ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා -රුවන්ති මංගලා.- Photos

සෑහෙන කාලේක ඉදලා ඇය පුංචි තීරයේ ආදරණීය අම්මා වුණා. අදටත් ඇය පුංචි තීරයේ අම්මයි. රුවන්ති මංගලා. නපුරු අම්මා අහිංසක අම්මා විතරක් නෙමෙයි ආදරණිය අම්මා වෙන්නත් ඇයට පුළුවන් වුණා. නිර්මාණවලින් ඉදහිට හෝ දකින්න ලැබෙන ඇය ගැන කතා කරන්න හිරු ගොසිප් හිතුවා. මේ රුවන්ති හිරුත් එක්ක කළ කතාබහයි.

මේ දවස්වල පුංචි තිරයත් එක්ක රුවන්ති කාර්යබහුල වෙලාද..?
මම කොයිම වෙලාවකවත් වැඩ බදාගෙන නිර්මාණ දෙක තුනකට එකවර සම්බන්ධ වෙන කෙනෙක් නෙමෙයි. හොද නිර්මාණ වලට සම්බන්ධ වෙනවා. ඒ නිසා නිදහසේ වැඩ කටයුතු කරගන්නවා. ලොකුවට කාර්ය බහුල වෙන්නේ නැහැ.

ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු.. ආයෙමත් දකින්නේ අම්මාගේ චරිතයෙන්ද..?
මම අලුත් නාට්‍යකට සම්බන්ධ වුණා. වර්ණ කියලා. මේ නාට්‍යයේ ඉන්නෙත් අම්මාගේ චරිතයම තමයි. නමුත් චරිතය මම මිට කලින් කළ අම්මාගේ චරිත වලට වඩා සෑහෙන වෙනස්. මැදි වියේ ඉදලා වයසට යන චරිතයක් සැමියාගෙන් ඉවත් වෙලා වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන චරිතයක්. දැන් හදන මෙගාවලට මේ නාට්‍ය හොඳ උත්තරයක් වෙයි. මොකද දැන් බිහි වෙන නාට්‍ය හින්දි නාට්‍යවල කොපිනේ. ස්වයං නිර්මාණ බිහි වෙනවත් අඩුයි. නිර්මාණකරුවන්ට ඕන කොටස් ගණන වැඩි කරගන්නයි. කොලිටි එක බලන්නේ නැහැ. ඒ වගේම චිත්‍රපටියකටත් සම්බන්ධ වුණා.

ඔබ වෘත්තීය රංගන ශිල්පිණියක්. කලාව ගැන ඔබ කලකිරීමෙන් වගේ ඉන්නේ..?
ඔව්. දුකක් තියෙනවා. ඉස්සර බිහිවුණු නිර්මාණ දිහා බලද්දී දැන් බිහිවෙන්නේ මොනවාද කියලා හිතෙනවා. රංගන ශිල්පින් කියන්නේ පිටපතේ තියන චරිතය රගන්න ඕන. නමුත් දැන් දෙබස් විතරයි තියෙන්නේ. රගපාන්න දෙයක් නැහැ. ඒ වගේම අපිම ඇදුම් හදා ගන්න ඕන. බජට් ලෝ.මෑතකදී මට කතා කළ මෙගා නාට්‍ය බොහොමයකට මම අකමැතියි කියලා ප්‍රතික්ෂේප කළා. බැහැ කිව්වත් ආරාධනා නම් ලැබෙනවා.

මවගේ චරිතයෙන් මිදෙන්න කැමති නැද්ද..?
මම රංගනයට ආ කාලේ ඉදලා කාලයක් යනකල් තිරයේ පෙම්වතිය වුණා. දැන් මගේ දුවට වයස 18යි. පුතාගේ වයස 17යි. ලොකු දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මම. මට දැන් පෙම්වතියගේ චරිත රගපාන්න බැහැ. එහෙම වුණොත් ඒක විහිළුවක් වෙයි. මම හිතනවා මම අම්මාගේ චරිත කරන්නේ වෙනස් විදිහට කියලා. ඒ නිසා කොටුවීමක් විදිහට මම දකින්නේ නැහැ. සමහ නිර්මාණකරුවෝ මට කතා කරනවා මිට කලින් රගපෑ අර චරිතයේ අම්මාව මේ පිටපතෙත් ඉන්නේ. ඒ විදිහට හැසිරෙන්න ඕන ඒ චරිතයමයි ඕන කියලා. ඒ යෝජනා මම ප්‍රතික්ෂේප කළා.කතා කරද්දී කෙළින්ම මම බැහැ කියනවා. මම එක තැනකදී කළ චරිත නිරුපණය යළිත් කරන්නේ නැහැ.

ඔබේ දරුවන් දැන් දැනුම් තේරුම් තියෙන වයසක ඉන්නේ. ඔබව විවේචනය කරන්නේ නැද්ද..?
දැන් යන නිර්මාණ දකිද්දී ඒ දෙන්නා වැඩිපුරම කරන්නේ විවේචනය කරන එකයි. මම රගපාන ඒවා බලලත් ඒ දෙන්නා හොද නරක කියනවා. වැඩිපුරම ඉතින් විවේචන තමයි.

දරුවෝ දෙන්නා ඔබට රඟපෑවා ඇති ගෙදරට වෙලා ඉන්න කියන්නේ නැද්ද..?
මම රගපානවට මුල් කාලේ නාමල් කැමති වුණෙත් නැහැ. ඒ නිසා විවාහ වෙලා රගපෑමෙන් ඉවත් වුණා. දරුවෝ දෙන්නා ලැබිලා අවුරුදු හතකට පස්සේ තමයි ආයෙමත් රගපාන්න පටන් ගත්තේ. ඒ මුල් කාලේ මම වැඩවලට ගිහින් පැයක් දෙකක් ගියාට පස්සේ මට කතා කරලා අහනවා අම්මා දැන්මම එන්නේ නැද්ද කීයටද එන්නේ කියලා. දැන් දන්නවා මම ගියොත් එන්නේ හවස් වෙලා කියලා. ඒක දැන් ඒ දෙන්නට පුරුදුයි. නාමල්ගේනුත් මට බලපෑමක් නැහැ. මම කොහොමත් දුර වැඩ දාගන්නේ නැහැ.

මොන දේ කළත් රුවන්ති කියන්නේ වඟකීම් ඉටු කරන මවක් බිරිඳක්ද…?
ඔව්. නාමල්ව විවාහ වුණ දවසේ ඉදලා එයාගේ වැඩ සේරම මගේ අතින් කරලා දුන්නු නිසා අදටත් මම කොහේ ගියත් එයාගේ වැඩ කරලා තමයි යන්න ඕන. දරුවෝ දෙන්නා ගැනත් මම බලනවා. පවුලට මම මුලිකත්වය දෙනවා. වඟකීම් නම් පැහැර හරින්නේ නැහැ.

නාමල්ගේ අසනීප තත්ත්වය දැන් හොදටම සුවයිද..?
දැන් නම් ගොඩක් හොදයි. හොදින් ජිවත් වෙනවා. සංගීත ප්‍රසංග සම්බන්ධ වෙනවා. එයාට උදව් කළ අය නිසයි එයා දැන් මේ තත්ත්වෙන් ඉන්නේ.

ආයෙමත් දේශපාලනයට යොමු වෙන්න රුවන්ති අර අදිනවා කියලා ආරංචියි..?
ගිය වතාවේ උත්සහා කරා. ඒත් අවස්තාවක් ලැබුණේ නැහැ. මම දැන් පදනමක් පවත්වාගෙන යනවා මගේ නමින්. මම කොහොම හරි ආයෙමත් ඡන්දේ ඉල්ලන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි දේශපාලනය කරන්න ආසාවක් තියෙනවා. අවස්ථාවක් ලැබෙනකල් උත්සහා කරනවා.
උපුටා ගැනීම:හිරු ගොස්සිප්.

‘‘කාමසුත්‍රයේ ක්‍රම 364 න් 42 ක් මම දන්නවා“ – ‘‘තොල්පෙති අතරින්“ රඟපෑ ශාමි කුමාර් – Photos – Exclusive

‘‘තරුණයෝ කෙලින්ම ගාණ කීයද කියලා අහනවා“
‘‘නමුත් මම කවදා හරි ගණිකාවක් වෙනවා..“
‘‘නම්බුව මට සල්ලි හම්බකරලා දෙන්නේ නැහැනේ..“

ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතියට ගරු කරන රටක්. නමුත් ඉන් එහාට ගිහින් ප්‍රසිද්ධිය උදෙසා නිරුවත් වෙන හෝ අඩනිරුවත් වෙන අය නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. නිරුවත මාකට් කරන කෙනෙක් හැටියට ශාමී කුමාර්ව හඳුන්වන්න පුළුවන්. තොල්පෙති අතරින් කියන චිත්‍රපටයට වගේම බොහෝ DVD චිත්‍රපටවලට නිරුවත් වුණු කෙනෙක්. ඒ නිසාම ඇය සිරබත් කෑ කෙනෙක්. මේ ඇයත් එක්ක හිරු ගොසිප් කළ සංවාද සටහනයි.

ඔබව ජනතාව හදුනා ගත්තේ තොල්පෙති අතරින් කියන DVD චිත්‍රපටය නිසයි. ඒ නිසා ඔබ සිරගෙදරට ගියා. මුලින්ම ඒ ගැන කතා කරමු..?
ගිය අවුරුද්දේ මුල තමයි මට හිරේ යන්න වුණේ. ඒ චිත්‍රපටය නිසා. මම හිරේට ගියේ වරදක් කරලා නෙමෙයි. චිත්‍රපටයට නිරුවත් වුණා කියලයි. මම නිතිය දන්නේ නැහැ. මම ඉගෙනගෙන තියෙන්නේ 11 වසරට වෙනකල් විතරයි. මම පොලිසියට කිව්වා මම වැරදි නැහැ බිරිඳක් සැමියා එක්ක ලිංගිකව හැසිරෙන දර්ශනයකට මම නිරුවත් වුණා විතරයි කියලා. ගොඩක් අය කිව්වා බොරු කියන්න ඇත්ත කියන්න එපා. එළියට යන්න බැරි වෙයි හිර ගෙදරම තමයි ඉන්න වෙන්නේ කියලා. නමුත් බොරු කියනවට වඩා හොඳයි ඇත්ත කියන එක කියලා හිතලා මම ඇත්ත කිව්වා. දවස් දහයකින් පස්සේ හිරෙන් නිදහස් වුණා. හිරේට ගිය පළවෙනි දවසේ නම් මම ලජ්ජාවෙන් හිටියේ. පස්සේ එළියට වඩා නිදහස් කියලා හිතුණා.

ඔබ බොහෝ තැන්වල නිරුවත් වෙන නිසා ඔබට අයුතු යෝජනා එනවා ඇති නේද..?
අපොයි ඔව්. සමහර තරුණයෝ මගෙන් කෙලින්ම ගාණ කියාද කියලා අහනවා. උදේ දෙක තුන වෙනකල් සමහර කොල්ලෝ මාත් එක්ක චැට් කරනවා. නමුත් මට කිසිම හැගීමක් නැහැ ඒ ගැන. මට හැගීමක් නැතුව කිසි කෙනෙක් එක්ක මම ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ඒ වගේම මම නිලියක් කියලා මම ඒ දේ කරන්නෙත් නැහැ, සමහර නිලියෝ වගේ.

DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ ඇයි. කලාව නෙමෙයිද වැදගත් නිරුවත පෙන්වීම විතරද..?
නිරුවත පෙන්නුවා කියලා කාටවත් කියන්න බැහැ මම sex කරනවා කියලා. විදේශ චිත්‍රපටිවල දර්ශන රූපගත කරන්නේ ඇත්තටම ලිංගිකව හැසිරිලයි. කැමරාවට පෙන්න විතරක් නෙමෙයි. මම එහෙම කරනවා නෙමෙයිනේ. කොහොම වුණත් කියන්න ඕන මම DVD චිත්‍රපට වලට විතරක් නිළියක් වෙන්නේ මට ලැබෙන මුදල වැඩි නිසයි. ඒ වගේම පොඩි කාලයයි රූගත කිරීම් වලට යන්නේ. ඒ වගේම සල්ලි හම්බකරන්න ඕන. කලාව කියලා සල්ලි හම්බ නොකර හිටියට වැඩක් නැහැ. මට වටින්නේ මුදල විතරයි. මම මුදලට නිරුවත් වෙනවා.

ජනප්‍රියත්වය ඔබට නොලැබෙන නිසා ප්‍රසිද්ධිය උදෙසා ඔබ නිරුවත් වෙනවා කිව්වොත්..?
ඔය කියන ප්‍රසිද්ධියත් මට නම් වදයක්. මම සමහර දවස්වලට නිදා ගන්නේ පාන්දර දෙක තුනට. බොහෝ අය මාත් එක්ක කතා කරනවා. ඒ මගේ නිර්මාණවලට ආදරේට නෙමෙයි. ඒ අයත් එක්ක ලිංගිකව හැසිරෙන්නයි.

නිරුවත පෙන්නලා මුදල් හම්බ කළත් ඔබට හිතෙන්නේ නැද්ද ඔබට ලොකු හානියක් වෙනවා. සමාජයෙන් කොන් වෙනවා කියලා..?
මොන දේ වුණත් කිව්වත් ඒවා මට අදාළ කරගන්නේ නැහැ. මට ඕන දේ මම කරනවා. නම්බුව මට සල්ලි හම්බකරලා දෙන්නේ නැහැනේ. මනුස්සයෙක් උපත ලබන්නේ අම්මා කෙනෙකුගේ යෝනියෙන්. තනපුඩුවලින් කිරිබීලයි වැඩෙන්නේ. එහෙනම් ඇයි ගැහැණිය දිහා වැරදියට බලන්නේ. ඇත්තම කිව්වොත් සමහර පිරිමි වැඩට යනවා කියලා ගැහැණු එක්ක යහන්ගත වෙනවා. බිරිද හිතන්නේ සැමියා වැඩ කියලා. නමුත් හොරෙන් කරන වැඩ. හොරෙන් කරනවට වඩා මම කෙළින් එළිපිට කරන එකද වැරදි.

ඒ කියන්නේ ඔබත් ගණිකාවක්..?
නැහැ. මම ගණිකාවක් විදිහට මුදල් හම්බ කරන්නේ නැහැ. නමුත් මම කවදා හරි ගණිකාවක් වෙනවා. ලංකාවේ බැරි වුණත් පිටරට හරි. මම කාමසුත්‍රයේ තියෙන ක්‍රම 364 න් 42 ක් දන්නවා. මම කැමතියි ගණිකාව කියන එක හරියට උගන්වන්න ඒවා යොදලා.

නප්‍රිය පිරිමින්ගෙන් ඔබට යහන්ගත වෙන්න ඇරයුම් ලැබෙනවද..?
ඔව්. නමුත් මම යන්නේ නැහැ.

ඔබට දියණියක් ඉන්නවා. ඇයට ඔබ නරක ආදර්ශයක් කිව්වොත්..?
මගේ දුවට වයස අවුරුදු 5 යි. මම එයාට ඕන සැපසම්පත් දැනටම දෙනවා. ලස්සන අනාගතයකට එයාට අවශ්‍ය දේවල් මම දෙනවා නම් එච්චරයිනෙ.

උපුටා ගැනීම :හිරු ගොස්සිප්.

 

පියුමි හංසමාලි දෙවන විවාහයට සුදානමක්?….වෙනුර තමා මට හමුවූ “හොඳම පිරිමියා” – ජායාරුප

නිරූපණ ශිල්පියෙක් විදිහට හිටපු පියුමි එකපාරටම රඟපාන්න ආවේ කොහොමද?

මුලින්ම මං “Model of new Generation” තරගයට ඉදිරිපත් වුණා. අවුරුදු හයකට කළින් තමයි මම ඒකට ඉදිරිපත් වුණේ.
එහෙම නිරූපණ ශිල්පියෙක් විදිහට හිටපු මට ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතුරතුරේ “රීතු” කියන ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා.
ඒකට මාව තෝරාගත්තේ මහේෂ් රත්සර මද්දුම ආරච්චියි, ශාන්ත සොයිසා මහත්තයයි.

පියුමි හිතුවද ඔයාට රඟපාන්න පුළුවන් කියලා…?
ඇත්තටම මමවත් හිතුවේ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. ඒනිසා ලොකු බයක් දැනුණා.
ඊට කලිනුත් ටෙලිනාට්‍යවලට කතා කළාට මම බාරගත්තේ නෑ. මගේ හොඳම යාළුවෙක් තමයි පැතුම් රුක්ෂාන් කියන්නේ.
ඉතින් පැතුම් ගොඩාක් මගේ බය නැති කළා. හැමෝගෙම උදවුවෙන් මම රීතුගේ චරිතය කළා.

රීතු කියන්නේ අහිංසක චරිතයක්නේ… පියුමි කියන චරිතය රීතුට සමානද නැද්ද…?
ඇත්ත පියුමි ටිකක් දඟකාරයි. කටකාර චරිතයක්. ඉස්කෝලේදී වුණත් මට ගැහැනු යාළුවන් වැඩිය හිටියේ නෑ.
වැඩියෙන් හිටියේ පිරිමි ළමයි තමයි. අදටත් මට එහෙමයි. වැඩියෙන් ඉන්නේ පිරිමි යාළුවන් තමයි.

පියුමි ආයෙමත් කසාද බඳින්න යන කතාව ඇත්ත නේද?
නෑ… එහෙම දෙයක් තාම හිතලා නෑ. ඒක මගේ හොඳම යාළුවට මම දුන්නු සප්‍රයිස් පාටියක්.

වෙනුර තමන්ගේ හොඳම යාළුවා කියලා කියන්නේ පෙම්වතා කියලා ප්‍රසිද්ධියේ හඳුන්වලා දෙන්න බැරි හින්දද?
වෙනුර මට ගොඩාක් ආදරෙයි. එයා මට හොඳ යාළුවෙක්. ඒ නිසා තමයි එහෙම අපි පාටියක් දාලා ඒ වගේම ෆොටෝ දැම්මේ. ඒ හැර එහෙම දෙයක් අපි අතරේ නෑ.
ඔහොම කිව්වට ඔය යාළුකම ප්‍රේමයක් වෙන්න ඉඩ තියෙනවා නේද? ඕක යාළුකමට එහා ගිය ආදර කතාවක් නේද…?

දැනට අපි හොඳ යාළුවෝ විතරයි. වෙනුර හොඳ කෙනෙක්. මම මගේ ජීවිතේ දැකපු හොඳම පිරිමියා ඔහුයි.

කොහොමද වෙනුර මුණගැහුණේ?
වෙනුර මට මුණගැහුණේ සෙල්ෆියක් ගන්න ගිහින්. දවසක් මම මගේ යාළුවෝ කට්ටියක් එක්ක බීච් පාටියකට ගියා.
ඒ ගිහින් ඉදිද්දී ගොඩාක් පිරිමි ළමයි ඇවිත් මාත් එක්ක ෆොටෝ ගත්තා.
ඒ අරගෙන අපි එන්න ලෑස්ති වෙද්දී වෙනුර මම ළඟට ඇවිත් එයාගේ ෆෝන් එකෙන් සෙල්ෆියක් ගමුද ඇහුවා. අපි ෆොටෝ එකක් ගත්තා.

ඊට පස්සේ මොකද වුණේ?
එයා ටී.වී. බලන කෙනෙක් නෙමේ. එයා මාව අඳුරගෙන හිටියේ නෑ. එයා එයාගේ ජීවිතේ පළවෙනි වතාවටලු ගෑනු ළමයෙක් එක්ක සෙෆියක් ගත්තේ.
එයා මගේ යාළුවෙක්ගෙන් මගෙ නම්බර් එක ඉල්ලගෙන පැය දෙකකින් විතර කෝල් කරලා කෝපි එකක් බොන්න මුණගැහෙමුද කියලා ඇහුවා.
මුලින් මම අකමැති වුණත් කතා කරද්දී එයා හොඳ කෙනෙක් වගේ දැනුණු නිසා මම වෙනුර මුණගැහිලා කතාබහ කළා.

දැන් මේ මිතුරුකමට කොච්චර කාලයක් ගතවෙලාද…?

අපේ යාළුකමට මාස අටක් විතර ඇති. ඇත්තටම වෙනුර කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. මගේ හැම දුකේදීම වෙනුර මාත් එක්ක හොඳ යාළුවෙක් හැටියට හිටියා.
අපි දෙන්නම එකම වයස. එයත් මම වගේමයි. මම විදිහට තමයි එයත් හිතන්නේ. ගොඩාක් අය හිතනවා අපි ඇත්තටම පෙම්වතුන් කියලත්… අනේ මන්දා.
වෙනුරගේ පාටිය මේ විදිහට කරන්න හිතුණේ ඇයි…?

වෙනුරට මේ විදිහේ පාටියක් දෙමු කියලා මායි මගේ යාළුවෝ ටිකයි මමයි ප්ලෑන් කළේ. ගිය අවුරුද්දේ මගේ බර්ත් ඩේ එකට එයා යාළුවන් එක්ක සප්‍රයිස් පාටියක් මට දුන්නා.
ඉතින් මමත් මගේ යාළුවොත් මෙයාගේ බර්ත් ඩේ එකට මෙහෙම දෙමු කියලා ප්ලෑන් කරලා මේ පාටිය දුන්නා. එයා ඇත්තටම එදා ගොඩාක් සතුටු වුණා.

ඔයා කියන ඔය යාළුවා පෙම්වතා වුණොත්…?

එහෙම දෙයක් ඇතිවෙයිද කියලා දන්නේ නෑ… දැන් අපි හොඳ යාළුවෝ විතරයි.

පුංචි පුතා දැන් ඉස්කෝලේ යනවා නේද…?
ඔව්… පුතා තමයි දැන් මගේ මුළු ජීවිතේ. පුතාගේ නම කාවිංග.
මම මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ එයාටයි. දැන් පුතා ජාත්‍යන්තර පාසැලක දෙක වසරේ ඉගෙනුම ලබනවා.
එයා හොඳට ඉගෙන ගත්තා. පුංචි වුණාට එයා ගෙදර මගේ වැඩවලටත් ගොඩාක් උදවු කරනවා. මම පුතාට ගොඩාක් ආදරෙයි. එයත් මට ගොඩාක් ආදරෙයි.