Slider

ඩයනා ගමගේ ට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීන්දු කළා.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුන්ගේ එකඟත්වය මත නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

වැලිගම හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



 

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas