පොලොව පුපුරාගෙන යටින් මතු වූ මේ දේ දුටුවන් විශ්මයට පත්වුනා. – අඩි 18ක් පළල -64ක් යට අවාටයක් අවසානයේ ඉතිරි වුනා.-CCTV දර්ශන.

මේ දසුන ඔබට අදහාගත නොහැකි වේවි. මේ වීඩියෝව වාර්තාවන්නේ යුක්රේනයේ අගනුවර වූ “කියෙව”හි මහා මාර්ගයකිනි. මෙම මාර්ගයේ රථවාහන නවතා ඇති වෙලාවක එක්වරම පොලොව පලාගෙන මහා අවාටයක් ඇතිකරමින් මතුපිටට පැමිණෙන දේ පොඩ්ඩක් බලන්නකෝ.
සුළු මොහොතකින් , පොලොව ඇතුලත අඩි 64ක සිට වේගයෙන් ඉහලට එන්නේ ජල පහරකි. පොලොව පලාගෙන ඉහලට වීසි වෙන මඩ ජල කඳ නගරය හරහා වේගයෙන් ගලා යන හැටි ඔබට දැක ගැනීමට පුළුවන්. නවතා තිබු වාහන සහ අවට දේපල වලට දැඩි හානි සිදුව ඇති බවයි යික්රෙනයෙන් වාර්තාවන්නේ..
එම වීඩියෝව පහලින් නරඹන්න.

ඇමරිකානු රහස් ට්‍රම්ප්ගේ බෑණා රහසිගත සන්නිවේදන මගින් රුසියාවට දීලා.

රුසියාව සමඟ සබඳතා පවත්වාගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙයාඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහකර ඇතිබව ඇමරිකානු මාධ්‍ය පවසයි.

‘වොෂිංටන් පොස්ට්’ සහ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත් පවසන්නේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් විසින් රහසින් සවන්දෙනු ලැබීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ජෙයාඩ් කුෂ්නර් ප්‍රයත්නයක් දැරූ බවය.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සහායකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබසිටින ජෙයාඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ සැමියා ය.

රුසියාව සමඟ සබඳතාව සහ රහසිගත සංනිවේදන මාර්ගයක් පිළිබඳව ඇමරිකානු පුවත්පත් පළකර ඇති වාර්තා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර පළකර නොමැත.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාව මැදිහත් වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාලව ජනාධිපතිවරයාගේ බෑණාගෙන්ද ප්‍රශ්නකිරීමට නියමිතය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.

ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි…

පාන් පිටි ගොඩක් මැද නිරුවතින් කෝකියන් අතින් ආහාරයක් වූ සුරුපිනියගේ වීඩියෝව.

ඇමෙරිකානු සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නාය. ඇය නිරුවතින් සිටිය දී පැමිණෙන කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබයි. මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙනි. “බොන් ඇපෙටි” ලෙස නම් කර ඇති මෙම වීඩියෝව වැඩිම නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කර තිබේ. මේ වනවිට එය මිලියන 65කට වැඩි නැරඹුම් වාර්තාවක් පෙන්නුම් කර අතර, මේ සඳහා මූලික වී ඇත්තේ කෙටී පෙරීගේ නිරුවත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උපුටාගැනීම – සාරවිට

ඉපදුනු හැටියේ ඇවිද යමින් බිලිඳෙක් ලොවම විශ්මයට පත් කරයි – වීඩියෝ.

ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල බිළිඳා ඉපදී සුළු වෙලාවකට පසු හෙදියකගේ ආධාරයෙන් මෙලෙස ඇවිද ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එම අවස්ථාව පහතින්.

“ලොව හොඳම නිරුපිකව” කිරුල ලංකාවට දිනා දුන් චුලක්ශනී.

පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ‘ලොව හොඳම නිරූපිකාවට’ හිමි කිරැළ දිනාගැනීමට ශ්‍රී ලාංකික නිරූපිකාවක් වූ චූලක්ෂි රණතුංගට හැකියාව ලැබුණා. ඇය 2014 වසරේදී ලක් රෑ රුජින කිරුලද හිමිකරගත් නිරූපිකාවයි. ස්පාඤ්ඤයේ පැවැති ‘International best female model world 2017’ තරගාවලියේ කිරුළ දිනා ලංකාවට ආ චූලක්ෂි සමඟ අපි කතා කළා.

චූලක්ෂිට මේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද..?
මේ තරගාවලියට යන්න මට අවස්ථාව ලැබුණේ කවින් හේවාවිතාරණ සහ බ්‍රයන් මහතා විසින් ලංකාවේ නිරූපිකාවන් අතර තෝරා ගැනීමක් කිරීමෙන් පසුවයි. එයාලා තීරණය කරලා තිබුණා 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමේ අත්දැකීම් එක්ක මේ තරගාවලියට මාව සුදුසුයි කියලා.

ඉතා කෙටි කාලයකින් නේද චූලක්ෂි මේ තරගාවලියට සහභාගි වුණේ…?

ඔව්… ඇත්තටම. ඒ සඳහා මට තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. තරගාවලියකට මාසයක් කියන්නේ ඉතාම සුළු කාලයක්නේ.

ඔය වෙහෙසකර තත්ත්වයට චූලක්ෂි මුහුණදුන්නේ කොහොමද?

ඇත්ත. මේක ගොඩක් වෙහෙසකාරී කාලයක් වුණා. මාසේ අන්තිම දවස් හතර පහ තුළදී මමත් ලොකු දෙගඩියාවකින් හිටියේ මේ තරගාවලියට මම යනවද නැද්ද කියලා. ඒ තරමටම පුදුම වෙහෙසක් දැනුණා. ඒ කාලයේදී දවස් ගෙවෙන හැටි මට දැනුණේ නෑ. උදේ පටන් අරගෙන රෑ කොහොමද ඉවරවෙන්නේ කියලා මට තේරුණේ නෑ. ඒ තරමටම මහන්සියක් දැරැවා.

ඒ කැපකිරීම් එක්ක ආහාරත් පාලනය කළාද?

ඔව්. මම ඒ දවස්වල චුට්ටක් මහතට හිටියා. ඒ නිසා මාසයක් ඇතුළත මම කොහාමද කෙට්ටු වෙන්නේ කියලා මම මගේ ට්‍රේනිං සර්ගෙන් ඇහුවා. එයාගේ තීරණය වුණේ ඒ මුළු මාසයේදීම මට බත් තහනම් කියලා. ඒ මාසෙටම මම බත් කෑවේ නෑ. ව්‍යායාම් කළා. බැඩ්මින්ටන් සෙල්ලම් කළා. ඒ හැමදේමට මට මගේ යාළුවෝ ගොඩක් උදව් කළා.

ඊට අමතරව මොනවද තව කළේ?

ඒ කාලයේදී මට නින්දක් නෑ. මානසික පීඩනයකින් තමයි මම මේ තරගයට මුහුණ දුන්නේ. දවස් කීපයකින් මම ලබපු ජයග්‍රහණයක් තමයි මේ.

මේ සඳහා බොහෝ රටවල් සහභාගි වුණාද?

ඔව්… මේක ලොව හොඳම නිරූපිකාවගේ කිරැළ දිනාගැනීමේ තරගාවලිය. ඒ නිසා බොහෝ රටවල් මේ සඳහා සහභාගි වුණා.

ඒ අතරින් චූලක්ෂිට ලොකුම අභියෝගය වුණේ කවුද?

එක රටක් කියලා කියන්න බෑ. හැම රටකින්ම ආපු නිරූපිකාවන් එයාලගේ උපරිම දායකත්වය මේකට ලබලා දුන්නා. හැම රටක්ම නියෝජනය කරන්න ආපු හැම නිරූපිකාවක්ම ඇවිල්ලා තිබුණේ ‘මේ කිරුළ මම දිනාගෙන යනවා’ කියන අදහසිනුයි. ඒ නිසා හැම කෙනෙක්ම මට අභියෝගයක් වුණා.

මේ සඳහා තිබුණු අංග මොනවාද?

මේ සඳහා ඇඳුම් විලාසිතා, ඡායාරෑප සඳහා පෙනී සිටින විලාසිතා, බෙස්ට් කැට්වෝක්, සැඳෑ සමය සඳහා විලාසිතා වැනි අංශ නියෝජනය කළා.

මේ සඳහා චූලක්ෂිට අනුග්‍රාහකයෙක් හිටියද?

මේ සඳහා සැඳෑ සමයේ විලාසිතා ඇඳුම මයිකල් විජේසූරිය මහතා, දේශීය ඇඳුම් විලාසිතාව හිරාන් මහතා විසිනුත් මීට අමතරව රාජිනී මහත්මියත් LICC සමාගමත් මට උදව් කළා. අනිත් හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මගේ පවුලේ අයටයි. මගේ ටිකට් එක පවා මගේ මුදලින් තමයි හොයාගත්තේ. මම ගියේ මගේ රට නියෝජනය කරන්නයි. ඒත්…. ඒකට මට ලොකු වියදමක් දරන්නට සිද්ධ වුණා.

එදා ලොව හොඳම නිරෑපිකාවගේ කිරුළ හිමිකර ගනිද්දී මොකද චූලක්ෂිට හිතුණේ?

ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණේ මගේ පෞද්ගලික හැඟීමක් නොවේ. මම දිනනවා කියන්නේ මගේ රට දිනුව කියන එකටයි. මගේ රට පොඩි රටක්. ඒ තරගාවලියේ හිටපු සමහරු මං ශ්‍රී ලංකාව කිව්වම ඒ රට ළඟද කියලා අහන තත්ත්වයක් තිබුණා. සමහරු මගේ රට ගැන දැනන් හිටියේ නෑ. විශාල රටවල් එක්ක තරග වැදලා මගේ රට ජයග්‍රහණය කරද්දී මට මගේ රට ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුණා. පුංචි කාලයකින් ලොකු වෙහෙසක් දරලා මම ලබපු ජයග්‍රහණය ගැන මගේ ඇස්වලට කඳුළු ආවා. මේ වෙනුවෙන් මගේ ගෙදර අය, යාළුවෝ වගේම බොහෝ දෙනා මට උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.

ඊළඟ ඉලක්කය මොකක්ද?

මම රඟපාපු පළවෙනි චිත්‍රපටය ‘දේදුනු ආකාසේ’ එළිදක්වන්න දැන් ළඟයි. ඒකත් මම හිතනවා මගේ ජීවිතේ වෙනස්ම පැතිකඩක් දකින්න ලැබේවි කියලා. ඉතින් මම ආසාවෙන් කරපු දෙයක් තමයි දේදුනු ආකාසේ කියන්නේ.

පුරුෂයන්ගේ සරු භාවය ෆෝන් එකෙන් පරීක්ෂා කරන්නේ මෙහෙමයි.- වීඩියෝ.

ලොව පුරා වඳ යුවළ හට දරුඵල නොමැති වීමට 50%ක් බලපාන්නේ පුරුෂ වඳභාවය බවට සොයාගෙන ඇති අතර මෙම නව උපාංගය ශුක්‍රාණු සාන්ද්‍රණය සහ ඵලතාව ෆෝන් එකේ කැමරාව භාවිතයෙන් මැනීමට සමත් වෙයි.

නව අධ්‍යයනයන්ට අනුව මෙම නව ස්මාර්ට්ෆෝන් සම්බන්ධිතය හරහා (attachment) පුරුෂයකුගේ ශුක්‍රාණු ඇගැයීමකට ලක්කොට සරුභාවයේ මට්ටම 98%ක නිරවද්‍යතාවයෙන් මැනිය හැකිය.

විද්‍යාඥයන්ට අනුව මෙම නව තාක්ෂණය කාන්තාවන්ට නිවෙසේදී භාවිත කළ හැකි ගර්භණීභාවය පරීක්ෂා කළ හැකි උපාංග මෙන්ම සරල වෙයි. ලොව පුරා වෙසෙන යුවළ 15% ක් නැතහොත් මිලියන 45ක් වඳභාවයෙන් පෙළෙන බව අධ්‍යයනයන් ඇස්තමේන්තු කර තිබේ.

මෙම නව තාක්ෂණය වෙළෙඳපොළට ඉදිරිපත් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි නමුදු, එය පුරුෂ වඳභාව පරීක්ෂණ පහසු ලෙසත් ලාභදායි ලෙසත් කරගැනීමට පිරිමින්ට ඉඩ සලසන්නේ, සායනකට යෑමේ අවශ්‍යතාව මඟ හරිමිනි.

ඉවත දැමිය හැකි මෙවලමකට එකතු කරගත හැක සාම්පලය. එය බැහැලිය හැකි උපාංගයට ඇතුළු කර ස්මාර්ට්ෆෝන් එකට සම්බන්ධ කිරීමෙන් මෙම පරීක්ෂණය තමාටම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම උපාංගය ඩොලර් 50කට අඩු මිලකට අලෙවි කළ හැකි බව පවසන නිමැවුම් විද්‍යාඥයන් අනුව මෙය පිරිමින්ට දරුඵල සම්බන්ධයෙන් මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට හෝ සායනයකට යෑමේදී ඇතිවන අපහසුතාව වළකාලීම හේතුවෙන්, විශේෂයෙන්ම (පුරුෂාධිපත්‍යය රජයන ආකල්ප නොදියුණු) දියුණුවෙන ලෝකයේ රටවල්වලට මහත් පිටිවහලක් වන බවයි.

උපුටාගැනීම:මව්බිම.

පුරුෂයන්ගේ සරු ශුක්‍රානු ෆෝන් එකෙන් පරීක්ෂා කරන්නේ මෙහෙමයි.- වීඩියෝ.

ලොව පුරා වඳ යුවළ හට දරුඵල නොමැති වීමට 50%ක් බලපාන්නේ පුරුෂ වඳභාවය බවට සොයාගෙන ඇති අතර මෙම නව උපාංගය ශුක්‍රාණු සාන්ද්‍රණය සහ ඵලතාව ෆෝන් එකේ කැමරාව භාවිතයෙන් මැනීමට සමත් වෙයි.

නව අධ්‍යයනයන්ට අනුව මෙම නව ස්මාර්ට්ෆෝන් සම්බන්ධිතය හරහා (attachment) පුරුෂයකුගේ ශුක්‍රාණු ඇගැයීමකට ලක්කොට සරුභාවයේ මට්ටම 98%ක නිරවද්‍යතාවයෙන් මැනිය හැකිය.

විද්‍යාඥයන්ට අනුව මෙම නව තාක්ෂණය කාන්තාවන්ට නිවෙසේදී භාවිත කළ හැකි ගර්භණීභාවය පරීක්ෂා කළ හැකි උපාංග මෙන්ම සරල වෙයි. ලොව පුරා වෙසෙන යුවළ 15% ක් නැතහොත් මිලියන 45ක් වඳභාවයෙන් පෙළෙන බව අධ්‍යයනයන් ඇස්තමේන්තු කර තිබේ.

මෙම නව තාක්ෂණය වෙළෙඳපොළට ඉදිරිපත් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි නමුදු, එය පුරුෂ වඳභාව පරීක්ෂණ පහසු ලෙසත් ලාභදායි ලෙසත් කරගැනීමට පිරිමින්ට ඉඩ සලසන්නේ, සායනකට යෑමේ අවශ්‍යතාව මඟ හරිමිනි.

ඉවත දැමිය හැකි මෙවලමකට එකතු කරගත හැක සාම්පලය. එය බැහැලිය හැකි උපාංගයට ඇතුළු කර ස්මාර්ට්ෆෝන් එකට සම්බන්ධ කිරීමෙන් මෙම පරීක්ෂණය තමාටම කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම උපාංගය ඩොලර් 50කට අඩු මිලකට අලෙවි කළ හැකි බව පවසන නිමැවුම් විද්‍යාඥයන් අනුව මෙය පිරිමින්ට දරුඵල සම්බන්ධයෙන් මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමට හෝ සායනයකට යෑමේදී ඇතිවන අපහසුතාව වළකාලීම හේතුවෙන්, විශේෂයෙන්ම (පුරුෂාධිපත්‍යය රජයන ආකල්ප නොදියුණු) දියුණුවෙන ලෝකයේ රටවල්වලට මහත් පිටිවහලක් වන බවයි.

උපුටාගැනීම:මව්බිම.

ටෝකියෝ වලදි අපේ රටේ කොල්ලෙක් කරපු කැත වැඩක් CCTV කැමරාවට මාට්ටු – Video

ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.

රේගු නිළධාරිනුත් මවිත කරමින් පරවියකුගේ පිටෙන් හමුවූ දේ (PHOTOS)

ඈත අතීතයේ මිනිසුන් පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා පක්ෂීන් යොදාගත් බව අප හැම දන්නා කරුණකි.ඒ අතරින් පරවියාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.

එදා පණිවුඩ හුවමාරු කරගැනීමට මේ අහිංසක සත්වයා යොදා ගැනුනද අද වනවිට විවිධ සාපරාධි අරමුණු වෙනුවෙන් මෙම සත්වයා යොදාගන්නා බව පෙනෙන්නට තිබේ.

මේ එවැනි පුවතකි.

ඉරාක දේශ සීමාවේ සිට පියාඹා එන,ශරීරය වටා පටියක් බැඳ තිබූ පරවියෙකු ගැන අල්-අබ්ඩිල්ලි දේශ සීමා පිවිසුම් ස්ථානයේ රාජකාරි වල නිරතව සිටි රේගු නිළධාරීන්ට සැක සිතී ඇත.

රේගු නිලධාරීන් පරවියා ගමන් ගන්නා මාර්ගය කීප වතාවක් නිරීක්ෂණය කරමින් කුමන ස්ථානයකට පියඹා යනවා දැයි පරීක්ෂා කර ඇත.

පියාඹා ගෙන ගොස් පරවියා නිවාසයක වහලයක් මත නතර වී ඇති අතර රේගු නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා පරවියා අල්ලා ගන්නා ලදී.

අල්ලා ගත් පරවියා පරීක්ෂා කිරීමේදි, පරවියාගේ ශරීරය වටේ පටිවලින් ගැට ගසන ලද කුඩා කවරයක සඟවන ලද ඇම්පෙටමින් පෙති 178ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් හැකි වී ඇත.

වැඩිදුර කරුණු සොයා ගැනීම සඳහා රේගු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කාන්තා තොල් හාදුවලින් වැසුණු ලොව එකම සොහොන් ගැබ..

සොහොන් කොතක බොහෝ විට සදහන් වන්නේ මිය ගිය පුද්ගලයකු පිළිබද මතක සටහන්. එහෙත් එසේ නොවී සොහොන් ගැබක් පුරා කාන්තා තොල් හාදු පවතින්නේ නම් එය අසාමාන්‍ය ස්ථානයක් බවට සැකයක් නැහැ. මේ ලෝක පූජිත මිනිසකුගේ එවන් අසාමාන්‍ය සොහොන් ගැබක් පිළිබදයි.
ඔහු 19 වන සියවසේ ලෝකයට බොහෝ දේ ලබා දුන් “ඔස්කාර් වයිල්ඩ්”ය. ප්‍රකට ලේකකයෙක්, නාට්‍ය කරුවෙක්, පුවත්පත් කලාවේදියෙකු වූ වයිල්ඩ් අයර්ලන්ත ජාතිකයෙකි. ඔහු වයස හතලිස් හයේදී මියගියේය. පසුව ප්‍රංශයේ පැරිස් නුවර ටොන් 20ක් බර සොහොන් කොතක් ඔහු වෙනුවෙන් ඉදි විය.
එය වසර විස්සක් පමණ එසේ පැවතුනා. නමුත් ඔස්කාර් ට දැඩි ලෙස ආදරය කල රසිකාවියක් දිනක් පැමිණ එම සොහොන් කොතට හාදුවක් දුන්නා. ඇයගේ දෙතොල් ආලේපනය එහි සටහන් කලේ ඇයගේ තොල්වල සටහනයි. පසුව පැමිණි කාන්තාවන් ද මෙය දුටු පසු ඒ අයුරින්ම සොහොන් කොත සිප ගැනීම නිසා ත්,පසුව විනෝදාංශයක් ලෙස කාන්තාවන් මෙය සිප ගැනීම නිසා රතු පැහැ දෙතොල් මුද්‍රා වලින් වැසී ගියා.

පසුව වීදුරු ආවරණයකින් සොහොන් ගැබ වට කළා.
දැන් පැමිණෙන රසික රසිකාවියන් රෝස මල් තබා ඔහුට අචාර කරයි. විශේෂත්වය වන්නේ සොහොන් කොතෙ ඉදි කර ඇති මිසර ශිෂ්ඨාචාරය සිහිගන්වන කාන්තා රුපයේද දෙතොල් රතු පහ ගන්වා තිබීමයි.
එම අපුරු සොහොන් ගැබේ වීඩියෝව පහතින් නරඹන්න.