තිසර සහ සීකුගේ අතින් ශ්‍රී ලංකා අවසන් පුර්ව තරඟය ගිලිහුනේ මෙහෙමයි. – වීඩියෝ.

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අවසන් පූර්ව වටයට සහභාගී වන්නන් තෝරාගැනීමේ තරඟයෙන් අවාසනාවන්ත පරාජයක් ඊයේ (12) ශ්‍රී ලංකාවට හිමිවුණා. ඒ කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නිසාවෙන්.

ආරම්භයේ සිටම තියුණු තරඟයක් වූ මෙහි අවසන් මොහොතක දක්වාම කණ්ඩායම් දෙක කරට කර සටනක නිරත වූ අතර මාලිංගගේ පන්දු ඕවරයේදී ලබාදුන් උඩ පන්දු දෙකක් තිසර පෙරේරා හා සීක්කුගේ ප්‍රසන්න විසින් අතහැරීම තරඟය කණපිට පෙරලන්නට වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා පිලේ අනෙක් ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම නිසාවෙන් මෙම තරඟය පරාජය වූ බව නායක මැතිව්ස්ද පිළිගත් අතර තිසර පෙරේරා විසින් ඉතාමත් පහසු උඩපන්දුවක් අතහැරීම සියළු දෙනාගෙම අප්‍රසාදයට ලක්වුණා.

මේ එලෙසින් තරඟය වෙනස් කළ උඩපන්දු ගිලිහීයාම් දෙකයි….

සංගක්කාර පළඳින, හිමාල සෘසි වරයෙක් දින හතරක් ජපකළ විශ්මිත සුරයක්. – Photo

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් ඉහලම ස්තානයේ සිටින ක්‍රීඩකයන් අතර කුමාර් සංගක්කාර ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුලද සංගා නොමැකෙන වාර්තා රැසක් සමග සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියයි. ලොව බිහි වූ දක්ෂ නායකයෙකු, පිති කරුවෙකු සහ කදුළු රකින්නෙකු ලෙස සංගා නමක් දරාගෙන සිටියි.
සංගා ජාත්‍යන්තර තරංග මෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මේ වන විට සංගා විදේශ රටවල ප්‍රාන්ත නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටිනවා. තවමත් තම සුපුරුදු දක්ෂතා අතර සිටින සංගා ගැන ක්‍රිකට් ලෝලීන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් ද නිරතුරු අවධානයෙන් පසුවේ.
කෙසේ වෙතත් සංගා ගැන ඉන්දීය වෙබ් අඩවියක් අමුතුම වාර්තාවක් කර තිබුනා. ඔවුන් පවසන්නේ සංගාගේ කරේ පලන්දාගෙන සිටින සුරය පිලිබඳව ය.
මෙම සුරය සංගාට මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ සංචාරයකදී හිමාල අඩවියේ වාසය කරන සෘසි වරයෙකු විසින් පළඳා ඇති බවය.
සංගා මෙම සුරය සෑම තරඟයක් අතරතුර සහ විශේෂ අවස්ථාවල පළඳින බවත් වාර්තා වෙනවා.
ලොව සුපිරි ධනවතුන් සහ සුවිශේෂී පුද්ගලයන් විසින් මෙම සුරය පළඳින බව වැඩි දුරටත් වාර්තා වනවා. සෑම වසර දෙකකට වරක් මෙම සුරය අලුත් කරගැනීමට සිදුවන බවත්, ඒ සඳහා සුවිශේෂී වත්පිළිවෙත් අනුගමනය කලයුතු බවත් සදහන්.
මෙහි විශේෂත්වය වන්නේ හිමාලයට පමණක් අවේනික වූ ශාක වර්ග හයසිය හතලිස් අටකින් සාදා ගත් තෙල් වර්ගයක් මේ සඳහා යොදා ගැනීමයි.එමෙන්ම රනින් නිමවා ඇති මෙය දින තුනක් පුරා ජප කිරීමෙන් පසු පුර පසළොස්වක දිනෙක අලුයම් කාලයේදී මෙය පලන්දවන්නේ සුවිශේෂී කාර්යන් සහ වත් පිළිවෙත් රැසක් ඉටු කිරීමෙන් පසු බවයි.
සංගාට මෙම කාර්ය සඳහා ඔහුට හිතවත් ඉන්දියානු සුපිරි ක්‍රීඩකයෙකුගේ මගපෙන්වීම සිදුව ඇති බවත් වාර්තා වෙනවා. මේ ගැන ජාත්‍යන්තර අවධානය මේ වන විට වැඩියෙන් යොමුව ඇති බවත් සඳහන්.
සංගා මෙම සුරය පලන්දාගෙන සිටින අවස්ථා ගණනක චායරුප මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා. 

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමත් ශ්‍රී ලංකාවට අභියෝගයක්?

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කළ එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ හය වෙනි ස්ථානයය.

2017 සැප්තැම්බර් 30 වෙනි දින වනවිට ඉදිරියෙන් සිටින රටවල් හත සහ සත්කාරක එංගලන්තය 2019 ලෝක කුසලානයට සහභාගි වීමට නිතරගයෙන් සුදුසුකම් ලබන බැවින් මෙම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවට තීරණාත්මක තත්වයකි.
එලෙස සුදුසුකම් නොලබන කණ්ඩායම්වලට 2018 අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ.
දැනට නිකුත් කර තිබෙන එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 79 ක් ලබාගෙන නම වෙනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා පාකිස්ථානය පිළිවෙලින් 6, 7, 8 යන ස්ථානවල සිටින අතර එම කණ්ඩායම් තුන අතර පරතරය ලකුණු පහකට වඩා අඩුය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලබනු ඇතැයි යන්න බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ මතයය.

එසේ වුවද පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව ඉදිරි තරග ජයනොගතහොත් අවදානමකට මුහුණදිය හැකි බවත් ඔවුහු පවසති.
ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 30 වෙනි දිනට පෙර එක්දින තරග 11 ක් පමණ ක්‍රීඩා කිරීමට නියමිත අතර 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා එම තරගවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

එම තරගවලින් බහුතරයක් පරාජය වී ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටුණහොත් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් නොලැබීමේ අවදානමක් මතුවීමේ ඉඩකඩක් පවතී.

මාව මෙල්ල කරන්න හදන්න එපා උත්තර දෙන්න මම ඔින වෙලාවක සූදානම්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතු වූ ලෝපතල ක‍්‍රීඩකයා කුමාර සංගක්කාර ක‍්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ මහ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු සමාජයීය ක‍්‍රිකට් තරග සඳහා නියෝජනය කළේ කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයයි. වමතින් පිත්ත හැසිරවූ ඔහු කඩුළු රැුකීමේ කාර්යයෙහි නිරත විය. වත්මනෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩකයාද එලෙසින් ත‍්‍රිත්වයෙන් පැමිණ, එන්.සී.සී. සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූයේ කඩුළු රකින්නෙකු ලෙසය.

ලෝ පූජිත වූ සංගාගේ ක‍්‍රීඩාශීලි රිද්මය රැුගෙන වත්මනෙහි ක‍්‍රිකට් පිටිය හැඩ කරන නිරෝෂන් දික්වැල්ල  සමගින් කල සම්මුඛ සාකච්ජාව පහතින්
නිරෝෂන් කියන්නද? දික්වැල්ල කියන්නද?

දැන් යන විදියට නම්, දික්වැල්ල කියන නම හොඳයි. පාසල් කාලයේදී නම් වැඩි දෙනෙක් කතා කළේ නිරෝෂන් කියලයි. ඒත් අද හැමෝම කතා කරන්නෙ ‘‘දික්වැල්ල’’ කියලයි.

නම දික්වැල්ල වුණාට එන්නෙ මහනුවරින්, කොහොමද ඒක සිද්ධ වුණේ?

අපේ පවුල් පසුබිම ගත්තොත් සීයා ආච්චිගෙ වගේම අපේ පවුලේ අය පැවත එන්නෙ නුවරින්. වාසගම දික්වැල්ල වුණාට මම දන්නා තරමින් දකුණේ නෑදැයින් නැහැ. අනාගතයේදී මට පහත රටින් නෑදැයෙක් හමුවේවි කියලා හිතනවා.

ඒ කියන්නෙ සහකාරිය දකුණෙ කෙනෙක් කියන එකද?

නැහැ, නැහැ, එහෙම කෙනෙක් නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අය කතා කරන්නෙ ‘‘දිකා’’ කියලා නේද?

ඔව්.

ත‍්‍රිත්වයේදී ඔබ ‘‘විශේෂිත’’ චරිතයක් වුණා. එහෙම නේද?

ඇත්තෙන්ම ක‍්‍රිකට් නිසා තමයි එහෙම වුණේ. 13න් 15න් සහ 17න් පහළ සියලූම කණ්ඩායම් නියෝජනය කළා. ඒ නිසා පාසලේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. ඒ එක් එක් අවස්ථාවලදී කැපී පෙනුණ දක්ෂතා පෙන්වීම ඊට හේතු වුණා.

මම අහන්නෙ ක‍්‍රිකට් ගැන නෙවෙයි. පාසලේදී දැණුම-මිනුම ආදී තරගවලට සහභාගී වීම නිසා වඩා ප‍්‍රකට වුණා නේද?

හොඳ කථිකයෙක් වුණා නේද? කතා කරන්න නම් දක්ෂ වුණා. කථික තරගත් දැණුම මිනුම තරග සඳහාත් මගේ නිවාසය සඳහා ඉදිරිපත් වුණා. ඒකත් එක් හේතුවක් තමයි.

ඒ නිසා බොහෝ ජයග‍්‍රහණ එහෙමත් ලබා ගත්තා නේද?

සම්මාන, සහතික කීපයක් ලබා ගත්තා. නමුත් වැඩිපුරම වගේ ජීවිතය ගෙවුණේ ක‍්‍රිකට් සමගයි.

පාසල් සංගීත කණ්ඩායමේ හිටියා කියලත් ආරංචියි?

අනේ මට වාදනය කරන්නත් ගයන්නත් බැහැ.

එතකොට පාසලේදී නාට්‍යවල රඟපෑවෙත් නැද්ද?

පාසලේදී නාට්‍ය කීපයක රඟපෑවා.

‘‘ගම හාමිනේ’’ ලෙස චරිතයක් රඟපාලා සම්මානයකුත් ලබාගත්තාලූ? නේද?

අපේ පාසල පිරිමි පාසලක්නෙ. ඉතින් නාට්‍යයක් කරද්දී කාන්තා චරිත රඟපෑමට සිද්ධ වුණෙත් පිරිමි නළුවන්ටයි. එක්තරා අවස්ථාවක මම පාසලේ නාට්‍යයක ගම හාමිනේ ලෙස රඟපෑවා. ඒ වෙනුවෙන් හොඳම රංගනය සඳහා සම්මානයක් පවා ලබා ගත්තා.

‘‘ත‍්‍රිත්වයේදී’’ සංගා ගැන මතකය මොන වගේද?

මම පාසලට ඇතුළත් වුණේ 97 දී විතර. ඒ වන විට කුමාර සංගක්කාර මහතා පාසලින් ඉවත්වෙලා. නමුත් පාසලට ආ අවස්ථාවලදී මට ඔහු හමුවූ අවස්ථා තිබුණා. ජාතික කණ්ඩායමට ඒමට පෙර, කුමාර, මහේල, ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ තරග නැරඹීමට මම පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට වගේම කොළඹ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයටත් පැමිණි අවස්ථා තිබුණා. ඒ තරමටම මම ආසා කළා. වාසනාවකට පසුව ඉක්මනටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ වාසනාව මට ලැබුණා.

පාසලෙන් ඉවත්වන විටම ඔබට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණෙ ‘‘එන්.සී.සී.’’ ක‍්‍රීඩා සමාජයටයි. සංගා ක‍්‍රීඩා කළෙත් එම ක‍්‍රීඩා සමාජයටයි. මොකද හිතෙන්නෙ ඒ ගැන?

ඒ වෙනුවෙන් අවස්ථාව ලැබුණෙ සම්පත් පෙරේරා පුහුණුකරු නිසයි. එතුමා තමයි මාව ඊට යොමු කළේ. මගේ වාසනාවට සංගා ඇතුළු ප‍්‍රවීණයින් රැසක් භක්‍ක්‍ එකේ හිටියා. වයස 19 දී ඇවිත් ඒ අය එක්ක ක‍්‍රීඩා කරන්නට ලැබීම ලොකු වාසනාවක් වුණා.

‘‘සංගා සහ ඔබ’’ එකට ක‍්‍රීඩා කරලා තියෙනවද?

එක්තරා අවස්ථාවක බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයකදී ඔහු සමග මටත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. අපි දෙන්නාම එදා ශතක ලබා ගත්තා.

ඔබ විලාසිතා ගැන බොහොම උනන්දුලූ නේද?

අනිවාර්යයෙන්ම එය හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ.

සිංදු කියන්න බැහැ කිව්වට සිංදු අහන්න හරි ආසලූ නේද?

අපි තරගයකට යද්දි වුණත් විවේකයක් ලැබුණොත් අපි කරන්නෙ ගීත අහන එක තමයි. එක්කෝ අපේ ශ්‍රී ලංකා ටීම් එකේ අය එකතු වුණාම ගීත ගයන අවස්ථා එහෙමත් තියෙනවා. ඩිල්ෂාන් මුණවීරට, මිලින්ද සිරිවර්ධනට හොඳට ගයන්න පුළුවනි. ඒ වගේම මිලින්දට වාදනය කරන්නත් පුළුවනි. කොහොමටත් ගිටාරයකුත් කණ්ඩායමට තියෙනවා. මම ඉතින් ගීත අහන එක තමයි කරන්නෙ.

ඩිල්ස්කූප් එක දැන් ඔබත් ගහනවනෙ? දැන් ඒකට කියන්නේ මොන ස්කූප් කියලද?

ඒක ඇත්තටම ඩිල්ෂාන් අයියා ගෙනා පහරක්. පසුව බොහෝදෙනා ඒ පහරට යොමුවුණා. දැන් මම ඒ පහර ගහද්දී ‘‘දිකාස්කූප්’’ කියලා සමහරු කියනවා.

වෙලාවකට ප‍්‍රතිවාදී කණ්ඩායම්වල ක‍්‍රීඩකයින් එක්ක ඔට්ටු වෙන්නත් යනවා වගේ අවස්ථා දැකලා තියෙනවා. ඔබ කොහොම කෙනෙක්ද?

ප‍්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු රකින්නන් පන්දු යැවීමේදි මාව මෙල්ල කරන්න හදන එකටවත්. වචනයෙන් මෙල්ල කරන්න හදන එකටවත් මම ඉඩ දෙන්නෙ නැහැ. එයාලට වඩා මම අණසක පතුරවන්න ඕනෑ කියලයි හිතන්නෙ. පිත්තෙන් උත්තර දෙන්න මම නිතරම සූදානම්. ඒ අවස්ථාව පරාජය කිරීමට තමයි මම ක‍්‍රියා කරන්නෙ. මම කොහොමටත් මාව විශ්වාස කර ගෙන ක‍්‍රීඩා කරන කෙනෙක්. ඒ විශ්වාසය මත කණ්ඩායමට හැකි උපරිමය නෙළාදීම මගේ අරමුණයි.සටහන සහ ඡායාරූප – සඳුන් ගමගේ (saaravita)

නිරෝෂන් දික්වැල්ල බංග්ලාදේශ සංචාරයට පෙර කල ප්‍රකාශ පිලිබඳ වීඩියෝව පහතින්.