මාව මෙල්ල කරන්න හදන්න එපා උත්තර දෙන්න මම ඔින වෙලාවක සූදානම්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතු වූ ලෝපතල ක‍්‍රීඩකයා කුමාර සංගක්කාර ක‍්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ මහ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු සමාජයීය ක‍්‍රිකට් තරග සඳහා නියෝජනය කළේ කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයයි. වමතින් පිත්ත හැසිරවූ ඔහු කඩුළු රැුකීමේ කාර්යයෙහි නිරත විය. වත්මනෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩකයාද එලෙසින් ත‍්‍රිත්වයෙන් පැමිණ, එන්.සී.සී. සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූයේ කඩුළු රකින්නෙකු ලෙසය.

ලෝ පූජිත වූ සංගාගේ ක‍්‍රීඩාශීලි රිද්මය රැුගෙන වත්මනෙහි ක‍්‍රිකට් පිටිය හැඩ කරන නිරෝෂන් දික්වැල්ල  සමගින් කල සම්මුඛ සාකච්ජාව පහතින්
නිරෝෂන් කියන්නද? දික්වැල්ල කියන්නද?

දැන් යන විදියට නම්, දික්වැල්ල කියන නම හොඳයි. පාසල් කාලයේදී නම් වැඩි දෙනෙක් කතා කළේ නිරෝෂන් කියලයි. ඒත් අද හැමෝම කතා කරන්නෙ ‘‘දික්වැල්ල’’ කියලයි.

නම දික්වැල්ල වුණාට එන්නෙ මහනුවරින්, කොහොමද ඒක සිද්ධ වුණේ?

අපේ පවුල් පසුබිම ගත්තොත් සීයා ආච්චිගෙ වගේම අපේ පවුලේ අය පැවත එන්නෙ නුවරින්. වාසගම දික්වැල්ල වුණාට මම දන්නා තරමින් දකුණේ නෑදැයින් නැහැ. අනාගතයේදී මට පහත රටින් නෑදැයෙක් හමුවේවි කියලා හිතනවා.

ඒ කියන්නෙ සහකාරිය දකුණෙ කෙනෙක් කියන එකද?

නැහැ, නැහැ, එහෙම කෙනෙක් නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අය කතා කරන්නෙ ‘‘දිකා’’ කියලා නේද?

ඔව්.

ත‍්‍රිත්වයේදී ඔබ ‘‘විශේෂිත’’ චරිතයක් වුණා. එහෙම නේද?

ඇත්තෙන්ම ක‍්‍රිකට් නිසා තමයි එහෙම වුණේ. 13න් 15න් සහ 17න් පහළ සියලූම කණ්ඩායම් නියෝජනය කළා. ඒ නිසා පාසලේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. ඒ එක් එක් අවස්ථාවලදී කැපී පෙනුණ දක්ෂතා පෙන්වීම ඊට හේතු වුණා.

මම අහන්නෙ ක‍්‍රිකට් ගැන නෙවෙයි. පාසලේදී දැණුම-මිනුම ආදී තරගවලට සහභාගී වීම නිසා වඩා ප‍්‍රකට වුණා නේද?

හොඳ කථිකයෙක් වුණා නේද? කතා කරන්න නම් දක්ෂ වුණා. කථික තරගත් දැණුම මිනුම තරග සඳහාත් මගේ නිවාසය සඳහා ඉදිරිපත් වුණා. ඒකත් එක් හේතුවක් තමයි.

ඒ නිසා බොහෝ ජයග‍්‍රහණ එහෙමත් ලබා ගත්තා නේද?

සම්මාන, සහතික කීපයක් ලබා ගත්තා. නමුත් වැඩිපුරම වගේ ජීවිතය ගෙවුණේ ක‍්‍රිකට් සමගයි.

පාසල් සංගීත කණ්ඩායමේ හිටියා කියලත් ආරංචියි?

අනේ මට වාදනය කරන්නත් ගයන්නත් බැහැ.

එතකොට පාසලේදී නාට්‍යවල රඟපෑවෙත් නැද්ද?

පාසලේදී නාට්‍ය කීපයක රඟපෑවා.

‘‘ගම හාමිනේ’’ ලෙස චරිතයක් රඟපාලා සම්මානයකුත් ලබාගත්තාලූ? නේද?

අපේ පාසල පිරිමි පාසලක්නෙ. ඉතින් නාට්‍යයක් කරද්දී කාන්තා චරිත රඟපෑමට සිද්ධ වුණෙත් පිරිමි නළුවන්ටයි. එක්තරා අවස්ථාවක මම පාසලේ නාට්‍යයක ගම හාමිනේ ලෙස රඟපෑවා. ඒ වෙනුවෙන් හොඳම රංගනය සඳහා සම්මානයක් පවා ලබා ගත්තා.

‘‘ත‍්‍රිත්වයේදී’’ සංගා ගැන මතකය මොන වගේද?

මම පාසලට ඇතුළත් වුණේ 97 දී විතර. ඒ වන විට කුමාර සංගක්කාර මහතා පාසලින් ඉවත්වෙලා. නමුත් පාසලට ආ අවස්ථාවලදී මට ඔහු හමුවූ අවස්ථා තිබුණා. ජාතික කණ්ඩායමට ඒමට පෙර, කුමාර, මහේල, ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ තරග නැරඹීමට මම පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට වගේම කොළඹ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයටත් පැමිණි අවස්ථා තිබුණා. ඒ තරමටම මම ආසා කළා. වාසනාවකට පසුව ඉක්මනටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ වාසනාව මට ලැබුණා.

පාසලෙන් ඉවත්වන විටම ඔබට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණෙ ‘‘එන්.සී.සී.’’ ක‍්‍රීඩා සමාජයටයි. සංගා ක‍්‍රීඩා කළෙත් එම ක‍්‍රීඩා සමාජයටයි. මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඒ වෙනුවෙන් අවස්ථාව ලැබුණෙ සම්පත් පෙරේරා පුහුණුකරු නිසයි. එතුමා තමයි මාව ඊට යොමු කළේ. මගේ වාසනාවට සංගා ඇතුළු ප‍්‍රවීණයින් රැසක් භක්‍ක්‍ එකේ හිටියා. වයස 19 දී ඇවිත් ඒ අය එක්ක ක‍්‍රීඩා කරන්නට ලැබීම ලොකු වාසනාවක් වුණා.

‘‘සංගා සහ ඔබ’’ එකට ක‍්‍රීඩා කරලා තියෙනවද?

එක්තරා අවස්ථාවක බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයකදී ඔහු සමග මටත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. අපි දෙන්නාම එදා ශතක ලබා ගත්තා.

ඔබ විලාසිතා ගැන බොහොම උනන්දුලූ නේද?

අනිවාර්යයෙන්ම එය හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ.

සිංදු කියන්න බැහැ කිව්වට සිංදු අහන්න හරි ආසලූ නේද?

අපි තරගයකට යද්දි වුණත් විවේකයක් ලැබුණොත් අපි කරන්නෙ ගීත අහන එක තමයි. එක්කෝ අපේ ශ්‍රී ලංකා ටීම් එකේ අය එකතු වුණාම ගීත ගයන අවස්ථා එහෙමත් තියෙනවා. ඩිල්ෂාන් මුණවීරට, මිලින්ද සිරිවර්ධනට හොඳට ගයන්න පුළුවනි. ඒ වගේම මිලින්දට වාදනය කරන්නත් පුළුවනි. කොහොමටත් ගිටාරයකුත් කණ්ඩායමට තියෙනවා. මම ඉතින් ගීත අහන එක තමයි කරන්නෙ.

ඩිල්ස්කූප් එක දැන් ඔබත් ගහනවනෙ? දැන් ඒකට කියන්නේ මොන ස්කූප් කියලද?

ඒක ඇත්තටම ඩිල්ෂාන් අයියා ගෙනා පහරක්. පසුව බොහෝදෙනා ඒ පහරට යොමුවුණා. දැන් මම ඒ පහර ගහද්දී ‘‘දිකාස්කූප්’’ කියලා සමහරු කියනවා.

වෙලාවකට ප‍්‍රතිවාදී කණ්ඩායම්වල ක‍්‍රීඩකයින් එක්ක ඔට්ටු වෙන්නත් යනවා වගේ අවස්ථා දැකලා තියෙනවා. ඔබ කොහොම කෙනෙක්ද?

ප‍්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු රකින්නන් පන්දු යැවීමේදි මාව මෙල්ල කරන්න හදන එකටවත්. වචනයෙන් මෙල්ල කරන්න හදන එකටවත් මම ඉඩ දෙන්නෙ නැහැ. එයාලට වඩා මම අණසක පතුරවන්න ඕනෑ කියලයි හිතන්නෙ. පිත්තෙන් උත්තර දෙන්න මම නිතරම සූදානම්. ඒ අවස්ථාව පරාජය කිරීමට තමයි මම ක‍්‍රියා කරන්නෙ. මම කොහොමටත් මාව විශ්වාස කර ගෙන ක‍්‍රීඩා කරන කෙනෙක්. ඒ විශ්වාසය මත කණ්ඩායමට හැකි උපරිමය නෙළාදීම මගේ අරමුණයි.සටහන සහ ඡායාරූප – සඳුන් ගමගේ (saaravita)

නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශ සංචාරයට පෙර කල ප්‍රකාශ පිලිබඳ වීඩියෝව පහතින්.

 

 

නුවන් කුලසේකර සහ සචිත්‍ර දුෂ්කර පාසලක දරුවන් සමග පිල් දෙකකට බෙදිලා ගහපු මැච් එක.

මේරියන්ස් සංගීත කණ්ඩායම සමග අපේ ක්‍රිකට් තරු දෙකක් වන නුවන් කුලසේකර සහ සචිත්‍ර සේනානායක දුෂ්කර පාසලක දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන්නට සහභාගී වුනා. මේරියන්ස් නායක නලීන් පෙරේරා ඈතුලු මේ කණ්ඩායමට එම අවස්තාව ඉතා හැඟුම්බර එකක් වුනා. එහිදී මේරියන්ස් කණ්ඩායම මගින් සුළු සංගීත ප්‍රසංගයක් පැවැත්වුවා.

මේ සියලු විස්තර අප ලබාගත්තේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝර්ඩ් වාදන ශිල්පියා වන දිලීප මංගලගේ ෆේස්බුක් ගිනුමෙනි. විශේෂත්වය වන්නේ මේ සියලු පින්තුර සහ වීඩියෝ ඔහු ගත ඒවා වීමයි. ඔහු චායාරුපකරණය ගැන කැළණි විශ්වවිද්‍යාලයේ දිප්ලෝමධාරියෙකි.
කෙසේ වෙතත් ඔහු විසින් එක්කර තිබු සටහනක් ගැන සඳහන් කල යුතුමය. එම සටහන මෙසේය.

“අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය යටතේ, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයේදී හැගීම්බර වූ මා මිත්‍ර නුවන් කුලසේකර‍, මේ උත්සවය එතරම් හැගීම්බර වූ එකකි. උත්සව සභාවේ සිටි අප පිරිසේ බොහෝ දෙනෙකු රහසේම කදුලු පිස දමනු දුටුවෙමි. මාර්තු 20 වන දින සැබවින්ම වඩාත් අර්ථවත් එකක් වූයේ මේ පුංචි පාසලේ කුඩා දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ හැගීම් වරුසාවේ තෙමෙන්නට අපටද අවස්ථාව හිමි වූ නිසාවෙනි. මෙවැනි සත්කාරයකට ඉඩහසර සකසමින් අරුණළු වෙත සිය මූල්‍ය ශක්තිය එක් කල සැම දෙනාටම හිස නමා ආචාර කරමි ! තම අව්‍යාජත්වය නැවත වරක් පසක් කරමින් මේ අවස්ථාවට සපැමිණි කුලේ, සචිත්‍ර‍ දෙපලටත්, නලින් අයියා ප්‍ර‍මුඛ මේරියන්ස් හිතවතුන් හටත්, ගිමන් හරින වෙරළ දිගේ අප කැඳවාගෙන ගිය අරුණ අයියාටත්, උත්සව සභාව මෙහෙයවීමේ බර තනිවම කරට ගත් ස්වාධීන රූපවාහිනී සේවයේ මහා අරටුවක් බඳු සුරේ අයියාටත්, උත්සවය උත්සවයක් ලෙස පවත්වන්නට පාසලට සහාය වූ 232 බල සේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා සහ 23 වන බල සේනාංකයේ කර්නල් අමුණුගම, මේජර් චතුරංග වික්‍ර‍මසිංහ ඇතුලු යුධ හමුදාවේ සහෝදර කැලත්, දුර බැහැර නොතකා එහි ගිය මා මිත්‍ර‍ කැළත්, ආදරයෙන් මතක් කරමි. තවත් ඡායාරූප මතකයන් රාශියක් ඉදිරියේදී…..
2017 මාර්තු මස 21 වන දින අපි (මේරියන්ස් සංගීත කණ්ඩායම, නුවන් කුලසේකර මහතා, සචිත්‍ර සේනානායක ඇතුළු පිරිස) කන්දේගම විදුහල වෙත මනුෂ්‍යත්වයේ නමින් නෑදෑ ගමනක් ගියා. එහිදී අප අත්වින්ද දේ බොහොමයි. නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක වැන්නවුන්ගේ නිහතමානී කම සහ සරල බව විශේෂයි. මෙම ගමන නිසා එම පාසලේ සිසු සිසුවියන්, ගුරු මහත්ම මහත්මින්, ගම වාසින් සතුටට පත්වූවානම් එය අපෙත් සතුටයි. මෙහිදී අප කණ්ඩායම විසින් සංගීත භාණ්ඩ ක්‍රීඩා උපකරණ, ලිපි ද්‍රව්‍ය සහ ළමයින්ගේ ඉගනීමට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය පිළිගැන්වීමක් කළා. මෙම ගමන සඳහා මූලික වූ “අරුණලු” සංකල්පයේ නිර්මාතෘ සංජීව මහතාට බෙහෙවින්ම ස්තුතියි. අපේ මේ සතුටු දවසේ මතකයන් කිහිපයක් ඔබ සැම හා බෙදාගන්න සිතුනා.”
සචිත්‍ර සහ කුලසේකර පාසල් දරුවන් සමග කණ්ඩායම් දෙකකට වැදී තරඟයක් පැවැත්වුවා. එය කාගේත් අවධානයට ලක්වුනා. ඉතා රසමුසු තැන සපිරි එම තරඟයේ වීඩියෝව සහ චායරුප කිහිපයක් පහතින් නරඹන්න.

කුලසේකර, සචිත්‍ර, නලීන් ප්‍රමුඛ මේරියන්ස් කියන්නේ කවුද කියල හරියටම දැනගන්න මේක බලන්න.

අපේ රටේ කණ්ඩායම් සංගීතය වෙනම දිශානතියකට ගෙන ගිය “මේරියන්ස්” ගැන කවුද නොදන්නේ?. මේරියන්ස් කියූ සැනින් වෙන තියෙනවා. ඒ “නලීන්”. නලීන් කියන්නේ සංගීත කණ්ඩායමේ නායකයා විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ගායකයෙක් සහ ඉදිරිපත් කරන්නෙක්. ඊටත් වඩා නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් කියන්නේ මිනිසුන්ගේ දුක අඳුනන , අනාගතය ගැන අපේ රටේ දේශපාලකයින්ට වඩා දැක්මක් තියෙන සුන්දර මිනිසුන් පිරිසක්.
ක්‍රිකට් කියන්නේ ලංකාවේ අපේ හදවත වගේ. ගොඩක් දැනෙන, ශරීරය හා මනස සමග ඒකාබද්ධ වුනු දෙයක්. එකයි පරදිනකොට බැන බැන ත් මැච් බලන්නේ. අපේ රටේ මිනිස්සු ක්‍රිකට් වලට වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ආදරෙයි. අපේ ක්‍රිකට් තරු ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරන මෙහෙවර සුළුපටු නැහැ.සමාජ සත්කාර වෙනුවෙන් ගොඩක් වැඩ කරනවා. එහෙත් මාධ්‍ය ප්‍රචාරයක් ගන්න ඔහු එතරම් කැමති නැහැ.
කොහොම වුනත් මේ කියන්න යන දේ අහල්ල, පහත වීඩියෝ බලල , පින්තුරටික බලද්දී ඔයාගෙත් ඇස්දෙකට කඳුලක් එයි. එක දුකටද?, සතුටටද කියන එක ඔයාම තීරණය කරන්න. කොහොම වුනත් අපි දන්නා මිනිස්සුන්ගේ නොදැක්ක පැත්ත ගැනයි මේ….


මේරියන්ස් සංගීත කණ්ඩායම සමාජ සත්කාර වැඩක් කරනවා. ඒ තමා “අරුනලු මනුෂ්‍යත්වයේ සත්කාරය.” මෙමගින් ඈත දුෂ්කර ප්‍රදේශවල පහසුකම් අඩු පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදුකරනවා. පාසල් උපකරණ, සංගීත භාණ්ඩ, ඔවුන්ගේ තවත් අඩුපාඩු සපුරනවා. මේකට සහභාගීව උදව්කරන තව දෙන්නෙක් ඉන්නවා. ඒ ශ්‍රීලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරු දෙකක්වන, නුවන් කුලසේකර සහ සචිත්‍ර සේනානායක දේපල. මේ දෙන්නට අමතරව තවත් කිහිපදෙනෙක් උදව් කරනවා.
ලංකා රහස් අපට වාර්තාවුනේ ලඟදි දවසක ඔවුන් උදව් කරන්න කන්දේගම කනිෂ්ඨ විද්‍යාලය තෝරාගත්තා . මේ පාසලේ දුවා දරුවන්ට අවශ්‍ය කරන සංගීත භාණ්ඩ සහ වෙනත් උපකරණ බෙදා දුන්නා. අවසානයේ පාසල් ශිෂ්‍යන් දෙපිලට බෙදී, කුලසේකරගේ කණ්ඩායම සහ සචිත්රගේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟයක් පැවැත්වුවා.


මේ දරුවන් විඳින දුෂ්කර ජීවිතයට පිහිටක් වෙන්න ආව සියලු හැගීම් බර වුනා. විටෙක කුලසේකර සභාව අමතන විට ඔහුගේ නෙත් කඳුලින් තෙත් වුනා. ඒ තරමට හන්ගීම් බරවුනා. කුලසේකර විතරක් නෙවෙයි හැමෝගෙම දෑස් කඳුලෙන් තෙත් වුනා.


පාසලට සංගීත භාණ්ඩ බෙදා දුන්නත්, සංගීත ගුරුවරයෙකු නොමැති බව නලීන් දැනගත්තේ පසුවයි. නලීන් ඊට ඉදිරිපත්කල විසඳුමට හැමෝගෙම ඇස් වලින් කඳුළු අවා. ඒ සතුටට.
නලීන් කීවේ සංගීත ගුරුවරයෙකු ලබාදීමට අවශ්‍ය කටයුත්ත සිදුකිරීමට සුදානම් බව සහ, පාසල් වේලාවෙන් පසු අතිරේක කාලය වැයකර දරුවන්ට සංගීත දැනුම ලබාදීමට පහසුකම් සලසා දීමට කටයුතු කර, ඊට අවශ්‍ය මුල්‍ය පහසුකම් තමන් දරන බවයි.
මෙවැනි යුගයක මෙවැනි මිනිසුන් කරන මේ සමාජ සත්කාරය මොනතරම් අගය කලයුක්තක්ද?. මේවා ඔවුන් කරන්නේ හුදු ප්‍රසිද්ධිය හෝ වෙනත් ලාභ බලාපොරොත්තුවෙන් නොවේ. නමුත් බහුතරයක් නොදන්නා , නමුත් දැනගත යුතු ඔවුන්ගේ සත් ක්‍රියාවේ විශේෂ අවස්ථා වල වීඩියෝ සහ චායාරුප පහතින් නරඹන්න.
ඔවුන් කල ක්‍රියාව නොදැක්ක අයට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

 

 

ජයසුරිය තම අඩුව පුරවන්න පුතාව පුහුණු කරන හැටි.- එයාගේ පහරවල් තාත්තගේ වගේමයි.

ලොව බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට ගැනෙන , ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරු සනත් ජයසුරිය පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්ය. 1996 ලෝක කුසලානය ලංකාවට දිනා දීමට පුරෝගාමී වූ ඒ අසහාය ආරම්භක පිතිකරුවා වරෙක “ලොව වටිනාම ක්‍රීඩකයා” ලෙසද තේරී පත්වුනා.
ලොව භයානකම ආරම්භක පිතිකරුවන් යුගලය වුයේද සනත් සහ කළු ය. සනත් නිසා ලොව විවිධ රටවල පන්දු යවන්නන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදු වූ අවස්ථාද එමටය. ඒ ඔහුගේ අනුකම්පා විරහිත පහර දීමයි.
කෙසේ වෙතත් සනත් වාර්තා පිට වාර්තා තබා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සටහනක් තබා ක්‍රීඩාවෙන් ඉවත් වුනා. කෙසේ වෙතත් අනාගතයේදී සනත් ගේ ප්‍රහාරාත්මක පිතිකරණය දැක බලාගැනීමට අවස්තාව ලැබෙනු ඇත. ඒ සනත්ගේ චුටි පුතාව සනත් විසින් පුහුණු කරන අන්දම දැක්වෙන වීඩියෝවක් පිටවී තිබීම නිසයි. ඔහුගේද රිද්මය දකින විට අනිවාර්යෙන්ම සනත්ව සිහියට නැගෙනු ඇත.
පහතින් එම වීඩියෝව බලන්න.

හුසේන් බොල්ට් අවසන් පන්දු 2කට සුපිරි 6යේ 2ක් ගහලා මැච් එක දිනපු හැටි .

ලොව වේගවත්ම මිනිසා වන හුසේන් බෝල්ට් ක්‍රිකට් තරඟයකදී අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දු දෙකේදී දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කොට තම කණ්ඩායමට ජය හිමිකර දුන්නා. අනෙක් කණ්ඩායම මෙහෙයවනු ලබුවී ලොව ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සින් විසිනි. හුසේන් බෝල්ට් පළමු හයේ පහර එල්ල කල පසු, අවසන් පන්දුවට දැවී යෑමක් ලෙස ඉල්ලුම් කලද, එය නිපන්දුවක් වූ හෙයින් free hit එකක් හිමිවීම නිසා අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ජය වාර්තා කළා.
වීඩියෝව ..පහතින්.

මොහොතකට පෙර ල්සිංහ පැටවූ සුපිරි ජයක් වාර්තා කරයි. – මෙන්න විස්තරය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඒ ලකුණු 259කින්.

බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ලකුණු 456 ක අසීරු අභියෝගයක්‌ භාර දුන්නා.

ඊයේ දිනය නිමා වන විට පිති ප්‍රහාරයේ යෙදෙමින් සිටි බංග්ලාදේශය කිසිවකු නොදැවී ලකුණු 67 ක්‌ ලබා සිටි අතර අද දිනයේදී ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 390 ක්‌ ලබා ගැනීම හෝ කඩුලු දහයම ආරක්‌ෂා කර ගැනීමේ අභියෝගයකට ඔවුන් මුහුණ දී සිටියා.

තරමක වේගයෙන් හඹා යාමක්‌ ඇරඹූ බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය ෂර්කර් හතරේ පහර හයක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 53 ක්‌ ලබා සිටියදී අද දිනයේ මුලින්ම දැවී ගියා.

බංග්ලාදේශ දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ඔහු පත්වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ඉනිමේ වැඩිම කඩුළු සංඛ්‍යාව ලැබූ රංගන කඩුලු 6ක් ලබා

කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර බිග් මැච් එකේදී ලාවට මත්වෙන්න තරුණියන් ටිකක් කල දේ මාට්ටු . – Photo

බිග්මැච් පීල්ල පනී ! නංගිලා බට් එකට සෙට් වෙලා !!
බිග් මැච් කියන්නේ නම් ඉතින් ඕනෙම කෙනක් දන්න කියන වගේම පාසල් අතර තියෙන සුහදතාව තවත් වර්ධනය කරන වැඩක්. එත් ඉතින් මේ පාසල් ළමුන් ඉන්න තැන් වල සමහර වැඩිහිටියොනම් ගොඩක් වටින ආදර්ශ දෙනවා. වයසින් නම් එතරම් මුහුකුරා නොගිය එත් ඉතින් වැඩ වලින් නම් මුහුකුරා ගිය තරුණියන් කිහිපදෙනෙකු ලස්සන ආදර්ශයක් දීලා තියෙනවා. මේ ආදර්ශය දීලා තියන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් 2ක් අතර පැවති බිග් මැච් එකකදී. නිදහස කියන්නෙ හැමදේම හැමතැනම කරන එකද ?

කාන්තා දිනය දවසේ ඉන්දියානුවෙක් මහේලට බලු වැඩක් කරයි. මහේලගෙන් කනේ පහරක්.

මහේල කියන්නේ පිටියේ මැදදි වගේම පිටියෙන් පිටතදිත් වැඩදාන අපි කවුරුත් ආදරය කරන චරිතයක්නේ.

හැබැයි කොච්චර ආදරේ කරන අය හිටියත්, අකමැති පිරිසකුත් ඉන්නවා ඒ අතරින් ඉන්දියානුවන් විශේෂයි.

ඔන්න ඉතිං පහුගිය දවසක මහේලට නෝන්ඩියක් දාපු ඉන්දියානුවෙකුට දුන් අපූරු පිළිතුරක් අපිට දැකගන්න ලැබුණා.

මෙහිදි මේ ඉන්දියානුවා, පහුගිය 8 වෙනිදාට යෙදිලා තිබුණ කාන්තා දිනය වෙනුවෙන් මහේලට සුභ පතලා තිබුණා.

මේයට හේතුව වෙලා තිබුණේ හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන වචනය ශබ්ද කරනකොට ඇහෙන්නේ ‘මහේල‘ වගේ නිසා. හින්දි භාෂාවෙන් ‘මහිලා‘ කියන්නේ කාන්තාවට.

කොහොම හරි ඉන්දියානුවාගේ මේ ටිව්ටර් පණිවුඩයට මහේල අපූරු පිළිතුරක් දීලා තිබුණා.

මහේල එහිදී කියලා තිබුණේ ‘මහේල‘ හා ‘මහිලා‘ කියන වචන දෙකේ තේරුම ඔබ දැනගත යුතුයි කියලා.

කොහොම කොහොම හරි අන්තිමේදි ඉන්දියානුවෙකුටත් හින්දි උගන්වලා තමයි මහේල නැවතුණේ.

මෙන්න මහේලගේ පිළිතුර දැක්වෙන චායා රුප පහතින්. එම පිළිතුරට ලැබුණු ප්‍රතිචාර කිහිපයකුත් ඒ සමග.

ඩිල්ශාන් කොපි කඩේ ටෙලි නාටයයේ රගපෑ අන්දම

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන් ලංකාවේ පමණක් නොව ලෝක ක්‍රිකට් ලෝලීන් අතර ආදරයට පත් වූ ක්‍රීඩකයෙකි. ඔහුගේ නමින් ක්‍රිකට් පොතට පහරක්ද එකතුවී තිබෙනවා.
ඩිල්ෂාන්ගේ බිරිඳ මංජුලා ලංකාවේ ප්‍රකට නිලියක් වී සිටියා. දැන් ඇය ඉන් ඉවත්වී සිටිනවා. නමුත් දිල්ශාන් ටෙලිනාට්‍යක් සඳහා රංගනයෙන් දායක වුනා. එහි දර්ශන රුගත කරන ආකාරය පහත වීදියෝවෙහි දක්නට ලැබෙනවා. වීඩියෝව පහතින් බලන්න