වඩු කාර්මිකයා විවාහ කරගැනීමට ගිය විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් මුහුණු පොතෙන් දැන හඳුනා ගත් තරුණයකු සමග විවාහ වීමට උත්සාහ කළ කාන්තාවක් දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ලැබීය.

ඇය හැඩකාර කාන්තාවක් වන්නීය.

මෙම කාන්තාව මුහුණු පොත හරහා දැන හඳුනා ගත් තරුණයන් හා විවාහක පුද්ගලයන් රැසක් සමග සමාජ සම්බන්ධකම් පවත්වා තිබෙන අතර ඒ අය අතර පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටින බව ඇය සතුව තිබිය දී පොලිස් බාරයට ගත් නවීන පන්නයේ ජංගම දුරකථනය පරීක්ෂාකර බැලීමේ දී පොලිසියට පෙනී ගොස් ඇත.
පොලිස් බාරයට ගත් දා පටන් නඩු භාණ්ඩයක් ද වශයෙන් ඉදිරිපත් කිරීම කරන තෙක් තවමත් පොලිසියේ තිබෙන අන්තර්ජාල පහසුකම් සහිත නවීන පන්නයේ ඒ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ලැබෙන ඇමතුම්වලට විශේෂඥ වෛද්‍යවරියක ලෙස රංගනයක යෙදුණු මේ කාන්තාවට කොච්චර පිරිමින් සංඛ්‍යාවක් රැවටී ඇද්ද? යන්න කියන එකට කදිම නිදසුන් බව පොලිස් නිලධාරිහු පෙන්වා දෙති.

ඇමතුම් ලබා දෙන්නේ ද ඇය පොලිසියට කොටු වී ඇති බව නොදැනය.

ඔවුන් සිතා සිටිනවා ඇත්තේ ඇය විශේෂඥ වෛද්‍යවරියක් යැයි කියා විය යුතුය.
මෙම කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය ළඟ වෙද නළාවක් විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටීමට ව්‍යාජ ලෙස සකස් කර ගෙන යන සහතිකයක් හා ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකක් ද තිබී පොලිස් බාරයට ගෙන තිබේ.

ඒ ජාතික හැඳුනුම්පත් දෙකේම රැකියාව යන්න සඳහන් ස්ථානයට ඉදිරියෙන් විශේෂඥ වෛද්‍ය කියා ලියා ඇත.

ව්‍යාජ ජාතික හැඳුනුම්පත් දෙකේම ඇයගේ නම වශයෙන් යොදා තිබුණේ විමලධර්මසූරිය මුදියන්සේලාගේ ශ්‍රී සුභාෂිණී කෞශල්‍යා යනුවෙනි.

වැටලීමක් සිදු කර හොර විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

මෙහෙයුමට පොලිස් සැරයන් සරත් චන්ද්‍ර (5326) පොලිස් කොස්තාපල්වරුන් ඩී.එච්.එන්. කරුණාරත්න (32098) සරත් (16755) යන මහත්වරුන් සහ කාන්තා පොලිස් සංජිවා (8984) මහත්මිය ද හවුල් වූවාය.
මවුපියන් මියගොස් ඇති තමාට කාගෙන්වත් හව්හරණක් නොමැති නිසා කෙසේ හෝ කාව හරි පිරිමි කෙනෙක් සමග විවාහ වී රැකවරණයක් ලබා ගැනීමට මෙවැනි උපක්‍රමයක් යෙදු බව ඇය පොලිසිය ප්‍රකාශ කර ඇත.

තමා අහිංසක තැනැත්තියක් බව ඇය පොලිසියේ මහත්වරුන් හා නෝනලා එක්ක පවසා ඇත්තේ දෙනෙත් කඳුළු පුරෝගෙනය.
උසස් පෙළ විභාගයට විද්‍යා අංශ වලින් පෙනී සිට ඇතත් වෛද්‍ය විද්‍යාලයට යාමට ලකුණු මදි වූ බවද ඇය පොලිසියට ප්‍රකාශ කරනු ලැබුවාය.

ඇය අවසානයට පොලිසියට කොටු වූයේ දුම්මලසූරිය පොලිස් වසමේ ගමක ජීවත් වන බිරිඳ මිය ගොස් ඇති එක් දරුවෙක් සිටින අවුරුදු 28 ක තරම් වයසේ පසුවන අයෙක් සමග මුහුණු පොතෙන් හඳුනාගෙන විවාහ වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටි අතරවාරයේය.

අපි ඒ පුද්ගලයාගේ නිවස සොයා ගෙන පසුගිය ඉරිදා ගියේ මේ ගැන වැඩි විස්තර ඔහුගෙන් හා ඔහුගේ මවුපියන්ගෙන් අසා දැන ගැනීම සඳහාය.

දුම්මලසූරිය පොලිසියේ සැරයන් ජනක (45621) සහ කොස්තාපල් නිශාන්ත (38456) යන මහත්වරුන් ද අප ඒ නිවසට යන විටත් පැමිණ සිටියේ මේ සම්බන්ධව තව දුරටක් කරුණු කාරණා පවුලේ අයගෙන් දැන ගැනීමටය.

අපිත් එක්ක මුලින්ම කතා බහට එක් වුයේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටි තරුණයා එක්කය.
මොහු වඩු කාර්මික ශිල්පියෙක් මෙන්ම මුර්ති ශිල්පියෙක් ලෙසද රැකියාව කරන අයෙකි.

මීට මාස කිහිපයකට විතර කලින් තමා ෆේස් බුක් එකෙන් කෞශල්‍යා කියා තරුණියක් හඳුනා ගත්තේ. මුලින්ම මම ඇයට කෞශල්‍යා මිස් කියා කතා කළා. ටික කාලයක් ඇපි දෙන්නා චැට් කළා. ඊට පස්සේ ඇය කිව්වා මම කොළඹ හොස්පිටල් එකේ ඇක්සිඩන්ට් වෝඞ් එකේ වැඩ කරන විශේෂඥ වෙද්‍යවරියක් කියා.

ඇයගේ ඩැඩී හා මමී මිය ගොස් ඇති බවත් සහෝදරයන් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට ගොස් ඇති බවත් කිව්වා. තමාට මේ රටේ කිසිදු ඥාතියෙක් නොමැති බවත් ඇය මාත් එක්ක කියා සිටියා.

ඇය මාත් එක්ක විවාහ වෙන්න කැමති බව කිව්වා. මම වගේ දුප්පත් කෙනෙක් එක්ක විශේෂඥ වෛද්‍යවරියක් විවාහ වෙන්න යෝජනාවක් ගෙනා එක ගැන මට අදහා ගන්න බැරිව ගියා. ඇයි මම වගේ කෙනෙක්ව විවාහ වෙන්න තෝරා ගත්තේ මිස් කියා ඇසුවා. මම ඔයාට කැමතියි. ආදරයට සීමා මායිම් නැහැ. මටත් මේ රටේ කිසිම කෙනෙක් නැති නිසා ඔයා වගේ දුප්පත් කෙනෙක් බැඳගෙන නිව් සැනසිල්ලේ ඉන්න කැමැතියි කියා කිව්වා. මමත් කැමති වුණා. තාත්තාට විස්තරේ කිව්වා. අම්මාට මේ වගක් දැන්ම කියන්න එපා කියා පැවසුවා.

පසුගිය අප්‍රේල් මාසේ 13 වැනිදා එයා අපේ දුම්මලසූරිය ගෙදර ආවා. මම මාදම්පේ පෙට්‍රල් ෂෙඞ් එක ළඟ තියන බස් හෝල්ට් එකේ ඉඳලා ත්‍රීවීල් එකකින් එයාව අපේ ගෙදරට එක්ක ආවා. බෑග් දෙකක් අරගෙනයි ආවේ. වෙද නළාවක් අරගෙන ඇවිත් තිබුණා. යැයි ද ඔහු පැවසීය.

ඊළඟට අපිත් එක්ක විස්තර කියන්නට පටන් ගත්තේ ඒ තරුණයාගේ පියාය.

පුතා දොස්තර නෝනා කෙනෙක් කියන ගැහැණු කෙනාව අපේ ගෙදරට එක්ක ගෙන එද්දි මගේ නෝනා සිංහල අලුත් අවුරුද්දට කැවුම් පිසිමින් හිටියේ. දොස්තර නෝනා ගෙට ගොඩ වුණ ගමන් අපි දෙන්නාට දණ ගසා වැන්දා. රෑ බෝවෙලා තමා අපේ ගෙදර ආවේ. දොස්තර නෝනාව ගෙදර නවත්වා ගන්න අපි දෙන්නම කැමති වුණේ නැහැ. ඒත් දොස්තර නෝනාට ගෙදර වෙනම කාමරයක් සූදානම් කර දුන්නා රෑට නිදා ගන්න. මට වෙනම කාමරයක් ඕනැ නැහැ. මමත් මෙයා ඉන්න කාමරයෙම නිදා ගන්න යනවා. අපි දෙන්නා ළඟදීම විවාහ වෙනවා කියා කිව්වා. එහෙම කියපු දොස්තර නෝනා පුතාගේ කාමරයට ගියා.

මමයි මගේ බිරිඳයි දෙන්නම ඇසුවා ඇයි දොස්තර නෝනා කෙනෙක් වෙලත් අපි වගේ දුප්පත් පවුලකින් විවාහයක් කර ගන්න යන්නේ කියා. මගේ පුතා වඩු වැඩ කරන කෙනෙක් කියාත් කිව්වා. ආදරයට සීමා මායිම් නැහැ. මම ඔය ගොල්ලන්ගේ පුතාගෙ ගති ගුණවලට කැමතියි. ඒ නිසයි පුතා එක්ක විවාහ වෙන්න තීරණය කළේ කියා. ඊට පස්සේ දොස්තර නෝනා කෙනෙක් කියා ගැහැනු කෙනා නිතර නිතර අපේ ගෙදර ඇවිත් රෑට නවතිනවා. සමහර දවස් වලට දවස් තුන හතර අපේ ගෙදර නවතිනවා. දවස් දෙක තුනක් වැඩට යන්න මගේ අතේ සල්ලි නැහැ කියා රුපියල් 500 ගාණේ ඉල්ලා ගත්තා. මාසයකට රුපියල් 2,50,000 ක් පඩියක් ලැබෙන බවත් තමාට වැටුප් ලැබුණේ නැති බවත් ඇය අපිත් එක්ක කිව්වා. පසුගිය සතියේ දෙන්නා විවාහ වෙන්න අවශ්‍ය පොරොන්දු පත්‍රය බිබිලදෙනිය විවාහ රෙජිස්ටාර් මහත්තයාට බාර දුන්නා. ගෙදර වත්තේම කොටසක පුතාටයි දුවටයි විවාහ වෙලා ඉන්න ගෙයක් හදා ගන්න දෙන්නම සිතාගෙන සිටියා.

අපි කිව්වා දුවේ ඔයාගේ නැදෑයෝ එක්කගෙන එන්න කියා. එක්ක ගෙන එනවා කිව්වාට කිසිම කෙනෙක්ව එක්කගෙන ආවේ නැහැ. මාමාලා දෙන්නෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බවත් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නම කියා ඒ අපේ මාමා කියාත් ඇය කිව්වා. බඳින කම් අපේ ගෙදර එන්න එපා කියා කීවත් ඒ ගැහැනු කෙනා අපි කියන දේවල් ඇසුවේ නැහැ. බලෙන්ම වාගේ අපේ ගෙදර නැවතී සිටියා. මටයි මගේ බිරිඳටයි මේ ගැහැණු කෙනා ගැන ලොකු සැකයක් ඇති වුණා. මම ග්‍රාම සේවක මහත්තයාට මේ ගැන කිව්වා.

ග්‍රාම නිලධාරි මහත්තයා පැමිණ ඇත්තේ ඔහු කළ ඒ දැනුම්දීම මතය.

විශේෂඥ වෛද්‍යවරියක බව කියා සිටි කාන්තාවගේ විස්තර ග්‍රාම නිලධාරියා ලබා ගෙන ඇත.

මේ කාන්තාවට නෑදෑයෝ එක්ක ගෙදර ඇවිත් විවාහ වෙන කම් අපේ ගෙදර එන්න එපා කියා නිතර දොස් කිව්වා. ඉස්පිරිතාලේ වැඩට යනවා කියා ගෙදරින් යන හැම දවසකම බිරිඳටයි මටයි දණ ගසා වැඳලා තමා යන්නේ. ගෙදර ඉන්න දවස්වලට උයන්න පිහන්න බිරිඳට උදව් වෙනවා. මමී ඉන්න කාලේ මට රහට උයන්න පුරුදු කරලා තියෙන්නේ, කියා ඇය කියනවා. නිතරම කළු පැහැති සන්ග්ල්ස් එකක් පැළඳගෙන හිටියේ.

වැඩට යන්නේ නැති දවස්වලට ෆෝන් එකෙන් කාටදෝ කතා කරලා අද මට එන්න වෙන්නේ නැහැ. මාගේ වාට්ටුවේ ඉන්න ලෙඞ්ඩු ටික බලා ගන්න කියනවා. ෆෝන් එකෙන් ලෙඞ්ඩුන්ට දෙන්න ඕනෑ බෙහෙත්වල නම් කියනවා. සමහර දවස් වලට ඉංග්‍රීසියෙන් එහෙම මොනවාදෝ කාත් එක්ක කතා කරනවා එහෙම මම අහගෙන ඉඳලා තියනවා. දවසක් වැඩට යන්න සල්ලි නැහැ කියා කිව්වා. ගෙදර වත්තෙන් අහුලා ගෙන තිබු කජු ඇට විකුණලා රුපියල් 750 ක් ගත්තා. ඒ ගත්තු සල්ලි වලින් රුපියල් 500 ක් දුන්නා. ඒකත් අරගෙන යන්න ගියා. මට මේ ගෑනි ගැන ලොකු සැකයක් ඇති වුණා. දුම්මලසූරිය පොලිසියේ ලොකු මහත්තයාට මේ ගැන මම පැමිණිලි කළා.

තවදුරටත් අප සමග තොරතුරු හෙළි කරමින් ඔහු මෙසේ ද කීය.

වැඩට යනවා කියා ගිය ගෑනි ගෙදර ආවේ නැහැ. නාඳුනන පුද්ගලයෝ දෙතුන් දෙනෙක් මෝටර් බයිසිකල් වලින් අපේ ගේ ළඟ කැරකෙන්න පටන් ගත්තා. මේ ගැනත් මා පොලිසියට පැමිණිලි කළා. පුතාට නිතරම කතා කර එයත් එක්ක යන්න එන්න කියන්න පටන් ගත්තා. පුතාටත් සැකයක් ඇති වෙලා ගෑනිව මඟ හරින්න පටන් ගත්තා. පුතා ගෑනිගෙන් එන කෝල්වලට කතා කළෙත් නැහැ. පුතාගේ මාර්ගයෙන් පොලිසිය ගෑනිට කතා කරලා වතුවත්ත ප්‍රදේශයේ තැනකට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත්තා. දුම්මලසූරිය පොලිසියේ ලොකු මහත්තයා ජයවීර මහත්තයා මෙයා කොටු කර ගන්න ලොකු මහන්සියක් ගත්තා. ඒ මහත්තයා ඇතුළු සියලුම නිලධාරින්ට ඒ ගැන ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඉක්මණින් අත්අඩංගුවට නොගන්න ඔය ගෑනි මගේ පුතාගේ ජීවිතයට අනතුරක් කරන්නත් ඉඩ තිබුණා.

විශේෂඥ වෛද්‍යවරියක යැයි කියමින් කාන්තාවක් සමග විවාහ වීමට ගිය තරුණයා එක් දරු පියෙකි. බිරිඳ මිය ගොස් තිබෙන්නේ ඔහුත් එක්ක විදේශයක රැකියාවක් කරමින් සිටි අතරවාරයේය.

ඉන් පසු ඔහු පුංචි පුතාත් එක්ක සදහටම මෙලොව තනි වී සිටියේය. ආයෙත් විවාහයක් නොකර ගන්නා බවට සිතා සිටි ඔහු නැවත විවාහයක් කර ගැනීමට පෙළඹුණේ ඇය විශේෂඥ වෛද්‍යවරියක වන නිසාය.

ඇය ඒ ටික කාලයකට ඔහුගේ පුංචි පුතා සමග ද බෙහෙවින් ලෙංගතු වූවාය.

මට කතා කරලා කිව්වාම තමා එයා මාව එක්කරගෙන යන්න හිතාගෙන වතුවත්තට ආවේ. ඒ වෙලාවේ පොලිසියෙන් අල්ලා ගත්තාම ගෑනි “අනේ මගේ සුදෝ. ඔයා මට මේ මොකද කළේ? ඇයි මාව පොලිසියට අල්ලා දුන්නේ ? කියා හඬා වැළපෙන්න පටන් ගත්තා.
දවසක් අසනීපයි බෙහෙත් ගන්න යමු කියා මාවත් එක්ක කුලියාපිටිය ඉස්පිරිතාලයට ගියා. තමා කොළඹ ඉස්පිරිතාලේ විශේෂඥ වෛද්‍යවරියක කිව්වාම එතැන හිටිය සේරම අය නැගිට්ටා. සමහර දවස්වලට ගෙදරින් යන්නේ අද එන්න ලැබෙන්නේ නැහැ ඔපරේෂන් එකක් කරන නිසා කියා. තවත් සමහර දවස්වලට අද හදිසි ඔපරේෂන් එකක් කරන්න තියන නිසා ගෙදර එන්න ලැබෙන්නේ නැහැ කියාත් එම දුරකථයෙන් කතා කරලා කියනවා. මුල් කාලෙ නම් මට සැකයක් ඇති වුණේ නැහැ. පස්සේ නම් ඇති වුණා.

ඒ විශේෂඥ වෙද්‍යවරියක් බව කියාගත් කාන්තාවක් විවාහ කර ගැනීමට ගිය තරුණයාගේ හඬයි.

ෆේස් බුක් නිසා තමා මට මේ වගේ කරදරයක් වුණේ. ෆේස් බුක් යන කොයිකාගෙනුත් මම ඉල්ලන්නේ පරිස්සමින් කටයුතු කරන්න කියලයි. ඔහු පැවසීය.

අත්අඩංගුවට ගත සැකකාර කාන්තාව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයට පත් කරණු ලැබූවාය.

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති එල්.එච්. ග්‍රෙගරි කුරේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල කඩුපිටිය සහ සහකාර පොලිස් අධිකාරී ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ටී. ශිරෝමි ප්‍රියදර්ශන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.

(සාම විනිසුරු ප්‍රසන්න මදුරාවල මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරමු.)සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප මාදම්පේ එස්. හේරත්.

ඔබේ ජීවිතයම අවුල් කරන , දුම්බීම නිසා ඇතිවන අලුත්ම ලෙඩේ මෙන්න.

දුම්බීම කියන්නේ සෞඛ්‍යට හිත කර දෙයක් නොවේ. ඒ ගැන කතා කරන්න තරම්වත් දෙයක් නැහැ. මොකද ඔය දුම් බොන හැමෝම ඔය දේ කරන්නෙත් මේ අදීනව ගැන දැනගේනමයි. පෙනහළු පිළිකා, ලිංගික දුබලකම් වැනි රෝග ගැන ඔබ දැනුවත් ඇති. නමුත් දුම් බීම නිසා ඇතිවන අලුත්ම, භයානක රෝගී තත්වයක් ගැන බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තියෙනවා.

මේ ගැන ඇසුවොත් ඔබ පුදුම වයි. බලන්නකෝ පහත වීඩියෝව.

 

ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා -රුවන්ති මංගලා.- Photos

සෑහෙන කාලේක ඉදලා ඇය පුංචි තීරයේ ආදරණීය අම්මා වුණා. අදටත් ඇය පුංචි තීරයේ අම්මයි. රුවන්ති මංගලා. නපුරු අම්මා අහිංසක අම්මා විතරක් නෙමෙයි ආදරණිය අම්මා වෙන්නත් ඇයට පුළුවන් වුණා. නිර්මාණවලින් ඉදහිට හෝ දකින්න ලැබෙන ඇය ගැන කතා කරන්න හිරු ගොසිප් හිතුවා. මේ රුවන්ති හිරුත් එක්ක කළ කතාබහයි.

මේ දවස්වල පුංචි තිරයත් එක්ක රුවන්ති කාර්යබහුල වෙලාද..?
මම කොයිම වෙලාවකවත් වැඩ බදාගෙන නිර්මාණ දෙක තුනකට එකවර සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. හොද නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා නිදහසේ වැඩ කටයුතු කරගන්නවා. ලොකුවට කාර්ය බහුල වෙන්නේ නැහැ.

ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු.. ආයෙමත් දකින්නේ අම්මාගේ චරිතයෙන්ද..?
මම අලුත් නාට්‍යකට සම්බන්ධ වුණා. වර්ණ කියලා. මේ නාට්‍යයේ ඉන්නෙත් අම්මාගේ චරිතයම තමයි. නමුත් චරිතය මම මිට කලින් කළ අම්මාගේ චරිත වලට වඩා සෑහෙන වෙනස්. මැදි වියේ ඉදලා වයසට යන චරිතයක් සැමියාගෙන් ඉවත් වෙලා වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන චරිතයක්. දැන් හදන මෙගාවලට මේ නාට්‍ය හොඳ උත්තරයක් වෙයි. මොකද දැන් බිහි වෙන නාට්‍ය හින්දි නාට්‍යවල කොපිනේ. ස්වයං නිර්මාණ බිහි වෙනවත් අඩුයි. නිර්මාණකරුවන්ට ඕන කොටස් ගණන වැඩි කරගන්නයි. කොලිටි එක බලන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපටියකටත් සම්බන්ධ වුණා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිණියක්. කලාව ගැන ඔබ කලකිරීමෙන් වගේ ඉන්නේ..?
ඔව්. දුකක් තියෙනවා. ඉස්සර බිහිවුණු නිර්මාණ දිහා බලද්දී දැන් බිහිවෙන්නේ මොනවාද කියලා හිතෙනවා. රංගන ශිල්පින් කියන්නේ පිටපතේ තියන චරිතය රගන්න ඕන. නමුත් දැන් දෙබස් විතරයි තියෙන්නේ. රගපාන්න දෙයක් නැහැ. ඒ වගේම අපිම ඇදුම් හදා ගන්න ඕන. බජට් ලෝ.මෑතකදී මට කතා කළ මෙගා නාට්‍ය බොහොමයකට මම අකමැතියි කියලා ප්‍රතික්ෂේප කළා. බැහැ කිව්වත් ආරාධනා නම් ලැබෙනවා.

මවගේ චරිතයෙන් මිදෙන්න කැමති නැද්ද..?
මම රංගනයට ආ කාලේ ඉදලා කාලයක් යනකල් තිරයේ පෙම්වතිය වුණා. දැන් මගේ දුවට වයස 18යි. පුතාගේ වයස 17යි. ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම. මට දැන් පෙම්වතියගේ චරිත රගපාන්න බැහැ. එහෙම වුණොත් ඒක විහිළුවක් වෙයි. මම හිතනවා මම අම්මාගේ චරිත කරන්නේ වෙනස් විදිහට කියලා. ඒ නිසා කොටුවීමක් විදිහට මම දකින්නේ නැහැ. සමහ නිර්මාණකරුවෝ මට කතා කරනවා මිට කලින් රගපෑ අර චරිතයේ අම්මාව මේ පිටපතෙත් ඉන්නේ. ඒ විදිහට හැසිරෙන්න ඕන ඒ චරිතයමයි ඕන කියලා. ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා.කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා. මම එක තැනකදී කළ චරිත නිරුපණය යළිත් කරන්නේ නැහැ.

ඔබේ දරුවන් දැන් දැනුම් තේරුම් තියෙන වයසක ඉන්නේ. ඔබව විවේචනය කරන්නේ නැද්ද..?
දැන් යන නිර්මාණ දකිද්දී ඒ දෙන්නා වැඩිපුරම කරන්නේ විවේචනය කරන එකයි. මම රගපාන ඒවා බලලත් ඒ දෙන්නා හොද නරක කියනවා. වැඩිපුරම ඉතින් විවේචන තමයි.

දරුවෝ දෙන්නා ඔබට රඟපෑවා ඇති ගෙදරට වෙලා ඉන්න කියන්නේ නැද්ද..?
මම රගපානවට මුල් කාලේ නාමල් කැමති වුණෙත් නැහැ. ඒ නිසා විවාහ වෙලා රගපෑමෙන් ඉවත් වුණා. දරුවෝ දෙන්නා ලැබිලා අවුරුදු හතකට පස්සේ තමයි ආයෙමත් රගපාන්න පටන් ගත්තේ. ඒ මුල් කාලේ මම වැඩවලට ගිහින් පැයක් දෙකක් ගියාට පස්සේ මට කතා කරලා අහනවා අම්මා දැන්මම එන්නේ නැද්ද කීයටද එන්නේ කියලා. දැන් දන්නවා මම ගියොත් එන්නේ හවස් වෙලා කියලා. ඒක දැන් ඒ දෙන්නට පුරුදුයි. නාමල්ගේනුත් මට බලපෑමක් නැහැ. මම කොහොමත් දුර වැඩ දාගන්නේ නැහැ.

මොන දේ කළත් රුවන්ති කියන්නේ වඟකීම් ඉටු කරන මවක් බිරිඳක්ද…?
ඔව්. නාමල්ව විවාහ වුණ දවසේ ඉදලා එයාගේ වැඩ සේරම මගේ අතින් කරලා දුන්නු නිසා අදටත් මම කොහේ ගියත් එයාගේ වැඩ කරලා තමයි යන්න ඕන. දරුවෝ දෙන්නා ගැනත් මම බලනවා. පවුලට මම මුලිකත්වය දෙනවා. වඟකීම් නම් පැහැර හරින්නේ නැහැ.

නාමල්ගේ අසනීප තත්ත්වය දැන් හොදටම සුවයිද..?
දැන් නම් ගොඩක් හොදයි. හොදින් ජිවත් වෙනවා. සංගීත ප්‍රසංග සම්බන්ධ වෙනවා. එයාට උදව් කළ අය නිසයි එයා දැන් මේ තත්ත්වෙන් ඉන්නේ.

ආයෙමත් දේශපාලනයට යොමු වෙන්න රුවන්ති අර අදිනවා කියලා ආරංචියි..?
ගිය වතාවේ උත්සහා කරා. ඒත් අවස්තාවක් ලැබුණේ නැහැ. මම දැන් පදනමක් පවත්වාගෙන යනවා මගේ නමින්. මම කොහොම හරි ආයෙමත් ඡන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි දේශපාලනය කරන්න ආසාවක් තියෙනවා. අවස්ථාවක් ලැබෙනකල් උත්සහා කරනවා.
උපුටා ගැනීම:හිරු ගොස්සිප්.

පාසල් යා යුතු වයසේ සිටින මුත් කිසිදා පාසල් නොගිය දරුවන් 51,249 ක්.

පාසල් යායුතු වයස අවුරුදු 5-17ත් අතර දරුවන් 452,661ක් පාසල් නොයන බවත් ඉන් දරුවන් 51,249ක් කිසිදා පාසලකට ගොස් නැති බවත් රජයේ පාර්ශව කිහිපයක් එක්ව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ ‘‘ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණය – 2016“ වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

එම සමීක්ෂණය සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2016 වර්ෂයේ දී සිදුකර ඇත. එම සමීක්ෂණය සඳහා දරුවන්ගේ ප්‍රජා විද්‍යාත්මක තොරතුරු, පාසල් අධ්‍යාපනය, ආර්ථික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය හා සුරක්ෂිතතාව, දෙමාපියන්ගෙන් ලබාගත් තොරතුරු හා විවිධ රැකියාවන්හි හා ශ්‍රම සැපයීම්වල යෙදී සිටින දරුවන්ගේ තොරතුරු ලබාගෙන ඇත.

එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මෙරට ජනගහනයෙන් සියයට 4.6ක් හෙවත් 4,571,442 ක් වයස අවුරුදු 5-17ත් අතර වයසේ පසුවන බවයි. ඉන් පාසල් යන්නේ සියයට 90.1 ක් හෙවත් ළමුන් 4,118,741කි. සියයට 9.9 ක් හෙවත් 452,661ක් පාසල් නොයයි. ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවට අනුව ඉන් දරුවන් 51,249ක් හෙවත් සමස්ථ අදාල වයස් කාණ්ඩයෙන් සියයට 1.12 ක් කිසි දිනක පාසල් ගොස් නැත.

සමීක්ෂණ වාර්තාවට අනුව කිසි දිනක පාසල් නොගිය ළමුන්ගෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන්ය. එය සංඛ්‍යාත්මකව 40394 ක්. එනම් කිසිදා පාසල් නොගිය ළමුන්ගෙන් සියයට 78.82ක් ජීවත් වන්නේ ග්‍රාමීය පරිසරයේය. ඉන් 2329ක් වතු හෙවත් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 4.54ක් වතු ආශ්‍රිතව ජීවත්වන දෙමාපියන්ගේ දරුවන් බව ද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. නාගරිකව ජීවත්වන දරුවන් 10,885ක් කිසිදා පාසල් ගොස් නොමැති අතර එය සියයට 21.18ක් වනවා.

සමීක්ෂණ වාර්තාව අනුව කිසිදා පාසල් නොයන දරුවන්ගෙන් 44,619ක් වයස අවුරුදු 5-11ත් අතර සීමාවේ පසුවන අතර වයස අවුරුදු 12 – 14 අතර සීමාවේ පසුවන දරුවන් සංඛ්‍යාව 3395ක් වනවා. වයස අවුරුදු 15 – 17ත් අතර කිසිදා පාසල් නොගිය දරුවන් සංඛ්‍යාව 3225ක් බව ද එම වාර්තාවේ දැක්වේ. එනම් කිසිදා පාසල් නොගිය දරුවන්ගෙන් සියයට 87.07ක් පසුවන්නේ වයස අවුරුදු 5-11ත් අතර. සියයට 6.63ක් වයස අවුරුදු 12 – 14ත් අතර වයස් කාණ්ඩයට ගැනෙන අතර සියයට 6.3ක් වයස අවුරුදු 15-17ත් අතර වයස් කාණ්ඩයට අයත් වන බව පැහැදිලියි.

සමීක්ෂණ වාර්තාවට අනුව වතු පේලි නිවාස ආශ්‍රිතව, නාගරික මුඩුක්කු ආශ්‍රිතව හා දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණදුන් පළාත්වල දෙමාපියන් තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ උනන්දුව සාපේක්ෂව අඩු අගයක පවතින බව පෙනෙන්නට තිබේ.

එමෙන් ම පවුල් සංස්ථාව බිඳවැටීම හේතුවෙන් දරුවන් කෙරෙහි අවදානය අඩුවීම, මව විදේශගත වීම, පියා විදේශගත වීම හෝ පවුල හැරයාම, මව පියා වෙනත් විවාහයන්ට යොමු වීම, දරුවන් නිවාසගත වීම, විවිද අපරාධ හා අපචාරයන්ට දරුවන් යොමුවීම, දරිද්‍රතාව හේතුවෙන් රැකියා සඳහා යොමුවීම, දෙමාපියන්ගේ නූගත් කම, පාරිසරික සාධක ආදී බොහෝ කරුණු දරුවන් අතරමග පාසල් හැරයාම කෙරෙහි බලපාන බව ද සමාජ විශ්ලේෂකයෝ පෙන්වාදෙයි.

අධ්‍යාපනය ලැබීමට දරුවකුට ඇති අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කළ මූළික අයිතිවාසිකමක් ව තිබිය දී මෙවන් විශාල දරුවන් ප්‍රමාණයක් අධ්‍යාපනයෙන් ක්‍රමයෙන් ඈත්වීම හා කිසිදා පාසල් නොගොස් සිටීම පිළිබඳ රජයේ අවධානය යොමු විය යුතු බව සමාජ විශ්ලේෂකන් පෙන්වාදෙයි.

 

 

“මේක අපිට ප්‍රක්ටිස් ගේමක්” කියූ කෝලි නිරුවත් කල අපේ කොල්ලන්ගේ සුපිරි ගැහිල්ල මෙන්න.

ශූරයින්ගේ කුසලාන තරඟාවලියේදී ඉන්දියාව පරදමින් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවට පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

එ අනුව පිටියට පිවිසි රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 138ක් එක් කළා.

ශූරයින්ගේ කුසලාන තරඟාවලියකදී ලබාගත් තෙවැනි ශතකය ලබාගැනීමට ධවාන් එහිදී සමත් වූ අතර පන්දු 128කින් ලකුණු 125ක් ලබාගැනීමට ඔහු සමත්වුණා.

සුපිරි පිතිකරු විරාත් කෝලි කිසිදු ලකුණක් නොලබා දැවී යාමද මෙහිදී සුවිශේෂී සිදුවීමක් වුණා.

ලකුණු 322 ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 48.4කදී නියමිත ඉලක්කය පසුකළා.

එහිදී සුපිරි ඉනිමික් දියත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 93කදී ලකුණු 89ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට අනගි සහයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 76ක්ද,නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52ක්ද ලබාගැනීමට සමත් වුණා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

පෙර ආත්මයේ ගැයූ ගීතය යලි ඉපදී ගයා, පෙර ශරීර සලකුණු සමග පුනර්භවය කියන අපුරු කතාවක්.

කොත්මලේ කිරිඳිවෙල පදිංචිව සිටි චාර්ලිස් සහ පොඩි නෝනා යුවලගේ හයවැනි දියණියට චන්ද්‍රවතී යනුවෙන් නම් තබා තිබිණි. ඉතා කුඩා අවදියේ සිටම මෙම පුංචි දැරිය ගෙදරදොර වැඩ කටයුතුවලට මවට උදව්වීම ද සිරිත විය. කුඩා කල සිටම ඇය නැටුමට මෙන්ම ගී ගැයීමට ද දක්ෂවීම ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය.

දෙවැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටියදී ඇගේ ප්‍රියතම ගීතය වූයේ සංදේශය චිත්‍රපටය සඳහා ගායිකා ලතා වල්පොල විසින් ගායනා කළ ගීතයයි. නිතරම ඇගේ මුවග රැව්දුන් එය
“ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි
අපේ රාජ්ජේ” නම් ගීතය විය. පාසලේදීත් නිවසේදීත් ඇය නිතරම එය ගීතය ගායනා කළේ “මම ඒ සිංදුවට හරිම ආසයි” යනුවෙන් කියමිනි.

වයස අවුරුදු හයහමාරක් වනතුරුත් ඇය ඉතා නීරෝගී දැරියක් වූවාය. දිනක් ඇය සිය මව සමඟ වත්තේ සිටියදී වැටීමක් සිදුවිය. ඇය වැටී තිබුණේ කපන ලද තේ ගසක මුලක් මතුවටය. එයින් ඇගේ සිරුරේ පිටුපසට තුවාල සිදුවිය. එමඟින් ඇතිවූ තුවාලයේ කැළල නොමැකී දර්ශනය විය. ඒ වනවිට ඇය ජලය පිරවූ කලය උකුළේ තබාගෙන නිවසට ගෙන ඒමට ද පුරුදුව සිටියාය. ඔවුන් ස්නානය කිරීම සහ පානය සඳහා ජලය ගෙන එනු ලැබුවේ අසල ජල පීල්ලකිනි. නිතරම ඇය ජල පීල්ල වෙත යාම ද සිරිතය. වරක් ඇය ජල පීල්ල අසලදී බියපත් වීමක් ද සිදුවිය. ඒ වනවිට ඇය කිරිඳවෙල පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

දිනක් ඇය නිවසේ සිටියදී උදරාබාධයක් ඇතිවිය. අධික උදරාබාධය නිසා ඇයව රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට දෙමාපියෝ කටයුතු කළහ. ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නමුත් ඇගේ උදරාබාධය සුව නොවිනි. ඇයට වැළදී ඇත්තේ කොළරාව යයි වෛද්‍යවරු තීරණය කළහ. ප්‍රතිකාර ලබමින් ඇය නිවසේ සිටියදී දෙමාපියන් සහ සොයුරු සොයුරියන් ඇය අසලම රැඳී සිටියහ. සෙත්ශාන්ති සහ බාරහාරවීම ද සිදු කෙරිණි. කතරගම දේවාලයට ද ඇගේ මව විසින් බාරයක්වීම ද ඇයට අසන්නට ලැබිණි.
ඇය ඉක්මණින් සුවපත් වනු ඇතැයි දෙමාපියෝ ඇතුළු සියලු දෙනාම බලාපොරොත්තුව සිටියහ. එහෙත් ඇගේ ​ෙරා්ගී තත්ත්වය උත්සන්න විය. රෝගී බවට පත්වී හරියටම සතියක් ගතවූ දිනයේ ඇගේ ඇඳ අසල දෙමාපියෝ සිටියහ. ඇය අවසන් වරට දෙමාපියන් ඇමතුවාය.
“මම නාගෙන එන්නම්?” යයි පැවසූ චන්ද්‍රවතී එක්වරම ඇඳේ සිටි ඉරියව්ව වෙනස් කර අනෙක් අතට හැරී නින්දට යන බවක් දැන්වීය. එහෙත් එය ඇගේ අවසන් මොහොත වී තිබිණ. වසර හයහමාරක් දෙමාපියන්ගේ ආදරය මැද ජීවත් වූ දැරිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන් ශෝකයට පත්කරමින් ජීවිතයෙන් සමුගත්තාය. දැරිය නොහැකි දුක් වේදනාවෙන් මවගේ මුවින් පිටවූ වදනක් වූයේ,
“අනේ! දුවේ ආයෙත් අපි ළඟට එන්න” යනුවෙනි.
කාලය ගෙවී ගියේය. 1966 මැයි 12 වැනිදා චන්ද්‍රාවතීගේ මව පුතකු බිහි කළාය. රම්බොඩ රෝහලේදී උපත ලද එම දරුවාට කුමාරසිරි යනුවෙන් නම් තැබිණි. දියණියගේ වියෝවෙන් පසු ලැබුණු තම පුත්‍රයා දුටු විගස මවට දක්නට ලැබුණු විශේෂ සලකුණක් විය. එනම් තම පුත්‍රයාගේ කන්පෙතිවල කරාබු පැළඳ තිබූ අයුරු සංකේතවත්වන උපන් ලප දක්නට ලැබීමය. ඒ සමඟම සිඟිති දරුවාගේ පිටුපස පැහැදිලි කළු පැහැති උපන් ලපයක් ද විය. මවට එක්වරම සිහිවූයේ මියගිය තම දියණියගෙ පිටුපස පෙදෙසේ සිදුව තිබූ තුවාල කැළලය.
එහෙත් මවට ඒ පිළිබඳව කිසිවක් සිතීමට පවා අපහසුවය. කුමාරසිරි බහ තෝරන අවදියට පත්විය. දෙතොල් මුමුනමින් කිසියම් ප්‍රකාශයක් කිරීමට ඔහු උත්සාහ ගන්නා බවක් මවට දැනුණි. වයස අවුරුදු තුනක් පමණ වනවිට කුමාරසිරිට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබිණි. දිනක් ඔහුගේ මුවින් ගීත කණ්ඩයක් කියවිනි. එම ගීතය වූයේ මියගිය දියණිය මහත් ආශාවෙන් ගායනා කළ “ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි” ගීතය විය.
මියගිය දියණියගේ යළි ඉපදීමක් සිදුවී ඇති දැයි මවට සැක සිතුණි. එහෙත් ඒ පිළිබඳ මව කිසිදු විමසීමක් නොකළාය. කුමාරසිරි නිතර නිතර එම ගීතය ගායනා කරන්නට වූයේ පැහැදිලිව වචන උච්චාරණය කරමිනි. මේ අතර දිනක් මව සමඟ නිවසින් පිට අවට ගම් ප්‍රදේශයකට ගමන් කරමින් සිටි කුමාරසිරි එහි නිවසක් අසල නතරවිය.
“මෙතන තමයි මාව වළ දැම්මේ” යයි එක්වරම පැවසීය. මීට ප්‍රථම කිසි දිනෙක තම පුත්‍රයා නොගිය ප්‍රදේශයේදී ඔහු කරන ප්‍රකාශයෙන් මව විමතියට පත්වූවාය. මියගිය චන්ද්‍රාවතී භූමදානය සිදුකළ ස්ථානය එය විය. නියත වශයෙන්ම මියගිය දියණිය කුමාරසිරි ලෙස යළි ඉපදී ඇතැයි මවට අවබෝධ විය. එහෙත් ඔහුගෙන් ඒ පිළිබඳව ඇය ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටියාය.
පෙර භවයේ මතක සටහන් වරින් වර ඉදිරිපත් කළ කුමාරසිරි “මම ඉස්සර අම්මට කලේ උකුළෙ තියාගෙන වතුර ගෙනත් දෙනවා. අපි වතුර ගේන්න පීල්ලට යනවා” යයි ද ප්‍රකාශ කළේ දෙමාපියන් සහ සොයුරු සොයුරියන් පුදුමයට පත් කරවමිනි.
“මට ඉස්සර සිංදු කියන්නත් පුළුවන්. නටන්නත් පුළුවන්. මගේ කොටු ගවුමක් තියෙනවා. මම එතකොට දෙකේ පන්තියෙ. මට කොළරාව හැදුනා. බෙහෙත් අරන් දුන්නා” යනුවෙන් ද ඔහු මතකයෙන් පෙරභව තොරතුරු හෙළි කළේය. මියයන අවස්ථාවේ මව සහ පියා ඔහු අසල සිටි බවත් අම්මා කතරගමට බාරයක් වූ බවත් කුමාරසිරි හෙළි කළේය.
කුමාරසිරි දරුවා මෙම තොරතුරු හෙළි කරනවිටදී ඔහුගේ තවත් ඉල්ලීමක් විය. එනම් ඇඳීමට ගවුම් ඉල්ලා සිටීමය.
“ඔයා පිරිමි ළමයෙක්. ගවුම් අඳින්නේ ගෑනු ළමයි” යනුවෙන් මව පැවසුව ද කුමාරසිරි ගවුමක් ඉල්ලා සිටීම ද අතිවිශේෂ සිදුවීමක් විය.
මේ අතර දිනක් කුමාරසිරි​ගේ මව ඔහු සමඟ තේ වත්තට ගොස් සිටියාය. හදිසියේම කුමාරසිරිගේ කකුල ලිස්සා බිම වැටුණි. කුමාරසිරි වැටී තිබුණේ කපා දමන ලද තේ ගසක මුලක් මතටය. එම අනතුරෙන් කුමාසිරිගේ පිටුපස තුවාල විය. උල ඇනුණ වේදනාව මැද කුමාරසිරි මව ඇමතීය.

“මේ විදියටම මාව ඉස්සරත් වැටිලා උලක් ඇනුණා” යයි කීය. මියගිය දියණියට ද ඒ අයුරින්ම තුවාල සිදුවූ අයුරු මවගේ මතකයට නැගුණි. කුමාරසිරි කරනු බලන මෙම ප්‍රකාශ නිසා මියගිය දියණිය යළි උපත ලබා ඇති බවට දෙමාපියෝ සහ සොයුරු සොයුරියෝ ස්ථීර වශයෙන්ම පිළිගනු ලැබූහ.  
කුමාරසිරි හෙළි කළ පෙර භවය පිළිබඳ තොරතුරු අතර ඔහු තුළින් දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමක් තිබේ. එනම් වයස අවුරුදු හතක් පමණ වන විටත් ගවුමක් ඉල්ලා සිටීමය. දිනක් ඔහු සිය මවගෙන් ඉල්ලීමක් කළේය.
“අම්ම මට ගවුම් අඳින්න දෙන්නේ නැත්නම් මට ගවුමක් ඇඳලා ඉස්සර හිටියා වගේ අම්මත් එක්ක පොටෝ එකක් අරන් දෙන්න” එම ඉල්ලීම විය. “පිරිමි ළමයි ගවුම් අඳින්නේ නෑ” යැයි මව කොතෙක් කීවත් කුමාරසිරිගෙන් මවට බේරීමක් නොවිණි. අවසානයේ කුමාරසිරිට ගවුමක් ලබා දුන්නේය. එම ගවුම ඇඳගත් කුමාරසිරි මව සමඟ ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපයක් ගත්තේය.
එදා පෙරභවය හෙළිකළ කුමාරසිරි අද උපාධිධාරී ගුරුවරයෙකි. පෙරභවය සිහිපත් කරමින් එම ඡායාරූපය අදත් කුමාරසිරි සුරක්ෂිතව තබාගෙන ඇත. පෙරභව සිදුවීම් පිළිබඳ කුමාරසිරිට තවමත් හොඳ මතකයක් තිබේ. ඒ පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා පසුගිය දිනෙක කුමාරසිරිගෙන් විමසීමට අපට අවස්ථාව ලැබුණි.
“පෙර භවයේ ගත කළ ජීවිතය ගැන දැන් ඔබේ මතකයෙ ඇත්තේ මොනවාද?” යයි අපගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් කුමාරසිරි,
“මම පාසල් දැරියක් ලෙස එදා ගත කළ ජීවිතය තවමත් මට හොඳට මතකයි. එදා මාව වළදාපු තැන මම හඳුනාගත්තා. මාව මැරුණේ කොළරාව හැදිලා. මරණාසන්න ඇඳේ සිටියදී අම්මා තාත්තා හැමෝම වගේ ළඟ හිටියා. මට කොටු ගවුමක් තිබුණා. එ්ක නිල් පාටයි. මම එ් ගවුමට හරිම ආසාවෙන් හිටියා. මාව වළදාපු දැන කිට්ටුව ගෙයක් තිබුණා. එ් ගෙදර හිටපු රැවුල තියෙන පුද්ගලයෙක් ගැනත් මම නිවැරදිව කිව්වා.
මම ගෙදරට වතුර ගේන්න පීල්ල ළඟට යනවා. වතුර කළේ අරගෙන එන හැටි මට තාමත් මතකයෙන් පේනවා” යයි ද කුමාරසිරි අප සමඟ කීවේය.
පෙර භවයේදී ඔබ නැටුම්වලටයි ගීත ගායනයට ආසාවක් තිබුණු බව මතකද? යයි නැවත කුමාරසිරිගෙන් අප විමසීමක් කළෙමු.
“ඔව් මම ඉස්සර ගත කළ ජීවිතයේදී හොඳින්ම මතක ගීතයක් තියෙනවා.” යයි පැවසූ කුමාරසිරි,
“ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි”
යන ගීතය පෙර මතකය අවදිකරමින් ගායනා කළේය. මියගිය චන්ද්‍රවතී කුමාරසිරි ලෙස පිළිගැනීමට හේතුව වූ අනාවරණය කළ තොරතුරු රැසක් ඇත. “මම ඉස්සර අරුංගල් දැම්මා” යයි කුමාරසිරි කුඩා කල සිට හෙළිකිරීම එක් ප්‍රධාන කරුණකි. ඔහුගේ කන්පෙතිවල කරාබු පැළඳි බැව් තහවුරුවන අයුරින් උපතින්ම සලකුණු දෙකක් දක්නට ලැබිණි. ​තේ මුලක් ඇනී චන්ද්‍රවතීගේ සිරුරේ සිදුවූ තුවාල කැළල එ් අයුරින්ම කුමාරසිරිගේ ද උපන් ලපයක් දක්නට ලැබීම තවත් අතිශය පුදුම උපදවන කරුණකි. මේ හැර පිරිමි දරුවෙකු ලෙස උපත ලබා සිටියදී ගවුම් ඉල්ලා සිටීම ද විශේෂත්වයක් විය. එහි ප්‍රබලතම සාක්ෂියක් බවට පත්වූයේ ගවුමක් ඇඳ ඡායාරූපයකට පෙනී සිටීමය. චන්ද්‍රවතී අසාධ්‍යව සිටියදී මව කතරගමට බාරයක් වූ පුවත ද කුමාරසිරි පෙරභව මතකයෙන් හෙළි කළේය. පෙරභවයේදී සිරුර භූමදානය කළ ස්ථානය ද නිවැරදිව පෙන්වාදීමට එදා කුමාරසිරිට හැකි විය. “මගේ අරුංගල් දෙක කෝ” යනුවෙන් කුමාරසිරි මවගෙන් විමසා සිටීම ද තවත් සාක්කියක් විය. එහි හැඩරුව පවා නිවැරදිව කීමට කුමාරසිරිට හැකිවූ බැව් ඒ පිළිබඳ කළ නිරීක්ෂණ​ෙය්දී හෙළිවිය. එහෙත් එය චන්ද්‍රවතීගේ සිරුර සමඟ භූමිදානය කර තිබිණි.
පෙරභවයේ දැනුමෙන් ගීතයක් ගායනා කළ පුනර්භව සාධකයක් මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ඉන්දියාවේ සිදුකළ පුනර්භව සාධකයකට ද ඇතුළත් වී තිබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දී උපත ලැබූ ස්වර්ණලතා නම් දැරියක් පෙර භවය හෙළි කිරීමෙන් පසු ගීතයක් ගායනා කළාය. එය බෙංගාල ගීතයක් විය. ඇයට එම ගීතය ගායනා කිරීමට හැකිවූයේ කෙසේද යන්න දෙමාපියන්ට බලවත් ප්‍රෙහේළිකාවක් විය. ඒ පිළිබඳව ඇගෙන් විමසීමේදී ඇය කියා සිටියේ පෙරභවයේදී එම ගීතය ගායනා කළ බවකි. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඇගේ පුනර්භව සාධක විමර්ශනය කර ලියන ලද පර්යේක්ෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ (Swarnalatha Claimed that she had learned the songs and dances during a previous life in a city of Bengal, now in Bangladesh. She said that she had learned them from her friend of that previous life) යනුවෙනි.
මේ අයුරින් පෙරභව මතකයෙන් ගීත ගායනා කිරීමේ සිදුවීම් පුනර්භව සාධකවලට ප්‍රබල සාක්කි ලෙස පිළිගනු ලැබේ.

සටහන
තිස්ස ජයවර්ධන

උපුටා ගැනීම:ලංකාදීප.

ලෝක ශුර පා පැදි ශුරයන්ට හපුතලේදී පොලු මුගුරුවලින් පහරදී පා පැදි සොරා ගත් නරුමයන්.- Video.

ලොව පුරා පා පැදි තරංග වලට සහභාගී වී ජයග්‍රහණ රැසක් හිමිකරගත් විදේශීය තරඟකරුවන් තිදෙනෙක් ලංකාවට පැමිණියේ තවත් තරඟයකට සහබාගී වීමටයි. ඔවුන් කල් තියා පැමිණ හපුතලේ ප්‍රදේශයේ නවාතැන් ගෙන, කඳුකර මාර්ග ඔස්සේ සෑම දිනම උදෑසන පුහුණුවීම් කලේ අවට සොබා සිරි නැරඹීමේ අදහසත් සිතේ කැටි කරගෙනය. ඔවුන් ලංකාවේ පරිසරයේ අලංකාරයට වශීවී සිටියා.
නමුත් එම ප්‍රදේශයේ තේ වතු මැදින් ධාවනය කරමින් සිටියදී ඔවුන්ට නොසිතු සිද්ධියකට මුහුණ දෙන්නට සිදු වුනා.
ඒ ගැන සම්පුර්ණ විස්තරය බලන්න පහත වීඩියෝව නරඹන්න.

මියගිය ප්‍රින්ස් ගැන දයාන් විතාරණ මහතා තෑබු සටහන

අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට ටික වෙලාවකට පෙර නවලෝක රෝහලේදී අවසන් සුසුම් හෙළු බව තහවුරු විය .2002 වසරේ මා ගායකයෙක් වන කල ඔහුගේ සීගිරියේ කුරුටු ගීත ගීතය කෙතරම් ජනප්‍රිය වීද යත් එම කැසට් පටය මිළදී ගැනීමට දිගු පෝලිම් තිබු බව මතකය .

අතිශයින් ජනප්‍රිය වූ රසික සිත් දිනා ගත් සංවේදී ගායකයෙකු වුවද අප යන මොහොත ආ විගස අප නික්ම යා යුතුය .කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සුව දුක් බැලීමට මා රෝහලට ගොස් ඔහු වඩාත් සුව අතට හැරෙමින් ඇති බව දන්වා සිටි මගේ මුහුණු පොතේ සටහනට ලැබුනු ප්‍රතිචාර ඉමහත්ය .කෙසේ හෝ ප්‍රින්ස් දැන් අප අතර නැත .වයස 47ක් වැනි කෙටි ආයු කාලයකින් ඔහු නික්ම යෑම කෙතරම් අභාග්‍යයක්ද .ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොයුරාට අමා මහ නිවන් සුව පතමි.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමු ගනී.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට සුළු මොහොතකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. දැඩි ලෙස රෝගීව කලක් රෝහල් ගතව සිටි ඔහු මීට සුළු මොහොතකට පෙර ජීවිතයෙන් සමු ගත්තා.

හොඬවැල හකුලා, කකුල උස්සා, ගහන්න ආපු ඇතාගෙන් ජීවිතය යැද්ද රත්නායක පෙර පිනකට බේරුණු හැටි

‘‘හොඬවැල හකුළාගත්තා, ඉස්සරහා කකුල ඉස්සුවා..“
‘‘වැඳගෙන කීවා බුදුබව අත්වෙයි මාව මරන්න එපා කියලා..“
‘‘ඒ සතාගේ මනුස්සකම මරණය පෙනි පෙනී මට දැනුණා.

හොඬවැල හකුළාගෙන ඉදිරි පාදය ඔසවා බිම වැටී සිටි හැටතුන් හැවිරිදි වයස්ගත පුද්ගලයකුට පහරදී පාගා දැමීමට සූදානමින් සිටි දළ ඇතකුට බිම වැටී සිටි වයස්ගත පුද්ගලයා දණගසා වැඳ තමාට පහර නොදෙන ලෙස බැගෑපත්වීමේදී තප්පර කිහිපයකින් දළ ඇතා පාදය බිම තබා එම ස්ථානයෙන් ඉවත්ව ගිය අපූරු පුවතක් තඹුත්තේගම නගරයට ආසන්න ගුරුගම ගම්මානයෙන් වාර්තා වනවා.

ගුරුගම ගම්මානයට දැනට මාස දෙකක කාලයක සිට දළ ඇතකු සමඟ සිටින වන අලින් ‍12 දෙනකුගෙන් යුතු රංචුවක් දිවා රාත්‍රි දෙකෙහිම ඉඩම්වලට කඩා වැද ලක්‍ෂ ගණනින් ගම්වාසීන්ට පාඩු සිදුකර තිබුණා.

තම ගම්බිම්වලට අලි රංචුව කඩා වදින නිසා ගුරුගම බොහෝ ගොවීන් තම කුඹුරුවලට හා හේන්වලට රාත්‍රි කාලයේ යන්නේ නැත.

පසුගිය 05දා වටින් ගොඩින් එළිය වැටෙමින් පවතිද්දී ආර්.එම්. රත්නායක ගොවි මහතා තම බිරිය සමඟ කුඹුරේ වගාකර තිබූ බණ්ඩක්කා අස්වනු නෙළා ගැනීම සඳහා පිටත් වී තිබෙනවා. ටික දුරක් යතුරුපැදියෙන් යනවිට ගසක් අසල පාර අයිනෙ කළුගලක් මෙන් යමක් ඉදිරියට එන අයුරු දැක ඇති රත්නායක ගොවි මහතා තවත් විපරම් කර බැලීමේදී දළ ඇතකු තමන් ඉදිරියට එන අයුරු දැක තිබුණා.

කිසිවක් කර ගැනීමටවත් නොහැකිව බියට පත්ව සිටි රත්නායක මහතා හා බිරිය යතුරුපැදියෙන් ඇද වැටී එයට යටවී තිබේ. එහිදී රත්නායක මහතාගේ බිරිය වන හැට හැවිරිදි සුමනා දිසානායක මහත්මිය තම සැමියාටත් නැඟිට දුවන ලෙස දන්වා ඇයද දුවගෙන ගොස් ඇත. මෙහිදී රත්නායක මහතාට නැඟිට ගන්නටවත් ඉඩ නොතබා දළ ඇතා තප්පර ගණනකදී ඔහු අසලට පැමිණ ඇත.

ඉන්පසු සිදු වූ සිදුවීම ආර්.එම්. රත්නායක මහතා විසින් මෙසේ පැවැසීය.

‘‘මම නම් හිතුවා ආයේ බත් කාලා ඉවරයි කියලා. මට යතුරුපැදියෙන් වැටිලා නැඟිටින්නවත් හම්බ වුණේ නැහැ ඇතා මගේ ළඟ. හොඬවැල හකුළාගත්තා, ඉස්සරහා කකුල ඉස්සුවා. සාමාන්‍යයෙන් අලියකු හෝ ඇතකු හොඬවැල හකුළනවා කියන්නේ පහර දෙනවාමයි කියන එක. කවදාවත් හකුළාගත්ත හොඩවැලෙන් පහර නොදී දිගහැර ගන්නේ නැහැ. මට ඒ වෙලාවේ දෙවියෝ බුදුන් සිහිවුණා. මම හිතුවා මම නම් දැන් ඉවරයි කියලා. අවසානයේ වෙන දෙයක් වෙන්න කියලා හිතාගෙන මම දණ ගහගෙන ඇතාට වැඳගෙන කීවා බුදුබව අත්වෙයි මාව මරන්න එපා කියලා. ඊට පස්සේ ඉතිපිසෝ ගාථාව මතක් වෙලා කීවා. එතකොටම හොඬවැල දිග හැරලා උස්සලා තිබුණු කකුල බිම තියලා යන්න ගියා.

මටම පුදුම හිතුණා. මනුෂ්‍යයකුට වඩා දුක වේදනාව තේරෙන සතෙක් බව මටත් සමාජයටත් ඇතා එදා පෙන්නලා දුන්නා. අද සමාජයේ මිනිසකු විසින් තවත් මිනිසකු මරන්න හදන වෙලාවේවත් වැඳ වැටුණත් ජීවිත දානය දෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට වඩා මේ සත්ත්වයාගේ මනුෂ්‍ය ගුණය තියෙන බව මරණය පෙනි පෙනී වුවත් මට දැනුණා.“