කාන්තාවන්ට බුදුවන්නට බැරිද?

බුදුන් වහන්සේ උප්පත්තිය ලබන්නේ මවු කුසකිනි, බුදුවීමට නියත විවරණ ලබන්නේද මවකගෙනි. බුදු කෙනෙකු ලොව පහල වීමට මෙතරම් උර දෙන ස්ත්‍රියට බුදු වන්නට වරම් නැතිද? පහත වීඩියෝව මගින් එහි සත්‍ය අසත්‍යතාව ඔබම තීරණය කරන්න.

කාගම සිරිනන්ද හිමි බණකට ඇවිල්ල සමෘධි නිලධාරීන් සහ ස්ත්‍රීන් ගැන කීව අමුතු බණ – වීඩියෝ.

කාලීන දර්ම දේෂකයෙකු වන කාගම සිරිධම්ම හිමියන් අන්තර්ජාලය ඔස්සේ ඉතා ජනප්‍රිය ධර්ම කථිකයෙකි. සමාජය තුල සිදුවන සිදුවීම් ඔස්සේ දේශනා පවත්වන සිරිධම්ම හිමියන් විසින් සහනාදාර ලාභීන් සහ දුෂ්චරිතවත් ස්ත්‍රීන් විසින් සිදු කරන අකුසල් ගැන අපුරු දේශනාවක් කළා. එම දේශනය පහතින් නරඹන්න.

 

ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ මෙතෙක් කල් සැඟවුණු රහසක් හෙළිවේ.

ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.
‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

‘එහෙනම්…?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.
එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.
යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

තිලක් සේනාසිංහ
උපුටා ගැනීම:ලක්බිම.

මහාඅනුභාව ඇති ගැටඹේ බෝ සමිඳු ඉදිරියේ මොහු කල කැත වැඩේ – CCTV දර්ශන.

හැමදෙනාම දන්නා ගැටඹේ බෝධිය පවතින්නේ මහනුවර සහ කොළඹ මාර්ගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලය. දිනපතා විශාල පිරිසක් මෙම ස්ථානයට පුද පුජා පැවැත්වීමට, තමා ට යම් අපල උපද්‍රව පවතින විට බෝධි පුජා පැවැත්වීමට මෙහි පැමිණේ. එමෙන්ම දිනකට මේ අසලින් ගමන් ගන්නා විශාල රථ වාහන ප්‍රමාණයක් අනිවාර්යෙන් නවතා පඬුරක් දමා යන්නේ තම සිත තුල පවතින විශ්වාසයන් නිසාය.
නමුත් මෑත දිනයක ගැටඹේ පුජා භුමිය තුල සිදුවූ යම් අසෝබන ක්‍රියාවක් එහි සවිකර ඇති CCTV කැමරා පද්දතියේ සටහන්ව තිබුනා.බලන්නකෝ මේ වගේ මිනිස්සු , මේ තැන්වලට ඇවිල්ල කරන කරන සේවල්…
ඔබත් මේ වගේ තැන්වලට යනකොට ටිකක් අවධානෙන් ඉන්න..යහළුවන් දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. ඒ නිසා මේ වීඩියෝව share කරන්න. වීඩියෝව පහතින්.

එදා මරණ දණ්ඩනයට නියමවූ තරුණයෙක් මරන්න මොහොතකට පෙර හාමුදුරුවන්ට කියුදේ…- වීඩියෝ.

“අද මාව එල්ලලා මරනවා අපේ හාමුදුරුවනේ”
හිරගෙට වැඩි පන්සලේ හාමුදුරුවෝ ඉස්සරහා ඔහු වැඳ වැටෙනවා..
“මට මැරෙන්න බය නැහැ හාමුදුරුවනේ.. මම කරපු පව් මම විඳවන්න ඕනේ..මට තියෙන කාලේ හිටපු, මාව නොමගට යවපු එකෙක්වත් මට අද නැහැ.. මම කවදාවත් හැරිලා නොබලපු පන්සලේ හාමුදුරුවෝ, මගේ අන්තිම දවසේ මගේ හිත හදන්න හිර ගෙටම වැඩලා ..
ඔබ වහන්සේගෙන් එක ඉල්ලීමක් මම කරනවා..
මාව මැරුණට පස්සේ මගේ මළ කඳ අම්මට පෙන්නන්න එපා කියලා මම අවසන් ඉල්ලීමක් කල බව ඔවුන්ට කියන්න..

මුළු ලෝකෙටම මම අපරාධකරුවෙක් වුනත් මගේ අම්මට මම තාම එයාගේ පොඩි පුතා..මගේ මරණය එයාට දරා ගන්න බැරි වෙයි අපේ හාමුදුරුවනේ..”
ඔහුට කියන්න යන දේ..සම්පුර්ණ කරන්න ලැබෙන්නේ නැහැ..
පන්සලේ හාමුදුරුවන් හිරගෙයින් නික්මෙන විටම ඔහුගේ අම්මත් එනවා..
පෙර දින නැළවිලි ගී ගැයූ ඇය, හද පාරන වේදනාත්මක ස්වරයකින් සහ මාතෘත්වයේ අති උත්තම දාරක සෙනෙහසින් අවසන් වතාවට කියන දේ බලන්නකෝ…

FM චැනල් මිනිසුන් ගොනාට අන්දවා රත්නමාලා ගාථාව විකුණන් කන හැටි මෙන්න.

සාමාන්‍යයෙන් දැනට දශකයකට පමණ ආසන්න කාලයක සිට විවිධ මාධ්‍යයන් ඔස්සේත්, වෙනත් විවිධ ස්ථානයන්හි දීත්, විවිධ විහාරස්ථානවල හා පූජනීය ස්ථානවලත්, රත්නමාලා ගාථාව නිතර ප්‍රචාරය කෙරෙන අතර මෙම ගාථා නිරන්තරයෙන් කීමෙන් ධනය, බලය, ශක්තිය, නිරෝගි සුව ලැබෙන බවට විවිධ මත පතුරවමින් සිටින බවක් දක්නට ලැබෙයි. ඒ ආකාරයෙන් මෙම ගාථාවන්ට යම් ගුප්තමය බලය ආරූඪ කරන්නට ඇතැමුන් උත්සාහ දරන බවක් දක්නට ඇත.
ඔවුන්ගේ ඒ මතය ඔස්සේ ගිය ඇතැමුන්ට මින් යමක් ලැබෙන්නට ද ඇත. නොලැබෙන්නට ද ඇත. ලැබුණ අය මේවා තවදුරටත් විශ්වාස කරන්නටත්, නොලැබුණ අය මේවා බොරු යැයි බැහැර කරන්නටත් ඇත.

ප්‍රථමයෙන් අපි මෙම රත්නමාලා ගාථා තුන ගෙන බලමු.

සංසාර සාරෝඝ විනීත නීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොණ්ණ තනුපලාසං
සංලාප දේසිං පණමේහි සාසං

සංසාභිගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේවිසේ සං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං

සංදාසගං නාසිත පාප නාසං
සං නාප ධංසිං හතඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ රසාසං

මෙම ගාථා තුන මහා බලසම්පන්න ගාථා බවත්, මේවා නිතර කීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙනබවටත්. නොයෙකුත් මත ප්‍රකාශ වේ. ගමනක් පිටත් වීමට ප්‍රථම මෙම ගාථා තුන කීමෙන් ඒ ගමන ඉතා සාර්ථක වන බවට කියැවේ. ඇතැම් ‍පොත්පත්වල පූර්විකා ලෙස මෙම අදහස් යොදා ඇත. ඔවුන් ඉන් අදහස් කරන්නේ මෙම ගාථා ගණ පිහිටුවා ලියා ඇති බැවින් ඒ ආකාරයේ ගුප්තමය බලයක් මෙම ගාථාවලට ලැබි ඇති බවකි. එහෙත් ගණ පිහිටුවීම යනු කුමක් ද?, ඉන් අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න පිළිබඳව අපි ඉකුත් සතියක දී වඩා හොඳින් කරුණු පැහැදිලි කළෙමු.
කෙසේ වෙතත් මෙම ගාථා ලියැවී ඇත්තේ මහනුවර යුගයේ දී ය. පාලි, සංස්කෘත, සිංහල ආදී සියලු භාෂාවන්හි ප්‍රවීණ හිමිවරුන් විසින් මෙම ගාථා රචනා කර ඇත. ඒ ආකාරයට මෙම ගාථා රචනා කර ඇත්තේ ඒ හික්ෂුන් වහන්සේලාගේ ව්‍යක්ත බව ප්‍රකට කිරීමට මිස, මන්තර ලෙස ජප කිරීමට නොවේ. මෙම ගාථාවල කිසිදු ගුප්තමය බලවේගයක් නැත.
මෙම ගාථා ගායනා කිරීමේ පහසුව පිණිස මෙන්ම අලංකාරය වැඩි කිරීම සඳහා ගණ පිහිටුවා රචනා කිරීමට උන්වහන්සේලා කටයුතු කර ඇත. ඒ අනුව මෙම ගාථා රචනා වී ඇත්තේ “ඉන්ද්‍රවජ්‍රා” යන වෘත්තයට අනුවය. එහි වෘත්ත ලක්ෂණ වන්නේ “ත” ගණ දෙකක්, “ජ” ගණ එකක් සහ ගුරු දෙකක් ය. එය නිදසුනක් ලෙස ප්‍රකාශ කරන්නේ නම්, මේ ආකාරයෙනි.
සංසාර / සාරෝඝ / විනීත / නීසං
භභ- භභ- -භ- භභ
ඒ අනුව ගුරු දෙකයි ලඝු එකයි යනු “ත” ගණයයි. ලඝු එකයි ගුරු එකයි ලඝු එකයි යනු “ජ” ගණයයි. අනෙක් ඒවා, ගුරු මාත්‍රා ය.
මෙවැනි රචනාවක් කළ හැකි වන්නේ විශිෂ්ට රචකයෙකුට පමණි. එමෙන් ම මේ ආකාරයේ ගණ පිහිටුවීමක් නොමැතිව මෙම ගාථා ගායනා කිරීමට ද නොහැකි ය. මේවා අපි “දුෂ්කර බන්ධන” ලෙස ද හඳුන්වමු. මෙය මලක ආකාරයකින් සකස් කර ඇත. එය පද්මබන්ධන ලෙස හඳුන්වයි. එමෙන් ම “ගෝමුත්‍ර බන්ධන” ලෙස ද රටාවක් ඇත. එනම්, ගවයෙකු මුත්‍රා කරමින් ගමන් කරන විට සෑදෙන රටාවට අනුව බන්ධනය කළ ගාථා, ශ්ලෝක ආදිය ඒ වර්ගයට අයත් වේ. එමෙන් ම කොඩියට ආකාරයට සකසන ලද ගාථා ශ්ලෝක ආදිය “ධජබන්ධන” ලෙස හඳුන්වයි.
අර්ථ මතුකෙරෙන ආකාරයට ලියා ඇති මෙම ගාථා නමස්කාර ගාථා ලෙස ද හඳුන්වයි. මෙම ගාථා තුනෙහි අර්ථ ගෙන බලමු.

1. සංසාරය නමැති මහා සැඩ පහර නැසූ, යහපත් සැප දෙන, මනා නුවණ හා රන් සිරුරක් ඇති, උතුම් දහම් දෙසන බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

2. සංසාරය නමැති රෝදයේ මෝහය නමැති බොස්ගෙඩිය සිඳ සන්නාහ සන්නද්ධ මාර සේනාව පරාජය කළා වූ, ඇසුරු කිරීමෙන් උදාර සතුට ගෙන දෙන, උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා.

3. තම හදවත් තුළ තිබෙන පාප, කෙළෙස්, ගුණදහම් නමැති රශ්මියෙන් දුරු කළා වූ ද, සුන්දර වූ, නිවන් මගට පැමිණියා වූ ද, සංවරයෙන් යුක්ත වූ, ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.

මේ අර්ථය ගද්‍යයක් ලෙස පාලි භාෂාවට නැඟුවහොත් කර්ණ රසායන ආකාරයට ගායනා කළ නොහැකි ය. ඊට හේතුව එහි ගණ පිහිටුවීමක් නැති නිසයි. එමනිසා එය ඉන්ද්‍රවජ්‍රා ස්වරූපයට ගණ පිහිටුවා ගායනා කළ හැකි පරිදි සකස් කර ඇත.
ඇතැමුන් මෙම ගාථාවල ගුප්තමය බලයක් තිබෙන බවට මත පතුරුවාලීම සඳහා දුටුගැමුණු රජු ද මෙය භාවිත කළ බවත්, මෙය මහා බලසම්පන්න බවත්, ප්‍රකාශ කරයි. එහෙත් මේවා රචනා කළ හිමිවරු අද ජීවත් සිටියා නම්, තම රචනාවලට මේ මිනිසුන් දී ඇති ව්‍යාජ අර්ථ දැක ඉතා කම්පාවට පත්වනු නියත ය.Image result for buddha
එබැවින් මේවායේ කිසිදු ගුප්තමය බලවේගයක් නොමැති බව අප හොඳින් වටහා ගත යුතු ය. ඒ හිමිවරු මෙම ගාථා රචනා කරන ලද්දේ ඒ සඳහා ගුප්තමය බලයක් දීමට නොව, ගායනා කිරීමේ පහසුව හා අලංකාරය වැඩි කිරීම සඳහා පමණක් ගණ පිහිටුවා සකස් කර ඇත. එබැවින් මෙම ගාථා මන්තර ලෙස නිරන්තරයෙන් ජප කිරීමෙන් කෙනෙකුට ලැබෙන දෙයක් හෝ නොලැබෙන දෙයක් නැත. එමනිසා බුදුදහම තුළ ඇති මෙවැනි ගාථාවලට ගුප්තමය බලයක් ආරූඪ කරගනිමින් එය මිථ්‍යාවට හසුකිරීමෙන් වැළකී සිටීමට සියලු බෞද්ධයෝ කටයුතු කළ යුතුව ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි
උපුටා ගැනීම :ලක්බ්ම.

අසරණ විදේශිකයකුට නොමිලේ ප්‍රතිකාර කරපු අපේ වෙද මහත්තයා- Photo

“බෙල්ලේ කිලෝ 5ක බරක් එල්ලගෙන වගේ පැය 24 පුරා වසර ගණනාවක ඉදලා දුක් වින්දා. .”

ලෙඩ රෝග ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක හැදෙන්න පුළුවන්. ඒ වගේම සුව වෙන වගේම සුව නොවන ලෙඩ රෝගත් තිබෙනවා. රෝගයක් වැළදෙන්න වර්ණ ජාති ආගම් කුල භේද බලපාන්නේ නැහැ . මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැනයි. ඔහු සුදු ජාතිකයෙක්.දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකු විදිහට ඔහු කටයුතු කර තිබෙනවා. එහිදී කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආබාධිත තත්වයක් නිසා මොහු වසර ගණනාවක් වේදනාවෙන් පිඩා විදලා. ඔහුට ප්‍රතිකාර කිරීමටවත් මුදල් තිබිලා නැති නිසා නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත් වෙලා.

මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයායි .මේ තරුණයා දකුණු අප්‍රිකාවේ දරුණු ලෙස පවතින වර්ගවාදී පිඩනයට හසුවී ඩුබායි වලට පැමිණ සිටි පුද්ගලයෙක්.

කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කල ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුලදී කොන්ද හා බෙල්ලේ අභ්‍යන්තර ආභාධයකට ලක්ව තිබෙනවා .වසර ගණනාවක් විවිධ රටවලින් බටහිර ප්‍රතිකාර ලබා ගෙන ඇති ඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍රශ්න මතුව තිබෙනවා.

ඩුබායි හිදී ශ්‍රිලංකාවේ මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබධව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වලා.

ඒ අනුව තමන් සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලාගත් ජස්ටින් රු 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්‍රේල් මස 17 වන දින ලංකාවට පැමිණ හොරිවිලට පැමිණ තිබෙන්නේ.

තමන් පත්ව ඇති තත්වයත් රෝගී තත්වයත් මුදල් නොමැති කමත් ගැන ඔහු වේදමහතාට දැනුම්දී දවසේ පැය 24 පුරා විදින වේදනාව දැනුම්දී රෝගී තත්වය සුව කර දෙන්නැයි ඉල්ලා තිබෙනවා.

මේ රෝගියාගේ අවංක උත්සයහ අවංක භාවය මෙන්ම ක්‍රීඩාවට ඇති කැමැත්ත නිසා ලොව ප්‍රබල රටවලින් ප්‍රතිකාර ලබා සේසතම අහිමි කරගත් ඔහුට හොරිවිල වෙදගෙදර නේවාසිකව ප්‍රතිකාර කිරීම ශාන්ත සෙනවිරත්න වෙදමහතා ආරම්භ කරලා.
ප්‍රතිකාර වලට මසක් ගතවෙද්දී ජස්ටින් වසර ගණනාවක සිට පවතී වේදනාව සුව වී මානසික තත්වය සුව අතට පත්වෙමින් සිටි .ලංකාවේ පාරම්පරික වෙදකම ගැනත් ජනතාවගේ ඇති ගතිගුණ ගැනත් ජස්ටින් ඉතා සතුටින් කියයි.

“මට දැන් ගොඩක් සුවයි ,ඇත්තටම මම හිතාගෙන හිටියේ ජිවිතයෙන් පවා සමුගනිවී කියල මම බෙල්ලේ කිලෝ 5ක බරක් එල්ලගෙන වගේ පැය 24 පුරා වසර ගණනාවක ඉදලා දුක් වින්දා .”
මම සදාකාලිකව වේදමහතාට වගේම ලංකාවේ මිනිස්සුන්ට ණයයි .ලංකාවේ ජනතාව වගේ මිනිස් කම හදුනන අනුන්ට උපකාර කරන පිරිස මට හමුවෙලා නෑ .මට නවාතැන් ,ආහාර ප්‍රතිකාර විතරක් නොවේ මානසික සුවය ලබාදුන්නා .තව දින කීපයකින් මම ලංකාවෙන් යනවා හැබැයි මම ලංකාව අමතක කරන්නේ නැහැ ”

මේ වේදමදුරේ ඉ න්නකොට මම වැවේ නාන්න ගිහින් පාදයේ තුවාලයක් හැදිලා මම හබරණ දඹුල්ල රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගත්තා .ඒ රෝහල්වලදී කාර්ය මණ්ඩලය දොස්තරවරු .පුදුම කරුණාවන්ත පිරිසක් ,වේදමදුරේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ඇවිත් සිටිය රෝගීන් මට නෑදෑයන්ට වඩා උදව් කළා .”

“මම සල්ලි නැතිව ලෙඩේ සුවකරගන්න මානසිකත්වයෙන් වෙනත් රටකට ඇවිල්ලා මේ ආකාරයෙන් සුවය ලබයි කියලා කියන එක මට තවමත් හීනයක් .හොරිවිල වෙදමහතා ලෝකේ ඉන්න දෙවි කෙනක් කියලයි මට හිතෙන්නේ .”
“දකුණු අප්‍රිකාවේ මගේ මව් රටේ සුදු හම කළු හම නිසා වර්ගවදිව අපිව විනාශ කරනකොට අපට අඩුම තරමේ රස්සාවක් හෝ නොදෙන අවස්තාවක නාදුනන රටක මිනිස්සු මට කල සැළකිලි ගැන ලෝකයටම ආඩම්බරයි .මම ලංකාවෙන් ගියත් හැම නිවාඩුවකටම මගේ දෙමාපියන් බලන්න වගේ එනවා වෙදමහතා බලන්න .”

මම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් ඔබලා අහන්න ලංකාවේ ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මම නම කියන්නම් විස්තර කියන්නම් ඒ නිසා තමයි මට විශ්වාසයක් තිබුනේ සල්ලි නැතිව හරි මට ලංකාවේ අයවලුන් පිහිට වෙයි කියලා .එක අතකින් මම සතුටු වෙනවා මගේ ච්න්තනය් හරි කියලා ,මම ඉදිරියේදී සොයා බලනවා මගේ ජිවිතයේ ඉතිරි කාලය ලංකාවේ පදිංචිවෙලා ගෙවලා දාන්න .වගේම මගේ කුමන හෝ දක්ෂතාවයකින් මේ රටට සේවයක් කරන්න .එක කාලගුණ සැලකීමක් කියල මම හිතන්නේ .”

හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉතාම කෙටියෙන් තමන් කල සේවය ගැන මෙසේ කිවේය .”අපේ පරම්පරාවේ පිරිස සල්ලි බලාගෙන වෙදකම් කලේ නැහැ .බුලත් අතට වෙදකම් කලේ .මට මේ සුදු මහතා එක ලෙඩෙක් විතරයි .මම ඔහුට නවාතැන් ආහාර ලබාදී සුව කළා .එක මගේ දෙමාපියන්ට පින් අත්වෙන්න කළා .”

උපුටා ගැනීම: හිරු ගොසිප්.

බීමත් 200ට අධික පිරිසක් ඥාන සාර හිමියන් අත්අඩංගුවට ගන්න ගිහින්?

බොදුබල සේනා සංවිදානයේ මහලේකම් පුජ්‍ය ගලබඩ ඇත්තේ ඥාසාර හිමියන් කුරුනෑගල තොර යය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට සැරසුණු අවස්ථාවේදී විශාල උණුසුම්කාරී තත්වයක් ඇතිවුනා. මෙහිදී ප්‍රදේශවාසින් සහ මහමග වාහනවල පැමිණි පිරිසගේ දැඩි විරෝධතාවක් යොමුවීම මත ඥානසාර හිමියන් එතනින් මුදවාගෙන කුරුණෑගලට කැඳවා ගෙන ඇත.මේ පිළිබඳව වීඩියෝ කිහිපයක්ම අන්තර්ජාලයට එක්ව ඇත.
එම වීඩියෝ පහතින්…

 

පොළොන්නරුවේ ගල් විහාරයේ සැතපෙන පිළිමය විකුණයි…

‘වෙසක් පුන් පොහෝ දින උදෑසන බොදුනුවන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙන්නන්ද තිගැස්සෙන පුවතක් පොළොන්නරුවෙන් වාර්තා විය. බොහෝ දෙනා විමතියට පත් කළ එම ප්‍රවෘත්තිය වූයේ පොළොන්නරුව පූජා භූමියේ ලෝක ප්‍රසිද්ධ ගල් විහාරයේ ඓතිහාසික සැතපෙන පිළිමය පොරෝනයකින් වසා ඇති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවරණය හා ආරක්ෂාව යටතේ පවතින මෙරට අග්‍රගණ්‍ය පෞරාණික ස්මාරකයක් මෙලෙස පරිහරණය කරන්නට බලයක් ඇත්තේ කාටදැයි විමසා බලන කල බොහෝ කරුණු හෙළිකර ගත හැකි විය.


පොළොන්නරුව ගල් විහාරයේ අණසක පතුරුවාගෙන සිටින එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදු පිළිමයට සිවුරු අන්දවා මුදල් උපයන ජාවාරමක් කලක සිටම රහසේ කරගෙන ගොස් ඇති බව දැනගන්නට හැකිවිය. බුද්ධ ප්‍රතිමා රාත්‍රි කාලයේ සීතලෙන් සිටින බව අවබෝධ වූ සම්‍යක් දෘෂ්ටිය උන්වහන්සේට අහම්බෙන් පහළ වූවා යැයි සිතිය නොහැකිය. දැනගන්නට තිබෙන පරිදි පන්සලේ තිබෙන මෙම පොරෝනය ගල් විහාරයේ සැතපෙන පිළිමයට වරක් පෙරවීමට රුපියල් දහස් ගණනක් අය කරන අතර මෙය ජාවාරමක් බවට පත් කරගෙන තිබෙන බව පැහැදිලිය.

මෙම අමනෝඥ සිදුවීම නිසා පොළොන්නරුව ඓතිහාසික පුද බිමට පැමිණෙන දහස් සංඛ්‍යාත දෙස් – විදෙස් සංචාරකයෝ අපහසුවට පත්ව සිටිති. වහාම එම පොරෝනය ඉවත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව වාර්තා වූ නමුත් මේ දක්වා එය ඉවත් කර නැති බවත් ස්ථාන භාර පුරාවිද්‍යා නිලධාරීන් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන ලද නමුත් මේ ලියන මොහොත වන විටත් ඒ පිළිබඳව ක්‍රියාත්මක වී නැති බවත් දැනගන්නට හැකි විය.
බුදු දහම වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් ශ්‍රී ලංකාවේ පෞරාණික උරුමයට බරපතළ හානි පැමිණ වූ අවස්ථා පසුගිය කාලයේ වරින් වර අසන්නට දකින්නට ලැබිණි. එක් අවස්ථාවක රුවන්වැලි සෑයේ සලපතළ මළුවේ පිහිටුවා ඇති අනුරාධපුර යුගයට අයත් විහාරමහා දේවි ප්‍රතිමාවට ජනාධිපති ආර්යාවක විසින් ඉන්දියන් සාරියක් අන්දවා තිබිණි. අවුකන බුද්ධ ප්‍රතිමාව ඉදිරියෙන් පුරාවිද්‍යා මූලධර්මයන්ට සහමුලින්ම පටහැනි අයුරින් කොන්ක්‍රීට් මල් ආසනයක් ඉදිකරන ලද්දේ නොබෝදාය. මේ උත්සාහ කරන්නේ මෙරට ආක්‍රමණය කළ කාලිංගමාඝලාට කරන්නට නොහැකි වූ විනාශය වෙනත් ආකාරයකින් කරන්නටය.
ශ්‍රී ලංකාව සතුව වසර දහස් ගණනක් පරිණාමය වූ ප්‍රතිමා නිර්මාණ කලාවක් තිබේ. අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම පොළොන්නරු ගල් විහාර ප්‍රතිමාවන්ද ඊට ඇති ඉහළම සාක්ෂි වේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 455-473) විසින් කරවන ලද අවුකන බුද්ධ ප්‍රතිමාව අනුරාධපුර යුගයේ නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමා අතර සුවිශේෂීි ස්ථානයක් හිමි කරගනී. අමරාවතී ශෛලියට අනුව සිවුර රැලි ගන්වමින් ඍජු කයකින් හා ආශීර්වාද මුද්‍රාවෙන් තැනූ අවුකන ප්‍රතිමාව ප්‍රතිමා නිර්මාණයේ ප්‍රවීණත්වය පෙන්වයි. මෙරට තිබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමා අතර නිර්මාණය හා ආකෘතිය අතරින් ඉතාම වැදගත් තැනක පවතින්නේ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය හා තන්තිරිමලේ සැතපෙන පිළිමයයි. අවුකන ප්‍රතිමාවේ මෙන්ම මෙම ප්‍රතිමාවලද සිවුර රැලිගන්වා තිබේ. පොළොන්නරුව යුගයේ ප්‍රතිමා නෙළීමේ ශෛලිය හා තාක්ෂණය හඳුනා ගැනීමට ඉහළම සාධක පවතින්නේ ගල් විහාරයේ ප්‍රතිමා ත්‍රිත්වය තුළය. විදේශීය විද්වතුන් පොළොන්නරුවට එන්නේ එම නිර්මාණ දෙනෙතින් දැක ගන්නටය. මේ සෙල්ලම් කරන්නේ ජාතියේ අනන්‍ය වූ උරුමය සමඟ බව මොවුන්ට නොවැටහෙන්නේ මන්දැයි අපි නොදනිමු.

වර්ෂ 1940 පුරාවිද්‍යා ආඥා පනතේ වගන්තිවලට අනුව පුරාවස්තු හා පුරාවිද්‍යා ස්මාරකවලට හානි පැමිණවීම, විකෘති කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව නෛතික වශයෙන් සඳහන් වේ. එය එසේම සදාචාරාත්මක හා සංස්කෘතික වශයෙන්ද අපරාධයකි. මෙවැනි ක්‍රියා මඟින් දෙන වැරැදි පූර්වාදර්ශය මෙරට අනෙකුත් පෞරාණික ස්මාරකවලටද හානිදායක තත්ත්වයක් ඇති කරනු ඇත. එබැවින් පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව වසා ඇති පොරෝනය ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුය.
පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයේ කිරිවෙහෙර, තිවංක පිළිම ගෙය ආදී ස්ථාන ගණනාවක විශාල පින්කැට තබා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇති බවද වාර්තා වේ. සියල්ල පරිහානිය කරා ගෙනයන කුමන්ත්‍රණයක් මේ සිදුවන දෑ පිටුපස තිබේ දැයි සැක සිතේ.
උදේනි සමන් කුමාර

උපුටා ගැනීම :මවුබිම.

ඔන්න කොළඹටත් සිරිපාදේ ඇවිත්! අවුරුදු 4ක් තුල හෝමාගම ඉදිවුණු අඩි 200ක් උස ශ්‍රීපාදය මෙන්න.

සිරිපාදේ යන්න හුඟක්වෙ අය ආස වුනත් හැමෝටම ඒ අවස්තාව ලැබෙන්නේ නැහැ.

හැබැයි අඩුම තරමේ, සිරිපාදේ කොයි වගේද කියල දැකබලාගන්න හරි අවස්තාවක් ලැබෙනවට හුඟක් අය හරි කැමතියි.

ඔන්න එහෙම අය වෙනුවෙන්ත කොළඹට සිරිපාදේ ඇවිත්.

මේ කියන්න යන්නේ හෝමාගම මාගම්මන සරණධම්ම විවේකාශ්‍රමේ පිහිටා තියෙන ශ්‍රී පාදය ගැනයි.

මේ වෙසක් මාසේ විවෘත කළ මේ ශ්‍රී පාදය අඩි 200 ක් උසයි.

මේ ශ්‍රීපාදය – රත්නපුර පිහිටි සැබෑ ශ්‍රී පාදේසියලුම අංග තියෙනවා.

මිට පස්සේ හැම වෙසක් මාසෙකම සහ පොසොන් මාසෙකම මේ ශ්‍රී පාදය වැඳගන්න සැදැහැති ඔබට අවස්තාව ලැබෙනවා.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ කලාකරුවෙකු වන ධර්මදාස සිරිවර්ධන මහත්තය තමයි මේ ශ්‍රී පාදය නිර්මාණය කළේ.

මේ ශ්‍රී පාදය පිළිබද වීඩියෝව පහතින් බලන්න.