ලංකාවටම චියර් කරමින් ඉන්දීය පරාජයෙන් පසු බුකිය කැළඹූ පකිස්ථාන් තරුණයා ලංකාවට ඇවිල්ලා.

ඉන්දියාව සමඟින් පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟින් පකිස්ථාන් තරුණයෙකු වීඩියෝවක් මඟින් ඔහු සතුට සැමරූ අයුරු අන්තර්ජාලයට එක්කර තිබුණු අතර එය ශ්‍රී ලාංකිකයින් රැසකගේ අවධානයට යොමු වුණා.

මේ තරුණයාගේ නමින් ජමීල් හසන්. අපේ රටේ අය වගේම ඔහුත් ක්‍රිකට් පිස්සෙක් කීවොත් නිවැරදි. පකිස්ථාන් ජාතිකයෙකු වෙලත් ඔහු ශ්‍රී ලංකා පිලට මේ තරම් ආදරේ ඇයි කියලා අහපු ප්‍රශ්නෙකට ජමීල් උත්තර දීලා තිබුනේ මෙන්න මේ විදියට….

‘‘මම ලංකාවට සපෝට් කරන්නේ පොඩි කාලේ ඉඳන්මයි.මම ලංකාවට නිතර එනවා යනවා. ගිය අවුරුද්දේ මාර්තු වල තමයි අන්තිමට ආවේ.‘‘

‘මම මහේලට පොඩි කාලේ ඉඳන්ම කැමතියි.. මහේල නිසා තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෙච්චර ලොකු රසිකයෙක් වුනේ‘

‘‘ලංකාවයි පාකිස්තානයයි අතර තරඟයක් තියෙනවනම් මම අනිවාර්යෙයන් ආපහු ලංකාවට එනවා.ඒ තරඟයෙදීත් මම චියර් කරන්නේ ලංකාවට…මම මැරෙනකන්ම ලංකාවේ ක්‍රිකට් රසිකයෙක්‘‘

ඒ විදියට තමයි ඔහු තමන්ගේ ආදරේ දිනපු ලංකාවේ ටීම් එක ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *