හන්තාන විද්‍යාඥයෝ ලංකාවේ මිනිරන් වලින් හයිබ්‍රිඩ් වාහන සඳහා ලිතියම් අයන් බැටරි නිපදවයි.

ලෝකයේ නව තාක්‍ෂණික මෙවලම් රැසක භාවිත වන ලිතියම් අයන බැටරියේ කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගැනීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති.

ජංගම දුරකථන, ලැප්ටොප්, කැමරා, ඉලෙක්ටි‍්‍ර‍්‍රක් කාර්, ඔර්ලෝසු ඇතුළු බොහෝ උපකරණ සඳහා නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරි භාවිත කෙරේ. ඒ සඳහා යොදා ගනුයේ මිලෙන් අධික කෘත‍්‍රිම මිනිරන් ය. මේවන විට ලිතියම් අයන බැටරියට යෝග්‍ය වන පරිදි දේශීය ස්වාභාවික මිනිරන් පර්යේෂණ මගින් වැඩි දියුණු කර සාර්ථකත්වය තහවුරු කර තිබේ. මෙම පර්යේෂණය සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය ලබාදෙයි.
මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධාන විද්‍යාඥ ආචාර්ය අතුල විජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර පේරාදෙණිය භූ ඝර්භ විද්‍යා අංශයේ ආචාර්ය නන්ද බාලසූරිය, මහාචාර්ය පිටවල, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගයානි අමරවීර, පශ්චාත් උපාධි අපේක්‍ෂක තිලානි සෙනෙවිරත්න සහ නිරූබා කනගරත්නම් යන මහත්ම මහත්මීහු මේ සඳහා සහයෝගය ලබාදෙති.

පර්යේෂණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අතුල විජේසිංහ මහතා මෙසේ පැවැසීය.

‘‘වර්තමානය වන විට නැවත ආරෝපණය කළ හැකි ලිතියම් අයන බැටරිවලට විශාල ඉල්ලූමක් පවතිනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා භාවිත වෙන ලිතියම් අයන බැටරිවල මිල ඉතා අධිකයි. ඊට හේතුව වන්නේ ලිතියම් අයන බැටරිවල අන්තර්ගත ඉලෙට්‍රෝඩ මිල අධික බැවිනි. ඊට විසඳුමක් ලෙස ස්වාභාවික මිනිරන් උපයෝගී කර ගැනීමට වසර ගණනක සිට අප පර්යේෂණ පවත්වමින් උත්සාහයක නිරත වුණා.’’
‘‘කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත්විච්ජේදකය ලෙස බැටරියක් ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ඇනෝඩය සහ කැතෝඩය බැටරියක් තුළ විශාලත්වය අනුව වැඩි වශයෙන් අන්තර්ගත වන අතර ඒවා ක‍්‍රියාකාරීත්වයෙන්ද වැඩියි. ලිතියම් බැටරියේ ධන අග‍්‍රය මිලෙන් අධික ලිතියම් මූලද්‍රව්‍යයෙන් නිර්මාණය වී තිබෙනවා. සෘණ අග‍්‍රය බැටරියක තිබෙන විශේෂිත සහ වැදගත්ම කොටසක් ලෙස හැඳින්විය හැකියි. මුලින්ම බැටරියේ සෘන අග‍්‍රයට භාවිත කළේ මිල අධික මූලද්‍රව්‍යයි. මේවන විට කෘත‍්‍රිමව සාදාගත් මිනිරන් භාවිත කරනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනයේදී අතුරුඵලයක් ලෙස කෘත‍්‍රිම මිනිරන් බිහිවෙනවා. එහි ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 20,000 ක් පමණ වෙනවා. එම නිසා දැනට පවතින බැටරිවල මිල අධිකවීමට එය විශාල ලෙස බලපා තිබෙනවා.’’

‘‘ වසර කීපයක් තිස්සේ අප සිදුකළ පර්යේෂණ මගින් ලිතියම් අයන බැටරිවලට දේශීය මිනිරන් යොදාගැනීමේ සඵලතාව තහවුරුවී තිබෙනවා. ලංකාවේ ස්වාභාවික මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වුවත් ඒවා භාවිතයේදී අපට ඇතිවූ මූලික ගැටලූව නම් එහි අපද්‍රව්‍ය අඩංගුවීමයි. ඒ සඳහා අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතුවලට බොහෝ දෙනා යොමු නොවූයේ එය ඉතා සංකීර්ණ කාර්යයක් බැවිනි. එහෙත් වසර කීපයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් සියයට 99.99 දක්වා ස්වාභාවික මිනිරන්වල අපද්‍රව්‍ය ඉවත් කර පිරිසුදු මිනිරන් ලබාගැනීමට අපට හැකිවුණා. එහෙත් ලංකාවේ මිනිරන්වල මතුපිට විද්‍යුතයට සම්බන්ධ රසායනික ප‍්‍රතික‍්‍රියා සඳහා අක‍්‍රීයයි. ඊට විසඳුමක් ලෙස අප වෙනම රසායන ප‍්‍රතික‍්‍රියාවකට ලක්කර පිරිපහදු කර සක‍්‍රීය මට්ටමින් දේශීය මිනිරන් ලිතියම් අයන බැටරි සඳහා සාර්ථකව උපයෝගී කරගත්තා.’’
‘‘මේවන විට ලංකාවේ මිනිරන් කිලෝවක් ඩොලර් 1 ක් හෝ 1.5 ත් අතර මිලකට අලෙවි වෙනවා. මෙලෙස මිනිරන් වැඩිදියුණ කළ පසුව ඩොලර් 20 කට පමණ විදේශ වෙළෙඳපොළේ අලෙවි කළ හැකි වනවා. ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක් නිපදවූ පසු එහි ආයුකාලය තුළදී මිනිරන් කිලෝ 70 ක් පමණ බැටරියේ ප‍්‍රයෝජනයට ගන්නවා. විදේශ රටවලින් කෘත‍්‍රිම මිනිරන් අඩංගු බැටරි මිලදී ගැනීමට වැයවන විශාල මුදලක් අපට ඉතිරිකර ගැනීමට මෙමගින් හැකිවෙනවා. එමෙන්ම නුදුරු අනාගතයේදී ජනතාවට දරගත හැකි මට්ටමකට බැටරි මිල පහත හෙළීමටත් මෙම පර්යේෂණය ඉවහල් වෙනවා.

ලෝකයේ මිලෙන් අධික ග‍්‍රැෆින් නිපදවීමටත්, මිලෙන් අඩු සෝඩියම් සහ මැග්නීසියම් බැටරි සඳහා දේශීය මිනිරන් යොදාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වන විට සිල්වර් ග‍්‍රැෆින් සංයුක්ත ද්‍රව්‍යයක් අප නිපදවා තිබෙනවා. ඒවායින් බැක්ටීරියා විනාශ කිරීමට හැකියාව තියෙනවා. එමෙන්ම දේශීය මිනිරන් පිරිපහදු ක‍්‍රියාවලියේදී මතුපිට පෘෂ්ටිය වැඩිදියුණු කළ, පිරිපහදු කළ, ව්‍යුහගත වෙනස්කම් කළ මිනිරන් මේවන විටත් නැනෝ තාක්‍ෂණික සහ අධි තාක්‍ෂණික නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිලෙන් අධික අතරමැදි නිෂ්පාදන ලෙස හඳුනාගෙන තියෙනවා. එමගින් ලංකාවට විශාල විදේශ විනිමයක් උපයාගැනීමටත් නුදුරේදීම හැකියාව ලැබේවි ’’ යැයි විජයසිංහ මහතා පැවැසීය.

උපුටා ගැනීම: ලංකාදීප.

කාන්තාවන්ට බුදුවන්නට බැරිද?

බුදුන් වහන්සේ උප්පත්තිය ලබන්නේ මවු කුසකිනි, බුදුවීමට නියත විවරණ ලබන්නේද මවකගෙනි. බුදු කෙනෙකු ලොව පහල වීමට මෙතරම් උර දෙන ස්ත්‍රියට බුදු වන්නට වරම් නැතිද? පහත වීඩියෝව මගින් එහි සත්‍ය අසත්‍යතාව ඔබම තීරණය කරන්න.

ඔබේ ජීවිතයම අවුල් කරන , දුම්බීම නිසා ඇතිවන අලුත්ම ලෙඩේ මෙන්න.

දුම්බීම කියන්නේ සෞඛ්‍යට හිත කර දෙයක් නොවේ. ඒ ගැන කතා කරන්න තරම්වත් දෙයක් නැහැ. මොකද ඔය දුම් බොන හැමෝම ඔය දේ කරන්නෙත් මේ අදීනව ගැන දැනගේනමයි. පෙනහළු පිළිකා, ලිංගික දුබලකම් වැනි රෝග ගැන ඔබ දැනුවත් ඇති. නමුත් දුම් බීම නිසා ඇතිවන අලුත්ම, භයානක රෝගී තත්වයක් ගැන බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තියෙනවා.

මේ ගැන ඇසුවොත් ඔබ පුදුම වයි. බලන්නකෝ පහත වීඩියෝව.

 

පාසල් යා යුතු වයසේ සිටින මුත් කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක්.

පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ‘‘ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය – 2016“ වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන ඇත.

එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1 ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයයි. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ථ අදාල වයස් කාණ්ඩයෙන් සියයට 1.12 ක් කිසි දිනක පාසල් ගොස් නැත.

සමීක්ෂණ වාර්තාවට අනුව කිසි දිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන්ය. එය සංඛ්‍යාත්මකව 40394 ක්. එනම් කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් සියයට 78.82ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. ඉන් 2329ක් වතු හෙවත් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 4.54ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බව ද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18ක් වනවා.

සමීක්ෂණ වාර්තාව අනුව කිසිදා පාසල් නොයන දරුවන්ගෙන් 44,619ක් වයස අවුරුදු 5-11ත් අතර සීමාවේ පසුවන අතර වයස අවුරුදු 12 – 14 අතර සීමාවේ පසුවන දරුවන් සංඛ්‍යාව 3395ක් වනවා. වයස අවුරුදු 15 – 17ත් අතර කිසිදා පාසල් නොගිය දරුවන් සංඛ්‍යාව 3225ක් බව ද එම වාර්තාවේ දැක්වේ. එනම් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 87.07ක් පසුවන්නේ වයස අවුරුදු 5-11ත් අතර. සියයට 6.63ක් වයස අවුරුදු 12 – 14ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන අතර සියයට 6.3ක් වයස අවුරුදු 15-17ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව පැහැදිලියි.

සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.

එමෙන් ම පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව පියා වෙනත් විවාහයන්ට යොමු වීම, දරුවන් නිවාසගත වීම, විවිද අපරාධ හා අපචාරයන්ට දරුවන් යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත් කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු දරුවන් අතරමග පාසල් හැරයාම කෙරෙහි බලපාන බව ද සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙයි.

අධ්‍යාපනය ලැබීමට දරුවකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කළ මූළික අයිතිවාසිකමක් ව තිබිය දී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව සමාජ විශ්ලේෂකන් පෙන්වාදෙයි.

 

 

රේල් පීල්ලට බෙල්ල තිබ්බ සරසවි සිසුවියගේ මරණ පරීක්ෂණයේන් ඇත්ත හෙලිවෙයි

“සරසවි උයන දුම්රියපළ පසුකර දුම්රිය ධාවනය වෙමින් තිබුණා. තරුණියක් දුම්රිය මාර්ගය අද්දර සිටිනවා දැක්කා. දුම්රිය ලං වෙනකොටම ඒ තරුණිය පැණිදෙනිය දුම්රියපළ දෙසට හැරී රේල් පීල්ලට පාත් වුනා.”

මෙසේ ප්‍රකාශකර තිබුනේ ඉකුත් දින කීපයේදීම සමාජජාල වෙබ් අඩවිවල පළවූ පේරාදෙණිය සරසවියේ පරිඝණක උපදේශිකාවගේ මරණය පිළිබදව පැවති මරණ පරීක්ෂණයේදී අදාල දුම්රියේ රියදුරු ඩී.එස්. කුමාරසිංහ මහතායි.

පසුගියදා මෙලෙස මියගියේ පන්නිපිටියේ පදිංචි තරණී විජේසිරිවර්ධන නැමැති 25 හැවිරිදි තරුණියක්.

බදුල්ල කොළඹ දුම්රියේ ප්‍රධාන රියදුරු ,මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මෙලෙස ප්‍රකාශකර තිබුණා.

“මම කොළඹ ඉදලා බදුල්ලට දුම්රිය ධාවන කරමින් හිටියේ. මහනුවරදී දුම්රිය හරවා බදුල්ල බලා ගමන් කරනවා. 9.40 පමණ සරසවි උයන දුම්රිය ස්ථානය පසු කරන කොටම තරුණියක් දුම්රිය මාර්ගය අද්දර ඉන්නවා දැක්කා. තරුණියන් ඒ හරියේ ඉන්නවා. ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක්. ඒත් දුම්රිය ලං වෙනකොටම ඇය පෑදෙණිය දුම්රියපොළ දෙසට හැරී රේල් පීල්ලට බෙල්ල තිබ්බා.

මිතුරන්ටත් බලන්න Share කරන්න…

වෙනත් රෝගයකට ප්‍රතිකර්ම කරන්න හැදු, පසුව ලොව ප්‍රභලම කාම ශක්තිය ලබා දෙන “ව්යාග්‍රා” පෙත්තේ ඇත්ත කතාව මෙන්න.

ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි.

මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.

වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.

දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.

ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත!

හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ.

අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා.

සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.

ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine – TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol – Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat – Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.

තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි.

වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු.

උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

උපුටාගැනීම :ලංකාදීප.

යුවතියක් දුෂණය කර ගොඩනැගිල්ලෙන් තල්ලු කර මැරූ දොස්තර දැන් සිර ගෙදර ඇතුලේ කරන වැඩේ…

මීට වසර දහයකට පෙර මීගමුව රෝහලේ සිදු වුයේ මහා අපරාධයකි. එවකට එම රෝහලේ වෛද්‍යවරයෙක් වූ සුදර්ශන බාලගේ විසින් එම අපරාධය සිදුකර තිබුනා. රෝගී තරුණියක් දුෂණය කර ගොඩනැගිල්ලේ ජනේලයෙන් පහතට ඇද දමා ඝාතනය කිරීම එම අපරාධයයි. මෙය දීර්ග නඩු විභාගයකට ලක්කොට අවසානයේදී ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දුන්නා.
මෙහිදී ඇසින් දුටු සාක්ෂියක් ලබා දුන් සේවිකාවගේ කටඋත්තරය මනාව ඔප්පුවීම නිසා මෙසේ දඬුවමක් ඔහුට ලැබුනා. පසුව බන්ධනා ගත කෙරු ඔහු අද වනවිට සිරගෙයි ඇතුලේ කරන කටයුත්ත ගැන බොහෝ දෙනා දන්නේ නැහැ. ඔහු තවත් රැඳවියන් සහභාගී කරගෙන අමුතුම වැඩක් කරගෙන යනවා. ඒ සම්පුර්ණ විස්තරය බලන්න පහත වීඩියෝව නරඹන්න.

පුරුෂයන්ගේ සරු ශුක්‍රානු ෆෝන් එකෙන් පරීක්ෂා කරන්නේ මෙහෙමයි.- වීඩියෝ.

ලොව පුරා වඳ යුවළ හට දරුඵල නොමැති වීමට 50%ක් බලපාන්නේ පුරුෂ වඳභාවය බවට සොයාගෙන ඇති අතර මෙම නව උපාංගය ශුක්‍රාණු සාන්ද්‍රණය සහ ඵලතාව ෆෝන් එකේ කැමරාව භාවිතයෙන් මැනීමට සමත් වෙයි.

නව අධ්‍යයනයන්ට අනුව මෙම නව ස්මාර්ට්ෆෝන් සම්බන්ධිතය හරහා (attachment) පුරුෂයකුගේ ශුක්‍රාණු ඇගැයීමකට ලක්කොට සරුභාවයේ මට්ටම 98%ක නිරවද්‍යතාවයෙන් මැනිය හැකිය.

විද්‍යාඥයන්ට අනුව මෙම නව තාක්ෂණය කාන්තාවන්ට නිවෙසේදී භාවිත කළ හැකි ගර්භණීභාවය පරීක්ෂා කළ හැකි උපාංග මෙන්ම සරල වෙයි. ලොව පුරා වෙසෙන යුවළ 15% ක් නැතහොත් මිලියන 45ක් වඳභාවයෙන් පෙළෙන බව අධ්‍යයනයන් ඇස්තමේන්තු කර තිබේ.

මෙම නව තාක්ෂණය වෙළෙඳපොළට ඉදිරිපත් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි නමුදු, එය පුරුෂ වඳභාව පරීක්ෂණ පහසු ලෙසත් ලාභදායි ලෙසත් කරගැනීමට පිරිමින්ට ඉඩ සලසන්නේ, සායනකට යෑමේ අවශ්‍යතාව මඟ හරිමිනි.

ඉවත දැමිය හැකි මෙවලමකට එකතු කරගත හැක සාම්පලය. එය බැහැලිය හැකි උපාංගයට ඇතුළු කර ස්මාර්ට්ෆෝන් එකට සම්බන්ධ කිරීමෙන් මෙම පරීක්ෂණය තමාටම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම උපාංගය ඩොලර් 50කට අඩු මිලකට අලෙවි කළ හැකි බව පවසන නිමැවුම් විද්‍යාඥයන් අනුව මෙය පිරිමින්ට දරුඵල සම්බන්ධයෙන් මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට හෝ සායනයකට යෑමේදී ඇතිවන අපහසුතාව වළකාලීම හේතුවෙන්, විශේෂයෙන්ම (පුරුෂාධිපත්‍යය රජයන ආකල්ප නොදියුණු) දියුණුවෙන ලෝකයේ රටවල්වලට මහත් පිටිවහලක් වන බවයි.

උපුටාගැනීම:මව්බිම.

සනත් ජයසුරියගෙන් පාසලේ ගුරුවරිය ප්‍රශ්න කරයි..දෙන්න උත්තර නැතිවෙයි.- වීඩියෝ.

සනත් ජයසුරිය ලඟදි දවසක තමා ඉගෙනගත්ත පාසලට ගියේ පාසල් නිල ඇඳුමින් සැරසිලා. තවත් සමකාලීන මිතුරන් රැසක් සමගින් ඔහු මීට සහබාගී වුනා. එහිදී සනත්ට එකල ඉගැන්වී ගුරුතුමියක්ද සහබාගී වුනා.
පැරණි පාසල් පන්ති කාමරේදී සනත් ඇතුළු පිරිස සමග ගුරුතුමිය ඉස්සර වගේම පාඩමක් කළා. එහිදී සනත්ගෙන් ද ප්‍රශ්නයක් ඇසුවා. ඊට සනත් දුන් උත්තරය සහ එදින සනත් පාසලට පැමිණි අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න..

‘ඇඟිල්ල වැදිලා ඔහොම නම් වෙන එකක් වදිද්දී කොහොම කෑ ගහයිද”- විදුහල්පති කාර්යාල කාර්ය සහායිකාවට කියයි

තමාට ගෙන ආ අයුතු යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමා සේවය කරන විද්‍යාලයේ විදුහල්පතිවරයා තමාගෙන් පළි ගනිමින් කාර්යාලයෙන් ඉවත් කර ගසක් යට රදවා තැබීමට කටයුතු කරන බවට තඹුත්තේගම අධ්‍යාපන කළාපයට අයත් විද්‍යාලයක කාර්යාල කාර්ය සහායිකාවක වන එච්. එම්. දර්ශිකා සදමාලී හේරත් තිදරු මව පවසයි.

තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ, තලාව කොට්ඨාශයේ අධිරාණිගම ශ්‍රී පැරකුම් ප්‍රාථමික විද්‍යාලයේ කාර්යාල කාර්ය සහයිකාවලෙස කටයුතු කරන, එප්පාවල කටියාව යාය 09 පදිංචි දර්ශිකා සදමාලී මහත්මිය පාසල් කාර්යාලයෙන් ඉවතට දමා ඇති බවට සැලවීමෙන් අනතුරුව අප එම විද්‍යාලයට ඊයේ (22) පාසල් කාළය තුළ ගිය අවස්ථාවේදී ඇය පාසලේ විදුහල්පති කාර්යාලය අසල පිහිටි ගොඩනැගිල්ලක් අසල එළිමහනේ ආහාර ගනිමින් සිටියාය. විදුහල්පති කාර්යාලයේ විදුහල්පතිවරයා නොසිටි අතර, එය ඉබි යතුරු නොදමා දොර වසා දමා තිබිණි.

තමන්ට සිදුවූ අසාධාරණය අපත් සමගින් පැවසූ සදමාලී මහත්මිය හඩමින් කියා සිටියේ, මගේ මහත්තයා විශ්‍රාමික යුධ හමුදා සෙබලෙක්, 2015 වර්ෂයේ ජූලි මාසයේ 13 වැනිදා කාර්යාල කාර්ය සහයිකාවක ලෙස සේවයට බැදුනා. මේ පාසලට ආවේ ජනවාරී 17 වැනිදා.කලින් කටියාව ප්‍රදේශයේ පාසල් 2 ක වැඩ කළා, ඊට පස්සේ තමයි මේ පාසලට ආවේ. මේ විදුහල්පතිවරයා තමයි මට මේ පාසලට මාරුව හදාගන්න ගොඩක් උදව් කලේ.ලියුම් පවා හදලා දීලා යන්න ඕන තැන් පවා කිව්වා. මම හිතුවේ ඒවා කලේ සර් සද්භාවයෙන් කියලා.හැබැයි වැඩට ඇවිත් සති දෙකක් විතර යද්දී තමයි වටපිටාවයි සර්ගේ තත්වෙයි දැන ගත්තේ.

සර් මම වැඩ කර කර ඉද්දින් මගේ පිට අතගානවා, පිටට තට්ටු දානවා, එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගද්දී මට දැනුනා මගේ පිට දිගේ ඇගිල්ලකින් අතගානවා. මට ඒ වෙලාවේ කෑ ගැහුණා. ඒ වෙලාවේ සර් කිව්වා ඇගිල්ල වැදිලා ඔහොම නම් වෙන එකක් වදිද්දී කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට මෙහෙට යද්දී මාව හරස් කරනවා. මම සර්ට කිව්වා තට්ටු දාලා මට්ටු වෙන්න එපා. මම ඕවාට කැමති නෑ, ඕවට ගැලපෙන කෙනෙක් හොයා ගන්න කියලා. එදා ඉදන් මගේ රාජකාරී ජීවිතේ විනාශ වූණා. මගෙන් එදා ඉදන් සර් පළිගන්න පටන් ගත්තා. මට විවිධ කරදර කළා, මට මීට පෙර දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා. මගේ අත්සන් ලේඛණ පවා වෙනස් කරලා තිබුණා. සර් මට කියනවා සදමාලී පෑන මගේ අතේ තියෙන්නේ ඔයා තාම ඉන්නේ පරිවාස කාලයේ ඔයාව මට අයින් කරන්න පුළුවන් කියනවා.

මම සති දෙකකට පස්සේ තමයි අද පාසලට ආවේ, ඊට පස්සේ මට කාර්යාලයට එන්න එපා එළියෙන් ඉන්න කිව්වා. ඒ වෙලාවේ ඉදන් මම එළියේ හිටියේ. ඊට පස්සේ මට ඩියුටි ලිස්ට් එකක් එවලා තිබුණා 7.30 ට පාසලට එන්න ඕන 3.30 ට පාසලින් පිට වෙන්න ඕන කියලා, යුනිෆෝම් එක විදිහට ක්‍රීම් පාට සාරීය අදින්න කියලා තිබුණා. ගුරුවරුන්ට මට අදාළ රාජකාරී පවරා තිබෙන නිසා ඒ ගුරුවරු කියන රාජකාරී මම ඉටු කරන්න කියලා රාජකාරී ලැයිස්තුවේ තිබුණා. මම තුන් වතාවක් කාර්යාලයට යන්න ගියා ඒත් මට එළියෙන් ඉන්න කිව්වා. දෙමාපියෝ ළමයි මගේ දිහා බල බල යනවා, මම මෙතන රාජකාරී කරපු රජයේ නිළධාරිනියක් මටත් ගරුත්වයක් තියෙනවා.

ඒත් අද ඒ ගරුත්වය නැති කරලා තියෙනවා. සර් දැන් කාර්යාලය වහලා කළාපයට ගියා මම දැන් එළියට වෙලා ඉන්නවා. මේ විදුහල්පතිවරයා එක්ක රාජකාරී කරන්න අමාරුයි. මම ස්ථාන මාරුවක් කළාප හා පළාත් අධ්‍යාපන කාර්යාල වලින් ඉල්ලුවා. තාම විසදුමක් ලැබුණේ නෑ, මට රැකියාවෙන් අයින් වෙන්න හිතුනා, ඒත් දරුවන් තුන් දෙනාගේ අධ්‍යාපන කටයුතු වලට මුදල් හොයා ගන්න මේ රැකියාව අවශ්‍යයි. බොහෝම අමාරුවෙන් මේ රස්සාව හදා ගත්තේ.

නමුත් ගුරුවරු, දෙමාපියෝ විදුහල්පතිවරයාගේ පැත්ත අරගෙන මට බණිනවා. මම ඒ නිසා මහත්තයාට කථා කරලා කිව්වා මම වහ හරි බොනවා කියලා. මට ඒ තරම් මේ රස්සාව විතරක් නෙමෙයි මගේ ජීවිතයත් එපා වුණා. මට කලින් හිටිය කාර්යාල සහයිකාවටත් මේ වගේ දේවල් කරලා එයත් බැරිම තැන තමයි මෙතැනින් ගිහින් තියෙන්නේ. මම ඉල්ලන්නේ වැඩ කරන්න පුළුවන් තැනකට ස්ථානමාරුවක් ලබා දෙන්න කියලා. මට මගේ රස්සාව බේරලා දෙන්න යැයි ඇය පැවසුවාය.

අනතුරුව එම විදුහලේ විදුහල්පති විජිත ජයසිංහ මහතා පාසල වෙත පැමිණි අතර, ඒ මහතා කියා සිටියේ රාජකාරී කටයුත්තක් සදහා තඹුත්තේගම කළාප කාර්යාලයට ගිය බවයි.පාසල් කාර්යාල සහයිකාව නගන චෝදනාව සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මට මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න බෑ,නමුත් ඔය කරන චෝදනා අසත්‍යය. ඔය කියන සදමාලීට මේ පාසලට මම ස්ථාන මාරුව ගන්න උදව් කලේ.එයා පාසල් කාර්ය සහයක, මෙයා පසලේ කාර්ය වලදී සහය දක්වන්නයි රාජකාරී වශයෙන් තියෙන්නේ. මගෙත් එක්ක රාජකාරී කරන්න අමාරුයි කියලා මම එයාට කිව්වා.

නමුත් මෙයා රාජකාරී කරගෙන යන විට විවිධ චෝදනා මට කරන්න පටන් අරන්, කළාප කාර්යාලයට පැමිණිලි කරලා තියෙනවා. 3.30 ට එයාට රාජකාරී කරන්න කිව්වේ ඒ පැය 8 රාජකාරී වෙලාව. එයා ඔය වගේ චෝදනා කරන විට මට මෙයාව මාත් එක්ක තනියම ඔෆිස් එකේ තියාගන්න බෑනේ. මම එළියට දැම්මේ නෑ එයාව. අර විදිහේ දේවල් කියද්දී මට එයා එක්ක මේ කාර්යාලය ඇතුලේ තනියම ඉන්න බෑ. එක පාරම රෙද්ද කඩාගෙන එළියට පැන්නොත් මම මොනවා කරන්නද? මට මේවා මාධ්‍යයට කියන්න බෑ. මගේ ප්‍රකාශ මාධ්‍යයේ දාන්නත් එපා. මට එයා එක්ක ප්‍රශ්නයක් නෑ, නමුත් එයා නිසි ලෙස රාජකාරී කරන්නේ නෑ, එයා කරපු වැඩ ආයේ මම කරන්න ඕන නම් කාර්යාල සහයකයෙක් ඕන නෑනේ යැයි පැවසීය.

පහත වීඩියෝව බලන්න..