Slider

වැටුණු සිසුවා හා සිසුවියව 'අවසන් වරට හමුවූ සිසුවාගෙන්' ප්‍රශ්න කරන්න පොලිසියට අවසර නෑ

 


කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මියගිය එම සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ ඉල්ලීමකට අවසර ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා මෙම නියෝගය නිකුත් කළා.

ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවසර ඉල්ලමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කියා සිටියේ මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත් එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත්ය.

එම පාකිස්තාන සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ඔහුගේ නිවසට ගියත් එම සිසුවාගේ පියා පාකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වූ නිසා එයට අවස්ථාවක් නොලැබුණු බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වෙත දන්වා සිටියා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas