Slider

රටක් බලාසිටි තරුෂි අටවෙනි තැනට - තරුෂි අද යළිත් තරග බිමට



 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වුණු ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි අට වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. 


ඇය එහිදී විනාඩි 02යි තප්පර 078 ໙໙ 76໖ (2:07:76) කාලයක් වාර්තා කළ කාලය ලෙස සටහන්ව තිබෙනවා. 


කෙසේ නමුත් තරුෂි කරුණාරත්නට අද (03) දිනයේ නැවත වතාවක් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා තරග කිරීමට අවස්ථාව හිමිවෙනවා. 


එය පළමු වටයේ දී අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් නොලැබු අය වෙනුවෙන් පැවැත්වෙන තරගයක් ලෙසයි සඳහන් වන්නේ. 


මූලික වටයේ හොඳම දක්ෂ­තාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරී­මට ඉති­යෝ­පි­යාවේ ටිසිගේ ඩුග්මා සම­ත් වුණා. 


මීටර් 800 තර­ගයේ ක්‍රීඩි­කා­වන් 24 දෙනෙක් අවසන් පූර්ව වට­යට තෝරා ගැනෙන අතර, පළ­මුව මූලික වට හයෙන් ජය­ග්‍රා­හි­කා­වන් තිදෙනා බැගින් 18 දෙනෙකු ඊයේ අව­සන් පූර්ව වට­යට සඳහා ඍජුව සුදු­සු­කම් ලැබුවා. 


මූලික වට­යෙන් ඉව­තට ගිය ඉතිරි 32 දෙනා ‘රිපී­චේජ් වටයේ’ අද (03) යළි තරග කරන අතර, එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩි­කා­වන් 6 දෙනා අව­සන් පූර්ව වටයේ දොරටු විවිර කිරීම ඔලි­ම්පික් නව නීතිය වනවා. 


19 හැවි­රිදි වියේ පසුවන තරු­ෂි මෙතෙක් වාර්තා කළ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව මිනිත්තු 2:00.66ක් වුවත් එය ඉක්මවා යෑමට ඊයේ දිනයේ දී ඇයට හැකි­යා­වක් උදා වූයේ නැහැ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas