Slider

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට සුබ පණිවිඩයක්



ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) දිනයේ සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතව ඇත්තේ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහායි.  

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිට දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද සහ එළෙඹෙන 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වනදා ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වනදා ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදී ද සිදුකිරීමට නියමිතයි.

ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දරුවන් සඳහා ජූලි 15 වනදාද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 වනදාද, ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේ දී ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මේ අතර සුරක්ෂා රක්ෂණය ද නැවතත් දරුවන් ට ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල  විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas