ඇමෙරිකානු සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නාය. ඇය නිරුවතින් සිටිය දී පැමිණෙන කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබයි. මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙනි. “බොන් ඇපෙටි” ලෙස නම් කර ඇති මෙම වීඩියෝව වැඩිම නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කර තිබේ. මේ වනවිට එය මිලියන 65කට වැඩි නැරඹුම් වාර්තාවක් පෙන්නුම් කර අතර, මේ සඳහා මූලික වී ඇත්තේ කෙටී පෙරීගේ නිරුවත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උපුටාගැනීම – සාරවිට

රුකාන්තගේ දියණිය “රයිනි” ගේ ගෙට හොරු පනියි. වටිනාම දෙයක් ගෙනියලා.

රයිනි කොහෙද මේ යන්න ලහිලහියේ ලෑස්ති වෙන්නේ?
අපේ ‘රූ සඳ රෑ’ සංගීත ප්‍රසංගය ජුනි මාසේ තියෙනවා. ඒකෙ වැඩවලට තමයි මේ එහාට මෙහාට යන්නේ. එකදිගටම රියසල් කටයුතුත් තිබුණා. ඒක නිසා මේ දවස්වල චුට්ටක් විතර වැඩ වැඩියි.

ඔස්ට්‍රේලියාවේ නේද ඔය ප්‍රසංගය පවත්වන්නේ?

ඔව්… ප්‍රසංගය ඔස්ට්‍රේලියාවෙයි නවසීලන්තයෙයි තමයි පවත්වන්නේ. මුලින්ම ජුනි මාසේ තුන්වැනිදා නවසීලන්තයේ ෂෝ එක තියෙනවා. ඊටපස්සේ ජුනි මාසේ දහවැනිදා ඉඳන් හැම සෙනසුරාදාවකම ‘රෑ සඳ රූ’ ෂෝ එක පවත්වන්න තමයි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ.

මෙල්බර්න්වල ෂෝ එකට අමතරව එදාම තව ෂෝ එකක් තියෙනවා කියලයි ආරංචිය..?

ඔව්… ඒක ඇත්ත. මෙල්බර්න්වල ජුනි මාසේ දහවැනිදා 6.30 ෂෝ එකට මාස දෙකකටත් කළින් ඉඳන් ෂෝ එකම බුක්වෙලා තිබිලා. ඒ නිසා ඒ ෂෝ එකේ සංවිධායකවරු තාත්තිගෙන් ඉල්ලීමක් කරලා එදාටම තව ෂෝ එකක් කරන්න කියලා. ඒ නිසා 6.30 ෂෝ එකට අමතරව අපි තව එදාටම 2.30 ෂෝ එකකුත් කරනවා.

තව කොහේද ‘රෑ සඳ රූ’ පවත්වන්නේ?

මෙල්බර්න්වලට අමතරව සිඩ්නි, පර්ස්, බිස්බර්ත්, ඇඩිලේන්ඩ් කියන නරගවලත් මේ ප්‍රසංගය පවත්වන්න සංවිධානය වෙලා තියෙනවා.

කවුද මේ ප්‍රසංගයට එකතු වෙන්නේ?

අම්මයි, තාත්තයි, මායි, නංගියි වගේම ආරාධිත ගායකයෙක් විදියට සනුක වික්‍රමසිංහත් මේකට සහභාගි වෙනවා. ප්‍රසංගයේ සංගීතය සපයන්නේ තාත්තිගේ ‘Roo and cro’ බෑන්ඩ් එකයි.

ඔය වැඩකටයුතුත් එක්ක පහුගිය කාලෙදි රයිනිගේ හිතට ලොකු දුකක් ඇතිවුණු සිදුවීමක් වුණා නේද?

ඔය කියන්නේ අපේ ගෙදරට හොරු පැනපු සිදුවීම නේද..?

ඔව්… කවදද හරියටම ඔය සිදුවීම සිද්ධවුණේ?

පසුගියදාක තමයි ඒ සිදුවීම සිද්ධවු‍ණේ. ඒකනම් හිතාගන්නවත් බැරි සිද්ධියක්. එදා අපි ගෙදර හිටියේ නෑ. උදේ වරුවේ ගෙදර ඉඳලා අපි දෙන්නා පොඩි වැඩකට එළියට ගියා. ඒ ගියපු වෙලාවේ තමයි ගෙදරට හොරු පැනලා තියෙන්නේ. කොහොමහරි අපි ගෙදරට එන්න විනාඩි විසිපහකට තිහකට කළින් තමයි හොරු ගෙදරින් ගිහිල්ලත් තියෙන්නේ.

මොනවද ගෙනිහින් තියෙන්නේ?

මුළු ගෙදරම එදා කනපිට පෙරළලා තිබුණා. අපි දෙන්නා ගෙදරට ඇවිත් දොර අරිද්දි හිතාගන්නවත් බැරිවුණා. මුළු ගේම ඇදලා තිබුණා. අල්මාරියේ හැමදේම බිමට දාලා තිබුණා. ඒ අතරින් මගේ වෙඩින් රින් එකයි, අපි පිටරට ගිහින් ඇවිත් මාරු නොකරපු ඔස්ට්‍රේලියානු ඩොලර් වගේකුයි අල්මාරියේ තිබුණා. ඒ දේවල් හැමදෙයක්ම අරගෙන ගිහින් තිබුණා.

කොච්චරක් විතර මුදලක් එතන තිබුණද..?

ම්… අපි ටුවර් ගියාට පස්සේ සල්ලි මාරුකරනවනේ. ඉතින් ඒ ඉතිරි වන සල්ලි අපි ලියුම් කවරවල දාලා අල්මාරියේ දාලා තියාගන්නවා. ඒ ලියුම් කවර තමයි අරන් ගිහින් තිබුණේ. ගාණ නම් හරියට මතක නෑ….

එතකොට ඔයාගේ මඟුල් මුද්ද ආයෙත් ලැබුණා නේද?

ඔව්.. අපි මේ සිදුවීම දැනගත්තු ගමන් පොලීසියට දැනුම් දුන්නා. ඒ වෙලාවෙම ඇවිත් ඇඟිලි සලකුණු ගත්තා. කොහොම හරි ඒ ඇඟිලි සලකුණු මීට කලින් චෝදනා ලැබ මංකොල්ලකෑම්වලට හසුවුණ කෙනකුගේ ඇඟිලි සලකුණුවලට සමාන වුණා. අන්තිමේදි ඔහු පිළිගත්තා අපේ ගෙදරට ආවේ ඔහු කියලා.

කොහොමෙන් කොහොම හරි රයිනිගේ මඟුල් මුද්ද ලැබුණා?

අම්මෝ… ඔව්… අපි වටිනා බඩු අපේ ගෙදර තියාගන්නේ නෑ. අනික මම රත්රන් බඩුවලට කොහොමටවත් කැමති නෑ. ඒ නිසා මම ආසාවෙන් කියලා ළඟ තියාගත්තේ ඔය මගේ මඟුල් මුද්ද විතරයි. ඒකත් හොරු ගත්තා. අන්තිමේදි ඒ මනුස්සයා ඒක හොරකම් කරලා. ඒ ටිකට විකුණලත් එක්ක. කොහොම හරි ඒ තැනින් පොලීසියේ මාර්ගයෙන් ආයෙ මට අරගෙන දුන්නා.

දවස් කීයකින් මේ හොරු ඇල්ලුවද?

කොහොම හරි ඉතා ඉක්මනින් අපිට අපේ බඩු අරගෙන දුන්නා. සල්ලිනම් හම්බුණේ නෑ. හැබැයි එදා හොරු ඇවිත් කියලා දැකපු වෙලාවේ ගේ ඇතුළ දැකපු වෙලාවේ ඇතිවෙච්ච තිගැස්මනම් දවස් ගාණක් හිතේ තිබුණා. ආයේ තිබුණ තත්ත්වයට ගේ අස්පස් කරන්න වෙනමම දවස් දෙකක් විතර ගියා.

උපුටා ගැනීම.:  සාරවිට.

ගුවන් නියමුවෙකුට පෙම් බැඳි රූ රැජන.

2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමිකරගත්තේ පොලොන්නරුවෙන් ආව පුෂ්පිකා සඳමාලි ද සිල්වා. 2011 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රුජන තරගාවලියටද ඉදිරිපත් වූ පුෂ්පිකා දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස නමක් දිනාගත්තා. ගුවන් නියමුවෙක් ලෙස කටයුතු කළ තිලංක හා විවාහ වූ ඇය දැන් ආදරණීය අම්මා කෙනෙක්. ඉතින් මේ දිනවල වැඩි සද්ද බද්දයක් නැති පුෂ්පිකා එක්ක කතා කරන්න අපට හිතුණා.
තිලංකයි පුෂ්පිකායි මුලින්ම මුණගැහුණේ කොහොමද?
තිලංකට මාව මුලින්ම මුණගැහුණේ එක්තරා සාදයකදි. එදා අපි දෙන්නා ඉතින් නිකන් කතා කර කර හිටියා. පාටිය ඉවරවෙලා ගෙවල්වලට යද්දි අපි දෙන්නා ෆෝන් නම්බර්ස් හුවමාරු කරගත්තා. ඊටපස්සේ අපි හොඳ යාළුවෝ වුණා. ඒ යාළුකම ආදරයක් වුණා. ඒ ආදරයට අවුරුද්දකට පස්සේ අපි දෙන්නා විවාහ වුණා.
මිස් ශ්‍රි ලංකා වුණා කියලා මම ක්ලබ් ගියේ නෑ
යාළුවෙක් විදියට ආශ්‍රය කරද්දි කවුද මුලින්ම ආදර යෝජනාව ගෙනාවෙ?
ඒ ආදර යෝජනාව ගෙනාවෙත් තිලංකමයි. දවසක් එයා මාත් එක්ක කතා කර කර ඉන්න කොට අපි දෙන්නා බඳිමුද කියලා ඇහුවා.

ඒ වෙනකොටත් පුෂ්පිකාත් ඒ යෝජනාව එනකන් නේද හිටියේ… හිතේ පුංචි හරි ආදර කැමැත්තක් තිවංකට තිබුණෙම නැද්ද?
අනේ මාව ඔයා අතීතයට එක්කගෙන යනවනේ. ම්… මොකටද බොරු කියන්නේ. ඒ වෙනකොටත් මගේ හිතෙත් එයා ගැන ආදරයක් තිබුණා. එයාගේ හිතෙත් මම ගැන ආදරයක් තිබුණා. ඒ ආදරය තිබුණ නිසානේ එයා මගෙන් බඳිමුද කියලා ඇහුවේ.
සම්ප්‍රදායික ගෑනු ළමයෙක් වගේ අම්මලාගෙන් අහන්න, පස්සේ කියන්නම්, ටිකක් හිතන්න ඕනේ… වගේ දෙයක්ද පුෂ්පිකාත් තිලංකට කිව්වේ..?
මෙහෙමයි… ඔය කාලෙදි අපි දෙන්නා යාළුවො විදියට බොහෝ දේවල් කතා කරලා තිබුණනේ. ඉතින් තිලංකත් එහෙම කසාද බඳින්න හිතපු කෙනෙක් නෙවේ. මාත් එහෙම විවාහ වෙන්න අදහසකින් හිටපු කෙනෙක් නෙවේ. අනික අපි දෙන්නගේ අදහස් ගොඩාක් දුරට එක වගෙයි. ඉතින් තිලංක හිතන්නේ නැති වෙලාවක හිතන්නේ නැති යෝජනාවක් ගෙනාවම මාත් හා කිව්වා. පස්සේ මටම හිතුණා මේක මෙයා ඇහුවේ විහිළුවටද කියලත්… ඒ වුණාට තිලංක ගොඩාක් හොඳ කෙනෙක් කියලා මට හිතුණා.

Make – Up මූණේ උලාගෙන සාරි ඇඳගෙන, ලොකු සපත්තු දාගෙන මම තනියම ලතාවකට ඇවිදිනවා
ආදර යෝජනාව ගේන්න කලින් තිලංක මොනවගේ කෙනෙක්ද..?
තිලංක එක්ක කතාබහ කරන කොට මටත් හිතුණා එයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. අපි දෙන්නා ගොඩාක් සමීපව කතාබහ කළා. බොහෝ දේවල් යාළුවෝ විදියට බෙදාහදා ගත්තා. ඒ කතාබහ කරද්දිත් මගේ හිතෙත් තිලංක ගැන ආදරයක් තිබුණා. තිලංක මගේ ගැන හොයලා බලන යාළුවෙක් වුණා. ආදරයට කලින් මුලින්ම ඇතිවෙන්නේ කැමැත්තක්නේ. ඒ කැමැත්තත් එක්ක එයා මගේ ගැන හැමවෙලේම හොයලා බැලුවා. ඒ දේවලුත් එක්ක ඒ ආදරේ ඇතිවුණා.

මතකද තිලංක ඔයාට මුලින්ම දීපු තෑග්ග?
තිලංක මට මුලින්ම අයිෆෝන් එකක් තෑගි කළා.
එතකොට ඔයා මොනවද තිලංකට මුලින්ම දුන්නේ?
මම එයාට මුද්දකුයි මල් පොකුරකුයි දුන්නා. හැබැයි තිලංක මට තෑගි දෙන්න කලින් මම එයාට තෑගි දීලා ඉවරයි.

මිස් ශ්‍රී ලංකා වුණු ගෑනු ළමයා ඕනතරම් පිරිමි ළමයි දැකලා, කතාබහ කරලා ඇතිනෙ. ඒ අය අතරින් තිලංක ළඟම හිත නතර වුණේ කොහොමද..?
මිස් ශ්‍රී ලංකා කෙනෙක් වුණාම පිරිමි ළමයි ඕනතරම් බලනවනේ. ඒත් මම හරිම සාමාන්‍ය කෙනෙක්. වැඩිය කාත් එක්කවත් ඕනෑවට වඩා ඇඟෑලුම්කම් පාන්නේ නෑ. මම ගෙදරට වෙලා ඉන්න ආසයි. මට ඕන තැනකට විතරයි මම යන්නේ. මම නිතරම එළියට යන කෙනෙක් නෙවේ. මොකක් හරි උත්සවයකට ආරාධනා ලැබුණොත් ඒකට යනවා එච්චරයි. මම සැහැල්ලුවෙන් ඉන්න, නිදහසට කැමති කෙනෙක්. ඉතින් මම හෙව්වෙත් එහෙම කෙනෙක්. සමහරු ක්ලබ් යද්දි… මම ඒවට ගියේ නෑ. ඉතින් තිලංක ගොඩක් වෙලාවට මගේ ගතිපැවතුම්වලට කැමති කෙනෙක්. මගේ ගැන හොයලා බැලුව කෙනෙක්. තිලංක මගේ ගැන ඕනවටත් වැඩිය හොයලා බලන කෙනෙක්. තමන්ගේම කෙනෙක් කියන හැඟීම තිලංකගෙන් මට දැනුණා.
පුතා ඉපදෙන්න කලින් ඔය දෙන්නා Baby shower පාටියක් ගත්තනේ. ඒ කාගේ අදහසක්ද..?
Baby shower පාටිය දැන් බොහෝ දෙනෙක් කරන පාටියක්. ඉතින් Baby shower එකක් කරමු කියලා අපි දෙන්නගේම හිතේ තිබුණා. හැබැයි ඒ අදහස අපිට දාලා Baby shower එක කළේනම් තිලංකගේ නංගි.

ඇත්ත කියන්න… ආසාවෙන් හිටියේ පුතෙකුටද… දුවෙකුටද?
බොරු කියන්න ඕනෙ නෑ. තිලංක මුලින්ම කැමතිවෙලා හිටියේ පුතෙකුට. හැබැයි පුතෙක් හම්බවුණත් දුවෙක් හම්බවුණත් අපි දෙන්නගේම බලාපොරොත්තුව වුණේ නිරෝගිමත් දරුවෙක්. තිලංකගේ මව්පියොත් වැඩියෙන්ම කැමැත්තෙන් හිටියේ පුතෙක්ට. ඒ වගේම පුතෙක් අපිට ලැබුණා.

පුතා ඉපදුණේ මොන මාසෙද?
පුතා ඉපදුණේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 31 වැනිදා. නයින්වේල්ස් හොස්පිට්ල් එකේ.

මවු පදවිය කියන උතුම්ම පදවිය ලැබු‍ණ මොහොත විස්තර කරන්න අමාරුයි…?
ඒ දවස ගැන ආපස්සට ගිහින් ඒ ගැන හිතුවොත්නම් ඇත්තටම ඒක හීනයක්. එදා තමයි මගේ ජීවිතේ සතුටුම දවස. මාස නවයක් පුරාවටම පුතා බඩේ තියාගෙන අපි දෙන්නා එයා එනකන් ඇඟිලි ගැන්නා. හොස්පිට්ල් එකට යන දවසට කලින් දවසක් මම තිලංකට කිව්වා අනේ අපි දෙන්නගේ බබා කවුරු වගේ වේවිද කියලා. ඉතින්.. පුතා ඉපදිලා එයාව දකිද්දි ඒක මට දරාගන්න බැරිවුණා. එදා තමයි තේරුණේ අපේ අම්මා අපිව වදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා. අම්මගේ වටිනාකම හරියටම තේරුණේ එදා. මම මගේ ඩොක්ටර්ට කිව්වෙත් මාව සීසර් කරන්න එපා, මට සාමාන්‍ය දරු උපතක් කරන්න දෙන්න කියලා. දරුවා ඉපදෙද්දි පොඩි අවදානමක් තිබ්බා. ඩොක්ටර්ලා කිව්වෙත් සීසර් කරමු කියලා. ඒත් මම කිව්වෙ අමාරුම වුණොත් විතරක් මාව සීසර් කරන්න කියලා. අවසානයේදි මම සාමාන්‍ය දරු උපතකින් මගේ පුතාව බිහිකළා.

පුංචි පුතාගේ වැඩවලට කොහොමද හුරුවුණේ?
මමනම් පොඩි දරුවන්ව බලාගන්න බය කෙනෙක් නෙමේ. අපේ අයියලාගේ අක්කලාගේ බබාලා මම හොඳට ආදරෙන් බලාගත්තු කෙනෙක්. හැබැයි මුලින් මම එකම දේකට බයවුණා. ඒ පුතාව නාවන්නයි. හැබැයි මම පුතා ලැබිලා පළවෙනි දවසේ ඉඳන්ම අද වෙනකම්ම නාවන්නේ මම. ඒකට මට හොස්පිට්ල් එකෙන් හොඳට කියලා දුන්නා. ඒ නිසා දැන් හැමදෙයක්ම කරන්නේ මම.

දැන් කොහොමද පුතා එක්ක ගෙවන ජීවිතේ?
දැන් එයාට කෑම කවන කාලය. දැන් ඒ දේවලුත් එක්ක ටික ටික වැඩ වැඩියි. දැන් එයා එක්කම තමයි මම ඉන්නේ. දැන් එයා හයියෙන් හිනාවෙනවා. හරිම හුරතල්. එයාගේ නම ටැවෝන් සැල්වටෝ.

පුතා කවුරු වගේද..?
ම්… ගොඩක් දෙනෙක් කියන්නෙනම් තිලංකගේ කපාපු පලුව කියලා. සමහරුනම් චුට්ටක් විතර අම්මා වගෙත් කියනවා. ඉතින් එතකොට පොඩි සතුටක් දැනෙනවා.

කාලයක් ගුවන් නියමුවෙක් විදියට කටයුතු කරපු තිලංක දැන් ව්‍යාපාරිකයෙක් නේද?
ඔව්.. එයා අමෙරිකාවේ පයිලට් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තා. එයාලගේ පවුලේ එකම පුතානේ. ඉතින් එයාලගේ ව්‍යාපාරික කටයුතුවලට තමයි දැන් මුල්තැන දීලා තියෙන්නේ.

මොනවද පුෂ්පිකාගේ තියෙන බලාපොරොත්තු?
ජීවිතේ බලාපොරොත්තු ගොඩාක් තිබුණා. පුංචි කාලේ තිබුණ බලාපොරොත්තුව තමයි මිස් ශ්‍රී ලංකා වෙන්න. ඒ හීනේ හැබෑවුණා. ඊටපස්සේ විවාහවෙලා හොඳ ගෘහණියක් වෙන්න හීන දැක්කා. ඒ බලාපොරොත්තුවත් ඉටුවුණා. කාලයක් හොඳ අම්මා කෙනෙක් වෙන්න හීන දැක්කා. දැන් ඒ හීනයත් හැබෑවෙලා. දැන් තියෙන ලොකුම බලාපොරොත්තුව මගේ පුතාට හොඳ ආදර්ශමත් අම්මා කෙනෙක් වෙලා හොඳ පවුල් ජීවිතයක් ජීවිත කාලෙම ගත කරන්නයි.

පුංචි කාලේ මිස් ශ්‍රී ලංකා වෙන හීනය තිබුණේ ඔයාගේ ගෙදරින් නේද..?
ඔව්.. ඉස්සර මම පුංචි කාලේ කණ්ණාඩිය ගාවට ගිහින් හැඩවැඩ කරනවා. අපේ ලොකු අක්කගේ ඔය එක එක මේකප් සෙට් තිබ්බා. ඒවා මූණේ උලාගෙන සාරි ඇඳගෙන ලොකු සපත්තු දාගෙන මම තනියම ලතාවකට ඇවිදිනවා. ඒ කාලේ හරි ලස්සනයි.

රහල් අල්විස් ගේ තරහ යාම, ගංවතුර සහ චාමර ,කපුගේ එක්ක ජෝතිපාල.

ලංකාවේ මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මිනිස් ජීවිත සියයකට වඩා අහිමිව ගොස් අවසානය. තවමත් අතුරුදහන් වූ පිරිස ගැන නියමිත දත්තයන් පවා සොයා ගැනීමට නොහැකිව ඇත. අවතැන් වූ ජනතාව ලක්ෂ ගණනකි. ජීවිත කාලය පුරා හරි හම්බකරගත් සියලු දේපොළ , නිවාස සම්පුර්ණයෙන්ම විනාශව ගොස් ඇඳිවත පමණක් ඉතිරිව, තවමත් දින ගණනක් වතුර පොදක්වත් නැතිව ගංවතුරට කොටු වූ පිරිසද අපමණය..
විදේශ රටවලින් සහනාධාර ගෙන එන තත්වයට රට පත්ව තිබේ. ලංකාවේ ගම්බිම් වල සියලු ලොකු, කුඩා ,පිරිමි, කාන්තා සියලුදෙනා මේ වනවිට අසරණ වූ අපේම ජනතාවට සරණක් වන්නට තමන්ට හැකි අයුරින් ආධාර, උපකාර ලබා දෙමින් සිටී.
රටේ දේශ පාලඥයන් තම වැඩ කොටස නිසියාකාරව ඉටුකරනවාද යන්න ගැටලුවකි. ඒ ගැන වැඩි විස්තර අනවශ්‍යය. ඒ ගැන කතා කිරීමත් වැඩකට ඇති දෙයක් නොවේ. මන්ද දේශ පානඥයන් කවදත් කල ටික මේ වනවිටත්, ඉදිරියටත් එලෙසම කරනවා ඇති..


කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය ආයතන විසින් මේ වනවිට සැලකිය යුතු දායකත්වයක් මෙම උවදුරින් අවතැන් ජනතාව වෙත සිදුකරමින් සිටියි. ඔවුන් අවතැන් ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කවදත් සිදු කළා. එය තමන්ගේ ප්‍රචාරක වැඩසටහනේම එක කොටසක් බව ඇතැමෙකුගේ මතයයි. කොහොම වුනත් ඒ ගැන වැඩි දුරට කතාකිරීම මේ අවස්ථාවේ නුසුදුසුය. මන්ද අවතැන් ජනතාවට මේ මොහොතේ ඇති අවශ්‍යතා ඔවුන් සපුරන එකම මහත් අස්වැසිල්ලක් වන නිසාය.
එමෙන්ම ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරන , එහෙත් සමාජයේ සිදුවීම් ගැන අනිත් මිනිසුන්ට වඩා සංවේදී කොටසක් තම කාර්යභාරය මේ වනවිට උපරිම දායකත්වයෙන් සිදු කරමින් සිටින තවත් පිරිසකි.ඒ කළා කරුවන්ය. කළා කරුවන් යනු , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සංවේදී මිනිසුන්ය”. ශිල්පීන් කොතෙක් සිටියත්, කළා කරුවන් අල්ප රටක් බවට ලංකාව පත්ව ඇත.

රහල් අල්විස්

මාධ්‍ය මගින් පුම්බවා, මුදල් මගින් තල්ලුව දී “තරු” බවට පත් කල සමහර අමනයන් යලි තම මාධ්‍යවල වෙළඳාම ඉහල නංවා ගැනීමට යොදා ගැනීම නුතනයේ ප්‍රධාන තුරුම්පුව බවට පත් කර ගැනීමට සමහර මාධ්‍යජාල කටයුතු කරමින් සිටී. අනෙක් අතට දක්ෂ, සංවේදී , සැබෑ කළා කරුවන් තම ආත්මගෞරවය “විකිණීමට” සුදානම් නැති නිසාම මෙවැනි “හාල් කෑලි ” ෆෝම් වෙන එක කෙසේනම් නවතාගන්නද? මාධ්‍ය ඉදිරියේ පොරවල්ල වෙන්න හදන මෙවැනි අනුවන, පියරු බබාලාගේ සැබෑ තත්වය හෙලිවන්නේද මාධ්‍ය හරහාම වීම පට්ටම ආතල් එකයි.
රහල් අල්විස්ට උනෙත් ඔයදේම නොවේද?…තමා යැපෙන්නේ මේ රටේ මිනිසුන් මතය කියන කාරණය අමතක කර , ප්‍රසිද්ධ මාධ්‍ය හරහා තමාගේ ප්‍රේක්ෂකයාට චන්ඩි පාට දමන මෙවැනි පුද්ගලයන් කළා කරුවන් ලෙස හැඳින්විය හැකිද? මේ සා විශාල ව්‍යවසනයකදී ඒ ගැන සංවේදී නැති මෙවැනි පුද්ගලයන් කළා කරුවන් ලෙස හඳුන්වන කොටසක් තවත් ලංකාවේ සිටිනවානම් ඒ ඔවුන්ගේ මානසික තත්වයයි. කාන්තා අයිතිවාසිකම්, කාන්තා ගරුත්වය ගැන කතා කරන අපේ මාධ්‍ය මගිම , සජීවී වැඩසටහනකට කතා කල තරුණියකට චණ්ඩිපාට් දාන රහල්ලා ගැන අප තේරුම් ගත යුත්තේ , ඔවුන් මාධ්‍ය විසින්ම පුම්බා සිංහ වෙස්මුහුණු පලන්දන ලද “නරි” ලෙසය. මන්ද නරියාට සිංහයෙකුගේ “මේකප්” දැම්මට, වූ කට අරින සැනින් පිට වන්නේ “හූ” හඬය . අද රටේ සිංහයන් සහ නරීන් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තත්වයක් හට ගෙන තිබේ…
කෙසේ වෙතත් තරුණ කළා ශිල්පීන් මේ වන විට තම සක්‍රීය දායකත්වය ලබා දෙමින් ගන වතුර උවදුරෙන් මිරිකෙන ජනතාවට සහන සලසමින් සිටින බව මතක් කල යුතුය. එක උදාහරණයක් ලෙස චාමර වීරසිංහ හඳුන්වා දිය හැකිය. මේ වන විට තම ගම්ප්‍රදේශයේ තරුණයන්ට නායකත්වය ලබා දෙමින් දිවා රෑ වෙහෙසෙමින් දකුණු පලාතට පමණක් සීමා නොවී රත්නපුර දිස්ත්‍රික්කයට පවා අවශ්‍ය අහාර, උපකරණ ලබා දීමට ඔහු මැදිහත් වී සිටී.
එමෙන්ම ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු සැපයීමට ද ඔවුන් කටයුතු කරමින් සිටී.ඒ ඒ ගැන වාර්තා කරන මාධ්‍යක් සොයා ගැනීමත් අපහසුය.

මේ වෙලාවේ සැබෑ කළා කරුවෙකු කියන්නේ කව්ද කියල කියන්න පොඩි දෙයක් ලියා අවසන් කිරීම සුදුසුයි කියල හිතනවා.
ඔබට මතකද “ගුණදාස කපුගේ” කළා කරුවා. තමන් උපයන මුදල් වලින් දුප්පත් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා දමා , නවක ගායක ශිල්පීන් ඇත දුෂ්කර ගම්මාන වලින් එලියට ගෙන ලංකාවට හඳුන්වා දී ඉතා සරල ජීවිතයක් ගත කර, දේශපාලඥයන්ට හෝ මාධ්‍ය ආයතන වලට කඩේ නොයා දුක දැක්ක විට මගහැර නොගිය විශිෂ්ඨය්කි.
ලංකාවේ මෙතෙක් කිසිවෙකුට ලඟාවිය නොහැකි අසමසම ගායක “ජෝති” කියන්නෙත් නියම කළා කරුවෙකි. ගිය තැන සාමාන්‍ය මිනිසුන් සමග කාලය ගත කල, තම ඇඳිවත් පවා විටෙක සාමාන්‍ය මිනිසෙකුට පරිත්‍යාග කල, මුදල් ඉතිරි නොකර ලක්ෂ සන්ක්යාත මිනිසුන්ගේ දෙනෙතේ කඳුළු පමණක් ඉතිරිකර ඔහු සමු ගත්තා.එහෙත් ඔවුන්ගේ මතකය තවත් පරම්පරා ගණනක් පවතිනු ඇති. ඒ අන් කිසිවක් නිසා නොව, ඔවුන් මිනිසුන්ට ආදරය කල සැබෑ ම කළා කරුවන් බැවිනි.
රහල් අලිවිස්… ඔබ දැන් කොතෙක් හඬා වැටුනත් පලක් නැත. මන්ද වෙස්මුහුණු ගැලවී සැබෑ මුහුණ හෙළිවේ අවසානය. ඔබ තුලින් කරලියට අවේ වෙන යමක් නොව, කළා කරුවෙකු වීමට සියලු දෙනාට නොහැකිය. ඒ සඳහා සංව්දී හදවතක් ඇත්තෙකු විය යුතුය. එය බලෙන් හෝ ආයාසයෙන් කල නොහැක්කකි. ජන්මයෙන්ම ගෙන ආයුතුය. එය ඔබට පමණක් නොව, සියලු “ශිල්පීන්ට” පොදු කාරණයකි. ශිල්පීන් කන බත් කට ඔවුන්ට ගෙන දෙන්නේ සාමාන්‍ය ජනතාව, නැතිනම් රසිකයන් විසින් බව මතක තිය ගන්න…මොකද ඔබට එය අමතක වූ හැටි මුළු රටම දැක අවසන්ය.

වස්සාන – ලංකා රහස්.