මද්දුම බණ්ඩාර, ඇහැලේපොල කුමාරිහාමි කතා බොරු…

ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය.

චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය.

පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය(Dutthagamini and the Buuddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.

විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR SRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

‘ද ඩූම් කිංන් ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?

දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හොටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා.

 

මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි. ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ.

ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව.

මේ කරණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා.

ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?

මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බෙබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජරුවන්ගේ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගන්ද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ.

රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි.

ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි.

ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද ?

1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා.

එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා.

මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම.

ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා.

මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?

පෙරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි.

ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buuddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා. ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා.

නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන.

මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?

අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්.

(THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය සම්බන්ධයෙන් කියැවීමක් එළඹෙන 17වනදා සවස 03:00ට BMICH හි දී පැවැත් වීමට කටයුතු යොදා ඇත. ඔහුගේ අදහස් පිළිබඳව ඔබ තුළත් යම් කුකුසක් ඇතිවුණි නම් එදිනට ඔබත් ඇවිත් යන්න එන්න.)

රසික කොටුදුරගේ
සිළුමිණ පුවත්පතෙනි

මිතුරන්ටත් බලන්න Share කරන්න…

SF ලොකූ ගැන ඔහුගේ මව කීව්ව ආන්දෝලනාත්මක කතාව මෙන්න

අනුරාධපුර කරාටේ ශුර වසන්ත සොයිසා ඝාතනයේ සක කරුවෙකු වන SF ලොක්කා මේ වනවිට නැවත කතාබහට ලක්ව තිබෙනවා. මෝටර් රථයක් පැහැරගැනීම සම්බන්ධවයි. පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන දැඩි ලෙස පහරදීමට ලක්ව ඇති බවට චෝදනා නගනවා.
එමෙන්ම මේ ගැන විවිධ වීඩියෝ නිකුත් කරමින් තිබෙනවා. ඒ අතර SF ලොක්කා ගේ මෑණියන් විසින් මේ වන විට වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. මෙහි බික්ෂුන් වහන්සේ නමක්ද පෙනී සිටිමින් SF ලොක්කගේ ක්‍රියා කලාපයන් ගැන විශාල පැහැදිලි කිරීමක් කරන අතර, පොලිසියට සහ මාධ්‍යට විශාල දෝෂාරෝපණයක් එල්ල කරනවා. එම වීඩියෝව පහතින්

දියුණු මනසක් ඇති කෙනාට තම සිරුර යම් තැනක මැවිය හැකියි

පෙරදිග තමන් සටන් කර දිනා ගත් රටවල තිබූ අති විශාල ඥාන සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ටිකක් ගෙදර ගෙන ගිය බටහිර ජාතිකයෝ තවමත් එම දැනුම් සම්භාරය පිළිබඳව පර්යේෂණ පවත්වති. එදත් අදත් ලෝක විනාශය සඳහා අවි ආයුධ තැනීමේ පුරෝගාමීන්ව සිටින අපරදිගුවෝ තමන් උච්චයන් බවත් යටත් රටවල වැසියන් මිලේච්ඡයින් බවත් අපට ඒත්තු ගැන්වූහ. එබැවින් එදා සිට අපි උන් කියන සැම දෙයක්ම සාධුකාරදී පිළිගැනීමට සැකසී සිටිමු. ඒ අනුව අපගේ පාරම්පරික ඥාන සම්භාරය අවඥාවට ලක් කරමු. විශේෂයෙන් උන්ගේ නවීන විද්‍යාවට අසු නොවන සියල්ල පයින් ගසා පැත්තකට දැමීමට අපි පුහුණුව ලැබ සිටිමු. උන් පෙරදිග යටත් විජිතයන්ගෙන් සොරකම් කළ ඥාන සම්භාරය යොදා ගනිමින් පරීක්‍ෂණ නිරීක්‍ෂණ පවත්වා ප්‍රතිඵල ලබා ගත් පසු ඒවා උන්ගේ සොයා ගැනීම් ලෙස අපට බෙදා දෙන කල එහෙයි ස්වාමීනි කියා ඒවා පිළි ගනිමු.
නවීන විද්‍යාවට තවමත් අසු නොවූ එහෙත් පෙරදිගුවන්ට මීට බොහෝ කලකට පෙර අසුවූ බොහෝ දේ මේ විශ්වය තුළ තිබේ.
දේශීය වෙදකමට අනුව ශරීරයේ වාතය ඇත. මෙය හඳුනා ගැනීමට හැකි කිසිදු විද්‍යාත්මක ක්‍රමයක් මෙතෙක් නැත. මෙහි වාතය යනු හුස්ම ගන්නා වාතය. අධෝ වාතය වශයෙන් අපට දැනෙන වාත කොටස පමණක් නොවේ. එසේ දැනෙන්නේ ස්ථූල වාතයයි. සූක්‍ෂම වාතය ලෙස කොටසක් ශරීරය තුළ ක්‍රියාත්මක වේ. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මෙම සූක්‍ෂම වාතය මගිනි. එම සූක්‍ෂම වාතය අඩුවීම, වැඩිවීම, විකෘතිවීම ශරීරය රෝගීවීමට හේතු වේ. (මේ ඉතාමත්ම දළ හැඳින්වීමකි) පිතද සෙමද මෙසේම ස්ථුල සූක්‍ෂම වශයෙන් ඇත. සූක්‍ෂම තත්ත්වය කිසිදු විද්‍යා උපකරණයකට අසුවන්නේ නැත.


ශබ්දය හා රූපය තැනකින් තැනකට ගෙන යාහැකි ශක්ති විශේෂයක් මෙලොව තිබෙන බව ලෝකය පිළිගත්තේ ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනී යන්ත්‍රය නිපදවූ පසුවය. එහෙත් ඒ සොයා ගැනීමට වසර 2000ටත් පෙර බුදු හිමියන් එම විශේෂ ශක්තිය තම අධි චිත්ත බලයෙන් අල්ලාගෙන තම රූපය හා කටහඬ තමාට වුවමනා තැනට යොමු කළ ආකාරය ත්‍රිපිටකය තුළ අපට හමුවේ. එසේම බුදු හිමියන්ද මහ රහතන්වහන්සේලාද තවත් අපූරු ශක්තියක් උපයෝගී කරගෙන ඇත. එනම් තමන්ගේ දේශනාව අසා සිටින ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට එය සිය බසින් කියන දෙයක් මෙන් තේරුම් ගැනීමට හැකි වන සේ දේශනා කිරීම සඳහා යොදාගත් ශක්තියයි. ධර්මාශෝක රජුට තම ධර්ම ප්‍රචාරක කටයුතු ඉතාම පහසු වූයේ රහතන්වහන්සේලාට මේ ශක්තිය උපයෝගී කර ගැනීමට හැකිවූ නිසාය. නූතන ඉතිහාසයේ මේ ශක්තිය දැන සිටි කෙනකු ලෙස ජේ. ක්‍රිෂ්ණාමූර්තිතුමා සඳහන්ව ඇත.
ගුවන්විදුලිය හා රූපවාහිනී තරංග මෙන් මෙම ශක්ති විශේෂයද කවදා හෝ භෞතික උපකරණයකට අල්ලා ගත හැකි වේද?
බුදු හිමියන් සත්ත්වයා සැරිසරන ලෝක 31ක් ගැන කියා ඇත. (බ්‍රහ්ම ලෝක 20 + දිව්‍ය ලෝක 6 + අපාය 4 + මනුෂ්‍ය ලෝක 1 = 31) මේ අතරින් මිනිස් ලෝකය හා සතර අපායෙන් එකක් වන තිරිසන් අපාය අපට ප්‍රත්‍යක්‍ෂ වේ. අන් කිසිවක්ම අපට නොපෙනේ. එහෙත් ප්‍රේත අපාය ගැන අපට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. තමා කළ කර්මයේ ශක්තිය මත ප්‍රේතයින්ට බලය ලැබේ. ඇතැම් ප්‍රේතයන් බලවත් වන්නේද ඇතමුන් අබලයන් වන්නේද ඒ අනුවය.
මේ සත්ත්වයනට තමා ලද බලයට අනුව යම් යම් ශබ්ද ඇති කළ හැකිය. (උදා:- යමකු ඇවිදින ශබ්දයක්) අවශ්‍ය විටක තත්පර ගණනක් පෙනී සිටීමට හැකිය. දුගඳ ඇති කළ හැකිය. යම් ශක්තියක් යෙදවිය හැකිය. අපේ රටේ ඇතැම් වැඩිහිටියනට මෙබඳු අත්දැකීම් ඕනෑ තරම් ඇත. ලේඛිකාවටද ඇත.
මේ අතර ප්‍රේත ලෝකය අළලා ගෙතුණු මිථ්‍යා ප්‍රබන්ධ එලෝකෝටියකටත් වඩා තිබේ. එම කතන්දර මගින් එම සත්ත්වයිනට අධි ශක්තියක් ආරෝපණය කර ඇත. එමගින් කෙරෙන්නේ මිනිසුන් බිය ගැන්වීමයි. මේ තත්ත්වය යටතේ සඳ එළියේ සෙලවෙන කෙසෙල් කොළයටත් බියවී තොවිල් නටන අවස්ථා ඕනෑ තරම් තිබේ. මේ අධික බිය නිසාම ඇති වන මානසික විකෘතිතාද ඇත. එසේම අපස්මාරය හා වෙනත් එබඳු රෝගයකුත් ප්‍රේතයන් වැහීමක් ලෙස සලකා ගැනීම නිසා සදාකාලික රෝගීන් වන අවස්ථා ද ඇත.

අප සමාජයේ යකුන් ප්‍රේතයන් වැහෙන අයගෙන් 99%ක්ම කාන්තාවන් බවද 1%ක් වන පිරිමියාද පෞරුෂය නොවැඩුණු ගැහැනියක බඳු පිරිමියකු බවද ඉතාම පැහැදිලි සත්‍යයකි. යකුන් වැහීම යනු මනෝ විකාරයක් විනා සත්‍යයක් නම් නොවේ. බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ආදිය ඈත අතීතයේදී මානසික රෝග සඳහා කළ මනෝ වෛද්‍ය ප්‍රතිකාර විධියකි. මනා සාක්‍ෂරතාවක් දියුණු මනෝ වෛද්‍ය විද්‍යාවක් ඇති මෙකල මානසික විකෘතිතා සඳහා මන්තර ගුරුකම්වලට යොමුවීම සැබවින්ම හාස්‍යයට කරුණකි.
ප්‍රේත පිශාචාදීන්ගෙන් මිනිසුනට යම් යම් බලපෑම් ඇතිවන බව 100%ක් සත්‍යයකි. විශේෂයෙන් බලගතු අපල අවස්ථාවලදී එබඳු සිදුවීම් ඇතිවීමට ඉඩ ඇත. කුමන අවස්ථාවකදී වුවත් තම තම ආගමානුකූල කටයුතු කිරීමෙන් ඉතාම සාර්ථකව අමනුෂ්‍ය උවදුර ඉවත් කර ගැනීමට හැකිවේ. පිරිතෙන් බුදුගුණෙන් මතුරා යන්තර දැමීම, දෙහිකැපීම වැනි බුදු දහම විකෘති කරන මනස්ගාත මින් අදහස් නොකෙරේ. කට්ටඩියන් හා ගසාකන්නන් කියන තරමටම අමනුෂ්‍යයන් බලවත් නම් සොහොන් පල්ලන්ට මල්ශාලාකරුවන්ට තම සේවා ඉටු කිරීමටත් වෛද්‍ය ශිෂ්‍යයනට ඉගෙනීමටත් ලැබෙන්නේ නැත.
ප්‍රේත ලෝකය හා බැඳී ඇති අති දැවැන්ත මිථ්‍යා මත අප රටෙන් තුරන් කිරීමට කිසිවෙකුත් සමත් වී නැත්තේ ඒ පිළිබඳව කටයුතු කිරීමට එන පිරිස නවීන භෞතික විද්‍යාව නමැති උපැස් යුවළ දමාගෙන සිටින නිසාත් පොදු ජනතාව නූගත් මෝඩයන් පිරිසක් ලෙස සලකන නිසාත්ය. ඒ නිසා උගතුන් එක හඬින් මුරගා කියන්නේ යළි උපතක් නැති බවත් එනිසාම ප්‍රේත යක්‍ෂ භූතාදී කොටස් නැති බවත්ය.
මෙයට වසර ගණනාවකට ඉහත ඒබ්‍රහම් ටී. කොවුර් මහතා ප්‍රේතයන් යකුන් දෙවියන් පිළිබඳව ගොඩනැගී තිබෙන මිථ්‍යාව රටින් තුරන් කිරීමට හොඳ සටනක් ගෙන ගියේය. ඒ නිසා දේවාල හා කට්ටඩියන් ආගිය අතක් නැති වන තරමට කරුණු යෙදිණි. එහෙත් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඔහුට හා ඔහුගේ වත්මන් ගෝලබාලයනට නොහැකිවී ඇත්තේ ප්‍රේත අපාය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ ඥානය අප සමාජය සතු වන බැවිනි.
යළි උපතක් නැත, ඒනිසා ප්‍රේත (හා වෙනත්) අපාය කියා දෙයක් නැත. කියමින් පවතින්නේ හුඹස් බියක් බව ඔප්පු කිරීමට කරුණු බහුතරයක් ගෙන හැර පාමින් උගතකු පැය කීපයක් තිස්සේ පවත්වනු ලබන දේශනයක් ඉතාම සාවධානව අසා සිටින ගැමියකු යළි නිවසට පැමිණි විගස තම දුවට වැහී සිටින ප්‍රේතිය එලවා දැමීම සඳහා යකැදුරකු කැඳවාගෙන ඒමට දුවන්නේ බුද්ධ දර්ශනයත් ප්‍රේතයන් සම්බන්ධව තමාගේ පාරම්පරික හා ප්‍රත්‍යක්‍ෂ ඥානයත් යන දෙකට පයින් ගැසීමට ගැමියා සූදානම් නැති බැවිනි.
තමාට විද්‍යා හෝ වෙනත් උපාධි තිබූ පමණින් අනෙකකුගේ ප්‍රත්‍යක්‍ෂ ඥානය උපහාසයට ලක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් උගතුන් කළ යුත්තේ නොපෙනෙන ලෝක (ප්‍රේත දිව්‍යාදී ලෙස) නැත කියා තප්පුලෑම නොව එම නොපෙනෙ ලෝක අළලා ගෙතී ඇති අනන්තවූ මිථ්‍යා ඇදහිලි විශ්වාස සමාජයෙන් තුරන් කර දැමීමට කටයුතු කිරීමය.
මෙම උගතුන් පවසන තවත් දෙයක් නම් “ප්‍රේතයන් ඉන්නවා නම් පෙන්වන්න” කියාය. අප අවට අවකාශයේ තිබෙන ගුවන්විදුලිය රූපවාහිනිය, දුරකථනය ආදියට යොදා ගන්නා තරංග හැකි නම් ඇඟිල්ල දිගු කර පෙන්වන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. එම තරංග අප අවට ඇති බවට තිබෙන එකම සාධකය වන්නේ අදාළ යන්ත්‍ර ක්‍රියාකිරීම පමණි. ඒ නිසා අපට නොපෙනෙන සත්ත්වයන් ඉතා පැහැදිලිවම හසුකර ගැනීමට හැකි කැමරා කාච අනාගත ලෝකය තුළ නිපදවෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම නොපෙනෙන ලෝකය අළලා ගෙතී ඇති බහුතරයක් මිත්‍යාවනට එරෙහිව නැගී සිටිමු.

අනෝමා පී. ඈපා සෙනෙවිරත්න
දේශීය වෛද්‍ය – ජ්‍යෝතිර්වේදී.
උපුටා ගැනීම : ලංකාදීප.

උදෑසන පිරිත් ප්‍ර‍චාරය අධිකරණය තහනම් කරයි ? දකුණේ අධිකරණ සංඝනායක හිමිවරු සටන අරඹයි

ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා හමුවූ දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක්‌ වීමට ඉඩ ඇතැයි පවසා සිටියා.

නාරාහේන්පිට ඇලන් මැතිණියාරාමයේ උදැසන පිරිත් ප්‍රචාරය කළේ යෑයි පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුවක්‌ පැවරීම මෙහිදී දැඩි සේ දොෂ දර්ශනයට ලක්‌කර ඇති මහා සංඝරත්නය මෙවැන්නක්‌ මෙරට ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අවස්‌ථාව බවද පවසා තිබෙනවා.

පන්සලක පිරිත් දැමීම වැරදි යෑයි අධිකරණය විසින් තීන්දුවක්‌ ප්‍රකාශ කළහොත් එය මෙතෙක්‌ ගනු ලැබූ නරකම පූර්වාදර්ශය වනු ඇතැයිද ඒ අනුව සියලු දේවාල සහ පල්ලිවලද යාච්ඥාද ප්‍රචාරය නවතිනු ඇතැයිද ඇමැතිවරයාට මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්නා.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවන බව ඇමැතිවරයා පොරොන්දු වී තිබෙනවා.

සමන්ත භද්‍ර හිමියන් පෙනී ඉන්න ලිංගික දර්ශන ඇතුලත් වස්සානේ හීනේ වීඩියෝව

නව පරපුරේ පෙරළිකාර සංගීත අධ්‍යක්ෂක්වරයේ වූ ඉරාජ් වීරරත්නගේ “වස්සානේ හීනේ” මියුසික් වීඩියෝව මේ වන විට සමාජයේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
ආන්දෝලනාත්මක හිමි නමක් වූ සමන්ත භද්‍ර හිමියන් ද මෙම වීඩියෝවේ පෙනී සිටිනවා. වීඩියෝව පහතින්.

ලංකාවේ මීළඟ ජනාධිපති දෙමළ හෝ මුස්ලිම් විය යුතුයි – සුනිල් පෙරේරා ඇමරිකාවේදී කියයි!

පසුගිය ඉරිදා ඇමරිකාවේ හුස්ටන් නගරයේ ගායක සුනිල් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වුණු අතර ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් මෙම සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගී වූ බව වාර්තාවනවා. ශ්‍රී ලාංකීය සංගීත ශිල්පින් කිහිප දෙනකුද සහභාගී වි ඇති බව වාර්තා වන අතර ප්‍රසංගය අවසානයේ සුනිල් පෙරේරා සිදු කල ප්‍රකාශයක් සමග ප්‍රසංගයට පැමිණි සියලු දෙනා නොසන්සුන් වි තිබෙනවා.

සංගීත ප්‍රසංගය අවසානයේ ප්‍රේක්ෂකයින් අමතමින් කතා කල සුනිල් පෙරේරා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ බුදු දහමට ඇති ප්‍රමුඛතාවය ඉවත් කල යුතු අතර මීළඟ ජනාධිපතිවරයා දෙමල හෝ මුස්ලිම් නායකයකු විය යුතු බව ඔහු අදහස් දක්වා තිබෙනවා. ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ ප්‍රසංගයට පැමිණි සියලුදෙනා නොසන්සුන් වි ඇති අතර සුනිල් පෙරේරාට පහරදීමට උත්සහ කිරීමේදී ප්‍රසංගයේ සංවිධායකයින් අමාරුවෙන් ඔහුව බේරාගෙන එතනින් ඉවත්කරගෙන තිබෙනවා.

මෙවන් දේශද්‍රෝහී ප්‍රකාශයක් කල සුනිල් වෙත ප්‍රසංගයට පැමිණි සියලුම සිංහල දෙමල මුස්ලිම් ශ්‍රී ලාංකිකයන් දැඩි විරෝධය පල කල අතර ඩොලර් 70ක් ගෙවා මෙවන් දේශද්‍රෝහියකුගේ ප්‍රසංගයක් නැරඹීමට පැමිණීම ගැන දැඩි කලකිරීමෙන් ඔවුන් කතා බහ කර ඇති බවත් මෙවන් පුද්ගලයන් සැබෑ කළා කරුවන් නොවන බවත් මෙවන් ප්‍රසංග වලට මෙවන් මිනිසුන් සම්බන්ධ නොකරගන්නා ලෙසටත් සංවිධායකයන් වෙත ඔවුන් ඉල්ලීම්ද කර තිබෙනවා.එම ප්‍රසංගයේ වීඩියෝවක් පහතින් නරඹන්න.

උපුටා ගැනීම Badumathama.com

 

O /L දෙපාරම ෆේල් – ජාත්‍යන්තර සමාගම් 11ක සභාපති,

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තිලක් ද සොයිසා


මෙරට කීර්තිමත් පවුලක තවත් පරපුරක් නියෝජනය කරන ඔහු ව්‍යාපාර ලෝකයේ ද නමක් තබා තිබෙයි. මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ වැඩි ම ජාත්‍යන්තර සබඳතා ඇති ජ්‍යෙෂ්ඨයා වන්නේ ද ඔහුය. දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ, ප්‍රභූහු හා රාජ්‍ය නායකයෝ ඔහුගේ මිත්‍ර සමාගම් ලැයිස්තුවේ වෙති. ඒ සියල්ලන් අතරේ සිටිය ද ඔහු නිහඬ ය. පුරසාරම් නැත. වැඩ කිරීමෙන් පමණක් සතුටුවන ඒ ගුණය, අපට බොහෝ දේ කියා දෙයි. මේ ඔහුගේ කතාවයි.
මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු සහ දානපතියකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ ඥාති පුතු.

කැමැතියි ඔබේ පැටිකිරිය දැන ගන්න…

සර් සිරිල්ට හිටියෙ සහෝදරියො දෙදෙනයි එක ම සහෝදරයකුයි විතරයි. නීතිඥයකු වූ වී.ටී. ද සොයිසා, ඒ එකම සහෝදරයා. ඔහුගේ හතරවැනි පුතා මං. මගේ අම්මා, ඊනිට් හිල්ඩා මෙන්ඩිස්. මට වැඩිමල් අයියලා තුන්දෙනයි. චූලා, අජිත් සහ ලොවික කියන මගේ අයියලාගෙන් අද ඉන්නෙ අජිත් අයියා විතරයි. සර් සිරිල්ට අපි හැමෝම කතා කළේ ‘‍ලොකු පප්පා’ කියලා.

එතුමා ගැන මතකයක් තිබෙනවද…

ඔව්. හරි සැරයි. ඒ වුණාට එයාට දරුවො හිටියෙ නැති නිසා අපිට හරි ආදරෙයි. අපි පුංචි කාලෙ එයා අපේ බම්බලපිටියෙ ගෙදර එනවා. එයා නිදහසේ පුටුවක වාඩිවෙලා නියපොතු කපන දිහා මං ඈතට වෙලා බලා ඉන්නවා. AMW එකේ වාර්ෂික පිරිත් කියනකොට, මට මතකයි නොසෙල්වී පැයක් හමාරක් එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්නවා. කළුතර බෝධිය හැදුවට පස්සෙ එතැනින් යන එතුමාගේ බස් කොම්පැනියෙ හැම බස් එකක් ම නවතා මොහොතක් වැඳිය යුතුයි කියලා ඩ්‍රයිවර්ලට – කොන්දොස්තරලට එයා අණ කළා. ඒ, මගීන්ට පිංකැටේට ආධාර කරන්න අවස්ථාවක් දීමට. පස්සෙ ඒක කාටත් පුරුද්දක් වුණා.

පරම්පරාවෙන් ආ වත් පොහොසත්කම් ගැන හුඟක් ආඩම්බර ඇති…

කවදාවත් මට එහෙම හිතිලා නැහැ. අනික පරම්පරාවෙන් ලැබුණු එහෙම ලොකු දේවල් මට ඇත්තෙත් නැහැ. මා ළඟ යමක් තිබෙනවා නම්, ඒ මහන්සියෙන් උපයා ගත් දේ. හැබැයි, සර් සිරිල් ගේ පරපුරේ කෙනෙක් වීම, මට මහා අභිමානයක්. මොකද, එතුමා මේ රටට කළ යහපත් දේ නිසා. ලක්ෂ ගණන් ජනතාව වන්දනාමාන කරන කළුතර බෝධිය…. කොළඹ YMBA එක, වැඩිහිටි නිවාස… රත්මලාන බස් ඩිපෝව ඇතුළු දේපළ ගණනාවක් මේ රටට එතුමා දීලා ගියා.

එතුමා, උපන් ධනවතෙක් ද…

නැහැ. එතුමා එංගලන්තෙ ගිහින් බැරිස්ටර් විභාගෙ පාස් වෙලා නීතිඥයෙක් විදියට වැඩ පටන් ගත්තා. හැබැයි හොඳ ව්‍යාපාර ඥානයක් තිබුණා. සවුත් වෙස්ටර්න් බස් කොම්පැනිය පටන් ගත්තෙ බස් බාගයකින්. ඒ කියන්නෙ යාළුවෙකුත් එක්ක හවුලට සල්ලි දාලා ගත්තු බස් එකකින්.
AMW කියන්නෙ ඔබේ පවුලේ අභිමානය…

සර් සිරිල්ගෙන් ලැබුණු දෙයක් වුණත් ප්‍රතිපත්ති ගරුක වීම නිසා මගේ තාත්තා එය සම්පූර්ණයෙන් ගත්තෙ නැහැ. පසුකාලීනව මගේ අයියලට තිබුණෙත් ඒ අයම මිලදී ගත් කොටස් බහුතරය විතරයි. එහෙම වුවමනාවක් මට නොවුණෙ වැඩි කාලයක් මං වතුවල හිටපු නිසා. ඉතින් මට 1%කවත් අයිතියක් තිබුණෙ නැහැ. මං අපේ ම ආයතනයේ පඩියට වැඩ කළ සේවකයෙක් පමණයි. ඒ වුණාට මං හැමදාම වැඩ කළේ අපේ ම තැන කියන හැඟීමෙන්.

අද ඔබට AMW එක්ක කිසිම බැඳීමක් නැද්ද…

AMW මිලදී ගත් අල් – ෆුටේම් සමාගමේ සභාපති, මට හමු වූ මුල් දවසේ පටන් අද දක්වා ම හිතවත්. ඔහු කැමැති වුණේ නැහැ මං සමාගමෙන් ඈත් වෙනවට. ඒ නිසා ඔවුන් මාව AMW සමාගමේ සුපවයිසරි බෝඩ් එකේ සභාපතිවරයා ලෙසත්, අල් ෆුටේම් සමූහයේ උපදේශකවරයකු ලෙසත් පත්කරගෙන තිබෙනවා. ඔවුන් ඉතා හොඳින් මට සලකනවා. අද මගේ යොහාන්, ශෙහාන් සහ විරාන් පුතාලා තුන්දෙනාත් AMW සමාගමේ ඉහළ තනතුරුවල. ඉතින් අපි තවමත් AMW එක්කමයි.

AMW වෙත ඔබ කළ ලොකු ම වෙනස්කම කුමක් ද…

ඒක තමයි මගේ වෘත්තීය ජීවිතයේ ලොකු ම ජයග්‍රහණයත්. ඒ තමයි සියැට් ටයර්ස් ලංකාවට හඳුන්වාදීම. CEAT සමාගමේ MD මිස්ටර් මජුන්ඩා ලංකාවට ආ වෙලාවක මං ඔහු මුණගැහුණා. ඉතාම කෙටි කාලයක් තුළ මං ඔහුව එක්කරගෙන ගියා අපේ කළුතර AMW ටයර් රි – බිල්ඩ් කොම්පැනියට. එතැනින් කළුතර බෝධියට. අපේ ආයතනයේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ ඔහු මාත් එක්ක ගත කළ ඒ පැය කිහිපයේ දී අදහසක් ගත්තා. පාණදුර පහුවෙනකොට ඔහු මගේ අත අල්ලගෙන, ‘ඕ – කේ අපි එකට වැඩ කරමු…’ කිව්වා. සති දෙකක් ඇතුළත අපි ඉන්දියාවෙ ගිහින් ගිවිසුම් අත්සන් කළා. එහෙමයි AMW – CEAT අනුබද්ධ වුණේ. මරුටි, සුසුකි, යමහා මෝටර් සයිකල් සහ රෙනෝල්ට් ඒජන්සි ලබා ගත්තෙත් මගේ මූලිකත්වයෙන්.

ඔබ සභාපතිත්වය දරන අනෙක් සමාගම් මොනවද…

රටවල් සියයක පැතිරිලා තිබෙන හෙල්ප්ඒජ් සංවිධාන‍යේ ග්ලෝබල් එම්බැසිඩර්, අවුරුදු 13ක් පුරා හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති. 2012 සහ 2013 එංගලන්තයේ ජාත්‍යන්තර හෙල්ප්ඒජ් ආයතනයේ පළමු ආසියාතික සභාපති. මගේ කාලය තුළයි, හෙල්ප්ඒජ් ජාත්‍යන්තර ආයතනයට මානවහිතවාදී කටයුතු වෙනුවෙන් ලෝකයේ ඉහළම සම්මානය පිරිනැමුණේ. හෙල්ප්ඒජ් කියන්නෙ මගේ ජීවිතය. මං සමාජෙට ලොකු ම මෙහෙවරක් කරන්නෙ හෙල්ප්ඒජ් තුළින්. ඊට අමතරව කාසන් කම්බර්බැච් සමාගමේ වසර දහයක් පුරා පත් කළ සභාපති, ලොව බිලියන්පතියකු වූ බිනෝද් චෞද්‍රිගේ CG කෝප් ග්ලෝබල් සමාගමේ ශ්‍රී ලංකා සභාපති, ඇසෝසියේටඩ් සියැට් සමාගමේ, ජෙට්වින්ග් සින්ක් ජර්නි ශ්‍රී ලංකා සමාගමේ, ඩච් ලංකා ට්‍රේලර්ස් (ටාටා), අමායා රැඩිසන් හෝටලය – ඇමරිකාව, ට්‍රිනිටි ස්ටීල්, විප්රා ඉන්ටර්නැෂනල් ඇතුළු සමාගම් එකොළහක සභාපති.

මේ සියල්ල කරන්න වෙලාව තිබෙනවද…

මම කාල කළමනාකරණයේ අති දක්ෂයෙක්. ඔය විතරක් නෙවෙයි, මම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ලංකාවේ ප්‍රධානම වාණිජ මණ්ඩල දෙක වන මේ දෙකෙහි ම සභාපති වූ ශ්‍රී ලාංකිකයෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මම. සභාපති ධුරවලට අමතරව තවත් සමාගම් නවයක අධ්‍යක්ෂ මණ්ඩලවල වැඩ කරනවා. මට ලැබුණු ලොකු ම පිළිගැනීම තමයි, මහ බැංකුවෙ මුදල් මණ්ඩලයට මාව පත් කිරීම. මේ පිළිගැනීම මට ලැබුණෙ කිසිදු දේශපාලනයකින් තොරව. මං හැමදාම ව්‍යාපාරික ලෝකෙ මගේ ගෞරවය රැක ගත් කෙනෙක්. ඒ නිසා ම මට හුඟක් සමාගම්වලින් ආරාධනා ලැබුණා. මං මුදල් ඉපැයුවේ එහෙම වැඩ කරලා විතරයි.

මොකක්ද ඔබට ආවේණික Management Style එක…

යම් ප්‍රශ්නයකදී දෙපාර්ශ්වය ම පිළිබඳ ඉතා හොඳින් විමසන එක. තමුන් වැඩ කරන තැන කිසි ම පැත්තක් නොගන්නා එක. පක්ෂග්‍රාහි වීම නායකයකුට සුදුසු දෙයක් නෙවෙයි. හැබැයි වරදක් දුටු තැන දඬුවම් කරන්නත් නායකයා මැළි නොවිය යුතුයි.

ඔබට අනුව හොඳ නායකයෙක් කළ යුතු දේ කියන්න…

නිතර වෙනස් වන ප්‍රතිපත්තිවලින් බැහැර වූ, ස්ථාවර ප්‍රතිපත්ති ඇති කෙනෙක් විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන් බලා ගත යුතුයි. ඔහුගේ නොසැලෙන ගතිය, තීන්දු තීරණ ගැනීමේ බය නැතිකම, දෙවැනි පෙළටත් ලබා දිය යුතුයි. කොටින් ම බොස් කෙනකුට හෝ නායකයකුට සිටිය යුත්තේ ස්වාධීනව වැඩ කරන අය මිස, ලොක්කා මතම යැපෙන පිරිසක් නොවේ.

ඔබ බිස්නස්මන් කෙනකුට වඩා, හොඳ ලීඩර් කෙනෙක්. එකඟ ද මේ කතාවට…

නැහැ. මං හොඳ බිස්නස්මන් කෙනෙක් නෙවෙයි නම් කොහොමද ජාත්‍යන්තර මෝටර් රථ ඒජන්සි ගණනාවක් AMW එකට ගත්තෙ. කෝටිපතියෙක් වූ පළියට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වාහන ඒජන්සි ලැබෙන්නෙත් නැහැ. ලංකාවේ වාණිජ මණ්ඩලයට සම්බන්ධ සියලු ම මෝටර් රථ, ටයර් සහ ටයර් නැවත පිරවීමේ ක්ෂේත්‍ර යන සියලු ම ව්‍යාපාර අංශවල ක්‍රියාත්මක සංගම්වල සභාපති මං. ‘ජස්ටිකා’ කියන ජපන් ශ්‍රී ලංකා සංවිධානයේ හිටපු සභාපති. ව්‍යාපාර ක්ෂේත්‍රයට යමක් කරපු නිසා තමයි මාව එහෙම පත් කරන්නේ. වාණිජ මණ්ඩලවලට පත්වෙලා මං දුන්නේ නායකත්වය. ඉතින් මං මේ දෙඅංශයෙන් ම වැඩ කරන කෙනෙක්.

මොකක්ද ඔබේ පළමු රස්සාව…

කොමර්ෂල් ඉංජිනියරින් සමාගමේ ක්ලාක් කෙනෙක්. ඒ, 1966 අවුරුද්දේ. පඩිය රුපියල් දෙසීයයි. මගේ ලොකු අයියා චූලා, එංගලන්තෙන් ඉංජිනේරු විභාගේ පාස් කරලා ඇවිත් එයාගේ හොඳම යාළුවා එක්ක එකතු වෙලා පටන් ගත්තු පොඩි කොම්පැනියක්. කළේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් වැඩ. නිදහස් චතුරස්‍රයේ පොකුණු, පෙව්මන්ට්ස් හැදුවේ ඒ ගොල්ලෝ. මං කළේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ පර්චසින්. අවුරුදු දෙකකට පස්සෙ, මං කොළඹ අතෑරලා ‘ප්ලාන්ටින්’ වලට ගියා.

ඔබ අයිති සුපිරි සමාජ තලයකට. කවදාවත් රස්සාවක කටුක බව විඳලා තියෙනවද…

මං චූලා අයියගෙ සමාගමේ වැඩකරන කාලෙ වැඩබිම්වලට අවශ්‍ය යකඩ, සිමෙන්ති, ඇණ වගේ ගොඩනැඟිලි අමුද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ මං. මං මරදානට බස් එකේ යනවා. ගිනි අව්වෙ ඇවිදලා ඇවිදලා අවශ්‍ය දේ අරගෙන දාඩිය පෙරාගෙන ආපහු බස් එකේ ම එනවා. අවුරුදු දෙකකට පස්සෙ, මං අජිත් අයියගෙ ම සිසිල් ෆ්‍රිජ් කොම්පැනියට ආවා. වැඩිපුර ම තිබුණෙ අලෙවියෙන් පසු සේවාව. මං ඒකත් කළා. 1971 වෙන‍කොට මං සිසිල් කොම්පැනියෙ ‘සේල්ස් ඇන්ඩ් සර්විස් මැනේජර්’. මේවා අව්වා වැස්ස දූවිලි එක්ක සමාජයේ ගැටෙමින් කළ රස්සා. සීත කාමරයක සුව පහසුව වගේ ම දුෂ්කර ෆීල්ඩ් වර්ක් ගැනත් මට අත්දැකීම් තිබෙනවා.

පුංචි කාලෙ ඔබ දක්ෂයෙක් ද…

නැහැ. මං ගියේ කොළඹ රෝයල්. රිපෝට් එක බලලා අම්මයි තාත්තයි මට හැමදාම බැන්නා. ඉගෙන ගන්න කිසි ම උනන්දුවක් නැති සෙල්ලමට විතරක් ම හිත යොදවපු ළමයෙක්. පහේ පන්තියෙදි ‘රෝයල් ප්‍රයිමරි රෙස්ලින් චැම්පියන්’ වුණා. ලොකු වෙනකොට ක්‍රිකට් ගැහුවා. රගර් සෙල්ලම් කළා. අන්තිමේ ඕ – ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක් ම.
ඔබට ඕනෑතරම් අවස්ථා තිබුණා උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න…
තුන්වැනි පාර මං ඉහළින්ම ඕ – ලෙවල් සමත්. ඒත් ඒ – ලෙවල් ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ යුනිවර්සිටිය තමයි මස්කෙළියෙ තෙබර්ටන් වතුයාය. සෙන්ට් ජේම්ස් වතුයාය. වතු ජීවිතයේ මං අවුරුදු හත හමාරක් හිටියා. මේ තමයි, මං ජීවිතේ ඉගෙන ගත්තු හොඳම කාලය. කොළඹ වැඩ කරලා වත්තකට යනකොට කාගෙ වුණත් ‍ලොකු අහංකාරකමක් තිබෙනවා. නමුත් ගියාට පස්සෙ තමයි වතු ජීවිතයේ දුෂ්කරකම දැනෙන්නේ. තේ පැළ හිටවන, පොහොර දාන සහ තේ පැළ නඩත්තුවෙ ඉඳලා, දලු නෙළන…. කිරන වියළන තේ වෙන්දේසියට යවන තැන දක්වා සියලු දේත් කම්කරු – සේවක ප්‍රශ්න විසඳාලීමේ අමාරු තත්ත්වයන්ටත් මං අනේකවර මුහුණ දුන්නා. මං නැවතිලා හි‍ටියෙ මහ පාළු බංගලාවක. රෑ දහයෙන් පස්සෙ ලයිට් නැහැ. දවල් මුහුණ දෙන ප්‍රශ්න නිසා සමහර කම්කරුවො තරහින්. සමහර කාල තිබුණා මගේ ජීවිතේ තිබුණෙ අවදානමක. නමුත් මං සියල්ල විසඳාගත්තා. අපි වතු කම්කරුවන්ට ගරු කළ යුතුයි. එවිට ඔවුනුත් පෙරළා ඒ ගෞරවය පාලන අධිකාරියට දක්වනවා.

AMW කියන්නෙ ඔබේ පවුලේ ව්‍යාපාරය. ඇයි ඔබ එහෙ නොගිහින් වතු ජීවිතයේ ම හිටියෙ…

‘ඔයා වතුවලට වෙලා කාලෙ නාස්ති කළා ඇති. දැන් මෙහෙ එන්න…’ 1978 දවසක තාත්තා මට කිව්වා. එතකොට නිසාන් – කාර් ඒජන්සිය විතරයි අපිට තිබුණෙ. මං AMW බැඳුණා. තාත්තා සභාපති. අයියා MD. ඒ කාලේ බිස්නස් අඩුයි. කොම්පැනිය වහන්න බැහැ. සේවකයෝ 1400ක් වැඩ. පර්මිට් කාර් විතරයි. මං තීරණයක් ගත්තා. තාත්තා එක්ක ජපානෙ නිසාන් කොම්පැනියට ගියා. දැන හැඳුනුම්කම් ඇති කරගත්තා. සමහර ගිවිසුම් මං හින්දා දීර්ඝ කාලීන වුණා. මගේ අංශය සැලකිය යුතු වර්ධනයකට ගේන්න මට පුළුවන් වුණා. මං AMW සමාගමෙන් ඉවත්වුණේ නියෝජ්‍ය සභාපති සහ MD තනතුරේදි.

තියෙන කියන පවුලක දරුවෙක්. අරපිරිමැස්ම කවදාවත් ඉගෙන ගෙන තියෙවද…

කොළඹ ඉඳලා රත්මලානේ අත්තිඩිය පාරෙ රබර් වත්තක පදිංචියට ගියාම අපි හැමදාම ඉස්කොලෙ ගියේ බස් එකේ. ඉස්කෝලෙ ඇරුණම රගර් ප්‍රැක්ටිස්. ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඒවත් ඉවරවෙලා බම්බලපිටියට එද්දි හවස්වෙලා. තව වරුවක් බස් හෝල්ට් එකේ හිටගෙන ඉඳලා බස් එකක නැගිලා රත්මලානෙන් බහිනවා. එතැනින් බැහැලා කිලෝමීටරයක් විතර ඇවිදගෙනයි, ගෙදර යන්නේ. කාර්, බස් තිබුණට ඩ්‍රයිවර්ස්ලා හිටියට තාත්තා අපිට ඒවා දුන්නෙ නැහැ. දවල් කෑමට සත විසිපහක් පොකට්මනි ලැබුණා. මේ ජීවිත පාඩම් අම්මා තාත්තා ඉගෙනගන්න ඇරියෙ අත්දැකීම්වලින්.

ඇත්තට ම, ඒ කාලෙ ලංකාවෙ ලොකු ම බස් කොම්පැනිය වෙච්ච ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම තිබුණෙ සර් සිරිල්ට නේ…

ඇත්ත. ඒ බස්වල ම අපි ඉස්කෝලෙ ගියේ ටිකට් එකක් අරගෙන. ඒක තමයි තාත්තගෙ නියමය. අපි රත්මලානට ගියෙත් තාත්තා බස් සමාගමේ MD වූ නිසා. සර් සිරිල් සෙනෙට් සභාවේ සභාපති වුණාට පස්සෙ, එයාට බිස්නස් කරන්න බැරි නිසා, මගේ තාත්තට බස් සමාගම බාර දුන්නා. තාත්තා අවුරුදු 25ක් කරපු නීතිඥ රස්සාව අත්හැරලා තමන්ගෙ අයියා වෙනුවෙන් බස් සමාගම බාර ගත්තා.
ඒ වුණාට අපිත් යා යුතු වුණේ ටිකට් අරන්. හැබැයි නිවාඩු දවසට නම් අපිට ඩිපෝව ඇතුළෙ බස් එළවන්නත් තාත්තා අවසර දුන්නා. අද රත්මලාන බස් ඩිපෝව තමයි එදා ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්…

කෙන් බාලේන්ද්‍ර විශේෂයි. ඔහුත් රෝයල් මමත් රෝයල්. අපි දෙන්නම වෘත්තීය ජීවත පටන් ගත්තෙ ඕ – ලෙවල් වලින්. අපි දෙන්න ම අවුරුදු පහළොවක් විතර වාණිජ මණ්ඩලයේ හිටියා. ඔහු වැඩකරන විදිය, ඍජු තීරණ ගැනීම වගේ ගුණාංගවලට මං බොහොම කැමැති වුණා. ඇත්තට ම ඔහුගෙන් මං හුඟක් දේ ඉගෙන ගත්තා. ඊට අමතරව ගංඟාරාම පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මගෙ ජීවිතය පුරා මගපෙන්වනවා.

ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද…

කොළඹ සැප ජීවිතයක් ගත කරලා වතු ජීවිතයකට ය නවා කියන්නේ එහෙම පිටින් ම වෙනස් දෙයක්. ඒ වුණාට ඒක මගේ ජීවිතේ Turning point එකක් වුණා. ඊළඟට මගේ මැරේජ් එක. අවුරුදු 44ක් සුනිලාත් මමත් එකට ඉන්නෙ, දරු මුණුපුරෝ බලන්නේ ඇගෙන් එහෙම හොඳ ජීවිතයක් ලැබුණු නිසා. ඇය මගේ හොඳම මිතුරිය. ආපහු කොළඹට ඇවිත් AMW හරහා හුඟක් දේවල් කළා. මේ හැම තැනක් ම මට Turning points.

මේ තරම් තනතුරු තානාත්තර ඔබට ලැබෙන්නෙ මොකක්ද රහස…

සරලයි. කරන දේ හරියට කිරීම පමණමයි. මං අවුරුදු 50ක් ම වැඩ කරලා තිබෙනවා. මට වෙහෙසක් නැහැ. ස්ට්‍රෙස් නැහැ. හරි කෙනා හරි තැන ස්ථානගත කළා නම්, නොකරම බැරි අවස්ථාවක හැර තනි තීරණවලට වඩා සාමූහික තීරණවලට ඉඩ දෙනවා නම්, සේවක ප්‍රශ්න බලනවා නම් ඕනෑම තැනක වැඩකරන්න ලේසියි. ගැටලු අවමයි. මං විවිධ ඇසෝසියේෂන්වල සභාපති වුණෙත් අවුරුදු පහළොවක පටන් ක්‍රොයේෂියාවේ කොන්සල්වරයා වුණේ වැඩ නිසා ලැබුණු පිළිගැනීමෙන්. මම තමයි ලෝකෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රොයේෂියානු කොන්සල්වරයා.

ඔබේ සාර්ථකත්වයට බලපෑ යහපත් ප්‍රතිපත්ති මොනවද…

අවංකකම. සියල්ලට ඉදිරියෙන් සිටින්නේ එයයි. උදාහරණයක් කියන්නම්. සුනාමි වෙලාවේ එංගලන්තයෙන් ලැබුණු මිලියන ගණන් ආධාර හරියට විනිවිදභාවයෙන් යුතුව බෙදා හරින්න මට පුළුවන් වුණා. ඒක ඔඩිට් කරන්න අවේ, එංගලන්තෙ පාර්ලිමේන්තුවටත් උඩින් ඉන්න, ‘හවුස් ඔෆ් ලෝඩ්’ හි බැරනස් ගරු නාමයෙන් හඳුන්වන සැලී ග්‍රීන් ග්‍රොස් මැතිණිය. එයා තමයි හෙල්ප්ඒජ් ‘එංගලන්ත බෝඩ්’ එකට මාව යෝජනා කළේ. පසුව එහි සභාපති වුණා. අපි ඒ මුදල් අවභාවිත කළා නම්, ඔය ගෞරවය කවදාවත් ලැබෙයිද… 2004 දී ජපානයේ රජු විසින් විදේශිකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන “The Order of the Rising Son Gold Rays with Neck Ribbon” නාමය ලැබුණෙත් ඒ නිසා. කෝටි ගණන් අතපත ගෑවත් මිනිස්සු මතක තියාගන්න ඕනේ තමන්ගෙ ගෞරවයයි, වැදගත් කියලා.

මොකක්ද ඔබේ life style එක…

දැන් මට 70 යි. වයස මට ඉලක්කමක් විතරයි. මං වැඩකරලා සතුටු වන කෙනෙක්. අදත් මං පාන්දර පහමාරට නැඟිටිනවා. ඇ‍ඳෙන් බහින්නෙ පන්සිල් අරගෙන. ඊළඟට පැය 2ක් රාජකාරි වැඩ කරලා බුදු කාමරයේ පැය භාගයකුත් රැඳිලා තමයි මම ඔෆිස් යන්නේ. හැබැයි මගේ සති අන්තය ගෙවන්නෙ මගේ පුතාලා තුන්දෙනා සහ ඒ අයගෙ දරු පවුල් එක්ක. මගේ පුංචි මිණිපිරියෝ තුන්දෙනා තමයි අද මගේ හොඳම යාළුවෝ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක් ද…

සාර්ථක වෙන්න බලාපොරොත්තු වන මිනිහෙකුට අහංකාරකමින් බොරු උඩඟුවෙන් සත පහක ප්‍රයෝජනයක් නැහැ. මේ දෙක ඔළුවෙන් අහක්කරලම දාන්න ඕනේ. කරන රස්සාව මොකක් වුණත් ඒක ආදරෙන් කරන්න ඕනේ. කවදාවත් අනුන් කරන හොඳ දේවල්වලට තමන් ලකුණු දාගන්න එපා. අද මේ තත්වය හැම ‍තැනකම සිද්ධ වෙනවා. විශේෂයෙන් ලොකු තනතුරුවල ඉන්න අය තමයි මේ දේ කරන්නේ. තමන්ගෙ යට ඉන්න කෙනෙක් හොඳ දෙයක් කළා නම් ඒ ගෞරවය ඔහුට දෙන්න. සියල්ලට කලින් තමන් ට ඉහළින් ඉන්න කෙනා ළඟට ගිහින් ලකුණු දාගන්න දඟලන එක හොඳ නායකයකුගේ ලක්ෂණයක් නෙවෙයි. මං මෙවැනි දේට කවදාවත් ඉඩ දෙන්නෑ.

ඒ වගේ ම, ආගම කුමක් වුණත් දරුවන් දහම් පාසල් යැවිය යුතුයි. ආගමට මුල්තැන දිය යුතුයි. ඒ ප්‍රතිපත්ති නිසයි, YMBA උපසභාපති හැටියටත් කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ලේකම් හැටියටත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධියේ සහ සම්බෝධි විහාරයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදියටත් රටට වැඩ කරන්න ලැබුණේ.

පිරිත් වල ඇති සත්‍යතාව ජපාන පරීක්ෂකයන් ලොවට හෙළි කරයි – වීඩියෝ.

පිරිත් දේශනා තුල මහත් අනුහස් පවතින බව ලාංකිකයින් වන අප සියවස් ගණනාවක සිට දැන සිටින කරුණක් වනවා. එය වඩාත් තහවුරු කරමින් පිරිත් දේශනා වල විස්මිත භාවය ලොවට අනාවරණ කිරීමට ජපාන විද්‍යාඥයකු සමත්ව සිටිනවා. ඒ පිරිත් ශ්‍රවණය කිරීමට සැලැස්වූ අපිරිසිදු ජලය අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුවයි. මේ එම අනාවරණයයි.

විශ්වයේ පවතින බුදුන් වහන්සේගේ කටහඬ පටිගත් කිරීමට ජර්මනිය සැරසේ…

විශ්වය තුල මිනිසුන්ගේ හඬ පවතින බව විද්‍යාඥයන් සොයාගෙන ඇත. මෙහි වසර දහස් ගණනකට පෙර ජීවත්වූ මිනිසුන්ගේ පවා හඬ පවතින බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඔවුන් එම ශබ්ද තරංග පටිගත කරගෙන ඇති අතර , ඒවා අපැහැදිලි තත්වයේ පවතින බවයි සදහන් වන්නේ.

නමුත් එම හඬවල් වෙන් කරගැනීමට දැනටමත් පර්යේෂණ පවත්වනවා.
ලෝකයේ ජීවත් වූ විශිෂ්ඨ පුද්ගලයන්ගේ කටහඬ විශ්වයෙන් හසු කරගැනීමට මෙම විද්‍යාඥයන් උත්සහ දරනවා. එහිදී ඔවුන් ගෞතම බුදුන්ගේ කටහඬ කෙරෙහිද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ලංකා රහස් අපට වාර්තාවන්නේ.
මේ අන්දමින් විශිෂ්ඨ පුද්ගලයන්ගේ ප්‍රකාශ ඔවුන්ගේම කටහඬින් ඇසීමට හැකියාව අනාගතයේ උදාවන බව ජර්මානු පර්යේෂකයන් පවසනවා,
මේ අන්දමින් බුදුන් වහන්සේගේ හඬින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට හැකිවේනම් එය මහත් භාගයකි.
අනාගතයේදී එම බලාපොරොත්තුව ඉටුවේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.
ඒ ගැන සම්පුර්ණ විස්තරය සහිත වීඩියෝව පහතින්….

ඉන්දීය වෛද්‍යවරයෙකුගේ සැත්කමක් නිසා බුදු දහම ගැන ලොවම අවධානය යොමුවේ.

ඉන්දීය වෛද්‍යවරයෙක් වන “රජීව් පාර්ති ” මහතාට අපුරු සිද්ධියක් පිළිබඳව කල ප්‍රකාශයක් නිසා ලොවම අවධානය ඒ දෙසට යොමුව තියෙනවා. ලොව පුරා පර්යේෂකයන් නැවත බුදු දහම කෙරෙහි තම අවධානය යොමුකර තියෙනවා.
මෙම වෛද්‍ය වරයා කැලිෆෝනියාවේ ප්‍රධාන නිර්වින්දන වෛද්‍යවරයෙකි. නමුත් මෙම වෛද්‍යවරයාගේ හදිසි සැත්කමක් කිරීමට සිදුව තිබෙනවා. එහිදී ඔහුගේ ජීවිතය අවධානම් තත්වයකට පත්ව නැවත වාසනාවකට සුව අතට පත්ව තිබෙනවා. ඔහු සනීප වූ පසු පැවසු දෙය නිසා සියලු දෙන විශ්මයට පත්වුනා.
මෙම වෛද්‍යවරයා පවසා ඇත්තේ තමාගේ ශල්‍ය කර්මය අතරතුර මනස ශරීරයෙන් ඉවත්වනවා දැනුනු අතර, පෙර ආත්මයේ සිටි ආත්ම වල සහ විවිධ ස්තානයන්ගේ සැරිසරා නැවත ශරීරය තුලට ඇතුළු වූ බව ඔහු පවසයි.
ඊට අමතරව ඔහු පවසා ඇත්තේ පළමුව සුර්යයන් රැසක් දුටු බවත් එන තමාට කිසිඳු හානියක් සිදු නොවුණු බවත් , විශාල, අලංකාර මල් වතු දුටු බවත් ඔහු පවසා තිබුනා. කෙසේ නමුත් මනස සහ ශරීරය යන දෙක ගැන බුදු දහමේ පවසා ඇති කරුණු සැබෑවන බවක් මෙන් පැහැදිලි වන අතර, මේ නිසා බටහිර පර්යේෂකයන් දැන් දැන් බුදු දහම ගැන පරීක්ෂණ පැවැත්වීමට වැඩි නැබුරුවක් දක්වා ඇත.
මෙම ඉන්දීය වෛද්‍යවරයාද පසුව පවසා ඇත්තේ තමා බුදු දහම ගැන හැදෑරීමට පත්වීමට මෙම හේතුව ඉවහල් වූ බවයි.
මෙම සිද්ධිය ගැන ඔහු පවසන දේ පහත වීඩියෝවෙන් නරඹන්න.