ලංකාව හමුවේ ස්කොට්ලන්තයට ඓතිහාසික ජයක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික කණ්ඩායමක් පරාජය කර සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරිමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (21දා) සමත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්කරමිනි.

බෙකම්හි කෙන්ට් ක්‍රීඩාංගණයෙ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණඩායම නියමිත න්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 287ක් රැස්කිරිමට සමත්විය. ආරම්භක පිතිකරු කුසල් පෙරේරා (57), දිනේෂ් චන්දිමාල් (79), චාමර කපුගෙදර (71) අර්ධ ශතක රැස්කිරීමට සමත්විය.
ලකුණු 288 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 42.5කදී කඩුලු 3ක් පමණක් වැයකර එම ඉලක්කය පසුකර ගියේය. ආරම්භක පිතිකරුවන් වූ මැතිව් ක්‍රොස් (106), කයිල් කොට්සර් (118) ශතක රැස්කමින් පළමු කඩුල්ලට ලකුණු 201ක සාර්ථක සබඳතාවක් පැවැත්විය. ඒ අනුව ස්කොට්ලන්තයට ජයග්‍රහණය සඳහා අවශය පදනම සැකසිනි.
මෙම තරගය ශූරයනගේ කුසලාන එක්දින තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංවිධායනය කළ පුහුණු තරගයක් ලෙස පැවැත්විණ.

ලසිත් මාලිංග සහ අසේල ධනංජය ඉන්දියාවේදී දාපු සුපිරි නර්තනය නිසා IPL උණුසුම් වේ.

මේ දින වල ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගෙන ඇත්තේ ඉන්දියානු ප්‍රීමිය ලීගයයි. (IPL ) . විවිධ රටවල ක්‍රීඩකයන් කෝටි ගණනකට වෙන්දේසි වන IPL තරඟය ලොව පවත්වන උණුසුම්ම ටී-20 තරන්ගාවලියකි.
සාමාන්‍ය ක්‍රිකට් තරඟයකට වඩා විචිත්‍රවත් මෙම තරඟාවලියේ නර්තන, ගායන අංග මෙන්ම , ක්‍රීඩකයන් යුදාගනිමින් සිදු කරන විනෝදාත්මක, සංගීත , නර්තන ඉසව්ද කාගේත් අවධානය දිනා ගන්නවා.
IPL හි ප්‍රභල කණ්ඩායමක් වන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි. මෙහි ලොව සුපිරි වේග පන්දු යවන්නෙකු වන, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග සහ සුපිරි ක්‍රීඩක අසේල ධනංජය ක්‍රීඩා කරනවා. ඔවුන් දෙදෙනා අනෙකුත් ක්‍රීඩකයන් සමග නර්තනයක් ඉදිරිපත් කළා. එය කාගේත් අවධානයට ලක්වී තිබෙනවා. පහතින් එම වීඩියෝව නරඹන්න.

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමත් ශ්‍රී ලංකාවට අභියෝගයක්?

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කළ එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ හය වෙනි ස්ථානයය.

2017 සැප්තැම්බර් 30 වෙනි දින වනවිට ඉදිරියෙන් සිටින රටවල් හත සහ සත්කාරක එංගලන්තය 2019 ලෝක කුසලානයට සහභාගි වීමට නිතරගයෙන් සුදුසුකම් ලබන බැවින් මෙම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවට තීරණාත්මක තත්වයකි.
එලෙස සුදුසුකම් නොලබන කණ්ඩායම්වලට 2018 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ.
දැනට නිකුත් කර තිබෙන එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 79 ක් ලබාගෙන නම වෙනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්ථානය පිළිවෙලින් 6, 7, 8 යන ස්ථානවල සිටින අතර එම කණ්ඩායම් තුන අතර පරතරය ලකුණු පහකට වඩා අඩුය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලබනු ඇතැයි යන්න බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයය.

එසේ වුවද පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඉදිරි තරග ජයනොගතහොත් අවදානමකට මුහුණදිය හැකි බවත් ඔවුහු පවසති.
ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 30 වෙනි දිනට පෙර එක්දින තරග 11 ක් පමණ ක්‍රීඩා කිරීමට නියමිත අතර 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා එම තරගවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

එම තරගවලින් බහුතරයක් පරාජය වී ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටුණහොත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලැබීමේ අවදානමක් මතුවීමේ ඉඩකඩක් පවතී.

මීතොටමුල්ලේ ජනතාවට ලොරියකින් බඩු අරන් ගිය ක්‍රිකට් තරුව

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ලොරි රථයකින් රැගෙන ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔවුන්ගේ අඩුපාඩු පිළිබදව සෙයාබලා ඇති ඩිල්ෂාන් ඔවුන්ට ඉදිරියටත් අවශ්‍ය උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශකර ඇතිබවයි වාර්තාවන්නේ.

මෙම ආධාර බෙදා දීමේ අවස්තාවට ඩිල්ෂාන්ගේ බිරිඳ හා තවත් හිතවත් පිරිසක් ද එකව සිටියා.

ඩිල්ෂාන් සම්බන්ධයෙන් ඉකුත් දිනවල සමාජජාල වෙබ් අඩවිවල විවිධ පුවත් වාර්තා වුනේ ඔහු ගේ පළමු විවාහයේ දික්කාද නඩුව පිළිබඳවයි.

මිනිස්සුන්ගේ ජීවිතවල විවිධ හැලහැප්පීම් වෙන්න පුලුවන්.

එහෙම මිනිස්සු මේවගේ යහපත් ක්‍රියාවනුත් සිදුකරනවා.

ශාරුක් මේ තරම් පොඩි දරුවෙකුට මෙහෙම දෙයක් කලේ කොහොමද?

බොලිවුඩ් සුපිරි තරුව ශාරුක් ඛාන් මේදිනවල ඉතා කාර්යබහුලයි. ඒ IPL ආරම්භ වීමයි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දරන්නේද ශාරුක් ය. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තරඟයක් නැරඹීම සඳහා ශාරුක් පැමිණියේ තම කුඩා පුතුද කැටුවය.
පියා සහ පුතා දෙසට කාගේත් නෙත් යොමුව තිබුනා. ඒ අතර කැමරා කරුවෙකුට අමුතුම අවස්තාවක් තම කැමරා කාචයට හසු කරගැනීමට හැකියාව ලැබුනා. එය හරහා සහ යූ ටියුබ් හරහා එක්වරම පැතිරී ගියා. පහතින් දැක්වෙන්නේ එහි වීදියෝවයි.

කුමාර් සංගක්කාර විස්තර විචාරක කුටියට!

2017 චැම්පියන් කුසලානයට තෝරාපත් කරගත් විස්තර විචාරකයින්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් මීට සුලු මොහොතකට පෙර නම් කොට තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරන විස්තර විචාරකයා ලෙස පළමුවරට කුමාර් සංගක්කාර පත් කරනු ලැබ තිබෙනවා.

ඒ අනුව මීට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කළ, ප්‍රධාන තරඟාවලියන්හිදී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රසල් ආර්නෝල්ඩ්ට, 2017 චැම්පියන් කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.

කුමාර් සංගක්කාරට අමතරව හිටපු සුපිරි ක්‍රීඩකයින් වූ රිකී පොන්ටින්,බ්‍රෙන්ඩන් මැකලම් හා ග්‍රෑම් ස්මිත් චැම්පියන්ස් කුසලානයේ විස්තර විචාරකයින් ලෙස එකවනු ඇතියි.

තාමාට ලබුණු මෙම අවස්ථාව මහත් ගෞරවයක් බවත් ලොව හොඳම ක්‍රීඩකයින් උරෙනුර ගැටෙන චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට තමා නොවිවසිල්ලෙන් පසුවන බවත් කුමාර් සංගක්කාර පවසා තිබෙනවා.

96 ලෝක කුසලානය සමරන්න හදන ක්‍රිකට් පිති හතරක් සහ පන්දුවක හැඩයෙන් යුත් සුපිරි ගොඩනැගිල්ල.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබෙනවා.

ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර එය සැමරීමට මෙම ගොඩනැගිල්ල 2021 වර්ෂයේදී වැඩ අවසන්කිරීමට නියමිතයි.

ගොඩනැගිල්ල තුළ අති සුඛෝපබෝගි නිවාස පද්ධතියක්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කෞතුකාගාරයක්, ක්‍රිකට් සැමරුම් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක්, සිනමාශාලා, ශ්‍රවණාගාර, උත්සවශාලා, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සාප්පු, ආපනශාලා සහ ශාරීරික ව්‍යායාම මධ්‍යස්ථාන ඉහළ තළයේ පහසුකම් ඇතුළත් වන බව ඉදිකිරීමේ සමාගම පවසනවා.

ක්‍රිකට් පිති හතරක සහ පන්දුවක හැඩයෙන් යුතුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් 69 කින් යුත් මෙම ගොඩනැගිල්ල සඳහා විල්ස් රියැලිටර්ස් සමාගම ඩොලර් මිලියන 150 ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරු ලෙස 96 ලෝක ශූර ක්‍රිකට් පිලේ නායක අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රීඩකයෝ කටයුතු කරනවා. මෙම ව්‍යාපෘතිය හඳුන්වා දීම වෙනුවෙන් ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් 11 දෙනකුගේ සහභාගිත්වයෙන් කොළඹදී පසුගියදා විශේෂ උත්සවයක් පැවැත්වුනු අතර එහිදී අදහස් දැක්වූ ලෝක ශූර පිලේ නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්‍ෂ 500 ක මුදලක් ලැබීමට නියමිත බවයි.

කෙහෙළියගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් පෙම්වතිය නටාලි සමඟින් ප්‍රථම වරට ප්‍රසිද්ධ කළ ඡායාරූප එකතුව – Photos

විවිධ ප්‍රශ්න ඇතිකරගත් නිසාවෙන් පසුගිය කාලය පුරා කතාබහට ලක්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා වන රමිත් රඹුක්වැල්ල ඔහුගේ පෙම්වතිය වන නටාලියා සමඟින් ප්‍රථම වරට ඡායාරූප එකතුවක් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඇමරිකාවේ ජීවත්වන නටාලියා රමිත් සමඟින් වසර කිහිපයක සිට ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන යන අතර මේ ඔවුන් ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත්කර තිබූ ඡායාරූප එකතුවයි….

උපුටා ගැනීම සහ චායාරුප citizen.lk


 

**ආතල් කඩන්න එපා**

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර T -20 තරගයේදී සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් තම විරෝධතාවය පිටියේ “පැවිලියන්” එකේ සිදු කළා. ඒ ගැන සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. එම ක්‍රියාව ගැන දැඩි විවේචන එල්ල වෙමින් පැවතුනා. මේ ගැන තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය වරයෙක් මෙන්ම, රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය වරයෙකු වූ නවීන් උඩ වැල්ල මහතා තම ෆේස්බුක් ගිණුමෙහි අමුතු ආකාරයේ, සංවාදයට බඳුන්වන සටහනක් එක් කර තිබුනා. පහතින් දැක්වෙන්නේ එම සටහනයි.


මැච් එකක බෝඩ් එකක් අල්ලාගෙන ශර්ට් එකක් ඇඳ සිටින තරුණ තරුණියන් පිරිසක් නිසා අද
1. අවංක ක්‍රිකට් ලෝලීන්
2. සයිටම් ලෝලීන්
දෙපිරිසම බලවත් කම්පාවකට පත් වී ඇත. #2 කොටසට නම් අනුකම්පාවක් නැත. මේ කතාව #1 කොටසටයි. මන්ද එම කොටසේ සයිටම් විරෝධීන්ද සිටින බැවිනි.
එහෙනම් පටන් ගමු…
පාලකයා හෝ අපගේ පීඩකයා හෝ වහල් හිමියා අපේ පැවැත්මේ වේදනාව සමනය කිරීමට අපට අනිවාර්යයෙන්ම වේදනා නාශකයක් ලබා දේ. ඒ අපට ආදරයට නොවේ. ඒ අප වේදනාව ගැන සිත යොමු කලහොත් දින කීපයකින්ම අප කැරලි ගසන බව දන්න හෙයිනි.
ඒ වේදනා නාශකය විවිධ ස්වරූප වේ. කලක් එය ආගම විය. නාට්‍ය, ගීත විය. මත්ද්‍රව්‍ය විය. නමුත් දැන් මේ පශ්චාත් දෘශ්ඨිවාදී නරුමවාදී (ණයට ඉල්ලගත් වචන, කතෲ තේරුම නොදනී) සමාජයේ වේදනා නාශකය “ආතල්”ය.
සියලු දේ “ආතල්” බවට පරිවර්තනය වී ඇත. කොටින්ම ආගම පවා දැන් “ආතල්” එකකි. කුණුහරුප බණකාරයින් හිට් වෙන්නේ ඒකය.
අපේ කලාපයේ නැගලාම යන “ආතල්” එක ක්‍රිකට්ය. ඉන්දියාවේ ක්‍රිකට් ආගමක් වී ඇත්තේ එබැවිනි. එය සැබෑ ආගමක් නොවේ. එය “ආතල්” බේස්ඩ් ආගමකි. එහි සැබෑ ආගමක සියලු ලක්ශන ඇත. ක්‍රීඩකයින් දෙවිවරුය. ප්‍රේක්ශකයෝ බැතිමතුන්ය. එපමණක් නොව ක්‍රීඩාගාර “දේවාල” වේ. මේ “දේවාල” වලට අසංවරව ආවොත් අපේ මේ ආගමික “ආතල්” කැඩේ (සයිටමට විරුද්ධ අයටත් ශර්ට් එක නිසා තදවීම). ක්‍රිකට් යනු අපේ කලාපයේ දුකින් පීඩිත ජතාවගේ දුක අමතක කිරීමට දී ඇති වේදනා නාශකයයි. ක්‍රිකට් යනු දුප්පතාගේ අබිංය.
ක්‍රිකට් මියගියේ ඊයේ නොවේ. ක්‍රිකට් මියගියේ අයි.පී.එල් සමගය. ක්‍රිකට් මියගියේ අඟලේ දැන්වීම් සතරකින් ඔබේ අඟල් විසිඑකේ ටීවී එක අඟල් දහනමයේ ටීවී එකක් කල දිනයේය. ඔබ පිලිගන්නට අකමැති උනත් ඔබ තවදුරටත් ප්‍රේක්ශකයකු නොවේ. ඔබ දැන් consumer කෙනෙකි.
ඉස්සර තිබුන ක්‍රිකට් තිබුනේ ඉස්සරය.එකල එය ධනවත් ජෙන්ට්ල්මන්ලාගේ ක්‍රීඩාවකි. දැන් එය වේදනා නාශකයකි .
ඊලඟට විරෝධතා ගැන කතා කරමු…
විරෝධතා යනු නිසඟයෙන්ම “ආතල්” කැඩීමකි. එහි අරමුණම එයයි.
පාලකයාට/පීඩකයාට එය ජනතාව තමන් දුන් වේදනා නාශක වලින් දුක අමතක කිරීම ප්‍රතික්ෂේප කර නැගී සිටීමට තීරණය කිරීම නිසා වන “ආතල්” කැඩීමකි.
තවත් අරමුණක් තිබේ. එනම් තමන්ට ලැබී ඇති වේදනා නාශක/නිදි පෙති වලින් නිදි වැදී සිහින දකිමින් සිටින පීඩිත පාලිතයින් නින්දෙන් ඇහැරවීමයි.
පීඩිතයාගේ “ආතල්” කඩා ඔහුව යම් ස්වයං විමර්ශනයකට පෙලඹවීමයි.
විරෝධතා යනු සිහින දකින පුද්ගලයාගේ ජනේලයට ගසා “ගේ ගිනිගන්නවා, ඇහැරෙන්න” යයි පැවසීමයි.
එවිට සිහින දකිමින් සිටි පුද්ගලයා මුලින් කෝප වීම ස්වභාවිකය. සිහිනලොව ලස්සනය. එහි සැබෑ ලොවේ ඇති වේදනාව නැත. ක්‍රිකට් බැලීම මෙම පින්තූරයේ කියා ඇති ලෙසම “ඉතුරු වී ඇති එකම සතුටයි”. වඩාත් නිවැරදි ලෙස දකිනවා නම් අපිටදී ඇති වේදනා නාශකයයි.
ක්‍රිකට් යනු අපට දී ඇති වේදනා නාශකය නොවේ නම් මැච් දවසට පෙට්‍රල් වැඩි කිරීම ගැන සිතන්න. අපිට ඔපරේශන් කරන්නේ වේදනා නාශකය දුන් පසුය. රිදෙන්නේ නැති වෙන්නය.
නමුත් එය වේදනාවට විසඳුම නොවේ. නිදා සිටීම පිලියමක් නොවේ. නින්ද තාවකාලිකය. ඔබට කොයි වෙලේ හෝ නැගිටින්නට වේ. නැගිට්ට පසු වේදනාවට මුහුන දෙන්නට වේ. මුලින් නැගිටින තරමට හොඳය. විරෝධතා කරුවා හදන්නේ අපව මුලින් නැගිට්ටවන්නටය. ඔහු ඇහැරී ඇත. ඔහුට වේදනාව දැනී ඇත. එහි මූලයද සොයාගෙන ඇත. ඔහුට උවමනා අපවත් ඇහැරවාගෙන අපත් සමග එම මූලයට පිලියම් යෙදීමටය.
ඔහු ඒ දේ නියමෙට කලේය.
මැච් එකට බෝඩ් උස්සං ආපු මුල්ම දවස ඊයේ නොවේ. හිටංට, චතුරට, මරාට, පබාට, මේ සියල්ලන්ටම බෝඩ් ලියන් ආහ. ඒත් අප කලේ ඒ සියල්ල අපේ “ආතල්” එකේම කොටස් බවට පත් කර ගැනීමයි. අපි “ආතල්” කඩා ගත්තේ නැත. සිහිනයෙන් මිදුනේ නැත.
නමුත් මේ බෝඩ් එක, ශර්ට් එක අපිට රිද්දුවේය. අපව ඇහැරුවේය.
ඒ එහි ලියා තිබූ සයිටම් හරහා සංකේතාත්මක වන අද්‍යාපනය විකිණීම අපටද ප්‍රශ්නයක් බව දන්න නිසාය. එය අපගේ සිතේ පතුලේ ඇති අප ප්‍රශ්නයක් බව තේරුම් ගෙන සිටින එහෙත් ඩීල් කිරීමට අකමැති වේදනාවකි.
#1 කුලකයට කවදාවත් නැතුව ඊයේ රිදුනේ ඒ නිසාය. මේ ප්‍රශ්නය ඔවුන්ට සැබෑ වේදනාවකි. ඔවුන් සිහින දැක්කේ, වේදනා නාශක ගත්තේ මෙවන් ප්‍රශ්න වලින් ගැලවීමටය.
මොරටු කොල්ලෝ අපව සිහිනයෙන් ඇහැරවූහ. පේන් කිලර් වලට ඇන්ටිඩෝට් එකක් දී අපට වේදනාව දැනෙන්නට සැලැස්සූහ. පින්තූරයේ වචන වලින්ම කියනවා නම් “සතුටු වෙන්න කියා තිබූ එකම දේට කෙලවූහ”.
දැන්….
අප මොහොතකට අවදි වී සිටිමු. අවශ්‍ය නම් අපිට නැවතත් නිදා ගැනීමටද හැක. නමුත් ලක්ශයක් ඇහැරවූ විට ලක්ශයම ආපසු නිදා ගන්නේ නැත. එකෙක් දෙන්නෙක් හෝ දිගටම අවදි වී සිටිති. අනිත් අයද නින්දට යන්නේ බාගෙට විය හැක. නැවත් ඔවුන් අවදි කිරීම පහසුය. මාලන් බ්‍රැන්ඩෝලා, ලියනාඩෝ ඩිකැප්‍රියෝලා ඔස්කාර්වල කලේත් ඕකමය. “ආතල්” කැඩීමය. මෝරා කොල්ලන්ද උන්ට උවමනා වූ ඒ වැඩේ කලහ.
දැන් අවදි වූ අපට නැවත වේදනා නාශක සහ නිදි පෙති ලැබෙනු ඇත. අපව නැවත නින්දට යවනු ඇත.
ඊට පෙර පොඩ්ඩක් වටපිට බලමු…
~ Dr Naveen Udawella

ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් තරඟය වෙනුවෙන් කෝටි ගණනක සූදුපොලක් පවත්වාගෙන ගිය මන්ත්‍රී

ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ දී පසුගියදා පැවැති ක‍්‍රිකට් තරගයේ ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් පවත්වාගෙන ගිය ඉන්දියාවේ ගෝද්‍රාහි සූදුපොළක් වැටලූ එරට අපරාධ විමර්ශන එ්කකයේ නිලධාරීන් විසින් බීජේපී පක්ෂ මන්ත‍්‍රී චේතන් සත්වානි අත්අඩංගුවට ගෙන තිබේ.
ගුජරාට්හි, ගෝද්‍රා ප‍්‍රදේශයේ පදිංචිව සිටින සත්වානි මන්ත‍්‍රීවරයා විසින් මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත.
කි‍්‍රකට් ඔට්ටු ඇල්ලූ පුද්ගලයන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතත් මන්ත‍්‍රීවරයා පැනයාම හේතුවෙන් සූදුපොළේදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට නොහැකි විය.
නමුත් වැටලීම අඛණ්ඩව සිදුකළ නිලධාරීන්ට නගරයේ වෙනත් තැනක ලේ තැවරුණු අතැතිව සිටි මන්ත‍්‍රීවරයා සහ තවත් අයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව එරට වාර්තා පැවැසී ය.
සූදුව වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනා කලක සිටම පොලිසියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින අය බව සදහන් ය.
මුදල් තොගයක් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.