නිවාස අඩි 25ක් පස් යට වැළලු මොරවක කන්දේ නාය යාම අහසේ සිට – වීඩියෝ.

මොරවක කන්ද නාය යාම ගැන හරි වැටහීමක් ඔබට නැතිව ඇති. මොකද එහි බියකරු බව දකින්න තරම් වීඩියෝවක් තවම නිකුත්ව නැතිකම ඊට හේතුවයි. මේ වීඩියෝව ඉහල අහසේ සිට ගත් වීඩියෝවකි.
ලංකාවේ මිනිස් ජීවිත ගැන අඩු තක්සේරුව නිසා බල්ලන් බළලුන් මෙන් මිනිසුන් මිය යමින් පවතින්නේ බලධරයින්ගේ නොසැලකිල්ල නිසා යයි සිතන තරමට කරුණු කාරණා බොහෝය.
මීරිය බැද්ද නාය යාම, මී තොටමුල්ල කුනුකන්ද නාය යාම, අරනායක සාම සාර කන්ද නාය යාම ඇතුළු සියල්ල යට ගසා මින් සිටීම මත මිනිස් ජීවිත වල වටිනාකමට දී ඇති තක්සේරුව මනාව වැටහේ.
මොරවක කන්ද නාය යාම නිසා නිවාස යටකරගත් පස් තට්ටුව අඩි 25ක් පමණ වේ. මිනිස් ජීවිත පොලොව යට මිහිදන් වී අවසානය. ලංකාවේ ස්වභාවික විපත් ගැන සමීක්ෂණය කිරීම සහ සැලසුම් සකස් කොට නියම විසඳුම් මගින් ජීවිත බේරා ගැනීමට තවමත් නිසි සැලසුම් නොමැත.
එමෙන්ම මොරවක කන්ද යලි නාය යාමට ඉඩ පවතින බව එහි ඇති සලකුණු මගින් දිස් වන බව බොහෝ දෙනාගේ මතයයි. එම නිසා මේ වීඩියෝව නරඹා හැකිතාක් share කර වටිනා මිනිස් ජීවිත බෙර ගනිමු.

ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි! විපතට පත් ලක්‍ෂ 5ක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි.

ඇමතිවරුන් කිහිප  දෙනෙකුට වාහන මිලදී ගැනීමට හ නිවාස අලුත්වැඩියා කර ගැනීමට ඊයේ දිනයේ පාර්ලිමේන්තුයට රුපියල් කෝටි 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

මේ අතර අද දිණමින පුවත්පත වාර්ත කරන්නේ ආපදා පීඩාව පත් වූවන් සදහා හදිසි ආධාර වෙනුවෙන් ජනාධිපතිගේ උපදෙස් පරිදි අගමැතිගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 45ක (කෝටි 4.5) මුදලක් වෙන් කර ඇති බවයි.

අද ලංකාදීපයට අනුව ලක්‍ෂ පහක ජනතාවක් ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටී. නමුත් ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි හතර හමාරක් බවයි වාර්තා වෙන්නේ. මෙවන් ආපදා තත්වයක් යටතේ සිදු කරන මෙවැනි ක්‍රියා ගැන දේශ පාලන ලෝකයේ සහ සාමාන්‍ය ජනතාව අතර දැඩි කතා බහක් ඇතිවී තිබෙනවා.

මිතුරන්ටත් බලන්න Share කරන්න…

මුහුදු අයිනේ ඇති තරුපහේ හෝටලයකින් පැන දිවිනසාගත් තරුණයෙක් මැරෙන හැටිත් වීඩියෝ කරලා – වීඩියෝ

 

මුම්බායි හි පිහිටි තරු පහේ හෝටලයක 19 වැනි මහලෙන් පැන ජීවිතය නැතිකරගත් අර්ජුන් භාර්වාද් 24 හැවිරිදි තරුණයෙකු පිළිබඳව මේ දිනවල ඉන්දීය මාධ්‍ය ඔස්සේ පුවත් රැසක් වාර්තා වෙනවා.

දිවිනසාගැනීමට පෙර ඔහු විසින් ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූප මෙන්ම වීඩියෝද එක්කරමින් දිවිනසාගන්නේ කෙසේදැයි උපදෙස් දී තිබෙනවා. මොහු එම අවස්ථාවේ මත්ද්‍රව්‍ය පානය කර තිබූ බවට වාර්තා වන අතර ඔහු නිකුත්කළ වීඩියෝවේද මත්පැන් බෝතල් අතින් ගෙන සිටින අයුරු දැකගන්නට ලැබෙනවා.

හෝටල් කාමරයේ වීදුරුව කඩාදමන මෙම තරුණයා එයින් බිමට පනින අයුරු අසල සිටි පිරිසක් රූගත කොට ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. බැංගලෝරයේ උපන් ඔහු කළමනාකරණ උපාධියක් හදාරමින් සිටි ඇති අතර තරුණයා මෙලෙසින් හදිසියේ දිවිනසාගෙන ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. පොලිසිය සැක කරන්නේ ඔහු යම් මානසික පීඩනයකින් සිටීම මෙලෙස දිවිනාසාගන්නට හේතුවන්නට ඇති බවයි.වීඩියෝව පහතින් නරඹන්න.

ඔබ ගැබ් ගෙනද කියල දැනගන්න සීනි මගින් තත්පර දෙකෙන් නිවසේ සිට කල හැකි පරීක්ෂණය – වීඩියෝ

ඔබ ගැබ්ගත් බව ඔප්පු කරන ඉතා සරල පහසු පරීක්ෂණයක් නිවසේදීම තප්පර දෙකකින් වැනි කුඩා කාලයකින් සිදුකරගන්නා ආකාරය බලමු.
මුලින්ම සීනි මේස හැඳි දෙකක් පමණ භාජනයකට දමා ගන්න.ඉන්පසුව එයට ඔබගේ මුත්‍රා සිලින්ජරයකට ගෙන සීනි සහිත භාජනයට එක් කරන්න.මෙහිදී ලැබන නිරීක්ෂණයන් වන්නේ සීනි දියවීම හෝ සීනි කැටි ගැසීමයි.මෙහෙදී සීනි දිය වුනොත් ඔබ ගැබ්ගෙන නැත.ඒ වගේම සීනි කැටි ගැසෙන්නේ නම් ඔබ ගැබ්ගෙන ඇත. මෙය ඉතාමත් විශ්වාසදායි සාර්ථක පරීක්ෂණයකි.

 

ලොව ප්‍රථම වරට ලංකාවේ මහාචාර්යවරයෙක් පිළිකාවට ප්‍රත්‍යක්ෂ ඖශධයක් කරවිල ඇටයෙන් හදයි.

පිළිකාව කියන වචනය ඇහෙද්දී හිතට දැනෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ … මේ තරම් දියුණු තාක්ෂණයක් සහිත ලෝකය තවමත් පිළිකාව නිට්ටාවට සුවකරන ඖශධයක් සොයා යමින් තියෙනවා. මහා කාර්මික, ධනවත්, තාක්ෂණයෙන් අනූන රටවල් පවා මේ සඳහා පිළියම් සොයමින් ඉන්නේ. එහෙත් තවමත් පරීක්ෂණ මට්ටමේ පවතිනවා හැරෙන්නට ප්‍රත්‍යක්ෂ ඖශධයක් සොයාගන්නට ඔවුන් අපොහොසත් වෙලා.
කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයෙක් පිළිකා නාශක ඖශධයක් ගැන වසර ගණනක පරීක්ෂණයෙන් පසුව මුල්වරට සාර්ථක ප්‍රතිපල පෙන්වා තියෙනවා. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා.

පිළිකා සෛල මර්ධනය කිරිමේ හැකියාව කරවිල ඇට සතුව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

කරවිල ඇට යොදා ගනිමින් කරන ලද මෙම පර්යේෂණයේදී කරවිල ඇටවල අඩංගු ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් (steric fatty acid) නැමැති රසායනය මඟින් පිළිකා සෛල විනාශ කර පිළිකා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම අඩාල කළ හැකි බව අනාවරණය වුණු බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

මෙම පර්යේෂණය සඳහා වසරක පමණ කාලයක් ගත වී ඇති අතර එය ආරම්භයේදී විවිධ සතුන් යොදා ගනිමින් සිදු කර ඇත.
මේ සඳහා කෘමිනාශක නොයෙදූ කරවිලවලින් ලබා ගත් බීජ භාවිතා කර ඇති අතර ඒවා උපයෝගි කරගනිමින් නිපදවූ කැප්සියුලය මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබා දීම සිදුකරයි.

එය මේ වන විට සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී මෙම නව හඳුන්වාදීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

රසායනික ද‍්‍රව්‍ය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රූම් එකක මිල රුපියල් 6000- 8000 අතර වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ අවශ්‍ය වූවත් රෝගීන්ට නොමිලේ මෙම ප‍්‍රතිකාරය ලබා දෙන බව මහාචාර්යවරයා සඳහන් කර සිටියි.

එමෙන්ම මෙම ප‍්‍රතිකාරය දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇති නොවන බවද පරීක්ෂණවලින් අනාවරණය වුණු බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් ලාංකීකයන් හැටියට සාඩම්බර වියහැකි මෙවැනි පුද්ගලයන් රටේ සම්පතකි. මේ ගැන තව දුරටත් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය ආධාර, පහසුකම් වගකිවයුත්තන් විසින් සලසා දී ලොවටම පිළිකාවක් වූ “පිළිකාව” තුරන් කිරීමට ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනයාමට මග සලසනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

 

වීඩියෝව පහතින්

අත් අඩංගුවේ සිටි කොටි නායකයන් 11 දෙනාට සයනයිට් මිශ්‍ර බත් කන්න දී මැරූ හැටි .

ගිය ලිපියෙන් අපි කරුණා අම්මාන් LTTE සංවිධානයට බැඳුනු හැටි සහ පුහුණුව ලැබූ හැටි ගෙන ආවා.
අද එතැන් සිට….
කරුණා ඇතුළු පිරිස ඉන්දියාවට බෝට්ටු මගින් රැගෙන ගොස් ඉතා දුෂ්කර හමුදා පුහුණුව ලබාදුන් කතාව පසුගිය සතියේ කියවුණි. පාසල් නිල ඇඳුමින් නිවසින් පලා ගිය විනයාගමූර්ති මූරලිදරන් එසේ පලාගියේ තමන්ගේ උසස් පෙළ විභාගය අවසන් කළ කාලයේය. අනතුරුව ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි හා සෝනම් හි දැඩි පුහුණුවකින් මානසිකව හා කායිකව හේ ශක්තිමත් විය. කරුණා තවත් කොටි සාමාජිකයෙක් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හෙට දවස තීරණය කරන්නෙකු බවට තීන්දුවන සිදුවීම සිදුවූයේ ඉන් අනතුරුවය. ඒ එදා කොටි සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මුණගැසීමයි.

“එදා ප්‍රභාකරන් ඇවිල්ලා තෝරාගත්තා විශේෂ පිරිසක් සංවිධානයේ බුද්ධි අංශයට. ඒ අනුව මමත් එක්ක 12ක් දෙනා ඒකට තේරුණා. එතනින් තමයි හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ. එදා තෝරාගත් සංවිධානයේ බුද්ධි අංශයේ පළමු පිරිසේ පස්සේ කාලෙක කොටි බුද්ධි අංශ නායකයා වුණ පොට්ටු අම්මාන් හිටියේ නෑ. එදා මගෙත් එක්ක හිටිය මුල්ම කොටි බුද්ධි බලකායේ අප්පිල රාජන් කියන දෙන්නා නම් තවමත් ඉන්නවා. රෙමිණ්ඩන්, දයාලන් යන අය මැරිලා. තෝරාගත්ත කට්ටියව චෙන්නායිවලට අරගෙන ආවා. අඩයාර් විලේජ් එකෙන් ගෙයක් අරන් දීලා අපිව එහේ නතර කරලා රෝ එකේ කට්ටිය දාලා අපිව පුහුණු කළා. අපිව අඩයාර් විලේජ් එකෙන් නවත්තා ගත්තේ. ප්‍රභාකරන්ගේ ගෙදර තිබුණේ ඒ ළඟ. එතකොට මදිවදිනි අක්කා විතරයි ගෙදර හිටියේ. දරුවෝ නෑ. ප්‍රභාකරන් එක්ක මදිවදිනි හිටිය ගෙදර ළඟම අපි 12 දෙනාවත් තියාගත්තේ එයාගේ ආරක්ෂාවටත් එක්ක. අපි ඇරුණාම ප්‍රභාකරන්ට තව බොඩි ගාඩ්ලා 30ක් විතර හිටියා. මේ හැමෝටම තුවක්කු දීලා තිබුණේ. 1983 ඉඳලා අවුරුදු එක හමාරක් විතර මම ඉන්දියාවට වෙලා හිටියා. ඉඳලා මම ලංකාවට ආවා.”

ප්‍රභාගෙ බොඩිගාඩ් වෙලා ඉද්දි මඩකලපු නායකයා වුණා

මෙරට කොටි ත්‍රස්තවාදයේ තීරණාත්මක පුද්ගල චරිතයක් වූ කරුණා තම සංවිධානය තුළ පවා තීරණාත්මක චරිතයක් වූයේ ඉතාම දරුණු අපූර්වත්වයකිනි.

“මම ලංකාවට එන්න වුණෙත් මාර වැඩක් නිසා. ඒ කාලේ කොටි සංවිධානයේ මඩකලපු නායකයා වුණේ කුමරප්පා කියලා කෙනෙක්. එයා දවසක් හදිස්සියේම රිය අනතුරකට ලක්වුණා. මනුස්සයාට හොඳටම අමාරු වුණා. අපි හැමෝම හිතුවේ මැරේවි කියලා. රෝහල් පහසුකම් වුණත් ලොකුවට නෑනේ. ප්‍රභාකරනුත් හිතුවා මිනිහා මළා කියලා. නායකයා මැරුණොත් හරි එයා අයින් කළොත් හරි ඉක්මනට එතෙන්ට වෙන කෙනෙක් දාන්න ඕන. සංවිධානෙට අලුත් කට්ටිය ගන්න කාලය නිසා කොල්ලොන්ගේ හිත හයිය කරන්න ඕන.”

මේ කතා බහ තුළ කරුණාට පසුවද තවත් පිරිස් කොපමණ ප්‍රමාණයක් ඉන්දියාවේ පුහුණු කළේද යන්න දැනගත යුතුය. කරුණාට පසුව ඉන්දීය හමුදාව යටතේ තවත් විශාල පිරිසක් ඉන්දියාවේ පුහුණුව ලැබුවද?

“ආ… නෑ… නෑ… අපෙන් පස්සේ ඉන්දියන් හමුදාව ඒක කළේ නෑ. අපි තමයි ඊට පස්සේ ඉඳලා පුහුණු කළේ. අපේ මුල්ම 300ක කණ්ඩායමෙන් කට්ටියක් තෝරාගත්තා ඉන් පස්සේ එන අයව පුහුණු කරන්න. ඒ නිසා ඉන් පස්සේ ආපු අයට අපිම තමයි පුරුදු කළේ.”

“දැන් මොකද වුණේ කුමරප්පාට?”

“කුමරප්පා මැරිලා කියලා වැරදිලා තමයි මාව මුලින්ම මඩකලපුව නායකයා කරන්න කියලා ප්‍රභාකරන් සංවිධානයට නියෝග කළේ. මම ඒ වෙද්දී එයාගේ ළඟ හිටියා එයාගේ බොඩි ගාඩ් වෙලා. ඒ අස්සේ එක පාරට මට කිව්වා කරුණා ඔයා ගිහින් මඩකලපුව බලාගන්න. සංවිධානෙට අලුත් කට්ටිය බඳවගන්න. එයාලව හොඳට පුහුණු කරන්න කියලා. මමත් ලංකාවට ඇවිත් කුමරප්පාට තිබුණ නායකකම අරගත්තා. 1985 දෙසැම්බර් මාසේ දවසක තමයි මම එහේ ගියේ. මඩකලපුවේ කළුවන්කර්නි තොටුපොළෙන් බැහැලා වන්දරමුල්ලට ගිහින් නායකයාගේ වගකීම් අරගත්තා. මම යද්දී එතන තව 60ක් විතර කට්ටිය හිටියා. මම එයාලට විස්තරේ කියලා වැඩ බාරගත්තා. එතකොට එහේ දේශපාලන නායකයා වුණේ කාන්දන් කියලා කෙනෙක්. එයා තාමත් ජීවත් වෙනවා. යුද නායකයා වුණේ රේගන් කියලා කෙනෙක්. එයා නම් දැන් මැරිලා. මම මේ දෙන්නාගෙම නායකයා.

මේ සිදුවීමේ වඩාත් කතාබහට ලක්වන සිදුවීම සිදුවූයේ ඉන්පසුවය. එනම් කුමරප්පා හෙවත් මඩකලපු හිටපු නායකයා රිය අනතුරින් මිය නොගොස් තවදුරටත් ජීවතුන් අතර සිටින තත්ත්වයකදීය. ඔහු මිය ගොස් ජීවත් වීමට වරම් සොබාදහමින් ලබන අතර ඊට වරම් නොදෙන්නේ ඔහුම සේවය කළ තම නායකයා වූ ප්‍රභාකරන්ය.

“ඒක මාර වැඩක්. අපිටත් කරන්න දෙයක් තිබුණේ නෑ. කුමරප්පා හරිම කැමතියි පොත් කියවන්න. ඒ නිසා එයාළඟ විශාල පොත් එකතුවක් තිබුණා. පස්සේ මෙයා සංවිධානයට ආවාට පස්සේ මෙයාම යුද උපක්‍රම ගැන පොත් හොයාගෙන ඒවා එකතුවක් හැදුවා. සංවිධානේ පොත් පවා එතන තිබුණා. ඔය කියන කාලේ ඉන්දියානු හමුදාව ලංකාවට ඇවිල්ලා තිබුණේ. මම මේ කියන්නේ පස්සේ කාලෙක වුණ එකක්. කුමරප්පාට මොකද වුණේ ඇහුව නිසා. ඉන්දියානු හමුදාව ඇවිල්ලා ලංකා රජයයි කොටි සංවිධානයයි අතර සාම ගිවිසුමක් ගහලා හිටියේ. ඔය අතරේ දවසක් කුමරප්පා එයාගේ පොත් ටිකත් බෝට්ටුවකට පටවාගෙන මූදෙන් ඉන්දියාවට යන්න ගියා. එයාට ලංකාවේ ආරක්ෂාව මදි කියලා වෙන්න ඇති. මේ යන එක කොහොම හරි හමුදාවේ අය දැනගෙන කුමරප්පායිල බෝට්ටුවේ හිටිය තව 10 දෙනෙකුයි අල්ලාගන්නවා. හැබැයි මේ සාම ගිවිසුම් කාලේ.”

“අත්අඩංගුවට ගත්ත මේ 11 දෙනා හමුදාව කොළඹ ගේනවා. ගෙනල්ලා ඒයාලා හිරේ දාලා තියනවා. හැබැයි අපිට ගිහින් කොළඹදි එයාලව බලන්න පුළුවන්. අපි කොළඹ ඇවිල්ලා එයාලව බලනවා කියලා දැනගත්තාම ප්‍රභාකරන් අපිට නියෝගයක් එවලා තිබුණා. ඒ තමයි මට කලින් මඩකලපු නායකයා වුණ කුමරප්පාව මරන්න ඕන කියලා. අපි කිව්වා දැන් සාම ගිවිසුම කාලේ, අනික හමුදාව යටතේ ඉන්න අය. ඒ නිසා ඒක අමාරුයි කියලා. ඒත් අන්තිමට දවසක් මහත්තයා මාව හමුවෙන්න ඇවිත් කිව්වා ඒ එකළොස් දෙනාව ඉවර කරන්න ඕන කියලා. අපි තීරණය කළා එයාලට මොනවා හරි කරන්න. වෙඩි තියන්න, බෝම්බ ගහන්න බෑ. එකම විදිය සයිනයිඩ් දෙන එක, එයාලා අත් අඩංගුවට ගන්න වෙලාවේ එක්කෝ එයාලා ළඟ සයිනයිඩ් තිබිලා නෑ. නැත්තම් එයාලා අල්ලාගනිද්දී සයිනයිඩ් ටිකත් හමුදාව අරගෙන. මේ මොනවා හරි හේතුවකට කුමරප්පා ඇතුළු කට්ටිය ළඟ සයිනයිඩ් නෑ. අන්තිමට අපි කෑම පැකට් හදලා ඒවා ඇතුළට සයිනයිඩ් දාලා ඒක ගෙනිහින් දුන්නා කුමරප්පා කට්ටියට හෙට එළිවෙද්දි මේක කාපන් කියලා. මමයි මහත්තයයි තමයි ගියේ… පහුවෙනිදා එළි වෙද්දී හමුදා බාරයේ සිටි කොටි ත්‍රස්තයින් 11 දෙනෙක් හදිසියේම මිය ගිහිල්ලා. මේක සාම සාකච්ඡාවලට දරුණුවට බලපෑවා. කුමරප්පා මට කලින් හිටියා නායකයා. ඔහුව මරන්නත් වුණා ප්‍රභාකරන්ගේ දැඩි බලපෑමට.”

ඊළඟ කොටස කියවන්න මෙතනින් යන්න.

දේශය පුවත්පත ඇසුරින් උපුටා ගන්නා ලදී.

මෙහි පළමු කොටස කියවන්න පහත පින්තුරය මත click  කර පිවිසෙන්න.

 

අඩු මිලට වාහන දෙන්න මහේන්ද්‍රා කම්හලක් ලංකාවට

ඉන්දියාවේ මහේන්ද්‍රා වාහන එකලස් කිරීමේ කම්හලක් ලංකාවේ ස්ථාපිත කිරීමට සැරසෙනවා. මහේන්ද්‍රා වාහන වල මෙරට බලය ලත් අලෙවි නියෝජිත අයිඩීල් ලංකා ආයතනයේ සභාපති මහතා ඒ බව පවසනවා.
වීඩියෝව පහතින් නරභාන්න.

 

නර්තන අචාර්ය බුදවත්ත සහ මැතිනිය පුතාගේ wedding එකේදී මනාලිය සමග නටු හැටි.

නැටුමෙන් හැඩවුණු රංගන ශිල්පී බුදවත්තගේ පුත් රන්සිළුගේ විවාහ මංගල උත්සවය

ප්‍රවීන නර්තන ශිල්පී කුලසිරි බුදවත්ගේ පුත්‍රයා වන රංගන රංසිලු බුදවත්තගේ විවාහ මංගල උත්සවය පසුගියදා ඉතා උත්කර්ශවත් ලෙස කොළඹ හෝටලයකදී පැවැත් වුණා.

එම අවස්ථාවට දේශීය නර්ථන ශිල්පීන් සහ බෙර වාදකයින් 150 පමන සහභාගී වී සිටියා.

විවාහ මංගලෝත්සවයේ දෙවන දිනයේදී රංගන බුදවත්තගේ බෙර වාදනයට කුලසිරි බුදවත්ත සහ, එම මහත්මිය මෙන්ම මනාලියද නර්තනයක්ද ඉදිරිපත් කළා.

අලුත උපන් පැටියට කිරි දෙමින් සිටි එළදෙන මරා ගාත් දෙක කපාගෙන ගිය තිරිසනුන්

මිනිසුන් අතර තිරිසනුන්ටත් වඩා අන්ත පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් නිරතුරු අසන්නට ලැබෙනවා. ඒ වගේ සිද්ධියක් අසන්නට ලැබුනේ මුතියංගන පුජා භූමියට ආසන්න ප්‍රදේශයකින්. කිරි දරුවෙකු මෙන් මෙලොව උපන් වසු පැටවාට කිරි දෙමින් සිටි එළදෙන මරා ගාත් කපාගෙන , රාත්‍රියේ ගමන් කරමින් සිටි පුද්ගලයන්ට සිදු වූ දිට්ඨ ධම්මවේදනීය කර්මය පලදීම ගැන වීඩියෝව පහතින්….

 

කැලිෆෝනියාවේ විලක වැස්සට එකතුවෙන වතුර බහින්න හදපු විශ්මිත ක්‍රමයක්

කැලිෆෝනියාවේ විලක වැස්සට එකතුවෙන වතුර බහින්න හදපු විශ්මිත ක්‍රමයක් ඔයාලට හිතා ගන්නවත් බැරිවෙයි.
කැලිෆෝනියාවේ Berryessa ලේක් නමැති මහා විලෙහි අමුතු දෙයක් දිස්වූනා. මෙය වසර 11න් පසු දිස්වන්නට හේතුව වුයේ , මහා වැසි ඇදහැලී ගංවතුර තත්වයක් එම ප්‍රදේශයට ඇතිවීමයි. මෙම ජල ගැලීම් තත්වය නිසා Berryessa විලෙහි ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල ගියා. ජල මට්ටම ඉහල ගොස් සිදුවන මහා ව්‍යවසනය වැලක්වීමට එරට ඉංජිනේරුවන් විසින් උපක්‍රමයක් භාවිත කර තිබුනා. ඒ යම් ජල මට්ටමකට ජලය පිරුණු විගස ඒ මට්ටමෙහි මහා විවරයක් සහිත උමන් ජල මාර්ගයක් සැදීමයි.
මෙහිදී එම මට්ටමට පිරෙන ජලය එම විවරය ඔස්සේ භූගතව වෙනත් දිශාවකින් ගමන් කොට , වැඩි ජලය මුදා හැරීමයි. පහත වීඩියෝව මගින් එම තත්වය ඔබට බලාගත හැකිය. මෙවැනි වැදගත් දේ තවත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා.