Slider

ඥානසාර හිමිට අද මහාධිකරණයෙන් ලැබුණු නියෝගය

 

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට වසර හතරක සිරදඬුවමක් ලබාසිටින බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින්.

සිර දඬුවම් නියමවීමෙන් පසුව ඥානසාර හිමි ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර තිබුණා. 

එම ඇපෑල විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමි කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණා.

එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමි ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කළා.

ඊට අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණා.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද (22) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.

2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළකරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුකොට ආගමික සංහිඳියාවට බාධා සිදුකළේ යැයි එල්ල කෙරුණු චෝදනා දෙකකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් ඉකුත් මාර්තු මස 30 වනදා බරපතළ වැඩසහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබුණි.කෙරුණා.


0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas