“අද රටේ දැවෙන ප්‍රශ්නය මගේ විවාහයද?.” වික්ටර් රත්නායක දෙවන විවාහය ගැන අදහස් දක්වයි.

අද ලංකාවේ බොහෝ සමාජ ජාලා වල ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ලංකාවේ කීර්තිමත් සංගීතඥයෙකු වූ වික්ටර් රත්නායකයන් සහ වයස අවුරුදු 33 වූ කාන්තාවක් අතර සිදු වූ විවාහයයි.
මේ පිළිබඳව මුලින්ම වාර්තා වුනේ වික්ටර්ගේ පුත් ලෙලුම් රත්නායක විසින් තම ෆේස්බුක් ගිණුමෙහි “තම පියා මිය ගිය බවට” පල කිරීමත් සමගය. ඉන් පසු සියලු සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිද්ධිය ගැන කතා කරන්නට උනා.
මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ අදහස් දක්වා තිබුනා. ඒ අතර වික්ටර් රත්නායකයන්ට ආදරය කල බොහෝ පිරිසක් අදහස් දක්වා තිබුනා. විවිධ පුද්ගලයන් වික්ටර්ව සාධාරණිය කරණය කර ඇතිසේම, තවත් පිරිසක් ඔහුගේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කර තිබුනා.
නමුත් මේ ගැන වික්ටර් රත්නායක මහතා අදහස් දක්වා තිබුනා. ඔහු ඒ පිළිබඳව දරන්නේ මෙහෙම මතයක්.

“මාව මේ රටේ මිනිස්සු අඳුර ගත්තේ සංගීත වේදියෙකු ලෙසයි. මම ඔවුන්ට සෑමවිටම සාධාරණය ඉටු කරලා තියෙනවා. ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මොහොතක් හෝ සතුටට පත් කර තියෙනවා. ඒ කියන්නේ මම සහ ල්රසිකයන් අතර තියෙන සම්බන්ධකමට කිසිවිටෙක අසාධාරණයක් කරලා නැහැ.
නමුත් සමහර සමාජ මාධ්‍ය ඔස්සේ මේ ප්ර්සිද්ධියේදී මගේ පෞද්ගලිකත්වයට සීමාව ඉක්මවා මැදිහත් වනවා.
දෙවන කාරණය මෙවැනි සිද්ධියකට හේතු පාදක වූ කරුණු ගැන කිසිත් නොදැන මාව විවේචනය කිරීමයි.
ගොඩක් යට ගැටලුව වී තියෙන්නේ මගේ වයස සහ ඇයගේ වයස අතර පවතින පරතරයයි. මට අහන්න තියෙන්නේ ලංකාවේ මෙවැනි විවාහයන් සිදුවෙලාම නැද්ද? මේක පළමු අවස්ථාවද?….මෙතැනදී මම ප්‍රසිද්ධ නිසා මෙය මේ තරම් උලුප්පනවා. මගේ බිරිඳ වියෝවෙලා වසර 13ක් වෙනවා. මම එයා ඉන්නකාලේ , එයාව අතහැරලා විවාහයක් කරගත්තනම් එක වරදක්…..නමුත් මම එහෙම කරලා නැහැ.
ඕනෑම සත්වයෙක්ට ආදරය කරුණාව අවශ්‍යයි….එකට වයස, ජාති , කුල, මල, සීමා නැහැ……
මිනිසුන්ට මාව විවේචනය කරන්න අයිතියක් තියෙනවා. ඒ ඔවුන් සහ මා අතර පවතින සංගීතය පිළිබඳව කාරණයේදී… එහෙම නැතුව මගේ පෞද්ගලික ජීවිතය, දරුවන් ගැන අලලා විවේචන ඉදිරිපත්කිරීම ගැන මම කනගාටු වෙනවා.
ඔය සදාචාරය, සංස්කෘතිය ගැන කතා කරන යට කියන්න තියෙන්නේ කරුණා කරලා ලංකාවේ ළමා අපචාර, මත්ද්‍රව්‍ය, ජනතාව රවටන දේශපාලනය, කාන්තා හිංසනය,ඇතුළු රට වනසන දේ ගැන කෑ ගහන්න. නැතුව මිනිහෙක්ගේ අතිශය පෞද්ගලික කාරනා ගැන මොරදීල ෆේස්බුක් එකේ වීරයන් වෙන්න එපා.
මනුෂ්‍ය ස්වභාවය තේරුම් ගන්න බැරි මිනිසුන්ට මේක ලොකු මාතෘකාවක් වුනාට බුද්ධිමත් රසිකයන් මේ ගැන මධ්‍යස්තව හිතන බව මම දන්නවා. මගේ පෞද්ගලිකත්වය විවේචනය නොකර මගේ සංගීතය විවේචනය කරන්න.

Related Post

3 thoughts on ““අද රටේ දැවෙන ප්‍රශ්නය මගේ විවාහයද?.” වික්ටර් රත්නායක දෙවන විවාහය ගැන අදහස් දක්වයි.”

  1. ඇත්ත ,,ඔබේ පුද්ගලික ජීවිතය අපට අදාල නැහැ ඔබේ ජීවිතයේ තීරණ ගැනීම ඔබ සතුයි . එය ඔබේ මානුෂික අයිතය ..අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ගායනය පමණයි ,,,ඔබේ යුග දිවියට මගේ සුබ පැතුම් ,,,තව දිගුකලක් ඔබේ ගීත අසන්නට ලැබේවා ,,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *