වික්ටර් හෂිනි කැදැල්ලට තෙවන්නකුගේ ආගමනයක්-වික්ටර් යුවල විදේශ රටකට.

වික්ටර්ගේ නම ගෙනියන්න ලැබෙන දියණියක හෝ පුතකු මම බොහොම ආදරයෙන් පිළිගන්නවා.

“මම නං වැඩියෙන් ම කැමැති දියණියකට. කොහොම වුණත් වික්ටර්ගේ නම ගෙනියන්න ලැබෙන දියණියක හෝ පුතකු මම බොහොම ආදරයෙන් පිළිගන්නවා. වික්ටර්ගේ දරුවකු ගැන ඇත්තෙන් ම මම සිහින මවනවා.”
එසේ අප සමඟ පැවසුවේ හෂිණි රත්නායක මහත්මියයි.
වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහය මාධ්‍ය ලෝකයේ හා අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක සිද්ධියක් වූයේ ය.
“මොනවා වුණත් වසර හයක ප්‍රේම සම්බන්ධ‍යකින් පසු සිදුවූ මේ විවාහය ගැන මම අදහස් දැක්වූයේ සිළුමිණ පුවත්පතේ ‘රසඳුන’ අතිරේකයටයි. අපි වෙන කිසිම සමාජ වෙබ් අඩවියකට අදහස් පළ කළේ නැහැ. නමුත් එක් එක් වෙබ් අඩවිවල මා පැවසුවාය කියා විවිධ අදහස් පළවී තිබුණා.
හෂිනි අප හා පැවසුවා ය.
“ඔයාලාට කතා කළ මේ වෙලාවෙ අපි ඉන්නේ ගාල්ලේ කන්දෙවත්ත ප්‍රදේශයේ මගේ සහෝදරියගේ නිවෙසේ. ඇත්තටම මගේ මවුපියන් අපේ ප්‍රේමයට විරෝධය පළ කළා. ඒත් ඒ තත්ත්වය අද වෙනස් වී ඇති වග මම කියන්නේ බොහොම සතුටින්. අප මගේ සහෝදරියගේ නිවෙසට ආවේ මගේ මවුපියන් හමුවී ඔවුන්ගේ ආශිර්වාදය ලබාගන්න‍. අපට හරිම සතුටුයි. මගේ අම්මාත් තාත්තාත් අපට ඒ අයගේ ආශිර්වාදය ලබාදුන්නා.”
හෂිනිගේ සිතේ වූ සතුට ඇගේ හඬින් පවා ඉතා පැහැදිලිව වටහාගත හැකි වූයේ ය.”
“වික්ටර් හා මා එක්ව මගේ මවුපියන්ට බුලත් හුරුලු දී ඔවුන්ගෙන් සමාව අයැද සිටියා. ඔවුන් දෙදෙනා අපට සමාව දුන්නා විතරක් නෙවෙයි.‍ සතුට පිරුණු යුග ජීවිතයකට ඔවුන්ගේ ආශිර්වාදයක් ලබා දුන්නා.”
තමන්ගේ සිතේ ඇති අනාගත බලාපොරොත්තු අපට පවසන්නට ද හෂිනි පසුබට වූයේ නැත.
“ඇත්තටම පසුගිය දින ගණනාවම හරිම වෙහෙස කර වූවා. වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක දිගට වෙහෙස වුණා. ඊළඟට අපේ විවාහය හා ඒ එක්ක ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය වෙහෙසා නිවාගන්න අපි දෙන්නා ඉක්මනින් ම විදේශ සංචාරයක නියැළෙන්නයි ඉන්නේ.”
කිනම් රටකට යාමට ඇය බලාපොරොත්තු වන්නේ දැයි අපි විමසුවෙමු.
“දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ බැංකොක් යන්න. වෙනත් රටකට යැවෙන්නත් පුළුවන්. කොහොම වුණත් වික්ටර් එක්ක නිස්කලංකව ඉන්න පුළුවන් ඕනෙම තැනකට යන්න මම කැමැතියි.”
වික්ටර් – හෂිනි කැදැල්ලට තෙවැන්නකුගේ ආගමනය ද බලාපොරොත්තු වන බව පවසන්නට හෂිනි පසුබට වූයේ නැත.
“යුග දිවියට එළඹ බිරියක වූවාට පසු ඕනෑම කාන්තාවක් බලාපොරොත්තුව මවක වීම. ඔව්. මගේ සි‍තේත් ඒ ‍බලාපොරොත්තුව තදින් ම තියෙනවා. මගේ වැඩි කැමැත්ත දුවකට. ඒත් පුතකු වේවා දුවක වේවා මම බොහොම සෙනෙහසින් ඒ දරුවා පිළිගන්නවා වික්ටර්ගේ තම ගෙනියන්නට දරුවෙක්. ඒ දරුවා ගැන මම ඇත්තෙන් ම සිහින මවනවා.”
උපුටා ගැනීම :සිළුමිණ.

වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි රත්නායක පළමු වරට මාධ්‍යට කතා කරයි

වික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.

මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.
“ඔව්. ඔව්. ඒ මම තමයි.”
“එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා. එතකොට ඇය මෙහෙම කීවා.

“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.

මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා. රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා.
මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.

මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.

මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

වයස්…. පරතරය… ගැන ගැටලුවක් නැද්ද…?

ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.
අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.
හෂිනිට…

වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?

ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.
ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?

මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.

මේ තරමට බාධා – ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?

ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?

මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.

ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.
අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.

උපුටා ගෑනීම – සිළුමිණ පුවත්පත

වයස ගැටළුවක් නොවී ප්‍රේමයට ඉඩ ලැබුණු හැටි වික්ටර් කියයි.

වික්ටර් රත්නායක යනු ලංකාවේ සංගීතය වෙනත් දිශානතියකට ගෙන ගිය අග්‍රගන්‍ය කළා කරුවෙකු බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඔහුගේ ගීත වලට සියලුම වයස් කාණ්ඩ වල අය බෙහෙවින් ප්‍රිය කරයි. ඒ කටහඬට සමාන හඬක් තවමත් ලංකාවේ බිහිවී නැත. ලංකාවේ පළමු ඒකපුද්ගල ප්‍රසංගය පැවැත්වූයේද ඔහුය. වැඩිම විදේශීය ප්‍රසංග පැවැත්වූයේද වික්ටර්ය.
ඔහුගේ දෙවන විවාහය සිදු වූ පසු සමාජ ජාලා ඔස්සේ විවිධ මඩ ප්‍රහාර දියත් වුනා. නමුත් වික්ටර්ට ආදරේ කරන රසිකයන් ඊට නිසි පිළිතුරු ලබා දී තිබුනා. ඇතැමෙක් ඔහුගේ ක්‍රියාවට අප්‍රසාධය පල කර තිබුනා. නමුත් ඔහුගේ සංගීතය පිළිබඳව දැඩි ගෞරවයක් දක්වා තිබුනා.
වික්ටර් ඔහුගේ ආදරය ගැන විදේශීය ප්‍රසංගයකදී මෑතකදී ඉඟියක් පල කරදෝ දැයි සිතෙන වීඩියෝවක් අන්තර්ජාලයෙන් හමු වුනා. එයින් ඔහු පවසන්නේ ආදරයට වයස ගැටළුවක් නොවන බවයි.
පහතින් ඇත්තේ එම වීඩි යෝවයි.

වික්ටර් රත්නායක මියගියබවට පුතාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක්

 

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය බවයි.

මේ සටහන හරහා බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙය බොහෝ දෙනෙකු අතර ආන්දෝලනයට ලක්වූ කරුණක් වුණා.

මෙම සටහන දමා ඇති ගිණුම ලෙලුම් රත්නායකගේමද නැතහොත් ලෙලුම්ගේ ගිණුම කවුරුන් හෝ හැක් කරා ද කියලා සමහර අය අනුමාන කරනවා.

කොහොම වුනත් කවුරුත් දන්නවා මේවනවිට එහෙම දෙයක් වෙලා නෑ කියලා.

වික්ටර් රත්නායක මහතා කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන ගෞරව කරන ච‍රිතයක්. ඉතින් එතුමාට ආදරේ කරන හැමෝම මේ සිද්ධිය කවුරු කළත් දැඩි පිළිකුලෙන් හෙලා දකිනවා.