Slider

කැරම් බෝඩ් නඩුවට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

 


රජයට රුපියල් මිලියන 53 කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වත්මන් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තිවාචිකය කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කරනු ලැබුවා.


ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ  ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ඒවා ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින් පාඩුවක් සිදුකළ බවටයි. 


මෙම නඩුවේ විත්තිවාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද? නැත්නම් විත්තිවාචිකය කැඳවනවාද යන නියෝගය ප්‍රකාශ කරමින් අමල් රණරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කළා.


ඉන් අනතුරුව විත්තිවාචිකය ඉදිරිපත් කිරීම අගෝස්තු මස 23 වනදා සිදුකරන ලෙසත් විනිසුරු මඩුල්ල විත්ති පාර්ශවයට නියෝග කරනු ලැබුවා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas