මේ මෙයාගේ මෝඩ කමද? නැත්තන් යහළුවන් ගැන තියෙන දැඩි විශ්වාසයද? – වීඩියෝ.

අපිට යහළුවන් ගොඩක් ඉන්නවා. සමහර යහළුවන් ටිකක් අඩු ආශ්‍රයේ තියාගත්තත් සමහරුන් ඉතින් අපේ හොඳම යහළුවන්. සෙට් වෙන්නේ, ගමන් බිමන් යන්නේ, අතිශය රහස්‍ය දේවල් කරන්න එකතුකරගන්නේ අන්න ඒ බොක්කේ යහළුවන් ටිකයි.
සමහර වෙලාවට ගහ ගන්නෙත්, ආය එක බත් එක කාල, එකටම නිදියගන්නෙත් අන්න ඒ බොක්කේ යහළුවන්ම තමයි. හැම දෙකටම එයාල ලං කරගන්නේ අපිට තියෙන විශ්වාසය නිසයි. එත් සමහර වෙලාවට අපි පන වගේ විශ්වාස කරන යහළුවන්ම අපිව රවටනකන් අපි දන්නෙත් නැහැ. හැමදේම අහවර උනහමයි අපි දන්නේ අපිට මොකද එයාල කලේ කියලා.
බලන්නකෝ යහළුවෝ ටිකක් එකතුවෙලා තවත් යහලුවෙකුට කරන අපුරු මැජික් එකක්….මෙහෙම කළා කියල ලොකු හානියක් නැහැ….හැබැයි අන්දවනවා ලෙසටම.

 

පියුමි හංසමාලි මිතුරෙක් සමග කැලයේ ඇලක බැහැල නාන වීඩියෝවෙන් බුකිය රත්වේ.

සමාජ ජාලා හරහා ජනප්රියට පත් නිරුපන ශිල්පිනි පියුමි හංසමාලි නිතරම පුවත් මවන්නියක් වී හමාරය. ඇය ගේ පින්තුර පවා සමාජ ජාලාවල නිතර කතා බහට ලක්වේ.
පියුමි විසින් මීට සුළු වෙලාවකට පෙර මිතුරු මිතුරියන් පිරිසක් සමග ඇලක බැස සතුටු වන වීඩියෝවක් එක කර තිබුනා. එහි එකම එක මිතුරෙක් පමණක් සිටින පියුමි සමග දිය කෙලියේ යෙදෙන අයුරු දැක්වේ. මේ සඳහා විශාල පිරිසක් අදහස් දක්වා තිබුනා. වැඩිපුර ප්‍රකාශ කර තිබුනේ “සමනල්” කතාය. එම වීඩියෝව සහ පින්තුර පහතින්…

දැනට දරුවන් දෙදෙනෙක් ඉන්න එකේ තව කෙනෙක් ආවට කමක් නැහැ. – චතුරිකා පීරිස්

ජනප්‍රිය නිලි, චතුරිකා පීර්ස් සහ ටෙලිනාට්‍ය නළු ගයාන් වික්‍රමතිලක අතර විවාහය සිදුවන බව ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම ගයාන්ගේ පළමු විවාහයේ බිරිඳ නිකුත් කල වීඩියෝවක් නිසා සහ ඒ සමග බැඳුනු කාරනා කිහිපයක් නිසා සමාජයේ මේ දිනවල ඔවුන් ගැන කතා බහ වැඩිවී තිබෙනවා.
මේ අතර ගයාන්ගේ පළමු විවාහයෙන් ලද පිරිමි දරුවා ද සිටින්නේ චතුරිකා ළඟය.
කෙසේ වෙතත් ඔවුන් තිදෙනා සහභාගී වූ සජීවී රුපවාහිනි වැඩසටහනකදී රසබර සිදුවීම් කිහිපයක් සිදු වුනා. මෙහිදී ගයාන් සහ චතුරිකා ගීතයක් ගායනා කල හැටි සහ ඔවුන්ට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න වලට ලබා දුන් අපුරු පිළිතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

පියුමි හංසමාලි මහා වැස්සේ හැගීම් පාලනය කරගත්ත හැටි

පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාලා හරහා ලංකාවේ අස්සක් මුල්ලක් නර ප්‍රසිද්ධියට පත් නිරුපිකාවක්. ඇය නිලියක් ලෙසද කටයුතු කරයි. කෙසේ නමුත් පියුමිට වැඩිවශයෙන් සමාජ ජාලා හරහා එල්ලවන්නේ ගැරහුම්ය. ඇයගේ චර්යාවන් පිළිබඳව විවිධ ආන්දෝලනාත්මක පුවත් ප්‍රසිද්ධවීම නිසා සමාජ ජාලා හරහා පියුමිට විවිධ විවේචන එල්ල විය.
කෙසේ වෙතත් සියලු විවේචන ඇයගේ පියුමි තවත් පියවර ඉදිරියට තබා නිරුපන ශේත්‍රයට ප්‍රවිෂ්ඨව ජාත්‍යන්තර තරංග සඳහා සහභාගී විය.
සියලු කාරනා හමුවේ ඇය තම සුරතල් පුතු අතනොහැර ගියාය. සමාජ ජාලා හරහා තම පුතු සමග වීඩියෝ පියුමි ප්‍රසිද්ධියේ මුදා හරියය. ඇයගේ ක්‍රියා කලාපය ගැන විවිධ විවේචන පැවතියත් මවක් ලෙස තම පුතුට රැකවරණය ලබා දෙමින්, ආදරයෙන් ඔහු සමග කාලය ගතකිරීම ඇගයිය යුතු කරුණකි.

පියුමි සමාජ ජාලා හරහා නිකුත් කල වීඩියෝ අතර පහත වීඩියෝව මගින් ඇය ගැන යම් ගැඹුරු අදහසක් විද්යාමානාවේ. එම වීඩියෝව ඔබත් නරඹා මවක් ලෙස ඇයගේ හදවත කෙබඳුද යන්න වටහා ගන්න. වීඩියෝව පහතින්

වසරේ හොඳම වැඩසටහන DJ අරා & පැස්බරා..!

2017වසරේ ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ (10) රාත්‍රී කොළඹ වෝටර්ස් ඒ්ජ් පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී වසරේ ජනප්‍රිම ගුවන්විදුලි වැඩසටහනට හිමි සම්මානය DJ අරා & පැස්බරා වැඩසටහනට හිමිවූ අතර එම සම්මානය ලබාගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව එම අවස්ථාවට පැමිණ සිටි බොහෝ පිරිසක් කුතුහලයෙන් බලා සිටියා.

එයට හේතු වූයේ සම්මානය මෙම වැඩසටහන ලබාගන්නට තමන්ගේ හැකියාවන් කරළියට ගෙන ආ රියල් DJ අරා & පැස්බරා පසුගිය දිනෙක හිරු FM ගුවන්විදුලියෙන් ඉවත්වී සියත ගුවන් විදුලිය සමඟ එක්වීමයි.

කෙසේ නමුත් 2016 වසර සඳහා වන මෙම සම්මාන උළලේදී ඔවුන් දෙදෙනාගේ හැකියාවන්ට හිමි සම්මානය හිරු නාළිකාව වෙනුවෙන් සම්මාන උළෙල සඳහා පැමිණි පිරිස ලබාගත් අතර එහිදී විශේෂ සිදුවීමක්ද සිදුවුණා.

ඒ මෙම අවස්ථාවට සහභාගී වී සිටි Original DJ අරා & පැස්බරා හෙවත් අරවින්ද ලොකුගේ හා දිස්නා මුණසිංහ හිරු නාළිකාවට සම්මානය හිමිවෙද්දී නැගී සිට සතුටින් අත්පොළසන් ලබාදීම වන අතර එම ක්‍රියාවට බොහෝ දෙනෙකුගේ ප්‍රසංශාවන්ද හිමිවුණා.

හිරු නාළිකාව සම්මානය ලබාගත්තද පැමිණ සිටි පිරිස මේ වනවිට සියත නාළිකාවේ සේවයට එක්ව සිටින Original DJ අරා & පැස්බරා වෙත පැමිණ සම්මාන හිරු නාළිකාවට ලබාදෙන්නට වූ කැපවීම වෙනුවෙන් ඔවුන්ට සුභපැතුම් එක්කිරීමද මෙහිදී කාගේත් අවධානයට යොමුවුණා.

වෙනත් නිවේදකයින් දෙදෙනෙකු යොදාගෙන මේ වන විට හිරු නාළිකාවේ විකාශය වන අරා පැස්බරා වැඩසටහන ශ්‍රේණිගතකිරීම් වල පහළට කඩාවැටෙමින් ඇති අතර සියත නාළිකාවේ Original DJ අරා & පැස්බරා වැඩසටහන මේ වන විට ක්‍රමයෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණෙමින් තිබෙනවා.

කෙසේ නමුත් තමන්ට හිමි සම්මානය මේ වසරේදී හිරු මාධ්‍ය ආයතනය ලබා ගත්තද ලබන වසරේදී අරවින්ද ලොකුගේට සහ දිස්නා මුණසිංහට එය සියත නාළිකාව වෙනුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහො දෙනෙකුගේ මතයයි.

මහා ජල කඳක් යටින් යද්දී පාලම උඩදී ත්‍රීවීල් එකට සිදු වූ දේ.

අපේ රටේ කොල්ලෝ ත්‍රීවීල් වලින් වැඩ දාන හැටි දන්නවනේ. වෙලාවකට ඇඟ හිරිවටෙනවා.
මේ වීඩියෝව අපට ලැබුනේ අන්තර්ජාලයේ තිබිලා. යටින් මහා වතුර පහරක් යන පාලමක් උඩ මෙයා වැඩ දැම්ම. මෙයාගේ යාලුවෙක් වීඩියෝ කළා. ඔබත් පහත මේ වීඩියෝව බලන්න.
අනිත් යටත් බලන්න share කරන්න අමතක කරන්නත් එපා.

විදුලි මෝටර් රථ එකලස් කිරීම දැන් ලංකාවේත් – වාහනයේ තොරතුරු මෙන්න

විදුලි මෝටර් රථ එකලස් කිරීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ සමාගමක් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ මයික්‍රෝ සමාගමයි.

ඒ අනුව චීනයේ බීජින් ඔටෝමොබයින් ඉන්ටර්නැෂනල් කෝපරේශන් ආයතනය හා එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.

සමාගම විසින් නිශ්පාදනය කරන EC180 EV විදුලි මෝටර් රථය ලංකාව තුළ එකලස් කිරිමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

චීනයේ බීජින් ඔටෝමොබයින් ඉන්ටර්නැෂනල් කෝපරේශන් ආයතනය 1958 වසරේදී ආරම්භ කර ඇති අතර මෙරටදී එකලස් කරන විදුලි මෝටර් රථය කිලෝවොට් 20.3ක ලිතියම් බැටරියකින් සමන්විත වනවා.

තමන්ගේ පියයුරේ ටැටූ එකක් ගසාගන්න පැමිණි කාන්තාවට මොකද වුනේ?

මේ කාන්තාව ගියේ ටැටු එකක් ගසා ගන්න. ඉතින් ටැටු ආර්ටිස්ට් ඇවිල්ලා එයාගේ රජකාරිය පටන් ගත්තා.මේ කාන්තාවට විශාල පියයුරු පිහිටා තිබුනා.මුලදි සියල්ල ඉතා ක්‍රමානුකූලව සිද්ධ වුනාට මේ ටැටු නිර්මාණ කරන්නාට මේ විශාල පියයූරු පිළිබඳ ඇති කලේ කුතුහලයක්.ඒ මේවා ඇත්තම ඒවාද? නැතහොත් කෘතීමව සකසා ගත් ඒවාද යන්නයි.ඉතින් මේයා ටැටු ගහන නිඩ්ල් එකේ තැන වෙනස් කලා විතරයි මේ කාන්තාවගේ සකසා ගත් පියයුරු පුපුරා ගියා.. ටැටු නිර්මාණකරුවා අතිශය කම්පනයට පත්ව පුටුවෙන් වැටුනා..මේ කාන්තාවටත් විශාල වේදනාවක් හටගන්නට ඇති. ඒත් ඉතින් මොනවා කරන්නද? වෙච්ච සිද්ධිය ඔබේ ඇසින්ම නරඹන්නකෝ….

මුන්ටිකනම් මහා පුදුම බඩු ටිකක්…..හිනාවෙලා බඩ රිදෙනවා යකෝ…

විනෝදයට කොල්ලෝ එක එක දේවල් කරනවා. කොල්ලෝ එකට සෙට් වුනහම ගන්න ෆන් ගැන ඉතින් කොල්ලෝ දන්නවනේ. හැබැයි අපේ කෙල්ලොනම් ගොඩක් මේවා ගැන දන්නේ නැහැ. මොකද කොල්ලෝ කෙල්ලොත් එක්ක මේ වගේ ෆුන් ගන්නේ නැහැනේ… මේවා ඉතින් අතිජාති මිත්‍රයන් එක්ක තමා කරන්නේ.

මේ ඉන්නෙත් ගෙදර කවුරුවත් නැති දවසක සෙට් වූ සුපිරි යාළුවො ටිකක්. ලාවට වගේ මොනවදෝ කරලා ඉන්නේ කියල හිතෙන්නේ. එත් ඉතින් කාටවත් කරදරයක් නොවී මාරම ෆන් එකක් ගන්නවා. එක තැනක විතරක් පොඩි අසභ්‍ය වචනයක් තියෙනවා. වීඩියෝව බලද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න.
කොහොමවුනත් හැමදාම ප්‍රශ්නත් එක්ක ඉන්න අපේ කට්ටියට පොඩ්ඩක් හිනහවෙන්න තමයි මේක දැම්මේ. සමහර අයටනම් මේක බැලුවහම තරහ ගිහින් එක එක දේවල් කියයි. මොකද හැමෝම එක වගේ නැහැනේ… කොහොම හරි කමක් නැහැ බලල ඉන්නකෝ වීඩියෝව.

 

සමාජ ජාලවල මේ දිනවල ජනප්‍රිය මන්ත්‍රී පුතා ගැන ඇමති තාත්තා කතා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට මේ දිනවල සමාජ ජාල මාධ්‍ය ඔස්සේ එල්ල වෙමින් පවතින දැඩි විවේචනාත්මක ප්‍රතිචාර සම්බන්ධයෙන් අද (01) ඔහුගේ පියා වූ අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රතිචාර දැක්වුවා.

ඒ කැබිනට් මාධ්‍ය හමුවේදීයි. මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ “ඒක හොඳයිනේ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ කොහොමද. ඩොනල්ඩ් ට්‍රම්ප් පොසිටිව් කැම්පෙන් එකකින්ද?. නෑ.. ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවේ නෙගටිව් කැම්පේන් එකකින්. ප්ලෑන් එක තිබුනේ එහෙමනේ. ඒ මෝඩයා කරන.. කරලා.. .මෝඩයෝ කරන එක… ඒක ජනප්‍රිය කරනවානම් ඉතින් මොකද කරන්නේ.. ” යනුවෙනි.