ලෝක ඉතිහාසයේ දැවැන්තම ඉදිකිරීමේ ප්‍රධාන උපදේශකයා ලංකාවේ චන්දන ජයලත්.

ලොව උසම ඉදිකිරීම් පිළිබඳ පුවත් ඔබ අප කොතෙකුත් අසා ඇත. එහෙත්…ඒ අතරින් කිලෝමීටරයක පමණ උසකින් යුත් දැවැන්ත ඉදිකිරීමක්‌ පිළිබඳ පුවතක්‌ මෙතෙක්‌ ඔබ අසා ඇතිද? ඇතැම් විට අසා නොතිබෙන්නට පුළුවන. මේ වන විටත් එතෙක්‌ මෙතෙක්‌ ලොව වැඩිම උසකින් යුත් විශාලතම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිවෙමින් පවතින අතර එය ඉදිවෙමින් පවතින්නේ අසර්බයිජානයේ “බකූ” අගනගරය තුළය. තරු පන්තියේ හෝටල් සංකීර්ණ, සාප්පු සංකීර්ණ, සිනමාශාලා, සමාජශාලා, ගෘහස්‌ත ක්‍රීඩා සංකීර්ණ ඇතුළු තවත් විවිධ පහසුකම් රාශියකින් මෙම දැවැන්ත ඉදිකිරීම සමන්විතය. ඉදිවෙමින් පවතින මෙම ගොඩනැඟිලි සංකීර්ණය සඳහා වෙන්කොට ඇති භූමි ප්‍රදේශය පමණක්‌ අක්‌කර හයසියයකින් සමන්විත වන අතර එම භූමිය නිර්මාණය කර ඇත්තේ මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්‌ ලෙසින්ය.
එක්‌ අන්තයකින් මහා සාගරයෙන් ද, ගොඩබිමෙන් ඉරානය, ජෝර්ජියාව සහ රුසියාවට මායිම් වන්නට පිහිටා ඇති අසර්බයිජානයේ “බකූ” අගනගරයේ නිමවෙමින් පවතින (Crescent Tower) හි ඇති සුවිශේෂී බව පිළිබඳ තබන මේ සටහන් පෙළ තුළ අපට ඇති සුවිශේෂී බව වන්නේ ශ්‍රී ලාංකිකයකුගේ විශේෂඥ දැනුම එම යෝධ ඉදිකිරීමට මුහුවී තිබීමය.

ඔහු නමින් ආචාර්ය චන්දන ජයලත්ය. වරලත් ප්‍රමාණ සමීක්‌ෂකයකු, ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමෝපායන් පිළිබඳ ලොවම පිළිගත් විශේෂඥවරයකු වන හේ මේ වන විට ඉහත සඳහන් ලොව උසම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ කොන්ත්‍රාත් උපදේශකවරයෙක්‌ය.

කෙටි නිවාඩුවක්‌ පිණිස පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි ආචාර්ය චන්දන ජයලත් මහතා මුණගැසීමේ අවස්‌ථාවක්‌ අපට හිමිවූ අතර එහිදී ඔහු මෙතෙක්‌ පැමිණි ගමන් මඟ පිළිබඳ කෙටි පිළිසඳරක යෙදීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඉදිකිරීම් ක්‌ෂේත්‍රය පිළිබඳ ජාත්‍යන්තර දැනුමකින් හෙබි ආචාර්ය චන්දන ජයලත් මීරිගම කනිෂ්ඨ විද්‍යාලයෙන් පාසල් ගමන ආරම්භ කර ඉන් අනතුරුව ගම්පහ බණ්‌ඩාරනායක විදුහලෙන් උසස්‌ පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (ප්‍රමාණ සමීක්‌ෂණය) උපාධිය ලබාගත් අතර ඔහු ආචාර්ය උපාධිය (තාක්‌ෂණ කළමනාකරණය) හිමිකරගෙන ඇත්තේ දකුණු දිග කැලිෆොනියා විශ්වවිද්‍යාලයෙන්ය.

තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආකාරයත් පියවරෙන් පියවර තම ගමන් මඟ ජයගනිමින් අසර්බයිජානයේ ඉදිවන ලොව උසම ගොඩනැඟිල්ල සඳහා තමන් සතු දැනුම ප්‍රදානය කරන්නට හැකිවූ ආකාරයත් පිළිබඳ අදහස්‌ දැක්‌වීම ආරම්භ කළ ආචාර්ය චන්දන ජයලත් ගොඩනැඟිල්ලක්‌ ඉහළට එසවෙන ආකාරයෙන් තමන්ගේ ජීවිතය ඉහළ තලයකට ගමන් කළ ආකාරය ගැන සඳහන් කරමින් කරුණු පවසන්නට විය.

“මම මුලින්ම ඉදිකිරීම් ක්‌ෂේත්‍රය හරහා මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ දඹුල්ල, කන්ඩලම හෝටල් ව්‍යාපෘතිය තුළින්. එතනදී මම ලබපු සුවිශේෂී අත්දැකීම තමයි මෙරට අති විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහත්තය සමඟ රාජකාරි කිරීම. ඇත්තටම ඒක මම ලබපු සුවිශේෂී අත්දැකීමක්‌. ඊට අමතරව තවත් සඳහන් කළ යුතුම කාරණාවක්‌ තමයි කලක්‌ මම යුද හමුදා නිලධාරියෙක්‌ විදිහට කටයුතු කිරීම. එතනදී ජයසිකුරු, ජයමඟ, පෙරියමඩු මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබෙනවා. කපිතාන්වරයෙක්‌ ලෙස යුද හමුදා ස්‌වේච්ඡා බළකායට බැඳෙන මම වසර අටක්‌ යුද හමුදාවේ සේවය කරල “රිවි රැස” “පූර්ණ භූමි” පදක්‌කම් පළඳල ඊට පස්‌සෙ තමයි පළමු වතාවට විදෙස්‌ගත වෙන්නේ…”

“මම මුලින්ම යන්නේ ඩුබායි රාජ්‍යයට. ඒ ගිහින් එරට ගුවන්තොටුපළ ව්‍යාපෘතියකට අනුයුක්‌තව රාජකාරිය අරඹනවා. ගාඩ්නර් සහ තියොබෝල්ට්‌ කියන සමාගම යටතේ තමයි මට රාජකාරි කරන්න සිද්ධ වෙන්නේ. එතනින් මම ඕමානයේ ‘මස්‌කට්‌’ නගරයට යනවා. මම විශ්වාස කරන විදිහට මගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය ආරම්භ වෙන්නේ මස්‌කට්‌ වලින්. එතනදී ලෝකයේ හතරවැනි විශාලම මුස්‌ලිම් පල්ලිය ඉදිකිරීමේ ව්‍යාපෘතියට මම සම්බන්ධ වෙනවා. එතනදී සිදුවූ තවත් විශේෂ සිදුවීමක්‌ තමයි ෂේක්‌ හමුඩ් සුල්තාන් අල් හුස්‌නි කියන පුද්ගලයව හඳුනාගැනීම. ඔහු එරට රාජකීය පවුලක සාමාජිකයෙක්‌. ඒ වගේම ධන කුවේරයෙක්‌. එයට අමතරව ඔහු මස්‌කට්‌ අගනගරයේ නගරසභාවේ අධ්‍යක්‌ෂවරයා. ඔහු මගේ හැකියාවන් හඳුනාගත් පුද්ගලයෙක්‌. ඒ රටේ තිබෙන විශේෂත්වයක්‌ තමයි පුද්ගල හැකියාවන්ට නියම වටිනාකම ලබාදීම. හරියට වැඩකරන්න පුළුවන් දක්‌ෂ පුද්ගලයන්ව හඳුනාගෙන ඒ අයට හිමිවිය යුතු වටිනාකම සුදුසු ස්‌ථානය ලබාදීල ඒ රටට සේවයක්‌ ගැනීම තමයි ඒ අයගේ මූලික අභිප්‍රාය වෙන්නේ. ඇත්තම ප්‍රකාශ කරනවා නම් ඕනම රටක යම් හැකියාවක්‌ සහිත මානව සම්පතක්‌ පවතිනවා නම් ඒවා හඳුනාගෙන ඒ අයගෙන් රටට යම් සේවයක්‌ ලබාගැනීම රාජ්‍යයක්‌ සතු වගකීමක්‌. ලෝකයේ බොහෝ රටවල් දියුණුව කරා ගියේ ඒ මාර්ගයෙන්. ඕමානය කියන්නෙත් එහෙම රටක්‌. යම් කෙනකුගේ කුමන හෝ විශේෂඥතාවක්‌ පවතිනවා නම් එයාට අවශ්‍ය වැටුප දීල සුදුසු පරිසරයක්‌ නිර්මාණකර දීල ඒ ඒ පුද්ගලයාව සුදුසු ස්‌ථානවල තබනවා. ඒ හරහා රටට අවශ්‍ය දේ ලබාගන්නවා.

සුල්තාන් අල් හුස්‌නි මට පුද්ගලිකව ආරාධනා කරනව මස්‌කට්‌ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රමාණ සමීක්‌ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. මම ඒ ආරාධනාව සතුටින් භාර අරගෙන වසර හයක්‌ එතැන සේවය කරනවා. එහිදී රාජකීය පවුල්වල විශාල පිරිසක්‌ ඊට අමතරව විවිධ වෘත්තිකයන් ඔය ආදී සමුහයක්‌ එක්‌ක සම්බන්ධව මම රාජකාරී කරනවා. ඒ අතරතුර අවස්‌ථා කීපයකදී ලෝකයේ ඉතාමත් පිරිසිදුම නගරය ලෙස “මස්‌කට්‌” නගරය ඇගයීමට පවා ලක්‌වෙනවා.

“මස්‌කට්‌” නගරයේ වසර හයක්‌ රාජකාරී සිදුකරන ආචාර්ය චන්දන ජයලත් ඉන් අනතුරුව වසරක කාලයක්‌ එංගලන්තයේ ජීවත් වන්නේය. නැවත කටාර් රාජ්‍යය වෙත පැමිණෙන ආචාර්ය චන්දන ජයලත් එහිදී රජයේ වැඩ අධිකාරියේ සේවයේ නිරත වන අතර එහිදී ඔහුගේ විශේෂඥ දැනුම යොදාගනු ලබන්නේ එරට ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ සිදුවන ගැටලු නිරාකරණය කරගැනීම පිණිසය. ඒ පිළිබඳ ප්‍රාමාණිකයකු වන ආචාර්ය චන්දන ජයලත් හට ලොව උසම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ විශේෂඥවරයකු ලෙස සේවය කිරීමට ඇරයුම් ලැබෙන්නේ ඉන් අනතුරුවය.

“ඔය අතරේ තමයි මට අසර්බයිජානයේ මේ වන විටත් ඉදිකරමින් පවතින ලෝකයේ උසම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් විශේෂඥවරයෙක්‌ ලෙස රාජකාරි කරන්න ඇරයුම ලැබෙන්නේ. මම හිතන්නේ ඒක අහඹු සිදුවීමක්‌ කියල. මොකද මගේ එහෙම අදහසක්‌ නොතිබූ වේලාවක තමයි මට මේ ඇරයුම ලැබෙන්නේ. ඒක මම ජාත්‍යන්තරයත් එක්‌ක තිබුණ සම්බන්ධතා හේතුවෙන් ලැබුණ ආරාධනාවක්‌ වෙන්න පුළුවන්. මොකද ගල්ෆ් කලාපයේ තිබෙන රටවල් හත සමඟ ඒ රටවල වෘත්තීය ප්‍රජාව සමඟ මගේ සමීප ඇසුරක්‌ පැවතීම ඒකට තවත් හේතුවක්‌ වෙන්න ඇති.

ඉතිං අපි මේ ඉදිකිරීම ගැන කතා කළොත් මම මේ ව්‍යාපෘතිය හා සම්බන්ධවෙලා මේ වෙද්දී වසර 3 ක්‌ වෙනවා. දැනට මෙම ගොඩනැඟිල්ලේ යෝජිත උස ප්‍රමාණය කිලෝමීටරයක්‌, නමුත් ඒ රටේ භූ දේශපාලනයේ වෙනස්‌කම් එක්‌ක ඇතැම් විට එහි වෙනසක්‌ සිදුවිය හැකියි. අනෙක්‌ විශේෂ කරුණ තමයි මේක අසර්බයිජානයේ පුද්ගලික ආයෝජකයන්ගේ මුදලින් කරන ව්‍යාපෘතියක්‌ වීම. මම දන්න විදිහට මේ සඳහා වැඩිම මුදලක්‌ ආයෝජනය කරල තියෙන්නේ ලෝකයේ 16 වැනි පොහොසතා. මේ ඉදිකිරීම සඳහා වන මුළු භූමි ප්‍රමාණය නිර්මාණය කරල තියෙන්නෙ කැස්‌පියන් මුහුද ගොඩකිරීමෙන්.

ඉදිකිරීම් පැත්තෙන් ගත්තොත් මේ ව්‍යාපෘතියේ වැඩි බරක්‌ උසුලන්නේ ඇමෙරිකාව විසින්. ඊට අමතරව තවත් සමාගම් සමූහයක්‌ මේ කටයුත්ත සඳහා ඔවුන්ගේ දායකත්වය සපයනව. ඒ අතරින් මෙම ඉදිකිරීම සඳහා මානව සම්පත බහුල ලෙස අරගෙන තිබෙන්නේ තුර්කි රාජ්‍යයෙන්. ඒකට විශේෂතම හේතුව තමයි තුර්කි ජාතිකයන් තුළ පවතින වැඩකිරීමේ හැකියාව. විශේෂයෙන් අසර්බයිජානය කියන්නේ ශීත දේශගුණයක්‌ සහිත රටක්‌ වීමත් එවැනි දේශගුණික තත්ත්වයක තුර්කි ජාතිකයන්ට වැඩෙහි යෙදීමේ ඇති හැකියාවත් ඒ සඳහා බලපෑ තවත් කාරණයක්‌ ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. දවසේ පැය 24 පුරාම තුන්දහසකට අධික ශ්‍රමිකයන් පිරිසක්‌ මේ ස්‌ථානයේ රාජකාරි කරනවා….

අනෙක්‌ පැත්තෙන් ගත්තොත් නවීන තාක්‌ෂණය උපරිම ලෙස යොදාගැනීමක්‌ මෙහි දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකන් තාක්‌ෂණය එහිදී කැපීපෙනෙන මෙහෙවරක යෙදෙනව කිව්වොත් නිවැරැදියි. මොකද අද ලෝකයේ නව ප්‍රවණතාවක්‌ වන “පේපර්ලස්‌” ක්‍රමයට තමයි වැඩබිමේ සියලු දේම සිද්ධ වෙන්නේ. යමක්‌ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ලිපිගොනු එහා මෙහා ගෙනයැම නිලධාරීන්ගේ දෙපාමුලට ඒව රැගෙන යැම ආදී පැරැණි ක්‍රම වෙනුවට එතැන භාවිත කරන්නේ නවීන ක්‍රමෝපායන් එතනදී යමක්‌ පිළිබඳ තීන්දුවක්‌ ගන්නවා නම් එවෙලෙම ගන්න පුළුවන් ක්‍රමයක්‌ ක්‍රියාත්මක වෙනවා..”

අදාළ ඉදිකිරීමෙන් මදකට බැහැරවෙලා අසර්බයිජානය කියන රට ගැන කතා කළොත් “බකූ” කියන්නේ මුළුමනින්ම සංස්‌කෘතික නගරයක්‌. ආවර්තිතා වගුව ඒ රටේ නිර්මාණයක්‌. ලෝක පූජිත ලේඛක පුෂ්කින් තමන්ගෙ ජීවිතයෙන් වැඩි කලක්‌ ගත කරල තියෙන්නෙ අසර්බයිජානයේ.

ආචාර්ය චන්දන ජයලත් විසින් එතෙක්‌ කරගෙන ආ කථාබහ නතර කිරීමට පෙර අවසන් වරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිsටියේ ලොව දැවැන්තම ඉදිකිරීම සිදුවන “බකු” නගරය සංස්‌කෘතික නගරයක්‌ සේම ලොව විනීතම මිනිසුන් ජීවත්වන ප්‍රදේශයක්‌ බව තමන් අත්දැකීමෙන්ම වටහාගත් දෙයක්‌ බවත් ආර්ථික සමාජීය සංස්‌කෘතික අතින් අසර්බයි ජානය ඉහළ තලයකට පිවිසීමට එයද එක්‌ හේතුවක්‌ වී ඇති බවත්ය. එම ඉදිකිරීමේ වීඩියෝව පහතින්.
උපුටාගැනීම: දිවයින,

රුවන් ජයවර්ධන

DCIM100MEDIADJI_0037.JPG

මහත් විනාශයක් කල කොටි ගුවන් බලකායේ දෙවනියා “කුෂන්තන්” නඩු නැතිව නිදහස්.

2014 වසරේ අග භාගයේ දිනයක බොරැල්ලේ මැගසින් ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරිය වෙත සැකකරුවෙක්‌ ගෙන ආ ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව එහි රඳවා තැබීමට ක්‍රියා කළහ. මේ සැකකරුවා කවුදැයි ත්‍රස්‌ත මර්දන නිලධාරීන් හෙළි කළේ නැත. එම සිරමැදිරියේ ත්‍රස්‌ත චෝදනා එල්ලවූ සැකකාර පොලිස්‌ අධිකාරිවරයකු ද සිටියේය.

මේ සැකකරුවා වෙනින් කවුරුවත් නොව කොටි සංවිධානයේ වාන්පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් සුන්දරලිංගම් හෙවත් කුශාන්තන් මාස්‌ටර් හෙවත් දර්ශන් ය.

දර්ශන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ කුශාන්තයන්ට පැවරී තිබූ මෙහෙයුම වූයේ කටුනායක අනුරාධපුරය කොළොන්නාව සහ පලාලි වෙත බෝම්බ දැමීම ක්‍රියාත්මක කිරීමයි.

ඒ වනවිට කොටි සංවිධානය සතුව චෙක්‌ නිෂ්පාදිත ස්‌ලින් – ඉසඩ් 143 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ තිබුණි. 2007 මාර්තු 20 දා මෙම කොටි ගුවන් යානා දෙක කටුනායක ගුවන් හමුදා කඳවුරට බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් වූහ. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි වෙත බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් විය. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි අසළ හමුදා බංකරයකට හෙළු බෝම්බවලින් සෙබළුන් 6 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. 2007 ඔක්‌තෝබර් 22 දා කොටි ගුවන් යානාවක්‌ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටද බෝම්බ දැමීය.

2008 වසරේ අගෝස්‌තු 26 දා කොටි ගුවන් යානාවක්‌ ත්‍රිකුණාමලයේ නාවික කඳවුරටද බෝම්බ දැමීම නිසා නැවියන් සිවුදෙනෙක්‌ මියගියහ.

එම වසරේම සැප්තැම්බර් 9 දා වවුනියාව හමුදා කඳවුරටද බෝම්බ දමනු ලැබීය. එම බෝම්බ ඉලක්‌ක වූයේ ඉන්දියාව විසින් වවුනියාව කඳවුරේ ස්‌ථාපිත කර තිබූ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය වැනසීමය.

මේ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය එම අවස්‌ථාවේ අක්‍රියවී තිබූ බව වාර්තා විය. පසුව රජය චීනයෙන් ත්‍රිමාන රේඩාර් පද්ධතියක්‌ ගෙනැවිත් මීරිගම ප්‍රදේශයේ ස්‌ථාපිත කරනු ලැබීය.

අනතුරුව කොටි සංවිධානය 2008 ඔක්‌තෝබර් 28 දා මන්නාරම තල්ලඩි හමුදා කඳවුරට බෝම්බ දැමූ නමුත් ඉලක්‌කය වැරදුනි. එම දිනයේම කොළඹ කැලණිතිස්‌ස විදුලි බලාගාරය වෙතද බෝම්බ දැමීමෙන් බරපතළ හානියක්‌ සිදු විය.

මෙම ත්‍රස්‌ත මෙහෙයුම්වලින් පසුව 2009 පෙබරවාරි 20 දා කොටි ගුවන් ඒකකය ජපන් කමිකාසේ හෙවත් මරාගෙන මැරෙන ක්‍රමයේ ප්‍රහාරයක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට එල්ල කළත් ඉලක්‌කය වැරදී කොටි ස්‌ලින් යානාව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ ගැටී විනාශ විය. එම අවස්‌ථාවේම තවත් කොටි ගුවන් යානාවක්‌ කටුනායක ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළත් ඉන්දියාව සපයා තිබූ බෝෆොaර් ගුවන් යානා නාශක අවි ප්‍රහාරයකට ලක්‌වී එම යානාවද කඩා වැටී විනාශ විය.

මේ ප්‍රහාර සියල්ල මෙහෙයවූ වාන් පුලිගල් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් අසුවූයේ නැත. ක්‍රම ක්‍රමයෙන් කොටි පරාජය වී කුශාන්තන් පිළිබඳව අමතක විය.

එහෙත් මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩුට කුශාන්තන් අමතක වූයේ නැත. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තම ගමන් බලපත් අළුත් කිරීම සඳහා ක්‌වාලාලාම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට සිය ගමන් බලපත් ලබා දුන් පිරිස අතර කුශාන්තන් සුන්දරලිංගම් නමැත්තකු ද සිටින බව දුටු මේජර්ජනරාල් වරයා මැලේසියාවේ බූකින් අමාත් ත්‍රස්‌ත මර්දන ඒකකයේ සහයෙන් දියත් කළ වැටලීමකදී සැකකටයුතු තිදෙනෙක්‌ අසු විය. ඉන් එක්‌ අයෙක්‌ වූයේ කුශාන්තන්ය.

මේ වනවිට එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය කුශාන්තන්ට සරණාගත හැඳුනුම්පතක්‌ ලබාදී තිබුණි.

කුශාන්තන් අසුවූ බව මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාවට වාර්තා විය. ඔවුහු කොටි හිතවාදියකුවූ මැලේසියාවේ පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලනිසාමි රාමසාමිගේ මෙහෙයවීම මත අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් එක්‌සත් ජාතීන්ගේ සරණාගතයකු මැලේසියාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කරන බවත් එය නතර කරන ලෙසත් නියෝග කරන්නැයි ඉල්ලීමක්‌ කළහ.

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ව බේරා ගැනීමට මැලේසියා කොටි ඩයස්‌පෝරාව උත්සාහ කරන බව මැලේසියා පොලිසියෙන්ම මේජර් ජනරාල්වරයාට ද වාර්තා විය.

මේ නිසා දැඩි කලබලයට පත් මේජර් ජෙනරාල් මානවඩු 2014 මැයි 29 දා කුශාන්තන්ව මෙරටට එවීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කරනු ලැබීය.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක්‌ ක්‌වාලලාම්පූර් සිට කොළඹ බලා ඒමට සූදානම් වී තිබුණි. මේ අතර ක්‌වාලාලාම්පූර් අධිකරණය රාමසාමිගේ අයදුම්පත පිළිගනිමින් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම වහාම අත්හිටුවන ලෙස දක්‌වමින් ආගමන විගමන බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරනු ලැබීය.

මේ නියෝගය වහාම දුරකථනය මගින් ක්‌වාලාලාම්පූර් ගුවන් තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත දන්වන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබුණි.

එහෙත් ආගමන විගමන ප්‍රධානියාගේ මේසයේ තිබූ දුරකථනය කීපවතාවක්‌ම නාද වුවත් රිසිවරය අතට ගැනීමක්‌ සිදුවී නැත. එම පසුබිම මැද කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ගොඩ කිරීමට කොළඹින් ගිය ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට හැකි විය.

කොටි යුද්ධය අවසන්වී පස්‌ වසරකට පසු කුශාන්තන් අසුවීම ගැන ශ්‍රී ලංකා රජය ලත් විශාල ජයක්‌ බව කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ වූවෙක්‌ පවසා තිබුණි. කොටි සංවිධානයේ වඩාත්ම වටිනාකමක්‌ ඇති කුශාන්තන් හෙවත් දර්ශන් අසුවීම කොටි ඩයස්‌පෝරාව ලත් පරාජයක්‌ බව එම ඩයස්‌පෝරා ක්‍රියාකාරියා තවදුරටත් පවසා තිබුණි. මේ වනවිට මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. කුශාන්තන් මෙන්ම අච්චුදන් ද ගුවන් නියමුවෙකි. අච්චුදන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත් වී තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කර නොතිබුණි.

ඒ වනවිට අච්චුදන් හා බිරිය ප්‍රංශයට පැනගොස්‌ ඇති බවට වාර්තා විය.

එහෙත් කොටි ගුවන් ඒකකයේ මෙහෙයුම් සැලසුම් දියත් කළේ කුශාන්තන් බව අනාවරණය විය.

මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී හමුවූ කොටි ගුවන් ඒකකයේ ඡායාරූපවලින් අච්චුදන්ගේ සහ කුශාන්තන්ගේ සියලු තොරතුරු අනාවරණය විය.

කුශාන්තන්ගේ ගුරුවරයා වූයේ ශංකර්ය. 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩියිරිප්පු මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බයකින් ශංකර් මරුමුවට පත් විය. මෙම බිම්බෝම්බය අටවා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර විහිදුම් බළකාය බවට වාර්තා විය.

මේ අතර කුශාන්තන් ශංකර්ගේ ඥාති දියණියක්‌ වූ රෝහිනී විවාහ කර ගත්තේය. එම විවාහ මංගල්‍යය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ ඔහුගේ බිරියගේ ප්‍රධානත්වයෙනි.

මෙලෙස කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන කීපයකට කොටි ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් හෙවත් දර්ශන් වැඩි කලක්‌ බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් මධ්‍යස්‌ථානයේ සිරගත වී සිටියේ නැත.

ඔහු දිනක්‌ තම සිරමැදිරියේ සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු අමතා මෙලෙස පැවසීය.

“මම හෙට නිදහස්‌ වෙනවා. මට නඩු පැවරීමට චෝදනා නැහැ. මම නිදහස්‌ වන්නේ ඔබලාගේ නීතියෙන් යෑයි ඔහු කියා සිටියේය.

කුශාන්තන් කීවේ සැබෑවකි. ත්‍රස්‌ත මර්දන ඒකකය ඔහුට අධි චෝදනා මත නඩු පැවරුවේ නැත. චෝදනා ගොනු කළේ ද නැත. බූස්‌ස සිරකඳවුරේ ද සිටි කුශාන්තන් එකවරම නිදහස්‌ විය. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා නිදහස්‌ වූයේ කෙසේ දැයි රජයේ බලධාරීන් පවා පැවසුවේ නැත.

ත්‍රස්‌ත සිරකරුවන් රඳවා සිටි මධ්‍යස්‌ථානයෙන් නිදහස්‌ වීමට පැය 24 කට පෙර කුශාන්තන් තමා සමඟ එහි සිටි හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පැවසුවේ එම පොලිස්‌ නිලධාරියාට එරෙහිව රජයේ සාක්‌කිකරුවකුවී සාක්‍ෂි දෙන්නේ කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ සේරා අම්මාන් බවයි.

කුශාන්තන් නිදහස්‌ වී යන අවස්‌ථාවේ ඔහුව අල්ලා ගැනීමට මහත් වෙහෙසක්‌ දැරූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මේජර් ජනරාල්වරයා ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් එල්ලවූ පරාලයක්‌ හිසේ වැදීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා විය.

එහෙත් ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසුවේ කලකට පෙර මාතරදී පැවැති හමුදා ආචාර පෙළපාලියක්‌ නරඹමින් සිටි අවස්‌ථාවේ ප්‍රබල තරුණියක්‌ “බලා ගනින් නුඹට වන දේ” යෑයි ඔහුට තර්ජනය කර තිබූ බවයි.

මේජර් ජනරාල් මානවඩු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ගේ දෛවයේ දොර වසා දැමීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මේ පසුබිම මැද රටේ ස්‌ථාන කීපයකට බෝම්බ දැමීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් නිදහස්‌ වීම ද මවිතයට තුඩු දෙන සිද්ධියකි.

මගේ බිරිය බ්‍රිතාන්‍යයේ සිටිනවා – මම බ්‍රිතාන්‍ය වෙත යනවා ත්‍රස්‌ත රැඳවුම් භාරයෙන් නිදහස්‌ වූ කුශාන්තන් අවසන් වරට තමා සමඟ සිරමැදිරියේ සිටි පිරිස අමතා කියා සිටියේය.

ඔහු සිර මැදිරියෙන් යනවිට සිනාසුණේය. ඒ සමච්චල් සිනාවකි. මේ කොටි ත්‍රස්‌තයා නිදහස්‌ වූ බව රටේ ජනතාවට පවා වසන් විය. එසේ නම් කොටි ගුවන් යානාවල බෝම්බ ප්‍රහාරවලට ලක්‌වී මියගිය සෙබළුන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

මැලේසියානු ත්‍රස්‌ත මර්දන පොලිසියේ සහයෙන් අල්ලා ගත් කුශාන්තන්ගෙන් මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීමේදී පැවසුවේ තම මෙහෙයුම් මධ්‍යස්‌ථානය ඉරණමඩු සිට ක්‍රියාත්මක වූ බවත් ස්‌ලින් යානා දෙක ගුවන් ගත වූයේ ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයේ සිට බවයි. 2007 දී තමාව ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයට පත් කළ බවද කුශාන්තන් තවදුරටත් අනාවරණය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා රජය කුශාන්තන් අත්අඩංගුවට ගැනීම සහ පසුව නිදහස්‌ කිරීම ගැන ද්‍රවිඩ සංධානය ද නිහඬ විය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කොටි අවතාර විටින් විට මතුවේ. මින් එක්‌ කොටි අවතාරයක්‌ ලෙස එස්‌. වී. කිරුබාහරන් නමැත්තා දැක්‌විය හැක. මොහු පසුගිය සතියේ දිනෙක රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මානව හිමිකම් සමුළුවේදී කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව හඬ නැඟූ ජෙගන් යුද අපරාධකරුවන් බවට ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට සහය වූ සංජෝයි නමැති මානව හිමිකම් ක්‍රියාකාරියාට ද ඔහු දොaෂාරෝපණය කර ඇත. එහෙත් කිරුබාහරන් කවුද?

කැනඩා පොලිසියේ විමර්ශන නිලධාරී ස්‌ටිම් ඩුබ්රෝව් කිරුබාහරන්ට ද චරිත සහතිකයක්‌ දී තිබේ. ඔහු එම චරිත සහතික වාර්තාව කැනඩා නීතිපති වෙතද ඉදිරිපත් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සෑම තැනකම සැරිසරන කිරුබාහරන් නමැති තක්‌කඩියා පිළිබඳව ඩුම්රෝව් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත.

2004 ජුලි 20දා සිට 30 දක්‌වා කාලය තුළ වන්නියේ පැවැති විදේශ ක්‍රියාකාරීන් සඳහා වූ කොටි සම්මන්ත්‍රණයට කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය විසින් කොටි ක්‍රියාකාරීන් රැසකට ඇරයුම් කර තිබුණි.

මේ කොටි ක්‍රියාකාරීන් අතර වී. කිරුබාහරන් (ප්‍රංශය) යන නමද සඳහන් වී තිබුණි. ඊට අදාළ රහසිගත ලැයිස්‌තුව කැනඩාවේ මොන්ටි්‍රයල් නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලයේ තිබී කැනඩා පොලිස්‌ විමර්ශකයා සොයාගෙන තිබුණි. වී. කිරුබාහරන් යනු එස්‌. වී. කිsරුබාහරන් නමැත්තායි.

මොහු ඇතුළු අනිකුත් විදේශ කොටි ක්‍රියාකාරීන්ට දේශන පවත්වා ඇත්තේ කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලයේ ප්‍රධානි මනිවන්නන්. කොටි නායක ප්‍රභාකරන්, නීලවන් (කළු කොටි පිළිබඳව) මුහුදු කොටි නායක සුසෙයි. කොටි කාන්තා බලඇණියේ විදුෂා, කොටි හමුදා නායක බානු , කොටි දේශපාලන නායකයාව සිටි තමිල්සෙල්වන් යාපනය කොටි හමුදා නායකයාව සිටි බාල්රා-, ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ බාලකුමාරන් සහ කොටි මූල්‍ය අංශයේ නායකයාව සිටි වෙට්‌ටිවරායන් ඇතුළු කොටි හමුදා නායකයන් පිරිසකි.

කැනඩා පොලිසියේ විමර්ශක ස්‌ටිව් ඩුප්රොවල් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත. කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය වැඩමුළුව මැයෙන් සකස්‌ කළ පොත පිළිබඳව මම පූර්ණ නිරීක්‍ෂණයක්‌ කළෙමි. එම පොතේ සඳහන් කර ඇත්තේ කොටි විදේශ ක්‍රියාකාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළුව පැවැත්වෙන ආකාරයයි.

This booklet describes a training workshop given to LTTE Foreign Activitists.

ඩුබ්රෝව්ගේ මෙම වාර්තාව තුළින් කිරුබාහරන් කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයකු ලෙසට තහවුරු කර ඇත. එසේ නම් තවත් සාක්‍ෂි කුමකටද?

එහෙත් කිsරුබාහරන් කොටි ත්‍රස්‌තයා මානව හිමිකම් ගැන හඬ නඟමින් මානවහිමිකම් කවුන්සිලයේ සැරිසරයි. කැනඩා පොලිසියේ මෙම විමර්ශන වාර්තාව අපි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සහ ඔහුගේ සහායක ඇන්ඩ්රු ගිල්මෝ වෙත යොමු කරන්නෙමු.

එසේම කොටි ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් සමුළුවේ දොර විවෘත වී ඇති බව අපි අනාවරණය කළේ මෙවන් කොටි ත්‍රස්‌තයන් “වීරයන්” ලෙසින් මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන නිසාය.

කිරුබාහරන් කොටියා නටන නාඩගම අවසන්වී නැත. ඔහුගේ සහයට ඩැනී ලෙස කටයුතු කරන්නේ 1971 වසරේ ආයුධ බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කර අසාර්ථක චරිතයක්‌ වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්ය. මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැති සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ සාවද්‍ය වාර්තා 13 ක්‌ ඉදිරිපත් කර තිබූ බව අනාවරණය විය.

ටර්නර් ලා පේ- සහ භාරති සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධාන දෙක ඊට දායක වී ඇත. ඉන් සාවද්‍ය වාර්තා නවයක්‌ ම ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරති සෙන්ටර් නමැති සංවිධානයයි. මේ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහන්රා- මරියද්‍රdස්‌ නමැති ඊළම්වාදියායි.

මේ අතර ද්‍රවිඩ සංධානය උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා යුද්ධය ඉවරයි. තවදුරටත් හමුදාව උතුරේ රැඳී සිටින්නේ කුමකටද යන තර්කය ඉදිරිපත් කර ඇත. මෙය ප්‍රයෝගකාරී සංකල්පයකි.

උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡා පැවැත්වීමෙන් පසු මන්නාරම, යාපනය, මාර්ගයේ පිහිටි නයාරු හමුදා කඳවුර ඉවත් කර ගෙන තිබුණි. සිංහලයනට සතියක්‌ ගත වනවිට සියලු දේම අමතක බව පැවසුවේ ප්‍රභාකරන් ය. අද එම ප්‍රකාශය ඉදිරියට ගෙන යන්නේ ද්‍රවිඩ සංධානයයි.

එහෙත් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කේන්ද්‍රස්‌ථානවල ඉඩම් මුදාහැරීමට ත්‍රිවිධ හමුදාපතිවරු සම්පන්දන්ලා සමග සාකච්ඡා පවත්වන්නේ කුමකටද? එසේම තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ මුලතිව් ප්‍රදේශයේ රජයේ ඉඩම්වලින්ද හමුදාව ඉවත් කළ යුතු බවට විරෝධතාකරුවන් විරෝධතා පවත්වද්දී හමුදාව සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඔවුන්ට ආහාර පාර්සල් ලබාදීමයි. මේ අතර කුශාන්තන් සමග මැලේසියාවේදී අත්ඩංගුවට ගත් කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්- මොහමඩ් ද නිදහස්‌ විය. ඔහු පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ බව හෙළිවිය.

ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිතාන් ඉන්දික සංජීව යොමු කර තිබුණේ යාපනයේ අධිකරණය වෙතයි. ඔහුගේ පාපොච්චාරණය අධිකරණය පිළිගත්තේ නැත.

උපුටා ගැනීම : දිවයින.

 

බිල් ගෙට්ස් තත්පර ගණනකින් ජීවිත මිලියන 30ක් නැති කිරීමක් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි.

වර්තමානයේ ලොව ජෛව විද්‍යාත්මක අවි භාවිත කරනු ලබන ත්‍රස්තවාදීන් හට කෙටි වේලාවකින්,….ඉතා පහසුවෙන්ම මිලියන තිහකට වඩා පිරිසකගේ ජීවිත විනාශ කර දැමීමේ හැකියාව ඇතැයි මයිකේ‍රාසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අවධාරණය කරයි.
බිල් ගේට්ස් විසින් “රුසී” (අඋඉධ්) නමැති කෙටි නාමයෙන් හඳුන්වන ලන්ඩන්හි රාජකීය එක්සත් සේවා ආයතනයේ පවත්වන ලද දේශනයකදී එම කරුණු පෙන්වා දී තිබේ.
මාරක බැක්ටීරියා සහ මාරක වෛරස් වැනි ජෛව විසබීජ පතුරුවා හැරීම මඟින් එම ක්‍රියාව වේගවත්ව කළ හැකි අවදානම වර්තමානයේදී ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවද බිල් ගේට්ස්් ප්‍රකාශ කරයි.

වර්තමානය වනවිට ජීව විද්‍යාව විශාල ලෙස දියුණුවට පත්වීමේදී ත්‍රස්තවාදීන් හට වසූරිය වැනි අතිශය මාරාන්තික මිනිසාට නැවත ප්‍රතිශක්තියක් ඇති නොකරන සහ මිනිසා විසින් මෙතෙක් ඔෟෂධයක් සොයාගෙන නොමැති දරුණු විසබීජයන් පවා නැවත නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දෙන බිල් ගේ‍ර්ට්ස් ප්‍රකාශ කරනුයේ වර්තමානයේදී ලොව “ජෛව ත්‍රස්තවාදය වසංගතයකටත් වඩා විශාල තර්ජනයක්” වී ඇති බවය.
ජෛව විසබීජ අවියකින් ලොවට සිදුකළ හැකි හානිය න්‍යෂ්ටික අවියකින් සිදුකළ හැකි හානියකටත් වඩා අති විශාල යැයි ඔහු පෙන්වා දෙයි.
ලොවේ හිතාමතාම නිර්මාණය කරන මෙවැනි ත්‍රස්තවාදී ප්‍රහාර ස්වාභාවික ව්‍යසනයක් ලෙසින් දිස්විය හැකි බැවින් එයින් ඇතිවන අවදානම අතිවිශාල යැයිද, වර්තමානයේදී ලෝකය මේ කරුණ පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පවසයි.

සිකා වයිරස් වසංගතය සහ ඉබෝලා වයිරස් වසංගතය විසි එක්වන සියවසේ මාරාන්තික ව්‍යසනයන් සිදුකළ හැකි විසබීජ ලෙස හඳුනා ගෙන ඇති අතර වසර 1919දී ලොව පුරා මිලියන සියයක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් කළ ස්පාඤ්ඤ උණ වසංගතය සුරංගනා කතාවක් නොව මෙවැනි තත්ත්වයන්ට ජීවමාන සාක්ෂි සපයා දෙන බවද බිල් ගේට්ස් අවධාරණය කරයි.

මේ අතර ලොව විශාලම බෝම්බය ඇමරිකාව ඉකුත් සතියේ ඇෆ්ගනිස්තානයට එල්ල කළා එහි වීඩියෝව පහතින්…

පයින් ඇවිදලා ලංකාවේ කෝටිපතියෙක් වූ මොහු ගැන ඇසුවොත් ඔබ විශ්මයට පත්වේවි.

ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙනගිය ආයුර්වේද නිෂ්පාදන අතර සිද්ධාලේප නාමය ඉහලින් තිබේ. එවැනිම ලංකා පුත්‍රයෙක් ගැන අද ජාත්‍යන්තරයම කතා කරයි. ඔහුගේ නිෂ්පාදනයත් ආයුර්වේද නිෂ්පාදනයකි. නමුත් වෙනස්ම එකකි. මේ ඔහුගේ කතාවයි.
තම පියා සතු වූ සිංහල බෙහෙත් සාප්පුව, පියාගෙන් පසු තමාට උරුම වුනා. සාම්ප්‍රධායක වෙළඳාම නිර්මාණශීලී ලෙස වෙනස් කරමින් ඔහු වෙළඳාම නවීකරණය කළා. බෙහෙත් බදු පයින් ගොස් විකිනු ඔහු ටිකෙන් ටික තම වෙළඳාම දියුණු කළා.
හදිසියේ දිනක් ඔහුට නිවසේ පරණ පුස්තක අතර තිබී යමක් හමු වුනා. ඒ තම පරම්පරාවෙන් පැමිණි රහස් වට්ටෝරු සහිත , තම පියා භාවිත කල පුස්තකයක්. මෙහි තිබු වට්ටෝරු අතර ඔහුගේ සිත ගිය එක වට්ටෝරුවක් වුනා. ඔහු එය අත්හදා බැලීමට සැරසුණා. නමුත් ඔහු කිසිදිනෙක සිතුවේ නැහැ එය ඔහුව ලංකාවේ හිනිපෙත්තට ගෙනයාවි කියා. නමුත් අද ඔහු දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු බවට පත්කළේද මෙම රහස් වට්ටෝරුවයි. එම නිෂ්පාදනය ලංකාවේද සෑම තැනම අද භාවිතා කරන තරමට ජනප්‍රියයි. මේ ඔහුගේ කතාවයි පහත වීඩියෝවෙන් බලන්න ඔහු ඔබ දන්නා කෙනෙකුද වග.

ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ

ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ සැලසීමට උරුගුවේ රාජ්‍යය පියවර ගෙන ඇත.

මේ සමග වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා නිත්‍යානුකුලව අලෙවිකරන පළමු රට බවට උරුගුවේ පත්වනු ඇත.

2013 වසරේදී ගංජා වෙළෙඳාම නිත්‍යානුකුල කිරීමට පැනවුණු නීතියත් සමග මේ පියවර ඉදිරියට ගෙන යැවිණි.

එහෙත්, එය ක්‍රියාත්මක වීම මන්දගාමී විය.

නව නීතිය අනුව ගැනුම්කරුවන් ජාතික වශයෙන් ලියාපදිංචිවීම අවශ්‍ය වන බව උරුගුවේ ජනාධිපතිවරයාගේ සහායක හුවාන් අන්ද්‍රේස් රොබල්ලෝ පැවසීය. මේ අනුව ගංජා ග්‍රෑම් 1ක් ඩොලර් 1.30 ක් මිලකට අලෙවි කෙරෙනු ඇත.

ලියාපදිංචිවන්නන් උරුගුවේ පුරවැසියන් හෝ ස්ථිර නෙවාසිකයින් වීම අනිවාර්යවන අතර මසකට ග්‍රෑම් 40ක (අවුන්ස 1.4) උපරිම ගංජා ප්‍රමාණයක් මිලදී ගත හැකිය.

මීට අමතරව නිවෙස්වල ගංජා වැවීමට හෝ ගංජා වගා කිරීමේ නියුතු සමූපකාර සමාජ හා සම්බන්ධාවීමේ හැකියාවද නීතිය මගින් සලසාලනු ලැබ ඇත.

කෙසේවෙතත්, මිල පාලනයකට යටත් කෙරෙන ගංජා අලෙවියෙන් ලැබිය හැකි මුල්‍යමය ප්‍රතිලාභ කෙරෙහි ඖෂධහල් හිමියෝ සැක පළකරති.

මේ අතර ජාතික වශයෙන් ලියාපදිංචිවීම හරහා සිය පුද්ගලිකත්වයට හානි පැමිණෙන බවට මැසිවිලි නගන ඇතැම් උරුගුවේ ගැනුම්කරුවන් මාසික මිලදී ගැනීමේ සීමාවකට යටත්වීමටද අකමැත්ත පළකර ඇත.

මේ වනවිට ඖෂධහල් 16ක් සමග උරුගුවේ ආණ්ඩුව ගනුදෙනුවට එළැඹ සිටින අතර එය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.

ලියාපදිංචිය ඇරඹීමට පෙර මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ජනාධිපතිවරයාගේ සහයකයා පැවසීය.
මේ වන විට ගන්ජා ප්‍රබල ඖශධයක් ලෙස ලොව පුරා භාවිතයට ගනිමින් තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා නාශකයක් ලෙස ගංජා භාවිතය සීඝ්‍රයෙන් ඉහල යමින් පවතිනවා. පහත වීඩියෝවෙන් ගන්ජා නිස්සාරනයෙන් ඖශධ නිපදවන ආකාරය දැකගත හැකිය.

ලංකාවේ කුණු කඳු මිනිස් ජීවිත බිලි ගනිද්දී, ජපානය කුණු කඳු සල්ලි කඳු කරන හැටි – වීඩියෝ.

කුණු කඳු කියන්නේ අපේ රටේ අද වනවිට ප්‍රධාන මාතෘකාවක්. ජීවිත අහිමි කරමින්, ලෙඩ රෝග පතුරුවමින්, රටේ ප්‍රධාන දේශපාලනයට බලපෑම් කරන තරමටම ලංකාවේ කුණු ප්‍රශ්නය ඔඩු දුවලා. රටේ හැම තැනම කුණු කඳු. මේවා ගැන ජනතාවගේ විරෝධය බලධාරින් වෙත එල්ල වන්නේ අද ඊයේ නොවේ. නමුත් අපේ රටේ කුණු ප්‍රශ්නයට නිසි පිළිතුරක් දෙන්න පාලකයින් මේ වන විටත් අසමත් වෙලා තියෙනවා.
අපේ රට පාලනය කල කිසිම කෙනෙකු මේ ගැටලුවට සාර්ථක විසඳුමක් දෙන්න සමත් වෙලා නැහැ. ජනතාව පත්වෙන ආණ්ඩුවලින් විසඳුම් ඉල්ලුවත්, හැමදාම සිදුවුනේ බලයට ඒම සඳහා දේශපාලුවන් ජනතාවගේ කුණු ප්‍රශ්නය හේතුවක් කරගත්ත එක විතරයි.
රටක් විදිහට ඉදිරියට යන්න නම්, රටේ සම්පත් උපරිම ප්‍රයෝජනයට ගත යුතුයි. එම සම්පත් වල ප්‍රතිලාභ ජනතාවට හිමි විය යුතුයි. ලංකාව කියන්නේ අධික නය බරක් සහිත, රැකියා වියුක්තිය ඉහල අගයක පවතින රටක්. ඉතින් අපේ රටේ කුණු වලින් මහා පරිමාන ලාභ ඉපයිය හැකි බව දේශපාලකයින් දන්නේ නැතිද?.
ඇත්තෙන්ම රට තුල නිසි කළමනාකරණයකින් කුණු ප්‍රතිචක්‍රීය කාරණයක් කරනවානම් එය ඉහල ලාභ ගෙදෙන අතර, මනා පරිසරයක් මගින් ජීවත්වීමට සුදුස වටපිටාවක්ද අපට දායාද කරනු ඇත.
ජපානය කියන්නේ ඉතා සංවර්ධිත රටක්. ඔවුන්ගේ සංවර්ධනය තුල රට පිරිසිදුව තබා ගැනීමත් එක හේතුවක්. ඔවුන් කසල ප්‍රතිචක්‍රීකරණය මගින් විශාල ධනයක් ලබන රටක්. ඒ වගේම පරිසරයත් මනාව පවත්වාගෙන යනවා. විවිධ රටවලට ලංකාවේ අතිශය වටිනා සම්පත් විකුණා දමන ව්‍යාපෘති සෑම රජයකින්ම දියත් කලත්, එම රටවල කසල ප්‍රතිචක්‍රීකරණ තාක්ෂනය අප රට තුලට ගෙන, ඔවුන්ට රටේ කුණු ප්‍රශ්නය විසඳීමට ව්‍යාපෘතියක් සකසා දීමට පාලකයන් අසමත් ඇයි දැයි යන පනය ජනතාව ලෙසට අපට පන නැගේ. කසල යනු මොනතරම් සම්පතක්ද යන වග පහත වීඩියෝවෙන් ඔබට හැගෙනු ඇති. මේ ජපානය කසල ප්‍රතිචක්‍රී කරණය සිදු කරන එක වැඩ බිමක් පමණි.

 

ප්‍රවේශම්වන්න! පරිගණකයේ සියලුම දත්ත සහ තොරතුරු වනසන වෛරසයක් වේගයෙන් පැතිරේ

 

ඉ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

තමන්වෙත ලැබෙන සැක සහිත ඉ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්‍ෂාකාරී පියවර බවයි සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හදුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී තම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බවයි චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ප්‍රවෘත්ති ශ්‍රව්‍ය දෘශ්‍යය පට පීඩීෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්‍යාජ ඉ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පරිගණකය ‍මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඉ-මේල් පණිවිඩ ආදී සමස්තයම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් (encrypt) බවට දැක්වෙන බව චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් පවසනවා.

තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම (backup) වඩාත් ආරක්‍ෂාකාරී උපක්‍රමයක් බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීම උචිත වන බවත් සංසදය සඳහන් කරයි.

මේවන විට තම පරිගණකය මෙම වෛරසයට ලක්වීම පිළිබඳව පැමිණිලි කීපයක් ලැබී තිබෙන බවද සංසදය පවසයි.
www.cert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිලිඹද වැඩිදුර තොරතුරු දැන ගත හැකිය.

(www.news.lk ඇසුරෙණි)

ලොව පුරා දෝෂදර්ශනයට ලක්වූ සිරියානු විෂ වායු ප්‍රහාරයෙන් හුස්ම ගන්න බැරිව දුක්විඳි මිනිසුන්ගේ වේදනාව – වීඩියෝව

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු විෂ වායු ප්‍රහාරයක් සමඟින් ඒ පිළිබඳව ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානයට යොමුව තිබෙනවා. මෙම විෂ වායු ප්‍රහාරයෙන් 100කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර සිටිනවා. ඒ අතර කුඩා ළමුන් 11 දෙනෙකුද වන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

සිරියානු කැරළිකරුවන් යටතේ පවතින ඉඩ්ලිබ් ප්‍රදේශයට රජයේ හමුදා එල්ල කළ මෙම විෂ වායු ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ලෝක නායකයින් රැසක් දෝෂ දර්ශනයට ලක් කර තිබෙනවා.

ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ වීඩියෝවද මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙන අතර එහි දැකගන්නට ලැබෙන්නේ මෙම විෂවායු ප්‍රහාරයෙන් දැඩි අපහසුතාවට පත්ව බොහෝ පිරිසක් වේදනා විඳින බවයි. වීඩියෝව පහතින්…සංවේදී අය  නැරඹීමෙන් වලකින්න.

 ලොවම විශ්මයට පත්කරමින් “නාසා” ආයතනය කෘතීම වලාකුළු නිර්මාණය කල හැටි- වීඩියෝ.

RS – 25 එන්ජිමක් මගින් නිෂ්පාදිත විශාල යන්ත්‍රය මගින් වලාකුළු නිපදවන හැටි කොහොමද?

ලොව අභ්‍යාවකාශ විද්යාව ගැන කතා කරන සාම විටම ලොකු කුඩා කාගේත් මතකයට එන්නේ “නාසා” ආයතනයයි. අභ්‍යවකාශයේ පවතින වස්තුන්, ග්‍රහ ලෝක ඇතුළු සියලු දේ ගැන පර්යේෂණ පවත්වනු ලබන්නේ නාසා ආයතනය විසිනි.
ලොව විශාල අභ්‍යවකාශ පර්යේෂණ ගණනාවක නිරත නාසා ආයතනය අලුතින්ම කල පර්යේෂණය වුයේ කෘතීම වලාකුළු නිර්මාණය කිරීමේ පරීක්ෂණය එලි දැක්වීමයි. මේ සඳහා ඔවුන් භාවිතයට ගත්තේ RS – 25 එන්ජිම මුලික කරගත් විශාල යන්ත්‍රයකි. එමගින් කෘතීම වලාකුළු නිර්මාණය කිරීමේ පර්යේෂණය ඉතා සාර්ථක වී තිබෙනවා. පහත වීඩියෝවෙන් එම අවස්තාව නරඹන්න.

මහා සුදුසුකම් නැතිව ලොව පිළිගත් සරසවි වල උපාධියක් නිවසේ සිට නොමිලේ ලබාගන්නා හැටි මෙන්න.

ලොව පිළිගත් සරසවියක අධ්‍යාපනය ලැබීමට ඔ්නෑම අයකු කැමැත්තක් දක්වනවා. එහෙත් එය බොහෝ දෙනකුට ඉටු කරගත නොහැකි සිහිනයක් ලෙසයි පැවතුණේ. කෙසේ වෙතත් කිසිදු මුදලක් නොගෙවා ලොව ප්‍රධාන සරසවිවල පාඨමාලා ඔබගේ නිවසේ සිටම හැදෑරිය හැකි බව ඔබ දැන සිටියාද ? විශ්වාස කිරීමට අපහසු ලෙස පෙනුනද එය සැබෑවක්. මේ ඒ පිළිබද අනාවරණය. පහත වීඩියෝව නරඹා විස්තර දැනගන්න.