Slider

මූල්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ පනතක් අද පාර්ලිමේන්තුවට

රටේ මූල්‍ය පාලනය තවදුරටත් ශක්තිමත් කරමීන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අද (25) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසා සිටියේ පසුගිය වකවානුවේ රටේ ඇති වූ අර්බුධකාරී වාතාවරණයට මූල්‍ය විනය ලිහිල්වීමද බලපෑ බවයි. ඒ අනුව රටේ මූල්‍ය විනය ශක්තිමත් කරමින් මහ බැංකු පනත ,රාජ්‍ය ණය කළමනාකරණ පනත ආදී පනත් රාශියක් ගෙන ඒමට කටයුතු කළ බවද අමාත්‍යවරයා පවසා සිටියා.

රජයේ මුදල් වියදම් කිරීම පිලිබඳව වගකීම මෙම පනතේ මූලික හරය බව පෙනවා දුන් අමාත්‍යවරයා , දීර්ඝ කාලයක් තිස්සේ මුදල් රෙගුලාසී මගින් මූල්‍ය පාලන කටයුතු සිදුවූ බවද පෙන්වා දුන්නේ ය. එම මූල්‍ය රෙගුලාසිද වරින් වර වෙනස් වීමට ලක්වී , මූල්‍ය ප්‍රතිපත්ති දිසාව පමණක් ආවරණය වන පරිදි 2003 වසරේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ආ බවද පවසා සිටියේ ය.

ඒ අනුව නව තාක්ෂණයට ගැලපෙන පරිදි , පෙරකී මූල්‍ය රෙගුලාසි හා මූල්‍ය පනත්වල යහපත් කරුණු සියල්ලද එක්කොට මූල්‍ය පාලනයේ සියලු පැතිකඩ ආවරණය වන පදිරි මෙම නව පනත ගෙන ඒමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ.

 මෙම පනත මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවට ඇති වගකීම් බොහෝ සෙයින් වැඩිකර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, බොහෝ වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවට නිරතුරු කරුණු ඉදිරිපත් කිරීමේ නව වගකීම් මෙමගින් මුදල් අමාත්‍යවරයාට පැවරෙන බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

ජනතාවට රාජ්‍ය මූල්‍ය පිළිබඳ සොයා බැලීමට ඇති අයිතිය එමගින් වැඩි කර ඇති බවද පවසා සිටි අමාත්‍යවරයා,  ඒ අනුව මෙය ඉතාමත්ම විනිවිද භාවයෙන් යුත් ජනතාවාදී වු පනතක් බවද එහිදී සඳහන් කළා.






0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas