Slider

රන් පතලක නායයෑමකින් 11 දෙනෙකු මරුට - 19ක් අතුරුදන්




ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.


පවතින අධික වර්ෂාවත් සමග එරට සුළවිසි දූපත් ප්‍රදේශයේ පිහිටි රන් පතලක එම නායයෑම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


නීතිවිරෝධී පතල් කැනීමේ නිරතව සිටි පුද්ගලයින් 35 දෙනෙකු නායයෑමට හසුව ඇති අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.


මියගිය පුද්ගලයින් 11 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ 19 දෙනා සොයා සහන සේවකයින් විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas