බීල චොර වෙන් නැතිව මෙහෙම ආතල් එකක් ගන්නවානම් පට්ට නේද ?.- වීඩියෝ

කොල්ලොනේ….ගමෙනේ….බොනවනේ…….මේ වචන ටික සමාජ ජාල හරහා ප්‍රසිද්ධ වෙලා දැන් සාමාන්‍ය ව්‍යවහාරයටත් එකතු වෙලා. කොල්ලෝ බොන එක නවත්තන්න අපිට බැහැ. එක වෙනම කාරණයක්. එත් අපි දකිනවනේ බීල කරන දේවල්. මිනී මරා ගන්නවා. ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, සමාජ විරෝධී දේවල්. මේවානම් මහා “චොර වැඩ” මොකද බීල අනිත් යට කරදරයක් වන එක වාතයක්නේ….
එත් සමහරු බීවට පස්සේ කරන දේවලින් නොබී ඉන්න අයත් ගොඩක් සතුටු වෙනවා. මොහොතකට හරි කෙනෙකුගේ හිතට සතුට ගෙන එන්න පුලුවන්නම් එක ලොකු දෙයක්. ලංකාවේ කොල්ලෝ ටිකක් පොඩි “අඩියක්” ගහන ගමන් ලස්සන සින්දුවක් ගායනා කළා. ඇත්තටම මේ ගීතය අහද්දී හිතෙයි ඔවුන් මධුවිත පානය කලත් , මොන තරම් සංයමයෙන්, අලංකාරව ගායනය සහ වාදනය කරනවාද යන වග.

මෙන්න නියම මියුසික් වැඩකාරයෝ ටිකක්.

අපේ රටේ තරුණයන් ගැන විවේචන ගොඩක් එල්ල වනවා. තම තරුණ ජීවිතය කිසිඳු වැඩකට නැති දේ වලට, මත්පැනට, වෙනත් මත්ද්‍රව්‍ය වලට විනාසවන්නට හැර දමන විශාල පිරිසක් සිටීම එක හේතුවක්. ඊටත් වඩා තරුණ හිත්වලින් කලාව ඈත් වීම නිසා සංවේදී නැති මිනිසුන් බිහිවීම ගැනත් බොහෝ සේ කතා බහට ලක්වෙනවා.
ඇත්තටම ලංකාවේ තරුණයන් කලාවෙන් ඈත් වෙලා කිසි හරයක් නැති නිර්මාණ පසු පස හඹා යන තත්වයකට පත් වෙළද?, නැතිනම් ඔවුන්ගේ රසඥතාව හීන වෙලාද? කෙසේ නමුත් මේ අතර උසස් රසඥතාවක් ඇති, මනා හික්මීමක් ඇති, තරුණ තරුණියන් නැතුවාම නොවේ… ඊට කදිම උදාහරණයක් අන්තර්ජාලයෙන් හමුවුනා. මෙයාල මොන තරම් දක්ෂද කියල බලන්නකෝ පහත වීඩියෝවෙන්..
ඔයාලගේ හිතට වැදුනානම් මේක share කරලා තවත් යට ඔවුන්ගේ හැකියාව පෙන්වමු.

රුකාන්තගේ දියණිය “රයිනි” ගේ ගෙට හොරු පනියි. වටිනාම දෙයක් ගෙනියලා.

රයිනි කොහෙද මේ යන්න ලහිලහියේ ලෑස්ති වෙන්නේ?
අපේ ‘රූ සඳ රෑ’ සංගීත ප්‍රසංගය ජුනි මාසේ තියෙනවා. ඒකෙ වැඩවලට තමයි මේ එහාට මෙහාට යන්නේ. එකදිගටම රියසල් කටයුතුත් තිබුණා. ඒක නිසා මේ දවස්වල චුට්ටක් විතර වැඩ වැඩියි.

ඔස්ට්‍රේලියාවේ නේද ඔය ප්‍රසංගය පවත්වන්නේ?

ඔව්… ප්‍රසංගය ඔස්ට්‍රේලියාවෙයි නවසීලන්තයෙයි තමයි පවත්වන්නේ. මුලින්ම ජුනි මාසේ තුන්වැනිදා නවසීලන්තයේ ෂෝ එක තියෙනවා. ඊටපස්සේ ජුනි මාසේ දහවැනිදා ඉඳන් හැම සෙනසුරාදාවකම ‘රෑ සඳ රූ’ ෂෝ එක පවත්වන්න තමයි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ.

මෙල්බර්න්වල ෂෝ එකට අමතරව එදාම තව ෂෝ එකක් තියෙනවා කියලයි ආරංචිය..?

ඔව්… ඒක ඇත්ත. මෙල්බර්න්වල ජුනි මාසේ දහවැනිදා 6.30 ෂෝ එකට මාස දෙකකටත් කළින් ඉඳන් ෂෝ එකම බුක්වෙලා තිබිලා. ඒ නිසා ඒ ෂෝ එකේ සංවිධායකවරු තාත්තිගෙන් ඉල්ලීමක් කරලා එදාටම තව ෂෝ එකක් කරන්න කියලා. ඒ නිසා 6.30 ෂෝ එකට අමතරව අපි තව එදාටම 2.30 ෂෝ එකකුත් කරනවා.

තව කොහේද ‘රෑ සඳ රූ’ පවත්වන්නේ?

මෙල්බර්න්වලට අමතරව සිඩ්නි, පර්ස්, බිස්බර්ත්, ඇඩිලේන්ඩ් කියන නරගවලත් මේ ප්‍රසංගය පවත්වන්න සංවිධානය වෙලා තියෙනවා.

කවුද මේ ප්‍රසංගයට එකතු වෙන්නේ?

අම්මයි, තාත්තයි, මායි, නංගියි වගේම ආරාධිත ගායකයෙක් විදියට සනුක වික්‍රමසිංහත් මේකට සහභාගි වෙනවා. ප්‍රසංගයේ සංගීතය සපයන්නේ තාත්තිගේ ‘Roo and cro’ බෑන්ඩ් එකයි.

ඔය වැඩකටයුතුත් එක්ක පහුගිය කාලෙදි රයිනිගේ හිතට ලොකු දුකක් ඇතිවුණු සිදුවීමක් වුණා නේද?

ඔය කියන්නේ අපේ ගෙදරට හොරු පැනපු සිදුවීම නේද..?

ඔව්… කවදද හරියටම ඔය සිදුවීම සිද්ධවුණේ?

පසුගියදාක තමයි ඒ සිදුවීම සිද්ධවු‍ණේ. ඒකනම් හිතාගන්නවත් බැරි සිද්ධියක්. එදා අපි ගෙදර හිටියේ නෑ. උදේ වරුවේ ගෙදර ඉඳලා අපි දෙන්නා පොඩි වැඩකට එළියට ගියා. ඒ ගියපු වෙලාවේ තමයි ගෙදරට හොරු පැනලා තියෙන්නේ. කොහොමහරි අපි ගෙදරට එන්න විනාඩි විසිපහකට තිහකට කළින් තමයි හොරු ගෙදරින් ගිහිල්ලත් තියෙන්නේ.

මොනවද ගෙනිහින් තියෙන්නේ?

මුළු ගෙදරම එදා කනපිට පෙරළලා තිබුණා. අපි දෙන්නා ගෙදරට ඇවිත් දොර අරිද්දි හිතාගන්නවත් බැරිවුණා. මුළු ගේම ඇදලා තිබුණා. අල්මාරියේ හැමදේම බිමට දාලා තිබුණා. ඒ අතරින් මගේ වෙඩින් රින් එකයි, අපි පිටරට ගිහින් ඇවිත් මාරු නොකරපු ඔස්ට්‍රේලියානු ඩොලර් වගේකුයි අල්මාරියේ තිබුණා. ඒ දේවල් හැමදෙයක්ම අරගෙන ගිහින් තිබුණා.

කොච්චරක් විතර මුදලක් එතන තිබුණද..?

ම්… අපි ටුවර් ගියාට පස්සේ සල්ලි මාරුකරනවනේ. ඉතින් ඒ ඉතිරි වන සල්ලි අපි ලියුම් කවරවල දාලා අල්මාරියේ දාලා තියාගන්නවා. ඒ ලියුම් කවර තමයි අරන් ගිහින් තිබුණේ. ගාණ නම් හරියට මතක නෑ….

එතකොට ඔයාගේ මඟුල් මුද්ද ආයෙත් ලැබුණා නේද?

ඔව්.. අපි මේ සිදුවීම දැනගත්තු ගමන් පොලීසියට දැනුම් දුන්නා. ඒ වෙලාවෙම ඇවිත් ඇඟිලි සලකුණු ගත්තා. කොහොම හරි ඒ ඇඟිලි සලකුණු මීට කලින් චෝදනා ලැබ මංකොල්ලකෑම්වලට හසුවුණ කෙනකුගේ ඇඟිලි සලකුණුවලට සමාන වුණා. අන්තිමේදි ඔහු පිළිගත්තා අපේ ගෙදරට ආවේ ඔහු කියලා.

කොහොමෙන් කොහොම හරි රයිනිගේ මඟුල් මුද්ද ලැබුණා?

අම්මෝ… ඔව්… අපි වටිනා බඩු අපේ ගෙදර තියාගන්නේ නෑ. අනික මම රත්රන් බඩුවලට කොහොමටවත් කැමති නෑ. ඒ නිසා මම ආසාවෙන් කියලා ළඟ තියාගත්තේ ඔය මගේ මඟුල් මුද්ද විතරයි. ඒකත් හොරු ගත්තා. අන්තිමේදි ඒ මනුස්සයා ඒක හොරකම් කරලා. ඒ ටිකට විකුණලත් එක්ක. කොහොම හරි ඒ තැනින් පොලීසියේ මාර්ගයෙන් ආයෙ මට අරගෙන දුන්නා.

දවස් කීයකින් මේ හොරු ඇල්ලුවද?

කොහොම හරි ඉතා ඉක්මනින් අපිට අපේ බඩු අරගෙන දුන්නා. සල්ලිනම් හම්බුණේ නෑ. හැබැයි එදා හොරු ඇවිත් කියලා දැකපු වෙලාවේ ගේ ඇතුළ දැකපු වෙලාවේ ඇතිවෙච්ච තිගැස්මනම් දවස් ගාණක් හිතේ තිබුණා. ආයේ තිබුණ තත්ත්වයට ගේ අස්පස් කරන්න වෙනමම දවස් දෙකක් විතර ගියා.

උපුටා ගැනීම.:  සාරවිට.

රහල් අල්විස් ගේ තරහ යාම, ගංවතුර සහ චාමර ,කපුගේ එක්ක ජෝතිපාල.

ලංකාවේ මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මිනිස් ජීවිත සියයකට වඩා අහිමිව ගොස් අවසානය. තවමත් අතුරුදහන් වූ පිරිස ගැන නියමිත දත්තයන් පවා සොයා ගැනීමට නොහැකිව ඇත. අවතැන් වූ ජනතාව ලක්ෂ ගණනකි. ජීවිත කාලය පුරා හරි හම්බකරගත් සියලු දේපොළ , නිවාස සම්පුර්ණයෙන්ම විනාශව ගොස් ඇඳිවත පමණක් ඉතිරිව, තවමත් දින ගණනක් වතුර පොදක්වත් නැතිව ගංවතුරට කොටු වූ පිරිසද අපමණය..
විදේශ රටවලින් සහනාධාර ගෙන එන තත්වයට රට පත්ව තිබේ. ලංකාවේ ගම්බිම් වල සියලු ලොකු, කුඩා ,පිරිමි, කාන්තා සියලුදෙනා මේ වනවිට අසරණ වූ අපේම ජනතාවට සරණක් වන්නට තමන්ට හැකි අයුරින් ආධාර, උපකාර ලබා දෙමින් සිටී.
රටේ දේශ පාලඥයන් තම වැඩ කොටස නිසියාකාරව ඉටුකරනවාද යන්න ගැටලුවකි. ඒ ගැන වැඩි විස්තර අනවශ්‍යය. ඒ ගැන කතා කිරීමත් වැඩකට ඇති දෙයක් නොවේ. මන්ද දේශ පානඥයන් කවදත් කල ටික මේ වනවිටත්, ඉදිරියටත් එලෙසම කරනවා ඇති..


කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය ආයතන විසින් මේ වනවිට සැලකිය යුතු දායකත්වයක් මෙම උවදුරින් අවතැන් ජනතාව වෙත සිදුකරමින් සිටියි. ඔවුන් අවතැන් ජනතාව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කවදත් සිදු කළා. එය තමන්ගේ ප්‍රචාරක වැඩසටහනේම එක කොටසක් බව ඇතැමෙකුගේ මතයයි. කොහොම වුනත් ඒ ගැන වැඩි දුරට කතාකිරීම මේ අවස්ථාවේ නුසුදුසුය. මන්ද අවතැන් ජනතාවට මේ මොහොතේ ඇති අවශ්‍යතා ඔවුන් සපුරන එකම මහත් අස්වැසිල්ලක් වන නිසාය.
එමෙන්ම ප්‍රසිද්ධිය අපේක්ෂා නොකරන , එහෙත් සමාජයේ සිදුවීම් ගැන අනිත් මිනිසුන්ට වඩා සංවේදී කොටසක් තම කාර්යභාරය මේ වනවිට උපරිම දායකත්වයෙන් සිදු කරමින් සිටින තවත් පිරිසකි.ඒ කළා කරුවන්ය. කළා කරුවන් යනු , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සංවේදී මිනිසුන්ය”. ශිල්පීන් කොතෙක් සිටියත්, කළා කරුවන් අල්ප රටක් බවට ලංකාව පත්ව ඇත.

රහල් අල්විස්

මාධ්‍ය මගින් පුම්බවා, මුදල් මගින් තල්ලුව දී “තරු” බවට පත් කල සමහර අමනයන් යලි තම මාධ්‍යවල වෙළඳාම ඉහල නංවා ගැනීමට යොදා ගැනීම නුතනයේ ප්‍රධාන තුරුම්පුව බවට පත් කර ගැනීමට සමහර මාධ්‍යජාල කටයුතු කරමින් සිටී. අනෙක් අතට දක්ෂ, සංවේදී , සැබෑ කළා කරුවන් තම ආත්මගෞරවය “විකිණීමට” සුදානම් නැති නිසාම මෙවැනි “හාල් කෑලි ” ෆෝම් වෙන එක කෙසේනම් නවතාගන්නද? මාධ්‍ය ඉදිරියේ පොරවල්ල වෙන්න හදන මෙවැනි අනුවන, පියරු බබාලාගේ සැබෑ තත්වය හෙලිවන්නේද මාධ්‍ය හරහාම වීම පට්ටම ආතල් එකයි.
රහල් අල්විස්ට උනෙත් ඔයදේම නොවේද?…තමා යැපෙන්නේ මේ රටේ මිනිසුන් මතය කියන කාරණය අමතක කර , ප්‍රසිද්ධ මාධ්‍ය හරහා තමාගේ ප්‍රේක්ෂකයාට චන්ඩි පාට දමන මෙවැනි පුද්ගලයන් කළා කරුවන් ලෙස හැඳින්විය හැකිද? මේ සා විශාල ව්‍යවසනයකදී ඒ ගැන සංවේදී නැති මෙවැනි පුද්ගලයන් කළා කරුවන් ලෙස හඳුන්වන කොටසක් තවත් ලංකාවේ සිටිනවානම් ඒ ඔවුන්ගේ මානසික තත්වයයි. කාන්තා අයිතිවාසිකම්, කාන්තා ගරුත්වය ගැන කතා කරන අපේ මාධ්‍ය මගිම , සජීවී වැඩසටහනකට කතා කල තරුණියකට චණ්ඩිපාට් දාන රහල්ලා ගැන අප තේරුම් ගත යුත්තේ , ඔවුන් මාධ්‍ය විසින්ම පුම්බා සිංහ වෙස්මුහුණු පලන්දන ලද “නරි” ලෙසය. මන්ද නරියාට සිංහයෙකුගේ “මේකප්” දැම්මට, වූ කට අරින සැනින් පිට වන්නේ “හූ” හඬය . අද රටේ සිංහයන් සහ නරීන් වෙන්කර හඳුනා ගැනීමට නොහැකි තත්වයක් හට ගෙන තිබේ…
කෙසේ වෙතත් තරුණ කළා ශිල්පීන් මේ වන විට තම සක්‍රීය දායකත්වය ලබා දෙමින් ගන වතුර උවදුරෙන් මිරිකෙන ජනතාවට සහන සලසමින් සිටින බව මතක් කල යුතුය. එක උදාහරණයක් ලෙස චාමර වීරසිංහ හඳුන්වා දිය හැකිය. මේ වන විට තම ගම්ප්‍රදේශයේ තරුණයන්ට නායකත්වය ලබා දෙමින් දිවා රෑ වෙහෙසෙමින් දකුණු පලාතට පමණක් සීමා නොවී රත්නපුර දිස්ත්‍රික්කයට පවා අවශ්‍ය අහාර, උපකරණ ලබා දීමට ඔහු මැදිහත් වී සිටී.
එමෙන්ම ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු සැපයීමට ද ඔවුන් කටයුතු කරමින් සිටී.ඒ ඒ ගැන වාර්තා කරන මාධ්‍යක් සොයා ගැනීමත් අපහසුය.

මේ වෙලාවේ සැබෑ කළා කරුවෙකු කියන්නේ කව්ද කියල කියන්න පොඩි දෙයක් ලියා අවසන් කිරීම සුදුසුයි කියල හිතනවා.
ඔබට මතකද “ගුණදාස කපුගේ” කළා කරුවා. තමන් උපයන මුදල් වලින් දුප්පත් මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා දමා , නවක ගායක ශිල්පීන් ඇත දුෂ්කර ගම්මාන වලින් එලියට ගෙන ලංකාවට හඳුන්වා දී ඉතා සරල ජීවිතයක් ගත කර, දේශපාලඥයන්ට හෝ මාධ්‍ය ආයතන වලට කඩේ නොයා දුක දැක්ක විට මගහැර නොගිය විශිෂ්ඨය්කි.
ලංකාවේ මෙතෙක් කිසිවෙකුට ලඟාවිය නොහැකි අසමසම ගායක “ජෝති” කියන්නෙත් නියම කළා කරුවෙකි. ගිය තැන සාමාන්‍ය මිනිසුන් සමග කාලය ගත කල, තම ඇඳිවත් පවා විටෙක සාමාන්‍ය මිනිසෙකුට පරිත්‍යාග කල, මුදල් ඉතිරි නොකර ලක්ෂ සන්ක්යාත මිනිසුන්ගේ දෙනෙතේ කඳුළු පමණක් ඉතිරිකර ඔහු සමු ගත්තා.එහෙත් ඔවුන්ගේ මතකය තවත් පරම්පරා ගණනක් පවතිනු ඇති. ඒ අන් කිසිවක් නිසා නොව, ඔවුන් මිනිසුන්ට ආදරය කල සැබෑ ම කළා කරුවන් බැවිනි.
රහල් අලිවිස්… ඔබ දැන් කොතෙක් හඬා වැටුනත් පලක් නැත. මන්ද වෙස්මුහුණු ගැලවී සැබෑ මුහුණ හෙළිවේ අවසානය. ඔබ තුලින් කරලියට අවේ වෙන යමක් නොව, කළා කරුවෙකු වීමට සියලු දෙනාට නොහැකිය. ඒ සඳහා සංව්දී හදවතක් ඇත්තෙකු විය යුතුය. එය බලෙන් හෝ ආයාසයෙන් කල නොහැක්කකි. ජන්මයෙන්ම ගෙන ආයුතුය. එය ඔබට පමණක් නොව, සියලු “ශිල්පීන්ට” පොදු කාරණයකි. ශිල්පීන් කන බත් කට ඔවුන්ට ගෙන දෙන්නේ සාමාන්‍ය ජනතාව, නැතිනම් රසිකයන් විසින් බව මතක තිය ගන්න…මොකද ඔබට එය අමතක වූ හැටි මුළු රටම දැක අවසන්ය.

වස්සාන – ලංකා රහස්.

කතාබහට ලක් වූ ‘වස්සානේ හීනේ’ ගායන ජනෙන්ද්‍ර

ගායන ක්ෂේත්‍රයට නවකයෙකු වන ජනෙන්ද්‍ර පෙරේරාගේ අලුත්ම ගීතය වන ‘වස්සානේ හීනේ’ හා එහි රූප රචනාව මේ වනවිට බොහෝ පිරිසකගේ කතාබහට ලක්ව තිබේ. ඉරාජ් ප්‍රඩක්ෂන් ආයතනය හරහා නිර්මාණය වූ මෙම රූප රචනාව මෑත කාලයේ නිර්මාණය වූ වෙනස්ම තාලේ රූප රචනාවක්ද වෙයි. අලුත්ම ගීතය හා ඉදිරි කලා කටයුතු පිළිබඳ ජනෙන්ද්‍ර අප සමගින් මෙසේ අදහස් දැක්විය.

අලුත් ගීතය ගැන කියමු?

‘වස්සානේ හීනේ’ මගේ තුන්වැනි ගීතය හා පළමු ගීත රූප රචනාව. මේ ගීතය ලිව්වෙ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. සංගීතවත් කළේ චමත් සංගීත්. ඔවුන් දෙදෙනා නිසා තමයි මට ඉරාජ්ව මුණගැහුණේ. ඔහුගේ ප්‍රඩක්ෂන් ආයතනය හරහා තමයි මෙහි රූප රචනාව නිර්මාණය වුණේ.

ඉරාජ්ව ඔබ තෝර ගත්තේ ඇයි?

ඉරාජ් කියන්නේ මෑත කාලයේ ලංකාවෙ සංගීත ක්ෂේත්‍රය තුළ වෙනසක් කරපු කෙනෙක්. ඉතින් මම හිතුවා මගේ ගීතයටත් එවැනි වෙනසක් ඔහු කරයි කියලා. ඒ නිසා තමයි ඉරාජ් එක්ක මම වැඩ කරන්න උනන්දු වුණේ.

ඉරාජ් ඔබට අදහස දුන්නාද රූප රචනාව මෙහෙම වෙනවා කියලා?

නැහැ. ඉරාජ් මගෙන් සල්ලි දීලා ගීතය ගත්තා. ඊට පස්සෙ මට තිබුණෙ එහි රූප රචනාවට පෙනී ඉන්න විතරයි. අනික රූප රචනාව පිළිබඳව කිසිම අයිඩියා එකක් මට ඔහු දීලා තිබුණෙ නැහැ. ඒක ඔහුගෙම නිර්මාණයක්.

ඒ නිර්මාණය හරහා ඔබ තරුවක් වුණා කිව්වොත්?

මමත් එහෙම හිතනවා. මොකද, මම කලින් ගීත කරලා තිබුණා. නමුත්, කිසිම කෙනෙක් මාව ලොකුවට දැනගෙන තිබුණෙ නැහැ. නමුත්, ‘වස්සානේ හීනේ’ හා එහි රූප රචනාව හරහා ජනෙන්ද්‍ර කියන ගායකයාව අඳුන ගත්තා. ඒ වගේම ඒ හරහා මට වටිනාකමක් ලැබුණා.

මේ ගීතයත්, එහි රූප රචනාවත් අද රැල්ලට නිර්මාණය වුණ එකක්ද?

ඔව්, නමුත් මෙහි වෙනසක් තියෙනවා. මොකද, අද රැල්ලට නිර්මාණය වන රූප රචනා බැලුවොත් ගොඩක්ම වෙලාවට පෙම්වතිය හෝ පෙම්වතා දිවිනසා ගන්නවා. ඒත්, මගේ ගීතයට යොදාගත් රූප රචානව හරහා නූතන සමාජයට පණිවිඩියක් දීලා තියෙනවා. මෙහි තියෙන්නේ ආදරයෙන් පැරදුණ ඔහු බුද්ධ ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමයි.

මේ ගීතයෙන් පස්සේ?

තවත් අලුත් වැඩක් මේ දිනවල කරගෙන යනවා. මේ ගීතයත් ඉරාජ්ගෙම නිර්මාණයක්. ඒ ගීතය ඉතා ඉක්මනින්ම මගේ ආදරණීය රසික, රසිකාවියන්ට අහන්නටත්, දකින්නටත් ලැබේවි.

පුංචි කාලේ තිබුණ හීනේ දැන් සඵල වුණාද?

පුංචි කාලේ ඉඳලා මගේ හිතේ තිබුණ බලාපොරොත්තුවක් තමයි ගායකයෙක් වෙන එක. දැන් ඒ හීනේ සඵල වෙලා තියෙනවා. මිළඟට මගේ ලොකුම ඉලක්කය වෙලා තියෙන්නේ ජනප්‍රිය හා දක්ෂ ගායකයෙක් වෙනවා කියන හීනේ. දැනට ඒ ඉලක්කයත් යම්තාක් දුරට ඉෂ්ට වෙලා තියෙනවා කියලා හිතෙනවා.
ඔබට උදව් කළ පිරිසකුත් ඇති?

ඔව්, තාත්තා තමයි මගේ සෙවණැල්ල වගේ මට උදව් කළේ. ඒ වගේම මගේ පවුලේ අය. ‘වස්සානේ හීනේ’ ලියපු සම්පත් ප්‍රනාන්දුපුල්ලේ වගේම සංගීතවත් කළ චමත් සංගීත්, ඉරාජ් අයියා හා මේ ගීතයේ රැප් ගායනයෙන් සහය වෙන කයිසර් කයිස්වත් මේ වෙලාවේදී මතක් කරනවා. අමේෂ් කොස්තා ඇතුළු මගේ මිතුරන් පිරිසත් මේ වෙලාවේදී කෘතවේදීව මතක් කර සිටිනවා.

බුද්ධික සේනාධීර
උපුටා ගැනීම:සාරවිට.

මධු මාධව දෙරණ ස්ටාර් සිටි තරඟයෙන් පැරදුනු රන්ජන්ට තැබූ අපුරු සටහන..

ඊයේ රාත්‍රියේ.. පැවැත්වුනු දෙරණ ස්ටාර් සිටි අවසන් තරඟයෙන් ගීතා කුමාරසිංහගේ කණඩායම ජය ලැබූ අතර රන්ජන් රාමනායක අප මිත්‍රයාගේ කණ්ඩායමට හිමිවුයේ පරාජයයි..
මේ තරඟයෙන් පසු, කලකට පෙර රන්ජන්ගේ කිට්ටු මිතුරකුව සිටි මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුනා.. මේ එම සටහනයි..

ගීතා ඔබ නවතින්න,
රන්ජන්ව එවන්න…..
රන්ජන් රාමනායක
නම් වූ ඔබට
මා ලියන අවසන් ලියුම…………………
එදා අපි සහෝදරයෝ…
මිතුරෝ…. ඒ මොකක් වත් නැති උනත්…..
අපි හතුරෝ නෙවෙයි…..
මේ ලිපිය ලියන්නේ ඔබෙන් උත්තර බලා ගෙන නෙවෙයි…. නමුත් ඔබ මෙය කියවාවි….
අපි එකට මිතුරන් සේ තියෙන විදිහට සීමිත සහ අසීමිතව සිනා සෙමින් ජීවිතය හොයපු යුගයක…. මා දුටු සුන්දරම මිනිසෙක් ඔබ.
ඒ ගැන විවාදයක් නෑ….ඒත් මෙය කියන්නම වෙනවා…..
ඔබ පැරදුනේ නෑ… ඊයේ ඔබම ඔබව පැරැද්දුවා. දෙරන එය කල විදිහ…. කෙටි පනිවිඩ එන තැනට ගිය බැවින් මම දුටුවා..
ඔවුන් එය ඉතාම විනිවිදව සාදාරනව එය කලා.
ඇතුල් වෙද්දි රතු පලසෙදි මාදව මල්ලී ඇහුවා…මදු අයියේ, මොකක්ද ඔබේ අදහස කියලා…..
මම කිව්වා මාගේ සුන්දර සහෝදරිය ගීතා ජයගත යුතුයි… මගේ සුන්දර සහෝදරයා රන්ජන් පරාජය විය යුතුයි කියලා…
මම කිව්ව නිසා නෙවෙයි…ඔබ පැරදුනේ….
ගීතාගේ පිල දක්ශ නිසා පමනක් නෙවෙයි ඔබ පැරදුනේ…. ඔබ සහ ඔබේ දක්ශ පිලත් ඔබත් නෙවෙයි ඔබව පැරද්දුවෙ….
ඔබව පැරද්දුවෙ ඔබෙ කට…..
ඇත්ත කතා කරන්න ආස මට පාඩු උනත් මන් ඇත්ත කියනවා….
ගීතා කුමාරසිංහ යනු ආදරනීය සහෝදරියක්, රන්ගන ශිල්පීනියක් …රට බේරාගත් නායකයා වෙනුවෙන් පෙනී සිටිය මවක්…
හැබැයි… හැමෝම ඇගේ මූනට නොකියන කතාව මට පාඩු උනත් මම කියනවා…
පබා වගේම…
අනර්කලී වගේම…
මාලනී අක්කා වගේම…..
ගීතා කුමාරසිංහ අක්කා මට දේශපාලන චරිතයක් නෙවෙයි… මම කැමති නෑ ඇය දේශපාලනය කරනවට.මහින්ද මහත්තයට කැමති හැමෝම මට දෙශපාලකයන් නෙවේ.
ඇයට ඊයේ …ඇගේ නගරයේ තෑගි ලැබුනා.
ඔබෙත් නගරය…තම කලාව…
ඔබ පමා උනා වැඩියි… මහින්ද මහත්තයාව දේශපාලනිකව විවේචනය කරන්න ඔබට අයිතියි… ඒත් මදක් හිතන්න…..
ඔබ කියපු සමහර කතා…. හරි මදි…
ඔබ රන් සමනලයෙක් ….ඔබ පට්ට පිරිමියෙක්.
ඔබ බාග පිරිමියෙක් නෙවෙයි මම දන්න තරමින්.
දේශපාලුව න් කල නොයුතු …තක්කඩි කතා ඔබෙන් මිනිසුන් බලා පොරොත්තු උනේ නෑ….
ඔබ එහෙම නොකලත් ඔබට මිනිස්සු ආදරේ කලා…..
ප්‍රියමනාප රන්සමනලයෝ,
ඔබ මහින්ද මහත්තයගේ….ගම්මන් පිල මහත්තයාගේ ශරීර කොටස් ගැන කියපු කතා ඔබට ගැලපෙන් නෑ… ඔබ එහෙම ප්‍රබාකරන් කියන සක්කිලියට, සිවාජිලින්ගම් කියන නපුන්සක බල්ලට කීවනම්…. ඔබ එක්ක පක්ශ විපක්ශ හැමෝම ඉදියි…
මදක් නවතින්න….
කවුරු හරි අහයි ඇයි මේක බුකියේ ලියන්නේ කියල..අපි දෙන්න ආයේ කතා කරන එකක් නෑ.
එක උත්සවයකදි අපි ඒක ගිවිස ගත්තා…
මම ගිවිසුම් කඩන් නෑ…ඔබට කඩන්න දෙන්නෙත් නෑ.
ඒත් ඔබ කරන සමහර සටන් වලට මම ප්‍රියයි.
මම ඇත්තක් කියන්නේ….
මහින්ද මහත්තයගෙනුයි,ගම්මන් පිල මහත්තය ගෙනුයි මම ඇහුවා ඔබ එක්ක තරහද කියලා..ඔවුන් දෙදෙනාම හිනා උනා…
“රන්ජන් ඔය එක එක දේ කිව්වට හිතේ නෑ කිව්වා… “ඔවුන් පියවරු…. ඔබ පිරිමියෙක්…
ඒ නිසායි මෙය කියන්නේ…
ගීතා ට කලාවෙ නගරය බාර දීලා…. එන්න රන් සමනලයෝ….
කතා කරමු ලෝකේ ගැන…
මාර්ටින්ග් ලූතර් ගැන..ඕශෝගැන…
මවොසේතුන් ගැන… චේ ගැන….
ඔවුන්ගේ වෘශන කෝශ ගැන කතා කරන්න
නපුන්සකයන් ට දෙමු… දරුවො ඉන්න ඕනේ නෑ පිරිමියෙක් වෙන්න… දරුවො ඉන්න ඕනේ නෑ තාත්තෙක් ගේ ආඩම්බරය රකින්න…
ඔබ පිරිමියෙක් නිසයි මේ කියන්නේ.
ඔබට හෙට අනතුරක් කලොත්…මම එනවා ලෝකේ කොහේ හිටියත් මට පුලුවන් වේගෙන්…ඔබ දන්නව මහින්ද මහත්තයත් කඩා ගෙන එයි ..
ඒ නිසා ඉතිහාසයේදී මිතුරන් ලෙස…අයියෙක් ලෙස ,මිනිස්සුන්ට ආදරේ කරන්න…ගෑනුන්ට ගරුකරන්න කියා දුන් ඔබ….
ඔය යන පාර වෙනස් කරන්න…
නැත්තම් ඔබට ගැලරියේ විසිල් පාර ඇසෙයි…
ඔබ දියවෙනන පටන් ගත් බව ඔබට ඇසෙන එකක් නෑ..තවමත් පමා නෑ….
පාලම යටදී පැරදුනේ one short නෙවෙයි…
ඔබේ වචනයෙන්ම කියනවා නම්.
ඔබේ තිරින්ග නැති කට..ඔබ වටේ ඉදන් ඔබ හරි කියනකොට හරි කියන පිරිස…
ඔබට වරදිනදා…. sorry කියා ඔබ හැර යයි..
මහින්ද මහත්තයටත් එහෙම උනා…
සිරිසේන මහතාටත් හෙට එහෙම වෙනවා…
ඊයේ ඔබ පරදින්න පැතූ මම…
හෙට ඔබ දිනනවා දකින්න ආසයි..
විජය කුමාරතුන්ගයන් මෙන්…තාර්කිකව කතා කරන්න… දෙශපාලන විවේචන ඔබේ තුවක්කුවෙ උන්ඩ කර ගන්න…..
නැත්තම් පාලම උඩදී ත් ඔබ පරදියි.
සුන්දර ගීතා අක්කේ… ඔබ නවතින්න කලාවේ… දේශපාලනය ඔබේ නගරය නොවේ..
තරහ වෙන්න එපා මහින්ද පිලේ නම් මෙය කියවන ඔබ… ඒ මට දැනෙන ඇත්ත.සමහර විට මම වැරදි ඇති…එත් මට මම හරි.
රන්ජන් ඔබ හැරෙන්න…
ඔබේ පක්ශයේ ඉන්න….
යකඩ පිහාටු වලින් පියාබන්න රන්සමනලයෝ..
නැත්තම් දන්නෙම නැතිව ඔබ
සමනලයෙක් නෙවෙයි…
දලබුවෙක් වෙයි….
-මදු මාදව අරවින්ද-

මිනිස් කටහඬින් ඉහලම ස්වර ගායනා කර ගිනස් වාර්තාවක් තබයි.

ලොවම විශ්මයට පත්කරමින් මොහු කල මේ දේ සංගීතයට ආදරේ හැම කෙනෙකුම අනිවාර්යෙන් නැරඹිය යුතුය. මිනිස් කට හඬකට මෙතරම් ඉහල ස්වර ගායනා කල හැකිද යන්න සිතා ගැනීමටවත් බැරිය. නමුත් මෙය නරඹන විට ඒ විශ්මිත වැඩේ කල මිනිසා ගැන පුදුම වනු ඇත. ඔහු නමින් “ඇඩම් ලෝපේස්” ය. ඔහුගේ ගායනය ඉදිරිපත් කලේ ගිනස් නිරීක්ෂකයන් ඉදිරියේදීය. මෙහිදී සංගීතය පිලිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයන්ද සහබාගී වී සිටීම විශේෂය.
පහතින් එම වීඩියෝව නරඹන්න.. ඔබත් එයින් විශ්මයට පත්වුනානම් යහළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

 

රන්ජන් පරදා ‘දෙරණ ස්ටාර් සිටි’ කිරුළ ගීතා දිනාගනී

දෙරණ ස්ටාර් සිටි අවසන් මහා තරඟයේ දී ගීතා කුමාරසිංහ ගේ කණ්ඩායම විසින් රන්ජන් රාමනායකගේ කණ්ඩායම පරාජය කරන ලදී. විශාල ප්‍රේක්ෂක සහබාගීත්වයෙන් පවතී මෙම තරඟයේ විශේෂ අවස්ථාවල චායාරුප සියල්ල පහතින් දැකගත හැකිය.

චන්ද්‍රලේඛා ගේ පළමු විවාහයේ දියණිය රූ කාන්තගේ පවුල් ජීවිතය ගැන රහසක් හෙළි කරයි.

ඇගේ කටහඬ ඇසෙන විට මට සිතුණේ ගායිකා චන්ද්‍ර‍ලේඛා පෙරේරා මා සමග කතා කරන බවකි. ඒ බව මම ඇයට පැවැසුවෙමි. ඇය සිනහසුණාය. ඒ චන්ද්‍ර‍ලේඛාගේ සිනහවයි. මවකගේ හඬ සහ සිනහව ඒ ආකාරයටම දියණියන්ට පිහිටීම ඒ හැටිම අරුමයක් නොවුණත් වසර ගණනාවකට පසු චන්ද්‍ර‍ලේඛාගේ ඒ හඬම සැතපුම් දහසකට වඩා ඈතක සිට මට ශ්‍රවණය කරන්නට ලැබිම මා තුළ විශ්මයක් පමණක් නොව, සතුටක්ද ඉපදීමට සමත් විය. ‘රිද්ම’ පාඨකයන් වෙනුවෙන් මම චන්ද්‍ර‍ලේඛා පෙරේරාගේ වැඩිමහල් දියණිය වන ශ්‍යාමි නදීෂා සමග සම්මුඛ සාකච්ඡාවකට පිවිසියේ මතෛක් කාලයක් අසන්නට සිහියේ තබාගෙන සිටි ප්‍රශ්න ගණනාවක් සමගින්ය. “ඉතා සංවේදී සහ වැදගත් සාකච්ඡාවක්… පරිස්සමින් ලියන්න” සාකච්ඡාවට මුලපුරමින් ශ්‍යාම් නදීෂා මගෙන් කාරුණික ඉල්ලීමක් කළාය.

ඔබ විවාහකයි ඔබගේ පවු‍ලේ තොරතුරු මොනවාද?
මමයි, මගේ සැමියා සුසන්ත කුමාරගේ සහ දරුවන් තුන්දෙනයි පදිංචිවෙලා ඉන්නේ මෙල්බන්වල. ලොකු දුව කවී‍ලේඛා කුමාරගේ. එයාට වයස අවුරුදු දහයයි. දෙවැනියා ෂෙනුලි කුමාරගේ. වයස අවුරුදු පහයි. තුන්වැනියා සෙත් කුමාරගේ. පුතාට වයස මාස තුනයි.

ඔබයි සුසන්තයි කොච්චර කල්ද මෙල්බන්වලට ඇවිත්?
අවුරුදු නවයක් විතර වෙනවා.

සුසන්ත ‘සීදූව සකුරා’ සංගීත කණ්ඩායමේ රිදම් ගිටාරිස් හැටියටයි වැඩ කළේ. ඒ කා‍ලේ සුනාමිය ආවා. රටේ යුද කලබලයත් දරුණුවට තිබුණා. රටේ තිබුණ පීඩනය නිසා සංගීත කණ්ඩායම්වලට වැඩ තිබුණේ නෑ. ඒ නිසා ජීවත් වීමත් ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. අපි කොහේ හරි රටකට යන්න තීරණය කළේ ඔය හේතුව නිසයි. ඒ කා‍ලේ ලොකු දුව විතරයි හිටියේ. ඊට පස්සේ අපි මෙල්බන්වලට එන්න වීසා ඉල්ලුවා. වීසා අපිට ඉක්මනින්ම ලැබුණා. ආවේ ටික කාලයක් ඉඳලා ආපසු යන බලා‍පොරොත්තුවෙන්. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට ආපසු යන බලා‍පොරොත්තු ටිකෙන් ටික අපගෙන් ඈත් වුණා. ඊට පස්සේ ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයත් අපි ලබා ගත්තා.

ලබන මාසේ ඔබේ අම්මා (චන්ද්‍ර‍ලේඛා පෙරේරා) මෙල්බන් එනවා කියලා ආරංචියි?
ඔව්, ජූනි 10 වැනිදා මෙල්බන්වල ‘රූසඳ රෑ’ ෂෝ එකට කට්ටියම එනවා.

අම්මා මෙල්බන් ආවම ශ්‍යාමිට මුණගැහෙනවද?
අම්මි, අන්කල්, නංගිලා අපේ ගෙදරනේ ඉන්නේ මෙල්බන් ආවම.
සමහරු හිතාගෙන ඉන්නේ අපි තරහයි, කතා කරන්නේවත් නැහැ කියලයි. එහෙම දෙයක් වෙලා නැහැ. ඒ කා‍ලේ ඉඳලම අම්මි මට ෆෝන් එකෙන් හරි කතා කළා. අපි පිටරටකට ආවට පස්සේ සම්බන්ධකම් තවත් වැඩිවුණා. අම්මි ඇමෙරිකා ඉන්න කොටත් මට කතා කළා. අපි ලංකාවට ගියාම අම්මියි අන්කලුයි (රූකාන්ත ගුණතිලක) දෙන්නම ආවා අපිව බලන්න. අවුරුදු දෙකකට වරක් අම්මිගෙයි රූකාන්ත අන්කල්ගෙයි ෂෝ එකක් මෙල්බන්වල නොවරදවා තිබෙනවා. ඒ ආවාම මාත් එක්ක තමයි ඉන්නේ. නමුත් සමහරු හිතාගෙන ඉන්නේ අපි කතා කරන්නෙවත් නැහැ කියලා.

ඒක ඇත්ත, රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔබ කියන මේ කතාව
ඒ නිසාම තමයි පසුගිය වසරේ මැයි මාසයේ මම ලංකාවට ගිය අවස්ථාවේ මට ආරාධනා කළ රූපවාහිනී සාකච්ඡාවට නංගිවත් (රූකාන්ත සහ චන්ද්‍ර‍ලේඛාගේ දියණිය) සහභාගි කරවා ගත්තේ. මට පෙන්වන්න ඕනෑවුණා අපි පවු‍ලේ කට්ටිය තරහක් නැහැ. අපි එකට ඉන්නේ කියලා. මගේ සිංදුවක් හරි, නංගිලාගේ පින්තූරයක් හරි පත්තරේක ගියොත් සමහරු බැනලා ‘කමෙන්ට්’ කරන්න පටන්ගන්නවා. නංගිලාට බනිනවා. නැත්නම් අම්මිට බනිනවා. එතකොට මගේ හිතට දුකයි. මම ඔය ෆේස්බුක්වල නැහැ. නමුත් මගේ හස්බන්ඩ්ගේ ෆේස්බුක් එක හරහා එන සමහර ‘කමෙන්ට්’ දැක්කම මට ‘කමෙන්ට්’ එකක් දාන්නවත් බැහැ. මම, අම්මි, අන්කල් සහ නංගිලා අපි ඔක්කොම දුක්වෙනවා. අපි පවුලක් විදිහට ගත කරන සාමකාමී ජීවිතය ගැන බොහෝ දෙනා ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. සමහර අවස්ථාවලදී හස්බන්ඩ්ගේ ෆේස්බුක් එකේ මම දානවා ‘නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ’ කියලා මගේ නමින්. නමුත් රටේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපේ පවු‍ලේ එදා තිබූ ලොකු ප්‍රශ්න තවමත් තිබෙනවා කියලා.

රූකාන්ත අන්කල් සහ ඔයාගේ අම්මිගේ දියණිවරුන් සමග ඔබගේ සම්බන්ධය මොන වගේද?
රයිනි සහ වින්දි නංගිලා දෙන්නා ‍පොඩි කා‍ලේ පටන් මාත් එක්ක එකතුයි. ඒ සහෝදරත්වය අදටත් නැතිවෙලා නැහැ. දෙමව්පියන්ගේ ප්‍රශ්න ඒ කා‍ලේ තිබුණත් නංගිලා මාත් එක්ක කතා කළා. නංගිලාගේ ඕනෑම ප්‍රශ්නයක් කියන්නේ මටයි. අඩුම තරමේ මැසේජ් එකක් හරි දාලා මාව දැනුවත් කරනවා. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයා යොහාන්. ඉන්නේ ඉතාලියේ. තාත්තත් වැඩ කරන්නේ ඉතාලියේ.

අම්මි සහ රූකාන්ත අන්කල් අද ගත කරන ජීවිතය ගැන ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?
මට ඇත්තටම විශාල සතුටක් දැනෙනවා. ඒ දෙන්නා ශ්‍රී ලංකාවේ සංගීත කලාවේ ඉහළින්ම ඉන්න දෙපළක්. අපි මනුෂ්‍යයෝ විදිහට සතුටින් ජීවත් වෙනවා නම් ඒක හොඳයි කියන තැනයි මම ඉන්නේ. අම්මියි, අන්කලුයි ඉතා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. හොඳ ස්ථාවරයක ඉන්නවා. ඒ දෙන්නා මෙල්බන් එන්නේ අවුරුදු දෙකකට වරක්. ඒ එනකොට මෙල්බන්වල කොච්චර ප්‍රසංග තිබුණත් අන්කල්ගේ ෂෝ එකේ ටිකට්ස් විකිණිලා අවසන් වෙනවා.

චන්ද්‍ර‍ලේඛාගේ හඬට සමීප හඬක් හිමි ඔබ ගායනයෙන් ඈත් වුණේ ඇයි?
මගේ ගීත ගොඩක් නැහැ. ලංකාවේ පැවැති බොහෝ සංදර්ශනවලදී මම ගායනා කළේ අම්මිගේ ගීත. ඊට පස්සේ මෙල්බන් ආවා. මම අවුරුදු තුනක් ඉගෙන ගත්තා. දරුවන් ලැබුණා. සුසන්තගේ වැඩකටයුතුවලට උදව් කළා. එවැනි කාර්යබහුල තත්ත්වයක් යටතේ මම ඉබේටම ගායනයෙන් ඈත්වුණා. ඒ ගැන මට කිසිම දුකක් නැහැ. මොකද මම ගායිකාවක් නොවන නිසා.

ඔබ රූකාන්ත අන්කල්ව දකින්නේ මොන විදිහටද?
එයා සංවේදී හදවතක් තිබෙන මනුෂ්‍යයෙක්. ආගම දහමට ඉතා භක්තිමත්. තමන්ට හිංසා කරන මිනිසුන්ටත් සමාව ලබාදෙන උතුම් ගතිගුණ අන්කල් සතුයි. එයාව සොයාෙගෙන ජනප්‍රියත්වය පැමිණෙනවා මිස කිසිම දවසක එයා ජනප්‍රියත්වය වෙනුවෙන් කිසිවක් කළ බවක් මට මතක නැහැ. ගීත කලාවේ දියුණුව වෙනුවෙන් අන්කල් ගොඩක් වෙහෙසෙනවා. ඒ බව දන්නා ඔහුගේ රසික රසිකාවියන් ලක්ෂ ගණනින් ඔහු වටා රොක් වෙනවා.

අනුර හොරේෂස්
ඕස්ට්‍රේලියාවේ සිට

මමත් ඉස්සර කුඩු ගැහුවා,හැම මත්ද්‍රව්‍යයක්ම භාවිතා කළා..

මාධ්‍ය වල වැඩිය කතා බහට ලක් නොවන ගායකයෙකු වුවත් චාමර රණවක කියන්නේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්.වේදිකාව පුරා දුවලා පැනලා අමුතුම විදිකට ප්‍රේක්ෂකයන් පිනවන නිසාම බොහෝ දෙනෙක් චාමරට කැමැත්තක් දක්වනවා.මේ චාමර රණවක සමග සති අන්ත පුවත්පතක් කළ සංවාදයක්.

ප්‍රසංග වේදිකාවේදී ගායකයෙක් විදිහට චාමර අනුගමනය කරන්නේ වෙනස්ම ශෙලියක් කියලා කීවොත් නිවැරදිද?
මම වෙනස්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ප්‍රසංගය නරඹන අයට සතුටක් ලැබෙන විදිහටයි මම මගේ ඉදිරිපත් කිරීම කරන්නේ. මොකද ගායකයෙක් ප්‍රසංග වේදිකාවේ නිකම්ම හිටගෙන ගීත ගායනා කරලා වැඩක් නැහැනේ.

එකිනෙකට වෙනස් විදිහේ ගීත ගයන ගායකයෙක් විදිහටත් ඔබ ප්‍රසිද්ධයි?
ඔව්. මම රොක්, රෙගේ මේ ආදී හැම ශෙලියකම ගීත ගායනා කරනවා. එතැනදී මම ගීත ගායනයට විතරක් සීමා වෙන්නෙ නැහැ.

ඔබ මව්ගුණ ගැන කියැවෙන කවි පවා ගායනා කරනවා. ඇයි ප්‍රසංග වේදිකාවේදී එවැනි දෙයක් කරන්න හිතුවේ?
ඒවා මානකඳුරේ ප්‍රඥාසාර හාමුදුරුවන්ගේ කවි. ඒ ස්වාමින් වහන්සේම තමයි ‘චාමර මහත්තයා මේ කවි ලස්සනට කියනවා’ කියලා මට දිගටම ඒවා ගායනා කරන්න කිව්වේ.

ප්‍රසංග වේදිකාවේදී ගයන සියලු ගීත ඔබේම ඒවාද?
අ‍පොයි ඔව්. මම වෙනත් ගායකයන්ගේ ගීත ගයන්නේ නැහැ. ඉංග්‍රීසි ගීත හැරුණාම අනිත් සියලු ඒවා මගේම ගීත ඒවා ලියලා සංගීතවත් කරන්නේ මමම තමයි.

ඇයි වෙනත් අය රචනා කරන සහ සංගීතවත් කරන ගීත ගායනා නොකරන්නේ?
කිහිප දෙනෙක් දායක වුණාම ඒ ගීතයට වෙන්නේ ආඩි හත්දෙනාගේ කැඳ හැලියට වෙච්ච දේ තමයි.

ඔබේම අත්දැකීම් අනුවද ඔබේ ගීත රචනා වෙන්නෙ?
ඔව්. ඒවා මගේම අත්දැකීම්.

මේ සියල්ල තනිවම කරන්න තරම් ඔබට හොඳ සංගීත දැනුමක් ඇති?
ඒ හැමදේම මම තනිවම ඉගෙනගත් දේවල් තමයි. මට සංගීත ගුරුවරයෙක් නැහැ. ලොකු අධ්‍යාපන පසුබිමකුත් නැහැ. මගේ අම්මා තාත්තාට සින්දු කියන්නත් බැහැ. අද මම මේ ඇවිල්ලා තියෙන ගමන ගැන මටම පුදුමයි.

කොහොමද ඔය ගමන ආරම්භ වුණේ?
1989 අවුරුද්දේ මුලින්ම ගමේ ප්‍රසංගයකදී සින්දු කිව්වා. පස්සේ මාරිම්බා සංගීත කණ්ඩායමේ අවුරුදු 10ක් විතර හිටියා. දැන් තනිවම ගමනක් යනවා.

ප්‍රසංග කීයකට විතර දවසකට සහභාගි වෙනවාද?
ආරාධනා කොච්චර ලැබුණත් එක දවසකට එක ප්‍රසංගයයි බාරගන්නේ. ඒ බාරගන්නා ප්‍රසංගයේදී මම මහන්සිවෙලා මගේ වැඩේ කරනවා.

ඒ නිසාද වැඩි මුදලක් ප්‍රසංගයක් සඳහා අය කරන්නේ?
එළිමහන් ප්‍රසංග වේදිකාවේ වැඩිම මුදලක් අයකරන ගායකයා මමයි කියලා සමහරු කියනවා මටත් ආරංචි වෙලා තියෙනවා මම මගේ උපරිමයෙන් රාජකාරිය කරන නිසා මගේ අය කිරීම සාධාරණයි කියලා මට හිතෙන්නේ.

චාමර සමහර වෙලාවට වේදිකාවේදී කමිසය පවා ගලවා දමලා පිස්සු නටනවා කියල සමහරු කියනවා?
දාඩිය දාන වෙලාවට එහෙට මෙහෙට දුවලා පැනලා කමිසය ගලවලා දාන අවස්ථා තියෙනවා තමයි. නරඹන අය සතුටු කරන්නයි මේ හැම දෙයක්ම මම කරන්නේ. අනික මම වේදිකාවේ කුණු හරුප කියන්නේවත්, වෙනත් වැරදි වැඩක් කරන්නේවත් නැහැනේ. ඉතින් කමිසය ටිකක් ගැලෙව්වා කියලා මොකද වෙන්නෙ?

එළිමහන් ප්‍රසංග වේදිකාව සහ මත්ද්‍රව්‍ය අතරත් ලොකු සම්බන්ධයක් ගොඩනැගිලා තියෙනවා නේද?
මාත් මත්පැන් බොනවා. හැබැයි හැමතිස්සේම ‍නෙවෙයි. ‘චාමර ටිකක් ගනිමු’ කියලා යාළුවෝ කිව්වාම නොබි බැහැනේ. නමුත් ඉස්සර කරපු දේවල් නම් දැන් මම කරන්නේ නැහැ.

චාමර ඉස්සර වෙනස් චරිතයක්ද?
මමත් ඉස්සර කුඩු ගැහුවා හැම මත්ද්‍රව්‍යයක්ම වගේ භාවිතා කළා. ඒ දේවල් දිගටම කරගන ආවා නම් මම අද ජීවතුන් අතරත් නැහැ. හොඳ සමාජ ආශ්‍රයක් නැතුව මම අයා‍ලේ ගිහිල්ලයි හිටියේ. හැබැයි වයසින් වැඩෙද්දී ඒ නරක පුරුදු අත්හැරියා.

ඔබ වටේ සිටින රසික පිරිස ගැනත් ඔබට විශේෂ දෙයක් කියන්න තියෙනවා නේද?
ඔව්. අනිත් ගායකයන්ට ආකර්ෂණය වෙන්නේ ගැහැනු ළමයිනේ. නමුත් මගේ වටේ කොල්ලෝ තමයි එක් රොක් වෙන්නේ. ඒ ආදරය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ.

ඔබ මේ වන විට විවාහකයි?
ඔව්. දරුවෝ නැතුව අවුරුදු 15ක් තිස්සේ දුක් වින්දා. දැන් මට මාස හයක පුංචි පුතෙක් ඉන්නවා.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය චරිතයක් වෙන්න ලැබිම ගැන ආඩම්බරයක්ද තියෙන්නේ?
මට හිතෙන්නේ නැහැ මම ජනප්‍රියයි කියලා. ජනප්‍රියයි කියන එක ඔළුවට ගත්තොත් කරදරයි. අදටත් මම සරම ඇඳගෙන ඉස්සර ගමේ හිටපු කොල්ලාම තමයි.