ඔබේ ජීවිතයම අවුල් කරන , දුම්බීම නිසා ඇතිවන අලුත්ම ලෙඩේ මෙන්න.

දුම්බීම කියන්නේ සෞඛ්‍යට හිත කර දෙයක් නොවේ. ඒ ගැන කතා කරන්න තරම්වත් දෙයක් නැහැ. මොකද ඔය දුම් බොන හැමෝම ඔය දේ කරන්නෙත් මේ අදීනව ගැන දැනගේනමයි. පෙනහළු පිළිකා, ලිංගික දුබලකම් වැනි රෝග ගැන ඔබ දැනුවත් ඇති. නමුත් දුම් බීම නිසා ඇතිවන අලුත්ම, භයානක රෝගී තත්වයක් ගැන බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තියෙනවා.

මේ ගැන ඇසුවොත් ඔබ පුදුම වයි. බලන්නකෝ පහත වීඩියෝව.

 

රේල් පීල්ලට බෙල්ල තිබ්බ සරසවි සිසුවියගේ මරණ පරීක්ෂණයේන් ඇත්ත හෙලිවෙයි

“සරසවි උයන දුම්රියපළ පසුකර දුම්රිය ධාවනය වෙමින් තිබුණා. තරුණියක් දුම්රිය මාර්ගය අද්දර සිටිනවා දැක්කා. දුම්රිය ලං වෙනකොටම ඒ තරුණිය පැණිදෙනිය දුම්රියපළ දෙසට හැරී රේල් පීල්ලට පාත් වුනා.”

මෙසේ ප්‍රකාශකර තිබුනේ ඉකුත් දින කීපයේදීම සමාජජාල වෙබ් අඩවිවල පළවූ පේරාදෙණිය සරසවියේ පරිඝණක උපදේශිකාවගේ මරණය පිළිබදව පැවති මරණ පරීක්ෂණයේදී අදාල දුම්රියේ රියදුරු ඩී.එස්. කුමාරසිංහ මහතායි.

පසුගියදා මෙලෙස මියගියේ පන්නිපිටියේ පදිංචි තරණී විජේසිරිවර්ධන නැමැති 25 හැවිරිදි තරුණියක්.

බදුල්ල කොළඹ දුම්රියේ ප්‍රධාන රියදුරු ,මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මෙලෙස ප්‍රකාශකර තිබුණා.

“මම කොළඹ ඉදලා බදුල්ලට දුම්රිය ධාවන කරමින් හිටියේ. මහනුවරදී දුම්රිය හරවා බදුල්ල බලා ගමන් කරනවා. 9.40 පමණ සරසවි උයන දුම්රිය ස්ථානය පසු කරන කොටම තරුණියක් දුම්රිය මාර්ගය අද්දර ඉන්නවා දැක්කා. තරුණියන් ඒ හරියේ ඉන්නවා. ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක්. ඒත් දුම්රිය ලං වෙනකොටම ඇය පෑදෙණිය දුම්රියපොළ දෙසට හැරී රේල් පීල්ලට බෙල්ල තිබ්බා.

මිතුරන්ටත් බලන්න Share කරන්න…

වෙනත් රෝගයකට ප්‍රතිකර්ම කරන්න හැදු, පසුව ලොව ප්‍රභලම කාම ශක්තිය ලබා දෙන “ව්යාග්‍රා” පෙත්තේ ඇත්ත කතාව මෙන්න.

ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි.

මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.

වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.

දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.

ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත!

හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ.

අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා.

සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.

ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine – TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol – Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat – Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.

තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි.

වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු.

උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

උපුටාගැනීම :ලංකාදීප.

සුනක හිස් කබල් 2000ක් අහමුවේ – මස් ජාවාරමක්දයි සැකයක්.

කසළ ගොඩක තිබී මිය ගිය සුනඛයින්ගේ හිස් කබල් තොගයක් හමුවී තිබෙනවා.

ප‍්‍රදේශවාසීන් පවසන්නේ හිස් කබල් 2000ට වැඩි ප‍්‍රමාණයක් එහි තිබී හමුවූ බවයි.

අරලගන්විල ප‍්‍රදේශයේ දී මෙම සුනඛ හිස් කබල් තොගය සොයා ගැනීමත් සමග මේ පිටුපස සුනඛ මස් ජාවාරමක් තිබිය හැකි බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර, අරලගන්විල වැසියන් මාදුරු ඔය – පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගය ද හරස් කරමින් අද (05) උද්ඝෝෂණයක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දිඹුලාගල ප‍්‍රාදේශිය සභාව මෙම ප‍්‍රදේශයට කසළ බැහැර කරන බවද අදාළ සුනඛ හිස් කබල් තොගය ද ප‍්‍රාදේශීය සහාවේ ට‍්‍රැක්ටර්වලින් ගෙනවිත් බැහැර කර ඇතැයි සැක කරන බවද ඔවුන් එහිදී කියා සිටියා.
උපුටා ගැනීම : නෙත් නිව්ස්

අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමති තෙවරප්පෙරුම ට ’ මලපැන්න හැටි (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිහිටා ඇති වැසිකිලි පද්ධතිය ගැන සොයා බැලු ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අදාළ බලධාරීන් වෙත තම අප්‍රසාධය පල කළා. අදාළ අංශවෙත ඒ මොහොතේම දුරකතනයෙන් අමතා මේ ගැන තදින් කතා කළා.
මීට හේතුව වැසිකිලි උපාංග විනාසව ගොස් තිබීමත්, මලපහ උතුරා යමින් පැවතීමත්, ඒවා ප්‍රදේශයේ නිවාස කරා පිටාර යාමත්, බීමට ලුණු මිශ්‍ර ජලය බෙදා හැරීම ඇතුළු සෞඛ්‍ය කාරනා පවතීමත්ය.
ඇමතිවරයා විසින්ම මල ප්‍රවාහන පද්ධති විවුර්ත කර බලා, පිටාර යන මල මුත්‍රා මාර්ගය උදැල්ලකින් ඇද දමා පරීක්ෂා කළේය. පසුව නිලධාරීන්ට අවේගයෙන් ඇමතු හැටි පහත වීඩියෝවෙන්.

පිරිමින් පිරිසක් Gall face එකේ දමා ගිය තරුණියක් තෙවරප්පෙරුම බේරාගත් හැටි.- වීඩියෝ.

මේ දිනවල ලංකාවේ පවතින අයහපත් කාලගුණයත් සමගම කියවෙන තවත් නමක් තියෙනවා. ඒ “පාලිත තෙවරප්පෙරුම” කියන නාමය. දේශපාලන පක්ෂ වල බොහෝ දෙනා මේ වනවිට අවතැන් වූ සහ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් සක්‍රීයව දායක වන බව නොපෙනුනත්, සමහර දේශපාලඥයන් තමන්ට හැකි අයුරින් දායක වෙමින් අවතැන් ජනතාවට සහය දක්වයි.
මේ අතර පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දායකත්වය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කාගේත් පැසසුමට ලක්ව තියෙනවා. සක්‍රීයව මහජන සේවයට දායක වූ ඔහු විවිධ අවස්ථාවල රටේ ප්‍රධාන, ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකි. නමුත් මෙම අවස්ථාවේ අප ඔහු පුම්බා තැබීමක් හෝ, අනිසි වර්ණනා කිරීමකට ලක් නොකරන අතර, මීට ඉහත අවස්තාවකදී ඔහු මැදිහත්වී කල විශේෂ කර්තව්‍යක් පිළිබඳව සහ දේශපාලඥයෙකුගෙන් දැක නැති අගය කලයුතු කටයුත්තක වීඩියෝවක් ගෙන එමටයි අප සුදානම් වන්නේ.
ගාලු මුවදොර (Gall face) හි වර්ෂාව මද්‍යයේ දින දෙක තුනක් බිම වැතිරී අවසිහියෙන් , දුර්වලවී සිටි තරුණියක් දෙස කිසි වෙකුගේ අවධානය නොමැති විටෙක, මේ ගැන දුටු පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ ඇයගේ සුවදුක් සොයා බලා, කන්නට දී, සීතලෙන් මිදීමට උණුසුම් පානයන් ගෙනවිත් දී , පොරෝනයක් ලබා දී හිස අතගාමින් සුවදුක් විමසන හැටි සහ, අවසානයේදී එම තරුණිය පවසා සිටින්නේ තමන්ව යම් පිරිසක් දුෂණය කොට මෙම ස්ථානයට ගෙන දමා ගිය බවයි.
රාත්‍රී වන තෙක්ම අයගේ සියලු අවශ්‍යතා සොයා බලා, පොලිසිය දැනුවත් කර, අයගේ ලඟින් සිට ඔහු කල සියලු දේ නිසා එම අසරණ ජීවිතය බේරෙන හැටි සහ ඉතා සංවේදීව ඔහු ක්‍රියා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

සමුහ දුෂණයට ලක්ව ගාල්ල නගරයේ දමා ගිය තරුණියක් පාලිත තෙවරප්පෙරුම බේරාගත් හැටි.- වීඩියෝ.

මේ දිනවල ලංකාවේ පවතින අයහපත් කාලගුණයත් සමගම කියවෙන තවත් නමක් තියෙනවා. ඒ “පාලිත තෙවරප්පෙරුම” කියන නාමය. දේශපාලන පක්ෂ වල බොහෝ දෙනා මේ වනවිට අවතැන් වූ සහ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් සක්‍රීයව දායක වන බව නොපෙනුනත්, සමහර දේශපාලඥයන් තමන්ට හැකි අයුරින් දායක වෙමින් අවතැන් ජනතාවට සහය දක්වයි.
මේ අතර පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දායකත්වය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කාගේත් පැසසුමට ලක්ව තියෙනවා. සක්‍රීයව මහජන සේවයට දායක වූ ඔහු විවිධ අවස්ථාවල රටේ ප්‍රධාන, ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකි. නමුත් මෙම අවස්ථාවේ අප ඔහු පුම්බා තැබීමක් හෝ, අනිසි වර්ණනා කිරීමකට ලක් නොකරන අතර, මීට ඉහත අවස්තාවකදී ඔහු මැදිහත්වී කල විශේෂ කර්තව්‍යක් පිළිබඳව සහ දේශපාලඥයෙකුගෙන් දැක නැති අගය කලයුතු කටයුත්තක වීඩියෝවක් ගෙන එමටයි අප සුදානම් වන්නේ.
ගාලු මුවදොර (Gall face) හි වර්ෂාව මද්‍යයේ දින දෙක තුනක් බිම වැතිරී අවසිහියෙන් , දුර්වලවී සිටි තරුණියක් දෙස කිසි වෙකුගේ අවධානය නොමැති විටෙක, මේ ගැන දුටු පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ ඇයගේ සුවදුක් සොයා බලා, කන්නට දී, සීතලෙන් මිදීමට උණුසුම් පානයන් ගෙනවිත් දී , පොරෝනයක් ලබා දී හිස අතගාමින් සුවදුක් විමසන හැටි සහ, අවසානයේදී එම තරුණිය පවසා සිටින්නේ තමන්ව යම් පිරිසක් දුෂණය කොට මෙම ස්ථානයට ගෙන දමා ගිය බවයි.
රාත්‍රී වන තෙක්ම අයගේ සියලු අවශ්‍යතා සොයා බලා, පොලිසිය දැනුවත් කර, අයගේ ලඟින් සිට ඔහු කල සියලු දේ නිසා එම අසරණ ජීවිතය බේරෙන හැටි සහ ඉතා සංවේදීව ඔහු ක්‍රියා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් බේරෙන්න දැරිය පහළට විසිකර මව්පියනුත් පනී (PHOTOS)

කැකිරාව ගල්කිරියාගම නගරයේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද (29) හටගත් ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගල්කිරියාගම ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා දඹුල්ල මහ රෝහලට මාරු කරනු ලැබුවා.

ගින්නට හසුවීමෙන් වෙළදසැලේ හිමිකරු, ඔහුගේ බිරිය හා වයස අවුරුදු දෙකක කුඩා දැරියක ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ගින්න ඇතිවන අවස්ථාවේ දරුවාද සමග ඉහළ මහලයේ කොටුවී සිටි එම යුවල තම කුඩා දරුවා ඉහළ මාලයේ සිට බිම සිටි පිරිසක් වෙත විසිකර දමා දරුවාගේ දිවි බේරා ගෙන තිබෙනවා.

ඉහල මාලයේ සිට බිමට පැන ඇති අවස්ථාවේ ව්‍යාපාරිකයා හා බිරිය සුළු තුවාල ලැබුවා. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ. අසල්වාසීන් පැවැසූයේ ගින්නත් සමඟ විශාල පිපිරුම් හඬක් ඇසුනු බවයි.

ඉපදුනු හැටියේ ඇවිද යමින් බිලිඳෙක් ලොවම විශ්මයට පත් කරයි – වීඩියෝ.

ඉපදී සුළු වේලාවකට පසු දෙපා වලින් නැගිට ඇවිද ගිය කුඩා බිළිඳෙකු පිළිබදව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසීලයේ රෝහලක මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල බිළිඳා ඉපදී සුළු වෙලාවකට පසු හෙදියකගේ ආධාරයෙන් මෙලෙස ඇවිද ගොස් ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

එම අවස්ථාව පහතින්.

තනි වෘෂණ කෝෂයක් ඇත්නම් දරුවන් හදන්න බැරිද? මේ වැඩේට කෝෂ දෙකම ඕනෑද?

සාමාන්‍ය පුරුෂයෙක්ට වෘෂණ කෝෂ 2ක්ම තියෙන්න ඕනෑනේ. නමුත් කලාතුරකින් කෙනෙකුට එක් වෘෂණයක් පමණක් පිහිටා තිබෙන්න පුළුවනි. මේ තත්ත්වය අස්වාභාවික තත්ත්වයක් හැටියට අරගෙන තැවීමට පත්වන අය දක්නට පුළුවනි. මේ අය දැවෙන ප්‍රධාන ගැටලුව තමන් වඳ පුද්ගලයෙක්ය යන හැඟීමයි. ඒ වගේම සමාජය තුළින් මේ අයට එන අපහාස උපහාස කොන් කිරීම නිසා ලොකු මානසික පීඩාවකට ලක්වෙන්නත් පුළුවනි. නමුත්, තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව නම් ගැටලුවක් නොවෙයි.

ලිංගික ගැටලු ගැන කතා කරනවිට අපට අහන්නට ලැබෙන තවත් පොදු ප්‍රශ්නයක් වූ මේ ගැනයි අද කතාබහ කරන්නේ. යම් කෙනෙකුට තනි වෘෂණ කෝෂයක් ඇත්නම් දරුවන් හදන්න බැරිද? මේ වැඩේට කෝෂ දෙකම ඕනෑද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේට අනුව නම් එහෙම අවශ්‍යතාවක් ඒ කියන්නේ කෝෂ දෙකම අවශ්‍යතාවක් දරුවන් ලැබීම සමග සම්බන්ධ නෑ. තනි වෘෂණයක් ඇතත් එය හොඳින් ක්‍රියාත්මක නම් එය හොඳටම ඇති. වෘෂණයකින් දරුඵල සරු කරන ශුක්‍රානු පමණක් නොව ටෙස්ටොස්ටෙරොන් වැනි හෝර්මෝන වර්ගත් නිපදවනවා. ඒ සඳහාත් එක් වෘෂණයක් හොඳටම ඇති. ඒ කියන්නේ වෛද්‍ය මතය අනුව නම් තනි අතින් අත්පුඩි ගහන්නත් පුළුවනි.

තනි වෘෂණයක් හිමිවීමට හේතුව ගැනත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි.

මවගේ කුස තුළ සිටින විට දරුවාගේ වෘෂණ පිහිටා ඇත්තේ යටිබඩ තුළය. ඉපදී පළමු වසර කිහිපය තුළ ඒවා වෘෂණකෝෂ තුළට ඇතුළු වෙයි. සමහර දරුවන්ගේ මේ වෘෂණ දෙකෙන් එකක් වෘෂණ කෝෂ තුළට නොපැමිණ යටිබඩ තුළම රැඳී තිබෙන්නට හැකියි. Undeicendent testis හෙවත් පහත් නොවූ වෘෂණය ලෙස හඳුන්වන්නේ මෙයයි. මේ විදියට කලක් වෘෂණ උදරය තුළ තිබීමෙන් එහි ක්‍රියාකාරීත්වය නැතිවී යාමට හැකියි.

සාමාන්‍යයෙන් වෘෂණ හොඳින් වර්ධනය වීමටත් හොඳින් ක්‍රියාත්මක වීමටත් අපේ සිරුරේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යයි. අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරුන්හයිට් අංශක 98.4 නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. ඒ කියන්නේ සාමාන්‍ය වාතයේ පවතින උෂ්ණත්වයට වඩා ටිකක් ඉහළයි. නමුත් වෘෂණ වර්ධනයට මීට වඩා අඩු උෂ්ණත්වයක් තමා ගැලපෙන්නේ. ඉතින් ඒ සඳහා සුදුසුම තැන වෘෂණ කෝෂයයි. ඒවා සාමාන්‍ය වාතයේ ගැටෙමින් එල්ලෙමින් ඇති නිසා ඒ තුළ උෂ්ණත්වය සිරැරේ අනෙක් තැන්වලට වඩා අඩුයි. මෙය හොඳින් ක්‍රියාකරන හොඳින් වැඩුණු වෘෂණයක් වර්ධනය වීම සඳහා වැදගත්.

ඉතින් වෘෂණයක් සිරුර තුළම වැඩි කලක් තිබුණොත් එය නිසි ලෙස නොවැඩී විනාශ විය හැකියි. එවිට ශුක්‍රාණු සහ හෝර්මෝන හදන්නට හැකියාවක් නෑ. සමහරවිට මෙය පසුකාලීනව පිළිකා බවට වර්ධනය වන්නටත් හැකියි. අන්න ඒ නිසා තනි වෘෂණ කෝෂයක් ඇතිවිට ඒ ගැන වෛද්‍යවරයකු හමුව පරීක්ෂාවක් කර ගැනීම හොඳයි. නමුත් දරුවන් ලැබීමේ කටයුත්ත සඳහා නම් කිසිම ගැටලුවක් නෑ. ඒ සඳහා නිරෝගී එක වෘෂණයක් හොඳටම ඇති.

උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ
උපුටා ගැනීම: දේශය පුවත්පත.