Slider

දැඩි ආරක්ෂාවක් මැද ක්ලබ් වසන්තගේ සිරුර මහජන ගෞරවයට අද සිට



අතුරුගිරියේදී වෙඩි එල්ලවී ජීවිතක්ෂයට පත්වූ සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (12) පෙරවරුවේ සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.


පෙරේදා රාත්‍රියේදී විදෙස් රටකින් ලැබුණු දුරකථන ඇමතුමකින් එල්ලවූ තර්ජන නිසා ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාව වටා දැඩි ආරක්ෂාවක් යොදවා තිබීම දක්නට ලැබෙනවා.


එම ඇමතුමෙන් අනතුරු අඟවමින් පවසා තිබුණේ යම් අයුරකින් යළි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවටයි.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas