"මට නෙමෙයි ජනාධිපති අනුරයි කෝමා"

ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් කෝමා තත්ත්වයේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.


එදා මැතිවරණ වේදිකාවේ ජනාධිපතිවරයා කියා සිටියේ උගන්ඩාවේ සල්ලි ගෙන ඒම, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව, IMF ගිවිසුම් සංශෝධනය කිරීම වැනි පැවසුව මේ වන විට ඔහුට එම කිසිවක් අමතක වී ඇති බව උදය ගම්මන්පිල කියා සිටියා.

එහෙයින් ජනාධිපති අනුර කුමාර දිසානායකට වහාම කෝමා තත්ත්වයෙන් අවදි වී සිටින ලෙස උදය ගම්මන්පිල පවසා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක එදා විපක්ෂය සිටින කාලයේදී බලයේ සිටි ජනාධිපතිවරයාගෙන් පාස්කු වාර්තාව ඉල්ලා සිටියේ කුපිතයෙන් බව ඔහු මෙහිදී සිහිපත් කර සිටියා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව පැවසුවේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව්ව කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා ඊයේ (20) ජන හමුවක් අමතමින් කියා සිටියේ තමාට කෝමා තත්ත්වයේ සිටි අයෙක් බව පැවසුව ද තමා හොඳ සිහියෙන් සිටි අයෙකු බව ඔහු කියා සිටියා.

එසේම ජනාධිපතිවරයා කියා සිටින්නේ තමාගේ කුලය රැක ගැනීමේ අරමුණින් තමා මේ දේ සිදු කිරීම් පවසා සිටිම කනගාටුවට පත්වන බව උදය ගම්මන්පිල පවසා සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කල විමර්ශන කමිටු දෙක මහජනතාවට දැනගැනීමට සැලස්වීම තමා ප්‍රසිද්ධ කරනවා කියන දේ බව ඔහු කියා සිටියා.

තමා මහජනතාවගේ කොන්ත්‍රාත්කරුවෙක් මිස අමෙරිකානු, චීන, ඉන්දියානු කොන්ත්‍රාත්කරුවෙක් නොවන බව උදය ගම්මන්පිල මෙහිසී කියා සිටියා.

වැටුප කීය වුනත් කමක් නෑ වහාම සුදුසු ජනාධිපති උපදේශකවරයෙක් පත් කර ගන්නා ලෙස උදය ගම්මන්පිල මෙහිදී ජනාධිපතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.


DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by Lankarahas