ඇමති පුතෙක් වුණාට අපි ගමේ හැදුණු විදිය තමයි මේ.. “පාලිත තෙවරප්පෙරුම”ගේ ගේ පුත්‍රරත්නය. -වීඩියෝ.

ඇමති පාලිත තෙවරප්පෙරුම පසුගිය දිනවල ලංකාවේ ආපදා තත්වයේදී කල සේවය පක්ෂභේදයකින් තොරව කා අතරත් පැසසුමට ලක් වුනා. ඒ වගේම ඔහුගේ පුත්‍රයාගේ සේවයත් ඉතා අගයකිරීමකට ලක් වුනා. බඩුමුට්ටු කරගහගෙන, අසීරු මාර්ග ඔස්සේ, ආපදාවට ලක්වූවන්ට මනා සහයක් පලකල තෙවරප්පෙරුම මහතාගේ පුත්‍රයා ඒ ගැන සහ ඔවුන්ගේ ජීවිතය ගැන කීවේ මෙහෙම කතාවක්…

වාහන ලීසිං – රාජ්‍ය සේවකයින්ගේ වාහන බලපත්‍ර රෙගුලාසි වෙනස් වෙයි!

මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා.

මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් 25000ක වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ දමා ඇති බවයි.

අමෙරිකානු ඩොලර් 30,000 ට අඩු වාහන සඳහා වන බදු සහනය සියයට 60ක් වන බවද එහි සඳහන් වනවා.

සහනදායී බලපත්‍ර මත ලබාගන්නා මෝටර් රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රලාභියා නමින් පමණක් සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.

මේ අතර සියයට 50ක්ව පැවති ආසන 33ට අඩු බස් රථ සඳහා වන ලීසිං ණය සීමාව, සියයට 90 දක්වා වැඩිකර තිබෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සියයට 50 අගයේ පැවති කුඩා ලොරි රථ සඳහා වන ණය සීමාවද සියයට 70 දක්වා ඉහළ දමා ඇති බවයි.

ISIS සමග සම්බන්ධ නිසා රටවල් 6ක් එක්ව කටාර් රාජ්‍ය තනිකරයි

ලොවටම පිළිලයක් වී ඇති ISIS ත්‍රස්ථ සංවිධානය සමඟින් සම්බන්ධකම් පැවැත්වූ බවට චෝදනා ඉල්ලවීම නිසාවෙන් කටාර් රාජ්‍යය සමග දේශසීමා වසා දමමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට හා ගුවන් ගමන් අත්හිටුවීමටද මැදපෙරදිග රටවල් හයක්‌ ඊයේ (05) තීරණ කර තිබෙනවා.
ඒ අනුව සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන්, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ ලිබියාව යන රටවල් මෙලෙස කටාර් රාජ්‍ය සමඟින් පැවති සබඳතා නවත්වා ඇති අතර කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් එක්‌ලක්‌ෂ විසිපන් දහසක්‌ පමණ රැකියාවල නිරතවී සිටිනවා.
එමෙන්ම කටාර් රාජ්‍යයට විරෝධය පළ කරමින් සබඳතා අත්හළ සියලු මැදපෙරදිග රටවල් ඇමරිකාවට පක්‍ෂපාතී රටවල් වන බවත් දැනගන්නට ලැබෙනවා. ඔවුන් සවුදි අරාබියා ගොඩබිම, මුහුද, ගුවන් සීමාව යන අංශ තුනෙන්ම සිය දේශ සීමා වසා දමා ඇති අතර ෆ්ලයි ඩුබායි, එමිරේට්‌ස්‌ සහ එයාර් ඇරෙබියා යන ගුවන් සමාගම් ද කටාර් දක්‌වා ගමන් කළ සිය ගුවන් ගමන් නතර කිරීමට කටයුතු කර තිබෙනවා.
එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය හා ඊජිප්තුව පැය 48 ක්‌ තුළ තම රටින් ඉවත්ව යන ලෙස කටාර් රාජ්‍යයේ තනාපති නිලධාරීන් වෙත දන්වා තිබේ. එසේම එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වාසය කරන සියලුම කටාර් වැසියන්ට දින 14 ක්‌ තුළ එරටින් පිටව යන ලෙසද දන්වා ඇත.
තම රටවල සිටින සියලුම කටාර් වැසියන් හා නේවාසිකයන්ද සති තුනක්‌ ඇතුළත දී පිටව යා යුතු බව සවුදි අරාබිය හා බහරේනය දැනටමත් නිවේදනය කර තිබේ.
මේ අතර රටවල් හයක්‌ තම රට සමඟ පවතින සබඳතා අත්හැරීම පිළිබඳව කරුණු දක්‌වා ඇති කටාර් රාජ්‍යය මෙම තීරණය අයුක්‌තිසහගත හා කිසිදු පදනමක්‌ නොමැති තීරණයක්‌ බව ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙයින් කිසිදු බලපෑමක් නැතියි විදේශ කටයුතු අමාත්‍යාංශය දන්වා සිටිනවා.

ඊයේ රාත්‍රියේ කටාර් සිට ලංකාවට පැමිණි පුද්ගලයන්ගේ කටාර් මුදල් මාරු කිරීම සියලු මුල්‍ය ආයතන අත්හිටවා තියෙනවා. මහා බැංකුව විසින් කටාර් රියාල් මාරු කිරීම අත්හිටවන ලෙස සියලු මුල්‍ය ආයතනවලට දන්වා ඇති බවයි පැවසෙන්නේ..

 

“එවන් මහතෙකුගේ මිතුරෙකු වීම ද ආඩම්බරයකි” – ටෙනිසන් කුරේ තෙවරප්පෙරුමගේ නිවසට ගොස් කළ වැඩේ (PHOTOS)

“ඔබ තුමාගේ සමාජ මෙහෙවර සියලු දේශපාලන නායකයන්ට ආදර්ශයකි.එවන් මහතෙකුගේ මිතුරෙකු වීම ද ආඩම්බරයකි.”
මේ සටහන උපුටා ගත්තේ රංගන ශිල්පී ටෙනිසන් කුරේ විසින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙත එවන ලද ලිපියක් ඇසුරිනි.

පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලීම අනුව ගංවතුරෙන් අවතැන්වූ   පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ ලබාදෙමින් ඔහු මේ ලිපිය ලියා තිබෙනවා.

තමන් කිසි දිනක දේශපාලනය සමග වැඩකර නැති බව පවසන ඔහු ඊයේ (3) අමාත්‍යවරයාගේ නිවසට පැමිණ ඔහුත් සමග ගොස් මෙම අවතැන්වූ   පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ බෙදා දී තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප සහ ඔහු ලියා දුන් ලිපිය පහතින් දැක්වෙනවා.


අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමති තෙවරප්පෙරුම ට ’ මලපැන්න හැටි (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිහිටා ඇති වැසිකිලි පද්ධතිය ගැන සොයා බැලු ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අදාළ බලධාරීන් වෙත තම අප්‍රසාධය පල කළා. අදාළ අංශවෙත ඒ මොහොතේම දුරකතනයෙන් අමතා මේ ගැන තදින් කතා කළා.
මීට හේතුව වැසිකිලි උපාංග විනාසව ගොස් තිබීමත්, මලපහ උතුරා යමින් පැවතීමත්, ඒවා ප්‍රදේශයේ නිවාස කරා පිටාර යාමත්, බීමට ලුණු මිශ්‍ර ජලය බෙදා හැරීම ඇතුළු සෞඛ්‍ය කාරනා පවතීමත්ය.
ඇමතිවරයා විසින්ම මල ප්‍රවාහන පද්ධති විවුර්ත කර බලා, පිටාර යන මල මුත්‍රා මාර්ගය උදැල්ලකින් ඇද දමා පරීක්ෂා කළේය. පසුව නිලධාරීන්ට අවේගයෙන් ඇමතු හැටි පහත වීඩියෝවෙන්.

ඇමරිකානු රහස් ට්‍රම්ප්ගේ බෑණා රහසිගත සන්නිවේදන මගින් රුසියාවට දීලා.

රුසියාව සමඟ සබඳතා පවත්වාගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙයාඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහකර ඇතිබව ඇමරිකානු මාධ්‍ය පවසයි.

‘වොෂිංටන් පොස්ට්’ සහ ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත් පවසන්නේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් විසින් රහසින් සවන්දෙනු ලැබීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ජෙයාඩ් කුෂ්නර් ප්‍රයත්නයක් දැරූ බවය.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ සහායකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබසිටින ජෙයාඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ සැමියා ය.

රුසියාව සමඟ සබඳතාව සහ රහසිගත සංනිවේදන මාර්ගයක් පිළිබඳව ඇමරිකානු පුවත්පත් පළකර ඇති වාර්තා සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර පළකර නොමැත.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිනවීම සඳහා රුසියාව මැදිහත් වූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාලව ජනාධිපතිවරයාගේ බෑණාගෙන්ද ප්‍රශ්නකිරීමට නියමිතය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ ඉතා රහස්‍ය තොරතුරු රුසියානු විදේශ ඇමතිවරයාට හෙළි කර ඇතැයි ඇමරිකානු මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.

ඇමරිකාව සමග රහස් තොරතුරු බෙදා ගන්නා වෙනත් පාර්ශවයක් විසින් ලබා දෙන ලද එම තොරතුරු වෙනත් කිසිදු පාර්ශවයක් සමග හුවමාරු කරගැනීමට එක්සත් ජනපදයට අවසර දී නොතිබුණු බව ද වොෂිංටන් පොස්ට් පුවත්පත පැවසීය.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට එල්ල කරන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරයි.

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි…

පිරිමින් පිරිසක් Gall face එකේ දමා ගිය තරුණියක් තෙවරප්පෙරුම බේරාගත් හැටි.- වීඩියෝ.

මේ දිනවල ලංකාවේ පවතින අයහපත් කාලගුණයත් සමගම කියවෙන තවත් නමක් තියෙනවා. ඒ “පාලිත තෙවරප්පෙරුම” කියන නාමය. දේශපාලන පක්ෂ වල බොහෝ දෙනා මේ වනවිට අවතැන් වූ සහ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් සක්‍රීයව දායක වන බව නොපෙනුනත්, සමහර දේශපාලඥයන් තමන්ට හැකි අයුරින් දායක වෙමින් අවතැන් ජනතාවට සහය දක්වයි.
මේ අතර පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දායකත්වය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කාගේත් පැසසුමට ලක්ව තියෙනවා. සක්‍රීයව මහජන සේවයට දායක වූ ඔහු විවිධ අවස්ථාවල රටේ ප්‍රධාන, ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකි. නමුත් මෙම අවස්ථාවේ අප ඔහු පුම්බා තැබීමක් හෝ, අනිසි වර්ණනා කිරීමකට ලක් නොකරන අතර, මීට ඉහත අවස්තාවකදී ඔහු මැදිහත්වී කල විශේෂ කර්තව්‍යක් පිළිබඳව සහ දේශපාලඥයෙකුගෙන් දැක නැති අගය කලයුතු කටයුත්තක වීඩියෝවක් ගෙන එමටයි අප සුදානම් වන්නේ.
ගාලු මුවදොර (Gall face) හි වර්ෂාව මද්‍යයේ දින දෙක තුනක් බිම වැතිරී අවසිහියෙන් , දුර්වලවී සිටි තරුණියක් දෙස කිසි වෙකුගේ අවධානය නොමැති විටෙක, මේ ගැන දුටු පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ ඇයගේ සුවදුක් සොයා බලා, කන්නට දී, සීතලෙන් මිදීමට උණුසුම් පානයන් ගෙනවිත් දී , පොරෝනයක් ලබා දී හිස අතගාමින් සුවදුක් විමසන හැටි සහ, අවසානයේදී එම තරුණිය පවසා සිටින්නේ තමන්ව යම් පිරිසක් දුෂණය කොට මෙම ස්ථානයට ගෙන දමා ගිය බවයි.
රාත්‍රී වන තෙක්ම අයගේ සියලු අවශ්‍යතා සොයා බලා, පොලිසිය දැනුවත් කර, අයගේ ලඟින් සිට ඔහු කල සියලු දේ නිසා එම අසරණ ජීවිතය බේරෙන හැටි සහ ඉතා සංවේදීව ඔහු ක්‍රියා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

සමුහ දුෂණයට ලක්ව ගාල්ල නගරයේ දමා ගිය තරුණියක් පාලිත තෙවරප්පෙරුම බේරාගත් හැටි.- වීඩියෝ.

මේ දිනවල ලංකාවේ පවතින අයහපත් කාලගුණයත් සමගම කියවෙන තවත් නමක් තියෙනවා. ඒ “පාලිත තෙවරප්පෙරුම” කියන නාමය. දේශපාලන පක්ෂ වල බොහෝ දෙනා මේ වනවිට අවතැන් වූ සහ අසරණ වූ මිනිසුන් වෙනුවෙන් සක්‍රීයව දායක වන බව නොපෙනුනත්, සමහර දේශපාලඥයන් තමන්ට හැකි අයුරින් දායක වෙමින් අවතැන් ජනතාවට සහය දක්වයි.
මේ අතර පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දායකත්වය පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව කාගේත් පැසසුමට ලක්ව තියෙනවා. සක්‍රීයව මහජන සේවයට දායක වූ ඔහු විවිධ අවස්ථාවල රටේ ප්‍රධාන, ආන්දෝලනාත්මක පුවත් මවන්නෙකි. නමුත් මෙම අවස්ථාවේ අප ඔහු පුම්බා තැබීමක් හෝ, අනිසි වර්ණනා කිරීමකට ලක් නොකරන අතර, මීට ඉහත අවස්තාවකදී ඔහු මැදිහත්වී කල විශේෂ කර්තව්‍යක් පිළිබඳව සහ දේශපාලඥයෙකුගෙන් දැක නැති අගය කලයුතු කටයුත්තක වීඩියෝවක් ගෙන එමටයි අප සුදානම් වන්නේ.
ගාලු මුවදොර (Gall face) හි වර්ෂාව මද්‍යයේ දින දෙක තුනක් බිම වැතිරී අවසිහියෙන් , දුර්වලවී සිටි තරුණියක් දෙස කිසි වෙකුගේ අවධානය නොමැති විටෙක, මේ ගැන දුටු පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණ ඇයගේ සුවදුක් සොයා බලා, කන්නට දී, සීතලෙන් මිදීමට උණුසුම් පානයන් ගෙනවිත් දී , පොරෝනයක් ලබා දී හිස අතගාමින් සුවදුක් විමසන හැටි සහ, අවසානයේදී එම තරුණිය පවසා සිටින්නේ තමන්ව යම් පිරිසක් දුෂණය කොට මෙම ස්ථානයට ගෙන දමා ගිය බවයි.
රාත්‍රී වන තෙක්ම අයගේ සියලු අවශ්‍යතා සොයා බලා, පොලිසිය දැනුවත් කර, අයගේ ලඟින් සිට ඔහු කල සියලු දේ නිසා එම අසරණ ජීවිතය බේරෙන හැටි සහ ඉතා සංවේදීව ඔහු ක්‍රියා කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

සනත් ජයසුරිය ගේ ආන්දෝලනාත්මක හේතුවේ වීඩියෝව මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට ගරුත්වයක් එක්කරමින් 1996 ක්‍රිකට් සිළුමිණ දිනා ගැනීම සඳහා දායකත්වය දැක්වූ සනත් ජයසූරිය පිළිබඳව මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ වඩාත් කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ,මේ වනවිට අන්තර්ජාලයට එක්ව ඇති ඔහුගේ එක්තරා වීඩියෝවක් නිසායි.

එම වීඩියෝව සමාජ කතාබහට ලක්වන අතර ඔහුගේ ෆේස්බුක් ආයතනය විසින් තහවුරු කරන ලද ෆේස්බුක් පිටුව ද මේවනවිට දක්නට නොලැබෙන බව ෆේස්බුක් වෙත පිවිසෙන ඕනෑම අයෙකුට දැනගත හැකි කරුණකි.

කතාබහට ලක්ව ඇති වීඩියෝවත් සමග සනත් ජයසූරියගේ ෆේස්බුක් පිටුවට විවිද අදහස් ඇතැම් පුද්ගලයන් විසින් එක් කිරීම නිසා මෙලෙස තාවකාලිකව එය අත්හිටුවා ඇති බවයි පැවසෙන්නේ.
සනත් ජයසුරිය මහතා සම්බන්ධ සිද්දිය ගැන වීඩියෝව පහතින් නරඹන්න.

පොලිස් ආරක්ෂාව මැද මහා පරිමාණයෙන් ගවයන් ඝාතනය කරනන මන්ත්‍රීවරක්…

අපේ රටේ ප්‍රධානතම දේශපාලනඥයෙක් අශිෂ්ට සම්පන්න ව්‍යාපාරයකට අත ගසා සිටියි. ඒ හරක් හොරකමයි. එහි ඇති ආදීනව හෝ අන් කිසිම කාරණයකින් හෝ දේශපාලනඥයාට ප්‍රශ්නයක් නැත. ගවයාගේ ඇති මසෙහි බර ප්‍රමාණය පමණක් ඔහුට වැදගත්ය. මසෙහි බර ප්‍රමාණය වැඩිවන්නට වැඩිවන්නට දේශපාලනඥයාට ඇති බැංකු ගිණුම්වල තැන්පත්වන මුදල වැඩිවන්නේය.
මෙම දේශපාලනඥයා ගව සොරකමට ඍජුව සම්බන්ධ බවට දේශපාලන පක්ෂයකට සම්බන්ධ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක ප්‍රසිද්ධියේම චෝදනා කළේය. මෙම දේශපාලනඥයාද ගව සොරකමට අත ගසන්නේ ගවමස හොඳ සල්ලි ඉල්ලමක් බව හොඳින් දන්නා නිසාය. දිස්ත්‍රික්කයේ ගවමස් වෙළෙඳසල් සඳහා අවශ්‍ය මස් දේශපාලනඥයාගේ වාහනවලින්ම ලබාගත යුතු බවට ඔහුම නොනිල නීතියක් පැනෙව්වේය. මේ හේතුව නිසා තම වෙළෙඳසල්වලට දේශපාලනඥයාගේ වාහනවලින්ම ගවමස් ලබා ගැනීමට මස් වෙළෙන්දෝ කටයුතු කළහ.
දේශපාලනඥයාට අයත්ව තිබූ ඝන කැලයක පිහිටි ගවයන් මස් කරන ස්ථානයක් පිළිබඳව ජනතාව පොලිසිය දැනුම්වත් කළමුත් පොලිසිය එම ස්ථානයට ආරක්ෂාව දුන්නා මිස නීතිය ක්‍රියාත්මක නොකළේය. ගව සොරකමට එරෙහිව ඇති නීති ක්‍රියාත්මක කිරීම පමණක් නොව සතුන් සම්බන්ධව බල පැවැත්වෙන 1893 අංක 09 දරණ ගෝඝාතන පනත, 1907 අංක 13 දරණ සත්ත්ව හිංසා පනත, 1958 අංක 29 දරණ සත්ත්ව ආඥාපනත අනුව කටයුතු කිරීමෙන්ද පොලිසිය වැළකී සිටියේය.
මෙරට කෘෂිකර්මාන්තය දිරිමත් කළ යුතු බව කියන්නෝද දේශපාලනඥයෝය. අටුකොටු පිරුණු රටක් පිළිබඳව වේදිකාවේදී පමණක් කතා කරන දේශපාලනඥයන්ම ගොවියන්ට ඒ සඳහා දිරිය දෙනු වෙනුවට ඔවුන් සතු ගවයන්ද සොරකම් කර මස් වෙළෙඳාමේ යෙදෙති. දේශපාලනඥයන් ගව සොරකමට නායකත්වය දෙද්දී ඒ මගින් දිරිමත් වන රටේ සෙසු හරක් හොරකම් කරන්නන්ද ගොවිතැන් සඳහා හරකුන් හදන ගොවියන්ගේ ඉතිරි සතුන් ටිකද සොරකම් කරති. දේශීය කිරි අවශ්‍යතාව අපේ රටෙන්ම නිපදවා ගන්නා බවට එම දේශපාලනඥයන්ම කෑ මොර ගැසුවද තවමත් අපේ රටේ කිරි නිපදවෙන්නේ අවශ්‍යතාවෙන් සියයට දහයක් පමණකි.
1978 දී මෙරට එළහරක් ගහනය ලක්ෂ 20 ක් වන අතර එය 2007 දී ලක්ෂ දහතුනකට (13) අඩුවිය. මීහරක් ගහනය 1978 දී ලක්ෂ නවයක් වූ අතර 2007 දී එය ලක්ෂ තුනකට අඩුවිය. වසරකට නීත්‍යානුකූලව මරා දමන ලක්ෂ 02ක් වන ගව ප්‍රමාණයට වඩා නීති විරෝධීව මරා දමන ගවයන් ප්‍රමාණය විශාලය. ඒ සඳහා දේශපාලනඥයන් වැඩි වගකීමක් දැරිය යුතුය.
හොර හරක්මස් වෙළෙඳාම මගින් අති විශාල මුදල් කන්දරාවක් මෙම මැබ්බර් තුමා ඇතුළු පිරිස හම්බකර ගන්නා බව රහසක් නොවේ. ඒ බව ජනතාව හොඳින්ම දනිති. එහෙත් මෙම දේශපාලනඥයන් කවුන්සිලවලට පත්කර යවන මැතිවරණවලදී ඡන්දය දීමේ අයිතිය හරකුන්ට තිබුණි නම් තම වර්ගයා පිළිබඳව සිතා උන් කිසි දිනෙක එවැනි දේශපාලනඥයන් සඳහා ඡන්දය නොදෙන බව ස්ථිරය. එහෙත් සැබෑවටම එම අයිතිය ඇති මිනිසුන් වන අපට මෙවැනි දේශපාලන චරිත ප්‍රතික්ෂේප කිරීමට තවමත් නොහැකිවී ඇත්තේ කුමන කාරණයක් නිසා දැයි ගැටලුසහගතය.
මේ නිසා එම සතාගේ නම සැබෑවටම යෙදිය යුත්තේ ඡන්දය දිනා කවුන්සිලයට යන දේශපාලනඥයාටද ඔහු වෙනුවෙන් ඡන්දය භාවිතකරන අපටදැයි සහතික වශයෙන්ම කිව නොහැකිය.

ආලවකයා
උපුටාගැනීම :ලංකාදීප.