පියාගේ මරණයට හිරේ ඉඳන් ඇවිත් පුංචි දියණිය හුරතල් කල මරණ දඬුවම නියම වූ සුනිල් – Photos

පසුගියදා යාපනයේ මිරුසිවිල් ඝාතන සිද්ධියට වරදකරුව මරණ දඬුවම හිමිව සිටින යුද හමුදා නිළධාරියෙකු වූ සැරයන් සුනිල් රත්නායක මහතා ඔහුගේ නිවසට පැමිණ තිබුණා. ඒ මිය ගිය තම පියාට අවසන් ගෞරවය දැක්වීමටයි.

ඔහුට බන්ධනාගාර පාලනාධිකාරිය විසින් මෙම අවස්ථාව ලබාදී තිබුණු අතර නිවසට පැමිණි ඔහු තම කුඩා දියණිය සුරතල් කරන එහි සිටි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වුණා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි…..

ලොව වටා බයික් එකකින් ගොස් ලංකාවේ කොල්ලෙක් වාර්තාවක් තියයි.

ශ්‍රී ලංකාව ලෝකයේ ‘තිත’ක් බඳු කුඩා දූපතක් වුවත් ඇතැම් අවස්ථාවල ලාංකිකයන් පෙන්නුම් කරන වැඩ-කිඩ නම් කුඩා නොවන වග ඉතිහාසය හාරා ඇවිස්සීමේ සිට වර්තමානය දක්වාම මනාව පිළිබිඹු වේ. එවන් වික්‍රමාන්විත රජ වැඩක් කරමින් ලාංකිකයන් පමණක් නොව ලෝකවාසීන්ද මවිත කළ ලක් පුතකු පිළිබඳ කතාවකි මේ. රටවල් අසූවකට වැඩි ප්‍රමාණයක් හරහා යතුරු පැදියකින් ගිය ඔහු ඩිලන් සමරවික්‍රමය. ඩිලන් මෙසේ යතුරු පැදියෙන් කරක් ගැසූ රටවල් බොහොමයක් කෙනකු ලේසියෙන් නොයන එසේම කෙනකුට ලේසියෙන් යෑමට ද නොහැකි රටවල් වීම ‍විශේෂයකි. එවන් රටවලදී ඔහු ලද අත්දැකීම් ද අපූරුය.
යතුරු පැදියකින් දිගු ගමනක් යෑමක් පිළිබඳ අප අසා තිබුණේ 1952 වසරේදී අර්නස්ටෝ චේ ගුවේරා කිලෝ මීටර් 8000ක් පුරා දකුණු ඇමෙරිකාව හරහා ගිය ගමනය. මේ මහා විප්ලවවාදියා විසින්ම රචිත ‘The Motor Cycle Diaries ‘නමැති ග්‍රන්ථයේ ඔහුගේ ගමන් අත්දැකීම් අපූරුවට සඳහන් වේ. අපේ ඩිලන් යතුරු පැදියෙන් ගියේ ලොව වටා ගමනකි. එය හිතන්න පුළුවන් කතා පුවතක් ද? එහෙත් ඩිලන් එම පුවත යථාර්ථයක් බවට පත් කළ අප්‍රතිහත ධෛර්යයකින් යුත් මිනිසෙකි. ඔහුගේ කතාව අපූරුය.
ඩිලන් හැබෑම ශ්‍රී ලාංකිකයකු වුවත් ඔහු කාලයක සිට ජීවිකාව ගෙවනුයේ ස්විට්සර්ලන්තයේ සුන්දරත්වයෙන් අනූන එනෙන්ඩා ප්‍රදේශයේය. ඩිලන්ගේ වික්‍රමාන්විත ගමන ගැන කන වැකුණු මාහට අන්තර්ජාලය ඔස්සේ ඩිලන් හා සංලාප වීමට හැකියාවක් ලැබිණි. ඒ ගමන්වලදී ඔහු ලද අත්දැකීම් අපූරුය. වික්‍රමාන්විතය. විවීධය.
ඩිලන් පවසන පරිදි අතිදුෂ්කර වූත් සුන්දරවූත් ඒ ගමන ගැන සඳහන් කිරීමට පෙර ඔහුගේ ගමනට ප්‍රස්තුත වූ කරුණු කීපයක් ඔහු පුන පුනා පැවසීය.
“මං පොඩි කාලේ සිටම වික්‍රමාන්විත ක්‍රියා ප්‍රිය කරන්නෙක්. ළමා කාලේදීම මගේ සිතේ රසවත් හැඟීමක් ඇති කළ පොතක් වුණේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගේ මඩොල් දූව. එ් සිතිවිලිත් සමඟ පොඩි කාලෙ ඉඳලා මගේ සිහිනයක් තිබුණා ලෝ වටා සංචාරයක් කරමින් ලෝකයේ ලස්සන වගේම විවිධ ජන කොට්ඨාසයන්හි සංස්කෘතීන් ගැන අධ්‍යයනය කරමින් එම ජීවිතවල සුන්දරත්වය සේම කටුකත්වය දැකගැනීමට. ඒ වගේම ඒක මට ඕන විදිහට විඳින්නයි මගේ අරමුණ වුණේ. එහෙම නැතිව කෙනෙක්ගේ මඟ පෙන්වීමකින් පොත-පත පරිශීලනය කරමින් යන ගමනක් මට අවශ්‍ය වුණේ නෑ. එසේම මෙවැනි ගමනක් ගිහිල්ලා ලෝක වාර්තාවක් තියන්ටවත්, ඉතිහාසගත වීරයකු වෙන්ටවත් මට ඕනැ වෙලා තිබුණේ නෑ. මගේ එකම පැතුම වුණේ දේශ ගවේෂකයෙක් වගේ ලෝකය දකින්න. එදා මෙගලන්, කොළොම්බස්, මාකෝ පොලෝ වැන්නන් කළා වගේ මේ ලෝකය දකින්නයි මගේ ඒකායන බලාපොරොත්තුව වුණේ.”
ඩිලන්ගේ රජ ගමනේ අරමුණ කුමක් වුවත් ඔහු කළ වික්‍රමය නම් ඓතිහාසිකය.
“මගේ පොඩි කාලේ සිහිනෙත් එක්ක මීට අවුරුදු 7කට පමණ පෙර 2010 වර්ෂයේ දවසක මං තීරණයක් ගත්තා ලෝකේ වටේ රවුමක් යන්න. ඒකට තෝරගත්තෙ මම ‘බෲස්’ කියන අන්වර්ථ සුරතල් නාමයෙන් හඳුන්වන මගේ මෝටර් සයිකලය. තව කතාවක් තමයි මට කුඩා කාලේ ඉඳලම මෝටර් බයිසිකල් උණකුත් තිබුණා. මගේ ලොකුම විනෝදාංශය තමයි මෝටර් සයිකල් පැදීම. මුලින්ම බයික් එකක් ගත්තෙ අවුරුදු 16දී. එදා පටන් මගේ ආශාව බයිසිකලෙන් ලෝකෙ කොහේ හරි කරක් ගැසීම. මෙහෙමයි ලෝකෙ වටේ යනවා කිව්වම සමහරු එක් එක් විදිහට අර්ථ දක්වනවා. මම කළේ මේ ලෝකය ගෝලාකාරයිනේ. මට අවශ්‍ය වුණේ මෝටර් සයිකලෙන් ගෝලාකාර ලෝකෙ වටේ අංශක 360ක රවුමක් ගිහින් නැවතත් එනෙන්ඩාවල මගේ ගෙදරට එන්න. එහෙම නැතිව ලෝකයේ සෑම රටක් හරහාම ගමන් කිරීමට මට අවශ්‍ය වුණේ නෑ. ඉතින් මම, මගේ ලෝ වටා රවුම අවුරුදු 3 1/2ක් තිස්සෙ එකදිගට රටවල් 80කට වැඩි ප්‍රමාණයකින් ගියා. ඒත් මගේ ගමනට අවශ්‍ය මුදල් ඉවර වුණ හින්දා දකුණු ඇමෙරිකාවේ අර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නගරයෙන් ගමන නතර කරන්න වුණා. මගේ අරමුණ වෙලා තිබුණේ බුවනෝර්ස් අයර්ස්වලින් මෝටර් සයිකලය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්වලට නැව්ගත කරලා මාත් ගුවනින් ගොස් එතැන් සිට බටහිර අප්‍රිකාව දෙසින් ගමන් කොට යුරෝපයට ඇතුළුවී ගෙදර යෑමයි.”
අපේ ශ්‍රී ලාංකේය පුත්‍රයාගේ තරම කෙතරම්ද වග දැන් ඔබට වැටහෙනවා ඇත. එසේනම් මේ ඩිලන් කවුද? 1970 දී ගම්පොළදී මෙලොව එළිය දුටු ඩිලන් තම පියාගේ ව්‍යාපාරික කටයුතු නිසා වත්තලට සේන්දු වී ඇත. වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප්සතර හැදැරූ හෙතෙම වයස අවුරුදු 16දී පමණ ඉගෙනීම් කටයුතු සඳහා එංගලන්තයට පිටත්ව ගොස් ඇත.
“අපේ තාත්තා පංචිකාවත්තේ ට්‍රැක්ටර් අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒත් අවාසනාවන්ත ලෙස තාත්තා සොර කල්ලියක් විසින් දුම්රියේදී ඝාතනය කරනවා. තාත්තගේ මරණය අපේ පවුලේ ඉරණම් ගමන එහෙම්පිටින්ම වෙනස් කළා. මගේ තාත්තා වෙර වීර්යයෙන් දියුණුවට පත්වෙමින් සිටි කාලයකයි මුදල් පසුම්බියක් වෙනුවෙන් ජීවිතය පුද කළේ. එතකොට මට වයස අවුරුදු 6යි. තාත්තා අප දාලා ගියාට පස්සෙ අපේ පවුල අන්ත අසරණ වුණා. අපි විඳි සැප සියල්ල අහිමි වෙනවා. ඊට මූලිකම හේතුව වුණේ තාත්තා කළේ හවුල් ව්‍යාපාරයක්. ඒ හවුල්කාර දෙන්නා සතපහක දෙයක් අපේ අම්මට දුන්නෙ නෑ. අම්මත් තාත්තගේ ව්‍යාපාර කටයුතු ගැන එතරම් අවධානයකින් ඉඳලා නෑ. මේක නොහිතපු මොහොතක සිදුවුණ දෙයක්නේ. ඇය කළේ මගෙත්, මල්ලිලා තුන්දෙනාගේත් වැඩ කටයුතු කරගෙන ගේ-දොර බලාකියාගෙන සිටීම. පස්සෙ අපි මහ පාරට වැටෙන තරමට අන්ත අසරණ වුණා. මගේ අම්මා‍ බ්‍රිජට් හපුආරච්චි. ඇගේ උත්සාහයෙනුයි පසුව අපි මේ තත්ත්වයට ආවේ” යැයි පවසන ඩිලන් තම බාල සොහොයුරන් තිදෙනා වන තුෂාර, ජයන්ත සහ රොෂාන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉතාම හොඳින් ජීවත්වන බව කීවේය.
එංගලන්තයේ ඉගෙනීම් කටයුතු අවසන් වූ පසුව ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වූ ඩිලන් ඉඩ ලද සෑම විටෙකදීම මෙරටට පය තබන බවද පැවැසීය. යුරෝපයට විත් වසර 30ක ඇවෑමෙන් තමාගේ ළමා අවදියේ ජීවන චර්යාවන් සේම සිතුම් පැතුම්හි එක් දෙයක් හැර සියල්ල උඩු-යටිකුරු වූ බව පවසන ඩිලන් ලෝක සංචාරයෙන් පසුව එම පැතුමත් ඉටුවූ බව පවසන්නේ නිහතමානීවය.
“මේ ලෝක සවාරියට කලින් මම විවිධ රට-රටවල සවාරි ඕනෑතරම් ගිහින් තියෙනවා. මං ස්විට්සර්ලන්තයේ සියලු සැපසම්පත් සහිත ඉතාම හොඳ ජීවන තත්ත්වයක් ගෙවන්නෙ. ඒ වගේම මේ ගමන යෑමට පෙර ඉහළ ආදායම් උපයන ව්‍යාපාරයක් මට තිබුණේ. ඒත් ඒ සියලු දේවලට වඩා මගේ සිතේ හැමදාම කොනක පැලපදියම් වෙලා තිබුණා මෙවැනි ලොව වටා ගමනක් යෑම ගැන. දැන් මං ඒ පැතුමත් ඉටුකරගෙන අවසන්.”
අවසන් වතාවට 2016දී මෙරටට පැමිණි ඩිලන් වර්තමානයේ ලේඛකයෙකු, පෞරුෂ වර්ධන දේශකයෙක් සේම චිත්‍රපට කර්මාන්තයේ ද නිරතව වැඩ කටයුතු කරමින් සිටී. මේ වන විට ලෝක සවාරිය අලළා වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කරමින් සිටින 46 හැවිරිදි ඩිලන් පසුගිය දිනවල මා සමඟ කතාබස් කරන විට එම චිත්‍රපට කටයුතු වෙනුවෙන් පැනමා රාජ්‍යයේ මහා ගන වනාන්තරයකට ඇතුළුවීමට සූදානමින් සිටියේය.
ඔහු ලෝක සංචාරය කළ බීඑම්ඩබ්ලිව් වර්ගයට අයත් මෝටර් සයිකලය රෝද දෙකේ සාමාන්‍ය සයිකලයක් වුවත් එය ඩිලන්ගේ වික්‍රමාන්විත ගමනේදී එක්තරා ආකාරයක රෝද හතරේ වාහනයකට සමාන බඩු කන්දරාවක් රැගෙන ගිය බවක් ඡායාරූප පිරික්සන විට පෙනිණි.
“මුලින් කිව්ව වගේ මට මේ ගමනට කිසිම සැලැස්මක් තිබුණේ නෑ. මඟ පෙන්වන්නන් මෙන්ම මඟ පෙන්වන පොත්පත් මුකුත්ම නෑ. මම කළේ මට හමුවන මිනිස්සුන්ගෙන් නව වටපිටාව හඳුනගෙන ඒ ඔස්සේ ගමන් කිරීමයි. මගේ ළඟ තිබුණේ පුංචි ජීපීඑස් උපකරණයක් පමණයි. එය මං අතරමං වූ තැන්වලදී මාලිමාවක් වගේ ක්‍රියා කළා. ඇත්තෙන්ම මගේ මේ ගමනේදී අතරමං වීමක් කියලා දෙයක් නැහැ. එහෙම වූ අවස්ථාවලුත් මං දැක්කෙ නව ඉසව්වක් දැකගැනීමක් ලෙසයි. මං මේ ගමනේදී වැඩිපුරම ගියේ දියකඩිති, ගල්-ගොඩැලි සහිත ගුරු පාරවල්වල. අධිවේගී මාර්ග, කාපට් ඇතුරු මාර්ගවල යන්නම ඕන අවස්ථාවලයි ගියේ. කොටින්ම රටකට ඇතුළු වුණාම අප්‍රකට, සංචාරකයන් වැඩිපුර නොයන තැන් දකින්නයි වැඩිපුරම ගියේ.”
තමා සතුව තිබූ කුඩා ව්‍යාපාරය විකුණා දමා ලෝ වටා සංචාරය කිරීම සඳහා මුදල් සොයා ගත් ඩිලන් එම සුළු මුදල් ප්‍රමාණය පරෙස්සමින් විය-හියදම් කරමින් ‘බෲස්’ සයිකලයෙන් ලෝකයේ රටවල් 80කට වැඩි ප්‍රමාණයක රිංගමින් කිලෝමීටර් දෙලක්ෂ දසදහසකට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇත. ඒ අතරට තමන්ම නිර්මාණය කරගත් පහුරක් ආධාරයෙන් කිලෝමීටර් 720කට වැඩි දුරක් ගිය ත්‍රාසජනක ගමනක්ද වේ. “මේ කිලෝමීටර් 720 දුර තමයි මේ ගමනේදී මං මූණ දුන්න ත්‍රාසජනකම අත්දැකීම්වලට මුහුණ දුන්නේ. දකුණු ඇමෙරිකාවයි, උතුරු ඇමෙරිකාවයි අතරෙ තිබෙන මධ්‍යම ඇමෙරිකා රටක් වන පැනමාවේ සිට කොලොම්බියාවට ගොඩබිම් මාර්ගයක් නෑ. ඒ නිසා තමයි මට මේ අත්දැකීමට මූණ දෙන්න වුණේ. එතැනදී වෙන්නෙ බෝට්ටුවකින් හෝ ගුවන් යානයකින් ගමන් කිරීමක්. බෝට්ටුවක් කුලියට ගෙන මගේ බෲස්වත් පටවගෙන යන්න තරම් වත්කමක් මට තිබුණේ නෑ. ඒ නිසා මම කළේ මා විසින්ම තනාගත් පහුරක් ආධාරයෙන් පැසිෆික් සාගරය තරණය කරමින් කොලොම්බියාවට යෑම. ඒ වගේමයි මං මෙතෙන්දී පොඩි දෙයක් හිතුවා මොකද මේ සංචාරය සුන්දර වෙන්නෙ ත්‍රාසජනක අත්දැකීමක් ලබමින් ගියොත් කියන එක මගෙ ඔළුවෙ සෑම විටම වැඩ කළා. ඒකයි මං වැඩිපුරම පහුරු ගමන ගියේ.
පෘථිවි ගෝලයේ පිහිටා තිබෙන මහද්වීප හතෙන් මිනිස් වාසය සතු මහද්වීප පහ තුළින්ම ගමන් කළ ඩිලන් මහද්වීපයෙන් මහද්වීපයකට සේම රටකින් රටකට ගිය අයුරු අප හා විස්තර ක‍ෙළේය.
“සාමාන්‍යයෙන් කලින්ම වීසා ඕන කරන රටවලුත් තියෙනවා. ඒ වගේම සමහර රටවල් තියෙනවා දේශසීමාව මායිමේ තිබෙන කාර්යාලවලින් ගමන් බලපත්‍රයේ එරට මුද්‍රාව සටහන් කරගෙන ඇතුළු වෙන්න පුළුවන් රටවලුත්. එහෙම රටවල් තමයි ඇමෙරිකා මහද්වීප දෙක තුළදී බොහෝ විට හමු වුණේ. ඒ තැන්වලදී දේශසීමා කාර්යාලවලදී බලන්නෙ තම රටට ඇතුළුවීමට පෙර එම පුද්ගලයා සිටි රටෙන් නීත්‍යනුකූලව පිටවීමේ මුද්‍රාව සටහන් කර තිබෙනවාදැයි කියා පමණයි. ඒත් කලින්ම වීසා බලපත්‍ර හදා ගත යුතු රටවල් වන ඉතියෝපියාව, සුඩානය, ඉන්දියාව, පාකිස්තානය, ඉරානය ආදි රටවල්වලදී මං කළේ කලින්ම ගමන් බලපත්‍ර හදා ගත්තා.” අවස්ථා කීපයකදී බෲස්ව නැව්ගතකොට තමාද ගුවන් යානයෙන් අදාළ රටට ගිය බව පවසන ඩිලන් ලෝක සවාරියේදී තිබෙන අත්දැකීම්නම් මේ කියන තරම් රසවත් නොමැති බව පැවසුවේ සුසුමක් හෙළමිනි.
“මං හැම තිස්සෙම අඩු වියදමකිනුයි මේ ගමන යන්න උත්සාහ කළේ. මොකද මට එතරම් මුදලක් තිබුණේ නෑ වියදම් කරන්න. ඒ වගේම මෙවන් වික්‍රමයන් තුළදී සැප සම්පත් මානම් කිසි විටෙක බලාපොරොත්තු වුණේ නෑ. මගේ ගමනට බොහොම සරල බඩු-භාණ්ඩ කීපයයි තිබුණේ. මොනවා හරි කෑමට-බීමට රත්කර ගැනීමට පෙට්‍රල් උඳුනයි, කොහේ හරි පරේ අයිනක නිදා ගැනීමට කූඩාරමක්, පුංචි ජීපීඑස් මෙවලමක්. ඊට අමතරව ඇඳුම් කීපයකුයි පමණයි. මට මතකයි මං සමහර ඇඳුම් මාස ගණන් එක දිගට ඇඳන් හිටියා. මට මේ ගමනට ලොකුම උපකාරය කළේ මගේ බෲස්.“ එසේම මෝටර් සයිකල් අමතර ටයරයක් සහ පෙට්‍රල් කෑන් එකක් එහෙමත් රැගෙන යෑමට ඩිලන් වග බලාගෙන ඇත.
මෝටර් සයිකල් පිළිබඳ ඉතාම හොඳ කාර්මික ඥානයකින්ද හෙබි ඩිලන්ගේ ගමනේදී බෲස්ට වන අකරතැබ්බිවලදී ඒ සඳහා අවැසි ආයුධ කීපයක්ද ඩිලන් රැගෙන ගොස් ඇත. සියලු අඩුම-කුඩුම පටවාගත් ඇලුමිනියම් පෙට්ටි තුනක් බෲස්හි අටවාගෙන තම සිතේ කාලයක සිට කැකෑරුණු ලොව වටා ගමන ගිය ඩිලන් එහි රසබර සේම ත්‍රාසජනක අත්දැකීම් ගොන්න මුල්ම වතාවට මෙරට පුවත්පතක් වන සිළුමිණ සමඟ බෙදාහදා ගැනීමට ඉදිරිපත් වූයේ කිසිදු පැකිළීමකින් තොරවය.

උපුටාගැනීම: සිළුමිණ.

පාන් පිටි ගොඩක් මැද නිරුවතින් කෝකියන් අතින් ආහාරයක් වූ සුරුපිනියගේ වීඩියෝව.

ඇමෙරිකානු සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නාය. ඇය නිරුවතින් සිටිය දී පැමිණෙන කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබයි. මේ සියල්ල සිදු කෙරුනේ ඇගේ නවතම මියුසික් වීඩියෝව වෙනුවෙනි. “බොන් ඇපෙටි” ලෙස නම් කර ඇති මෙම වීඩියෝව වැඩිම නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කර තිබේ. මේ වනවිට එය මිලියන 65කට වැඩි නැරඹුම් වාර්තාවක් පෙන්නුම් කර අතර, මේ සඳහා මූලික වී ඇත්තේ කෙටී පෙරීගේ නිරුවත බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
උපුටාගැනීම – සාරවිට

ගංවතුරට නිසා වහලයට නැගී වයසක මවක් බේරාගත් හැටි – වීඩියෝ.

පවතින අයහපත් කාලගුණය යටතේ විශාල පිරිසක් අවතැන්ව සිටින අතර, සමහර ස්ථානවලට ලංවීමට නොහැකි නිසා ඔවුන් ජීවිතයත් මරණයත් අතර සිරවී සිටිනවා.
එවන් නිවසක කොටුවී සිටි වයසක කාන්තාවන් බේරා ගන්නා පිරිසකගේ වීඩියෝවක් නිකුත්වී තිබෙනවා. ඔවුන් නිවසේ වහලයේ උළු ගලවා එම පිරිස පිටතට ගන්නා අකාරය සහ, ඔවුන් බෝට්ටුවට නන්වාගන්නා හැටි පහත වීඩියෝවෙන් නරඹන්න.

“ලොව හොඳම නිරුපිකව” කිරුල ලංකාවට දිනා දුන් චුලක්ශනී.

පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ‘ලොව හොඳම නිරූපිකාවට’ හිමි කිරැළ දිනාගැනීමට ශ්‍රී ලාංකික නිරූපිකාවක් වූ චූලක්ෂි රණතුංගට හැකියාව ලැබුණා. ඇය 2014 වසරේදී ලක් රෑ රුජින කිරුලද හිමිකරගත් නිරූපිකාවයි. ස්පාඤ්ඤයේ පැවැති ‘International best female model world 2017’ තරගාවලියේ කිරුළ දිනා ලංකාවට ආ චූලක්ෂි සමඟ අපි කතා කළා.

චූලක්ෂිට මේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද..?
මේ තරගාවලියට යන්න මට අවස්ථාව ලැබුණේ කවින් හේවාවිතාරණ සහ බ්‍රයන් මහතා විසින් ලංකාවේ නිරූපිකාවන් අතර තෝරා ගැනීමක් කිරීමෙන් පසුවයි. එයාලා තීරණය කරලා තිබුණා 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමේ අත්දැකීම් එක්ක මේ තරගාවලියට මාව සුදුසුයි කියලා.

ඉතා කෙටි කාලයකින් නේද චූලක්ෂි මේ තරගාවලියට සහභාගි වුණේ…?

ඔව්… ඇත්තටම. ඒ සඳහා මට තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. තරගාවලියකට මාසයක් කියන්නේ ඉතාම සුළු කාලයක්නේ.

ඔය වෙහෙසකර තත්ත්වයට චූලක්ෂි මුහුණදුන්නේ කොහොමද?

ඇත්ත. මේක ගොඩක් වෙහෙසකාරී කාලයක් වුණා. මාසේ අන්තිම දවස් හතර පහ තුළදී මමත් ලොකු දෙගඩියාවකින් හිටියේ මේ තරගාවලියට මම යනවද නැද්ද කියලා. ඒ තරමටම පුදුම වෙහෙසක් දැනුණා. ඒ කාලයේදී දවස් ගෙවෙන හැටි මට දැනුණේ නෑ. උදේ පටන් අරගෙන රෑ කොහොමද ඉවරවෙන්නේ කියලා මට තේරුණේ නෑ. ඒ තරමටම මහන්සියක් දැරැවා.

ඒ කැපකිරීම් එක්ක ආහාරත් පාලනය කළාද?

ඔව්. මම ඒ දවස්වල චුට්ටක් මහතට හිටියා. ඒ නිසා මාසයක් ඇතුළත මම කොහාමද කෙට්ටු වෙන්නේ කියලා මම මගේ ට්‍රේනිං සර්ගෙන් ඇහුවා. එයාගේ තීරණය වුණේ ඒ මුළු මාසයේදීම මට බත් තහනම් කියලා. ඒ මාසෙටම මම බත් කෑවේ නෑ. ව්‍යායාම් කළා. බැඩ්මින්ටන් සෙල්ලම් කළා. ඒ හැමදේමට මට මගේ යාළුවෝ ගොඩක් උදව් කළා.

ඊට අමතරව මොනවද තව කළේ?

ඒ කාලයේදී මට නින්දක් නෑ. මානසික පීඩනයකින් තමයි මම මේ තරගයට මුහුණ දුන්නේ. දවස් කීපයකින් මම ලබපු ජයග්‍රහණයක් තමයි මේ.

මේ සඳහා බොහෝ රටවල් සහභාගි වුණාද?

ඔව්… මේක ලොව හොඳම නිරූපිකාවගේ කිරැළ දිනාගැනීමේ තරගාවලිය. ඒ නිසා බොහෝ රටවල් මේ සඳහා සහභාගි වුණා.

ඒ අතරින් චූලක්ෂිට ලොකුම අභියෝගය වුණේ කවුද?

එක රටක් කියලා කියන්න බෑ. හැම රටකින්ම ආපු නිරූපිකාවන් එයාලගේ උපරිම දායකත්වය මේකට ලබලා දුන්නා. හැම රටක්ම නියෝජනය කරන්න ආපු හැම නිරූපිකාවක්ම ඇවිල්ලා තිබුණේ ‘මේ කිරුළ මම දිනාගෙන යනවා’ කියන අදහසිනුයි. ඒ නිසා හැම කෙනෙක්ම මට අභියෝගයක් වුණා.

මේ සඳහා තිබුණු අංග මොනවාද?

මේ සඳහා ඇඳුම් විලාසිතා, ඡායාරෑප සඳහා පෙනී සිටින විලාසිතා, බෙස්ට් කැට්වෝක්, සැඳෑ සමය සඳහා විලාසිතා වැනි අංශ නියෝජනය කළා.

මේ සඳහා චූලක්ෂිට අනුග්‍රාහකයෙක් හිටියද?

මේ සඳහා සැඳෑ සමයේ විලාසිතා ඇඳුම මයිකල් විජේසූරිය මහතා, දේශීය ඇඳුම් විලාසිතාව හිරාන් මහතා විසිනුත් මීට අමතරව රාජිනී මහත්මියත් LICC සමාගමත් මට උදව් කළා. අනිත් හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මගේ පවුලේ අයටයි. මගේ ටිකට් එක පවා මගේ මුදලින් තමයි හොයාගත්තේ. මම ගියේ මගේ රට නියෝජනය කරන්නයි. ඒත්…. ඒකට මට ලොකු වියදමක් දරන්නට සිද්ධ වුණා.

එදා ලොව හොඳම නිරෑපිකාවගේ කිරුළ හිමිකර ගනිද්දී මොකද චූලක්ෂිට හිතුණේ?

ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණේ මගේ පෞද්ගලික හැඟීමක් නොවේ. මම දිනනවා කියන්නේ මගේ රට දිනුව කියන එකටයි. මගේ රට පොඩි රටක්. ඒ තරගාවලියේ හිටපු සමහරු මං ශ්‍රී ලංකාව කිව්වම ඒ රට ළඟද කියලා අහන තත්ත්වයක් තිබුණා. සමහරු මගේ රට ගැන දැනන් හිටියේ නෑ. විශාල රටවල් එක්ක තරග වැදලා මගේ රට ජයග්‍රහණය කරද්දී මට මගේ රට ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුණා. පුංචි කාලයකින් ලොකු වෙහෙසක් දරලා මම ලබපු ජයග්‍රහණය ගැන මගේ ඇස්වලට කඳුළු ආවා. මේ වෙනුවෙන් මගේ ගෙදර අය, යාළුවෝ වගේම බොහෝ දෙනා මට උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.

ඊළඟ ඉලක්කය මොකක්ද?

මම රඟපාපු පළවෙනි චිත්‍රපටය ‘දේදුනු ආකාසේ’ එළිදක්වන්න දැන් ළඟයි. ඒකත් මම හිතනවා මගේ ජීවිතේ වෙනස්ම පැතිකඩක් දකින්න ලැබේවි කියලා. ඉතින් මම ආසාවෙන් කරපු දෙයක් තමයි දේදුනු ආකාසේ කියන්නේ.

මහාඅනුභාව ඇති ගැටඹේ බෝ සමිඳු ඉදිරියේ මොහු කල කැත වැඩේ – CCTV දර්ශන.

හැමදෙනාම දන්නා ගැටඹේ බෝධිය පවතින්නේ මහනුවර සහ කොළඹ මාර්ගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලය. දිනපතා විශාල පිරිසක් මෙම ස්ථානයට පුද පුජා පැවැත්වීමට, තමා ට යම් අපල උපද්‍රව පවතින විට බෝධි පුජා පැවැත්වීමට මෙහි පැමිණේ. එමෙන්ම දිනකට මේ අසලින් ගමන් ගන්නා විශාල රථ වාහන ප්‍රමාණයක් අනිවාර්යෙන් නවතා පඬුරක් දමා යන්නේ තම සිත තුල පවතින විශ්වාසයන් නිසාය.
නමුත් මෑත දිනයක ගැටඹේ පුජා භුමිය තුල සිදුවූ යම් අසෝබන ක්‍රියාවක් එහි සවිකර ඇති CCTV කැමරා පද්දතියේ සටහන්ව තිබුනා.බලන්නකෝ මේ වගේ මිනිස්සු , මේ තැන්වලට ඇවිල්ල කරන කරන සේවල්…
ඔබත් මේ වගේ තැන්වලට යනකොට ටිකක් අවධානෙන් ඉන්න..යහළුවන් දැනුවත් කරන්නත් අමතක කරන්න එපා. ඒ නිසා මේ වීඩියෝව share කරන්න. වීඩියෝව පහතින්.

පියුමිගේ අලුත්ම පෙම්වතා ලංකාවේ ප්‍රසිද්ධ නයිට් ක්ලබ් එකක හිමිකරුවෙක්?.

ලංකාවේ පුවත් මවන්නියක් වූ පියුමි හංසමාලි නිරතුරු උණුසුම් පුවත් මවන්නියක් ලෙස ප්‍රසිද්ධය. ඇයගේ පෞද්ගලික කිහිපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධවීම නිසා කලක් පියුමි ෆේස්බුක් හි වැඩි කතාබහට ලක්වුනා. එමෙන්ම නිරතුරු ,කලහකාරී ලෙස හැසිරීම් සහිත ඇයගේ වීඩියෝ සහ චායා රුප ප්‍රසිද්ධ වුනා.
නමුත් විවිධ පුද්ගලයන් සමග ආදර සම්බන්ධතා පිළිබඳව පියුමිට නිතර කතා හැදුනා. මෑතකදී හිටපු ඇමතිවරයෙකුගේ සමීපතයෙකු සමගද පියුමි ආදර සම්බන්ධයක් ඇති කරගත් බවට බුකිය පුරා චයාරුප හුවමාරු වුනා.
කෙසේ වෙතත් අලුත්ම ආරංචිය වන්නේ පියුමි නව ආදර සම්බන්ධයක් පටන්ගෙන ඇති බවයි. ඒ කොළඹ නගරයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක හිමිකරුවෙකු සමග බවයි. ළඟදී ප්‍රසංගයක් සඳහා විදේශ රටක ගායකයෙකු ගෙන්වීමට මුලික වුයේද මෙම ආයතනය බවයි පැවසෙන්නේ. නමුත් එම ගායකයා එම සංහාරය අතරමගදී නවතා දැමුවා.
පියුමි හංසමාලි සමග ගත් චායරුප බුකියේ මුදාහැරීම නිසා මෙම සම්බන්ධය ගැන සැමතැනම කතා කරන්නට පටන්ගෙන තිබේ. ඊට අදාළ චායරුප පහතින්…

අග හිඟකම් මැද ඉපිද,ලොව ප්‍රමුඛපෙලේ ව්‍යාපාර තැනු, කීල්ස් සමාගමේ අයිතිකාරයා.

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.
පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ…
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.
මොනවද අද ඔබ මේ රටට කරන්නේ…
දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.
ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ…
තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.
ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද…
හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම… වගකීම… වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.
ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද…
නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.
හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද…
සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.
ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න…
ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.
මොකක්ද ඔබේ මුල් ම රස්සාව…
හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්…’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්… ඉංග්ලිෂ්… ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.
මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක…
‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.
වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස…?
කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.
ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද…
දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි… රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.
ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද…
ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද… මං ඒ තැන්වලින් අයින් වුණා.
හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.
කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා…
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු…’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.
කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්…
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.
ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද…
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්…’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය…’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.
මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක…
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.
ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද…
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.
බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද…
ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.
ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න…
පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.
එතකොට ඉස්කෝලෙ ගියේ…
ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.
එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද…
මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.
ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ…
මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි… පඩි… පඩි… (පාඩම් කරන්න… පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.
ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…
අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.
ජීවිතයේ අරපිරිමැස්ම… අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද…
‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා – තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්…
අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද…
කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.
ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ…
ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්… වෝකර්ස් ටුවර්ස්… චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ… බ්‍රැන්ඩික්ස්… මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද… මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.
කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා…
තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.
බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි…
ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.
ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද…
මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)
තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද…
ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න… සිංදු කියන්න…. දුවන්න… හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා.
විශේෂ ස්තුතිය
මයිකල් කිත්තම්පහුව මහතාට
ඡායාරූප – විමල් කරුණාතිලක
උපුටා ගැනීම:සිළුමිණ.

අභිරහස් ලෙස දුම්රියට පැන දිවිනසාගත් බිෂු අනුරාධපුරට අභිරහසක් එක් කරමින් ජිවිතයෙන් සමුගනීයි.

අනුරාධපුර නගරයේ පාසලක සිසුවෙකු අද දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බිෂාන් ජයවර්ධන නමැති අනුරාධපුර – නිවන්තකචේතිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි ශිෂ්‍යයෙක්.

මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා. සිසුවා අද උදෑසන 11.25 ට පමණ අනුරාධපුර කාර්මික විද්‍යාලයට නුදුරින් පිහිටි දුම්රිය මාර්ගයේදී, කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගත් යාල් දේවි දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සිසුවාගේ මළසිරුර එම දුම්රියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.සිසුවාගේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකු හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණියා.

මෙම සිසුවා මීට වසරකට පෙර එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට පෙර දිනයේදී යතුරු පැදි අනතුරකට ලක්වබරපතල තුවාල ලැබූ බවටද වාර්තා වනවා.

කෙසේ වෙතත් හෙට දිනයේද එම පාසලේ මේ වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සූදානම් කර තිබූ බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මීට දින හතරකට පෙර පාසලේ තිබූ කප්රුක් පූජාවක් ඇතුළුව ආගමික වැඩසටහන් කිහිපයකදී මූලික වී වැඩ කටයුතු කළ දීප්තිමත් ශිෂ්‍ය යෙකු වූ මෙම සිසුවා හට සියදිවි හානිකර ගැනීමට තරම් ගැටලුවක්, තමා දන්වා තරමින් නොතිබූ බව විදුල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර සිසුවාගේ සාක්කුවේ තිබූ කොළකැබැල්ලක ඔහුගේ පියාගේ දුරකථන අංකය සහ ලිපිනය මෙන්ම යතුරුපැදිය නවතා ඇති ස්ථානයද සටහන් කර තිබීම විශේෂත්වයක්.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට නියමිතයි.

උපුටාගැනීම: හිරු නිවුස්.

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම ඇගේ අභ්‍යන්තරය ගැනත්මනා අවබෝධයක් ලබාගත හැකියි.

“ඉරෝෂයි නිරෝෂයි“, ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්ස්’, “ෂෝ ටයිම් විත් නිරෝ’, “හැපි අවර් විත් නිරෝ” මේ හැම වැඩසටහනකටම නම දා ගන්නේ ජනප්‍රිය වෙන්නද?
(හිනැහී) ඔය කිසිම වැඩසටහනකට මගේ නම යොදන්න කියලා මම ඒ නාලිකාවලටවත් නිෂ්පාදන අංශවලටවත් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ නම ඒ වැඩසටහනට ආලෝකයක් එකතු කරනවා ඇති. ඒක වෙන්න ඇති මගේ නමින්ම මගේ වැඩසටහන් කරන්නේ.

මේ හැම වැඩසටහනක්ම විනෝදාත්මක වැඩසටහන්. ශාස්ත්‍රීය වැඩසටහන් කරන්න දැනුමක් නිරෝෂාට නැද්ද?
මගේ දැනුම ගැන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ගොඩක් අය යම් හැදෑරීමක් කරන්නේ ඒ තුළින් රැකියාවකට යන්න. ගණකාධිකරණය හදාරන අය බැංකුවලට යනවා. විද්‍යාව හදාරලා වෛද්‍යවරු වෙනවා. මම දැනුම එකතු කරගනිමින් අධ්‍යාපනය ලබමින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ලැබෙන විවේකය මොකක් හෝ හැදෑරීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මම මහ ලොකු වැඩ ගොඩක් භාරගන්නේ නැහැ. “සෙවණැලි“ හා “කන්දක් සේමා” චිත්‍රපට කරලා ඉවරයි. මේ දවස්වල මම ටිකක් විවේකී සුවයෙන් ඉන්නේ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද දන්නවාද? විවේකීව ගෙවන මේ දින කිහිපය තුළ හදාරන්නේ මොනවාද කියන එක.

මේ වන විට නිරෝෂා හදාරලා තියෙන්නේ මොනවාද?
මම ඉගෙන ගත්ත දේවල් මාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. ඒත් අහපු හින්දා මම කියන්නම්. මම බැ‍ලේ, උඩරට නැටුම්, බටහිර නර්තනය, ඉන්දියන් නැටුම් හදාරලා පියානෝ, ගැටබෙර, යක්බෙර වාදනය හදාරලා තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ හා ජපන් භාෂා හදාරලා තියෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හදාරලා තියෙනවා. භරත නාට්‍යයම් ස්පැනිෂ් හා ඉතාලි භාෂා දෙක තරමක් දුරට හදාරලා තියෙනවා.

නිරෝෂා මනෝ විද්‍යා උපදේශකවරියක් විදියට කටයුතු කරනවා කියන එක නම් හැමෝම දන්නේ නැහැ නේද?
ඉස්කෝලෙ යන කා‍ලේ ඉඳන් යාළුවෝ එයාලට ප්‍රශ්නයක් ආවාම කියන්නේ මටයි. නිරෝෂාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දාමයි මට හිතුණේ මනෝ විද්‍යාව හදාරන්න. මම මනෝ විද්‍යා උපදේශනය දෙනවා තමයි. හැබැයි සතයක්වත් අය කරන්නේ නැහැ. දන්න අඳුනන අයටයි උපදෙස්. මා සොයා එන අයටත් මම දෙනවා. හැබැයි අනාගතේ දවසක මම වෘත්තීය මට්ටමේ මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නත් බැරි නැහැ.

මනෝ විද්‍යා උපදේශනය වෙනස්ම අත්දැකීම් රැසක් නිරෝෂාට ඇති?
මනෝ විද්‍යා උපදේශනයේදි ප්‍රධානතම දේ තමයි තමන් ළඟට එන අයගේ රහස්‍යභාවය රැකීම. තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අයටත් මම උපදෙස් දීලා හිත් හදලා තියෙනවා. ගොඩක් තරුණ ළමයින්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්න. ගෑනු ළමයි එක්ක විවෘතව ඒ ගැන කතා කළත් මාත් එක්ක කෙළින් ඒ වගේ දේවල් කතා කරන්න පිරිමි ළමයි එන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා. සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න කරගෙන විඳවන අයත් ඉන්නවා.

ජනප්‍රිය චරිත තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් ගන්න නිරෝෂා ළඟට ඇවිත් නැද්ද?
මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ.

ඔයාගේ නංගි ඉරෝෂා දැන් පේන්න නැත්තේ ඇයි?
එයා අපේ පවු‍ලේ ව්‍යාපාර බලා ගන්නවා. මටත් වඩා රඟපෑමේ ආරාධනා ඉරෝෂාට එනවා. ඒත් එයා රඟපාන්නයි නිවේදනයටයි වැඩි කැමැත්තක් නැහැ.

නිරෝෂයි ඉරෝෂයි තවම තනිකඩයි. විවාහ වෙන්න කියලා අම්මා බලපෑම් කරන්නේ නැද්ද?
මට නම් බලපෑම් අඩුයි.බොහෝ විට මට කලින් ඉරෝෂා විවාහ වෙයි.

ඒ කියන්නේ ඉරෝෂට පෙම්වතෙක් ඉන්නවා….?
මගේ පෞද්ගලිකත්වයවත් මාධ්‍යයට කියන්න අකමැති මම ඉරෝෂාගේ විවාහය ගැන කොහොමද කියන්නේ. ඒ ගැන එයාගෙන් අහන්න.

එහෙනම් නිරෝෂාගේ විවාහය ගැන කතා කරමු
හෙට මම විවාහ වෙන්නත් පුළුවන්. සදාකාලිකව තනිකඩව ඉන්නත් පුළුවන්.

ඇයි ඒ දෙගිඩියාව?
කෙනෙකුගේ බිරිඳ වෙලා එයාටම ජීවිතේ කැප කරනවා කියන්නේ ලොකු දෙයක්. මගේ හැමදේම අතෑරලා ඒ වගේ කැප කිරීමක් කරන්න නම් එයා මට සුවිශේෂ කෙනෙක් විය යුතුයි. මොන හේතුවක්ද මන්දා ඒ තරම් සුවිශේෂී කෙනෙක් මට හමුවෙලාම නැහැ. එහෙම කෙනෙක් හමුවුණොත් මේ හැමදේම දාලා එයාගේ බිරිඳ වෙනවා.

නිරෝෂාට පෙම්වතෙක් නැහැ කියලද ඔය කියන්න හදන්නේ?
(හිනැහී) මේ වෙනකොට නම් ඒ වගේ කෙනෙක් නැහැ.

ප්‍රේමවන්තයෙක් ඉඳලා තියෙනවාද?
මේ කතාව මම කාටවත් නොකියපු රහසක් අද වන තුරු මගේ හිතේ විතරයි තිබුණේ. ඒ රහස මම කියන්නම්. තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. එයාට විතරයි මම ආකර්ෂණය වුණේ. අනිත් හැමෝම මට ආකර්ෂණය වෙලා මගේ පස්සෙන් ආපු අය. ඒ අයව මම අදටත් ගණන් ගන්නේ නැහැ.

ආරියවංශ කුලතිලක