FM චැනල් මිනිසුන් ගොනාට අන්දවා රත්නමාලා ගාථාව විකුණන් කන හැටි මෙන්න.

සාමාන්‍යයෙන් දැනට දශකයකට පමණ ආසන්න කාලයක සිට විවිධ මාධ්‍යයන් ඔස්සේත්, වෙනත් විවිධ ස්ථානයන්හි දීත්, විවිධ විහාරස්ථානවල හා පූජනීය ස්ථානවලත්, රත්නමාලා ගාථාව නිතර ප්‍රචාරය කෙරෙන අතර මෙම ගාථා නිරන්තරයෙන් කීමෙන් ධනය, බලය, ශක්තිය, නිරෝගි සුව ලැබෙන බවට විවිධ මත පතුරවමින් සිටින බවක් දක්නට ලැබෙයි. ඒ ආකාරයෙන් මෙම ගාථාවන්ට යම් ගුප්තමය බලය ආරූඪ කරන්නට ඇතැමුන් උත්සාහ දරන බවක් දක්නට ඇත.
ඔවුන්ගේ ඒ මතය ඔස්සේ ගිය ඇතැමුන්ට මින් යමක් ලැබෙන්නට ද ඇත. නොලැබෙන්නට ද ඇත. ලැබුණ අය මේවා තවදුරටත් විශ්වාස කරන්නටත්, නොලැබුණ අය මේවා බොරු යැයි බැහැර කරන්නටත් ඇත.

ප්‍රථමයෙන් අපි මෙම රත්නමාලා ගාථා තුන ගෙන බලමු.

සංසාර සාරෝඝ විනීත නීසං
සංණීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොණ්ණ තනුපලාසං
සංලාප දේසිං පණමේහි සාසං

සංසාභිගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේවිසේ සං
සංසේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං

සංදාසගං නාසිත පාප නාසං
සං නාප ධංසිං හතඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ රසාසං

මෙම ගාථා තුන මහා බලසම්පන්න ගාථා බවත්, මේවා නිතර කීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙනබවටත්. නොයෙකුත් මත ප්‍රකාශ වේ. ගමනක් පිටත් වීමට ප්‍රථම මෙම ගාථා තුන කීමෙන් ඒ ගමන ඉතා සාර්ථක වන බවට කියැවේ. ඇතැම් ‍පොත්පත්වල පූර්විකා ලෙස මෙම අදහස් යොදා ඇත. ඔවුන් ඉන් අදහස් කරන්නේ මෙම ගාථා ගණ පිහිටුවා ලියා ඇති බැවින් ඒ ආකාරයේ ගුප්තමය බලයක් මෙම ගාථාවලට ලැබි ඇති බවකි. එහෙත් ගණ පිහිටුවීම යනු කුමක් ද?, ඉන් අපේක්ෂා කරන්නේ කුමක් ද? යන්න පිළිබඳව අපි ඉකුත් සතියක දී වඩා හොඳින් කරුණු පැහැදිලි කළෙමු.
කෙසේ වෙතත් මෙම ගාථා ලියැවී ඇත්තේ මහනුවර යුගයේ දී ය. පාලි, සංස්කෘත, සිංහල ආදී සියලු භාෂාවන්හි ප්‍රවීණ හිමිවරුන් විසින් මෙම ගාථා රචනා කර ඇත. ඒ ආකාරයට මෙම ගාථා රචනා කර ඇත්තේ ඒ හික්ෂුන් වහන්සේලාගේ ව්‍යක්ත බව ප්‍රකට කිරීමට මිස, මන්තර ලෙස ජප කිරීමට නොවේ. මෙම ගාථාවල කිසිදු ගුප්තමය බලවේගයක් නැත.
මෙම ගාථා ගායනා කිරීමේ පහසුව පිණිස මෙන්ම අලංකාරය වැඩි කිරීම සඳහා ගණ පිහිටුවා රචනා කිරීමට උන්වහන්සේලා කටයුතු කර ඇත. ඒ අනුව මෙම ගාථා රචනා වී ඇත්තේ “ඉන්ද්‍රවජ්‍රා” යන වෘත්තයට අනුවය. එහි වෘත්ත ලක්ෂණ වන්නේ “ත” ගණ දෙකක්, “ජ” ගණ එකක් සහ ගුරු දෙකක් ය. එය නිදසුනක් ලෙස ප්‍රකාශ කරන්නේ නම්, මේ ආකාරයෙනි.
සංසාර / සාරෝඝ / විනීත / නීසං
භභ- භභ- -භ- භභ
ඒ අනුව ගුරු දෙකයි ලඝු එකයි යනු “ත” ගණයයි. ලඝු එකයි ගුරු එකයි ලඝු එකයි යනු “ජ” ගණයයි. අනෙක් ඒවා, ගුරු මාත්‍රා ය.
මෙවැනි රචනාවක් කළ හැකි වන්නේ විශිෂ්ට රචකයෙකුට පමණි. එමෙන් ම මේ ආකාරයේ ගණ පිහිටුවීමක් නොමැතිව මෙම ගාථා ගායනා කිරීමට ද නොහැකි ය. මේවා අපි “දුෂ්කර බන්ධන” ලෙස ද හඳුන්වමු. මෙය මලක ආකාරයකින් සකස් කර ඇත. එය පද්මබන්ධන ලෙස හඳුන්වයි. එමෙන් ම “ගෝමුත්‍ර බන්ධන” ලෙස ද රටාවක් ඇත. එනම්, ගවයෙකු මුත්‍රා කරමින් ගමන් කරන විට සෑදෙන රටාවට අනුව බන්ධනය කළ ගාථා, ශ්ලෝක ආදිය ඒ වර්ගයට අයත් වේ. එමෙන් ම කොඩියට ආකාරයට සකසන ලද ගාථා ශ්ලෝක ආදිය “ධජබන්ධන” ලෙස හඳුන්වයි.
අර්ථ මතුකෙරෙන ආකාරයට ලියා ඇති මෙම ගාථා නමස්කාර ගාථා ලෙස ද හඳුන්වයි. මෙම ගාථා තුනෙහි අර්ථ ගෙන බලමු.

1. සංසාරය නමැති මහා සැඩ පහර නැසූ, යහපත් සැප දෙන, මනා නුවණ හා රන් සිරුරක් ඇති, උතුම් දහම් දෙසන බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

2. සංසාරය නමැති රෝදයේ මෝහය නමැති බොස්ගෙඩිය සිඳ සන්නාහ සන්නද්ධ මාර සේනාව පරාජය කළා වූ, ඇසුරු කිරීමෙන් උදාර සතුට ගෙන දෙන, උතුම් ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා.

3. තම හදවත් තුළ තිබෙන පාප, කෙළෙස්, ගුණදහම් නමැති රශ්මියෙන් දුරු කළා වූ ද, සුන්දර වූ, නිවන් මගට පැමිණියා වූ ද, සංවරයෙන් යුක්ත වූ, ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා.

මේ අර්ථය ගද්‍යයක් ලෙස පාලි භාෂාවට නැඟුවහොත් කර්ණ රසායන ආකාරයට ගායනා කළ නොහැකි ය. ඊට හේතුව එහි ගණ පිහිටුවීමක් නැති නිසයි. එමනිසා එය ඉන්ද්‍රවජ්‍රා ස්වරූපයට ගණ පිහිටුවා ගායනා කළ හැකි පරිදි සකස් කර ඇත.
ඇතැමුන් මෙම ගාථාවල ගුප්තමය බලයක් තිබෙන බවට මත පතුරුවාලීම සඳහා දුටුගැමුණු රජු ද මෙය භාවිත කළ බවත්, මෙය මහා බලසම්පන්න බවත්, ප්‍රකාශ කරයි. එහෙත් මේවා රචනා කළ හිමිවරු අද ජීවත් සිටියා නම්, තම රචනාවලට මේ මිනිසුන් දී ඇති ව්‍යාජ අර්ථ දැක ඉතා කම්පාවට පත්වනු නියත ය.Image result for buddha
එබැවින් මේවායේ කිසිදු ගුප්තමය බලවේගයක් නොමැති බව අප හොඳින් වටහා ගත යුතු ය. ඒ හිමිවරු මෙම ගාථා රචනා කරන ලද්දේ ඒ සඳහා ගුප්තමය බලයක් දීමට නොව, ගායනා කිරීමේ පහසුව හා අලංකාරය වැඩි කිරීම සඳහා පමණක් ගණ පිහිටුවා සකස් කර ඇත. එබැවින් මෙම ගාථා මන්තර ලෙස නිරන්තරයෙන් ජප කිරීමෙන් කෙනෙකුට ලැබෙන දෙයක් හෝ නොලැබෙන දෙයක් නැත. එමනිසා බුදුදහම තුළ ඇති මෙවැනි ගාථාවලට ගුප්තමය බලයක් ආරූඪ කරගනිමින් එය මිථ්‍යාවට හසුකිරීමෙන් වැළකී සිටීමට සියලු බෞද්ධයෝ කටයුතු කළ යුතුව ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි
උපුටා ගැනීම :ලක්බ්ම.

අග හිඟකම් මැද ඉපිද,ලොව ප්‍රමුඛපෙලේ ව්‍යාපාර තැනු, කීල්ස් සමාගමේ අයිතිකාරයා.

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.
පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ…
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.
මොනවද අද ඔබ මේ රටට කරන්නේ…
දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.
ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ…
තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.
ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද…
හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම… වගකීම… වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.
ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද…
නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.
හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද…
සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.
ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න…
ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.
මොකක්ද ඔබේ මුල් ම රස්සාව…
හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්…’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්… ඉංග්ලිෂ්… ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක…
‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.
වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස…?
කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.
ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද…
දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි… රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.
ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද…
ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද… මං ඒ තැන්වලින් අයින් වුණා.
හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.
කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා…
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු…’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.
කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්…
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.
ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද…
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්…’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය…’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.
මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක…
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.
ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද…
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.
බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද…
ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.
ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න…
පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.
එතකොට ඉස්කෝලෙ ගියේ…
ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.
එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද…
මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.
ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ…
මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි… පඩි… පඩි… (පාඩම් කරන්න… පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…
අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.
ජීවිතයේ අරපිරිමැස්ම… අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද…
‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා – තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්…
අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද…
කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.
ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ…
ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්… වෝකර්ස් ටුවර්ස්… චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ… බ්‍රැන්ඩික්ස්… මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද… මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.
කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා…
තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.
බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි…
ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.
ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද…
මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)
තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද…
ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න… සිංදු කියන්න…. දුවන්න… හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.
විශේෂ ස්තුතිය
මයිකල් කිත්තම්පහුව මහතාට
ඡායාරූප – විමල් කරුණාතිලක
උපුටා ගැනීම:සිළුමිණ.

1958 දී මිලදී ගත් කාමර 03ක පොඩි නිවසේ සිටින ලොව දෙවැනි ධනවතා හෙළි කල විශ්මිත රහස්

ලොව ප්‍රමුඛත ම කොටස් වෙපොළ ආයෝජකයෙකු මෙන් ම ලොව ධනවතුන් අතර දෙවැනි තැන රැඳෙන වොරන් බුෆේ සිය සාර්ථකත්වයේ රහස පිළිබඳ කිසිවෙකුට අදහාගත නොහැකි කරුණු රැසක් CNN පුවත් සේවය හමුවේ පසුගියදා අනාවරණය කළේය.

ඔහු සතුව ඇපල් සමාගමේ කොටස් ඇතත්, ඇපල් ජංගම දුරකතනයක් භාවිතා නොකරයි. ඔහු තවමත් භාවිතා කරනුයේ මීට බොහෝ ඉහතදී මිලදී ගත් සරළ ජංගම දුරකථනයකි. වසර 20ක් හෝ 25ක් භාවිතා නොකර මා කිසි දෙයක් බැහැර කරන්නේ නෑ තමන් සතු පැරණි ජංගම දුරකථනය මහත් ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරමින් ඔහු කියා සිටියේ මේක තමයි මට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දායාද කළ දුරකථනය යනුවෙනි.

ඕනෑම දෙයක් දිගුකාලීනව භාවිතා කිරීමේ පුරුද්ද ඔහු සිය ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා ද මැනවින් යොදා ගත්තේය. කිසියම් සමාගමක කොටස් මිලදී ගැනීමේදී, එම කොටස් අවම වශයෙන් වසර 10ක් හෝ ළඟ තබා ගැනීමට අකැමැති නම් ඒවා මිලදී නොගත යුතු යයි ඔහු පවසයි.

වොරන් බුෆේ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වුව ද ඔහු ජීවත කාලය පුරා ම ඉ-මේල් පණිවිඩ යවා ඇත්තේ එක් අවස්ථාවකදී පමණි. මේ අනුව ඔහු නව්‍ය තාක්ෂණයට අසීමිත බියක් දක්වන සාමප්‍රදායික පුද්ගලයෙකු බව පෙනෙන්නට ඇතත්, ඔහු පවසන්නේ තමන් ජීවත් වන්නේ තමන්ට ම ආවේණික ක්‍රමවේදයකට අනුව බවය.

ලොව ධනවත් ම පුද්ගලයෙකු බවට පත් වුව ද ඔහු අදටත් ජීවත් වන්නේ 1958 වසරේදී ඩොලර් 31,500 කට මිලදී ගත් නිදන කාමර තුනකින් යුතු නිවසේය. 2014 වසර වන තුරු ම පැරණි කාඩිලැක් මෝටර් රථයේ ගමන්-බිමන් ගිය ඔහු, නව මෝටර් රථයක් මිලදී ගැනීමට කැමැත්ත පල කළේ ජෙනරල් මෝටර්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බලවත් ඉල්ලීම මතය. මම අවුරුද්දකට ම මෝටර් රථයෙන් ගමන් කරන්නේ සැතපුම් 3,500 ක් වගේ දුරක්. ඒ නිසා මට හැම වෙලේ ම මෝටර් රථ මාරු කරන්න අවශ්‍ය නැහැ යනුවෙන් ඔහු පවසයි. ඔහු සතුව පුද්ගලික ජෙට් යානයක් ඇතත්, ඔහු එය භාවිතා කරනුයේ අත්‍යවශ්‍ය ව්‍යාපාරික හමුවීම් සඳහා පමණි.

ආයෝජකයෙකු වශයෙන් ඔහු විශාල කීර්ති නාමයකට හිමිකම් කියන බැවින් ඔහු පවසන සෑම වචනයක් ම විශ්වාස කිරීමට ලෝකයා පෙළඹී ඇත. ප්ර්වණතාවලට තමන් පාලනය කිරීමට ඉඩ නොතැබීමට ඔහු තරයේ වගබලා ගනී.

ණය කාඩ්පත් භාවිතය නතර කර තමන් වෙනුවෙන් ආයෝජනය කරන ලෙස ඔහු තරුණ ප්‍රජාවට පවසයි. Òමුදල් මිනිසා නිර්මාණය කළේ නැත; මුදල් නිර්මාණය කරන ලද්දේ මිනිසාය යන්න ඔහුගේ ආදර්ශ පාඨයයි.

හසිත කැකුලාවල
උපුටාගැනීම: දිනමිණ පුවත්පත.

සියවසකට වැඩි “යුනිලීවර්” සමාගමේ ඉහලම තනතුරක් දරන කඩවල පෝස්ටර් අලවපු කොලුවා.

ඔබ අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කළ යුතුමයි කියලා මං කියන් නෑ. ඔබට පුළුවන් නම් ඒ වැඩ කොටස පැයෙන් කරන්න, ඔබ එහෙම කරන්න. ඉතිරි වෙලාවෙ ඔබ මොකද කළේ කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං බලන්නෙ රාජකාරිය විතරයි.
ලොව සියවසකට අධික ඉතිහාසයක් ඇති සමාගමක, ශ්‍රී ලාංකේය සලකුණක් වන්නට ඔහුට හැකි විය. ඒ, බොහෝ කැපවීම් මතිනි. වැඩකිරීමේ කලාව මතිනි. තිස් වසරක් පුරා වැඩ කරමින්, ගෝල පිරිසක් බිහි කරමින් ඔහු ආ මඟ ප්‍රායෝගිකය. විටෙක ඔහු පාලනාධිකරණයේ කෙනෙකි. විටෙක සේවක මණ්ඩලයෙන් කෙනෙකි. තවත් විටෙක ඔහු වෙළෙඳ ජාලයේය.

පාරිභෝගිකයන්ගෙන් කෙනෙක් වන්නට ද ඔහුට පුළුවන. මේ සෑම අංශයක ම සමීපතමභාවය තරමට ම ඔහු අගයන තවත් දෙයකි. එනම් ‘මනුස්සකම’ රැකගෙන වෙළෙඳාම් කරන හැටි සිය අලුත් පරම්පරාවට කියා දීමය.

යුනිලීවර් ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකිකයා ඔබ…

ඔව්. අවුරුදු තිහක් මේ ආයතනයට වැඩ කරපු, විදෙස් ජාතික කාල් කෲස් සභාපතිවරයාට යටින් ඉන්න අත්දැකීම් බහුල ම ශ්‍රී ලාංකිකයා මං. ඒ වගේ ම ආයතනයේ ම සේල්ස් රෙප් කෙනෙක් විදියට වැඩ පටන් අරන් රටවල් තිහකට වැඩ කළ අධ්‍යක්ෂවරයෙක් යුනිලීවර් ඉතිහාසයේ වේ නම්, ඒත් මමම යි. හැබැයි ඒ එකක්වත් මං ප්ලෑන් කරලා ලබා ගත් දේ නෙවෙයි. කරන දේ උපරිමයෙන් කිරීම හා ඒ මතින් ලැබුණු ප්‍රතිඵල.

යුනීලීවර් බහු ජාතික සමාගමක්…

එහෙම වුණාට පවතින රට තුළ දේශීයත්වය රැකගෙන වැඩකරන එකයි මේ ආයතනයේ ස්වභාවය. 1938 අවුරුද්දෙ ලංකාවේ ස්ථාපිත කරලා අද වෙනකල් ජනප්‍රිය පාරිභෝගික භාණ්ඩ 29 කට වඩා නිෂ්පාදනය කරමින් බෙදා හරිනවා. හැබැයි මුළු ලෝකෙන් ම අවුරුදු සියයක් තිස්සෙ සන්ලයිට් හදන්නෙ ලංකාවෙ විතරයි. ඇස්ට්‍රා හා උම්බලකඩ පවුඩ‍ර් තියෙන්නෙත් මෙහෙ විතරයි. එංගලන්තෙ සහ නෙදර්ලන්තෙ මව් සමාගම තිබුණට ඕනෑම රටකට ඒ ඒ රටට ආවේණික නිෂ්පාදන කරන්නත් නිදහස තිබෙනවා. ඒ නිසා යුනිලීවර් කියන්නෙ රටවල් 170 ක විහිදුණත් ‘Global Local’ සමාගමක්. අපෙන් එහාට යනවට වඩා ලැබෙන ආදායෙමන් බහුතරය, රට තුළ ආයෝජනවලටයි යොදවන්නේ.

මනුෂ්‍යයෙක් හැටියට ඔබ කොහොම කෙනෙක් ද…

මං බොහොම ප්‍රායෝගික මනුස්සයෙක්. මිනිස්සු එක්ක කතා බහ කරලා ඕනෑම දෙයක් විසඳා ගැනීමේ නම්‍යශීලී කලාව මං ප්‍රගුණ කරලා තියෙනවා. මොබයිල් ටෙලිෆෝන්, කැල්කියුලේටර් මගේ ජීවිතයේ බොහොම ඈත දේවල්. ඕනෑ ම ගාණක් මනෝමයෙන් හදන්නයි මං කැමැති. සුපුරුදු රාජකාරිය තුළ වුණත් නිතර වෙනස් කිරීම් කරන්න නිර්මාණශීලීත්වයෙන් යුතු දෑ එක් කරන්න මං කැමැතියි. රාමුගත නීති රීතිවලට වඩා, මනුෂ්‍යත්වයෙන් කරන ගනුදෙනුවයි මට වටින්නේ.


ඔබ මේ ආයතනයට කළ හොඳ ම වෙනස කුමක් ද…

සේල්ස් රෙප්, ඇසිස්ටන්ට් බ්‍රෑන්ඩ් මැනේජර්, ට්‍රේඩ් මාකටින් මැනේජර් තනතුරුවලට පස්සෙ මං ඒරියා මැනේජර් වුණා. ඒ කාලෙ වෙනකොට කම්පැනියේ සේල්ස් පහළ යමින් තිබුණා. මේ වගේ ආයතනයක සේල්ස් පහළ යනවා කියන්නෙ ලොකු ප්‍රශ්නයක්. මාස හයක් ඇතුළත මං ඒ පහළ යෑම නතර කළා. ඒ එක්කම මාව ජෙනරල් සේල්ස් මැනේජර් විදියට උසස් කළා. පහළ යෑම නතර කළා වගේ ම අලෙවිය වර්ධනය කිරීමේ මහා මෙහෙයුම පටන් ගත්තෙ ඉන් පස්සෙ.

ඔබ මොනවද කළේ…

ඩිස්ට්‍රිබියුටර් නෙට් වර්ක් එක වෙනස් කළා. වැඩි වෙළෙඳාමක් නොවූ බෙදා හැරීමේ නියෝජිතයන්, හොඳ හිතත් තියාගෙන ඉවත් කළා. මාසෙට සැරයක් කඩේට බඩු දාන්න යන එක සතියකට සැරයක් කළා. ප්‍රොෆිටි මාජින් වෙනස් කළා. ණය දීමේ ප්‍රතිපත්ති වෙනස් කළා. එතෙක් අලෙවි ක්‍රමවේදය ගලා ගිය ව්‍යුහය, මං එහෙම පිටින් ම වෙනස් කළා. රෙප්ස්ලගෙ ආකල්ප හැදුවා. අවුරුද්දක් යනකොට 14%කින් අලෙවිය වර්ධනය කළා. අවුරුදු පහකට පස්සෙ මං බිස්නස් එක ඩබල් කළා.

සේල්ස්වලදී ඔබ බලන්නෙ ‘ටාගට්’ විතරද…

මගේ රෙපින් ජීවිතය පුරාම මාත් ‘ටාගට්’ සැපිරුවා. නමුත් ටාගට් සඳහා ඔබ අටේ ඉඳන් පහ වෙනකල් වැඩ කළ යුතුමයි කියලා මං කියන් නෑ. ඔබට පුළුවන් නම් ඒ වැඩ කොටස පැයෙන් කරන්න, ඔබ එහෙම කරන්න. ඉතිරි වෙලාවෙ ඔබ මොකද කළේ කියන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. මං බලන්නෙ රාජකාරිය විතරයි. එහෙම මානසික නිදහසක් දුන්නම තමන්ගෙ skills උපරිමව යොදලා උනන්දුවෙන් වැඩ කරන්න මිනිස්සු කැමැතියි.

කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්…

වෘත්තීය ජීවිතයේ එහෙම Role Model කෙනෙක් මට නැහැ. නමුත් මගේ සීයා නුවර හිටපු උප නගරාධිපති. නම ආර්.පී. මාවිල්මඩ. දේශපාලනය කළා. ඒ පාරෙ ගිහින් තාත්තත් දේශපාලනය කළා. ඒ දෙන්නම දේශපාලනයෙන් තිබුණු දේ නැති කරගත්තු අය. හැබැයි මං මිනිසුන් අතර ජීවත්විමේ කලාව ඉගෙන ගත්තෙ මේ දෙන්නගෙන්. හැම ඉරිදම සීයා ගමේ ගෙයින් ගෙට යනවා. කහට කෝප්පයක් බිබී මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරනවා. සීයා එක්ක මේ ගම වටේ යන ගමනට මං කලින්ම ලක ලෑස්ති වෙනවා. අවුරුදු පහ හයේ ඉඳන් වයස දොළහ විතර වෙනකල් මේ සුන්දර අත්දැකීම් මට ලැබුණා. අදටත් ඕනෑම සමාජ තලයක ඕනෑ ම කෙනෙක් ඇසුරු කරන්න ගනුදෙනු කරන්න මට කිසි චකිතයක් නැහැ. ‍‍

ඔබත් රස්සාව ජීවිතය ම කර ගත් කෙනෙක් ද…

අයියෝ නැහැ. මෙතනදි රාජකාරිය මට මහ විශාල මෙහෙයුමක්. හැබැයි පඩිපෙළ බැහැලා ගියාට පස්සෙ මට වෙන ජීවිතයක් තිබෙනවා. ම‍ගේ බිරිඳ… දුව… අපේ පවුල යාළු මිත්‍රයො ඒ ජීවිතයෙ ඉන්නවා. රාජකාරියෙන් ඇතිවන පීඩා, හිත් රිදීම්… කිසිවක් මං මතක තියාගෙන වද විඳින කෙනෙක් නෙවෙයි. එහෙම සිතිවිලි මං Delete කරනවා.

ඔබ යුනිලීවර් එන්නෙ…

1985 අවුරුද්දෙ අගෝස්තු මාසෙ 04 වැනිදා, සේල්ස් රෙප් කෙනෙක් හැටියට. ඒත් බඩු විකුණන්න දෙන්නෙ නැහැ. ජ්‍යෙෂ්ඨයෙක් එක්ක ෆීල්ඩ් එකට යවනවා. ජ්‍යෙෂ්ඨ‍යා අපිට දෙන්නෙ පාප්ප බාල්දිය උස්සාගෙන ගිහින් පෝස්ටර් අලවන වැඩේ. කඩවලින් මිලදී ගන්න අපේ බඩු, රාක්කවල අහුරන වැඩේ. මුළු මාසයක් ම මේ දේවල් කළාට පස්සෙ තමයි බිල්පොත අල්ලන්න දෙන්නෙ. සුදු අත්කොට ෂර්ට් එක ඇඳලා ටයිත් දාලා, පාප්ප ගගා පෝස්ටර් අලවනකොට ඉස්කෝලෙ ඇරිලා ගෑනු ළමයි යනවා. ඒ වෙලාවට ටිකක් හැංගෙනවා. ආයේ ඒක කරනවා.
ඕනෑම සාර්ථක මනුෂ්‍ය‍ෙයක් දවසක ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඔබ…
මම යුනිලීවර් ආවෙත් ප්‍රතික්ෂේප වෙලා. හේතුව ඉන්ටවීව් ෆේල්. අපිට තිබුණෙ සන්ලයිට් විකුණන හැටි රඟපාලා පෙන්වන්න. මගේ ම ඉස්කෝලෙ යාළුවා සහ මම. ‘එයා ආවා. මට සන්ලයිට් ගැන කිව්වා. ‘ආ දෙන්න කේස් දෙකක්…’ මම කිව්වා. යාළුවා ගොඩ. ඇයි බඩු විකිණුනානේ. දැන් මගේ වාරේ. මං එයාට සබන් ගැන කිව්වා. ‘එපා එපා බඩු තියෙනවා. අරන් යන්න…’ මිනිහා ලොකු කමින් කිව්වා. මට විකුණගන්න බැරි වුණා. මං ෆේල්. එයා තේරුණා. මාව විසිවුණා. දෙමාසෙකට පස්සෙ මට ආයෙත් ඉන්ටවීව් ලැබුණා. ප්‍රතික්ෂේප වුණත් මං යුනිලීවර් ආවා. දෑවුරුද්දක් යද්දි අර යාළුවගේ බොස් මං.

ප්‍රතික්ෂේප වීම් හමුවේ ඔබ හිතන්නේ කුමක් ද…

වෙනස් විදියකට හිතනවා. ක්‍රමය මාරු කරලා බලනවා. මං අද වුණත් සේල්ස් රෙප්ස්ලට කියන්නෙ, බඩු එපා කියන කඩේට හැමදා ම යන්න. ‘ආයුබෝං මුදලාලි, බඩු දාන්න නෙවෙයි ආවේ, මුදලාලිව බලලා යන්න, මුදලාලි ඉතින් බඩුගන්නෑනේ, කමක් නැහැ, කොහොමද ඔබ තුමා හොඳින් ද….’ මං අහන්නෙ ඔය ටික ඔහොම ගිහින් දවසක් එනවා, මුදලාලිගෙ හිත වෙනස් වන. ඒ දවස එනකල් යන්න…’ මාත් එහෙම කළා. අපි ප්‍රතික්ෂේප වෙන බව දැනෙනකොට තමයි වැඩියෙන් ම ඒ දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ.

ඔබ යටතේ වැඩ කරන අය, ඔබට සේවකයෝ පමණයිද…

නැහැ. මං මිනිස්සු ගැන එහෙම හිතන්නෑ. අපිත් එක්ක වැඩ කරන අය ‘නංගී මල්ලී, අයියා – අක්කා….’ නමින් ආමන්ත්‍රණය කරන්න මං කැමැතියි. ඒ සමීප බව තුළ ඔවුන්ගේත් ආකල්පමය වෙනසක් ඇති වනවා. අපි එකට වැඩ කරන කණ්ඩායමක්. මාත් ඒ කණ්ඩායමේ ම ඉන්න, ඔවුන්ගෙ මඟ පෙන්වන්නා. එච්චරයි.

නායකත්වය පිළිබඳ ඔබට ම ආවේණික ලක්ෂණයක් කියන්න…

මං වැරැදි කරන්න ඉඩ දෙනවා. නිවැරැදි වෙන්නත් ඉඩ දෙනවා. යමක් පවරලා, ඒක නොකර ඉන්නවට වඩා, හරියන්න හරි වරදින්න හරි ඒක කරන කෙනාටයි මං කැමැති. වැරැදුණාට කිසි ම ප්‍රශ්නයක් නැහැ. ඒවා හදන්නයි අපි ඉන්නෙ. වැදගත් වෙන්නෙ අභියෝග බාර ගන්න එක සහ නොදන්නා දේ ඉගෙන ගැනීම. මට වඩා පොඩි කෙනකුගෙන් වුණත් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් මාත් ඒ දේ ඉගෙන ගන්නවා. ඒක මදිකමක් නෙවෙයි.

ඔබේ ජාත්‍යන්තර අත්දැකීම් ගැනත් කියන්න…

මං ඉගෙනගත්තු හොඳම දේ තමයි, වෙනස් සංස්කෘතීන් එක්ක කොහොමද එකට වැඩ කරන්නේ කියන කාරණය. එකම ජාතියක වෙලත් අපේ රටේ වැඩකරද්දි මොන තරම් ප්‍රශ්න තියෙනවද. ජාතීන් තිහක් එක්ක වැඩ කරන්න ලැබුණ ම තත්වය කොහොමද…, මොන තරම් බරපතළ තියරි තිබුණත් හැම වෙලාවෙ ම මට හරි ගියේ, ‘මනුස්සකම’ මිශ්‍ර කරපු ක්‍රමවේද. එක වෙලාවක ලංකාවේ වගේ ම ඊජිප්තුවේදිත් සේල්ස් අඩුවීමේ ප්‍රශ්නය උග්‍ර වුණා. මං කළේ ලංකාවේදි මං අනුගමනය කළ ක්‍රමවේදයමයි. ඒක කරන්නත් සෑහෙන වෙහෙසක් දරන්න වුණා. මොකද ඔවුන් අහංකාර ජාතියක්. පිළිගන්න කැමැති නැහැ. එක පළාතකට මේ ක්‍රමය අනුගමනය කරලා ප්‍රතිඵල පෙන්නුවට පස්සෙ තමයි ඔවුන් එය පිළිගන්නෙ.

යුනිලීවර් සමාගමේ දෙවැනි තනතුරේ ඉන්නෙ… ඇයි ඔහොම අඳින්නෙ පලඳින්නෙ…

ටයි එකකුත් හිර කරගෙන අත් දිගට ඇඳලා පැලඳලා, සීත කාමරේකට වෙලා කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි සේල්ස් කියන්නෙ. මිනිස්සුත් එක්ක ගැටෙමින් වැඩි කාලයක් මහ පාරේ සහ කඩපිල්වල ගත කරන ප්‍රායෝගික මනුෂ්‍යයෙක් මං. සේල්ස් කියන්නෙත් ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවෙදි මනස වගේ සිරුරත් සැහැල්ලු වීම වැදගත්.

නමුත් ආයතනයක් නියෝජනය කරන ප්‍රධානියෙකුට ඔහුගේ ඇඳුම පැලැඳුම බලපෑමක් කරනවා…


ඒ ගැන මට තියෙන්නෙ වෙනස් මතයක්. ඇඳුම පැලඳුම ආ‍ටෝපයක් පමණයි. ලස්සනට ඇන්දා පැලැන්දා කියලා ගුණාත්මක භාවය හෝ හැකියාවක් නැතිනම් ඒකෙන් ආයතනයට ඇති ඵලක් නැහැ. වෘත්තීය ජීවිතයෙදි Skills උපරිම ලෙස යෙදිය යුතුයි. සෑම දෙයකම ගුණාත්මක බවක් තිබිය යුතුයි. අවුරුදු හතක් මං ඩුබායි බේස්වෙලා, රටවල් තිහක් බැලුවා. මං ඒ අවුරුදු හතට ම ඇන්දෙ ටී. ෂර්ට්. ඇඳුමෙන් පැලඳුමින් මිනිස්සු මනින ක්‍රමය දැන් හරි වෙනස් වෙන්න ඕනේ. මොකද සරල ඇඳුම පැලඳුම ඇතුළෙ හොඳ ‘වැඩකරුවෙක්’ ඉන්න පුළුවන්. දැවැන්තයෙක් ඉන්න පුළුවන්.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ…

කටුගස්තොට සෙන්ට් ඇන්තනීස්. මගේ සීයා, තාත්තා, බාප්පා හැමෝමත් ඒ පාසලේ. අපි උග්‍ර බෞද්ධයො වුණත් කතෝලික පාසලක විනය අගේ කළා. අපි අද මේ රටට වැඩක් කරන හොඳ මිනිසුන් හැටියට සමාජගත වෙලා ඉන්නවද, ඒ ගෞරවයෙන් කොටසක් පාසලටත් අයිති විය යුතුයි.

පාසල් කාලෙ ඔබ හිටියෙ දක්ෂයො ගොඩේද…

නැහැ. මම විශේෂ දක්ෂයෙක් නෙවෙයි. නමුත් නිර්මාණශීලීව හිතන්න පුළුවන් වුණා. සඳුදා රෑ වෙද්දි ‘මුවන් පැලැස්ස’ ගුවන් විදුලි නාට්‍යය අහන්න සැදී පැහැදිලා බලා හිටියා. ඒ නාට්‍ය ඇහෙද්දි අපි චිත්ත රූප මවා ගත්තා. කැලේ, කදිරා, කුරුලු හඬ…. ඔය හැම දේට ම අපේ හිත් ඇතුළෙ ලොකු ඉඩක් තිබුණා. පොත පතට සීමා නොවුණට පරිසරය, ගහකොළ වගේ ම මිනිස්සු හා ගනුදෙනුව ඉතා හොඳින් ප්‍රගුණ කළා

ඒ කියන්නෙ ඔබ බොහොම නිවුණු දරුවෙක්..

අයියෝ නැහැ. මං ළමයින්ට සිහිනැතිවෙන්න ගහලත් තියෙනවා. ගුටිකාලත් තියෙනවා. මං මුරණ්ඩු චරිතයක්. මං කරපු පොඩි වරදකට ෆිසික්ස් සර් ගැහුවා. එකක් ගැහුවා මං ඉවසුවා. දෙවැනි පාර ගහද්දි මං සර්ගෙ අත ඇල්ලුවා. එදා ඉඳලා මගේ පංතිය තහනම්. මාත් එක්ක කතා කළා කියලා මගේ යාළුවො තුන්දෙනාටත් පංති තහනම්. ඒකෙ වාසිය අරන් අපි හතර දෙනා ඉස්කෝලෙන් පැනලා ගිහින් සීගිරි තියටර් එකේ පික්චර් බැලුවා. හැබැයි ටියුෂන් වැරැද්දුවෙ නැහැ. ෆිසික්ස් සර් පංති තහනම් කළාට මට වැඩි ම ලකුණු තිබුණෙ ෆිසික්ස්වලට.

මොනවද ඔබට තිබුණු හීන සහ අරමුණු…

එහෙම ඒවා එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. ඒ වෙලාවට කරන්න තිබෙන දේ සියයට සියයක් උපරි ම ලෙස කිරීම පමණයි මට වැදගත්. කොටින් ම වැඩක් කරනකොට, ඒ වැඩේ තමයි ඒ වෙලාවට මට තියෙන ලොකු ම මෙහෙයුම. විශේෂ අරමුණු ඉලක්ක නැතිවුණාට මේ ක්‍රමයට වැඩ කළා ම ඉබේ ම ඉදිරිය හැදෙනවා.
ඒත් ‘ප්ලෑන්’ කිරීම කියන්නෙ, අපිව ඉස්සරහට ගෙන යන ලොකු තල්ලුවක්…
මං අද දවසේ පමණක් ජීවත් වන කෙනෙක්. මං තදින් ම විශ්වාස කරන්නෙ මේ ගත කරන මොහොත පමණයි. ඊළඟ පැය හෝ ඊළඟ දවස මට විශ්වාස නැහැ. මේ මොහොතෙ කළ යුත දේ මෙහෙයුමක් තරමට විශාල කරගෙන මහා ආසාවකින් ඉටු කරන එකයි මගේ විදිය.
අඩුම තරමේ, කොලුකමට හිතෙන ලස්සන කාර් එකක්… හොඳ රස්සාවක් වත්…
කාර් එකක් තියෙන, ලීවර් බ්‍රදර්ස් එකේ ඒරියා මැනේජර් කෙනෙක් අපේ මැච් බලන්න ආවා මතකයි. සේල්ස් රස්සාවට ඒ කාලෙ ලොකු පිළිගැනීමකුත් තිබුණා. ඒ නිසා උසස් පෙළින් පස්සෙ මාත් සේල්ස් රස්සාවක් කරන්න ආසා කළා. යුනයිටඩ් ට්‍රැක්ටර්ස් ආයතනයේ ‘අලෙවි විධායක’ රස්සාවකට ආවෙ ඒ අනුව.
ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද…
ඉස්කෝලෙන් පැනලා ගිහින් චිත්‍රපටි බලපු පිස්සුවක් තිබුණු මං අදත් චිත්‍රපටි බැලිල්ල නම් අත් හැරලා නැහැ. සරසවිය පත්තරේ එක්ක, අවුරුදු ගණනාවක් සම්මාන උලෙළ කළා. රිදී රැයක් කළා. එකේ පන්තියේ ඉඳලා අද වෙනකල් අවුරුද්දට සැරයක් හමුවන යාළුවො විසි දෙනෙක් මට ඉන්නවා. අපි බිග් මැච් වරද්දන්නැහැ එකේ පන්තියේ ඉඳලා. දැන් අවුරුදු 55 වෙලත් අපි විසිදෙනා ලෝකෙ කොහේ හිටියත් එක දවසක හමුවෙනවා. මං සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වන කෙනෙක්.

ඔබ හැම වෙලාවෙ ම කියන මනුස්සකම ව්‍යාපාරයෙන් ඔබ්බට, සමාජයට දෙන්නෙ කොහොමද…

වතු ජනතාවගේ සෞඛ්‍ය පුරුදු නඟා සිටුවීම වෙනුවෙන් ‘Perfect Estate’ වැඩසටහන හඳුන්වලා දුන්නා. ඒක අති සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ‘සෞභාග්‍යා’ වැඩසටහනින් ගම්වල කාන්තාවන්ට ආදායමක් ලබා ගත හැකි ව්‍යාපාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා. ‘සෞභාග්‍යා’ මේ ක්‍රියාත්මක වන්නේ 14 වැනි වසරටයි. මේවා ලාභයෙන් ඔබ්බට ගිය, මනුස්සකම පිරුණු සමාජ සද්කාරක වැඩසටහන්.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක් ද…

මට ඉන්නෙ එක දුවයි. එයා ළඟදිම වෛද්‍යවරියක් විදියට වැඩ පටන් ගන්නවා. මගේ අම්මටයි තාත්තටයි ඕනෙ කළේ මාව ඩොක්ට කෙනෙක් කරන්න. අන්තිමේ මිණිබිරි තමයි ඒ ආසාව ඉටු කළේ. දුව ඉන්නෙ ඩුබායිවල. 2015, හත් අවුරුද්දක් වැඩකරලා මං මෙහෙ ආවා. බිරිඳයි දුවයි නතර වුණා. මොකද එයාගේ අධ්‍ය­ාපනය නිසා. එයා මට හුඟක් ළඟයි.

යුනිලීවර් සභාපතිවීමේ සිහිනයක් නැද්ද…

සේල්ස් රෙප් කෙනෙක් මේ ආව දුර හොඳට ම ඇති. උසස් පෙළ කරලා වෘත්තීය ජීවිතය අරඹපු මට යුනිලීවර් විශ්ව විද්‍යාලයක් වුණා. මං ඒ විශ්ව විද්‍යාලෙන් උපරිම දේ ගත්තා. අද මං ලෝකෙ විවිධ රටවලටත් දේශනවලට යනවා. එක පාර ලොකු හීනවලට යනවට වඩා හොඳින් වැඩ කළා ම, ඒ හීන වෙත අපිව ඉබේ රැගෙන යනවා.

දියුණු මනසක් ඇති කෙනාට තම සිරුර යම් තැනක මැවිය හැකියි

පෙරදිග තමන් සටන් කර දිනා ගත් රටවල තිබූ අති විශාල ඥාන සම්භාරයෙන් විශාල ප්‍රමාණයක් විනාශ කර දමා ටිකක් ගෙදර ගෙන ගිය බටහිර ජාතිකයෝ තවමත් එම දැනුම් සම්භාරය පිළිබඳව පර්යේෂණ පවත්වති. එදත් අදත් ලෝක විනාශය සඳහා අවි ආයුධ තැනීමේ පුරෝගාමීන්ව සිටින අපරදිගුවෝ තමන් උච්චයන් බවත් යටත් රටවල වැසියන් මිලේච්ඡයින් බවත් අපට ඒත්තු ගැන්වූහ. එබැවින් එදා සිට අපි උන් කියන සැම දෙයක්ම සාධුකාරදී පිළිගැනීමට සැකසී සිටිමු. ඒ අනුව අපගේ පාරම්පරික ඥාන සම්භාරය අවඥාවට ලක් කරමු. විශේෂයෙන් උන්ගේ නවීන විද්‍යාවට අසු නොවන සියල්ල පයින් ගසා පැත්තකට දැමීමට අපි පුහුණුව ලැබ සිටිමු. උන් පෙරදිග යටත් විජිතයන්ගෙන් සොරකම් කළ ඥාන සම්භාරය යොදා ගනිමින් පරීක්‍ෂණ නිරීක්‍ෂණ පවත්වා ප්‍රතිඵල ලබා ගත් පසු ඒවා උන්ගේ සොයා ගැනීම් ලෙස අපට බෙදා දෙන කල එහෙයි ස්වාමීනි කියා ඒවා පිළි ගනිමු.
නවීන විද්‍යාවට තවමත් අසු නොවූ එහෙත් පෙරදිගුවන්ට මීට බොහෝ කලකට පෙර අසුවූ බොහෝ දේ මේ විශ්වය තුළ තිබේ.
දේශීය වෙදකමට අනුව ශරීරයේ වාතය ඇත. මෙය හඳුනා ගැනීමට හැකි කිසිදු විද්‍යාත්මක ක්‍රමයක් මෙතෙක් නැත. මෙහි වාතය යනු හුස්ම ගන්නා වාතය. අධෝ වාතය වශයෙන් අපට දැනෙන වාත කොටස පමණක් නොවේ. එසේ දැනෙන්නේ ස්ථූල වාතයයි. සූක්‍ෂම වාතය ලෙස කොටසක් ශරීරය තුළ ක්‍රියාත්මක වේ. ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මෙම සූක්‍ෂම වාතය මගිනි. එම සූක්‍ෂම වාතය අඩුවීම, වැඩිවීම, විකෘතිවීම ශරීරය රෝගීවීමට හේතු වේ. (මේ ඉතාමත්ම දළ හැඳින්වීමකි) පිතද සෙමද මෙසේම ස්ථුල සූක්‍ෂම වශයෙන් ඇත. සූක්‍ෂම තත්ත්වය කිසිදු විද්‍යා උපකරණයකට අසුවන්නේ නැත.


ශබ්දය හා රූපය තැනකින් තැනකට ගෙන යාහැකි ශක්ති විශේෂයක් මෙලොව තිබෙන බව ලෝකය පිළිගත්තේ ගුවන්විදුලි යන්ත්‍රය හා රූපවාහිනී යන්ත්‍රය නිපදවූ පසුවය. එහෙත් ඒ සොයා ගැනීමට වසර 2000ටත් පෙර බුදු හිමියන් එම විශේෂ ශක්තිය තම අධි චිත්ත බලයෙන් අල්ලාගෙන තම රූපය හා කටහඬ තමාට වුවමනා තැනට යොමු කළ ආකාරය ත්‍රිපිටකය තුළ අපට හමුවේ. එසේම බුදු හිමියන්ද මහ රහතන්වහන්සේලාද තවත් අපූරු ශක්තියක් උපයෝගී කරගෙන ඇත. එනම් තමන්ගේ දේශනාව අසා සිටින ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට එය සිය බසින් කියන දෙයක් මෙන් තේරුම් ගැනීමට හැකි වන සේ දේශනා කිරීම සඳහා යොදාගත් ශක්තියයි. ධර්මාශෝක රජුට තම ධර්ම ප්‍රචාරක කටයුතු ඉතාම පහසු වූයේ රහතන්වහන්සේලාට මේ ශක්තිය උපයෝගී කර ගැනීමට හැකිවූ නිසාය. නූතන ඉතිහාසයේ මේ ශක්තිය දැන සිටි කෙනකු ලෙස ජේ. ක්‍රිෂ්ණාමූර්තිතුමා සඳහන්ව ඇත.
ගුවන්විදුලිය හා රූපවාහිනී තරංග මෙන් මෙම ශක්ති විශේෂයද කවදා හෝ භෞතික උපකරණයකට අල්ලා ගත හැකි වේද?
බුදු හිමියන් සත්ත්වයා සැරිසරන ලෝක 31ක් ගැන කියා ඇත. (බ්‍රහ්ම ලෝක 20 + දිව්‍ය ලෝක 6 + අපාය 4 + මනුෂ්‍ය ලෝක 1 = 31) මේ අතරින් මිනිස් ලෝකය හා සතර අපායෙන් එකක් වන තිරිසන් අපාය අපට ප්‍රත්‍යක්‍ෂ වේ. අන් කිසිවක්ම අපට නොපෙනේ. එහෙත් ප්‍රේත අපාය ගැන අපට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. තමා කළ කර්මයේ ශක්තිය මත ප්‍රේතයින්ට බලය ලැබේ. ඇතැම් ප්‍රේතයන් බලවත් වන්නේද ඇතමුන් අබලයන් වන්නේද ඒ අනුවය.
මේ සත්ත්වයනට තමා ලද බලයට අනුව යම් යම් ශබ්ද ඇති කළ හැකිය. (උදා:- යමකු ඇවිදින ශබ්දයක්) අවශ්‍ය විටක තත්පර ගණනක් පෙනී සිටීමට හැකිය. දුගඳ ඇති කළ හැකිය. යම් ශක්තියක් යෙදවිය හැකිය. අපේ රටේ ඇතැම් වැඩිහිටියනට මෙබඳු අත්දැකීම් ඕනෑ තරම් ඇත. ලේඛිකාවටද ඇත.
මේ අතර ප්‍රේත ලෝකය අළලා ගෙතුණු මිථ්‍යා ප්‍රබන්ධ එලෝකෝටියකටත් වඩා තිබේ. එම කතන්දර මගින් එම සත්ත්වයිනට අධි ශක්තියක් ආරෝපණය කර ඇත. එමගින් කෙරෙන්නේ මිනිසුන් බිය ගැන්වීමයි. මේ තත්ත්වය යටතේ සඳ එළියේ සෙලවෙන කෙසෙල් කොළයටත් බියවී තොවිල් නටන අවස්ථා ඕනෑ තරම් තිබේ. මේ අධික බිය නිසාම ඇති වන මානසික විකෘතිතාද ඇත. එසේම අපස්මාරය හා වෙනත් එබඳු රෝගයකුත් ප්‍රේතයන් වැහීමක් ලෙස සලකා ගැනීම නිසා සදාකාලික රෝගීන් වන අවස්ථා ද ඇත.

අප සමාජයේ යකුන් ප්‍රේතයන් වැහෙන අයගෙන් 99%ක්ම කාන්තාවන් බවද 1%ක් වන පිරිමියාද පෞරුෂය නොවැඩුණු ගැහැනියක බඳු පිරිමියකු බවද ඉතාම පැහැදිලි සත්‍යයකි. යකුන් වැහීම යනු මනෝ විකාරයක් විනා සත්‍යයක් නම් නොවේ. බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර ආදිය ඈත අතීතයේදී මානසික රෝග සඳහා කළ මනෝ වෛද්‍ය ප්‍රතිකාර විධියකි. මනා සාක්‍ෂරතාවක් දියුණු මනෝ වෛද්‍ය විද්‍යාවක් ඇති මෙකල මානසික විකෘතිතා සඳහා මන්තර ගුරුකම්වලට යොමුවීම සැබවින්ම හාස්‍යයට කරුණකි.
ප්‍රේත පිශාචාදීන්ගෙන් මිනිසුනට යම් යම් බලපෑම් ඇතිවන බව 100%ක් සත්‍යයකි. විශේෂයෙන් බලගතු අපල අවස්ථාවලදී එබඳු සිදුවීම් ඇතිවීමට ඉඩ ඇත. කුමන අවස්ථාවකදී වුවත් තම තම ආගමානුකූල කටයුතු කිරීමෙන් ඉතාම සාර්ථකව අමනුෂ්‍ය උවදුර ඉවත් කර ගැනීමට හැකිවේ. පිරිතෙන් බුදුගුණෙන් මතුරා යන්තර දැමීම, දෙහිකැපීම වැනි බුදු දහම විකෘති කරන මනස්ගාත මින් අදහස් නොකෙරේ. කට්ටඩියන් හා ගසාකන්නන් කියන තරමටම අමනුෂ්‍යයන් බලවත් නම් සොහොන් පල්ලන්ට මල්ශාලාකරුවන්ට තම සේවා ඉටු කිරීමටත් වෛද්‍ය ශිෂ්‍යයනට ඉගෙනීමටත් ලැබෙන්නේ නැත.
ප්‍රේත ලෝකය හා බැඳී ඇති අති දැවැන්ත මිථ්‍යා මත අප රටෙන් තුරන් කිරීමට කිසිවෙකුත් සමත් වී නැත්තේ ඒ පිළිබඳව කටයුතු කිරීමට එන පිරිස නවීන භෞතික විද්‍යාව නමැති උපැස් යුවළ දමාගෙන සිටින නිසාත් පොදු ජනතාව නූගත් මෝඩයන් පිරිසක් ලෙස සලකන නිසාත්ය. ඒ නිසා උගතුන් එක හඬින් මුරගා කියන්නේ යළි උපතක් නැති බවත් එනිසාම ප්‍රේත යක්‍ෂ භූතාදී කොටස් නැති බවත්ය.
මෙයට වසර ගණනාවකට ඉහත ඒබ්‍රහම් ටී. කොවුර් මහතා ප්‍රේතයන් යකුන් දෙවියන් පිළිබඳව ගොඩනැගී තිබෙන මිථ්‍යාව රටින් තුරන් කිරීමට හොඳ සටනක් ගෙන ගියේය. ඒ නිසා දේවාල හා කට්ටඩියන් ආගිය අතක් නැති වන තරමට කරුණු යෙදිණි. එහෙත් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ඔහුට හා ඔහුගේ වත්මන් ගෝලබාලයනට නොහැකිවී ඇත්තේ ප්‍රේත අපාය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ ඥානය අප සමාජය සතු වන බැවිනි.
යළි උපතක් නැත, ඒනිසා ප්‍රේත (හා වෙනත්) අපාය කියා දෙයක් නැත. කියමින් පවතින්නේ හුඹස් බියක් බව ඔප්පු කිරීමට කරුණු බහුතරයක් ගෙන හැර පාමින් උගතකු පැය කීපයක් තිස්සේ පවත්වනු ලබන දේශනයක් ඉතාම සාවධානව අසා සිටින ගැමියකු යළි නිවසට පැමිණි විගස තම දුවට වැහී සිටින ප්‍රේතිය එලවා දැමීම සඳහා යකැදුරකු කැඳවාගෙන ඒමට දුවන්නේ බුද්ධ දර්ශනයත් ප්‍රේතයන් සම්බන්ධව තමාගේ පාරම්පරික හා ප්‍රත්‍යක්‍ෂ ඥානයත් යන දෙකට පයින් ගැසීමට ගැමියා සූදානම් නැති බැවිනි.
තමාට විද්‍යා හෝ වෙනත් උපාධි තිබූ පමණින් අනෙකකුගේ ප්‍රත්‍යක්‍ෂ ඥානය උපහාසයට ලක් කිරීමට කිසිවෙකුටත් නොහැකිය. එබැවින් උගතුන් කළ යුත්තේ නොපෙනෙන ලෝක (ප්‍රේත දිව්‍යාදී ලෙස) නැත කියා තප්පුලෑම නොව එම නොපෙනෙ ලෝක අළලා ගෙතී ඇති අනන්තවූ මිථ්‍යා ඇදහිලි විශ්වාස සමාජයෙන් තුරන් කර දැමීමට කටයුතු කිරීමය.
මෙම උගතුන් පවසන තවත් දෙයක් නම් “ප්‍රේතයන් ඉන්නවා නම් පෙන්වන්න” කියාය. අප අවට අවකාශයේ තිබෙන ගුවන්විදුලිය රූපවාහිනිය, දුරකථනය ආදියට යොදා ගන්නා තරංග හැකි නම් ඇඟිල්ල දිගු කර පෙන්වන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි. එම තරංග අප අවට ඇති බවට තිබෙන එකම සාධකය වන්නේ අදාළ යන්ත්‍ර ක්‍රියාකිරීම පමණි. ඒ නිසා අපට නොපෙනෙන සත්ත්වයන් ඉතා පැහැදිලිවම හසුකර ගැනීමට හැකි කැමරා කාච අනාගත ලෝකය තුළ නිපදවෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එසේම නොපෙනෙන ලෝකය අළලා ගෙතී ඇති බහුතරයක් මිත්‍යාවනට එරෙහිව නැගී සිටිමු.

අනෝමා පී. ඈපා සෙනෙවිරත්න
දේශීය වෛද්‍ය – ජ්‍යෝතිර්වේදී.
උපුටා ගැනීම : ලංකාදීප.

රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කතා කරයි

 

රෝහණ විජේවීර යනු ශ්‍රී ලාංකිකයන්ට එතරම් පහසුවෙන් අමතක වන නමක් නොවේ. ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබමින් ස්වකීය ජීවිතය දේශපාලන පෙරැළියක විප්ලවීය මතක සටහනක් කිරීමට රෝහණ විජේවීරට හැකිවිය. 1970 දශකයේ මුල් භාගයේදී විප්ලවීය දේශපාලන පෙරැළියකට නායකත්වය දෙමින් සිදු කරන ලද කැරැල්ල අසාර්ථක වූ නමුදු ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් දර්ශනය මෙරට ජන සමාජය තුළ චින්තන පෙරැළියක් සිදුකළ බව සත්‍යයකි. දේශපාලන ක්‍ෂේත්‍රයේ තුන්වැනි බලවේගයක අවශ්‍යතාව පිළිබඳ ජනතා අපේක්‍ෂාව ඉටු කරවමින් සමාජවාදී දර්ශනය ජනගත කිරීමේ පැහැදිලි කාර්යභාරයක් ඔහු විසින් ඉටු කරනු ලැබිණි.
අදින් වසර පනස් හතකට පෙර සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවියේ නොමිලයේ අධ්‍යාපන වරම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික සිසු පිරිසේ සිටි ළාබාලතමයා මෙන්ම දක්‍ෂතම සිසුවාද වූයේ රෝහණ විජේවීරය. පසු කාලීනව ඔහු මෙරට විප්ලවීය දේශපාලන ප්‍රවාහයේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය. එම විප්ලවවාදියා රෝහණ විජේවීරගේ පුතු අපට හමුවන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අතීත ආස්වාදයන් යළි සිහියට නන්වමිනි. ඔහු දැනට වත්මන් රුසියාවේ සිප් සතර හැදෑරීමට ගොස් සිටියි. රුසියාවේ චෙල්යාබින්සක්හි දකුණු – උෟරාල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිප් සතර හදාරන මෙම අපූරු ශ්‍රී ලාංකික තරුණයා නමින් උවිඳු විජේවීරය.

පසුගිය කාලයේ ඔහු කොළඹ රුසියානු කේන්ද්‍රය ආශි්‍රත රුසියානු සමාජයේ සභාපතිවරයා ලෙස ක්‍රියාකාරී මෙහෙවරක් සිදුකළේය. සිය මූලික අධ්‍යාපන කටයුතු හා ප්‍රථම උපාධිය අවසන් කළ උවිඳු රුසියාව බලා පිටත් වන්නේ සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටය.
පසුගිය දිනෙක අන්තර්ජාලය හරහා උවිඳු සමඟ සාකච්ඡා කිරීමට අප හට අවස්ථාව ලැබිණි. දැනට රුසියාවේ චෙල්යාබින්ස්ක් හි සිප් සතර හදාරන උවිඳු විජේවීර සමඟ සිදුකළ එම සාකච්ඡාව සංක්‍ෂිප්තයක් ලෙස මෙහි දැක්වේ.

ඔබ අධ්‍යයන කටයුතු සඳහා රුසියාවට පිටත්ව යන්නේ 2015 වර්ෂයේදී. රුසියාවේ අධ්‍යාපනය සඳහා ඔබ යොමු වන්නේ කෙසේද?
මූලිකවම කිව යුතුයි මම සාහිත්‍ය පොත පතට ඇලුම් කළ කෙනෙක්. අපි කුඩා කාලයේ අපේ ගෙදර රුසියානු, ප්‍රංශ, ඉංගී්‍රසි, ඇමෙරිකානු වැනි විශ්ව සාහිත්‍ය පොත පත ගොඩක් තිබුණා. විශේෂයෙන්ම මගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා ගොඩක් පොත් පත් කියෙව්වා. ඒ ආභාසය තමයි අපට ලැබුණේ. මං හිතන්නෙ ඔවුන් දෙදෙනාට එය පියාගෙන් ලැබෙන්න ඇති. පොතපතට සාහිත්‍යයට තිබූ නැඹුරුවත් සමඟින් කුඩා කල සිටම රුසියානු සාහිත්‍ය කෙරේ මගේ ලොකු ආදරයක් ගොඩ නැඟී තිබුණා. එම පොතපත තුළින් අප දුටු රුසියානු ජන ජීවිතය හා සමාජය කෙරේ විශේෂ ඇල්මක් ඇති වුණා. ඒ වගේම රුසියානු යුද ඉතිහාසය සහ යුද සාහිත්‍යයට මගේ ලොකු ඇල්මක් තිබුණා. එම ඇල්ම තමයි රුසියානු භාෂාව හැදෑරීමට මා පෙලඹවූයේ. පාසල් අධ්‍යාපනය අවසන් වන කාලයේ කොළඹ රුසියානු මධ්‍යස්ථානයට මා සම්බන්ධ වෙන්නේ රුසියානු භාෂාව හැදෑරීමටයි. එහි රුසියානු භාෂාව හදාරා එහිම දිගුවක් ලෙසයි රුසියාවේ අධ්‍යාපන කටයුතු සඳහා මා යොමුවන්නේ.
රුසියාවේ අධ්‍යාපනය ලැබීම පිළිබඳව තිබූ ඔබේ සිහිනය සැබෑ කර ගැනීමට ඔබට උපකාරී වූ විශේෂ පුද්ගලයන් සිටිනවාද? ඒ ගැන සිහිපත් කළොත්…?
ඔව්. රුසියාවේ අධ්‍යාපනය ලබාගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමට මට උපකාර කළ බොහෝ දෙනෙක් සිටිනවා. පළමුවෙන්ම මම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ මගේ පළමු රුසියානු භාෂා ගුරුතුමිය වූ ලරීසා දව්දෝවා මහත්මිය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක මහතා ඇතුළු එහි සියලුම කාර්ය මණ්ඩලය මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්, වර්තමාන රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. විශේෂයෙන් මා මතක් කළ යුතුයි, මට උපකාර කළ මගේ පියාගේ දේශපාලන මිතුරන් මෙන්ම දේශපාලන නොවන මගේ පියාට ආදරය කරන බොහෝ පිරිසක් මට උපකාර කළා. ඒ සියලු දෙනාම මම මේ මොහොතේ ආදරයෙන් මත් කරනවා. ඒ වගේම මම රුසියාවට පැමිණි පසු මට බොහෝ උපකාර කළ ජගත් අයියාත්, උපුල් අයියාත් මේ මොහොතේ මම ආදරයෙන් මතක් කරනවා.

ඔබේ පියා මෙරට පෙරළිකාර චරිතයක් බවට පත්වූ කෙනෙක්. ඔහු 1960දී එවකට සෝවියට් දේශයේ පැට්රිස් ලුමුම්බා සරසවිය බලා ගිය පළමු ශ්‍රී ලාංකික සිසු පිරිස නියෝජනය කළ කෙනෙක්. ඒ ගැන සිහිපත් කළොත්…?

ඔව්, ඇත්ත වශයෙන්ම මගේ පියා ගැන කතා කරනවා නම් මං හිතන්නේ ඔහු ඉතාමත් අඩු වයසකින් රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබනවා. වයස අවුරුදු 15 පමණ වන විට ඔහු උසස් පෙළ අවසන් කරනවා. ඔහු විශිෂ්ට දක්‍ෂතා සහිත පුද්ගලයෙක්. ඔහුට රුසියාවේ අධ්‍යාපන වරම් හිමිවන්නේ ඔහු විසින් දක්වන ලද ඉහත කී සුවිශේෂී හැකියාව හේතුවෙනුයි. ඉතින් ඔහු ලුමුම්බා සරසවියේ පළමු ශ්‍රී ලාංකික සිසු පිරිසේ කෙනෙක් වීමේ භාග්‍ය හිමිකර ගන්නවා. මං හිතන්නේ මුළු රටම ඒ සියලු කාරණා දන්නවා. ඒ ගැන මට ආඩම්බරයක් තිබෙනවා.

දේශපාලනයෙන් වියුක්ත වෙලා තාත්තා ගැන විතරක් කතා කරනවා නම් ඉතා අඩු වයසකදී රුසියාවේ අධ්‍යාපන ලබන්න වරම් ලබා එහි අවසාන කටයුතු ඉතා සාර්ථක ලෙස, දක්‍ෂ ලෙස නිම කිරීමටත්, විෂය හා විෂය බාහිර කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමටත් ඔහුට හැකි වුණා. මම ඒ සම්බන්ධයෙන් සිහිපත් කරන්නේ ලොකු අභිමානයකින්. නමුත් රෝහණ විජේවීරගේ පුතා ලෙස මම ඔහු ගැන වැඩිපුර කතා කිරීම එතරම් සුදුසු නැහැ. මොකද ඔහු අද රටේ විශාල දේශපාලන චරිතයක්. බොහෝ දුරට එම චරිතයට මම සාධාරණයක් ඉටු කිරීම හෝ ඉටු නොකිරීම හෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක්, නැත්නම් සුදුහුනු ගෑමක් වගේ වෙන්න පුළුවන්. එම නිසා මම හිතනවා දේශපාලන පසුබිම පිළිබඳව මම කතා නොකොට සිටීම වඩා හොඳයි කියලා. එයට මෙය අවස්ථාව නෙවෙයි. නමුත් ශිෂ්‍යයෙක් ලෙස මගේ පියා රුසියාවේ අධ්‍යාපනය ලැබීමට ගොස් දැක්වූ දක්‍ෂතා අදටත් එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අය දන්නවා. අදටත් ඒ පිළිබඳ කතා වෙනවා. ඉතින් ඒ ගැන මං ආඩම්බර වෙනවා.
සෝවියට් දේශය පිළිබඳව ඔබේ පියාගෙන් ඔබට ලැබුණු බලපෑම හා හැඟීම කෙබඳු එකක්ද?

පියා නැතිවන විට මගේ වයස අවුරුදු එකහමාරක් වගේ. ඇත්ත වශයෙන්ම මට පියාගේ මුහුණවත් මතක නැහැ. මගේ වැඩිමහල් සහෝදරියන්ට තමයි පියා පිළිබඳ මතක තිබෙන්නේ. මගේ ළමා වියේ මතකයන් ආරම්භ වන්නේ හමුදා කඳවුරු තුළ. විශේෂයෙන්ම ගණේමුල්ල පළමු කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර තුළත්, ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තුළත් මගේ ළමා විය ගෙවී යනවා. පියා පිළිබඳව මට වැඩි මතකයක් නැහැ. ඔබ අහන්නේ සෝවියට් දේශය පිළිබඳව ඔහුගෙන් ලද බලපෑම හා හැඟීම් ගැන. ඇත්තම කියනවා නම් අපි විවිධ කඳවුරුවල ගත කරන විට දේශපාලන වශයෙන් පියාගේ මතකයන් සහ අදහස් පිළිබඳ දැනීමක් ලබාගැනීමට අපට අවස්ථාවක් ලැබුණෙ නැහැ. නමුත් එහිදී සාහිත්‍යය හා පොතපත ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි රුසියාව පිළිබඳ හැඟීම් අවදි වන්නේ. නමුත් පසුකාලීනව අපි කොළඹ වැලිසර නාවික කඳවුරට පැමිණීමත් සමඟ සහ 2004 කාලයෙන් පසු රටේ දේශපාලන වෙනස්වීම් අනුව විශාල නිදහසක් අපට ලැබුණා. ඉතින් ඒ නිදහසත් සමඟ පොතපත පරිශීලනයට වගේම පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව දේශපාලනය කළ චරිත, පියාට ආදරය කළ චරිත, පියා සමඟින් අධ්‍යාපනය හැදෑරූ චරිත හමුවන්න අවස්ථාව උදාවෙනවා. ඒ සමඟ තමයි මගේ පියාගේ බලපෑම මා වෙතට ලැබෙන්නේ. එය දේශපාලනයෙන් වියුක්ත කිරීම අපහසු දෙයක්. නමුත් මම හැම විටම උත්සාහ කරනවා මගේ පියා, පියා ලෙස දැකීමට. ඒ වගේම ඔහුගේ දේශපාලන කටයුතු සමාජය හා එම දේශපාලනයේ යෙදෙන පිරිස අතර රඳවා තැබීමට මෙන්ම ඉන් වියුක්ත වීමටත්. සෝවියට් දේශය පිළිබඳව මම මේ වන විට බොහෝ දේ කියවා තිබෙනවා. ඒ වගේම පියාගේ ජීවන ගමන පිළිබඳවත් පියාගේ බලපෑම් නැතැයි කීවොත් මං හිතන්නෙ එය සාධාරණ පිළිතුරක් වෙන්නෙ නැහැ. නමුත් මං හිතනවා බොහෝ විට මගේ රුසියානු ගමන තීරණය වන්නේ දේශපාලන කටයුත්තක් හැටියට නොවෙයි. මගේ පියා අධ්‍යාපනය අවසන් කරන සමයේ ලෝක සමාජවාදය කඳවුරු දෙකකට බෙදෙනවා. එවිට මගේ පියා තීරණය කරන්නේ චීන කඳවුර වඩා නිවැරැදියි කියලයි. එය ඔහුගේ දේශපාලන ගමන් මඟ. ඉතින් මට කියන්න වුවමනා වුණේ මගේ රුසියානු අධ්‍යාපන ගමන් මඟ දේශපාලනයෙන් වියුක්ත වූ දෙයක් බවයි.

 

පියාගේ පිය සටහන් ඔස්සේ මතක ආස්වාදයන් සොයා ඔබ පසුගිය වසරේ මොස්කව්හි ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (ලුමුම්බා) අපූරු චාරිකාවක නිරත වෙනවා. ඒ පිළිබඳව විස්තර කිරීමට ඔබ කැමැතියිද?
මං හිතන්නෙ ඔබ ඔය පැනය මතු කරන්නෙ පසුගිය සමයේ සමාජජාලා වෙබ් අඩවියක පළකර තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන්. පළමු වසරේ රුසියානු භාෂා අධ්‍යයනය අවසන් කළ මට මොස්කව් නුවරට යන්න අවස්ථාවක් ලැබෙනවා. එම අනගි අවස්ථාවේ මගේ පියා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා සරසවියට යෑමේ භාග්‍ය මට උදාවෙනවා. මම සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස තමයි එම විශ්වවිද්‍යාලයට යන්නේ. එම විශ්වවිද්‍යාලය තුළ පියාගේ ලොකු මතකයක් තිබෙනවා. ඔහු ඉගෙනගත් ස්ථානය දැකීමෙන් ලොකු හැඟීමක් මා තුළ ඇති වුණා. ඉතින් එම ගමනේදී මම සරසවිය ඉදිරිපිට සිට ගත් ඡායාරූපයක් සමාජජාල වෙබ් අඩවියක පළවුණා. එහි මම කෙටි සටහනක් තැබුවා, පියාගේ මතක සටහන් ඔස්සේ ගමන් කළා කියලා…
ඔබේ පියා රෝහණ විජේවීර අධ්‍යාපනය ලැබුවේ සමාජවාදී සෝවියට් දේශය තුළයි. එහෙත් දැන් ඔබ අධ්‍යාපනය ලබන්නේ වෙනත් සමාජ දේශපාලනික වටපිටාවක් තුළයි. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
ඔබ මෙතැනදී මතු කරන්නේ පැරැණි සමාජවාදී සෝවියට් දේශයත්, වර්තමාන රුසියානු ෆෙඩරේශනයත් අතර පවතින දේශපාලනික හා සමාජීය වෙනස්වීම් ගැන. දේශපාලනය හා සමාජ විද්‍යා විෂයයන් හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් මං හිතන්නේ මම කිසිම දේශපාලන මතවාදයකට ලඝුවෙලා කතා නොකළ යුතුයි කියලා. අප කියවා අසා තිබූ සෝවියට් දේශයට වඩා වර්තමාන රුසියාව ගොඩක් වෙනස්. නමුත් මං හිතන විදියට වැදගත් වන්නේ සමාජවාදී සෝවියට් දේශයක් හෝ සමාජවාදී නොවන රුසියාවක් හෝ වේවා, කරන කටයුතු අවංකව සාධාරණ ලෙස කෙරෙනවා නම් ඕනෑම කර්තව්‍යයක් සාර්ථක විය හැකියි. සමාජවාදී සෝවියට් දේශය අවධියේ අධ්‍යාපනය ලෝකයේ ඉතාම ඉහළ තත්ත්වයක පැවැති නමුත් ඉන් පසු අවධියේ එය සැලකිය යුතු තරම් පහළට වැටී තිබෙනවා. නමුත් යම් කාලසීමාවක් ගත කිරීමෙන් අනතුරුව ඔවුන් යළි රුසියාව ගොඩනැඟීමේ කටයුතු සිදු කර තිබෙනවා. ඔවුන් ඉදිරියට පැමිණෙනවා. ඔබ කුමන සමාජ දේශපාලන ක්‍රමය තුළද සිටින්නේ යන වග නොවෙයි එම සමාජ දේශපාලන ක්‍රමය සාධාරණද යහපත්ද කියන එක තමයි වැදගත් වන්නේ. සෝවියට් දේශය වේවා, රුසියානු ෆෙඩරේශනය වේවා රුසියානු අධිරාජ්‍ය වේවා ඔවුන්ගේ දේශපාලන ප්‍රවාහයේ නැඟීම් හා බැසීම් තිබෙනවා. ඒ ඒ වකවානු තුළ නායකත්වය දුන් පුද්ගලයන් අනුව මේ දේවල් වෙනස් වන අයුරු දැක ගත හැකියි. සෝවියට් දේශය තුළ අපි හැමෝම දන්න නිදහස් අධ්‍යාපනය වැනි දේ වර්තමානයේ වෙනස්වී තිබෙනවා. මං හිතන්නෙ අපි වැඩිපුර දේශපාලන කරුණු කාරණා කතා නොකර සිටිනවා නම් වඩා හොඳයි. මොකද මං කොහොම කතා කළත්, විවිධ පුද්ගලයන් විවිධ කෝණවලින් බලන්න පුළුවන්. එම නිසා කිසිම දේශපාලන මතවාදයකට ලඝු නොවී අධ්‍යයන කටයුතු කර ගැනීමට හැකි නම් එය ගොඩක් වැදගත් වෙනවා.

ඔබ විශ්වවිද්‍යාලයේ ඉදිරි පෙළ ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන බව විවිධ ක්‍රියාකාරකම් තුළින් අප දුටුවා. ඔබේ විශ්වවිද්‍යාලය ගැනත්, එහි ඔබේ ක්‍රියාකාරීත්වය ගැනත් ඔබේ හිත මිත්‍රාදීන් ගැනත් කෙටියෙන් සඳහන් කරන්න…?
විශේෂයෙන්ම වර්තමාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අප බොහෝ ක්‍රියාකාරීව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ අපේ තවත් සිසුන් පිරිසක් මෙහි අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ලෝකයේ නොයෙක් රටවලින් මෙහි පැමිණි විදේශීය සිසුන් බොහෝ දෙනෙක් අප සමඟ මෙහි අධ්‍යාපන කටයුතුවල යෙදෙනවා. එය විශේෂ අත්දැකීමක්. මා පළමුව අධ්‍යාපනය හැදෑරූ ඉන්දියාවේදී අපට හමුවුණේ ඉන්දියානු, ශ්‍රී ලාංකික, පාකිස්තානු හා බංග්ලාදේශ් වැනි අපේ කලාපයේ සිසුන් පමණයි. නමුත් රුසියාවට පැමිණි පසු සීමාවකින් තොරව චීනය, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව, ඇමෙරිකාව, යුරෝපය හා ආසියාවේ විවිධ රටවලින් මෙහි ආ සිසුන් සමඟින් කටයුතු කරනවා. එහිදී අපි ඉතා සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් ඔවුන් සමඟින් කටයුතු කරනවා. අපේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ගැන මෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ මොන වගේ රටක්ද කියන එක ගැනත් තොරතුරු අපේ ජාත්‍යන්තර මිතුරන් සමඟ බෙදාහදා ගන්නවා. ශිෂ්‍යයන් වශයෙන් අපට විශාල වගකීමක් තිබෙනවා එම රටවල් අතරින් ශ්‍රී ලංකාව පෙරමුණේ තැබීමට. ඉතින් විෂය හා විෂය බාහිර කටයුතුවලදී අපි එම වගකීම නොපිරිහෙළා ඉටු කරනවා. ඒ පිළිබඳ මට ලොකු සතුටක් තියෙනවා.
රුසියාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන්නකු ලෙස ඔබ වත්මන් රුසියාව හා එහි ජනතාව පිළිබඳව දරන අදහස අපට පැහැදිලි කළොත්…?
රුසියාව පිළිබඳව මම ගැඹුරු අධ්‍යයනයක නිරත වී සිටිනවා. මොකද මගේ වර්තමාන අධ්‍යාපන කටයුතු මෙහි සිදු කෙරෙන්නේ දේශපාලන හා සමාජ විද්‍යා අංශයෙන්. එම නිසා රුසියාව ගැන මගේ ගැඹුරු හැඟීමක් තියෙනවා. රුසියානු ජනතාව ගැන කිව්වොත් එදා රුසියානු අධිරාජ්‍යයේ වේවා, සෝවියට් දේශයේ වේවා, රුසියානු ජනතාවගේ හදවත මං හිතන්නේ එකම ආකාරයකින් තමයි ස්පන්දනය වන්නේ. නමුත් දේශපාලන තලයන් තුළ එය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකියි. ඒ අනුව රුසියානු අධිරාජ්‍යය, සෝවියට් දේශය හා වර්තමාන රුසියාව තුළ ජීවත්වන ජනතාවගේ යම් වෙනස්වීම් දැකගත හැකියි. නමුත් රුසියානු ජනතාවට වඩා සමීපව ඒ පිළිබඳව අධ්‍යයනය කළොත් එහි ඒකාකාරී රිද්මයක් බවට හඳුනාගත හැකියි. රුසියාව යනු යුරෝපයටත්, ආසියාවටත් සම්බන්ධ වූ රටක්. ඒ තුළ විවිධාකාර මිනිසුන් විවිධාකාර ජන සමාජයන් පවතිනවා. ඒ වගේම ඔබ රුසියානුවෙක් ඉතා හොඳින් දැන හඳුනා ගන්නා තෙක් ඔහු කිසිම විටෙක සිය හදවත ඔබට විවෘත කරන්නෙ නැහැ. මං හිතන්නෙ ඒ බව ඔබත් රුසියාවේ අධ්‍යාපනය ලැබූ කෙනෙක් ලෙස හොඳින් දන්නවා ඇති.
රුසියාවේ අධ්‍යාපනය අවසන් කළ පසු ඔබගේ ඉදිරි අනාගත බලාපොරොත්තු කෙබඳුද?
රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කළ පසු අනාගත බලාපොරොත්තු පිළිබඳ ඔබේ ප්‍රශ්නයට ගොඩක් සංයමයකින් උත්තර දෙන්න ඕනෙ කියලා මං හිතනවා. ඒ වගේම ඒ ගැන වැඩිපුර තොරතුරු කතාබහ නොකළ යුතුයි කියලත්. මොකද, පවතින සමාජ දේශපාලන තත්ත්වය තවදුරටත් උණුසුම් නොකළ යුතුයි කියලා මම හිතනවා. කෙසේ වෙතත් මම මේ ආකාරයට උත්තරයක් දෙන්න කැමැතියි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. මගේ පාසල් මෑණියන්ගේ ආදර්ශ පාඨය ‘තමාට පෙර රට’. එය හැම විටකම අපේ සිත්වලට කා වැදී තිබෙනවා. ඒ වගේම සෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීම විය යුත්තේ තමාගේ දේශයට ජනතාවට, යහපත් දෙයක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් මම කැපවීමට ඕනෑම වෙලාවක සූදානම්. වසර දහතුනක් පුරා මම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබුවේ. අද විදේශ රටක අධ්‍යාපනය ලැබුවත් කවදා හරි දවසක රට වෙනුවෙන් ‘යුතුකම්’ වෙනුවෙන් කැපවෙන්න සූදානම්. මගේ එකම බලාපොරොත්තුව මගේ රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් යහපත් දෙයක් කිරීමයි.

සටහන මල්රේණු කස්තුරිරත්න

 

ලෝක ඉතිහාසයේ දැවැන්තම ඉදිකිරීමේ ප්‍රධාන උපදේශකයා ලංකාවේ චන්දන ජයලත්.

ලොව උසම ඉදිකිරීම් පිළිබඳ පුවත් ඔබ අප කොතෙකුත් අසා ඇත. එහෙත්…ඒ අතරින් කිලෝමීටරයක පමණ උසකින් යුත් දැවැන්ත ඉදිකිරීමක්‌ පිළිබඳ පුවතක්‌ මෙතෙක්‌ ඔබ අසා ඇතිද? ඇතැම් විට අසා නොතිබෙන්නට පුළුවන. මේ වන විටත් එතෙක්‌ මෙතෙක්‌ ලොව වැඩිම උසකින් යුත් විශාලතම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවෙමින් පවතින අතර එය ඉදිවෙමින් පවතින්නේ අසර්බයිජානයේ “බකූ” අගනගරය තුළය. තරු පන්තියේ හෝටල් සංකීර්ණ, සාප්පු සංකීර්ණ, සිනමාශාලා, සමාජශාලා, ගෘහස්‌ත ක්‍රීඩා සංකීර්ණ ඇතුළු තවත් විවිධ පහසුකම් රාශියකින් මෙම දැවැන්ත ඉදිකිරීම සමන්විතය. ඉදිවෙමින් පවතින මෙම ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වෙන්කොට ඇති භූමි ප්‍රදේශය පමණක්‌ අක්‌කර හයසියයකින් සමන්විත වන අතර එම භූමිය නිර්මාණය කර ඇත්තේ මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්‌ ලෙසින්ය.
එක්‌ අන්තයකින් මහා සාගරයෙන් ද, ගොඩබිමෙන් ඉරානය, ජෝර්ජියාව සහ රුසියාවට මායිම් වන්නට පිහිටා ඇති අසර්බයිජානයේ “බකූ” අගනගරයේ නිමවෙමින් පවතින (Crescent Tower) හි ඇති සුවිශේෂී බව පිළිබඳ තබන මේ සටහන් පෙළ තුළ අපට ඇති සුවිශේෂී බව වන්නේ ශ්‍රී ලාංකිකයකුගේ විශේෂඥ දැනුම එම යෝධ ඉදිකිරීමට මුහුවී තිබීමය.

ඔහු නමින් ආචාර්ය චන්දන ජයලත්ය. වරලත් ප්‍රමාණ සමීක්‌ෂකයකු, ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමෝපායන් පිළිබඳ ලොවම පිළිගත් විශේෂඥවරයකු වන හේ මේ වන විට ඉහත සඳහන් ලොව උසම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ කොන්ත්‍රාත් උපදේශකවරයෙක්‌ය.

කෙටි නිවාඩුවක්‌ පිණිස පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය චන්දන ජයලත් මහතා මුණගැසීමේ අවස්‌ථාවක්‌ අපට හිමිවූ අතර එහිදී ඔහු මෙතෙක්‌ පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි පිළිසඳරක යෙදීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඉදිකිරීම් ක්‌ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර දැනුමකින් හෙබි ආචාර්ය චන්දන ජයලත් මීරිගම කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් ගමන ආරම්භ කර ඉන් අනතුරුව ගම්පහ බණ්‌ඩාරනායක විදුහලෙන් උසස්‌ පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ප්‍රමාණ සමීක්‌ෂණය) උපාධිය ලබාගත් අතර ඔහු ආචාර්ය උපාධිය (තාක්‌ෂණ කළමනාකරණය) හිමිකරගෙන ඇත්තේ දකුණු දිග කැලිෆොනියා විශ්වවිද්‍යාලයෙන්ය.

තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආකාරයත් පියවරෙන් පියවර තම ගමන් මඟ ජයගනිමින් අසර්බයිජානයේ ඉදිවන ලොව උසම ගොඩනැඟිල්ල සඳහා තමන් සතු දැනුම ප්‍රදානය කරන්නට හැකිවූ ආකාරයත් පිළිබඳ අදහස්‌ දැක්‌වීම ආරම්භ කළ ආචාර්ය චන්දන ජයලත් ගොඩනැඟිල්ලක්‌ ඉහළට එසවෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය ඉහළ තලයකට ගමන් කළ ආකාරය ගැන සඳහන් කරමින් කරුණු පවසන්නට විය.

“මම මුලින්ම ඉදිකිරීම් ක්‌ෂේත්‍රය හරහා මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ දඹුල්ල, කන්ඩලම හෝටල් ව්‍යාපෘතිය තුළින්. එතනදී මම ලබපු සුවිශේෂී අත්දැකීම තමයි මෙරට අති විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහත්තය සමඟ රාජකාරි කිරීම. ඇත්තටම ඒක මම ලබපු සුවිශේෂී අත්දැකීමක්‌. ඊට අමතරව තවත් සඳහන් කළ යුතුම කාරණාවක්‌ තමයි කලක්‌ මම යුද හමුදා නිලධාරියෙක්‌ විදිහට කටයුතු කිරීම. එතනදී ජයසිකුරු, ජයමඟ, පෙරියමඩු මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබෙනවා. කපිතාන්වරයෙක්‌ ලෙස යුද හමුදා ස්‌වේච්ඡා බළකායට බැඳෙන මම වසර අටක්‌ යුද හමුදාවේ සේවය කරල “රිවි රැස” “පූර්ණ භූමි” පදක්‌කම් පළඳල ඊට පස්‌සෙ තමයි පළමු වතාවට විදෙස්‌ගත වෙන්නේ…”

“මම මුලින්ම යන්නේ ඩුබායි රාජ්‍යයට. ඒ ගිහින් එරට ගුවන්තොටුපළ ව්‍යාපෘතියකට අනුයුක්‌තව රාජකාරිය අරඹනවා. ගාඩ්නර් සහ තියොබෝල්ට්‌ කියන සමාගම යටතේ තමයි මට රාජකාරි කරන්න සිද්ධ වෙන්නේ. එතනින් මම ඕමානයේ ‘මස්‌කට්‌’ නගරයට යනවා. මම විශ්වාස කරන විදිහට මගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය ආරම්භ වෙන්නේ මස්‌කට්‌ වලින්. එතනදී ලෝකයේ හතරවැනි විශාලම මුස්‌ලිම් පල්ලිය ඉදිකිරීමේ ව්‍යාපෘතියට මම සම්බන්ධ වෙනවා. එතනදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක්‌ තමයි ෂේක්‌ හමුඩ් සුල්තාන් අල් හුස්‌නි කියන පුද්ගලයව හඳුනාගැනීම. ඔහු එරට රාජකීය පවුලක සාමාජිකයෙක්‌. ඒ වගේම ධන කුවේරයෙක්‌. එයට අමතරව ඔහු මස්‌කට්‌ අගනගරයේ නගරසභාවේ අධ්‍යක්‌ෂවරයා. ඔහු මගේ හැකියාවන් හඳුනාගත් පුද්ගලයෙක්‌. ඒ රටේ තිබෙන විශේෂත්වයක්‌ තමයි පුද්ගල හැකියාවන්ට නියම වටිනාකම ලබාදීම. හරියට වැඩකරන්න පුළුවන් දක්‌ෂ පුද්ගලයන්ව හඳුනාගෙන ඒ අයට හිමිවිය යුතු වටිනාකම සුදුසු ස්‌ථානය ලබාදීල ඒ රටට සේවයක්‌ ගැනීම තමයි ඒ අයගේ මූලික අභිප්‍රාය වෙන්නේ. ඇත්තම ප්‍රකාශ කරනවා නම් ඕනම රටක යම් හැකියාවක්‌ සහිත මානව සම්පතක්‌ පවතිනවා නම් ඒවා හඳුනාගෙන ඒ අයගෙන් රටට යම් සේවයක්‌ ලබාගැනීම රාජ්‍යයක්‌ සතු වගකීමක්‌. ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගියේ ඒ මාර්ගයෙන්. ඕමානය කියන්නෙත් එහෙම රටක්‌. යම් කෙනකුගේ කුමන හෝ විශේෂඥතාවක්‌ පවතිනවා නම් එයාට අවශ්‍ය වැටුප දීල සුදුසු පරිසරයක්‌ නිර්මාණකර දීල ඒ ඒ පුද්ගලයාව සුදුසු ස්‌ථානවල තබනවා. ඒ හරහා රටට අවශ්‍ය දේ ලබාගන්නවා.

සුල්තාන් අල් හුස්‌නි මට පුද්ගලිකව ආරාධනා කරනව මස්‌කට්‌ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්‌ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. මම ඒ ආරාධනාව සතුටින් භාර අරගෙන වසර හයක්‌ එතැන සේවය කරනවා. එහිදී රාජකීය පවුල්වල විශාල පිරිසක්‌ ඊට අමතරව විවිධ වෘත්තිකයන් ඔය ආදී සමුහයක්‌ එක්‌ක සම්බන්ධව මම රාජකාරී කරනවා. ඒ අතරතුර අවස්‌ථා කීපයකදී ලෝකයේ ඉතාමත් පිරිසිදුම නගරය ලෙස “මස්‌කට්‌” නගරය ඇගයීමට පවා ලක්‌වෙනවා.

“මස්‌කට්‌” නගරයේ වසර හයක්‌ රාජකාරී සිදුකරන ආචාර්ය චන්දන ජයලත් ඉන් අනතුරුව වසරක කාලයක්‌ එංගලන්තයේ ජීවත් වන්නේය. නැවත කටාර් රාජ්‍යය වෙත පැමිණෙන ආචාර්ය චන්දන ජයලත් එහිදී රජයේ වැඩ අධිකාරියේ සේවයේ නිරත වන අතර එහිදී ඔහුගේ විශේෂඥ දැනුම යොදාගනු ලබන්නේ එරට ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ සිදුවන ගැටලු නිරාකරණය කරගැනීම පිණිසය. ඒ පිළිබඳ ප්‍රාමාණිකයකු වන ආචාර්ය චන්දන ජයලත් හට ලොව උසම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ විශේෂඥවරයකු ලෙස සේවය කිරීමට ඇරයුම් ලැබෙන්නේ ඉන් අනතුරුවය.

“ඔය අතරේ තමයි මට අසර්බයිජානයේ මේ වන විටත් ඉදිකරමින් පවතින ලෝකයේ උසම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් විශේෂඥවරයෙක්‌ ලෙස රාජකාරි කරන්න ඇරයුම ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අහඹු සිදුවීමක්‌ කියල. මොකද මගේ එහෙම අදහසක්‌ නොතිබූ වේලාවක තමයි මට මේ ඇරයුම ලැබෙන්නේ. ඒක මම ජාත්‍යන්තරයත් එක්‌ක තිබුණ සම්බන්ධතා හේතුවෙන් ලැබුණ ආරාධනාවක්‌ වෙන්න පුළුවන්. මොකද ගල්ෆ් කලාපයේ තිබෙන රටවල් හත සමඟ ඒ රටවල වෘත්තීය ප්‍රජාව සමඟ මගේ සමීප ඇසුරක්‌ පැවතීම ඒකට තවත් හේතුවක්‌ වෙන්න ඇති.

ඉතිං අපි මේ ඉදිකිරීම ගැන කතා කළොත් මම මේ ව්‍යාපෘතිය හා සම්බන්ධවෙලා මේ වෙද්දී වසර 3 ක්‌ වෙනවා. දැනට මෙම ගොඩනැඟිල්ලේ යෝජිත උස ප්‍රමාණය කිලෝමීටරයක්‌, නමුත් ඒ රටේ භූ දේශපාලනයේ වෙනස්‌කම් එක්‌ක ඇතැම් විට එහි වෙනසක්‌ සිදුවිය හැකියි. අනෙක්‌ විශේෂ කරුණ තමයි මේක අසර්බයිජානයේ පුද්ගලික ආයෝජකයන්ගේ මුදලින් කරන ව්‍යාපෘතියක්‌ වීම. මම දන්න විදිහට මේ සඳහා වැඩිම මුදලක්‌ ආයෝජනය කරල තියෙන්නේ ලෝකයේ 16 වැනි පොහොසතා. මේ ඉදිකිරීම සඳහා වන මුළු භූමි ප්‍රමාණය නිර්මාණය කරල තියෙන්නෙ කැස්‌පියන් මුහුද ගොඩකිරීමෙන්.

ඉදිකිරීම් පැත්තෙන් ගත්තොත් මේ ව්‍යාපෘතියේ වැඩි බරක්‌ උසුලන්නේ ඇමෙරිකාව විසින්. ඊට අමතරව තවත් සමාගම් සමූහයක්‌ මේ කටයුත්ත සඳහා ඔවුන්ගේ දායකත්වය සපයනව. ඒ අතරින් මෙම ඉදිකිරීම සඳහා මානව සම්පත බහුල ලෙස අරගෙන තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්. ඒකට විශේෂතම හේතුව තමයි තුර්කි ජාතිකයන් තුළ පවතින වැඩකිරීමේ හැකියාව. විශේෂයෙන් අසර්බයිජානය කියන්නේ ශීත දේශගුණයක්‌ සහිත රටක්‌ වීමත් එවැනි දේශගුණික තත්ත්වයක තුර්කි ජාතිකයන්ට වැඩෙහි යෙදීමේ ඇති හැකියාවත් ඒ සඳහා බලපෑ තවත් කාරණයක්‌ ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම තුන්දහසකට අධික ශ්‍රමිකයන් පිරිසක්‌ මේ ස්‌ථානයේ රාජකාරි කරනවා….

අනෙක්‌ පැත්තෙන් ගත්තොත් නවීන තාක්‌ෂණය උපරිම ලෙස යොදාගැනීමක්‌ මෙහි දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකන් තාක්‌ෂණය එහිදී කැපීපෙනෙන මෙහෙවරක යෙදෙනව කිව්වොත් නිවැරැදියි. මොකද අද ලෝකයේ නව ප්‍රවණතාවක්‌ වන “පේපර්ලස්‌” ක්‍රමයට තමයි වැඩබිමේ සියලු දේම සිද්ධ වෙන්නේ. යමක්‌ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ලිපිගොනු එහා මෙහා ගෙනයැම නිලධාරීන්ගේ දෙපාමුලට ඒව රැගෙන යැම ආදී පැරැණි ක්‍රම වෙනුවට එතැන භාවිත කරන්නේ නවීන ක්‍රමෝපායන් එතනදී යමක්‌ පිළිබඳ තීන්දුවක්‌ ගන්නවා නම් එවෙලෙම ගන්න පුළුවන් ක්‍රමයක්‌ ක්‍රියාත්මක වෙනවා..”

අදාළ ඉදිකිරීමෙන් මදකට බැහැරවෙලා අසර්බයිජානය කියන රට ගැන කතා කළොත් “බකූ” කියන්නේ මුළුමනින්ම සංස්‌කෘතික නගරයක්‌. ආවර්තිතා වගුව ඒ රටේ නිර්මාණයක්‌. ලෝක පූජිත ලේඛක පුෂ්කින් තමන්ගෙ ජීවිතයෙන් වැඩි කලක්‌ ගත කරල තියෙන්නෙ අසර්බයිජානයේ.

ආචාර්ය චන්දන ජයලත් විසින් එතෙක්‌ කරගෙන ආ කථාබහ නතර කිරීමට පෙර අවසන් වරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිsටියේ ලොව දැවැන්තම ඉදිකිරීම සිදුවන “බකු” නගරය සංස්‌කෘතික නගරයක්‌ සේම ලොව විනීතම මිනිසුන් ජීවත්වන ප්‍රදේශයක්‌ බව තමන් අත්දැකීමෙන්ම වටහාගත් දෙයක්‌ බවත් ආර්ථික සමාජීය සංස්‌කෘතික අතින් අසර්බයි ජානය ඉහළ තලයකට පිවිසීමට එයද එක්‌ හේතුවක්‌ වී ඇති බවත්ය. එම ඉදිකිරීමේ වීඩියෝව පහතින්.
උපුටාගැනීම: දිවයින,

රුවන් ජයවර්ධන

DCIM100MEDIADJI_0037.JPG

කුණු කන්ද නාය යාමට කලින් දින බල්ලන් උඩු බුරුලාම සහ සොභාවික විපත් වලින් සතුන් බේරුණු හැටි.

ගංවතුර, නාය යෑම්, භූ කම්පන, සුනාමි වැනි ස්වාභාවික විපතකදී මිනිස් ජීවිත ලක්ෂ ගණනින් බිලිවුවද වන සිවුපාවුන් එවන් අනතුරුවලින් දිවි ගලවා ගත් අයුරු දක්නට ලැබිණි.
2006 දී සිදුවූ සුනාමි විපතේදීත් මෙම අප්‍රේල් 14 වැනිදා සිදුවූ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේදීත් වැළලුණු මිනිස් ජීවිත අතර එකදු සිවුපා සතකුගේවත් මළ සිරුරක් දක්නට නොලැබිණි.

ස්වාභාවික අනතුරක් කලින් දැනගැනීමට තිරිසන් සත්ත්වයන්ට ඇති හැකියාව කවරේද..? මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ සත්ත්ව විද්‍යාඥ දේවක වීරකෝන් මහතාගෙන් අපි විමසීමු.

“සාමාන්‍යයෙන් සුනාමි හෝ නාය යෑමකදී පලක දෙකක් ද්වි ඝර්ෂණය වීමෙන් අධිධ්වනි තරංග ඇතිවෙනවා. මේවා ඒඹ්ජ්ඒ ඵධභදඤඵ හැටියටත් ධ්දටපච ඉධභදඤඵ හැටියටත් නම් කරනවා. ඒතටච ඉධභදඤ යන්නෙන් හඳුන්වන්නේ හර්ට්ස් 20,000කට අධික ශබ්ද තරංග මේවා මිනිස් කනට ඇහෙන්නේ නැහැ. ධ්දටපච කියන්නේ හර්ට්ස් 20 අඩු ශබ්ද තරංග. මේවාත් මිනිස් කනට ඇහෙන්නේ නැහැ. බොහෝවිට භූ කම්පන, නාය යෑම්, සුනාමි වගේ තත්ත්වවලදී 20,000ට අධික ශබ්ද තරංග ඇති ඒතටච ඉධභදඤ තමයි නිකුත් වන්නේ. මේ තරංග තිරිසන් සත්ත්වයන්ට ඇසෙන නිසා ඒවා ග්‍රහණය කරගෙන කලින්ම ඔවුන් අනතුරු හඳුනාගන්නවා. මේ නිසා සාමූහිකව ජීවත්වන සිවුපා සතුන් තමන් කලින් හඳුනාගත් අනතුරු සිය කණ්ඩායමට සංඥා මඟින් දැනුම් දී අන්තරායකර කලාපයෙන් ඉවත්ව ආරක්ෂිත ප්‍රදේශවලට යනවා. මෙසේ ආරක්ෂිත ප්‍රදේශවලට යන නිසා ස්වාභාවික විපත්වලින් බේරීමේ හැකියාව මිනිසුන්ට වඩා තිරිසන් සත්ත්වයන්ට තියෙනවා.

අලුත් අවුරුදු උදාව සිදුවූ අප්‍රේල් 14දා මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ පස්වරු 2.43ට බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය කියයි. නමුදු මේ ඛේදවාචකය ගැන ඊට කලින් අනතුරු ඇඟවූ මිනිසාගේ කලණ මිතුරා වන සුනඛයා කළ ඉඟිය කිසිවකුත් ගාණකට ගත්තේ නැත.
මීතොටමුල්ල කුණු කන්ද ප්‍රදේශය සිය වාසභවන කරගත් සුනඛයෝ අප්‍රේල් 13දා රාත්‍රිය පුරා උඩුබුරලන්නට වූහ. අලුත් අවුරුද්දේ මේ මොන මූසලකමක්දැයි දෙස් දෙවොල් තබමින් නිවැසියෝ තම නිවෙස්වලින් බල්ලන් එළවා දැමූහ. ගෙදරින් පැන ගිය බල්ලෝ කුණු කන්දේ තැන් තැන්වල හිඳ උඩුබුරලන්නට වූහ. එහෙත් අනතුරක සේයාවක් ගැන කිසිවකුත් තැකීමක් නොකළහ. අවුරුදු ජයට සමරන්නට සූදානම් වූහ.

අනතුර ගැන කලින් වටහා ගත් බල්ලෝ තම ස්වාමියන්ට මේ බව දැනුම් දුන්නද එයට ඇතැම්හු ප්‍රතිචාර දැක්වූයේ ගල් මුල්වලිනි.
කෙසේ වෙතත් අනතුර සිදුවන විට එය මඟහැර සිටින්නට කුණු කන්ද සිය වාසභවන කරගත් බල්ලන්, බළලුන්, ගවයන් මෙන්ම එළුවන්ද සමත් වූහ. ඛේදවාචකය අවසානයේ සිය නිවාස ඇති තැනක්වත් සොයා ගන්නට මිනිසුන්ට නොහැකි විය. එහෙත් බල්ලන් තම ස්වාමියාට අයිති නිවෙස ඇති තැන හරියටම සොයා ගත්තේය. ඔවුන් නිවෙස යට වුණු කුණු කන්ද මතට නැඟ පහුරු ගාමින් සිය ස්වාමියා වැළලුණු තැන් සහන සේවයේ යෙදුණු යුද හමුදා භටයන්ට පෙන්වූහ. බැකෝ යන්ත්‍රයේ කුල්ල හරියටම එතැනට යොමු කෙරිණි. පස් කන්ද අඩි 10ක් 12ක් හාරන විට මියගිය සිරුරු මතුවන්නට විය.

උපුටාගැනීම :මවුබිම.

පණ්ඩුක සමරසේකර

පයින් ඇවිදලා ලංකාවේ කෝටිපතියෙක් වූ මොහු ගැන ඇසුවොත් ඔබ විශ්මයට පත්වේවි.

ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ආයුර්වේද නිෂ්පාදන අතර සිද්ධාලේප නාමය ඉහලින් තිබේ. එවැනිම ලංකා පුත්‍රයෙක් ගැන අද ජාත්‍යන්තරයම කතා කරයි. ඔහුගේ නිෂ්පාදනයත් ආයුර්වේද නිෂ්පාදනයකි. නමුත් වෙනස්ම එකකි. මේ ඔහුගේ කතාවයි.
තම පියා සතු වූ සිංහල බෙහෙත් සාප්පුව, පියාගෙන් පසු තමාට උරුම වුනා. සාම්ප්‍රධායක වෙළඳාම නිර්මාණශීලී ලෙස වෙනස් කරමින් ඔහු වෙළඳාම නවීකරණය කළා. බෙහෙත් බදු පයින් ගොස් විකිනු ඔහු ටිකෙන් ටික තම වෙළඳාම දියුණු කළා.
හදිසියේ දිනක් ඔහුට නිවසේ පරණ පුස්තක අතර තිබී යමක් හමු වුනා. ඒ තම පරම්පරාවෙන් පැමිණි රහස් වට්ටෝරු සහිත , තම පියා භාවිත කල පුස්තකයක්. මෙහි තිබු වට්ටෝරු අතර ඔහුගේ සිත ගිය එක වට්ටෝරුවක් වුනා. ඔහු එය අත්හදා බැලීමට සැරසුණා. නමුත් ඔහු කිසිදිනෙක සිතුවේ නැහැ එය ඔහුව ලංකාවේ හිනිපෙත්තට ගෙනයාවි කියා. නමුත් අද ඔහු දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු බවට පත්කළේද මෙම රහස් වට්ටෝරුවයි. එම නිෂ්පාදනය ලංකාවේද සෑම තැනම අද භාවිතා කරන තරමට ජනප්‍රියයි. මේ ඔහුගේ කතාවයි පහත වීඩියෝවෙන් බලන්න ඔහු ඔබ දන්නා කෙනෙකුද වග.

ලංකාවේ කුණු කඳු මිනිස් ජීවිත බිලි ගනිද්දී, ජපානය කුණු කඳු සල්ලි කඳු කරන හැටි – වීඩියෝ.

කුණු කඳු කියන්නේ අපේ රටේ අද වනවිට ප්‍රධාන මාතෘකාවක්. ජීවිත අහිමි කරමින්, ලෙඩ රෝග පතුරුවමින්, රටේ ප්‍රධාන දේශපාලනයට බලපෑම් කරන තරමටම ලංකාවේ කුණු ප්‍රශ්නය ඔඩු දුවලා. රටේ හැම තැනම කුණු කඳු. මේවා ගැන ජනතාවගේ විරෝධය බලධාරින් වෙත එල්ල වන්නේ අද ඊයේ නොවේ. නමුත් අපේ රටේ කුණු ප්‍රශ්නයට නිසි පිළිතුරක් දෙන්න පාලකයින් මේ වන විටත් අසමත් වෙලා තියෙනවා.
අපේ රට පාලනය කල කිසිම කෙනෙකු මේ ගැටලුවට සාර්ථක විසඳුමක් දෙන්න සමත් වෙලා නැහැ. ජනතාව පත්වෙන ආණ්ඩුවලින් විසඳුම් ඉල්ලුවත්, හැමදාම සිදුවුනේ බලයට ඒම සඳහා දේශපාලුවන් ජනතාවගේ කුණු ප්‍රශ්නය හේතුවක් කරගත්ත එක විතරයි.
රටක් විදිහට ඉදිරියට යන්න නම්, රටේ සම්පත් උපරිම ප්‍රයෝජනයට ගත යුතුයි. එම සම්පත් වල ප්‍රතිලාභ ජනතාවට හිමි විය යුතුයි. ලංකාව කියන්නේ අධික නය බරක් සහිත, රැකියා වියුක්තිය ඉහල අගයක පවතින රටක්. ඉතින් අපේ රටේ කුණු වලින් මහා පරිමාන ලාභ ඉපයිය හැකි බව දේශපාලකයින් දන්නේ නැතිද?.
ඇත්තෙන්ම රට තුල නිසි කළමනාකරණයකින් කුණු ප්‍රතිචක්‍රීය කාරණයක් කරනවානම් එය ඉහල ලාභ ගෙදෙන අතර, මනා පරිසරයක් මගින් ජීවත්වීමට සුදුස වටපිටාවක්ද අපට දායාද කරනු ඇත.
ජපානය කියන්නේ ඉතා සංවර්ධිත රටක්. ඔවුන්ගේ සංවර්ධනය තුල රට පිරිසිදුව තබා ගැනීමත් එක හේතුවක්. ඔවුන් කසල ප්‍රතිචක්‍රීකරණය මගින් විශාල ධනයක් ලබන රටක්. ඒ වගේම පරිසරයත් මනාව පවත්වාගෙන යනවා. විවිධ රටවලට ලංකාවේ අතිශය වටිනා සම්පත් විකුණා දමන ව්‍යාපෘති සෑම රජයකින්ම දියත් කලත්, එම රටවල කසල ප්‍රතිචක්‍රීකරණ තාක්ෂනය අප රට තුලට ගෙන, ඔවුන්ට රටේ කුණු ප්‍රශ්නය විසඳීමට ව්‍යාපෘතියක් සකසා දීමට පාලකයන් අසමත් ඇයි දැයි යන පනය ජනතාව ලෙසට අපට පන නැගේ. කසල යනු මොනතරම් සම්පතක්ද යන වග පහත වීඩියෝවෙන් ඔබට හැගෙනු ඇති. මේ ජපානය කසල ප්‍රතිචක්‍රී කරණය සිදු කරන එක වැඩ බිමක් පමණි.