ඔබටත් නිවසේදී ශීතකරණයක් නොමැතිව ගින්දරෙන් අයිස් සාදාගත හැකි විශ්මිත ක්‍රමය මෙන්න.

ශීතකරණයක් නොමැතිව නිවසේදී පහසුවෙන්ම අයිස් සාදාගත හැකි ක්‍රමයක් අද ලංකා රහස් අපි කියල දෙන්න යන්නේ.
සෝඩියම් ඇක්සලේට් හෙවත් උණුසුම් අයිස් යනු විනාකිරි හා බේකින් සෝඩා භාවිතා කල නිවසේදීම ඉතාමත් පහසුවෙන් සදා ගත හැකි විශ්මිත රසායනික ද්‍රව්‍යයකි. සෝඩියම් ඇක්සලේට් ද්‍රාවනයක් එහි ද්‍රවාංකයට වඩා අඩු උෂ්ණත්වයකට භාජනය කිරීමෙන් ඝන බවට පත් කරගත හැකියි.මෙම ක්‍රියාවලිය තාපදයික වන බැවින් මෙමගින් උණුසුම් අයිස් සැදේ . මෙම ප්‍රතික්‍රියාව මගින් ක්ෂණිකව ද්‍රාවන ඝන බවට පත් කරගත හැකි නිසා කැටයම්,මූර්ති වැනි දේ සෑදීමට යොදාගත හැකියි.බේකින් සෝඩා හා විනාකිරි ප්‍රතික්‍රියා කර සෝඩියම් ඇක්සලේට් නිපදවීමේ ක්‍රියාවලිය පහත පරිදි වෙයි.
Na+[HCO3]– + CH3–COOH → CH3–COO– Na+ + H2O + CO2

සාදාගන්නා ක්‍රමය.
පළමුව බේකින් සෝඩා ග්‍රෑම් 440කට විනාකිරි මිලිලීටර් 500ක් දමා පැයක් පමණ තබා එයට වතුර මිලිලීටර් 100ක් යොදා විනාඩි 30ක් පමණ ද්‍රාවනය පැහැදිලි වනතුරු රත් කරගන්න.ඉන්පසු එය නිමෙන තුරු කාමර උෂ්ණත්වයේ තබන්න.ඉන්පසු ද්‍රාවනය වෙනත් බඳුනකට දමා ගන්න.දැන් ඔබ ද්‍රාවනය සෑදු භාජනයේ පතුලේ ඉතිරි වී ඇති අවක්ෂේපයෙන් ස්වල්පයක් ඉරටු කූරකට ගෙන ද්‍රාවනය ඇති භාජනයේ ගිල්වා බලන්න.ඔබ පුදුමයට පත්වනු නිසැකයි. ඔබට රුචි පරිදි විවිධ හැඩ අයිස් වලින් මතු කර ගැනීමට අවශ්‍ය නම් එය සිදු කරනුයේ සෝඩියම් ඇක්සලේට් හා විනාකිරි මිශ්‍ර කර එය පැයක් පමණ තැබීමෙන් පසුව ලැබෙන මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා එයට අපි සාදාගත් ද්‍රාවනයෙන් වත් කිරීමෙන්ය. මැජික් ශිල්පීන් විසින් බිමට වත්කරන ජලය වැටෙනවාත් සමගම අයිස් බවට පත් කරන්නේ ද මෙම ක්‍රමය අනුවය,
මෙම අපුරු දේවල් සියැසින්ම දැකීමට පහත videoව නරඹන්න.

පැසිෆික් සාගර පතුලේ ගමන්ගත් කිලෝ මීටර් 4.6 විශාල අභිරහස් පිටසක්වල වස්තුව ලොව කළඹයි- Video

ඉතා විශාල වෘර්තාකාර වස්තුවක් පැසිෆික් සාගර පතුලේ එනම් සාගර ජාල මුහුණතේ සිට අඩි 3000ක් යටින් සෙමින් පෙරළෙමින් තිබුණු බව සොයාගෙන තිබෙනවා .

මෙම සිදුවීම ස්වභාවික සිදුවීමක් නොවන බවත් මෙම වස්තුව සාදන ලද කෘතීම වස්තුවක් බවත් වාර්තා වී ඇත නිගමනයන්ට අනුව මෙය විශ්කම්භයෙන් සැතපුම් 2.5 කට වඩා විශාල වන අතර මෙය zigzag ක්‍රමයට සමුදුරු පතුලේ ගමන් ගනිමින් සමුදුරු පතුලේ අපැහැදිලි පෙදෙසකට ගොස් අතුරුදහන් වී ඇත.

අනතුරුව මේ පිළිබඳව වැඩිදුර කරුණු ගොනු කිරීම සඳහා පිටසක්වල ජීවින් පිළිබඳව අධ්‍යනයේ යෙදෙන කණ්ඩායමකට බාරදී ඇත.ඔවුන් පවසන්නේ මුහුදු පතුලේ මිනිසාට කොතෙකුත් තාක්ෂනය භාවිතා කලත් නැරඹීමට අපහසු අපැහැදිලි ස්ථාන තිබෙන බවත් වෙනත් ජීවින් කොට්ඨාසයකට සැඟවී සිටීමට ඉතාමත් ගැලපෙන තැනක් බවයි.

කිමද ඔහු තව දුරටත් පවසන්නේ “අප සියලුම දෙනා මුළු දවස පුරාම අහස දෙසයි වෙනත් ජීවින් අපේක්ෂාවෙන් අවධානය යොමු කර සිටිනුයේ ඒ අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජනය ගන්නවා වෙන්නත් පුළුවන් යන්නයි “.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කණ්ඩායම පවසන්නේ හදිසියේ දුටු මේ දසුන අනුව ඇමරිකාව හෝ රුසියාව විසින් යුධමය උපකරණයක් ලොවට හොරෙන් පරීක්ෂාවට ලක් කලාදෝ යන සැකය උපදින බවයි. කෙසේ වෙතත් මෙය පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමට කිසිවෙකු සමත්ව නැහැ.
මේ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීමට පහත videoව නරඹන්න.

ගුවන් සේවිකාවන් විසින් ඔබව සාදරයෙන් පිළිගනු ලැබුවත් ඔවුන් එවිට අත් පිටුපසට කර සිටින්නේ මන්දැයි ඔබ සිතුවාද ?

ගුවන් යානයකට ගොඩවන විට ගුවන් සේවිකාවන් විසින් ඔබව සාදරයෙන් පිළිගනු ලැබුවත් ඔවුන් එවිට අත් පිටුපසට කර සිටින්නේ මන්දැයි ඔබ සිතුවාද ?

ඔබ නිතරම ගුවන් යානා වල ගමන් ගන්නා කෙනෙකු නම් ඔබට මේ පිලිබන්දව මනා අත්දැකීම් ඇති.ඒ ඔබ ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම මගීන් යානයට පැමිණෙන අවස්ථාවේදී ඔවුන් තම දෑත් පිටුපසට බැඳගෙන එකම ඉරියවුවකින් සිටියි.ඔවුන් අතෙහි යමක් සඟවා සිටින බව ඔබ මොහොතකටවත් සිතුවාද?

ගුවන් සේවිකාවන් මෙලෙස අතේ සඟවා තබා සිටින්නේ වෙන කුමක්වත් නොව යානයට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව ගණනය කිරීම සඳහා කුඩා ගණින යන්ත්‍රයක්ය.මෙය මගින් ඔවුන් වෙත ලැබෙන දත්ත වලට අනුව මගීන් ප්‍රමාණය හා යානයට පැමිණි මගීන් ප්‍රමාණය සන්සන්දනය කර බලයි .

සියලුම මගින් යානයට පැමිණීමෙන් පසු ඔවුන් දෙවන වරටත් සෝදිසි කිරීමක් සිදු කරයි.ලැබී ඇති වාර්තා වලට අනුව සිටින ප්‍රමාණයත් යන්ත්‍රයට අනුව සිටින ප්‍රමාණයත් සමාන වූවායින් පසුව ගුවන්යානය ගුවන් ගත කිරීම සිදු කෙරේ .

වැල්ලම්පිටියේ කොල්ලෝ දෙන්නා ෆේස්බුක් එකෙන් ගහපු මේ ගේම නිසා අක්ක නගෝ දුෂණය වුනා.

මුහුණු පොතෙන් දැන හඳුනාගෙන අක්කා නගෝ දෙදෙනාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් ඔවුන් දෙදෙනාවම දුෂණය කළ බව කියන තරුණයින් දෙදෙනෙකු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියම කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ වැල්ලම්පිටිය වඩුගොඩවත්ත ප‍්‍රදේශයේ පදිංචි ජනක සුදර්ශණ හෙවත් රසාංජන සහ එන්. ජේසුපාල හෙවත් දිල්ශාන් නමැත් තරුණයින් දෙදෙනෙකි.

වින්දිත අක්කා නගෝ විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශණයකින් අනතුරුවන් සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇත.
උපන් දින තෑග්ගක් ලෙස පියා විසින් දුන් නවීන ජංගම දුරකථනයෙන් මුහුණු පොතේ සැරි සැරීමේදී අතවරයට ලක් වු බව කියන අක්කා විසින් එක් සැකකාර තරුණයෙකු දැන හඳුනාගෙන ඇති බවත් ඔහුගේ ඉල්ලීම පරිදි ඇගේ නිරුවත් ඡායාරූපයක් ඔහුට ලබාදී ඇති බවත් පසුව එය අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් සැකකරු ඇගෙන් මුදල් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.
ඉන් අනතුරුව ඇගේ නැඟණියට කතා කළ සැකකරු අක්කාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියමින් තර්ජනය කොට ඇති බවත් පසුව අක්කා බේරා ගැනීමට ඉදිරිපත් වු නැගණිය කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ අවන්හලකට ගෙන්වාගෙන එහිදී ඇයට අතරවර කොට ඇති බව පරීක්‍ෂණ වලදී හෙළි වු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

මේ පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බව කියමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළගත් මහෙස්ත‍්‍රාත්වරයා සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සිද්ධියට අදාළව සිදුකරන පරීක්‍ෂණ වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළේය.

හුරු බුහුටි ගුවන් සේවිකාවන් කවදාකවත් , කාටවත් නොකියන රහස් 10ක්

ඔබ ගුවන් ගමනක යෙදෙනවාද? ගුවන් සේවිකාවන් ඔබට ඉතාම හොඳින් සත්කාර කරනවා ඇති. නමුත් ගුවන් සේවිකාවන් ඔබට නොකී රහස් 10 ක් පවතිනවා කියා ඔබ දන්නවාද ? ගුවන් සේවිකාවන් දන්න මගීන් නොදන්න ඒ රහස් ගැනයි අපි කියන්න හදන්නේ.

1.දීර්ඝ ගුවන් ගමනකදී පැය 7 ක්
හෝ ඊට වැඩි කාලයක් ගත උනද වෙහෙසක් දැනුනද අඛන්ඩව සිටගෙන සේවයේ යෙදිය යුතුය.නිදිමත ගතිය නිදහසට කරුණක් නොවේ.

2.නිදිමතක්දී ඕනෑම ස්ථානයකදී කෙටි නින්දක් නිදා ගත හැකිය.

3.සිනහවීම සඳහාද පුහුණු විය යුතුය.

4.කෙනෙක්ට වමනය යාමට ඇත්නම් එයට අකැමැත්තෙන් උවත් කාරු‚කව ප්‍රතිචාර දැක්විය යුතුය.

5.අතිශය කාර්ය බහුල අවස්ථාවල අපිරිසිදුව වුවද සේවය සැපයීම

6.තමන්ගේ විනය රැකගැනීම

7.නිවසට පැමි‚ ගමන් නිදා ගැනීම

8.සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වීම.

9.ගුවන් සේවිකාවන්ගේ ගමන් බෑගය තුල ගමන් බලපත්‍රය ඇතුළු සියලූ‍ දේ ගෙන යා යුතුය

10.ඕනෑම අවස්ථාවක ඉවසීමෙන් කටයුතු කිරීම

ජපානයේ බර වාහන ශේත්‍රයේ අංක එක ලාංකිකයෙක් බව දන්නවාද?. මෙන්න ඔහු කියන විශ්මිත කතාව.

ජපානය වාහන නිෂ්පාදනයේ ලොව අංක එකට පත්, ඉතා දියුණු රටකි. ජපානයේ බර වාහන ශේත්‍රයේ අංක එකේ වැජඹෙන්නේ ලාංකිකයෙකි. ඔහු ජයන්ත හෙට්ටිආරච්චි. ඔහු අපට ලාංකිකයන් ලෙසට මහත් ආඩම්බරයක් ගෙන දෙයි.. ඔහුගේ ආයතනයේ ජපනුන් සහ ලාංකිකයන් ඇතුළු ජාතීන් රැසක් සේවයේ නියුතු අතර, තමන් එම වෙළඳාමට යොමුවූ හැටි සහ තවත් විශේෂ කාරනා කිහිපයක් ගැන කතා කළා.
එම වීඩියෝව පහතින්…

මහා ජල කඳක් යටින් යද්දී පාලම උඩදී ත්‍රීවීල් එකට සිදු වූ දේ.

අපේ රටේ කොල්ලෝ ත්‍රීවීල් වලින් වැඩ දාන හැටි දන්නවනේ. වෙලාවකට ඇඟ හිරිවටෙනවා.
මේ වීඩියෝව අපට ලැබුනේ අන්තර්ජාලයේ තිබිලා. යටින් මහා වතුර පහරක් යන පාලමක් උඩ මෙයා වැඩ දැම්ම. මෙයාගේ යාලුවෙක් වීඩියෝ කළා. ඔබත් පහත මේ වීඩියෝව බලන්න.
අනිත් යටත් බලන්න share කරන්න අමතක කරන්නත් එපා.

කෙල ඉවතලන්න එපා. ඔබ කෙල වල ඇති මේ විශේෂතා දැන සිටියාද?

ඔබත් නිතර කෙල ඉවතලනවා ඇති. එහෙත් ඔබ කෙලවල ඇති මේ සුවිශේෂී ගුණය ගැන දන්නේ නැතුව ඇති. කෙල කියන්නේ අපේ සෞඛ්‍යට අතිවිශේෂ කාර්ය භාරයන් රැසක් ඉටු කරන වටිනා සම්පතක්. මේ ගැන බොහෝ දෙනා දන්නේ නැහැ.
පහත වීඩියෝව නරඹා එහි වටිනා කාර්ය භාරයන් වටහා ගෙන දැනුම බෙදා දෙන්න ඔබටත් පුළුවන්.

ගගනගාමීන් අභයවකාශයේදී මුත්‍රා, දහදිය සහ අපවිත්‍ර ජලය මගින් පානීය අවශ්‍යතා සපුරාගන්නා බව දන්නවාද?

ගගනගාමීන් අභ්‍යවකාශයේ සැරි සරණ හැටි දැනගන්න බොහෝ දෙනා උත්සුක වනවා. මොකද අභ්‍යවකාශයේ ගමන් කිරීමට හැකියාව තියෙන්නේ ඔවුන්ට පමණක් නිසා.
මේ ගමන හරිම වෙනස්. කාලයක් තිස්සේ පුරුදු පුහුණු වන්නට සිදුවෙනවා. අභයවකාශයේදී අනුගමනය කල යුතු ගොඩක් දේ අලුතින් පුරුදු පුහුණු වනවා. ඇඳුම්, කෑම බීම ඇතුළු සෑම දේ ගැනම දැනගන්න ඕන. දින ගණනාවක් අභ්‍යවකාශයේ ගමන් කිරීමට සිදුවන නිසා විශාල බරක් ගෙනියන්න බැහැ.
සැහැල්ලු අහාර අනුභව කරන අතර, බීමට, නෑමට, සහ අනෙකුත් අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ලබාගන්නා හැටිනම් අපූරු වැඩක්…ඔබ කවදාවත් හිතන් නැති විදිහකටයි ඔවුන් ජලය ලබාගන්නේ .

පහත වීඩියෝව බලන්නකෝ…මේ වගේ දෙයක් දැනගන්න ලැබෙන එක මොන තරම් වටිනවාද කියල හිතෙයි.