Slider

මිත්‍යා මතයට මුල්තැන දී තම පුතුගේ දේහය එළු ගාලක තැබූ මව


හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බව කියන පිය සෙනෙහස අහිමි වූ නව හැවිරිදි වියේ පසුවන පුංචි පුතෙකුගේ  මෘතදේහය එළු ගාලක තහඩුවලින් හා සාරිවලින් ආවරණය කර තැන්පත් කර තැබූ පුවතක් වාර්තා වනවා.

ඒ අරණායක සාමසර එළඟිපිටිය ප්‍රදේශයෙන්.

එසේ එළු ගාලක තැන්පත් කර ඇත්තේ කාවින්ද දිනේෂ් නමැති කුඩා දරුවාගේ දේහයයි.

ඉකුත් හතරවැනිදා ජීවිතක්ෂයට පත්වුණු පුංචි පුතුගේ මළසිරුර උප්පැන්න සහතිකයක් ලබාදී නොතිබුණු නිසා රෝහලෙන්  නිදහස් කරගැනීමට දින 17ක් පරක්කු වූ බව මව පවසනවා.

මියගිය පුතුට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.

නමුත් එම අවස්ථාවේ මව දිප්පිටිය නගරයට ගොස් පුතුගේ දේහය මිහිදන් කිරීම සඳහා වෙලාවක් බලවා ගැනීමේ අරමුණින් ජ්‍යෙතීර්වේදියකු හමුවීම සඳහා පිටත්ව ගොස් සිටි බවයි වාර්තා වන්නේ.

පියාගේ රැකවරණය අහිමි දියණියන් දෙදෙනාට හා මියගිය එකම පුතුට උප්පැන්නය ලබා දීමට නොහැකි වූ බවත් මව පවසනවා.

මියගිය පුතු වසර ගණනාවක සිට හෘදයාබාධයකින් පිඩා විඳි බවත් එක්වරම පුතුගේ රෝගී තත්ත්වය පසුගිය 4 වැනිදා උත්සන්නවීම නිසා එළඟිපිටිය ජනපදයේ සිට මාවනැල්ල මූලික රෝහලව වෙත ඇතුළත් කර කෙටි වෙලාවකින් රෝගී තත්වය තවත් උත්සන්න වී  පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

නමුත් එදින (04) රාත්‍රි 11.00 ට පමණ දරුවා ජීවිතක්ෂයට පත්වූ බවයි මියගිය දරුවාගේ මව පවසන්නේ.

එහිදී මියගිය පුංචි පුතුගේ මව වැඩිදුරටත් පවසා තිබුණේ ,

''පුතාගේ මිනිය ගෙට ගත්තේ නැත්තේ, පුතා නැතිවෙලා මිනිය රෝහලේ තියෙද්දී දවස් හතක් ගත වෙන දින හාමුදුරුවෝ වැඩමවා බණක් කියල දානේ දුන්නා. ඒ නිසා නැවත ගේ ඇතුළට මිනිය ගන්න හොඳ නැහැ කියල මතයක් තිබුණු නිසා තාවකාලික මඩුවක මිනිය තියන්න තීරණය කළා.

මට තව අවුරුදු දහතුනක දියණියක් ඉන්නවා. එයාටත් පිළිකාවක් තියෙනවා. දැන් ඔපරේෂන් කරල එක්කගෙන ඇවිත් ගෙදර ඉන්නවා.

අපට රජයෙන් කියල කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ළමයින්ගේ තාත්තට අස්වැසුම හම්බවුණා.  ඒත් එයා අපි අතහැරල ගිහින් අපි දැන් පදිංචි වෙලා ඉන්නේ එළඟිපිටිය ජනපදයේ අම්මලාගේ  මුල් ගෙදර. ඒකත් දිරාපත්වූ නිවෙසක්. අපි අසරණ ජිවිතයක් ගතකරන්නේ.'' යනුවෙනි.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas