Slider

අවුරුදු 78ක කාන්තාවක් 'කෙලසා මරා දැමූ බවට චූදිත' පාසල් සිසුවා



බළංගොඩ දොරවෙළ ඔයේදිි ඉකුත් (27) වැනිදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස මරණයට පත් කිරිමෙිි සිද්ධියක් සමිබන්දයෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු ලබන 8 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඩි එමි. චන්ද්‍රසේකර මහතා  නියෝග කළා.


සැකකරු සම්බන්දයෙන් කායික,මානසික සහ සමාජ රෝග පිළිබඳව වාර්තාවක් කැදවන ලෙසත් සැකකරු ඩි.එන්.ඒ.පරික්ෂණකට යොමු කරන ලෙසද මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිළධාරින් වෙත නියෝග කර සිටියා.


බළංගොඩ මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිව සිටි එමි.එල්. සිරියාවති නැමති කාන්තාවක දිය නැම සදහා ඉකුත් 27 වැනිදා දොරවෙළ ඔයට ගොස් තිබුණ අතර එහිදී ඇගේ සිරුර දොරවෙළ ඔයේ තිබි සොයාගනු ලැබුවා.


ඇය දියේ ගිලි මියගොස් ඇති බවට සැක කළ අතර බලන්ගොඩ මුලික රෝහලේදි සිදුකළ මරණ පරික්ෂණයේදි මරණ සම්බන්දයෙන් වෛද්‍ය වරුන්ට සැකයක් මතු විම හේතුවෙන් මේ සම්බන්දයෙන් පොලිසිය මගින් අධිකරණවෙත දැනුම් දිමක් කර තිබුණා.


එහිදී බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යයා දිල්රැක්ෂි මහත්මිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණට සිදුකර අධිකරණ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියෝග කර සිටියා.


බලන්ගොඩ මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිනි අයි.එල් රත්නායක මහත්මිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර එහිදී තහවුරු වි තිබුණේ මෙම කාන්තාව අවස්ථා කිහිපයකදිම ලිංගික අපයෝජනයට ලක් කර ගෙළ සහ මුඛය සිරකර ඝාතනය කර ඇති බවටයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas