Slider

පේරු කඳු තර­ණ­යට ගොස් අතු­රු­දන්වු අමෙ­රි­කා­නු­වාගේ මළ­ සි­රුර වසර 22කට පසු හමු­වෙයි

 පේරු රාජ්‍යයේ කඳු තර­ණ­යට ගොස් අතු­රු­දන් වූ අමෙ­රි­කානු ජාති­ක­ය­කුගේ මළ සිරු­රක් වසර 22කට පසු හමු­වීමේ විස්ම­ය­ජ­නක පුව­තක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


එව­කට 59 හැවිරිදි වියේ පසුවුණ විලි­යම් ස්ටැම්ප්ෆ්ල් නමැති කඳු නඟින්නා 2002 වසරේ ජූනි මාස­යේදී පේරු රාජ්‍යයේ උසම කන්ද පිහිටි හුවා­ස්කැ­රන් නමැති කඳු­වැ­ටිය තර­ණය කිරී­මට ගිය අව­ස්ථා­වේදී ගිරි­හිම නිපා­ත­ය­කට හසු­වී­මෙන් හිම කන්ද­කට යටවී අතු­රු­දන් වී තිබුණා.




පසු­ගි­යදා එම හිම කන්ද දිය­වී­ම නිසා ඔහුගේ මළ සිරුර සොයා ගැනී­මට පේරු දේශයේ පොලි­සිය සමත්වී තිබෙනවා. 


ඒ වන විටත් මළ සිරු­රට කිසිදු හානි­යක් සිදුව නොමැති අතර, ඔහුගේ ඇඳුම් පැල­ඳුම් ඒ අයු­රින්ම තිබී ඇති බව එරට මාධ්‍ය පවසනවා. 


පේරූ රාජ්‍යයේ පොලිස් නිල­ධා­රීන් ප්‍රකාශ කර ඇත්තේ මළ ­සි­රුරේ ඇඳුම් අතර තිබී හමුවූ ගුවන් ගමන් බල­ප­ත්‍රය පරීක්ෂා කිරී­මේදී එම පුද්ග­ලයා මීට වසර 22කට පෙර අතු­රු­දන් වූ අමෙ­රි­කානු ජාති­කයා බව තහ­වුරු කර ගෙන ඇති බවයි.


පේරු දේශයේ ලිමා අග­නු­ව­රට කිලෝ­මී­ටර් 435ක් දුරින් පිහිටි හුවා­ස්කැ­රන් කඳු­වැ­ටිය තර­ණය කිරී­මට විලි­යම් ස්ටැම්ප්ෆ්ල් සමග තවත් දෙදෙ­නකු ගොස් ඇති අතර, ඔවුන්ගේ මළ­ සි­රුර මෙතෙක් හමුවී නැහැ.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas